The Batman ගැන මුල සිට සරලව | The Batman Easter Eggs + Breakdown

The Batman Easter Eggs + Breakdown 



Hello My Fellow Gothamites ! ගොඩ දෙනෙක් බලන් හිටපු මැට් රීව්ස් The Batman ෆිල්ම් එක Release වෙලා තියෙනවා.මම හිතනවා මේ Article එක කියවන හැම කෙනාම ඒක බලල ඇති කියලා.මොකද ෆිල්ම් එක බලල නැත්තන් මේක කියවන්න යන්නෙපා Spoilers තියෙනවා.

මුලින්ම කියන්න ඕනෙ මේකෙ Easter Eggs ඒම ගොඩක් තිබ්බා.මේවලින් මට මීටර් වෙච්චි සෙට් එක තමා මේ ආටිකල් එකෙ දාන්නෙ.මට Miss වෙන ඒවත් තියෙන්න පුලුවන්.ෆිල්ම් එකක Easter Eggs ගොඩක් මීටර් වෙන්නෙ ෆිල්ම් එක දෙපාරක් තුන්පාරක් බලද්දි.ඒ වගේම මේ සමහර Easter Eggs 100% ක්ම Sure ම කියල කියන්නත් බෑ.ගොඩක් ඒව Guesses. ඒනම් වැඩි සීන් නැතුව කතාවට බහිමු. ෆිල්ම් එක බැලුවම හැමෝටම ආව ප්‍රශ්නෙන්,


ඒ හිටියෙ Joker ද ?

ෆිල්ම් එකේ අන්තිමට Arkham State Hospital එකේ හිර කරල ඉන්න Edward Nashton aka Riddler ව පෙන්නනවා.ඩයල් එක අවුලෙන් ඉන්නෙ එයාගෙ Plan එක සාර්ථක වුනේ නැති එක ගැන.පොරගෙ Cell එකට එහා පැත්තේ ඉන්න කෙනා Riddler ව සනසවන්න උත්සාහ කරනව වගේ තමා පෙනුනෙ.මේ කවුද කියල හරියට පෙන්නුවෙ නැ.හැබැයි මේ කටහඩින් මේ Eternals එකෙ Druig ට රගපාපු බැරි කොලුව කියලා හිතාගන්න පුලුවන්.පොර මෙතන මෙහෙම දෙයක් කියනවා


"Isn't that just terrible ? Them raining on your parade like that ? What is it they say ? One day you are on top the next you are a  clown. Well let me tell you there are worst things to be"

කියලා.මෙතන කොහොමහරි රිඩ්ලර් අඩන්න ගන්නවා.පස්සෙ මේ ඩයල් එක කියනවා,


"Don't be sad. You did so well, and you know Gotham loves a comeback story"

කියලා.රිඩ්ලර් මෙතන මේ ඩයල් එකගෙන් අහනවා "Who Are You ?" කියලා.මෙතන මෙයා කෙලින්ම උත්තරයක් දෙන්නෙ නැතුව රිඩ්ලර්ගෙන් Riddle එකක් අහනවා,


"The Less Of Them You Have, The More One Is Worth"

කියලා.රිඩ්ලර් මේකට උත්තරේ විදිහට "A Friend" කියල කියනවා.මේ එක්කම අනිත් ඩයල් එක හිනා වෙන්න පටන් ගන්නවා.මේ හිනාව ටිකෙන් ටික Maniacal Laugh එකක් විදිහට හැරෙනවා.

( Social Media වල සමහර අය කියල තිබ්බා මේ Riddle එකට තව උත්තරයක් තියෙනවා ඒ Card Pack එකක් කියන එක කියලා.මේක ගැනනම් හරියට කියන්න බෑ )

