බැට්මෑන් බලන්න කලින් | Before The Batman: An Original Movie Novel


ආයුබෝවන්, වණක්කම්, අස්සලාම් අලෛක්කුම් Welcome to Review Who Cares. ඉතින් අද ගෙනල්ලා තියෙන්නෙ ටිකක් විශේෂ සහ වැදගත් ආටිකල් එකක්. කට්ටිය දැන් සෑහෙන හයිප් එකේනෙ ඉන්නවා ඇත්තෙ The Batman (2022) ෆිල්ම් එකට. ඒ වගේම ඔයාලා දැනටමත් දන්නවා ඇති මේ ෆිල්ම් එක බැට්මෑන්ගෙ ඔරිජින් ස්ටෝරි එකක් නෙවෙයි සහ මේකෙ තියෙන්නෙ බැට්මෑන් ගෙ දෙවෙනි අවුරුද්ද ගැන කියලා. ඒ කියන්නෙ බෲස් බැට්මෑන් වෙලා ගතවෙන දෙවෙනි අවුරුද්දෙ වෙන සිදුවීම් තමයි අපිට මේකෙදි බලාගන්න පුලුවන් වෙන්නෙ. හරියටම මීට මාසෙකට වගේ කාලෙකට කලින් බැට්මෑන් ෆිල්ම් එකේ මාකටින් ටීම් එක නවල් එකක් එලියට දානවා. මේකෙ නම තමයි Before The Batman: An Original Movie Novel. ඒ වගේම අපේ පැටින්සන් ගෙ බැටාගෙ ඔරිජින් එක ගැන තමයි මේ නවල් එකේ තියෙන්නෙ සහ මේ නවල් එක අපේ Matt Reeves බොසාගෙ බැට්වර්ස් එකට 100% කැනන්. ඒ නිසා ෆිල්ම් එක බලන්න ඉස්සෙල්ලා මේක කියවන එක ගොඩක් හොදයි. ඉතින් හැමෝටම මේක කියවන්න පුලුවන් වෙයිද කියන්න බැරි නිසා මම හිතුවා මේ පොත කියවලා ඒකෙ තියෙන ඉවෙන්ට්ස් වල සාරාංශයක් ඔයාලාට දෙන්න. ඉතින් මේ තමයි ඒ. පොත කියවලා ඉවර උන ගමන් තමයි මේ මේක ලියන්න ගත්තෙ. ඒනම් හයිප් එකේ ඉන්න සෙට් එක යමු පල්ලෙහාට




තෝමස් වේන් ඇතුලු වේන් පවුල තීරණය කරනවා Wayne Manor එක ඒ කියන්නෙ වේන් මන්දිරය ළමා නිවාසයක් කරන්න. ඒ කියන්නෙ අනාථ ළමයි වෙනුවෙන් වේන් මන්දිරය වෙන් කරන්න. එතනින් තමයි කතාව පටන්ගන්නෙ. ඒ වගේම වේන් පවුල නගරෙ මැද්දෙ තියෙන Wayne Tower එකට පදින්චියට යනවා. මේ සිදුවීම වෙද්දි බෲස් ට අවුරුදු හයක් වගේ වෙන්නෙ. ඉතින් බෲස්ට අවුරුදු 10ක් වගේ වෙද්දි තෝමස් වේන් නගරාධිපතිට තරඟ වදින්න තීරණය කරනවා. ඒ වගේම ළමා නිවාසයේදි (AKA Wayne Manor එකේදි) ඒ ගැන එනවුන්ස් කරන්න තෝමස් තීරණය කරනවා. ඒ නිසා තෝමස්, මාර්තා සහ බෲස් තමන් කලින් හිටපු නිවස ඒ කියන්නෙ දැන් ළමා නිවාසෙ තියෙන තැනට යනවා. මේ ළමා නිවාසෙ තමයි අනාථ ළමයෙක් වෙච්ච එඩ්වඩ් ඉන්නෙත්. පස්සෙ කාලෙක රිඩ්ලර් වෙන්නෙත් මෙයාම තමයි. ඒ වගේම මෙතමදි තමයි එඩ්වඩ් සහ බෲස් පලවෙනි පාරට හමුවෙන්නෙ. හමුවෙනවා කිව්වට දෙන්නට දෙන්නා දකින එක විතරයි එතනදි වෙන්නෙ. කෝමහරි මේ වෙද්දිත් බෲස් ගැන එඩ්වඩ් ඊරිසියාවෙන් ඉන්නෙ මොකද එඩ්වඩ්ට මුකුත්ම නෑ සහ බෲස්ට හැමදේම තියෙනවා. ඉතින් ඒ සිදුවීම එහෙම්මම ඉවර වෙනවා.



