අදුරු පදාර්තයන් සහ රිදී රේඛාව | His Dark Materials Review

 

අද මේ කතා කරන්න යන්නෙ කමියුනිටි එකේ ඒ තරම් ලොකු Attention එකක් නැති නමුත් ලෝකෙ පුරා ලොකු ෆෑන්බේස් එකක් තියෙන නෙක්ස්ට්ම ලෙවල් ෆ්‍රැන්චයිස් එකක් ගැන.. මේ සීරිස් එකේ නම His Dark Materials.

මේක බේස් වෙලා තියෙන්නෙ Philip Pullman කියන රචකයාගේ Northern Lights Trilogy එකෙන්. 


පොත් තුන  තියෙන්නෙ මෙහෙමයි👇

  • Northern Lights
  • Subtle Knife
  • Amber Spyglass


මේ ට්‍රිලෝජිය ඇසුරෙන් පලවෙනි වතාවට Live Action Adaption එකක් හැඳෙන පලවෙනි කතාව මේක නෙවේ.  2007 දි WB ල යටතෙ මේකෙන් ෆිල්ම් එකක් ආවා The Golden Compass කියලා. ඕක ටීවි එකෙත් ගියා. ෆිල්ම් එකේ Asriel Belaqua ට හිටියේ අපේ 007 a.k.a James Bond ට හිටපු Daniel Craig. ෆිල්ම් එකනම් මාරම ලස්සනට කරල තිබ්බ. හැබැයි ෆිල්ම් සීරිස් එකක් එන්න තිබ්බ එක Cancel උනා ෆිල්ම් එක දිගටම ban වෙන්න ගත්ත නිසා. හේතුව මේකෙන් පල්ලිය විවේචනය කරල තිබ්බ නිසා.


ඕකෙන් පස්සෙ සෑහෙන කාලෙකට Northern Lights Franchise එකෙන් කිසිම ෆිල්ම් එකක් හෝ සීරිස් එකක් නිකුත් වෙන්නෙ නෑ.  මීට අවුරුදු ගානකට පස්සෙ ආපහු මේකෙ අයිතිය ආපහු පිලිප් ටම ලැබෙනව. මේකත් එක්ක 2015 අවුරුද්දෙදි BBC One එකෙන් කියනව එයාල මේකෙන් සීරිස් එකක් කරනව කියලා. 2017 දි මෙයාල මේකෙ Writer විදිහට Jack Throne ව අරගන්නව. ඔහොම ටික ටික වැඩකටයුතු කරගෙන ගිහිල්ල 2019 නොවැම්බර් මාසෙ මෙයාල His Dark Materials සීරිස් එකේ පලවෙනි එපිසෝඩ් එක නිකුත් කරනව. සීරිස් එක නිර්මාණය කරන්නෙ Bad Wolf සහ New Line Production කියන ස්ටූඩියෝ යටතෙ. මේකෙ විකාශන අයිතිය HBO සහා BBC One ආයතන අතර බෙදී යනවා. අපි පොඩි කාලෙ ආසාවෙන් බලපු Lord Of The Rings ට්‍රිලෝජියත් හදන්නෙ New Line එකෙන්ම තමා. ඒ වගේමයි මේකෙ ප්‍රදාන චරිත දෙකට එකතු වෙන්නෙ අපි හැමෝම දන්න දෙන්නෙක්. X-23 චරිතය කරපු Dafne Keen සහ James Mcvoy. ඒකෙන්ම පේනවනෙ එසේ මෙසේ වැඩ්ඩො ටිකක් නෙවේ ගේමට බහින්නෙ කියලා.

දැනට මේකෙ සීසන් 2 ක් ඇවිත් තියෙන්නෙ. 3 වෙනි සහ අවසාන සීසන් එකේ රූගත කිරීම් මේ වෙද්ඩි සිදුවෙමින් පවතිනව. සාමාන්‍යෙන් විනාඩි 45-50 ක වගේ එපිසෝඩ් 8 ක් වගේ තියෙන්නෙ සීසන් එකකට ලේසියෙන්ම බලල දාන්න පුළුවන්.

මම දකින විදිහට නම් HDM කියන්නෙ සීරිස් අතර යුනික්ම ස්ටෝරියක් තියෙන සීරිස් එකක්. මොකද මේකෙ තියෙන ස්ටෝරියට සමාන ස්ටෝරියක් මම කොහෙන්වත් දැකල නෑ. ඒ වගේමයි මේකෙ තියෙන කන්සෙප්ට් එක කිසිම තැනක කතාකරල නෑ.

ප්ලොට් එක ගැන සරලව කියන්නම්.

ලෝකයක් තියෙනවා මේකෙ මනුස්සයෙක් ඉපදෙනකොට එයාගෙ ආත්මය වෙනම සත්ත්වයෙක් විදිහට ඉපදෙනවා. (සීරිස් එක බලද්දි තේරෙයි). මේ අයට කියන්නෙ ඩීමන් ල කියලා. ඩීමන්ල ගත්තහම මෙයා ළමයින්ට සහ වැඩිහිටියෙක්ට පිහිටන්නෙ දෙවිදියකට ඒ කිව්වෙ ළමයෙක්ගෙ ඩීමන්ට ඕනෙ තෙක්ගෙ පෙනුම අරගන්න පුළුවන්. හැබැයි එයා වැඩිහිටිවෙද්දි එයාගෙ ඩීමන් එක නිශ්චිත සතෙක්ගෙ පෙනුම ගන්නව.

මේ ලෝකෙ පාලනය වෙන්නෙ Magisterium එකෙන්. මෙයාල ඔක්කොම පියතුමන්ල. හැබැයි මෙයාල තමා දේශපාලන බලය තියාගෙන ඉන්නෙ.

කතාව පටගන්නෙ Lord Asriel කියන කෙනා Magisterium එක තහනම් කරපු Dust කියන දේ ගැන කතාකරන්න ගන්න එකෙන්. මේකෙන් පස්සෙ ඇතිවෙන සිද්ධි ටික තමා සීරිස් එකේ යන්නෙ.

සීරිස් එකේ මම දැක්ක පට්ට දේ තමා මේකෙ ස්කෝර් එක. ඒක මාර Touching. අනිත් එක මේකෙ Intro එක. කතාව එක්ක මේකෙ Intro එකේ මාරම Connection එකක් තියෙනවා.

ඉන්ට්‍රො එකේ තියෙන පොඩි ශොට් එකක්. මේකෙන් පෙන්නන්නෙ මොකද්ද කියල සීරිස් එක බලලම කල්පනා කරල බලන්න

බලල නැත්තම් අදම මේක watchlist එකට දාගන්න. පට්ටම විශුවල්ස් ටිකක් එක්ක සිරාම ස්ටෝරියක් බලාගන්න පුළුවන්.