ඉතින් මේ සීන් එක බැලුවම තේරෙන්න ඇති මේ ඉන්නෙ වෙන කවුරුත් නෙමෙ Joker කියලා.මම දැක්කා සමහර අය කියල තිබ්බ මේ ඉන්නෙ Two Face කියලා.හැබැයි මේ ඩයල් එක කිව්ව Dialogues වලින් වගේම අන්තිමට දාපු හිනාවෙනුත් Hint වෙන්නෙ මේ ඉන්නෙ Joker කියන එක.Batman ගෙ Year Two එකේදිම Joker Arkham වල ඉන්නවා.ඒ කියන්නෙ සමහරවිට Batman ට Joker ව හම්බෙලා එයාව Arkham වල දැම්ම වෙන්නත් පුලුවන්.කොහොමහරි මේ ඉන්නෙ Joker නම්.අපි කලින් දැක්ක ජෝකර්ලට වඩා තරුණ ජෝකර් කෙනෙක් වෙනවා.Gotham Series එකේ වගේ.මෙයාව අපිට Sequel එකෙ දකින්න හම්බෙයිද කියන්න බෑ.මොකද මැට් කියලා තිබ්බා එයා Mr.Freeze ව Sequel එකට ගේන්න කැමතියි කියලා.සමහරවිට Triollogy යෙ අන්තිම ෆිල්ම් එකේදි Joker ව බලාගන්න හම්බෙන්නත් පුලුවන්.මොකද Batman vs Joker කියන්නෙ Fictional ඉතිහාසයේ හොදම Hero Villain Rivally වලින් එකක්.ඉතින් ඒ Iconic Rivally එකෙන් Triology ය Finish කරන්න මැට් අදහස් කරන් ඉන්නව වෙන්නත් පුලුවන්.ෆිල්ම් එකෙ Credit සීන් එකේදි Barry Keoghan ගෙ Character එක Unseen Arkham Prisoner කියල තමා නම් කරල තිබ්බේ.මැට් මේ Character එක Mystery එකක් විදිහට තිබ්බ එකනම් සිරාවට පට්ට.

Anyway මේ ෆිල්ම් එකෙන් Joker ව විතරක් නෙමෙ Tease කලේ.ෆිල්ම් එකෙ Riddler බැට්මෑන් යවපු Card වලින් Batman ගෙ Rogue Gallery එකෙ Villain ලා සෙට් එකක්වම Mention වුනා

මුල් කාඩ් එකෙ තිබ්බ පින්තූරෙන් Court Of Owls ලව Mention වුනා

ඒ වගේම දෙවෙනි කාඩ් එකේදි Mad Scientist කෙනෙක්ව පෙන්නුවා.ගොඩක් දුරට Doctor Hugo Strange ට සමානයි.

තුන්වෙනි එකෙන් Poison Ivy ගෙ Look එකට සමාන Look එකක් තියෙන ගෑනු ලමයෙක්ගෙ රූපයක් පෙන්නුවා.

හතරවෙනි එකෙන් Mad Hatter ව Hint කරල තිබ්බා.

පස්වෙනි එකෙන් Puppet කෙනෙක්ව තියාගෙන ඉන්න කොල්ලෙක්ව පෙන්නුවා මේක Scarface & Ventriloquist ට Reference එකක්.

Is That VENOM ??

මේ කියන්නෙ Marvel ලගෙ Venom Symbiote එක ගැන නෙමෙ.DC ලගෙ Venom කියන Drug එක ගැන.DC ෆෑන් කෙනෙක්ටනම් මේ නම ඇහුන ගමන් බැට්මෑන් ගෙ Iconic Villain කෙනෙක්ව මතක් වෙන්න ඕනෙ.වෙන කවුරුත් නෙමෙ The Man Who Broke Batman, Bane.බේන් කියන්නෙ මේ Venom කියන Enhanced Drug එකට Addict වුන කෙනෙක්.මේ නිසාම තමා මෙයාට Superhuman Strength එකත් හම්බෙන්නෙ.ඉතින් Last Battle එකේදි බැට්මෑන් එයාට Inject කරගන්න Drug එක Venom කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා.මොකද ඒ Drug එක කොල පාටයි.Venom එකත් ඒ පාටමයි.ඒ වගේම බැට්මෑන් ඒක විදගත්ත ගමන් එයාට ආයෙ නැගිටින්න Strength එකක් ආවාඒ වගේම අර Riddler Goon ගෙ මූණ චොර වෙන්නම නෙලුවා.මෙතන පේන්න ඇති බැටාට එයාව නවත්තගන්න අමාරු වුනා.මේක Venom Drug එකෙ Side Effect එකක්.Drug එක පාවිච්චි කරන කෙනා ගොඩක් Violence වෙනවා මේක පාවිච්චි කරද්දි.ඉතින් ඒ නිසාමයි මේ Venom කියල හිතෙන්නෙ මට.Batman: Venom Comic එකේදි බැටා මේ Drug එක පාවිච්චි කරනවා.මේ නිසා පොර Violent වගේම මේකට Highly Addictive වෙනවා.ඒකෙන් මිදෙන්න බර ගේමක් දෙන්න වෙනව.ඉතින් මේ Drug එක Venom නම් ඉස්සරහට බැට්මෑන්ටත් මේ ප්‍රශ්නෙට Face කරන්න වෙයි.ඒ වගේම මේ Venom නම් ඉස්සරහට අපිට Bane ව බලාගන්නත් Chance එකක් ලැබෙයි.මේක Venom වෙන්න ලොකු ඉඩක් තියෙනව කියල කිව්වෙ ඇ.මේ Venom කියලා 100% ක් Sure නැ.සමහරවිට Adrenaline සීනෙකක් වෙන්නත් පුලුවන්.

