Batman v Superman හා Man Of Steel හි නොදුටු පැත්ත සහ බැට්මෑන්ගේ කතාව

Batman Vs Superman Dawn Of Justice

Man of Steel , Batman vs Superman කියන්නෙ මන් මෙච්චර කාලෙකට බලපු හොදම Comic Book Movie වලින් එකක්. MOS කෙසේ වෙතත් BvS කියන්නෙ ගොඩක් Negative Reviews හම්බුනු Ratings එච්චර හම්බුනෙ නැති Box office එහෙම නැති ෆිල්ම් එකක්. ඉතින් ඒක නිසාම සමහරු කියනවා ෆිල්ම් එක වැඩක් නැ කියලා. එහෙම අයත් එක්ක වාද කරන්න යන්නෙත් නැ මොකද දැන් ගොඩක් CBM (Comic Book Movies) යන්නෙ එකම formula එකකට වගෙ. ඒකෙන් පිට පැන්නොත් ඉතින් මිනිස්සුන්ට ඒ ෆිල්ම් එක ෆේල් ෆිල්ම් එක වැඩක් නැ. ඔය වගෙ දෙයක් තමා BvS එකටත් වුනෙ. සාමාන්‍ය CBM එකක් බලන මානසිකත්වෙන් ඒක බැලුවම තේරුම් ගන්න බැ. ඒකනිසා ගොඩක් එවුන් ෆිල්ම් එක වැඩක් නැ ෆිල්ම් එක ෆේල් කියන්න ගත්තා.. ෆිල්ම් එක හරියට බලලා හොදට තේරුම් ගත්ත උන්ට නම් ඉතින් BvS කියන්නෙ Masterpiece එකක්. ඉතින් මේ BvS MOS ෆිල්ම් දෙකෙ Symbolism Parallel සීන් ගොඩක් තියෙනවා. මේක ගොඩක් අයට මුලින්ම බලද්දි තේරෙන්නෙ නැ.. ආයෙ ආයෙ බලද්දි තමා ගොඩක් තැන් මීටර් වෙන්නෙ. ඉතින් මේක කියවලා ආයෙ BvS, MOS බැලුවොත් වෙනම කෝනෙකින් ෆිල්ම් එක බලන්න පුලුවන්. BvS, MOS ගැන කතා කරද්දි ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා.. මාත් මුලින්ම හිතුවෙ එක article එකකින් වැඩෙ ඉවර කරල දාන්න පුලුවන් වෙයි කියල. ඒත් හොයලා බැලුවම තමා තේරුනෙ article නෙමෙ පොතක් ලියන්න තරම් කරුණු තියෙනව කියල. ඒක නිසාම මේ Article එක ටිකක් දිග වෙයි 😉

එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු ☺️


මුලින්ම කියන්නම් මේ "Save Martha" සීන් එක ගැන.මොකද ගොඩක් උන් මේක පාවිච්චි කරලා තමා ෆැන්ඩම් ගිනි තියන්නෙ 😂 ඒ වගෙ අය එක්ක බොරුවට වාද කරන්න යන්න ඕනෙ නැ.. උන් තමා ෆිල්ම් එක උඩින් පල්ලැහින් බලලා ෆිල්ම් එක වැඩක් නැ කියන උන්. බෲස් ක්ලාක්ව මරන්න යද්දි ක්ලාක් "සේව් මාර්තා" කියලා බැට්මෑන් ගෙන් ඉල්ලීමක් කරනවා. මොකද සුපී දැනන් හිටියා බැට්මෑන් එයාව මැරුවොත් මාර්තාව බේරගන්න කවුරුත්ම නැ කියලා.. බැට්මෑන් මාර්ත කියන නම ඇහුනු ගමන් freeze වෙනවා. මෙතන සැක් ගොඩක් ලස්සනට Symbolize කරල පෙන්නනවා.. බැට්මෑන් සුපර්මෑන් වලිය යන්න කලින් බෲස් හීනයක් දැක්ක මතකද. එතන බෲස් එයාගෙ දෙමාපියන්ගෙ සොහොන ලගට යනවා.. එයා දකිනවා සොහොනෙන් ලේ එනවා ඒත් එක්කම සොහොන කඩන් ලොකු වවුලෙක් වගෙ සතෙක් එලියට එනවා.



මේකෙ ගොඩක් ලොකු අර්ථයක් තියෙනවා.. බෲස් බැට්මෑන් වෙන්න ප්‍රධාන හේතුව වුනෙ එයාගෙ දෙමාපියන්ගෙ මරනේ. එයා එයාගෙ දෙමාපියන් මැරුනම පොරොන්දුවක් දෙනවා එයාට වෙච්ච දේ ගෝතම් වල කාටවත් වෙන්න දෙන්නෙ නැ කියලා. ඒත් BvS එකෙ අපි දකින බැට්මෑන් ගොඩක් කරන්නෙ මිනිස්සුන්ට උදව් කරන එකට වඩා අපරාධකාරයින්ට ගොඩක් දරුණු විදිහට දඩුවම් දෙන එක. බෲස් ගෙ දෙමාපියන්ගෙ සොහොනෙන් ලේ එන එකෙන් අදහස් වෙන්නෙ ඒකයි. තේරුනෙ නැත්තන් මෙහෙම හිතපන්කො, බෲස්ගෙ හීනෙදි බෲස් දකින එයාගෙ දෙමාපියන්ගෙ සොහොන තමා බෲස් ගෝතම් වල මිනිස්සුන්ට උදව් කරනවා කිව්ව පොරොන්දුව බෲස් බැට්මෑන් වෙන්න හේතු වුනු දේ. සොහොන කැඩිලා ලේ එන එකෙන් අදහස් වෙන්නෙ බෲස්ට ඒ පොරොන්දුව හිමින් හිමින් අමතක වෙලා ගොඩක් දරුණු දේවල් වලට පෙලඹෙලා තියෙනවා කියන එක. හීනෙදි සොහොන කඩන් ලොකු වවුලෙක් එලියට එනවා. මේකෙන් අදහස් වෙන්නෙ බෲස් සම්පූර්ණයෙන්ම Monster කෙනෙක් වෙලා ඉවරයි කියන එක. බෲස් කියල කෙනෙක් නැ ඉන්නෙ ගොඩක් දරුණු බැට්මෑන් කෙනෙක්. කොච්චර දරුණුද කියනවනම් ලෝකෙට Beacon එකක් වෙච්ච සුපර්මෑන් ව මරන්න තීරණය කරනවා. ඒත් සුපර්මෑන් මාර්තා කියලා නම කිව්ව ගමන් බෲස්ගෙ හීනෙ තිබ්බ සොහොන පෙන්නනවා.. කිසිම පලුද්දක් නැ ලේ එන්නෙත් නැ ආයෙ තිබ්බ විදිහටම තියෙනව. මේකෙන් තේරෙන්නෙ බෲස් ආයෙ යන්න පුලුවන් නරකම තැනට ගිහින් ආයෙත් හොද පැත්තට ආවා කියන එක.. බෲස්ට ආයෙ එයා දුන්න පොරොන්දුව මතක් වෙනවා. ඒ පොරොන්දුව බෲස්ගෙ නරක පැත්ත යට කරා කියලා පෙන්නනවා.