මේ පොත් මාලාව ලියද්දි Philip Pullman Inspiration එක අරන් තියෙන්නෙ පුනරුද සමයට පෙර නව නිර්මානකරුවන් සහ පල්ලිය අතර තිබ්බ ගැටුම සහ 17 වෙනි සියවසේදි  John Milton කිඅයන් ලේඛකයා ලිව්ව Paradise Lost කියන කෘතිය.

ඔය Paradise Lost කෘතියෙ එක තැනම මෙන්න මේ වගේ කොටසක් තියෙනවා

“ Unless the almighty

Maker them ordain

His Dark Materials

To create more worlds

Into this wild abyss

The wary friend

  Stood on the brink of hell

                                                           And looked a while..”

 

සීරිස් එකට නම දාපු හැටි තේරුනා නේ දැන්. Paradise Lost එකට පදනම් වෙලා තියෙන්නෙ බයිබලයේ එන සාතන් පිටුවහල් කිරීම කියන සිදුවීම සහ තහනම් ගසේ ගෙඩි කෑම.

මේවගේ දේවල් කීපයක් නිසා තමා Northern Lights පොතට වගේම ඒකට අදාල Adaption වලට පල්ලියෙන් විරෝධතාවය එල්ල වෙන්නෙ. මොකද මේ පොත් වලදි කෙලින්ම ක්‍රිස්තියානි ආගමේ ඉගැන්වීම් වලට පටහැනි දේවල් ඉදිරිපත් කරනවා.

එක තැනක Philip Pullman මෙහෙම කතාවක් කියනවා

I’ve been surprised by how little criticism I’ve got. Harry Potter’s been taking all the flak… Meanwhile, I’ve been flying under the radar saying things that are far more subversive than anything poor old Harry has said. My books are about killing God.

දෙවියන් වහන්සේව මරල දානවා කියන එකෙන්ම තේරෙනවනෙ මේක කොච්චර ක්‍රිස්තියානි ආගමේ ඉගැන්වීම් වලට පටහැනිද කියලා.

උඩ තියෙන්නෙ Spoiler Free Overview එක. දැන් පටන්ගමු Review එක. සීරිස් එක නොබලපු කෙනෙක්නම් සීරිස් එක බලල ඇවිත් මේක කියවන්න. බොරුවට ස්පොයිල් කරගෙන වැඩක් නෑනෙ ඉතින්.

His Dark Materials බලන අය ගොඩක් කියන දෙයක් තමයි මේකෙ කියන දේවල් තේරෙන්නෙ නෑ කියන එක. හේතුව මේකෙ කතා කරන කන්සෙප්ට් ටික ටිකක් ඩීප්. ඉතින් ඒව ගැන ටිකක් හාර අවුස්සල බල්න්න වෙනවා මේක තේරුම් ගන්න. ඒක හින්දම තමා මේකට Pure Fanbase එකක් හැදිල තියෙන්නෙ. මොකද GOT වගේ රැල්ලට බලන එකක් නෙවෙයිනෙ.

කතාව තේරුම් ගන්නනම් මේකෙ හරියට තේරුම් ගන්න ඕනෙ දේවල් ටිකක් තියෙනව. ඒ ටික අල්ලගත්ත කියන්නෙ කතාව තේරුම් ගන්න පුළුවන්. ඒ ටික පිලිවෙලින් කිව්වොත් මෙහෙමයි.

1.       Free Will

2.       Dust

3.       Magisterium

4.       Daemons

5.       Angels

ඕකෙ Free will සහ Dust කියන දෙක තමා කතාවෙ හරය වෙන්නෙ. මේ දෙක තේරුනානම් ඉතුරු ටික ලිහාගන්න එක සිම්පල්. හැබැයි මේ Dust කියන එක ටිකක් Complex. So ඒක අන්තිමට තියාගමු.


Free Will

සරලව කිව්වොත් Free Will කියන්නෙ යම් දෙයක් සම්බන්ධව නිදහසේ සිතීමට සහ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියට. ඒ කිව්වෙ නිදහස් චින්තනේට, සිස්ටම් එක ගැන වෙනම දෘෂ්ටිකෝණයකින් බලන එක. ඇත්තටම ඕක ගැන ලංකාවෙ අය ඉන්නෙ බොහොම වැරදි ආකල්පෙක. ප්‍රධාන පක්ෂ දෙකට දෙන්න එපා වමේ එකකට දෙන්න සහෝදරයා කිව්වොත් ඒක තමා උන්ගේ නිදහස් චින්තනේ. මොකද එයාල දන්න සිස්ටම් එක කියන්නෙ දේශපාලන පක්ෂ ටිකක්. ඔතන තමා කෙලගන්නෙ.

ඇත්තටම සිස්ටම් චේන්ජ් කිරිල්ලක් ගැන කිව්වට සිස්ටම් එක කියන්නෙ මොකද්ද කියලාවත් දන්නෙ නෑනෙ. සිස්ටම් එක කියන්නෙ අමු දේශපාලනය නෙවේ. සමාජ, ආර්ථික, දේශපාලන වගේ ක්ෂේත්‍රයන් යන Flow එකක් තියෙනවා. කැමති වේවා හෝ අකමැති වේවා අපි යන්නෙ ඒ Flow එකත් එක්ක. හැබැයි ඔයා මේ යන රටාව වැරදියි කියල හිතල දේවල් සිද්ධවෙන අනුපිලිවෙල ප්‍රශ්ණ කරන්න ගත්තොත් ඒකට තමා මේ Free Will කියන්නෙ. හැබැයි එහෙම තේරුම් ගත්ත කියලා හිතන්න එපා තනි මිනිහෙක්ට සිස්ටම් එක වෙනස් කරන්න පුළුවන් කියලා. ෆැන්ටැසිවල එහෙම උනත් රියැලිටියෙදි ඕක කරන්න බෑ. “Remember Don’t try to change the system. Be the system”.

බුදුදහමෙ මූලික ඉගැන්වීම වෙන හේතුඵල දහම කියන්නෙත් මේකටම තමා.

උදේ හවස බුදුන් වඳිනවනෙ. වැන්දෙ නැතත් මල් ටිකක් අනිවා පූජා කරනවනෙ. ඔය මල් ටික පූජා කරලා කියන ගාථාව මොකද්ද ? සනික ආවනේ ඔලුවට. මොකද උපන්දා ඇහෙනවනෙ ඕක. ඉතින් ඕක ඇස් වහල හරි කියයි. නිකමට මතක් කරන්න ඕකෙ තේරුම. කියවන යගෙන් හරියටම බාගයක් ඕකෙ තේරුම දන්නෙ නෑ. එතකන් මුළු ජීවිතේම කරලා තියෙන්නෙ මල් පූජා කිරිල්ලක් නෙවේ. මල් ටිකක් කඩාගෙන පූජාසනේ උඩින් තියලා කොහෙන්හරි ඇහුන වචන ටිකක් ගිරවා වගේ මතුරලා නැගිටල යන එක. හරියට බැලුවොත් මල් පූජා කරන්නෙ ඇයි කියලවත් දන්නෙ නෑනෙ. හැමෝම කරනවා ඉතින් මාත් කරනවා. ඕකනෙ තියරිය. ඔතනින් එහා ගිහිල්ල මේ කරන වැඩේ තේරුම මොකද්ද කියන එක හෙව්වනම් අන්න ඒ වගේ කෙනෙක්ට කියන්නෙ බෞද්ධයෙක් කියලා.