Martha Arkham?


ගොඩක් අය Martha ව දන්නව ඇත්තෙ Martha Wayne විදිහට.හැබැයි Comic වල Thomas ව බදින්න කලින් මෙයාගෙ නම වෙන්නෙ Martha Kane. Kate Kane aka Batwoman ගෙ නැන්ද කෙනෙක් වෙනවා ( මතක විදිහට ) කොහොමහරි මේ ෆිල්ම් එකේදි Kane වෙනුවට මාර්තාව Arkham කෙනෙක් විදිහට වෙනස් කරල තියෙනවා.මෙහෙම Martha Arkham කෙනෙක් ඉන්නෙ Batman Earth One කොමික් එකෙ විතරයි.මාර්තගෙ අම්මව එයාගෙ තාත්තා මරනවා.මේ නිසා Rumors යනවා Arkham Bloodline එක අය Insane කියලා.ඉතින් මේ Storyline එක මේ විදිහටම ෆිල්ම් එකටත් අරන් තියෙනවා.හැබැයි Prime Timeline එකේනම් Batman & Arkham ල අතර සම්බන්දයක් නැ.හැබැයි මේ Arkham Bloodline එකෙ කෙනෙක් තමා Arkham Knight වෙන්නෙ ( Astrid Arkham ) ෆිල්ම් එකට අනුව බෲස් කියන්නෙත් Part Arkham කෙනෙක්.මේ Arkham ල ගැන වැඩි විස්තර අපිට GCPD Series එකෙන් දැනගන්න හම්බෙයි. 

Nightwing ගේ නගරය


ෆිල්ම් එකෙ අන්තිම හරියේ Bat & Cat අතර යන කතාවෙදි සෙලීනා ගෝතම් වලින් ඈත් වෙලා වෙනම නගරෙකට යන්න ලෑස්ති වෙනවා.ඒ Bludhaven කියලා.මේ නගරෙ ගෝතම් වල Sister City එකක්.එක ලග තියෙන්නෙ.මේ Bludhaven කියන නම අහපු ගමන් DC ෆෑන්ස්ලට එක Specific Hero කෙනෙක්ව මතක් වෙන්න ඕනෙ.Gotham වලට Batman වගෙ Bludhaven වලටත් Guardian කෙනෙක් ඉන්නවා.ඒ වෙන කවුරුත් නෙමෙ Nightwingඩික් මෙහෙට Move වෙලා Nightwing විදිහට වගේම Bludhaven වල පොලීසීයෙ කොටසක් විදිහටත් නගරෙට උදව් කරනවා.ඒ වගේම මෙහෙ තමා Nightwing ගෙ Arch Enemy වෙන Blockbuster එහෙමත් ඉන්නෙ.ඉතින් සමහරවිට Catwoman TV Series එකේ Main Villain විදිහට Blockbuster ව බලාගන්න ලැබෙයි.සමහරවිට මේ සීරිස් එකෙන් අනාගතේදි Nightwing ගෙ පැමිණීම Tease කරන්නත් පුලුවන්.මොකද මැට් ස' කිව්ව එයා Batverse එකක් හදනව කියලා.ඉතින් නයිට්වින්ග් නැතුව Batverse එකක් හදන එක Impossible.අනිව ඉස්සරහට Boy Wonder ව බලාගන්න හම්බෙයි.

