Spider Man: No Way Home ෆිල්ම් එක පුරා භාවිතා කරපු යුනික් ලයිටින් ටෙක්නික්ස් ගැන පැහැදිලි කිරීමක් (Lighting Techniques)



ඩොලර් මිලියන් 200 ක ෆිල්ම් එකක් ප්‍රොඩියුස් කරනවා කියන්නේ හරි ලේසි දෙයක් කියලා තමයි ගොඩක් අය හිතන්නේ. එහෙම නෙවේ. බජට් එක වැඩි වෙන්න වැඩි වෙන්න ඒ හදන ෆිල්ම් එකට එන රිස්ක් එකත් වැඩි. අවධානය දෙන්න ඕන දේවලුත් වැඩි. එහෙම අවධානය දෙන්න ඕන දේවල් වැඩිවෙනකොට lighting(ලයිටින්) වගේ ෆිල්ම් එකක් නිර්මාණය කරනකොට යූස් කරන බේසික් දේවල් වලත් බේසික් දේවල්  මිස් වෙන එක එහෙම ලොකු දෙයක් විදිහට අපි සලකන්න ඕනේ නැහැ. ඔයාලට අනුව එහෙම සලකන්න ඕනෙද? 2021 රිලීස් වුණ Spider Man: No Way Home ෆිල්ම් එක ඒ විදිහට ඩොලර් මිලියන් 200 ක බජට් එකක් දාලා හදපු ෆිල්ම් එකක්. MCU කියන්නේ හැමතිස්සෙම අපිව සප්‍රයිස් කරන ෆ්‍රැන්චයිස් එකක් නේ. NWH එකෙන් තමා ළඟදි අපිව වැඩියෙන් ම සප්‍රයිස් කරේ. මේ ෆිල්ම් එක දැන් මෙහෙට ඔරිජිනල් ඩිජිටල් පිටපත් රිලීස් කරලා තියෙනවා. ඒ නිසා බහුතරය දැනටමටත් ෆිල්ම් එක බලලා ඇති කියලා හිතන නිසා මම මේ ලිපියෙන් කියන්න යන්නේ Spider Man: No Way Home ෆිල්ම් එකට ලයිටින් යොදාගත්තු යුනික් විදිහ ගැන පැහැදිලි කිරීමක්. මේ ලිපිය ඇත්තටම ෆිල්ම්ස් ටෙක්නික්ස් ගැන හරි දැනුමක් නැති අය නම් කියවන්න එපා. මන් පැහැදිලි කරලා තියෙන ඒවා පොඩ්ඩක්වත් තේරෙන්නේ නැහැ ඒ ගැන දැනුමක් නැත්නම්. ඒ නිසා මේක කියෙව්වොත් එයාලා හිතයි මන් NWH එකට බනිනවා කියලා. දැනුමක් තියෙන අයට විතරයි ෆිල්ම් එකේ හොඳ නේද මන් කියලා තියෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. ෆිල්ම්ස් වල ලයිටින් සහ කොම්පොසිෂන් ගැන දේවල් ඉගෙන ගන්න ආස අයට කාලීන පැහැදිලි කිරීමක් තමයි මේක. එහෙම නැතුව NWH වල රිවීව් එකක් නෙවේ. ෆිල්ම් එක නෙවේ සිනෙමැටික් ටෙක්නික්ස් ගැන ඉගෙන ගන්න විතරක් මේක කියවන්න සහ ඊට වඩා දෙයක් ගන්න යන්න එපා.