මෙතනින් පස්සෙ අපිට ආයෙ බෲස්ව බලාගන්න පුලුවන් වෙන්නෙ බෲස්ට අවුරුදු 17දි විතර. ඒ වෙද්දි බෲස් කොලේජ් එකේ Summer Vacation එකට ගෙදර එනවා. ගෙදර කිව්වෙ Wayne Tower එකට. ඒ වගේම මේ වෙද්දි තෝමස් සහ මාර්තා කියන බෲස්ගෙ අම්මයි තාත්තයි දෙන්නම මැරිලා. සහ මිනීමරුවා තාමත් නිදැල්ලෙ කියලා පස්සෙ හෙලිවෙනවා. ඉතින් වේන් ටවර් එකේදි සුපුරුදු පරිදි ඇල්ෆ්‍රඩ් තමයි බෲස් ව බලාගන්නෙ. බෲස් ගෙ ඉගෙනීමෙ වැඩ ඒම ගොඩක් හොදයි කියලත් සඳහන් වෙනවා. හැම විශයටම වගේ A පාස් අරගෙන තියෙනවා කියලත් සඳහන් වෙනවා. එතකොට අපේ ඇල්ෆ්‍රඩ් ගැන කියනවා නම් පොර මෙහෙකරුවා වගේ හිටියට වැඩ ගොඩක් හැන්ඩ්ල් කරනවා. මැනේජර් කෙනෙක් වගේ තමයි ඉතින්. ඇල්ෆ්‍රඩ් කරන වැඩ කන්දරාව ගැන නම් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඒ වගේම මේ පොතට අනුව ඇල්ෆ්‍රඩ් කියන්නෙ බුද්ධි අංශ නිලධාරියෙක් විදියට කටයුතු කරපු කෙනෙක්. ඒ නිසාම මෙයා බෲස් ට පවා එක එක සටන් ක්‍රම කියලා දෙනවා Self Defence සඳහා. හැමදාම උදේට මේ දෙන්නාඅ Workout ඒමත් කරනවා.



බෲස් තමන්ගෙ ව්‍යායාම වැඩ ඉවර වෙලා කෙලින්ම යන්නෙ Wayne Tower එක යට තියෙන අතෑරලා දාපු දුම්රිය ස්තානයට. මේ කතාවට අනුව බෲස් කියන්නෙ මිනිස්සු එක්ක ගැවසෙන්න පුද්ගලයෙක් නෙවෙයි. ඒ නිසා Wayne Tower එකට වඩා පොර Wayne Manor එකට කැමති උනා. ඒ උනත් කරන්න දෙයක් නැති කමට බෲස්ට ඉන්න උනේ නගරෙ මැද්දෙ වේන් ටවර් එකේ. ඉතින් වේන් ටවර් එකේ බේස්මන්ට් එකේ තියෙන මේ අතෑරලා දාපු දුම්රිය ස්තානය ගැන දන්නෙ වේන් පවුල විතරයි. (ආ ඇල්ෆ්‍රඩ් ඒමත් දන්නවා). බෲස් මේක හොයාගෙන තියෙන්නෙ පොරට අවුරුදු 13කදි වගේ. ඒ වගේම මේක තමයි Wayne Manor එකේ ඉදලා Wayne Tower එක වෙනකන් Waynes ලා විසින් හදලා තිබ්බ Private Railway එකට අදාල ස්ටේශන් එක. බෲස් මේ තැන ලැබ් එකක් විදියට සහ ගරාජ් එකක් විදියට වගේ එක එක වැඩ වලට යොදාගත්තා. පස්සෙ කාලෙක බැට්කේව් එක වෙන්නෙත් මෙතනම තමයි. ආ තව දෙයක් මේ තැන වවුල්ලුන්ගෙන් පිරිලා කියලත් සඳහන් වෙනවා. ඒ වගේම අපි ට්‍රේලර් එකේ දැක්ක බැට්මොබයිල් එක පවා බෲස් හදන්නෙ මෙතනදි. ඒ එයාට අවුරුදු 17දි. රේස් පදින්න හිතාගෙන තමයි පොර කාර් එක මුලින් හදන්නෙ. 