Waynes & Arkhams: Gotham Founding Families 

ෆිල්ම් එකෙ කියනවා Gotham වල Founding Families දෙක වෙන්නෙ Waynes ල සහ Arkhams ලා කියලා.ඒ කියන්නෙ මේ පවුල් දෙකෙ එකතුව තමා Thomas & Martha Marriage එකෙන් වුනේ.හැබැයි කොමික් වලනම් Founding Families 5 ක් තියෙනවා.ඒ,

Waynes: ගෝතම් වල Powerfulම Family එක

Kanes: ෆිල්ම් එකේ Kanes ලව තමා Arkham ල විදිහට වෙනස් කරල තියෙන්නෙ.Martha කියන්නෙ Kane කෙනෙක් Kate Kane ( Batwoman ) වගේ

Dumas: Azrael ගැන දන්නව ඇතිනේ.එහෙනම් Order Of St.Dumas ල ගැනත් දන්නව ඇති.මේ Order එක අයිති මේ Family එකට.ගොඩක් Religious පැත්තට බර Family එකක්

The Elliots: Hush aka Tommy Elliot ගෙ Family එකෙ අය ගැන මේ කියන්නෙ

The Crownes: මෙයාලා Court Of Owls සීන් එකට සම්බන්ධයි.Crownes ලයි Cobb ලයි අතර වෙච්චි Family Merge එකකින් තමා Grayson ල බිහි වෙන්නෙ.Yep.. Dick Grayson කියන්නෙ Originally Gotham වල Founding Family එකක Part එකක්.

Hush!


ෆිල්ම් එකෙ එක තැනක Thomas Wayne කරපු Murder සීන් එකක් ගැන පෙන්නුවා.ඒ Thomas Edward Elliot කියලා Journalist කෙනෙක්ව මරන්න කියලා Falcone ට කිව්ව කියලා.ඉතින් ඊට පස්සෙ යන සීන් එකෙ ඒ වීඩියෝ එකෙ Hush කියන වචන ටික පෙන්නනවා.ඉතින් මේ Batman ගෙ Infamous Villain කෙනෙක් වෙන Hush ව Tease කලා වෙන්න පුලුවන්.

Hush කියන්නෙ Batman ගෙම නරක පැත්ත විදිහට දකින්න පුලුවන් ( මෙයා ගැන හොද Idea එකක් ගන්න පුලුවන් Batman Hush Animated Movie එක බැලුවොත් ) මේ Edward Elliot කියන්නෙ කොමික් වල Tommy Elliot ගෙ Great Grandfather.මෙයාව Gates Of Gotham Comic එකේදි තමා හම්බෙන්නෙ.මෙයා හැබැයි Journalist කෙනෙක් නම් නෙමෙයි.ගෝතම් වල පාලම් aka Gates Of Gotham හදන්න මූලික වෙන්නෙ මෙයයි Cobblepot ගෙ Family එකෙ කෙනෙකුයි.මේක ෆිල්ම් එකේ වෙනස් කරල තියෙනවා.

The Black Casebook


ෆිල්ම් එකේ මුල්ම හරියේ බැට්මෑන් Journal එකක එයාගෙ Mission ගැන ලියනවා බලාගන්න පුලුවන්.ඒ වගේම තව පොතකත් මේ Mission ගැන ලියනවා.Batman Fans ලනම් මේ මොකක්ද කියල අදුරගන්න ඇති.මේ බැට්මෑන් ගේ Black Casebook එක.බැට්මෑන් ට හම්බෙච්ච Weird / Supernatural වගේම Unsolved Cases ඇතුලත් වෙන්නෙ මේ පොතේ.

Tweedledee & Tweedledum


Iceberg Lounge එකේ Security ල විදිහට හිටපු Twins ලව මීටර් ඇතිනේ.මෙයාලා Tweedledee & Tweedledum වෙන්න ඉඩක් තියෙනවා.මෙයාලා Alice in Wonderland කතාවත් එක්ක Obsessed Gangsters ල දෙන්නෙක්.මේ දෙන්න කොමික් වල Twins ල නෙමෙ හැබැයි.එක වගේ Look එක තියෙන Cousins ල දෙන්නෙක්.මේ දෙන්නගෙන් එකෙක් Mastermind කෙනෙක්.අනිකා ලොකු Strength එකක් තියෙන කෙනෙක්.ඉතින් මේ දෙන්න එකතු වෙලා ගෝතම් වල අපරාධ වලට හවුල් වෙලා තියෙනවා.සමහර අවස්තාවල ජෝකර් ට එහෙමත් Henchmen ල විදිහට වැඩ කරල තියෙනවා.පරණ Batman Animated Series එකේ මේ වගෙ Twin ල දෙන්නෙක් හිටිය කියල මීටර් ඇති.

Godfather සහ Batman 

ෆිල්ම් එකේදි බෲස් මුලින්ම Falcone ව හම්බෙන්න යන මුල්ම පාර එයාගෙ Penthouse එකේ එක සින්දුවක් Play වෙනවා.ඒ Al Martino ගෙ "I Have But One Heart" කියන සින්දුව.මේ සින්දුවම තමා Godfather එකේ Johnny Fontane Connie ගෙ Wedding එකේදි Sing කරන්නෙ.