හරි එහෙනම් පැහැදිලි කිරීමට යමු. Lighting කියන්නේ මොකක්ද කියලා මන් හිතන්නේ ඔයාලා හැමෝම දන්නවා ඇති. සරල භාෂාවෙන් කිව්වොත් එළිය. ෆිල්ම්ස් වල සහ නිකන් ඕනම වීඩීයෝ එකක් එහෙම නැත්නම් ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගද්දි පවා හැ කෙනාම සලකන බේසික්ම දේ තමයි ලයිටින් කියන එක. එළිය තියෙන පැත්තට නෙවේ එළිය තියෙන පැත්තෙන් ඉඳලා ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගන්න එක අවුරුදු 15 පැනපු සාමාන්‍යය දැනීමක් තියෙන ඕනම කෙනෙක් දැනුවත් වෙලා ඉන්න දෙයක්. ෆිල්ම්ස් වලත් ලයිටින් යූස් කරන එක එක විදි තියෙනවා. ෆිල්ම් වල ලයිටින් යූස් කරනකොට ඒ ලයිටින් එන පැත්ත, කොච්චර තීව්‍ර විදිහට ලයිටින් තියෙනවද තැන ඉඳන් ලයිටින් වල පාට වෙනකන් දේවල් වලින් එක එක දේවල් රිප්‍රසන්ට් කරනවා. ඒ හැම එකක්ම ලොකුවට ඉගෙනගන්න ඕන දේවල් නෙවේ. පොදු දේවල්. සාමාන්‍යයෙන් ඕනම ෆිල්ම් එකක බේසික් ඇස්පෙක්ට් එකක් තමයි ඒක. එහෙම නැත්නම් වැඩිපුරම අවධානය යොමු වෙන දෙයක්. ඒ නිසා සාමාන්‍යයෙන් දැන් එන කිසිම ෆිල්ම් එකක ලයිටින් වල එහෙම ලොකු අඩුපාඩු පේන්නේ නැහැ. BvS, The Batman, Godzilla සහ Harry Potter වගේ අපි සාමාන්‍යයෙන් ඩාක් කියලා කියන ෆිල්ම්ස් වල පවා ලයිටින් සාමාන්‍යය විදිහට තියෙනවා. ඒ ෆිල්ම් වල ලයිටින් වල තීව්‍ර තා අඩු කරලා තියෙන්නෙත් යම් යම් දේවල් රිප්‍රසන්ට් කරන්න. ඒ නිසා ඒවා වල ලයිටින් නැහැ කියලා කියන්න බැහැ. ලයිටින් කියන එක හැම ෆිල්ම් එකේම තියෙනවා. හැබැයි ඒ හැම ෆිල්ම් එකේම හැම ලයිටින් එකකින්ම රිප්‍රසන්ට් කරන දේවල් තියෙනවා. ෆිල්ම් එකක ෆ්‍රේම් එකක තියෙන පැන්සලක් වගේ දේක ඉඳන් ලයිටින් වෙනකම් හැම දෙයක්ම....පේන ඇහෙන හැම දෙයක්ම ෆිල්ම් එකට ඩිරෙක්ට් සම්බන්ධ වෙනවා. ඉතින් මේ විදිහට සාමාන්‍යය විදිහට ලයිටින් යූස් කරන එක අතෑරලා සම්පූර්ණයෙන්  වෙනස් විදිහට සහ යුනික් විදිහට ලයිටින් යූස් කරන සිස්ටම් එකක් අපිට NWH එකේ බලාගන්න පුළුවන් වුණා. ඉස්සෙල්ලාම පහළින් තියෙන ෆ්‍රේම් එක ගන්න.