බුදුන් වඳිනකොට ධර්මයේ ගුණ ගැන කියද්දි ඒහි පස්සිකෝ කියන්නෙ. ධර්මය දකින්න කියන එක මිසක්. ධර්මය අහන්න කියන එක නෙවේ. ඒ දෙක දෙකක්. දෙකක් වෙන්නෙ කොහොමද කියන එක තම තම නැණ පමණින් වටහාගන්න ඕනෙ.

මිනිස්සු ව්දිහට අපි ජීවිතේ හදාම කරන්නෙ එකම ටික ආයෙ ආයෙ කරන එක. උදේ නැගීට්ට, වැඩට ගියා පහට වැඩ ඇරිල ගෙදර ආවා, කෑව, නිදාගත්තා පහුවදා ආයෙත් ඒ ටිකමනේ කරන්නෙ. ඕක තමා මිනිස්සු හිරවෙලා ඉන්න සිස්ටම් එක. ඕකෙන් එලියට එන්න කොච්චර ඳැගලුවත් ඒක කරන්න බෑ. ඒකයි මං කිව්වෙ සිස්ටම් එක වෙනස් කරන්න යන්න එපා කියලා. Because you are the system.

ඔයාගෙ අනාගත සැලැස්ම මොකද්ද?

අහපු ගමන් ඔක්කොටම තියෙන්නෙ එකම උත්තරේ.

රස්සාවක් කරනවා, සල්ලි හොයනවා, කසාදයක් බැඳලා ළමයි හදනවා, ගෙයක් දොරක් හදලා වාහනයක් ගන්නවා.

ඕකනෙ උත්තරේ. ඊට පස්සෙ ඉතින් ඔව්වට වියදම් කරපුවගෙ ණය ගෙවන්න ඕනෙ. ඒකට ඉතින් අර කලින් කියපු ඩේලි කරන වැඩ ටික කරනවා. ඔය මනුස්සයා ජීවිත කාලෙම කරන්නෙත් ඕකයි, ඔය මනුස්සයගෙ ළමයි දවසක ලොකු වෙලා කරන්නෙත් ඕකමයි. ඕකෙන් එලියට ආපු කෙනෙක් නෑනේ.

ඒක තමා බුදුහාමුදුරුවො කිව්වෙ සත්‍යාවබෝධය ලබන්න ඕනෙනම් ගිහි ජීවිතේ අතාරින්න කියලා.

සත්‍යාවබෝධය අරගන්නත් මුලින්ම නිදහස් චින්තනයක් තියෙන්න ඕනෙ. ඒකට අරවා ටික ගලෝගන්න ඕනෙ.

ඔන්න ඔය රාමුවෙන් මිදිලා රාමුවෙන් පිට හිතන එකට තමා Free will එක කියන්නෙ.

ඕක සීරිස් එකට අදාල කරගන්නනම් අපිට දේශපාලන පැත්තකට යන්න වෙනවා.

මේ රටේ හැමකෙනාම කියන දෙයක්නේ අපි මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕනෙ කියල. හැබැයි ඒ හැමදෙනාම කරන්නෙ මොකද්ද ? අවුරුදු 5 කට පාරක් ගිහිල්ල ඉන්න එකා පන්නන්න ඡන්දෙ දාන එකනෙ. ඒ ඇවිල්ල පාටකරපු ඇගිල්ල ස්ටේටස් එකක් දැම්මම හරි. සියල්ල හරි. ඔහොමනේ හිතන්නෙ. හැබ්‍යි ඒ වැඩේ හරි ගියපු දවසක් හිතන්න. හැමදාම වෙන්නෙ මාසයක් දෙකක් යද්දි කලින් එකා හොදයි මූව පන්නන්න ඕනේ කියන එකනෙ. ඒක කරන්නෙත් අර 5 හේ චක්‍රයටමනෙ.

ඕකෙන් ගැලවිලා මිනිහෙක්ට හිතන්න පුළුවන්නම් ඡන්ද කොලේ කතිරයක් ගැහුවා කියලා ඔක්කොම වෙනස්වෙන්නෙ නෑ කියන එක, අන්න මිනිහා අර සාම්ප්‍රධායික Flow එකෙන් මිදිලා. පොර රාමුවෙන් හිතන්න පටන්ගෙන.  (ඔව්වා ගැන ටිකිරි දාපු ගොට් ලිපියේ සවිස්තරාත්මකව විස්තර කරල තියෙනව. කියවන්න)

Lyra’s world එකේදි මේක මීට හාත්පසින්ම වෙනස්. ඒකට එන්න තමා මේ වැල්වටාරම් ඔක්කොම කිව්වෙ. ඒක ගැන කියන්නනම් අපිට Magisterium එක ගැන බලන්න වෙනවා.

 

2. Magisterium


දැන් තමා හරියටම රිවීව් එක පටන්ගන්නෙ.

සමාජයක පැවැත්ම තීරණය වෙන්නෙ මොනා මතද? ඕකට එක එක අය එක එක දේවල් කියනවා. හැබැයි ඇත්තටම සමාජය පැවතෙන්නෙ Law And Order කියන සංකල්ප දෙක උඩ. මේ දෙක නැතිඋනොත් සමාඅජයක් පවතින්නෙ නෑ. ඔය දෙක වෙනම වෙනම අරගෙන පැහැදිලි කරගමුකෝ.

Law

Law කියන්නෙ නීතිය එහෙමත් නැත්තම් රජු. රටක නීතිය හා සාමය ප්වත්වාගෙන යන එකනේ රජෙගෙන් වෙන්න ඕනේ මූලිකම දේ. ඒක කරන විදිහ රජකම් කරන මනුස්සයගෙ කැමැත්ත. එක්කෝ හොඳින් නැත්තම් නරකින්. ඇත්තටම රජතුමා කියන කෙනා නැති වුනොත් වෙන්නෙ  එතන ලොකු Power Vacuum එකක් ඇති වෙන එක. ඕක ඉක්මනින් කවුරුහරි අල්ලගත්තෙ නැත්තම් වෙන්නෙ රට අස්ථාවර වෙන එක. ඉතිහාසෙට එහම අහල ඇතිනේ හරි රජෙක් නැති උනාම අනුරාධපුර, පොළොන්නරු  රාජධානිවලට උන දේ. එව්වා එහෙම්පිටින්ම බිම. ඒ කිව්වෙ ලෙප්ට්.