BvS / MOS දෙකේම දකින්න පුලුවන් දෙයක් තමා සුපර්මෑන්ව ජේසුට සමාන කරල තියෙන එක.

දෙවියන් වහන්සෙ ජේසුව මනුශ්‍ය ලෝකෙට එවනවා මිනිස්සුන්ව පාපෙන් මුදවා ගන්න.. ජේසු හැදෙන්නෙ සාමාන්‍ය මිනිස්සු පවුලක් ලග. ජේසු තරුණ කාලෙ ගොඩක් ප්‍රසිද්ධ වෙනවා එයා කරපු miracles නිසා. ඒත් අන්තිමට මිනිස්සුන්ගෙ පව් තමන් පිටට අරගනෙ ජේසු තමන්ව Sacrifice කරනවා මිනිස්සු වෙනුවෙන්

මේ වගේ සමාන කතාවක් MOS / BvS එකෙන් බලා ගන්න පුලුවන් 

Jor-El කැල් ව පෘථිවියට එවනවා ක්‍රිප්ටෝන් වල විනාශය වෙනවාත් එක්කම.

Baby Kal's Arrival 

කැල්ව පෘථිවියට එවද්දි ජෝර් එල් කියනවා කැල් පෘථිවියේ මිනිස්සුන්ට දෙවි කෙනෙක් වෙයි කියලා.කැල් පෘථිවියට ඇවිල්ලා කෙන්ට් පවුලෙ ආරක්ශාව යටතේ ක්ලාක් කෙන්ට් කියන නමින් හැදෙනවා.මිනිස්සුන්ට කරන්න බැරි දේවල් කරපු නිසා ක්ලාක් ගොඩක් ප්‍රසිද්ධ වෙනවා.එයත් අන්තිමට ලෙක්ස් කරපු වැඩක් නිසා එයාගෙ පව ( Doomsday ) තමන්ගෙ කරගෙන මිනිස්සු වෙනුවෙන් තමාව Sacrifice කරනවා

Death of Superman


සැක් කියන්නෙ ආගමික පැත්තට බර කරලා ෆිල්ම් හදන කෙනෙක්.. සැක්ගෙ ෆිල්ම් වල ගොඩක් ආගමික දේවල් තියෙනවා. ඒත් ඒව කෙලින්ම පෙන්නලා නැ... ව්‍යංගයෙන් වගෙ තමා පෙන්නලා තියෙන්නෙ. සුපර්මෑන් ඩූම්ස්ඩෙ අතින් මැරෙන තැන හරියට බැලුවොත් පෙනෙයි පිටි පස්සෙ කම්බි කූරූ වගයක් තියෙනවා කුරුසයක හැඩය ගත්ත... බැට්මෑන් සුපර්මෑන් ව නවත්තන්න ක්‍රිප්ටෝනයිට් වලින් හෙල්ලයක් හදනවා. ජේසු කිරුසෙ ඇණ ගහලා තියෙද්දි හේවායෙක් ජේසුට හෙල්ලෙකින් අනිනවා. මේක සංකේතවත් කරන්න තමා ක්‍රිප්ටෝනයිට් වලින් හෙල්ලයක් හදන්නෙ.. ඒ වගේම BvS එකෙ තැනක කියනවා Wayne ලා මුල් කාලෙ Hunters ලා එහෙමත් නැත්තන් දඩයම්කාරයො කියලා.. දඩයම්කාරයො සත්තු මරන්න ඉස්සර හෙල්ල පාවිච්චි කරල තියෙනවා. මේකත් එක හේතුවක් බැට්මෑන් හෙල්ලයක් හදන්න.

Via Zack Snyder's Vero Account



Batman With Kryptonite Spear

තව තැනක පෙන්නනවා සුපර්මෑන් නැවක් ඇදන් යනවා.සුපර්මෑන් කියන්නෙ ගොඩක් ශක්තිමත් කෙනෙක් එයාට ගොඩක් ලේසියෙන් මේ නැව උස්සන්න පුලුවන්..ඒත් මෙතන පොඩ්ඩක් අමාරුවෙන් වගෙ තමා උස්සන් යන්නෙ



මෙතනින් සංකේතවත් කරන්නෙ ජේසු කුරුසෙ කරපිට තබා ගෙන යාම. ජේසු මිනිස්සු කරපු පව් තමන් පිට දාගත්තා ඒකෙන් එයාට මරණය අත් වුනා. ඒත් ජේසුගෙ මරණෙන් පස්සෙ ගොඩක් අය ජේසුව අදහන්න ගත්තා.. මේ වගේම සමාන දෙයක් තමා BvS එකෙත් වෙන්නෙ. ලෙක්ස් කරපු වැඩක් නිසා ඩූම්ස්ඩෙ නිර්මාණය වෙනවා ( මිනිහෙක් අතින් වෙච්ච පවක් ) ඒත් සුපර්මෑන් මැදිහත් වෙලා ලෙක්ස්වත් බේරගෙන එයා කරපු වැරැද්ද හරි ගස්සන්න යනවා.. ඩූම්ස්ඩෙ ව මරන ගමන් සුපර්මෑනුත් මැරෙනවා.. සුපර්මෑන් ගෙ මරණෙන් පස්සෙ බැට්මෑන් ඇත්ත දකිනවා.. මෙච්චර කල් සුපර්මෑන් ට තිබ්බ වයිරෙ නිසා බෲස් අන්ධ වෙලයි හිටියෙ. සුපර්මෑන් ගෙ මරනෙත් එක්ක එයා කරපු වරද එයාට තේරෙන්න ගන්නවා. 

ඒ වගේම එක තැනක ක්ලාක් කන්දක් උඩට යනවා එයාගෙ තාත්තත් එක්ක කතා කරන්න මේක ජේසු මල් උයනෙ දෙවියන් වහන්සේත් එක්ක කතා කරපු තැනට ගොඩක් සමානයි



සුපර්මෑන් ට nuke එකක් වැදුන තැන ආයෙ එයා පෘථිවියට ඇගිල්ල දික් කරන්න ඉන්න විදිහට angel කරල පෙන්නනවා මේක Michelangelo ගෙ Creation of Adam නිර්මාණයට ගොඩක් සමානයි.