ඔය ෆ්‍රේම් එකේ තියෙන්නේ ෆ්ලෑෂ් ට කොලේජ් එකක රෙජිස්ට්‍රේෂන් එකක් ලැබිලා පීටර්, MJ සහ Ned ව තනිකරලා යන එකනේ. ෆ්ලෑෂ් ට කොලේජ් එකක් හම්බුණත් අනිත් තුන්දෙනාට කොලේජ් යන්න හම්බෙන්නේ නැහැ පීටර් ගේ අයිඩන්ටිටි රිවීල් එක නිසා. එතකොට ඔය ෆ්‍රේම් එකේ තියෙන්නේ එක්කෙනෙක් සතුටින් කොෆි ශොප් එකෙන් එළියට යනකොට ඒ කෙනාට තියෙන සතුට තමන්ට නෑ නේද කියලා ඩිසපොයින්ට් වෙවී ඉන්න තුන් දෙනෙක් ගේ වීව් පොයින්ට් එකක්. සෑහෙන ලොකු වයිඩ් ඈන්ගල් එකකින් ඒ තුන් දෙනාගේ අයිසොලේෂන් එක ෆෝකස් කරන්න ට්‍රයි කරලා තියෙන්නේ ඒකයි. මන් ට්‍රයි කරා කියලා කිව්වේ මේකයි. සාමාන්‍යයෙන් ෆෝකස් කරන එකෙන් කියන්නේ ඒ ෆෝකස් කරන තැනට සම්පූර්ණ ඇටෙන්ෂන් එක දෙන්න ඕනේ කියන එකනේ. හැබැයි මේ ෆ්‍රේම් එකේ ෆෝකස් කරන්න ට්‍රයි කරලා තියෙන තුන්දෙනාව ෆෝකස් වෙනවද. නැහැ. මොකද වටේටම තියෙන ලයිට් වැල් නිසා අපේ ඇටෙන්ෂන් එක යන්නේ ඒවට. සාමාන්‍යයෙන් මේ වගේ දේකට කියන්නේ ලයිටින් කොම්පොසිෂන් වල වීක්නස් එක කියලා. ඒ කියන්නේ සීන් එකේ ප්ලොට් ඩිවයිසස් සහ ඒ ෆ්‍රේම් එකේ ලයිටින් වල හරි ගැළපීමක් නැති එක. හැබැයි මිලියන් 200 ක බජට් එකක් තියෙන නිසා NWH එකේ මේක සාමාන්‍යය තත්වයෙන් අපගමනය වෙලා වෙනස්ම දෙයක් කරලා තියෙනවා. සමහර විට අපිට ෆිල්ම් එකේ ඉස්සරහට හම්බෙන ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ව ෆිල්ම් එක ඇතුළෙම ටීස් කරන්න ට්‍රයි කළා වෙන්න පුළුවන්. අර ලයිට් වැල් වල තියෙන ෆිගර් එක් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් වගේ නේ. මේක තමා NWH එකේ ලයිටින් වල තියෙන යුනික්නස් එක. පහළ තියෙන ෆොටෝ එකත් බලන්න.



හැමෝම දන්නවා ඇති මේ මොන සීන් එකද කියලා. ඔයාලා සාමාන්‍යය අවධානයක් මේ ෆ්‍රේම් එකට දුන්නොත් පේනවා ඇති පීටර් සහ හැපී ව මේ සීන් එක සඳහා ශූට් කරලා බැක්ග්‍රවුන්ඩ් එක වෙනම vfx කරල ඇඩ් කරලා තියෙනවා කියලා. ඒක සාමාන්‍යය දෙයක්. 1994 ආපු Forrest Gump එකෙන් තමා මේ ට්‍රෙන්ඩ් එක සෑහෙන ෆේමස් වුණේ. හැබැයි ගොඩක් ෆිල්ම්ස් වල සාමාන්‍යය අවධානයක් දෙනකොට එහෙම බැක්ග්‍රවුන්ඩ් එක වෙනම් ඇඩ් කරලා එහෙම නැත්නම් කොම්පොසයිට් කරලා කියලා පේන්නේ නැහැ. 4K බලනකොට තමා පෙනුණොත් පේන්නේ. ඒත් ගොඩක් වෙලාවට CGI කැරැක්ටර්ස් වල. මේකේ අපි ෆෝන් එකේ HD බලනකොටත් ඒ කොම්පොසිෂන් එක විසිබල් වෙලා පේනවා. මන් ඉස්සෙල්ලාම අර ෆිල්ම් එකේ මුල්ම සීන් එක MJ සහ ස්පයිඩර් මෑන් බිල්ඩිමක් උඩට ඉන්න ෆ්‍රේම් එකේ ස්ටිල් එකක් රිලීස් කරාම හිතුවේ ඒක ෆිල්ම් එකේ පොඩි මිස්ටේක් එකක් වෙන්නැති එක ෆ්‍රේම් එකයි නේ කියලා. මොකද ඒකෙත් සෑහෙන විසිබල් වෙලා පෙනුණා. පහළ තියෙන්නේ ඒ ෆොටො එක.