ඉතින් මේ අතරේ අපේ එඩ්වඩ් (රිඩ්ලර්) High School යනවා. මෙයාව එහෙදි හඳුන්වන්නෙ Ed-Weird කියන නමින් සහ මෙයාව ගොඩක් වෙලාවට බුලීස් ලා අතින් බුලී වෙනවා. ඒ වගේම පොර පස්ල්ස් (ප්‍රෙහේලිකා) වලට විශේෂ ආසාවක් තියෙනවා කියලාත් කියනවා. කෝමත් ඒමනේ ඉතින් රිඩ්ලර්. කෝමහරි මේ වෙද්දි රිඩ්ලර් කෑම ඩිලිවරි කරන ජොබ් එකක් කරනවා එයාගෙ ස්ටඩීස් වලට සල්ලි එකතු කරගන්න. ඒ වගේම ෆොරෙන්සික් අකවුන්ටින් හදාරන්න එඩ්වඩ්ට ඕන උනා කියලාත් සඳහන් වෙනවා. මේ අතරේ අපේ බෲස් මහ රෑ යනවා ටෙස්ට් ඩ්‍රයිව් එකට තමන් රේස් පදින්න හිතන් හදපු වාහනේ. මෙතනදි පොලීසිය බෲස්ව නැවැත්තුවත් දඩයක් කියන එක බෲස්ට මහ දෙයක් නෙවෙයි නිසා බෲස්ව අවවාද කරලා යවනවා. පස්සෙ දවසක බෲස් රේස් පදින තැනකට ගිහින් තරඟෙකට ඇතුල් වෙන්න ඇහුවත් අවුරුදු 17ක් නිසා ඇතුල් වෙන්න දෙන්න බෑ කියනවා. ඒ වගේම එතන ඉන්න අය කියනවා ඔයාට ඕන නම් මේ රේස් ට්‍රැක් එක උනත් සල්ලි දීලා ගන්න පුලුවන් නෙ කියලා. මේ සිද්දි වලින් ලොකුවටම හයිලයිට් වෙන දෙයක් තමයි බෲස් ප්‍රසිද්දියට කැමතිම නෑ කියලා. ඒ වගේම අපි දන්න සාමාන්‍ය බෲස්ට වඩා වෙනස් බෲස් කෙනෙක් තමයි අපිට මේකෙදි දකින්න ලැබෙන්නෙත්. මේ නිසාම බෲස් තීරණය කරනවා පාරට බහිද්දි පොඩ්ඩක් වෙස්වලාගෙන බහින්න. ජැකට් එකක් ලොකු බූට් දෙකක් සහ ලොකු තොප්පියක් ඒම දාලා තමයි පොර ඊට පස්සෙ පොර එලියට බැස්සෙ. කෝමහරි පස්සෙ දවසක බෲස් රේස් කරගෙන පාරෙ යද්දි පොරට කෙල්ලෙක් හම්බෙනවා. කෙල්ලගෙ නම Dorothy Alexandra aka Dex. ඩෙක්ස් කියලා තමයි මෙයාට හැමෝම වගේ කතා කරන්නෙ. ඒ වගේම බෲස් තමන්ව මෙයාට හඳුන්වලා දෙන්නෙ පෝල් කියන නමින්. මොකද ප්‍රසිද්දියට අකමැති නිසා. ඒ වගේම බෲස් මේ කෙල්ලත් එක්ක කතා කරන විදියෙන් තේරෙන්නෙ මේකෙ ඉන්න බෲස් අපි දන්න ප්ලේ බෝයි සීන් එකේ ඉන්න බෲස් නෙවෙයි කියලා. ඉතින් බෲස් මේ කෙල්ල එක්ක යනවා ස්ට්‍රීට් රේස් පදින අය ළඟට. ආ ඩෙක්ස් කියන්නෙත් හොද ස්ට්‍රීට් රේසර් කෙනෙක් තමයි ඈ. කෝමහරි මේම ස්ට්‍රීට් රේස් එකක් යන වෙලාවක පාඩුවෙ කෑම ඩිලිවරි කරගෙන යන එඩ්වඩ්ව මේ වාහනේකට හැප්පෙන්න යනවා. පොර අනූ නවයෙන් බේරෙන්නෙ. ලිටරලි අනූනවයෙන්. මේ නිසා එඩ්වඩ්ට තරහ යනවා. පොර හිතනවා මේකට පලිගන්න. 