මේ වගෙ ප්‍රසිද්ධ නිර්මාණ සැක් Inspiration එකක් විදිහට පාවිච්චි කරල තියෙනවා BvS එක හදද්දි.ඒවලින් සෙට් එකක් තමා යටින් දාලා තියෙන්නෙ 👇

Paradise Lost ( 1866 ) by Gustav Doré

ලෙක්ස් ගෙ කාමරෙ තියෙන පින්තූරේ.ලෙක්ස් අන්තිමට ඒ පින්තූරෙ උඩ යට මාරු කරනවා Devil comes from Sky කියන point එක තවත් highlight වෙන විදිහට ( මෙතන ලෙක්ස් අදහස් කරන්නෙ සුපර්මෑන්ව වුනාට මට හිතෙන විදිහට නම් සැක් මෙතනින් අදහස් කරන්නෙ Steppenwolf & Army of Parademons ල ගැන..මොකද parademon army එක එන්නෙ අහසින් විවෘත වෙච්ච Boom tube ( එක්තරා ආකරය portal ) එකක් හරහා.




"Devil Comes From Sky"

The Bath ( 1867 ) by Alfred Stevens

ලොයිස් bathtub එකෙ නාන තැන.


A Balance of terror by Cleon Peterson

ක්ලාක්ට බෲස් ව මුලින්ම හම්බෙන තැන තියෙන පින්තූරෙ


Napoleon Bonaparte

ලෙක්ස් අහස දිහා බලන් ඉන්න තැන Shot එක


Michael and Satan ( 1636 ) by Guido Reni

Batman vs Superman වලිය


The descent from the cross ( 1617 ) by Peter Paul Rubens

සුපර්මෑන් මැරුනයින් පස්සෙ shot එක


Lamentation of christ ( 1607 ) by Jon Lievens

ලොයිස් සුපර්මෑන් ගෙ මිනිය ලග අඩන තැන

මේ වගෙ ගොඩක් ආර්ට්ස් inspire වෙලා තියෙනවා BvS එකට.

BvS / MOS ෆිල්ම් දෙකේම දකින්න හම්බෙන තවත් විශේෂ දෙයක් තමා එක සමානව යන සීන් එහෙමත් නැත්තන් Parallel Scenes.

MOS ෆිල්ම් එකෙ මුලින්ම කැල් එල්ගෙ උපත පෙන්නනවා මෙතන කැල් ඉපදෙන සීන් එක BvS එකෙ එයා මැරෙන තැනට ගොඩක් සමානයි.. ෆිල්ම් දෙකේම ක්ලාක් ගෙ ඇගට හිරු කිරණක් වගෙ එලියක් වැටෙනවා පෙන්නනවා.. ෆිල්ම් දෙකේම ක්ලාක් වටේ ඉන්න අය ඒ සමාන තැන් වලමයි ඉන්නෙත්.. ඒ වගේම මෑන් ඔෆ් ස්ටීල් පටන් ගනිද්දි ජෝර් එල් Codex එක ගන්න මුහුදක වගෙ තැනක පීනනවා දකින්න පුලුවන් BvS එකෙත් මේ වගේ සමානව යන Shot එකක් තියෙනවා.ඒ ක්‍රිප්ටෝනයිට් වගයක් ගන්න කොල්ලෙක් මුහුදට පනින තැන


ඒ වගේම ක්ලාක් ව MOS එකෙ හමුදාව අත් අඩංගුවට අරන් කොරිඩෝවක ඇවිදන් යන තැන Shot එකට BvS එකෙ සුපර්මෑන් එයාගෙ නඩුවට කොරිඩෝවක ඇවිදන් යන තැන ගොඩක් සමානයි.


ජෝර් එල් මැරෙන්නෙ ජෙනරල් සොඩ් අතින් ඒ වගේම සුපර්මෑනුත් මැරෙන්නෙ ජෙනරල් සොඩ් ( ඩූම්ස්ඩෙ ) අතින්.ජෝර් එල් ව මරද්දි සොඩ් කඩුවක් වගෙ weapon එකක් පාවිච්චි කරනවා ක්ලාක් ව මරද්දි ඩූම්ස්ගේ එයාගෙ කපපු අතින් වැඩිච්ච උලක් තමා පාවිච්චි කරන්නෙ.


ෆිල්ම් දේකෙම ලොයිස් තැන් දෙකකින් පහලට වැටෙනවා.ඒ තැන් දේකෙම ක්ලාක් ලොයිස්ව බේරගෙන එයාව කිස් කරලා ආයෙ සටන් කරන්න යනවා.


MOS එකෙ සුපර්මෑන් මුලින්ම හමුදාවට එයාව introduce කරපු තැන Shot එකට BvS එකෙ සුපර්මෑන් එයාගෙ නඩුවට එන තැන shot එක ගොඩක් සමානයි.. MOS එකෙ හමුදාව guns සුපර්මෑන් පැත්තට aim කරන් ඉන්නවා BvS එකෙ ඒ shot එකම guns වෙනුවට Cameras aim කරන් ඉන්නවා දකින්න පුලුවන්.. මේකෙන් කියන්න හදල තියෙන්නෙ Guns තරමටම Cameras ( Social Media ) භයානකයි කියලා.


BvS එක පටන් ගද්දිම බෲස් බිල්ඩිමකට යට වෙන්න ගිය ගෑනු ලමයෙක්ව බේර ගන්නවා. මෙතන බෲස් එයාගෙ අම්මා කෝ කියල අහද්දී ඒ ගෑනු ලමයා විනාශ වෙච්ච බිල්ඩිමක් පෙන්නනවා. බෲස් ට ඒ ලමයගෙ අම්මව බේරන්න බැරි වෙනවා. BvS එකෙ අන්තිම හරියෙ වගෙ බෲස් ක්ලාක් ට පොරොන්දු වෙනවා මාර්තව බේරගන්නවා කියලා. බෲස් මේ පොරොන්දුව කොහොම හරි ඉශ්ට කරනවා ක්ලාක් ගෙ අම්මව බේරගෙන.


MOS එකෙ ජෙනරල් සොඩ් සුපර්මෑන් ට එක vision එකක් පෙන්නනවා ඒකෙ අන්තිමට සුපර්මෑන් මිනි ඔලු ගොඩක ගිලෙනවා. BvS එකෙ සුපර්මෑන් කෙනෙක්ව ගිනි ගන්න ගොඩනැගිල්ලකින් බේරගන්නවා. මෙතන සුපර්මෑන් එයාව බිමින් තියද්දි ඇට සැකිලි වගෙ ඇද ගත්ත මිනිස්සු වගයක් සුපර්මෑන් ව අල්ලන්න යනවා.