බ්ලුරේ පයිරේටඩ් කොපි රිලීස් වුණාම දැන් කියන්න පුළුවන් ගොඩක් සීන්ස් වල මේ සිම්පල් විදිහට ගොඩදාන්න පුළුවන් කොම්පොසිෂන් ප්‍රශ්නේ තියෙනවා කියලා. මේ කොම්පොසිෂන් එක හරියට කරන්න ප්‍රධාන වශයෙන් කරන්න තියෙන්නේ කැරැක්ටර්ස් වල සහ බැක්ග්‍රවුන්ඩ් එකේ ලයිටින් හරියට කොම්පොසයිට් කරන එක. NWH එකේ එහෙම දෙයක් නැතිවෙන්න හේතුව සමහර විට ඉස්සරහට ෆයිගි බොස් ගේන්න ඉන්න මල්ටිවර්ස් තියරියක් වෙන්න පුළුවන්. ඕල්ටර්නේටිව් ඩිමෙන්ෂනල් ඇස්පෙක්ට් එකක් වෙන්න පුළුවන්. මරු හැබැයි එහෙම දෙයක් වෙනවා නම්. දැන් පහළ තියෙන ෆොටෝස් හතර බලන්න.




Lighting Consistency කියන්නේ ෆිල්ම් එකක යූස් කරන බේසික් දෙයක්. ඒකින් කියන්නේ ෆිල්ම් එකේ ෆ්‍රේම්ස් වල ලයිටින් කලර්, කන්ට්‍රාස්ට් සහ ඉන්ටෙන්සිටි එකෙන් වගේ දේවල් ගැළපෙන විදිහට නිරූපණය කරන එක. ඒ කියන්නේ හරියට ෆිල්ම් එක පුරාම ලයිටින් තත්ව පවත්වාගෙන යන එක. හැබැයි NWH එකේ අපිට බලාගන්න පුළුවන් ෆිල්ම් එක පුරා කෙසේ වෙතත් ෆ්‍රේම් එකක් ඇතුළෙවත් ඒ කන්සිස්ටන්සි එක නැහැ කියලා. එක කැරැක්ටර් එකක් සම්පූරණයෙන් අඳුරු කරලා තියෙනකොට අනිත් කැරැක්ටර් එක සම්පූර්ණයෙන් ලයිට් කරලා තියෙනවා. අන්තිම ෆොටෝ එක බැලුවම ඒකේ පීටර් ගේ මූණ අඳුරු කරලා තියෙන පැත්තේ මේසේ ලයිට් කරලා තියෙනවා. හැබැයි මූණ ලයිට් කරලා තියෙන පැත්තේ මේසේ ඩාක් කරලා. ඊට කලින් ෆොටෝ එකේ එකම ඈන්ගල් එකේ ඉන්න කැරැක්ටර්ස් දෙකේ ලයිටින් කන්සිස්ටන්සි දෙකක්. සාමාන්‍යයෙන් ෆිල්ම් එකක එහෙම කරන්නේ නැහැ. හැබැයි NWH එකේ මේ විදිහට එක එක ලයිටින් කන්සිස්ටන්සි ගොඩක් තියෙන එකෙන් කියන්නේ සමහරවිට මල්ටිවර්ස් වේරියන්ට්ස් ලා ගැන ටීස් කිරීමක් වෙන්න පුළුවන්. 