ඒ වගේම ඊට පස්සෙ ආයෙ Falcone ගෙ Penthouse එක පෙන්නද්දි තව Al Martino ගෙ සින්දුවක් Play වෙනවා.ඒ Volare කියන සින්දුවට.Volare කියන්නෙ Italian වචනයක්.මේකේ තේරුම වෙන්නෙ To Fly කියන එක.රිඩ්ලර් ෆිල්ම් එක පුරාවටම කියන්න හදනවා Falcone තමා Winged Rat කියලා.ඉතින් මේ සින්දුවෙනුත් ඒක ටිකක් Tease වෙනවා.මොකද Winged Rat කෙනෙක්ට පියාඹන්න පුලුවන්.

Twilight Reference?

බෲස් ඇල්ෆ්‍රඩ්ව හම්බෙන්න Wayne Tower එකට යන තැන පොර ඉර එලිය දිහා බලන්නෙ අමාරුවෙන් වගේ.පස්සේ Sunglasses දාගන්නවා ඇස් වලට අමාරු නිසා.මේ බෲස් හැමතිස්සෙම Cave එක අස්සෙ ඉන්න නිසා වෙන්න පුලුවන්.ඒ වගේම පොර එලි බහින්නෙ රෑට විතරක් වෙන්නැති.ඒ වගේම මට මෙතන හිතුන දෙයක් තමා මේක Twilight එකට Reference එකක් කියලා.ෆිල්ම් එකේ Vampires ලව ඉර එලියට අහු වුනාම දිලිසෙන්න ගන්නවා.ඒ නිසා එයාලා ගොඩක් වෙලාවට ඉර එලිය Avoid කරනවා.හැමතිස්සෙම Gloomy & Dark ප්‍රදේශ වල තමා මෙයාල ඉන්නෙ.ඉතින් ගෝතම් කියන්නෙත් හැමතිස්සෙම Gloomy Feeling එකක් තියෙන City එකක්.ගෝතම් කියන්නෙ Vampire කෙනෙක්ට Ideal City එකක් සරලවම කිව්වොත්.බැට්මෑන් ෆිල්ම් එකෙත් බෲස් ඉර එලිය Avoid කරන තැනින් පොර Creature Of Night කෙනෙක් බවට පත් වෙනව කියලා Hint කලා වෙන්න පුලුවන්.

සෙලීනගෙ තාත්තා Falcone ද?

Falcone කියන්නෙ සෙලීනගෙ තාත්තා කියන එක ගොඩක් අයට Shocking Reveal එකක් වෙන්නැති.හැබැයි Comic කියවල තියෙන අයනම් මේ සීන් එක දන්නවා.කොමික් වල සෙලීනට සැකයක් විතරයි තියෙන්නෙ Falcone එයාගෙ තාත්තා කියලා.හැබැයි ෆිල්ම් එකේනම් සෙලීනට 100% ක් Sure Falcone කියන්නෙ එයාගෙ තාත්තා කියලා.

Ninja Assassin 

ෆිල්ම් එකේ මුලින්ම Mayor ගේ ලමය Halloween වලට Assassin Ninja කෙනෙක් විදිහට ඇදල හිටියා.Assassins ලා කියන්නෙ Silent Killers ලා.ඉතින් මේකට විනාඩි ගාණකට පස්සෙ Riddler ඇවිල්ලා Mayor ව මරල දානවා.මෙයත් Ninja කෙනෙක් වගේ ඇවිල්ල රහසෙම Mayor ව මරල දානවා.මේක League Of Assassins ලට Hint එකක් වෙන්නත් පුලුවන්.

Sal Maroni

Carmine Falcone ගෙ Main Rival වෙන Gotham නගරයේ ප්‍රධාන Mob Boss කෙනෙක් වෙන Sal Maroni කියන්නෙ කොමික් ෆෑන්ස්ලට අලුත් චරිතයක් නෙමෙ.ෆිල්ම් එකෙ පෙන්නපු නැති වුනාට මේ යුනිවර්ස් එක ඇතුලේ මෙයා ඉන්නවා කියලා Confirm වුනා.ඒ නිසා ඉස්සරහට එන Project වලින් අනිවාර්යයෙන් මෙයාව බලාගන හම්බෙයි.සමහරවිට Dick ව ගෙනාවොත් Maroni වත් බලාගන්න හම්බෙයි.මොකද Flying Grayson ලගෙ මරණෙට වගකියන්න ඕනෙ Sal Maroni.ඒ වගේම මෙයා තමා Harvey Dent ගේ මූණට Acid ගහල එයාව Two Face කරන්නෙ.