BvS ෆිල්ම් එක පටන් ගන්නෙ බෲස් ගෙ දෙමාපියන් ගෙ funeral එකෙන් ෆිල්ම් එක ඉවර වෙන්නෙ Superman ගෙ funeral එකෙන්... බෲස් ගෙ දෙමාපියන්ගෙ මරනෙන් තමා බැට්මෑන් ඉපදෙන්නෙ... ක්ලාක් ගෙ මරනෙන් බැට්මෑන් ආයෙ ඉපදෙනවා ( Rebirth of Batman ) 


ඔය වගෙ ගොඩක් එක සමානව යන සීන් MOS / BvS ෆිල්ම් දෙකෙන් හොදට බලාගන්න පුලුවන්...තව දෙයක් තමා ෆිල්ම් එකෙ දෙබස්...මේ දෙබස් වලට හොදින් අවධානය දුන්නොත් ගොඩක් ගැඹුරු අර්ථ හොයා ගන්න පුලුවන්..

"There was a time above… a time before. There were perfect things… diamond absolutes. But things fall, things on Earth. And what falls… is fallen. In the dream, they took me to the light. A beautiful lie"

මේකේ තේරුම් ගොඩක් තියෙනව.. මට හිතෙන විදිහට මෙතන Diamond Absolutes කියල හදුන්වන්නෙ සුපර්මෑන් ව.. මොකක්ද සුපර්මෑන් ගෙ symbol එක Diamond shape එකක් ගන්න නිසා.. But things fall on earth කියන එකෙන් සුපර්මෑන් ගෙ මරණය අදහස් වෙනව වෙන්න පුලුවන්. In dream they took me to the light කියන එකෙන් අදහස් වෙන්නෙ බෲස් ව පහලටම වැටුනම වවුලො එයාව උස්සලා ආලෝකය දෙසට අරන් යනවා කියන එක... මේක ෆිල්ම් එක මුලින්ම හොදට බලාගන්න පුලුවන්.. A beautiful lie කියන්නෙ ඒ වවුලෝ බෲස් ව ආලෝකයට අරන් යනවට වඩා අන්ධකාරයට අරන් ගියා කියන එකයි.. සරලව කිව්වොත් බැට්මෑන් monster කෙනෙක් වෙමින් පවතිනවා කියන එක තමා මේකෙන් අදහස් වෙන්නෙ

"No man in the sky intervened when I was a boy to deliver me from Daddy's fist and abominations"

ලෙක්ස් මෙහෙම ☝ සුපර්මෑන් ට කියනව මතක ඇති.. ඊට ටික වෙලාවකට පස්සෙ ලෙක්ස් ඩූම්ස්ඩෙ ව හදනවා. ඊට පස්සෙ ඩූම්ස්ඩෙ ලෙක්ස් ට ගහන්න යද්දි සුපර්මෑන් මැද්දට පැනලා ලෙක්ස් ව බේරගන්නවා.. මෙතන තියෙන විශේෂත්වෙ තමා ලෙක්ස් ඉස්සෙල්ල කියනවා එයාව එයාගෙ තාත්තගෙ දරුණු පාරවල් වලින් බේරන්න කවුරුත් ආවෙ නැ කියලා.. ඒත් ඩූම්ස්ඩෙ ( An Abomination ) එයාගෙ අත මිටිමොලවලා ( Fist ) ලෙක්ස් ට ගහන්න යද්දි සුපර්මෑන් ( A man from Sky ) මැද්දට පැනල ඒක නවත්තනවා ( Intervened )


Comic Book Movie එකක් වුනාම අනිවාර්යෙන් කොමික් ගැනත් තියෙන්න ඕනෙ. ඒත් BvS ආපු දවස්වල කොමික් එකක් ඇහැටවත් දැකපු නැති උන් කියන්න ගත්තා BvS වල කොමික් accuracy එකක් නැ කියලා 😂 දැනට ආපු Comic Accurate ම ෆිල්ම් එක හදපු එකාගෙ ෆිල්ම් වල Comic Accuracy නැ කියන එක මොනතරම් විහිලුවක් ද 😂 ගොඩක් අය BvS එකෙ බැට්මෑන් ට බනිනවා බැට්මෑන් මිනිමරන්නෙ නැ තුවක්කු පාවිච්චි කරන්නෙ නැ කියලා. එහෙම අයට කියන්න තියෙන්නෙ එකම එක දෙයයි. Read Comics !! CBM එකක් වුනාම චරිතෙ Accurate වෙලා වැඩක් නැ ෆිල්ම් එකෙ Scenes වෙනස් නම්. සැක්ගෙ ෆිල්ම් වල Character & Scenes දෙකම Accurate කියල ඕන කොමික් ෆෑන් කෙනෙක්ට තේරෙනවා. ඉතින් මේ ගැන ටිකක් බලමු.

හැමෝම දන්නවනෙ බෙන් ඇෆ්ලෙක් තමා දැනට ආපු Accurate වගේම Badass ම බැට්මෑන් කියලා.. ඒත් බෙන් අපි Animation වල කලින් ෆිල්ම් වල දැකල තියෙන බැට්මෑන් කෙනෙක් වගෙ නෙමෙ ගොඩක් වෙනස්. ඒ මේ බැට්මෑන් Prime Earth බැට්මෑන් නොවන නිසා. බැට්ෆ්ලෙක් කියන්නෙ All Star Batman එහෙමත් නැත්තන් Dark Knight Returns එකෙ බැට්මෑන්. DKR කියන්නෙ දැනට ආපු හොදම කොමික් / ඇනිමේශන් වලින් එකක.. කොමික් එක කියවල නැත්තත් ඇනිමේශන් එක බලපු නැති ඩිසි ෆෑන් කෙනෙක් හොයා ගන්න එක අමාරුයි. එච්චරට ප්‍රසිද්ධ වෙච්ච එකක් තමා Dark Knight Returns කියන්නෙ.