උඩ දාලා තියෙන ෆොටෝ දෙක ගත්තොත් කැරැක්ටර්ස් දෙකේ මූණු ඩාක් කරලා තියෙන පැත්තේ සෑහෙන තීව්‍ර ඒ කියන්නේ ඉන්ටෙන්සිටි එක වැඩි ලයිටින් ඩිවයිසස් දාලා තියෙනවා. සාමාන්‍යය ෆිල්ම් එකක එහෙම දාන එකේ තේරුමක් නැහැ. ඒක වීක් පොයින්ට් එකක්. වීක් පොයින්ට් එකක් කියන්නේ සරලවම නොකරන දෙයක්. ඒකින් ඇටෙන්ෂන් එක දිය යුතු ප්ලොට් ඩිවයිසස් වල ට ලැබෙන ඇටෙන්ෂන් එක අඩු වෙනවා. NWH එකෙන් කරලා තියෙන්නේ සමහර විට ෆිල්ම් එකේ එන්ඩින් එක එහෙම නැත්නම් හැමෝටම පීටර් ව අමතක වෙන එක කලින්ම ටීස් කරපු එක වෙන්න පුළුවන්. දැන් පහළ තියෙන ෆොටෝ එක බලන්න. 



ඕකේ Main Lighting Source එක විදිහට තියෙන්නේ ටේබල් ලෑම්ප් එකනේ. ඇත්තටම මට ඔය ෆ්‍රේම් එකේ කැරැක්ටර්ස් වල ලයිටින් කොම්පොසයිට් කරල තියෙන විදිහ තේරෙන්නේ නැහැ. MJ ගේ මූණට වඩා වැඩි ලයිට් එකක් එයාට වඩා ලෑම්ප් එකට දුරින් ඉන්න පීටර් ට තියෙනවා. ඒක වෙන්නේ කොහොමද කියලා මන් කල්පනා කරා. මට ඉස්සෙල්ලාම හිතුණේ ලැප් එකේ ලයිට් එක වෙන්නැති කියලා. හැබැයි MJ ගේ මූණේ ලයිට් කන්සිස්ටන්සි එකයි, නෙඩ් ගේ මූණේ ලයිට් කන්සිස්ටන්සි එකයි ගත්තම පීටර් ගේ මූණේ ලයිටින් අර දෙන්නටම වඩා එච්චර වැඩිවෙලා තියෙන විදිහට ඇත්තටම හිතාගන්න බැහැ. සමහරවිට මල්ටිවර්ස් කන්සෙප්ට්ස් වල තියෙන වියර්ඩ්නස් එක රිෆර් කරලා තියෙනවා වෙන්නැති. 




ඔය උඩ තියෙන ෆොටෝස් දෙක බැලුවම මන් කියපු ලයිටින් කන්සිස්ටන්සි කියන එක වඩාත් පැහැදිලි වෙයි. පීටර් ගේ මූණ එක පැත්තක් ඩාක් කරලා තියෙනවා හැබැයි මුළු බැක්ග්‍රවුන්ඩ් එකේම සෑහෙන ලයිටින් ඉන්ටෙන්සිටියක් තියෙනවා. දෙවෙනි එකේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ගේ මූණ ඩාක් කරලා තියෙන පැත්තේ සෑහෙන ඉන්ටෙන්සිටියක් තියෙන ලයිටින් සෝර්ස් එකකුත් දාලා ඒ පැත්තේ floor එකත් ලයිට් කරලා. ඩොක්ටර් ස්ට්‍රේන්ජ් නම හින්දම කියන්න පුළුවන් මේකත් ස්පෙල් එකක් හරි ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා. 