කෝමහරි තව දවසක් බෲස් යනවා ස්ට්‍රීට් රේසින් වලට. මෙදා පාර බෲස් තරඟ කරනවා. ඒ වගේම් ඩෙක්ස් ත් තරඟ කරනවා. ඒ වගේම පලිගන්න බලාගෙන හිටපු රිඩ්ලර්ත් පොඩි ගේමක් ගහනවා. පොර ඩෙක්ස් ගෙ එතන ට රිංගලා රැන්ඩම් කාර් එකක් රිග් කරනවා පදින ගමන් ඉද්දි පුපුරන විදියට. මේ වොදියට පොර රිග් කරන්නෙ ඩෙක්ස් ගෙ කාර් එක. කෝමහරි රේස් එක අතරතුරෙදි ඩෙක්ස්ගෙ කාර් එක පුපුරනවා. බෲස් කෝමහරි ප්‍රෙට්‍රල් ටැංකිය පුපුරන්න ඉස්සෙල්ලා ඩෙක්ස්ව කාර් එකෙන් එලියට ගන්නවා. මෙතනදි රිඩ්ලර් පලිගන්න වැඩ වලින් තමන්ට හෙන ආතල් එකක් හම්බෙනවා තේරුම්ගත්තැයි කියලා පොතේ පස්සෙ සඳහන් වෙනවා. ඒ වගේම බෲස් මෙතනදි ඩෙක්ස් ගෙ කාර් එකේ පයිප් එකෙන් සාම්පල් එකක් අරගන්නවා. ඒක තමන්ගෙ ලැබ් එකේ පරීක්ෂා කරලා පොර හොයාගන්නවා මේක අනතුරක් නෙවෙයි කවුරු හරි ඕනකමින් කරපු දෙයක් කියලා. මෙතනදි අපිට බෲස්ගෙ ඩිටෙක්ටිව්ස් ස්කිල් එක ගැන හොදට බලාගන්න පුලුවන්. ඒ වගේම ඒ සිදුවීම කතාවට ටිකක් ලොකු ඉම්පැක්ට් එකක් කලා කියලා තේරුම්ගන්න පුලුවන්. කෝමහරි මේ සිදුවීමෙන් පස්සෙ බෲස් ආයෙ ස්ට්‍රීට් රේස් වලට යන්නෙ නෑ කියලා හිතාගන්නවා. ඒ වගේම ඇල්ෆ්‍රඩ්ට හොරෙන් මේවා කරා කියලා බෲස් හිතන් හිටියට ඇල්ෆ්‍රඩ් හැමදේම දැනගෙන හිටියා කියලා බෲස් දැනගන්නවා ඇල්ෆ්‍රඩ් ඒ ගැන බෲස්ගෙන් අහන නිසා. කෝමහරි ඒක ඒ විදියට යනවා. මෙතනදි අපිට ඇල්ෆ්‍රඩ් බෲස් ගැන කොච්චර අවධානෙන් ඉන්නවද කියන එක ගැන ලොකු ඉඟියක් දෙනවා. ඉතින් කෝමහරි High School ගිහින් ඉවර උනාම බෲස් කොලේජ් යන්න ගන්නවා. මේකෙදි බෲස් විටින් විට සබ්ජෙක්ට්ස් සහ කොලේජස් පවා මාරු කරනවා. මොකද ඒකෙන් එයාට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් සහ කොලේජස් මාරු කරන එකෙන් ලෝකෙ වටේම ට්‍රැවල් කරන්න පුලුවන් නිසා. ඒ අතරේ බෲස් ඒ ඒ රටවල සටන් ක්‍රම, භාෂාවල් වගේ දේවල් පවා හදාරනවා. ඉතින් මේ දේවල් ඉවර වෙලා බෲස් එයාගෙ විසි ගණන් වලදි ආපහු ගොතම් වලට එනවා. 