BvS And Dark Knight Returns

මේකෙ ඉන්න බැට්මෑන් තමා සැක් ස්නයිඩර් එයාගෙ නිර්මාණෙට පාවිච්චි කරන්නෙ. සැක් කියලා තියෙනවා Dark Knight Returns Comic Book එක එයාගෙ ආසම කොමික් වලින් එකක් කියලා. මේකෙ Batman vs Superman වලිය BvS එකෙ එකට ගොඩක් සමානයි. බැට්මෑන් පාවිච්චි කරන ආමර් එක එහෙම කොමික් එකෙ ආමර් එකට හැම අතින්ම වගෙ සමානයි





සැක් BvS නිර්මාණය කරද්දි World's Greatest Heroes: Superman Peace on earth කියන කොමික් එකත් පාවිච්චි කරල තියෙනවා. සුපර්මෑන් ගෙ නඩුව, නැවක් ඇදන් යන එක වගෙ ගොඩක් තැන් මේ කොමික් එකෙන් තමා බේස් කරන් තියෙන්නෙ.








ඒ වගේම Injustice: Gods Among Us එකත් BvS එකට බේස් වෙලා තියෙනවා..බැට්මෑන් ගෙ Knightmare සීන් එකෙ දකින සුපර්මෑන් ගෙ Soldiers ලා ගොඩක් Injustice එකෙ සුපර්මෑන් ගෙ Regime එකෙ soldiers ලට සමානයි.





සුපර්මෑන් ඩූම්ස්ඩෙ අතින් මැරෙන එක Death of Superman comic එකෙන් බේස් කරගත්ත එකක්.





Warehouse Scene එක පටන් ගන්නේ බැට්මෑන් ජනේලයක් කඩන් එන එකෙන්... ඒකෙදි බැට්මෑන් ගෙ cape එකත් එක්ක බැට්මෑන් ඇත්ත වවුලෙක් වගේමයි පේන්නෙ.. මෙතනින් පෙන්නන්න හදල තියෙන්නෙ Comic වල Batman එයාගෙ Secret identity එක හදාගන්න තැන.. එයා secret identity එකක් ගැන හිත හිත ඉද්දි වේන් මැනර් එකෙ ජනේලයක් කඩාගෙන වවුලෙක් එනව... මේක නිසා තමා බෲස් වවුලෙක් ගෙ ස්වරූපයෙන් crime fighting කරන්න හිතුවෙ... මොකද ඒ වවුලා ජනේලෙ කඩන් එද්දි බෲස් ට ඇති වෙච්ච තැති ගැන්වීම ගෝතම් වල අපරාධකාරයින්ට දෙන්නත් බෲස්ට ඕනෙ වුනා..

Batman vs Superman 

Batman Year One

සුපර්මෑන් ගෙ funeral එකෙ අන්තිමට එයාගෙ මිනිපෙට්ටිය පෙන්නනවා කලු පාට ගාපු සුපර්මෑන් ගෙ symbol එක සිල්වර් පාටින් තියෙන විදිහට.. මේක සුපර්මෑන් ගෙ නැවත ඉපදීම එහෙමත් නැත්තන් Rebirth එක සංකේතවත් කරන්න තමා දාලා තියෙන්නෙ.. කොමික් වල සුපර්මෑන් මැරුනයින් පස්සෙ ආයෙ එන්නෙ ඒ වගේම කලු පාට Suit එකක් දාගෙන... මේක කොමික් වල Regeneration Suit එක විදිහට තමා හදුන්වන්නෙ... මේකෙන් සුපර්මෑන් ට ඉක්මනින් හිරුඑළිය අවශෝෂණය කරගෙන එයාගෙ සම්පූර්ණ බලයට එන්න හැකියාව හම්බෙනවා.. මේ ඇදුම තමා සැක් අපිට ජස්ටිස් කොන් එකෙ පෙන්නුවෙ...


දැන් කතා කරන්න යන්නෙ ලෝක ප්‍රසිද්ධ ලෝකෙම ආදරය කරන Fictional Character එකක් වෙච්ච Batman ගෙ දැනට ආපු හොදම Live Action Adapt එක ගැන 🔥 මේක ඉතින් එකිනෙකාගෙ මතය අනුව වෙනස් වෙනවා. සමහරුන්ට බේල් හොදම බැට්මෑන් වෙන්න පුලුවන් තවත් අයට කීටන් හොදම බැට්මෑන් වෙන්න පුලුවන්. මටනම් හොදම බැට්මෑන් බෙන් ඇෆ්ලෙක්. ඒ ඇයි කියල මේ Article එක කියවද්දි තේරෙයි. ආ තව එකක් තියනව කියන්න .මේ බැට්මෑන් ව අපි දන්න බැට්මෑන් ඒ කියන්නෙ Prime Earth Batman එක්ක සංසන්දනය කරන්න යන්න එපා. මොකද මේ දෙන්න version දෙකක්.. හරි වැඩි කතා නැතුව කෙලින්ම කතාවට බහිමු. ඊට කලින් කියන්න ඕනෙ Man Of Steel එකෙ Jor El ( ක්ලාක්ගෙ තාත්තා ) ගෙ Quote එකක් තියෙනවා. මේක මට හිතෙන විදිහට බෙන් ඇෆ්ලෙක් ගෙ Batman Career එකට ගොඩක් සමානයි. ඒක නිසා ඒ Quote එකට බැට්ෆ්ලෙක් සම්බන්ධ වෙන විදිහ කියලම මේ Article එක Kick Start කරන්නම්.

You Will Give People Of Earth An Ideal To Strive Towards ( 2013 දී Zack Snyder බෙන් ඇෆ්ලෙක් ව Batman විදිහට තෝරගන්නවා ) They Will Race Behind You.They Will Stumble , They Will Fall ( ගොඩක් අය මේකට කැමති වෙන්නෙ නැ.කොටින්ම ඇෆ්ලෙක් ව ඒ චරිතයෙන් අයින් කරන්න කියල petition පවා ගහනවා ) But In Time They Will Join You In The Son ( ඒත් ෆිල්ම් එක ඇවිල්ල ටික කාලයක් යද්දි මිනිස්සු බැට්ෆ්ලෙක් ව එයාලගෙ Favorite Batman විදිහට පත් කරනවා. IMDb / HBO / Fandom වල තිබ්බ polls හැම එකකින්ම වගෙ බැට්ෆ්ලෙක් #1 ට එනවා. බැට්ෆ්ලෙක් Twitter Trending #1 වුනා මේ ලගකදී. ආයෙ ෆ්ලැශ්පොයින්ට් එකෙ බැට්ෆ්ලෙක් එනව කිව්වම ෆෑන්ස්ලගෙ Hype එක දහ ගුනකින් විතර වැඩි වුනා )


