ඩිස්නි+ එකට එන ජෙනරල් කෙනෝබි | Obi-Wan Kenobi Teaser Trailer Breakdown

Hello There!!



Star Wars ෆෑන්ස්ලා කාලයක් තිස්සේ බලාගෙන හිටපු සීරිස් එකක ට්‍රේලර් එක ඩිස්නි ඉන්වෙස්ටර් ඩේ එකේදි අපිට බලාගන්න පුළුවන් උනා.  ඒ තමයි ඔබි-වන් කෙනෝබි සීරිස් එකේ පලවෙනි ට්‍රේලර් එක. එහෙනම් වැඩි කතානැතුව යමු ට්‍රේලර් බ්‍රේක්ඩවුන් කරන්න. ට්‍රේලර් එකේ හිටිය අය කවුද, මේකෙ පෙන්නුවෙ මොනාද කියලා A-Z මේකෙදි Explain කරනව.

ට්‍රේලර් එක පටන්ගන්නෙ Star Wars franchise එකේ තියෙන වැදගත්ම තැනකින්. Skywalker Saga එක පටන්ගත්තෙත් ඒක ඉවර උනෙත් Tatooine  වලදිමයි. ලයිව් ඇක්ශන් සීරිස් දෙකේම කතාවෙ වැදගත්ම තැනක් උනේ  Tatooine. සරලවා කිව්වොත් Tatooine කියන නම ගෑවුනේ නැති ස්ටාර් වෝස් ෆිල්ම් එකක්, සීරිස් එකක් නැති තරම්.

ට්‍රේලර් එකේ මුලදිම පෙන්නනවා බෙන් (මේ කාලෙ ඔබි-වන් ට කියන්නෙ ඒ නම නිසා බෙන්, ඔබි-වන් කියන නම් දෙකම පාවිච්චි කරන්නම්. දෙන්නම එක්කෙනෙක් කියල මතක තියාගන්න) low life එකක් තමා ගතකරන්නෙ කියලා. මොකද මේ කාලෙ Emperor , Jedi ලව huntdown කරනව. ඉතින් cover එක blow up උනොත් අවධානමට පත්වෙන්නෙ ඔබි-වන් ගෙ විතරක් නෙවේ ලූක්වත් අමාරුවේ වැටෙනවා.

 


මේක ගොඩක් ලස්සන iconography එකක්. Phantom Menace බැලුවනම් මතක ඇතිනෙ ලූක් රේස් පැදපු විදිහ. මෙතනත් ලූගෙ පෙනුම ඇනකින්ගෙ වගේමයි. Like father like the son 😘. Journals of Obi-Wan Kenobi කියෙව්වනම් මතක ඇතිනෙ මේ වගේම panel එකක් ඒකෙත් තියෙනව. ඔබි-වන් මේ විදිහට ඔත්තු බලන්නෙ ලූක් ව ආරක්ෂා කරන්න කියල හිතන්න පුළුවන්. Journals of Obi-Wan Kenobi එකේදිනම් ඔබි-වන් Jabba the Hutt ගෙ මැරයින්ගෙන් ලූක් ගෙ පවුල බේරගන්නව බලාගන්න පුළුවන්. මේක නිසා Jabba, Black Krssantan Hire කරනව ඔබි-වන් ව මරල දාන්න.

ඕකත් එක්කම පසුබිමින් John Williams ගෙ Star Wars theme එකත් එක්ක title එක වැටෙනවා. John Williams කියන්නෙ Star Wars theme වලට කප් ගහපු කෙනෙක් නිසා සීරිස් එකේ ස්කෝර් එක සුපිරියටම ඇති.



මේ තැනට කියන්නෙ Fortress Inquisitorius කියල. මේක Nur කියන චන්ද්‍රයාගෙ පිහිටලා තියෙන බලකොටුවක්. මේ මොකද්ද කියලා දැනගන්න කලින් Inquisitors ලා කියන්නෙ කවුද කියලා දැනගන්න වෙනවා. Execute Order 66 එක ගැන දන්නවනෙ. මේකෙන් බේරෙන Jedi ලව huntdown කරන්න හදන කට්ටියක් තමා මේ Inquisitors ල කියලා කියන්නෙ. Inquisitor කෙනෙක්වෙන්නෙ ගොඩක් වෙලාවට හිටපු Jedi කෙනෙක්ම තමා. Darth Vadar තමා මෙයාලව පුහුණුකරන්නෙ. හැබැයි ඒ යම්කිසි සීමාවක් වෙනකම් විතරයි. හේතුව Emperor බයයි එයාට වඩා පවර්ෆුල් කෙනෙක් ඉස්සරහට එයි කියල. මොකද Sith Lord කෙනෙක් බලයට එන්නෙ එයාගෙ Master ව මරල. සීරිස් එකේ Main Antagonist ල හැටියට මේ Inquisitors ලව බලාගන්න ලැබේවි.