සාමාන්‍යෙන් රටක පාලක තන්ත්‍රයේ ලේයර් තුනක් තියෙනවනෙ.👇

1. විධායකය

2. ව්‍යවස්ථාදායකය

3. අධිකරණය

ඕකෙන් විධායකය කියන්නෙ පාලකයා, ව්‍යවස්ථාදායකය කියන්නෙ නීති හදන තැන (අපේ රටේ ඕකට කියන්නෙ පාර්ලිමේන්තුව කියලා), සහ අධිකරණය කියන්නෙ නීති ක්‍රියාත්මක කරන තැන.  ඔය තුනෙන් විධායකය නැත්තම් අනිත් දෙක ඉවරයි. නීති හැදුවට බෑ ඒවා බලාත්මක කරන්න පාලකයාගෙ කැමැත්ත ඕනේ. නැත්තම් ඒ ගැසට් එක නිකන්ම කොල කෑල්ලක් විතරයි. නීති නැත්තම් අධිකරණය හාන්සි. ඒක හාන්සි කියන්නෙ රටම හාන්සි.

මතකද අපේ රටේ හිටිගමන් මාස දෙක තුනකට අගමැති මාරු කරා, ඒකට අපි ඔක්කොම හිනා උනානෙ. හැබැයි ඕකෙන් සෑහෙන Impact එකක් උනා ලංකාවට. ආයෝජකයො නෑ රටේ තිබ්බ තත්වෙ හින්දා. ඉතින් කොටස් වෙළඳපොල ඩවුන්. ඒක ඩවුන් කියන්නෙ රටට දෙවි පිහිටයි. ඔය වගේ හානි රාශියක් උනා ඒ වැඩේ නිසා. මතකනෙ ඊට පස්සෙ බඩු මිල නැතිවෙන්නම නැගපු හැටි. ඒ අගමැති නැතුව. Just Imagine what if we lost a president.

 

Order

Order කියන්නෙ ආගමට. ආගමෙන් කරන්නෙ මිනිහෙක් හික්මවන එක සහ ඌව කන්ට්‍රෝල් කරන එක. මිනිහෙක් ආගමක් අදහනව කියල කරන්නෙත් නීති පිළිපදින එක. උදේ පන්සිල් කියල කියවන්නෙ මොනාද? මම මේවා කරන්නෙ නෑ කියලනෙ. ඒ වගේම තමා ආගමකින් මිනිහෙක්ට සීමාවක් දානවා. ඒ සීමාව ඉක්මවා නොයන්න හික්මවනවා. මිනිස්සු කියන්නෙ හරි හිතුවක්කාර ජාතියක්. අපිට ඕනෙ අපි කැමති ඕනෙම දෙයක් කරන්න. ඒකෙන් අනිත් අයට මොනවා උනත් අපිට ගානක් නෑ. ඔන්න ඔය හිතුවක්කාර මනුස්සයව මෙල්ල කරන එක තමා ආගමකින් කරන්නෙ.   

සීමාව කියන්නෙ මේකයි. හැම ආගමකම කියනවනෙ දිව්‍යලෝකයක් සහ අපායක් තියෙනව කියලා. හොඳ කරනවනම් දිව්‍යලෝකෙ සහ වැරදි කරනවනම් අපායෙ යනව කියන එක ඕනෙම ආගමකට පොදුයිනෙ. ඕක තමා මං කිව්ව සීමාව, මිනිස්සු අපායෙ යන්න්න බයට පව් කරන එක අඩුකරනවා. අන්න හික්මීම. අර මනුස්සයව ගානට හීලෑ කරලා. ඒ දඩුවම් දීලා නෙවේ අවනත කරගෙන. ආගම කියන කන්සෙප්ට් එකට මිනිස්සුන්ට ගෞරව කරන්න පුරුදුකරවලා. රටේ වැඩි හරියක් බහුතර සංඝරත්නයේ ආශිර්වාදය තියෙන කෙනාට ඡන්දෙ දෙන්නෙ ඇයි කියල හිතල බලන්න.

Law and order දෙකෙන්ම කරන්නෙ මිනිස්සුන්ව පාලනයක් ඇතුව තියාගෙන ඉන්න එක. ඒ කාරණාවට ඒ දෙක පාවිච්චි කරන method එක වෙනස්.

නිකමට හිතන්නකෝ ඔයාට මිනිහෙක් මරන්න කේන්තියක් ආවා කියලා. මොනවාහරි කරලා ඕක යටපත් කරගන්න එකනෙ කරන්නෙ. ආගමේ කියන නිසා පව් කරන්න බයයි. හිරේ යන්න බැරි නිසා නීතියට බයයි.

හැබැයි ඔය දෙක නැති උනානම්. බය වෙන්න හේතුවක් නෑනේ. හිතුව කෙටුව. ඔහොම හැමකෙනාම හිතන්න ගත්තම සොසයිටිය ඉවරයි. Purge ෆිල්ම් එක බැලුවනම් ඕක තේරෙයි.

Magisterium එකෙන් කරන්නෙ ඔය Law And Order දෙකේම පාලනය එයාල අතට ගන්න එක. ආගමෙන් මිනිසු පාලනය කරන ගමන් ඒකෙ නීති කඩකරන අයට එයාලම දඩුවම් දෙන එක. මොකද මේ පල්ලියනේ. ආගම Represent කරන්නෙත් එයාල. රට පාලනය කරන කාඩිනල්තුමත් එයාලගෙ. මෙයාල කියනව Dust කියන්නෙ පාපයක් වගේ මිත්‍යාවක් ඒක ගැන කතාකරන්න එපා, සමාන්තර විශ්ව නෑ, දෙවියන්ගේ ඉගැන්වීම ප්‍රශ්ණ කරන්න එපා කියලා. ඕක තමා එයාල දාන සීමාව. ඒකට පිටින් වචනයක්වත් කියන්න බෑ.

මේක මත තමා එයාල Law and Order එක පවත්වාගෙන යන්නෙ. මේකට තියෙන ලොකුම බාධාව තමා අස්‍රියෙල්. මොකද මිනිහා කෙලින්ම පල්ලිය කියන්නෙ බොරුවක් කියනවනෙ. ඒක Magisterium එකේ පැවැත්මට බාධාවක්. අස්‍රියෙල් හොයන Free Will එක තමා Magisterium එකේ ඉගැන්වීම්වලට පිටින් ගිහින් ලෝකය අවබෝධකරගන්න එක සහ ඒ වෙනුවෙන් Magisterium එක විනාස කරන එක. මේ ඉලක්කෙට යන්න මිනිහා ඕනෙම දෙයක් කරන්න ලෑස්තියි. දැක්කනෙ රොජර්ව හිතක් පපුවක් නැතුව මරපු හැටි.