That's The Magic Of ZACK SNYDER Ladies & Gentlemen 😏


හරි එහෙනම් දැන් කතාවට බහිමු. කලින් කිව්වනෙ Batfleck සහ අපි දන්න බැට්මෑන් කියන්නෙ Version දෙකක් කියල.ඉතින් කවුද මේ බැට්ෆ්ලෙක් ගෙ Version එක. මේ ඉන්නෙ DARK KNIGHT RETURNS කියන කොමික් එකෙ බැට්මෑන්. Watchmen එකට පස්සෙ තියෙන හොදම Graphic Novel එක විදිහට තමා මේක සලකන්නෙ. මේක කියෝලා නැත්තන් අඩුම තරමෙ Animation එක හරි බලපු නැති ඩිසි ෆෑන් කෙනෙක් හොයා ගන්න නැති තරම්.  දැනට ආපු හොදම Comic Based Animation එක විදිහට තමා මේක සලකන්නෙ. මේකෙ ඉන්නෙ අපි දන්න තරුණ බැට්මෑන් ට වඩා ටිකක් වයසක බැට්මෑන් කෙනෙක්. ඉතින් මේ බැට්මෑන් තමා අපිට BvS එකෙන් බලාගන්න හම්බුනෙ. DKR Batman ව දන්නෙ නැති ලපටි මානසිකත්වෙන් ඉන්න උන් කියන්න ගත්තා අනෙ මෙ බැට්මෑන් නෙමෙ. බැට්මෑන් මිනි මරන්නෙ නැ. බැට්මෑන් තුවක්කු පාවිච්චි කරන්නෙ නැ කියල 😂 සමහරු බැටාගෙ No Kill Code එක ගැන කියවන්න ගත්තා. සමහරු බැටාගෙ ඇදුමට දොස් කියන්න ගත්තා. Mech Suit එක නිකන් යකඩ ගොඩක් විතරයි කියල කියන්න ගත්තා 😂 Dark Knight Returns Animation එක බලපු එකෙක් කවදාවත් ඔහොම කියන්නෙ නැ. ගොඩක් අය හිතන් ඉන්නෙ Dark Knight Triology එක බලලා ඇනිමේශන් එකක් දෙකක් බලපුවම බැටා ගැන දන්නව කියල ;-) බැට්මෑන් කියන්නෙ ගොඩක් ගැඹුරු චරිතයක්. මේ චරිතෙ හොදටම තේරුම් ගන්නනම් අනිවා කොමික් පැත්තටත් අවධානෙ දෙන්න වෙනවා. ගොඩක් ෆිල්ම් විතරක් බලන අය තමා බැට්මෑන් ව ඔය වෙන වෙන හීරෝස්ලත් එක්ක Compare කරල "එයා විශ්වෙ බේරගත්තා බැට්මෑන් ට තාම ජෝකර් ව අල්ලගන්න බැ" වගෙ ගොන් කතා කියන්නෙ 😂 බැට්ෆ්ලෙක් ගෙ මුල්ම ෆිල්ම් එකෙන් එයා එයාට වඩා දහස්ගුණයක් බලවත් හීරෝ කෙනෙක්ව පැරැද්දුවා. මමනම් හිතන්නෙ නැ එක හීරෝ කෙනෙක්වත් එයාගෙ මුල්ම ෆිල්ම් එකෙදි ඒ වගෙ දෙයක් කරල ඇති කියල. සමහරක් කියනවා බැට්මෑන් සුපර්මෑන් ව පැරැද්දුවෙ නැ මාර්තා කියල කියපු ගමන් ගහගන්න එක නැවැත්තුව කියල 😂 හරියට මතක් කරල බලන්න Why did you say that name කියල බැටා සුපියව මරන්න හැදුවෙ. ලොයිස් තමා ඒක නවත්තන්න මැද්දට පනින්නෙ. So Technically Batman Won :-) ඔය මාර්තා සීන් එක ගැන මම උඩ කියල තියෙනව.

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තම ඇයි බැට්මෑන් මෙච්චර දරුණු කියන එක. ලෝකෙටම බලාපොරොත්තුවේ සංකේතයක් වෙච්ච සුපර්මෑන් ව ඇයි මේ මරන්න හිතුනෙ ? ලෙක්ස් බැට්මෑන් ව ඒ තැනට පත් වෙන විදිහට Manipulate කලාද ? 

BvS එකෙ අපිට දකින්න හම්බෙන්නෙ ගොඩක් දරුණු Violence පැත්තට ගොඩක් බර බැට්මෑන් කෙනෙක්. මේකට බලපාන ප්‍රධාන හේතුව වෙන්නෙ රොබින්ගෙ මරණය. Dark Knight Returns එකෙත් බෲස්ට ජේසන්ගෙ මරණෙ ගොඩක් බලපෑව. කොච්චර බලපෑවද කිව්වොත් එයා බැට්මෑන් වෙන එක අතඇරලා දානවා. Canon Comic වලත් ජේසන් මැරුණම බැට්මෑන් ට ගොඩක් බලපානවා.

Death Of Jason Todd

ඒත් BvS එකේ මැරෙන්නෙ ජේසන් ටොඩ් නෙමෙ මුල්ම රොබින් වෙච්ච ඩික් ග්‍රේසන් කියල සැක් ස්නයිඩර් කියල තියෙනවා. එතකොට ඒක බෲස්ට කොච්චර බලපානවද කියල හිතන්න පුලුවන්. එයාගෙ මුල්ම Partner , එයා එයාගෙ රැකවරණයට ගත්ත මුල්ම කෙනා ජෝකර් අතින් මැරෙනවා. එතනින්ම හිතාගන්න පුලුවන් නෙ බෲස් ගෙ ජීවිතෙ කොච්චර ලොකු Dark පැත්තකට බර වුනාද කියල