උඩ තියෙන ෆොටෝස් දෙකේ අවුල.....සොරි විශේෂත්වය සමහර අයට තේරුම් ගන්න අමාරු ඇති. මේකයි ඕකින් කියන්නේ. ෆිල්ම් එකක් ගත්තොත් ෆ්‍රේම් එකක තියෙන හැම දෙයක්ම ෆිල්ම් එක රිෆර් කරනවා කියලා කිව්වනේ. ඒ කියන්නේ ෆ්‍රේම් එකක තියෙන හැම දෙයක්ම ෆිල්ම් එකට ඩිරෙක්ට් සම්බන්ධයි. ඉතින් මේ විදිහට ෆිල්ම් එකේ ෆ්‍රේම්ස් ගලාගෙන යනකොට එහෙම නැත්නම් රන් ටයිම් එක ෆ්ලෝ වෙනකොට ෆිල්ම් එකේ එක එක සීන්ස් එක්ක ලයිටින් කන්සිස්ටන්සි යූස් කරන විදිහක් තියෙනවා. ඒ ඒ සීන් එකේ ඉමෝෂන්ස්, ටෙන්සිටි එක අනුව ලයිටින් වෙනස් වෙනවා. ටෙන්ස් එක වැඩිනම් ලයිටින් සාමාන්‍යයෙන් අඩු කරනවා. ටෙන්ස් එක අඩු නම් ලයිටින් වැඩි කරනවා. NWH එකේ ෆිල්ම් එක ඉස්සරහට යනකොට ටෙන්සිටි එක එන්න එන වැඩි වෙනවනේ. එතකොට ෆිල්ම් එක මුල තියෙන ලයිටින් එක ෆිල්ම් එක ඉස්සරහට යනකොට එක්කෝ ඒ විදිහටම තියෙනවා නැත්නම් අඩු වෙන්න ඕනේ. (සමහර සීන්ස් වල ප්ලොට් ඩිවයිස් එකක් විදිහට ලයිටින් වැඩි කරන හෝ අඩු කරන දේවල් වෙන්න පුළුවන්. හැබැයි සමස්ථයක් විදිහට ෆිල්ම් එකේ ලයිටින් යන්නේ ඉමෝෂන්ස් සහ ටෙන්සිටි එකට අනුරූපව) NWH එකේදි මුල ඩාක් කරලා තිබ්බට මැද කොටසක් ලයිට් කරලා තියෙනවා සෑහෙන. ඊට පස්සෙත් ෆිල්ම් එකේ සෑහෙන කොටසක් ඩාක් කරලා තියෙනවා. ඉතින් මේකට හේතුව සමහර විට අපිට MOM එකෙන් දැනගන්න පුළුවන් වෙයි. කවුරුහරි සප්‍රයිස් කැරැක්ටර් එකක් ටීස් කරාද දන්නෑ. දැන් පහළ ෆොටෝ එක බලන්න.


අර කහපාටට තියෙන්නේ හිරු එළිය කියලා තමයි සාමාන්‍යයෙන් අපිට තේරෙන්නේ. ඉතින් ග්‍රෑන්ඩ් බැට්ල් එකක් ඉවර වෙලා ඉර පායනකොට බැට්ල් එක දිනපු කැරැක්ටර්ස් ඒ හිරු එළියට නිරාවරණය වෙලා ලයිට් වෙනඑක තමයි සාමාන්‍යයෙන් ෆිල්ම් එකක වෙන්නේ. හැබැයි NWH එකේ මේ කැරැක්ටර්ස් තුන හිරු එළිය වැටෙනකොට ඩාක් කරලා තියෙනවා. ඇත්තටම ඒ විදිහට කැරැක්ටර්ස් තුනට ඇටෙන්ෂන් එක දෙන්න ඕන වෙලාවක ඒ කැරැක්ටර්ස් තුන ඩාක් කරන එකේ තේරුම නම් මට හිතාගන්න අමාරුයි. සමහර වෙලාවට ඉස්සරහට එන්න තියෙන මල්ටිවර්සල් වෝර් එකක් ටීස් කරා වෙන්න පුළුවන්.