Blackgate Prison 

ෆැල්කොනෙව පොලිසිය අල්ලන් යද්දි Penguin කියනවා "Enjoy Your Night At Blackgate" කියලා.කොමික් වල Blackgate කියන්නෙ Arkham Asylum එක වගේම Prison එකක්.මානසික ලෙඩක් නැති අයව දාන්නෙ මේකට.ගොඩක් වෙලාවට Arkham එකට යවන්නෙ Insane කියලා Confirm කරපු Criminals ලව.

Batarang?

Batarang කියන්නෙ Batman ගෙ Most Recognizable Weapon එකක්.Bat Symbol එකක හැඩයට තියෙන Shuriken එකක් වෙන මේ Weapon එක ගොඩක් බැට්මෑන් ෆිල්ම් වල බලාගන්න හම්බුනා.හැබැයි මේ බැට්මෑන් ෆිල්ම් එකෙ අපිට බලාගන්න හම්බුනේ නැ.Or is It ? බැට්මෑන් ගෙ Chest Plate එකෙ තියෙන Batlogo එක Removable එකක් කියල ෆිල්ම් එක බැලුවම පේන්න ඇතිනේ.මේකෙ එක පැත්තක් වෙනම Remove කරන්න පුලුවන්.නැත්තන් සම්පූර්ණ Symbol එකම Remove කරල Weapon එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්.මේක Batarang එකක් නොවුනට ඒ ලගින් යන Weapon එකක් කියල කියන්න පුලුවන්.මේක ගොඩක් Practical.මේවගේ Weapon එකක් කිසිම ෆිල්ම් එකක තියා කොමික් එකකවත් මම දැකලා නෑ.

Batman සහ Riddler 

ෆිල්ම් එකේදි අපිට මේ දෙන්නගෙ Parallel Scenes බලාගන්න හම්බුනා.

  • රිඩ්ලර් මුලින්ම Mayor දිහා Binoculars එකකින් බලාගෙන ඉන්නවා පෙන්නනවා.බැටත් Binoculars වලින් සෙලින දිහා බලාගෙන ඉන්නවා පෙන්නනවා.
  • ඒ වගේම රිඩ්ලර් කියනවා එයාගෙ Mask එක එයාව Free කරනවා කියලා.මේක Batman ටත් අදාල වෙනවා.
  • දෙන්නම Orphans ලා.හැබැයි වෙනස් පන්ති වල හැදිල වැඩුනේ.
  • දෙන්නවම මුලින්ම පෙන්නන්නෙ එකම විදිහට.Riddler Mayor ව මරන තැන අන්ධකාරයෙ ඉදන් තමා මතු වෙන්නෙ.බැට්මෑනුත් මුලින්ම Thugs ලට ගහන්න මතුවෙන්නෙ අන්ධකාරයෙ ඉදන්.හැබැයි බැට්මෑන් අන්ධකාරයෙ ඉදන් එලිය තියෙන තැනකට ආවට රිඩ්ලර් අන්ධකාරෙම ඉන්නවා.Riddler අන්ධකාරයෙ ඉදලා අනිත් අපරාධකාරයන්ව එලිය තියෙන තැනකට ගේනවා.හරියට ෆැල්කොනෙව ගෙනාව වගේ.
  • මේ දෙන්නම Journals තියාගෙන ඉන්නවා.

Joker 2019 & The Batman 2022

මේක නිකන් මට හිතුන දෙයක්.මේක 100% Sure නැ.හැබැයි මට හිතෙන විදිහට මේ ෆිල්ම් දෙකම වෙන්නෙ එකම Universe එකේ.මේකට හේතු කිහිපයක්ම තියෙනවා.