Magisterium එකට තියෙන අනිත් බාධාව තමා ලයිරා. මොකද Witches ල අතර Prophecy එකක් තියෙනවනෙ ලයිරා Magisterium එක විනාස කරලා Free Will එක ගේනවා කියලා. ඒ කොහොමද සහ ඕකට විල් ගෙන් වෙන්නෙ මොකද්ද කියල බලාගන්න 3 වෙනි සීසන් එක එනකම් ඉන්න වෙනවා. (Duka). හැබැයි අපි දන්නව ලයිරාට Dust එකත් එක්ක ලොකු connection එකක් තියෙනව කියලා. Aletheometer   එකත් පොත් නැතුව එක පාරින් කියෙව්වනෙ එයා. එහෙම උනේ ඇයි කියන එක සහ අර මැරුන Witch ලයිරා සහ විල් දෙන්නට Adam and Eve කිව්ව හේතුවත් අපිට ඉක්මනටම දැනගන්න ලැබේවි.

හැබැයි මෙහෙම කේස් එකක් තියෙනවා. අස්‍රියෙල් Magisterium එක කඩල දානවනම් එක්කො ඒකට  Replacement එකක් දෙන්න ඕනෙ නැත්තම් මිනිහා ඒ තැන ගන්න ඕනෙ. මොකද අර කිව්ව Power Vacuum එක ඇතිවෙන එක.

 

Dust

කතාව තේරුම්ගන්න වැදගත්ම සාධකය තමා මේ Dust එක කියන්නෙ.

අපේ ලෝකය හැදිලා තියෙන්නෙ Elementary Particles වලින් නේ. ඒ කිව්වෙ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන වගේ ඒවා. ඕවාගෙන් අණු නිර්මාණය වෙලානෙ පදාර්ථය ඇතිවෙන්නෙ. ඔන්න ඔය Elementary Particle එකක් තමා මේ ඩස්ට් එක කියන්නෙත්. මේක මේ මල්ටිවර්ස් එක පුරාවට එක එක නම් වලින් හඳුන්වනවා. Lyra’s world එකේදි ඕකට කියන්නෙ Dust නැත්තම් Rusakov Particles කියලා, Will’s World එකේදි කියන්නෙ Shadow, Shadow-Particles නැත්තම් Dark Matter කියලා. ඇත්තටම මේක ක්වන්ටම් විද්‍යාවට අදාල කාරණයක්. ඒ වගේ දෙයක් මේකෙන් පැහැදිලි කරන්න අමාරුයිනෙ. ඒ නිසා දැනට මේ ටිකෙන් පොඩි අයිඩියා එකක් ගන්නකො.

Dust කියන්නෙ මිනිස්සු වගේ Species ලගෙ Consciousness එකත් එක්ක බැදිලා තියෙන දෙයක්. සීරිස් එකේ මතකනෙ එක තැනක අර මැශින් එකක් පාවිච්චි කරලා මනසින් Dark Matter එක හසුරවන්න උත්සාහ කරනවා. 

මිනිහෙක්ට සාමාන්‍ය ඇසකින් Dust එක දකින්න බෑ. හැඹැයි මේක Photograph එකකට අරන් බලන්න පුළුවන්. සීරිස් එක පටන්ගද්දි අර අස්‍රියෙල් ෆොටෝ එකක් ගහන්නෙ. ඒකෙන් පස්සෙනෙ ඔක්කෝම ප්‍රශ්ණ පටන්ගන්නෙ. ඒ කරන්නෙ Dust එක Photograph එකකට ගන්න එක. Lyra’s world කේදි පලවෙනි වතාවට Dust එක ගැන හොයාගන්නෙ Boris Rusakov කියන කෙනා. මෙයා කරන ගෞරවයක් විදිහට තමා මේක Rusakov Particle කියල නම් කරන්නෙ. මුලින් මේක තියෙන්නෙ Lyra’s World එකේ. පොත්වල කියන හැටියට මුල් වතාවට Dust එක  මිනිස්සුත් එක්ක Contact කරල තියෙන්නෙ අවුරුදු 33,000 කට කලින්.

17 වෙනි ශතවර්ශෙදි Cittagazze World එකේ (අර ලයිරට විල්ව හම්බෙන්නෙ Cittagazze වලදි). ඉන්න Philosophers ල වගයක්  Aesahaetter එක එහෙමත් නැත්තම් Subtle Knife එක නිර්මාණය කරනවා. (අර විල්ට හම්බෙන පිහියක් වගේ අයිටම් එක).


මේකෙන් මෙයාල  උත්සාහ කරනවා Multiverse එක Access කරන්න. මෙතනදි ලෝක අතර Windows Open වෙලා මේ Dust එක Multiverse එක පුරාවටම පැතිරෙනවා. මේ සමහර Windows සීරිස් එක යන කාලෙ වෙනකොටත් Open වෙලා තියෙනව අපි දැක්ක. මේ Windows ඇරුන කාලෙදිමයි Lyra’s World එකේ අය Alethiometer එක හොයාගන්නෙ.

Alethiometer එකක්

නමුත් Magisterium එකේ අය විශ්වාස කරන්නෙ Dust එක කියන එක තමා Original Sin එක කියලා.

ක්‍රිස්තියානි ආගමේ හැටියට Original Sin කියන්නෙ මිනිසා ව්සින් කරන පලමු පාපය. ඒ කිව්වෙ ඇඩම් සහ ඊව් දෙන්නා තහනම් ගසෙන් ගෙඩි කෑම.

Magisterium එක කියන්නෙ මේ Original Sin එක තාමත් මිනිස්සු පස්සෙන් Dust එක විදිහට එනවා කියලා. එයාල හිතන්නෙ මේ Dust එක දෙවියන් වහන්සේගේ දඩුවමක් කියලා. ඔන්න ඔය හේතුව නිසා කාටවත් මේ Dust එක ගැන කතාකරන්න ඉඩක් දෙන්නෙ නෑ.හැබැයි මෙයාල මෙයාලගෙම ක්‍රමේකට උත්සාහ කරනවා මේ Sin එකෙන් නැත්තම් Dust එකෙන් ගැලවෙන්න.

ඒ මිනිස්සුන්ව Daemon ලගෙන් වෙන් කරලා.


Daemons

Daemon ල කියන්නෙත් Dust එකේම තවත් ආකාරයක්. Lyra’s World එකේදි මනුස්සයෙක් ඉපදෙනකොට එයාගෙ ආත්මය වෙනම සත්ත්වයෙක් විදිහට ඉපදෙනවා. මේකට තමා Daemon කෙනෙක් කියන්නෙ. මනුස්සයෙක් නිර්මාණය වෙන්නෙ ඇට, මස්, ලේ සහ නහර වලින්නේ. ඒ වගේ Daemon කෙනෙක් නිර්මාණය වෙන Matter එක තමා Dust.