ඉතින් ඔය විදිහට තමා NWH එකේ ලයිටින් ගැන තේරෙන විදිහට මට පැහැදිලි කරන්න පුළුවන්. දැන් ඔයාලට තේරෙනවා ඇති කොච්චර සුවිශේෂි ෆිල්ම් එකක්ද මේ NWH කියන්නේ. කැමරන් ලා දශක ගාණක් තිස්සේ ප්ලෑන් කරපු දේවල් වල ප්‍රතිපලයක් විදිහට එන අළුත් ටෙක්නොලොජිස් සහ අවුරුදු දහයෙන් දහයට ඇවිල්ලා CGI කියන්නේ මොනවද කියලා ලෝකෙට පෙන්නලා යන ස්ටාර් වෝර්ස් ලා ඉන්ඩස්ට්‍රියට දෙන ග්‍රවුන්ඩ්බ්‍රේකින් ටෙක්නොලොජිස් වලට නොදෙවෙනි ග්‍රවුන්ඩ්බ්‍රේකින් ටෙක්නොලොජිස් තමයි දැන් MCU එකෙනුත් දෙන්නේ. හැමෝම ගයිඩ්ලයින් එකකට අනිවා කරන ලයිටින් වගෙ බේසික් දේවල් වලත් බේසික් දේවල් සම්පූර්ණයෙන් අපගමනය කරලා වෙනස් ම ලයිටින් ටෙක්නික්ස් දෙන ෆේක් බට්ස් වගේ ග්‍රවුන්ඩ්බ්‍රේකින් ප්‍රොස්තටික්ස් දීලා NWH එක සෑහෙන ලොකු සේවයක් මේ වෙනකොට ඉන්ඩස්ට්‍රියට දීලා තියෙනවා. ඇත්තටම NWH එක ඔස්කාර් බෙස්ට් පික්චර් එකක් ලැබෙන්න සුදුසුයි මේ වගේ දේවල් ඉන්වෙන්ට් කරපු එකට. මන් ඔය කතා කරලා තියෙන්නේ NWH එකේ එක බේසික් සිනෙමැටික් ඇස්පෙක්ට් එකක් ගැන විතරයි. ඉතින් මේ බේසික් ඇස්පෙක්ට් එක මේ විදිහට යුනික් නම් අනික් ඒවා කොච්චර යුනික් ඇත් ද? ෆිල්ම්ස් ගැන හරි දැනුමක් තියෙන අයට විතරයි ඉතින් ඒවා තේරෙන්නේ. මන් ආටිකල් එකේ මුලින්ම කියලා තිබුණ දේ අහන්නැතුව මේ වෙනකන් ආටිකල් කියවපු ඩීසී පෑන්ටියෝ ටික දැන් හිතනවා ඇති මේක මාර අයිරොනිකල් නේ අපිට ඩාක් ඩාක් ටෝච් ගහලා බලන්න ඕනේ කියපු අයගේ ෆ්‍රැන්චයිස් එකේ ෆිල්ම්ස් වල අඩුගාණේ කැරැක්ටර්ස් වල මූණු වලවත් හරියට ලයිටින් නැහැනේ කියලා. ෆිල්ම්ස් ගැන අංශු මාත්‍රක දැනීමක් තියෙන අයට තේරෙනවා ඇති මන් පැහැදිලි කරලා තියෙන්නේ NWH එකේ ලයිටින් වල යුනික්නස් එක ගැන කියලා. මීට කලින් මෙහෙම දෙයක් වෙලා නැහැ හොලිවුඩ් වල. ඒක ග්‍රවුන්ඩ්බ්‍රේකින් දෙයක්. මොකද ඩොලර් මිලියන් 200 ක බජට් එකක් තියෙන ෆිල්ම් එකක ලයිටින් වීක් කරයි ඈ ඕනකමකින්. ලයිටින් සාමාන්‍යය විදිහට තිබුම් Eternals