Death Of Dick Grayson In Injustice Year One

බෲස්, බැට්මෑන් වෙන එක අතඇරියෙ නැති වුනාට එයා අපි දන්න කියන බැට්මෑන් වෙන එක නැවැත්තුවා. ගොඩක් දරුණු එයාගෙ අතින් මැරෙන මිනිස්සු ගැන වද වෙන්නෙ නැති කිසිම අනුකම්පාවක් නැති බැට්මෑන් කෙනෙක් වුනා. ඒ වගේම බැට්මෑන් ට GCPD එකත් එක්ක හොද connection එකක් තියාගන්නත් බැරි වෙලා කියල පේනවා. බෲස් ෆිල්ම් එකෙ එක තැනකදි කියනවා We Are Criminals.We always have been කියල.ඒ වගේම ෆිල්ම් එක පටන් ගද්දිම වගේ බැට්මෑන් ව දකින පොලිස්කාරයෙක්ගෙ Reaction එක පෙන්නනවා. ගොඩක් බය වෙලා වගෙ තමා ඉන්නෙ. ඒ වගේම ගෝතම් වල මිනිස්සුත් බැට්මෑන් ට ගොඩක් බයයි කියල පෙන්නවා. BvS එකෙ ඉන්න බැට්මෑන් අවුරුදු 20 ක් තිස්සෙ බැට්මෑන් වෙලා ඉදල තියෙනවා. එතකොට අවුරුදු 20ක් ගිහිල්ලත් ගෝතම් වල මිනිස්සුන්ගෙ පොලීසියෙ විශ්වාසෙ දිනා ගන්න බෲස් ට බැරි වෙලා තියෙනවා. මේකෙන්ම තේරෙනවනෙ අපි දන්න බැට්මෑන් ට වඩා මේ බැට්මෑන් ගොඩක් වෙනස් කියල. මේ බැට්මෑන් Justice පැත්තට වඩා ගොඩක් Vengeance පැත්තට බරයි කියල හිතන්න පුලුවන්. ඉතින් ඔය බැට්මෑන් දකිනවා වෙන ලෝකෙක කෙනෙක් නිසා සම්පූර්ණ නගරයක්ම විනාශ වෙනවා. එයා දකිනවා එයා අදුරන එයා යටතෙ වැඩ කරපු අය මැරෙනවා. බෲස් ගෙ හිතේ තිබ්බ Rage එක, තරහ Focus කරන්න පුලුවන් කෙනෙක් එයාට හම්බෙනවා.

එක තැනකදි බෲස් ඇල්ෆ්‍රඩ් ට කියනවා සුපර්මෑන් නරක කෙනෙක් වෙන්න 1% ක චාන්ස් එකක් තිබ්බත් ඒක ගන්න වෙනවා කියල. ලෙක්ස් කලේ ඇවිලෙන ගින්නට පිදුරු දැම්ම වගෙ වැඩක්. සුපර්මෑන් එක්ක තරහින් ඉන්න බෲස් ව තවත් තරහගස්සපු එක තමා ලෙක්ස් කලේ. ෆිල්ම් එක පටන් ගද්දි සුපර්මෑන් ගෙ වැඩනිසා Wayne Enterprise එකෙ Building එකක් කඩන් වැටෙනවා. එතන බෲස් වොලස් කියල එයා යටතෙ වැඩ කරන කෙනෙක්ව බේරගන්නවා. ඒත් මෙයාට එයාගෙ කකුල් නැති වෙනවා. ලෙක්ස් මෙයාව පාවිච්චි කරල බෲස් ව අවුස්සනවා. ඒ වගේම ක්ලාක්වත් බැට්මෑන් අපරාධකාරයො Brand කරන හැටි ගැන එහෙම කියල බෲස් ට විරුද්ධව වැඩ කරන තැනට සලස්වනවා. තේරෙනව ඇතිනෙ ලෙක්ස් ලූතර් කියන්නෙ එසේ මෙසේ ඩයල් එකක් නෙමෙ කියලා. ඒත් එක්කම බෲස් දකින් හීනෙත් බෲස්ගෙ මේ Rage එකට බලපානවා. මතක ඇති බෲස් හීනයක් දකිනවා ඩාක්සෙයිඩ් අතින් විනාශ වෙච්ච පෘථිවියක් පාලනය කරන ඒකාධිපති සුපර්මෑන් කෙනෙක් ගැන ( Injustice කතාවට ගොඩක් සමානයි ) ඒවගේම සුපර්මෑන් ගෙම කියල හමුදාවක් ( Regime ) එහෙමත් ඉන්නවා. එයාලා සුපර්මෑන්ට විරුද්ධව යන අයව අල්ලනවා වගෙ සීන් එකක් තේරෙන්න ඇති. ඒ වගේම මේ හීනෙත් එක්කම බෲස්ට අනාගතෙන් ආපු ෆ්ලැශ් ව හම්බෙනවා ( මේකත් පේන්නෙ හීනයක් වගේ.ඒත් එහෙම නෙමෙ මේක ඇත්තටම වෙනවා ) ෆ්ලැශ් කියනවා You Were Right About Him...Fear Him කියලා. ඉතින් මේකෙන් සරලව වුනේ බෲස් ගෙ හිතේ ක්ලාක් ගැන තිබ්බ කෝපය තවත් වැඩි වෙච්ච එක. ආ තව එකක් කියන්න ඕනෙ. බෲස්ට ට මුලින්ම පේන ඒකාධිපති සුපර්මෑන් කෙනෙක් ඉන්න හීනෙදී සුපර්මෑන් බෲස්ට කියනවා She Was My World And You Took Her From Me කියල.මෙතන කියන්නෙ ලොයිස් ගැන කියල තේරෙනව ඇති. ඒ වගේම අනාගතෙන් ආපු ෆ්ලෑශුත් කියනවා Lois Is The Key කියලා. මේකෙන් ඇත්තටම මොකක් අදහස් වෙනවද කියල අපි දන්නෙ නැ මොකද ජොස්ටිස් ලීග් එකෙ එහෙම ලොකු සීන් එකක් තිබ්බෙ නැ හරියට බැලුවොත්. ලොයිස් කියන්නෙ ලොකු part එකක් play කරන්න තියෙන චරිතයක් එහෙම බැලුවොත්. මේ ගැන අපිට ස්නයිඩර් කට් එකෙන් මොකක් හරි ඉගියක් ලැබෙයි. ඉතින් කලින් කිව්ව වගේ මේ ඔක්කොම නිසා තමා බෲස් සුපර්මෑන් ව නවත්තන්න හිතන්නෙ.

බෲස් සුපර්මෑන් එක්ක වලියට යන්න ආමර් එකක් පාවිච්චි කරනවා. මේකටත් ගොඩක් අය එක එක කතා කියල තිබ්බා 😂 මේ ආමර් එකට කියන්නෙ Mech Armor කියල. The Dark Knight Returns බලපු අයනම් දන්නවා මේ ආමර් එක ඒකෙ බැට්මෑන් පාවිච්චි කරන ආමර් එකට හැමඅතින්ම වගේ සමානයි 🔥 Comic Based Movie එකක් හදද්දී Comic Accuracy කියල එකකුත් තියෙන්න ඕනෙ. 100% ක් කොමික් එකෙ තියෙන ඒව ෆිල්ම් එකට ගන්න ඕනෙ නැති වුනත් 50% ක් වත් කොමික් වල තියෙන ඒව ඒ ආකාරයෙන්ම තිබ්බොත් තමා කොමික් බේස්ඩ් වෙන්නෙ. Comic Character එක විතරක් බේස්ඩ් කරන් හදන ෆිල්ම් එහෙමත් තියෙනවා. ඉතින් මේ BvS එකෙ පාවිච්චි කරන ආමර් එක DKR ආමර් එකට සමානයි. මේක අයන් මෑන්ගෙ වගෙ Special Features තියෙන ආමර් එකක් නෙමෙ. Medieval Knight කෙනෙක්ගෙ ආමර් එකක් විදිහට තමා මේක හදල තියෙන්නෙ. අතින් ලේසර් යන්නෙ නැ පියාඹන්න Thrusters නැ Missiles නැ. ඒත් බැට්මෑන් ට පුලුවන් වුනා මේකෙන් පෘථිවියේ බලගතුම ජීවියව නවත්තන්න ක්‍රිප්ටෝනයිට් වල උදව්වත් එක්ක. දැන් සමහරක් කියයි ක්‍රිප්ටෝනයිට් තිබ්බොත් ඕනම එකෙක්ට සුපර්මෑන් ව නවත්තන්න පුලුවන් කියල 😂 ඕව ගැන වාද කරල වැඩක් නැ. 