ගොතම් වලට ඇවිල්ලා දවසක් බෲස් පාරෙ ඇවිදන් යද්දි පොර දකිනවා හොරෙක් ගෑනු කෙනෙක්ගෙ පර්ස් එක අරන් යන්න හදනවා. ඉතින් බෲස් මේක නවත්තලා ඒ ගෑනු කෙනාට පර්ස් එක ආපහු දෙනවා. මෙතනදි බෲස් හිතාගන්නවා නගරෙ ඉන්න අපරාධකාරයො නැති කරන්න ඕනෙ කියලා. සහ ඒකට තමන් වෙස්වලාගන්න ඕනෙ කියලත්. ඉතින් බෲස් Wayne Enterprises එකේ බඩු පාවිච්චි කරලා තමන්ට සූට් එකක් හදාගන්නවා. ඒ වගේම ඒක හදන්නෙ මුලදි කිව්ව අතෑරලා දාපු රේල්වේ ස්ටේශන් එකේ. එතන වවුල්ලු ඉන්නවා කියලත් මන් කිව්වනේ. මේ නිසාම බෲස් ඒකෙන් ඉන්ස්පයර් වෙලා ඔය හදන සූට් එක හදන්නෙ වවුලෙක් වගේ පේන්න. ඒ වගේම මේක බෲස් ඉස්සර ස්ට්‍රීට් රේස් කරන්න හදාගත්ත සූට් එකටත් ටිකක් සමාන වෙන්න හදන්නෙ. කෝමහරි දවසක් රෑ බෲස් යනවා මේ සූට් එකත් දාගෙන නගරෙට. බෲස් දකිනවා එක හොරෙක් රත්තරන් බඩු කඩේකට පනින්න හදනවා. ඒ වගේම මේ හොරා රත්තරන් බඩු කඩේ වීදුරුව කඩන්න යූස් කරන්නෙ එක්ස්ප්ලෝසිව් ජෙල් එකක් වගේ දෙයක්. කෝමහරි බෲස් රත්තරන් බඩු ටික බේරගෙන හොරාට යන්න දෙනවා. ඒ පොරගෙ සාක්කුවට ට්‍රැකර් එකක් දාලා. පස්සෙ බෲස් ගොතම් පොලිස් ඩිපාර්ට්මන්ට් එකේ උදව්වෙන් මේ ජෙල් එක මොකක්ද කියලා දැනගන්නවා සහ බෲස් ඇනෝනිමස්ලි පොලීසියට ටිප්ස් පවා දෙනවා. ආයෙ දවසක බෲස් යනවා අර  ට්‍රැකර් එක දාපු හොරා පස්සෙ. ගිහින් පොරව අල්ලගෙන කියනවා බඩු (ජෙල් එක) සප්ලයි කරන කෙනාව අල්ලලා දෙන්න කියලා. ඉතින් කෝමහරි බෲස් මේ හොරාගෙ පස්සෙන් යනවා බඩු සප්ලයි කරන කෙනාව අල්ලගන්න. සප්ලයි කරන කෙනා කාර් එකකින් ඇවිල්ලා බඩු දීලා යනකොට බෲස් තමන්ගෙ කාර් එකෙන් පොරව චේස් කරන්න ගන්නවා. පස්සෙ කෝමහරි පොරව අල්ලගත්තට පස්සෙ බෲස් දැනගන්නවා ඒ ඉන්නෙ වෙන කවුරුත් නෙවෙයි ඩෙක්ස් කියලා. බෲස්ගෙ පොඩි කාලෙ ලව් එක (ක්‍රස් එක). පස්සෙ ඩැක්ස් ගෙන් බෲස් දැනගන්නවා ඩැක්ස් කියන්නෙ ඩිලිවර් කරන කෙනෙක් විතරයි කියලා සහ මේක පිටිපස්සෙ ඉන්නෙ Porcello කියන පතාල ඩයල් එක සහ පොර වැඩ කරන්නෙ Oswald Cobblepot AKA Penguin ගෙ වචන වලට කියලත්. කෝමහරි ඔස්වල්ඩ් සහ Porcello දෙන්නම වැඩ කරන්නෙ ෆැල්කෝනිට. පොරත් පාතාලෙ ලොක්කෙක්. කෝමහරි ෆැල්කෝනි මේ ජෙල් එකේ සීන් එක ගැන දන්නෙ නෑ. එනිවේ ඩැක්ස් මේකට සම්බන්ද වෙලා තියෙන්නෙ Porcello තමන්ගෙ තාත්තව බොරු වැරැද්දකට ෆ්‍රේම් කරලා හිරේ යැව්ව නිසා හිරේ ඉන්න තාත්තව ආයෙ එලියට ගන්න කියලා හෙලිවෙනවා. කෝමහරි බෲස් GCPD එකත් එක්ක කෝපරේට් කරගෙන ඩැක්ස් ගෙ තාත්තවත් එලියට අරගෙන මේ ප්‍රශ්නෙ විසඳනවා. ඒ වගේම මේ සිද්දියෙන් පස්සෙ ඩැක්ස් තාත්තත් එක්ක මෙට්‍රොපොලිස් වලට යනවා කියලා සඳහන් වෙනවා.