  • මුලින්ම තමා මේ ෆිල්ම් එකේ Title දෙක දාන්න පාවිච්චි කරල තියෙන Font එක හැම අතින්ම සමානයි.මේ Title එක Black n White කරල එක ලග තියල බැලුවොත් දෙකම එකම වගේ කියල පෙනෙයි.ඉතින් සාමාන්‍යයෙන් මෙහෙම එකවගේම Title එන්නෑ කිසි සම්බන්දයක් නැති ෆිල්ම් වල.
  • අනිත් කාරණේ තමා Arkham Asylum වෙනුවට ෆිල්ම් දෙකේම පාවිච්චි කරන්නෙ Arkham State Hospital කියන නම.මේක කොමික් වලින් එන නමකුත් නෙමෙ.
  • ඒ වගේම ෆිල්ම් දෙකේම පෙන්නන විදිහට ගෝතම් ගොඩක් Corrupted වෙලා තියෙන්නෙ.ජෝකර් හැදෙන්නෙත් මේ Corruption එක නිසා.Riddler හැදෙන්නෙත් ඒ Corruption එක නිසා.
  • ෆිල්ම් දෙකේම Thomas Wayne Mayor Candidate කෙනෙක් කියල පෙන්නනවා.
  • ෆිල්ම් එකේ අන්තිමට පෙන්නපු Unseen Arkham Prisoner aka Joker කියන්නෙ මේ Joker ව පොඩිකාලෙ ඉදන් Idolize කරගෙන හැදුනු කෙනෙක් වෙන්න පුලුවන්.මොකද ජෝකර් ෆිල්ම් එකේදි ජෝකර් කරන වැඩ නිසා දුප්පත් අය පොහොසත් අයට විරුද්ධව නැගි සිටිනවා.ඉතින් මේ වගේ දුප්පත් කොල්ලෙක් පොඩි කාලෙදිම ජෝකර් ව දැකලා එයාගෙ Legacy එක Continue කරන්න හිතුවද දන්නෙ නෑ.බැට්මෑන් ෆිල්ම් එකේ ජෝකර් ව පෙන්නපු විදිහට එයාගෙ මූණේ Scars වගේ ලාවට පෙනුනනේ.ඉතින් සමහරවිට ජෝකර් ෆිල්ම් එකේ ජෝකර් ලේ වලින් හිනාවක් ඇදගන්නවා වගේ පොර Scars වලින් හිනාවක් ඇදගන්න ගියාද දන්නෙ නෑ.මේ Theory එක හරිනම් Batman ඉපදිච්ච රෑම ජෝකරුත් ඉපදුනා වෙනවා.හැබැයි මේක නිකන් මට හිතුණ දෙයක් විතරයි.හරියට 100% ක් Sure කරල කියන්න බෑ.

Joker 2019

The Batman 2022



ෆිල්ම් එකට Base වෙච්චි Comics

Batman Long Halloween: මේ ෆිල්ම් එක පටන් ගන්නෙ Halloween දවසෙ වෙච්චි මිනී මැරුමකින්.මේ කොමික් එකෙ වෙන්නෙත් එහෙමයි. Holiday ගෙ Main Target වෙන්නෙ Carmine Falcone සහ එයාගෙ Mob එකෙ අය.රිඩ්ලර් ගෙ Main Target එක වෙන්නෙත් Falcone.මේ කොමික් එක කියවල නැති අයට Two Part Animated Movie එකක් තියෙනවා.ඒක බලන්න අනිවාර්යයෙන්.

Batman Ego: බැට්මෑන් එයාගෙ True Self එකයි Bruce Wayne කියන Mask එකයි Balance කරගන්න උත්සාහ කරන එක තමා මේ කොමික් එකෙන් පෙන්නන්නෙ.සරලවම කිව්වොත් බැට්මෑන් සහ බෲස් අතර සංවාදයක් යන්නෙ.එක පැනල් එකක බෲස් කියනවා "As much as batman is a terrifying symbol to the underworld he is also a symbol to the good people of this city...a symbol of hope" කියලා.මේ කොටස එහෙම්මම මැට් රීව්ස් ෆිල්ම් එකට අරන් කියලා බලපු අයට තේරෙන්න ඇතිනේ.අන්තිමට ගෝතම් වල ජනතාවට Beacon Of Hope එකක් වෙන්න බැට්මෑන් ට පුලුවන් වුනා.

Batman Earth One: මේකෙන් ෆිල්ම් එකෙ ගොඩක් සීන් Base වෙලා තිබ්බා.Martha Kane කෙනෙක් නොවී Arkham කෙනෙක් වෙන එක, Alfred බැට්මෑන් ව Train කරන එක, Riddler Gotham වල තැනින් තැන Explosives සෙට් කරල මිනිස්සුන්ව Terrorize කරන එක, Batman Gordon ට Punch කරන එක, බැට්මෑන් එයා Vengeance කියල කියන එක, Thomas Wayne Mayor Candidate කෙනෙක් වෙන එක වගෙ සීන් ගොඩක් මේ කොමික් එකෙන් තමා අරන් තියෙන්නෙ.