මේ ඉන්නෙ Grand Inquisitor. දැනට confirm වුණු Inquisitors ලා 6 දෙනෙක් Star Wars lore එක ඇතුලෙදි බලාගන්න පුළුවන්. මේ අයගෙන් නායකයා වගේම පවර්ෆුල්ම කෙනා වෙන්නෙ මේ Grand Inquisitor. Star Wars: Rebels බැලුවනම් මෙයා ඒකෙ හිටියා. (Rebels නොබලා Obi-Wan බලන්න එපා 😁.). සීරිස් එකේ මේ චරිතෙ කරන්නෙ මීට කලින් Hitman චරිතෙ කරපු Rupert Friend. අවධානයෙන් බැලුවොත් මෙයාගෙ පිටිපස්සෙන් Fifth Brother සහ Reva කියන Inquisitors ල දෙන්නව බලාගන්න පුළුවන්.

Fifth brother


අර කලින් පෙන්නපු fortress එක ඇතුලෙම තමා මේ. මෙතන Fifth Brother ගෙ පිටිපස්ස බැලුවොත් Inquisitors ලටම ආවේණික Lightsaber එක බලාගන්න පුළුවන්. මේකෙ විශේෂත්වය තමා මේක හදල තියෙන්නෙ කරකවන්න පහසුවෙන්න රවුම් මිටක් එක්ක සහ මේක පාවිච්චි කරල පියාඹන්නත් පුළුවන්. (Helikoper Helikopter 😂😂🙏).


මේ ඉන්නෙ Reva කියන Inquisitor. ගොඩක් දුරට මෙයා සීරිස් එකේ මේන් විලන් වේවි. මෙයා ඔබි-වන් ව හොයනවා වගේ කියලයි මට හිතෙන්නෙ. මොකද මෙතන Owen Lars එහෙමත් ඉන්නව. Inquisitors ල සාමාන්‍යෙන් Jedi කෙනෙක් ගැන ඔත්තුවක් ලැබුනම එතනට ගිහිල්ල ප්‍රසිද්ධියේ කෙනෙක්ව torture කරනවා Jedi ඇවිල්ල එයාව බේරගන්නකන්ම. ඒ විදිහට තමා Inquisitors ල අතින් Jedi ලව ඝාතනය වෙන්නෙ. මෙතනත් වෙන්නෙ ඒ වගේ දෙයක් කියල හිතන්න පුළුවන්. 


මේ පෙන්නන Planet එකේ නම Daiyu. මේක ගොඩක්ම Hong Kong වගේ පසුබිමක් තියෙන්න තමා නිර්මාණය කරල තියෙන්නෙ. Inquisitors ලගෙන් බේරෙන්න ඔබි-වන් මේ planet එකට පැනල යනවා වගේ.

අපිට මේ ටීසර් එකේ කොහෙදිවත් ඔබි-වන් ගෙ Lightsaber එක බලාගන්න ලැබෙන්නෙ නෑ. ගොඩක් දුරට ඒ ඔබි-වන් තමන් Jedi කෙනෙක් කියන එක හංඟන්න උත්සාහ කරන නිසාවෙන්න පුළුවන්. මොකද මේ ටීසර් එක හදන්න අරන් තියෙන්නෙ සීරිස් එකේ මුල් එපි දෙකේ footages විතරයි.


මේක පලවෙනි ස්ටාර් වෝස් ෆිල්ම් එක New Hope ෆිල්ම් එකට දීපු nod එකක්.

ටීසර් එක ඉවරවෙන්නෙ Hayden Christen ගෙ Darth Vadar හුස්ම ගන්න සද්දයෙන්. මේ සීරිස් එකේ වේඩාර් ඉන්නවා කියල දැනටම confirmed නෙ. Rumors යන හැටියට 3 වෙනි එපිසෝඩ් එකේ වේඩාර් ඉන්නව කියලයි කියයන්නෙ. මීට කලින් Disney+ Day එක දවසෙ දාපු concept arts වලදි Vadar Obi-Wan එක්ක සටනක් යනව බලාගන්න පුළුවන් උනා. 


මේක ගොඩක් දුරට Mustafa වල තියෙන Vadar ගෙ stronghold එකේ යන එකක් වෙන්න පුළුවන්.


#Lethalprotector


Obi-Wan Kenobi | Teaser Trailer

Post a Comment (0)
Previous Post Next Post