පොඩි ළමයෙක්ගෙ ඩීමන්ට ඕනෙම ස්වරූපයක් ගන්න පුළුවන්. ඒ වගේමයි ඕනෙම වෙලාවක ඒක මාරු කරන්නත් පුළුවන්. මේකෙන් පෙන්නල තියෙන්නෙ පොඩි අයගෙ තියෙන Personality එකේ අස්ථාවර බව. හැබැයි එයා වැඩිහිටියෙක් වෙනකොට මේ ඩීමන් නිශ්චිත එක ස්වරූපයක් ගන්නව එතන ඉඳන් ඒ මනුස්සයා මැරෙනකන්ම ඒ ඩීමන්ට තියෙන්නෙ ඒ ස්වරූපයමයි. මනුස්සයා මැරෙනකොට ඒ ඩීමනුත් මැරෙනවා.

සාමාන්‍යෙන් මේ වැඩිහියෙක්ගෙ True Self එකට අනුව තමා ඩීමන් අරගන්න ස්වරූපය තීරණය වෙන්නෙ. ඒ කිවෙ අර මනුස්සයා ඇතුලාන්තයෙන් මොන වගේ කියන එකේ Reflection එකක් විදිහට තමා මේ ඩීමන් හැඩගැහෙන්නෙ. මේක අපි සීරිස් එකේ දැකපු චරිත වලින්ම තේරුම් ගමු.


Lee Scorsbey


මතකනෙ ලී ස්කොර්ස්බිව. අර ලොරෙක් බර්නිසන්ගෙ යාලුවා. එයා Astronaut කෙනෙක්නේ. එතකොට ඇයි එයාගෙ ඩීමන් උන හෙස්ටර් උකුස්සෙක් හෝ වෙනත් කුරුල්ලෙක් නොවී හාවෙක් උනේ ? ඒකෙන් පෙන්නල තියෙන්නෙ ඇත්තටම ලී Astronaut කෙනෙක් උනේ එයාගෙ ආසවකින් නෙවේ කියලා. සීරිස් එක පුරාවටම අපි දකිනව හෙස්ටර් සහ ලී අතර arguments යනවා. ලී එයාගෙම හෘදසාක්ෂිය එක්ක පොරබදනවා වගේ එකක්නේ ඒ කියන්නෙ.

Season 2 එකේ ලී ගෙ බැලුන් එක විනාස වෙනවනෙ. එතනදි ලී මෙහෙම එකක් කියනවා “Guess I never will able to fly again”. මෙතන ඇත්තටම මිනිහා කියන්නෙ මට දැන් මම කැමති දෙයක් කරන්න පුළුවන් වගේ කතාවක්.

Carlo Boreal

කාර්ලෝ තමා අර ලයිරගෙ අම්මත් එක්ක වැඩ කරන කළු උස ඩයල් එක. මිනිහා හෙන කපටි, වැඩි සද්දයක් බද්දයක් නැති චරිතයක්නෙ. හැබැයි හීන් නූලෙන් සෑහෙන ගේමක් ගැහුවනෙ මනුස්සයා. ඔය ගතිගුණ වලට හරියන්න තමා මිනිහගෙ ඩීමන් සර්පයෙක් වෙලා තියෙන්නෙ. සර්පයෙක් කියන්නෙ වැඩිය සද්ද බද්ද නැති සත්තු ජාතියක්නේ. හැබැයි උන් ගොදුරට පහරදෙන්නෙ හිතන්නවත් බැරි වෙලාවක. මේ වගේ ලක්ෂණ අපි දක්කනෙ කාර්ලෝගෙන්.

මතකනෙ අර ලයිරා දුවගෙන යද්දි එයත් එක්ක හිතවත් වෙලා සේප කොලේ වහලා Alethiometer එක උස්සපු හැටි.

මනුස්සයට එයාගෙ ඩීමන් කොච්චර පර්ෆෙක්ට් විදිහට ගැළපෙනවද කියන එකට හොඳම උදාහරණයක් සීරිස් එක ඇතුලෙම තියෙනව.

පලවෙනි සීසන් එකේ කාර්ලෝ ෆ්‍රා පවෙල් ව හම්බවෙන්න යනවනෙ පවෙල්ගෙ Alethiometer එකෙන් පොඩි වැඩක් කරගන්න. එතන කාර්ලෝ පවෙල්ගෙන් ප්‍රශ්ණ කරද්දි පවෙල් වටේ කැරකෙනවා හරියට සර්පයෙක් ගොදුර වටේ එතෙනව වගේ.



Marisa Coulter

අනිත් ඩීමන් ගත්තම අනිත් ඩීමන්ල වගේ නෙවේ. කිසිම තැනක කතාකරන්නෙ නෑනෙ. ඒ වගේමයි සීරිස් එක පුරාවටම අපි දකිනවා මරීසා එයාගෙ ඩීමන්ට පහරදෙනවා. කොහොමත් මරීසා කියන්නෙ හරිම ගුප්ත චරිතයක්නේ. එයා කිසිම වෙලාවක තව කෙනෙක්ට Open කතාකරන්නෙ නැති කෙනෙක්නේ. කොටින්ම ලයිරට කියන්නෙත් නැ එයාගෙ අම්මා තමන් කියලා.

ගොඩක් වෙලාවට අපි මරීසගෙ ඩීමන්ව දකින්නෙ  බයවෙලා හැංගිලා ඉන්න කෙනෙක් හැටියට. මේඑකෙන් පෙන්නන්නෙ කොච්චර දරුණුයි වගේ පෙන්නුවත් ඇත්තටම යටිහිතෙන් මරීසා කියන්නෙ සමාජයෙන් පහර කාල බයෙන් මුළුගැන්විලා ඉන්න කෙනෙක් කියන එක.

හරියට බැලුවොත් මුලින් අර Magisterium එකේ ඉහලට යන්න හදනව වගේ පෙන්නුවට ඇත්තටම මරීසා කරන්නෙ ලයිරව් ආරක්ශා කරන එක. නිකමට බලන්න අර Witch ලයිරට Eve කියද්දි මරීසගෙ මූණ වෙනස් වෙන හැටි. හැබැයි මරීසා මේක පිලිගන්නෙ කැමති නෑ වගේ එකක් තමා මටනම් පේන්නෙ. අපි සැරින් සැරේ දකිනව වෙලාවකට මරීස ඩීමන්ට පහර දෙනවා වෙලාවකට ඌව බදාගන්නව. හරියට එයාගෙ True Self එක embrace කරගන්නවද නැද්ද කියන එක තීරණය කරන්න බෑ වගේ.

 

පේනවනෙ ඩීමන් කෙනෙක් කියන්නෙ මනුස්සයෙක්ට කොච්චර වැදගත්ද කියලා.

Lyra’s World එකේදි මේ ඩීමන් කෙනෙක් Stable වෙන එක තමා කෙනෙක්ගෙ ජීවිතේ වැදගත්ම දවස. හරියට මෙහෙ ගෑනු ළමයි වැඩිවියට පත්වෙනවා වගේ. ටොනී කොස්ටොගෙ ඩීමන් Stable උන දවසෙ Gyptians ල ලොකු උත්සවයක් එහෙම තිබ්බනෙ මුල් සීසන් එකේ.