Mech Armor

තව එකක් තමා ඩූම්ස්ඩෙ එද්දි බැටා බයේ දිව්ව කියන කතාව 😂 සමහරක් ට අනුව එහෙම පැනගත්තම බය ගුල්ලෙක් වෙනවා. ඩූම්ස්ඩෙ එද්දි ජාතික ගීය කියද්දි ඉන්නව වගේ සීරුවෙන් හිටන් ඉන්න ඕනෙ. එහෙම හිටියොත් තමා ඌ එඩිතර එකෙක් කියල පේන්නෙ 😂 ඩූම්ස්ඩෙ කියන්නෙ සුපර්මෑන් වගෙ පවර්ෆුල් එකෙක්ව මරන්න පුලුවන් ජීවියෙක්. ඉතින් එහෙම එකෙක් ඉස්සරහට එද්දී ඌත් එක්ක ආමර් එකකුත් නැතුව ගහගන්න තරම් බැටා මෝඩයෙක් කියල මම හිතන්නෙ නැ :-) ඒත් එහෙමයි කියල බැටා හැන්ගිලා හිටියෙත් නැ. මෙට්‍රොපොලිස් වල ඉදන් ගෝතම් වලට ඩූම්ස්ඩෙ ව අරන් එන්න බැටාට පුලුවන් වුනා. ඒ වගේම සුපර්මෑන් ට ඩූම්ස්ඩෙ ව මරන්න ලේසි වෙන්න Kryptonite Gas එකක් ගහලා ඩූම්ස්ඩෙ ව දුර්වල කලා. ඒ වගේම බැට්මෑන් හදපු ක්‍රිප්ටෝනයිට් spear එක තිබුනෙ නැත්තන් සුපර්මෑන් ට ඩූම්ස්ඩෙව නවත්තන්න වෙන්නෙත් නෑ. ඒ වගේම බැට්මෑන් සුපර්මෑන් එක්ක ගහගෙන ඊට විනාඩි ගානකට පස්සෙ Warehouse එකේ Mercenaries ලා සෙට් එකත් එක්ක ගහගෙන ඊටත් පස්සෙ ඩූම්ස්ඩෙව නවත්තන්නත් යනවා 😏 

සුපර්මෑන් මැරුනයින් පස්සෙ බැට්මෑන් වෙනස් වුනා කියලා මම කලිනුත් කිව්වනෙ. සුපර්මෑන් මැරුනු තැනට බැට්මෑන් එන්නෙ අන්ධකාරෙ ඉදන් එලිය තියන තැනකට. ඕකෙන් symbolize වෙන්නෙ බැට්මෑන්ගෙ නැවත ඉපදීම ( Rebirth ) එක. ෆිල්ම් එකෙ මුල මැද අග බෲස් වත්තක ඇවිදන් යන සීන් තුනක් තිබ්බ මට මතක විදිහට. ෆිල්ම් එකෙ මුලින්ම පෙන්නන විදිහට බෲස් ඇවිදන් යන තැන ගොඩක් තනකොල වැවිලා වල් වැදිල වගෙ තියෙන්නෙ. මේකෙන් අදහස් කරන්නෙ එයාට හරිහමන් අරමුණක් නැ කියන එකයි. ෆිල්ම් එකෙ මැද්දෙත් මේ වගෙ එකක් පෙන්නනවා. ඒත් මෙතන අර වගෙ ලොකුවට වල් වැදිල තනකොල වැවිල නැති වුනත් හරිහමන් පාරක් පේන්නෙ නැ. මේ බැට්මෑන් සුපර්මෑන් ව මරන්න හිතා ගත්ත එක symbolize කරල තියෙන්නෙ. එයාට අරමුණක් තියෙනව වුනත් එයාටත් විශ්වාසයක් නැ මේක හරිදේද කියන එක ගැන්. ෆිල්ම් එකේ අන්තිමට සුපර්මෑන් ගෙ මරණෙන් පස්සෙ මේ සීන් එකම පෙන්නනව. අර වල් වැදිච්ච වත්ත මැද්දෙන් පාරක් තියෙනවා. මේකෙන් අදහස් වෙන්නෙ දැන් බෲස්ට හොද අරමුණක් තියෙනව කියන එකයි. ඉතින් තේරෙනවනෙ Symbolism දාලා ෆිල්ම් හදනවනම් ආයෙ සැක් ස්නයිඩර් තමා 🔥




ඔන්න ඉතින් ඕක තමා සැක් ස්නයිඩර් ගෙ Batman vs Superman Film එකෙ කතාව.මේකෙ වැරදි තියෙනවනම් ගනන් ගන්න එපා 😁 මේ වගේම ආටිකල් එකකින් හම්බෙමු එහෙනම් 😉 


ՏᎻᎬᎻᎪΝ  🦇  #CapedCrusader


(ප.ලි - ආටිකල් එක කියවනකොට තේරෙන්න ඇතිනේ මේක ස්නයිඩර් කට් එක රිලීස් වෙන්න කලින් ලියපු එකක් කියලා. අද (25) BvS ඇනිවසරි එක නිසා තමා මේක දාන්න හිතුවේ. ඒ වගේම ඔරිජනල්ම ශෙහාන්ගේ ලිපිය තමා මේ (ශෙහාන් කට් එක 😂). ඉස්සරහට ශෙහාන්ට කියලා ස්නයිඩර් කට් එකේ දේවලුත් එකතු කරලා ස්නයිඩර්වර්ස් එක ගැන තව ආටිකල් එකක් අරන් එන්නම්.. -සනිදු- )

2 Comments

Post a Comment
Previous Post Next Post