මේ අතරේ අපේ එඩ්වඩ් ගමනක් යන ගමන් මගදි දකිනවා වේන් මැනර් එක. පොඩි කාලෙ තමන් හිටපු ළමා නිවාසෙ. මේක දැක්කම එඩ්වඩ්ට තරහ යනවා. එඩ්වඩ් මෙතනග පොඩ්ඩක්වත් කැමති නෑ. පොර හිතනවා මේක ගිනි තියලා දාන්න. කෝමහරි පෙට්‍රල් ටිකකුත් අරගෙන වේන් මැනර් එකට පොර පනිනවා. අවුරුදු ගානක් පොර එහෙ හැදුන වැඩුන නිසා හොරාට පනින්න ඕනෙ තැන් ඒම පොර දන්නවා. කෝමහරි ෆයර් එලාම් එක ගහලා ඇතුලෙ ඉන්නෙ ළමයි එලියට ගියාට පස්සෙ තමයි එඩ්වඩ් මැනර් එක ගිනිතියන්නෙ. ඉතින් පස්සෙ පොරට හෙනම සතුටුයි කරපු වැඩේ ගැන. ඒත් පොඩ්ඩක් දුකකුත් තියෙනවා මොකද මිනිස්සු දන්නෙ නෑ මේක කරේ එඩ්වඩ් කියලා. ඒ නිසා පොර තීරණය කරනවා ඊලග පාර අපත වැඩක් කලාම එතන රිඩ්ල්ස් තියලා යන්න. ඔන්න ඕමයි රිඩ්ලර්ගෙ ඔරිජින් එක වෙන්නෙ.

කෝමහරි බැට්මෑන්ගෙ පලවෙනි අවුරුද්ද ඉවරවෙද්දි GCPD එකට බැට්සිග්නල් එකක් පවා තියෙනවා. ඒ කියන්නෙ බැටා GCPD එක එක්ක හොද කනෙක්ශන් එකක් හදාගෙන තියෙනවා. "I am the Shadows, I am Vengeance, I am The Batman" කියන වාක්‍යත් එක්ක පොත නම් ඉවර වෙනවා. එතනින් එහාට කතාව අපිට ෆිල්ම් එකෙන් බලාගන්න පුලුවන් වෙයි. ඒනම් මෙතනින් මන් ලිපිය අවසාන කරනවා. පුලුවන් හැමෝම තියටර් එකක ෆිල්ම් එක බලන්න සහ අවසානෙ වෙනකන් කියවපු අයට ස්තුතියි. ආ තව දෙයක් මේ ලිපිය සෝස් එක Before The Batman Prequel Novel එක. පොත කියව්ව ගමන් තියෙන හයිප් එකත් එක්කම ලිව්ව ලිපියක් තමයි මේක. ඒ වගේම මේ ලිපියෙ දාලා තියෙන පොටෝස් ඔක්කොම ඒ නවල් එකේ තිබ්බ ඒවා (රිඩ්ලර්ගෙ එක ඇරෙන්න) . ඒනම් හැමෝටම,

ජයවේවා!!!!

1 Comments

Post a Comment
Previous Post Next Post