එකට ආපු නෙගටිව් කමෙන්ට්ස් එක්ක අපිට හිතාගන්න පුළුවන් NWH එකෙන් අපිට හඳුන්වලා දීපු මේ අළුත් ලයිටින් ටෙක්නික්ස් ටික ෆිල්ම් ඉන්ඩස්ට්‍රිය වෙනම පැත්තකට ගෙනියයි කියලා. NWH එක තියටර් රිලීස් කරාම ඒකේ ගුණ වයපු කුප්‍රකට ක්‍රිටික්ස් ලා දැන් එහෙන් මෙහෙන් කියනවා NWH ගෙදර බලනකොට කිසිම විදිහකට ෆීල් වෙන්නේ නැහැ සිට්කොම් වලට එන ලාෆ් ට්‍රැක් එක වගේ ඕඩියන්ස් රියැක්ෂන් ට්‍රැක් එකක් ඩිජිටල් රිලීස් වලටත් ආවොත් ෆීල් වෙයි කියලා. ඉතින් අපිට සමහරවිට ඕඩියන්ස් රියැක්ෂන් ට්‍රැක් කියලා අළුත්ම දෙයක් ඉස්සරහට MCU එකෙන් ලබාදේවි. දැන් තියටර් එකේ NWH බලලා ආයේ ඩිජිටල් කොපීස් ගෙදර් ඉඳන් බලන අයගෙන් භාගයක්ම වගේ අවංකවම ඇතුළෙන් හිතන්නේ ෆිල්ම් එක එච්චර වැඩක් නැහැ කියලනේ. හැබැයි ෆිල්ම්ස් ගැන හොඳට දන්න අයට විතරයි NWH එක ඇතුළේ අපිට පෙන්නලා තියෙන මේ සියුම් දේවල් ගැන තේරෙන්නේ. උඩ මන් පැහැදිලි කරලා තියෙන ඒවගෙන් භාගයක් විතර VFX ඩිපාර්ට්මන්ට් එකේදි කරන වැඩ. ඉතින් මේ සැරේ ෆිල්ම්ස් වෙනුවෙන් තියෙන ලෝකේ හොඳම අවෝර්ඩ් සෙරමනිය වෙන ඔස්කාර් වල VFX වලටත් NWH නොමිනේට් වෙලා තියෙනවා. ඉතින් ඔයාලා කොච්චර තර්ක කරත් ඔස්කාර් නොමිනේෂන්ස් තෝරන්නේ මූවි ජීනියස් ලා. එයාලට අර NWH එකේ තියෙන යුනික් ලයිටින් ගැන හොඳට තේරුම් යන්න ඇති. ඒ නිසා ඩීසී පෑන්ටි ලා, කුප්‍රකට හොලිවුඩ් ක්‍රිටික්ස් ලා කියන කතා බොරුවක් කියලා මන් ඔන්න ඔප්පු කරලා තියෙනවා. ඒ කියලා තියෙන දේවල් තම තම නැණ පමණින් තේරුම් ගන්න.


පහළ තියෙනවා සාමාන්‍යය විදිහට ලයිටින් යූස් කරලා හදපු ෆිල්ම්ස් වල ෆ්‍රේම්ස් කිහිපයක්. (වැඩි/සාමාන්‍යය දැනුම පිණිස)
















VFX ගැන වැඩිදුර විස්තර තියෙන ලිපිය කියවීමට පහළ තියෙන ලින්ක් එකට යන්න 👇

2 Comments

  1. නෝ වේ හෝම් එක මාස්ටපීස් එකක් බං, එච්චරයි කතාව සරළවම 🙏🙏🙏

    ReplyDelete
  2. watinwa machan

    ReplyDelete
Post a Comment
Previous Post Next Post