සීරිස් එකේ පයිලට් එපිසෝඩ් එක පටන්ගන්නකොටම ලයිරා රොජර්ගෙන් අහන්නෙ එයාල ලොකුවුනාම එයාලගෙ ඩීමන් මොන වගේ වෙයිද කියල.

ඕක නිසා තමයි කියන්නෙ ඩීමන් කෙනෙක් සහ මනුස්සයෙක් අතර තියෙන bond එක පූජනීයයි කියලා.

වෙන කෙනෙක්ගෙ ඩීමන්ව අල්ලන්නවත් බෑනෙ කාටවත්. ඒව දඩුවම් දෙන වරදවල්නෙ.

5.     Angels



Angels ලව සම්පූර්ණයෙන්ම නිර්මානය වෙලා තියෙන්නෙ Dust වලින්. මෙයාලට Bene elim කියලත් කියනව ඕකෙ තේරුම Watchers කියන එක.

මෙයාල නිතරම බලාගන්න පුළුවන් වෙන්නෙ නෑ. හැබැයි සමහර වෙලාවල් වලට Angels ල මිනිස්සුන්ට පේන්න ඇවිල්ල තියෙනවා. මෙයාලගෙ පෙනුම මනුස්සයෙක්ගෙ වගේමයි. ලොකු පියාපත් දෙකක් තියෙනව. ශරීරය ආලෝකයෙන් නිර්මාණය වෙලා තියෙනව කියලයි කියන්නෙ. හැම Angel කෙනෙක්ම අමරණීයයි.

කලින් කිව්ව වගේම Angels ල හැදිල තියෙන්නෙ Dust එකෙන්. නමුත් පොත්වලදි කියනව එක්තරා transmutation එකකින් මනුස්සයෙක් උනත් Angel කෙනෙක් කරන්න පුළුවන් කියල. ඒ මොකද්ද කියන එක තාම කියල නෑ.

Angels ල කියන්නෙ Multiverse Travel කරන්න පුළුවන් හැකියාවක් තියෙන ජීවීන් කොට්ඨාශයක්. ඒ වගේම මෙයාලට Shapeshifting Ability එකත් තියෙන නිසා ඕනෙම රූපයකින් පෙනී ඉන්න පුළුවන්. මේක ගොඩක් වෙලාවට පෙන්නන්නෙ සතෙක් විදිහට. 

ඔයිට අමතරව Telepathy, Atmokinesis,  Photokinesis වගේ හැකියාවන් ගොඩක් Angels ලට තියෙනව.

වැදගත්ම දේ තමා ගොඩක් වෙලාවට Angels ල කිසිම දේකට interfere වෙන්නෙ නෑ. (Watchers ලම තමා නේ). හැබැයි පොත් වලදි මෙයාල මේ පිලිවෙත කඩල මිනිස්සුන්ගෙ වැඩ වලට අතගහල තියෙනවා.

දෙවෙනි සීසන් එක ඉවර උනේ Angels ල අස්‍රියෙල් ගෙ cause එකට intervene කරන එකෙන්, ඒ කියන්නෙ 3 වෙනි සීසන් එකෙන් අනිවා Angels ල සහ මිනිස්සු අතර battles බලාගන්න පුළුවන් වෙයි.

Metatron, Balthamos වගේ Angels ල ගේමට බැස්සම තමා රසය පටන්ගන්නෙ සගෝ.

දැන් බලමු සීරිස් එකට වැදගත්වෙන තවත් දේවල් කීපයක් ගැන.

 

Witches

සීරිස් එකේ වැඩිපුරම දකින්න Witch සෙරෆිනා පෙකලා

Witch කෙනෙක් කියන්නෙ මනුස්සයෙක් අගේම පෙනුමක් තියෙන නමුත් ඊට වඩා advanced level එකකට ගියඖ කෙනෙක්ට. මෙයාලටත් ඩීමන් කෙනෙක් ඉන්නව. නමුත් මනුස්සයෙක්ට එයාගෙ ඩීමන්ගෙ ඈතකට යන්න බැරි උනාට Witches කට එයාලගෙ ඩීමන්ලව හැතැප්ම ගානක් උනත් ඈතට යවන්න පුළුවන්. හැම Witch කෙනෙක්ගෙම ඩීමන් වෙන්නෙ කුරුල්ලෙක්.  සෙරෆිනාගෙ කයිසා කියන ඩීමන් එහෙම උකුස්සෙක්නෙ.

මනුස්සයෙක්ට වඩා ඉතාම හිමින් තමා Witches ල වයසට යන්නෙ. මෙයාල අවුරුදු දාස් ගානක් ජීවත් වෙනව කියලයි කියන්නෙ. හැබයි මතක තියාගන්න මෙයාල immortal අය නෙවේ. ඒ කියන්නෙ මෙයලව මරන්න පුළුවන්. (Evil Marisa noises 😂).

Lyra’s World එකේදි අපිට හම්බෙන්නෙ female witches ල විතරයි. (ෆෙමිනිසම් හුම්ම්) මේ ලෝකෙදි Witches ල සාමාන්‍ය මිනිස්සුන්ට දාව ළමයි පවා හදනවා. මේ ඉපදෙන ළමයි පිරිමි නම් මෙයාල සාමාන්‍ය අය වෙනව, ගැහැණු අයනම් witch කෙනෙක් වෙනවා. Serafina Pekkala කියන  witch queen  Gyptian කෙනෙක් එක්ක යාළුවෙලා පිරිමි ළමයෙක් හිටිය කියල පලවෙනි සීසන් එකේ කියනව. 

Culture එක අතින් ගත්තොත් Witches ල ඉන්නෙ clan වලට බෙදිලා. මේ clan වල බලප්‍රදේශය ඍතුවෙන්   ඍතුවට ශාක පැතිරිලා තියෙන ආකාරය වගේ දේවල් අනුව නිතර නිතර වෙනස් වෙනවා.

ඒ වගේම මේ clan අතර Rivalry පවා තියෙනව.    Tikhozero සහ Micojarvi කියන clan දෙක අතර තියෙන Rivalry එක මේකට උදාහරණයක්.

සීරිස් එකේ අපි මූලිකවම දකින්නෙ Lake Enara clan එක. මේකෙ Queen තමා Serafina Pekkala කියන witch.

දෙවෙනි සීසන් එකේදි අපි දැක්ක මේ clans වල ඉන්න witches ල සේරම එකතුවෙලා අස්‍රියෙල්ගෙ rebellion එකට එකතුවෙනවද නැද්ද කියන එක ගැන කතාකරන්න council එකක් කැඳවල තියෙනව. දැන් witches ල අස්‍රියෙල්ගෙ පැත්තට එකතුවෙලා තියෙන නිසා ඊලග සීසන් එකේදි මෙයාල ලොකු පාට් එකක් කරයි.