Batman Zero Year - Dark City: රිඩ්ලර් ගෝතම් වතුරෙන් යට කරන එක මේ කොමික් එකෙන් Base වෙච්චි එකක්.

Catwoman When in Rome: සෙලීනා ෆැල්කොනෙ එයාගෙ තාත්තා කියල හොයාගන්නෙ මේකෙ

Batman Year One: ෆිල්ම් එකේදි සෙලීනා ෆැල්කොනෙගෙ මූණ එයාගෙ නියපොතු වලින් හූරනව පෙන්නනවා.මේ සීන් එක Batman Year One එකෙ වෙන Scene එකකින් තමා Base කරන් තියෙන්නෙ.ඒ වගේම ෆිල්ම් එකේ සෙලීනගෙ Look එක මේ කොමික් එකේ Look එකට ගොඩක් සමානයි.

Batman Court Of Owls: මේකේදි බෲස් Fund එකක් හදනවා නගරෙ වෙනස් කරන්න මේ නිසා Court එකට එයාලට ගෝතම් වල තියෙන බලේ නැති වෙන්න යනවා.මේ විදිහට ෆිල්ම් එකේ තෝමසුත් Renewel Fund එකක් හදනවා ගෝතම් වලට උදව් කරන්න.හැබැයි අන්තිමට ඒක Corrupt වෙනවා.ඒ වගේම බැටාගෙ අත් දෙකෙ තියෙන Gauntlet දෙකත් Talons ලගෙ Gauntlet වලට සමානයි.Talons ලා ගෝතම් වල Travel කරන්නෙ Underground Tunnel පාවිච්චි කරල.ෆිල්ම් එකේදි බැට්මෑනුත් මේ Underground Tunnels පාවිච්චි කරනවා.

Watchmen: Ozymadias ගෙ "I did it 35 minutes ago" කියන්නෙ දැනට කොමික් වල ආපු ලොකුම Twist වලින් එකක්.ගොඩක් කොමික් වල Heroes ලට විලන්ලව නවත්තන්න පුලුවන් වුනාට මේකෙදි බැරි වෙනවා.ඉතින් මීට සමාන දෙයක් තමා බැට්මෑන් එකෙත් වුනේ.බැට්මෑන් ට අන්තිම Assassination Attempt එක නවත්තන්න පුලුවන් වුනාට ගෝතම් වතුරෙන් යට වෙන එක නවත්තන්න බැරි වුනා.

Batman No Man's Land: ගෝතම් අන්තිමට වතුරෙන් යට වුන එක No Man's Land එකෙ වෙච්චි දේට ටිකක් සමානයි.මේකෙ හැබැයි ගෝතම් වතුරෙන් යට වෙන්නැ.ගෝතම් වලට භූමිකම්පාවක් තමා එන්නෙ.මේ නිසා ගෝතම් වලින් වැඩි හරියක් විනාශ වෙනව.ඊට පස්සෙ එක එක විලන්ලා ගෝතම් වල එක එක පැති තමන්ගෙ යටතට ගන්නවා.Government එක ගෝතම් බේරගන්නෙ නැතුව ඒක No Man's Land එකක් විදිහට නම් කරල ගෝතම් වලට ඇතුල් වෙන එකයි පිට වෙන එකයි තහනම් කරනවා.අන්තිමට පෙන්ගුවින් Iceberg Lounge එකේ ඉදන් වතුරෙන් යට වෙච්චි ගෝතම් දිහා බලන් ඉන්න තැනනම් මට හිතුනෙ පොර මේ Chance එකෙන් ප්‍රයෝජනයක් ගෙන Gotham City එකම අල්ලගන්න ගේමක් ගහයි කියලා.මොකද දැන් Falcone ලත් නැනෙ.


ඔන්න ඕක තමා Article එක.මේවට වඩා තව Easter Eggs අනිත් අයට හම්බෙල ඇති.ඒව Comment කරන් යන්න ඒ වගේම.ෆිල්ම් එකෙ Shots එක්ක Parallel යන තව Movie Scenes තියෙනවා.මේක ගැන වෙනම ආටිකල් එකක් ගේන්නම් Film එක Digital Release වුනාම.

ආයෙ මේ වගේම ආටිකල් එකකින් හම්බෙමු එහෙනම්

ՏᎻᎬᎻᎪΝ ️️🦇️ #CapedCrusader

Post a Comment (0)
Previous Post Next Post