Witch කෙනෙකුට Healing, Flight, Weather controlling  වගේ හැකියාවන් තියෙනවා.

Witches වන්දනා කරන්නෙ එක දේවතාවියකට. Yambe-Akka (අක්කා) තමා witches ලගෙ මරණයේ දේවතාවිය.

Lyra’s world එකේදි female witches ල විතරක් දකින්න ලැබුනත් වෙනත් ලෝකවල male witches ල පවා ඉන්නව. සමහරවිට සීරිස් එකේ ඉස්සරහට ඉඳීවි. බලන් ඉන්න තමා තියෙන්නෙ. Reference එකක් හෝ තියෙන්න කියල ප්‍රාර්ථනා කරමු.


Spectre

Spectre කෙනෙක් නිර්මාණය වෙන්නෙ multiverse එකේ ලෝක අතර තියෙන void එක ඇතුලෙදි. Subtle Knife එකෙන් multiversal  window  එකක් අරින්න පුළුවන් කියල දන්නවනෙ. ඔය window එකක් අරින හැම වාරයක් පාසාම spectre කෙනෙක් ඉපදෙනවා. පලවෙනි සීසන් එකේ ස්නිතිමට අස්‍රියෙල් රොජර්ව මරල Cittagazze world එකට යන්න portal එකක් හදනවනෙ. ඒ portal එක හරහා තමා දෙවෙනි සීසන් එකේ අපි දැක්ක spectres ල ටික Cittagazze වලට එන්නෙ. මේ portal එක නිසා spectres ල සෑහෙන ප්‍රමාණයක් නිර්මාණය වෙනව.

Spectre කෙනෙක් ආහාරයට ගන්නෙ dust එක. මෙයාල කරන්නෙ වැඩිහිටි මිනිස්සුන්ට පහරදීලා එයාලගෙ soul එක අරගන්න එක. කවුරුහරි spectre කෙනෙක්ට ලක් උනොත් අයාව හැගීම් දැනීම් නැති, මනසක් නැති කෙනෙක් බවට පත්වෙනවා. හරියට පිල්ලියක් වගේ. Daemon කෙනෙක්ට පහර දුන්නත් වෙන්නෙ ඕකම තමා. පොඩි ළමයින්ට හෝ  intercision එකකට ඒ කිව්වෙ daemon ව අයින් කරන ක්‍රියාවලියට ලක්වුණ කෙනෙක්ට spectre ලගෙන් හානියක් නෑ.

Spectre කෙනෙක්ගෙ physical appearance එක තියෙන්නෙ පාවෙන veil එකක් වගේ.  මෙයාල ගොඩක් වෙලාව ඉන්නෙ පොලවෙ. නමුත් දෙවෙනි සීසන් එකේදි මර්‍රීසා spectres ලට පියාඹන්න උගන්නනවා.

කිසිම මනූසයෙක්ට බෑ Spectre ලට හානියක් කරන්න. මේ නිසාම තමා Cittagazze වල මිනිස්සු spectre ලට ඔච්චර බය. හැබැයි Subtle Knife එක තියෙන කෙනාට පුළුවන් spectre කෙනෙක්ව පන්නල දාන්න.

Angels ල සහ Ghost ලට පුළුවන් අවශ්‍යනම් spectre කෙනෙක්ව මරල දාන්න.

Philip Pullman කියන හැටියට spectre කෙනෙක්ගෙන් පෙන්නුම් කරන්නෙ depression සහ self-hatred කියන මානසික තත්වයන් කියලා. (කාවද මතක් උනේ).

Ghost


ඊලග සීසන් එකේදි මෙයාලව හම්බවේවි. Ghost කෙනෙක් කියන්නෙ කලින් මනුස්සයෙක්ගෙම කොටසක්. හරියට ආත්මය සහ daemon වගේ. කවුරුහරි මැරුනම එයාගෙ ghost land of the dead වලට යනවා. මෙයාලව කැඳවාගෙන යන්නෙ boatman ගෙ බෝට්ටුවෙන්. මේකට inspiration එක අරන් තියෙන්නෙ ග්‍රීක මිත්‍යා කතා වලින්.  අර කාසි දෙකක් ඇහැට තියන කේස් එක එහෙම දන්නවනෙ.

Multiverse


Northern Lights Trilogy එකේ මුළු කතාවම වගේ ගොඩ නැගිල තියෙන්නෙ මල්ටිවර්ස් එකක් වටේට. Philipp Pullman කියන හැටියට මේ මල්ටිවර්ස් එක ඇතුලෙ සමාන්තර ලෝක දහස් ගණනක් හෝ මිලියන ගානක් තියෙන්න පුළුවන්ලු. හැබැයි මේ සංඛ්‍යාව බිලියන ගානක් උනත් වෙන්න ඉඩ තියෙනව කියලයි Philip Pullman නම් කියන්නෙ. පොත් ඇතුලෙදිත් අපිට මේ වගේ සමාන්තර ලෝක කීපයක්ම හම්බවෙනවා.

Lyra's world කේදි මුලින්ම මේ මල්ටිවර්ස් එකක් ගැන තියරි එකක් ඉදිරිපත් කරන්නෙ Barnard සහ Stokes කියන theologians දෙන්න. නමුත් Magisterium එකෙන් මේ දෙන්නව නිශ්ශබ්ද කරනව (නෑ නෑ එහෙ ශුදු වෑන් නෑ ). ඔය තියරි එක ඔස්සේ ගිහිල්ල තමා අපි සීරිස් එකේ වගේම පොත්වල දැක්ක විදිහට Lord Asriel Lyra”s world කේ පලවෙනි වතාවට මල්ටිවර්ස් එකක් තියෙනව කියන එකට පලවෙනි සාක්කිය හොයාගන්නෙ. (අර පින්තූරෙ ගැන කිව්වෙ).

මේව තමා අපිට Northern Lights franchise ලැබෙන සමාන්තර ලෝක 

  • Lyra’s world
  • Will’s world
  • Cittagazze world
  • The world of the dead (land of the dead කියලත් කියනවා)
  • Mulefa world (අන්තිම සීසන් එකේ ලොකු ස්ටෝරියක් තියෙනව මේක වටේට)
  • The Republic of Heaven
  • The Kingdom of Heaven

ඔය සේරම වගේ මේ සීරිස් එක ඇතුලෙදි බලාගන්න පුළුවන් වෙයි. 

මේ කිව්ව දේවල් වලට වඩා සෑහෙන හේවල් තියෙන Franchise එකක් තමා Northern Lights කියන්නෙ. ඉස්සරහට වෙනම ආටිකල් සීරිස් එකකින් ඒව ගැන කතාකරමු.

එතකම් අදට ලිපිය ඩන් ඇන්ඩ් Dusted..!


His Dark Materials: Season 1 | Official Trailer

Post a Comment (0)
Previous Post Next Post