ඒ හිටියේ ප්‍රොෆෙසර්ස් X ද? | Doctor Strange in the Multiverse of Madness Official Trailer Breakdown



ඔන්න අපිට දොස්තර හොද හිතගෙ දෙවෙනි ෆිලුමේ ඔෆීශියල් ට්‍රේලර් එක බලාගන්න පුළුවන් උනා. පලවෙනි ට්‍රේලර් එකේම Charles Xavier ගේ කැමියෝ එකක් වගේ පෙන්නනවානම් තව යද්දී කෝම ඇත්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්නකො...

(ප්‍රොෆෙසර් එක්ස්)


(මෙතැන් සිට Dr. Strange ට කියන්නේ ඩොකා ලෙසය)


වැඩි කතා නැතුව කෙලින්ම යමු Breakdown එකට එහෙනම් .

පටන් ගැන්මෙදිම ඩොකාට හීනයක් පේනවා. ඒ අමුතුම තැනක Sanctum එක විතරක් තියන තැනක්. එතන යට ඇට සැකිලිත් බලන්න ලැබෙනවා. ඒ කියන්නේ හුග දෙනෙක් එතන මැරිලා කියන අර්ථයක් වගේ ගෙන එනවා.

(ඔය බිම ඇට සැකිලි...)

ඩොකා කියනවා හැම රැයකම එයාට එකම හීනය පේනවා කියලා. ඒ වගේම එයා කියනවා "Then the nightmare begins" කියලා. එත් මන් හිතන්නේ නෑ ඩොකා Nightmare විලන් ගැන අදහස් කළා කියලා. නයිට්මෙයා කියන්නෙත් මෙෆිස්ටෝ වගේම දැන් ටික කාලෙක ඉදන් MCU එකට එයි කියලා හැමෝම හිතන් ඉන්න විලන් කෙනෙක්. ඒ වගේම නටිට්මයර් ඩොකාගෙ හතුරෙක් කොමික් වල...


මට හිතෙන්නේ එක්කෝ ඩොකෙක් නැත්තන් වන්ඩා තමයි විලන් කෙනෙක් වෙන්නේ කියලා සහ ඩොකා මේ හීනෙ හැමදාම දකිනවා නම් මේක හීනයක් වෙන්න බෑ. මොකද එයාට පේනවා America Chavez, Monster කෙනෙක් ට අහුවෙලා ඉන්න එක සහ ඒ හීනෙ Defender Strange ඉන්න නිසා. මං හිතන්නේ මේ හීනෙන් ඉස්සරහට මොනාද වෙන්නේ කියල පොඩි ඉගියක් දෙනවා කියලා. නැත්තන් තව විශ්වයක ඩොකෙක් අපේ ඩොකාට මොකද්ද වෙන්න යන්නේ කියලා අනතුරු ඇගවීමක් කරනවා මොකද එයාගේ විශ්වයෙත් එහෙම උන නිසා වෙන්න පුළුවන්. මතකයි නෙහ් ස්නයිඩර් කට් එකේ තිබ්බ බැට්මෑන්ගේ නයිට්මෙයා සීන් එක. ආන් ඒකේ වයිබ් එක මේකේ තියෙනවා. හීනයක් උනත් ඉස්සරහට වෙන්න පුලුවන් දේක අනාවැකියක් වගේ.

(America Chaves තුඩු මනික)

ඊළගට අපිට බලාගන්න පුළුවන් විෂේශ තැනක් තමයි ඩොකා කේයෝස් මැජික් එක්ක ඉන්න කෑල්ල. මේක ටිසර් එකෙත් පොඩියට තිබ්බා. හැබැයි ට්‍රේලර් එකේ ඊට අමතරව තව කැලි දෙකක් එකතු වෙලා තිබ්බා. එකක් තමය් ඔයා Orbs (චනුක්ස් ඕර්බ් එහෙම නෙවෙයි ඔය රතුපාට රවුම් වගේ තියෙන්නේ) ආන් එව්වා ලගට අරන් Analyze කරන එකක් සහ ඔක්කොම Orbs ටික පොතකට දමලා ගහන සින් එක.



(පොතට දමලා ඇරීම)

හුගක් වෙලාවට මේ Orbs හදලා ඇත්තේ වන්ඩා වෙන්න ඇති. මොකද ඒවා රතු නිසා හා කේයෝස් මැජික් වගේ නිසා. එක නිසා වෙන්න ඇති ඩොකා ඒක ලගට අරන් Examine කරන්නේ. මෙතන ඩොකා මේ ටික දමලා ගහන පොත ඩාක්හෝල්ඩ් වගේ. මතකනේ ඕක මුලින්ම අපි දැක්කේ WandaVision සීරීස් එකේ ඇගතා යූස් කරනවා. ඊට පස්සේ ඒ සීරීස් ඒකේ අවසානයට වන්ඩා ඩාක්හෝල්ඩ් එක යූස් කරනවා එයාගේ ළමයි දෙන්නව හොයාගන්න. ඔය සිද්දි දෙක ගලපනකොට මේ ෆිල්ම් එකෙත් වන්ඩගෙ ළමයි දෙන්නා (බිලී සහ ටොමී) ප්ලොට් එකේ ලොකු කොටසක් වෙයි කියලා හිතන්න පුලුවන්.





මේකෙන් පස්සේ ටිසර් එකේ තිබ්බා වගේම ඩොකා වන්ඩාගෙන්ගෙන් මල්ටිවර්ස් එක ගැන මොනාද දන්නේ කියලා අහනවා. එත් වන්ඩා කියන්නේ විශන් (වන්ඩා, විශන්ට කතා කරන්නේ විස් කියලා) ඒ ගැන පොඩ්ඩක් හොයල බැලුවා සහ ඒක ගොඩක් භයානක දෙයක් කිව්වා කියලා. ඉතින් ඩොකා එකට කියනවා "He was right" කියලා.



මන් හිතනවා මේ සින් එක Illusion එකක් කියලා . ඊයේ ට්‍රේලර් එකත් එක්ක සුපර්බෝල් එකට TV Spot එකකුත් අවා. එකේ ඔය වගේම සින් එකක් තියෙනවා. එකේ ඩොකා මේකේ ඉන්නවා වගේම එකම ඇදුම ඇදන් ඉන්නේ. එත් වන්ඩා වෙනස් විදියට ඉන්නේ. අර පිටිපස්සේ තියෙන ගස් පවා තයෙනවා එත් පාට පොඩ්ඩක් රතු වගේ වෙලා. මන් හිතන්නේ WandaVision එකේ පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකත් එක්ක බලද්දී වන්ඩා මල්ටිවර්ස් එක ගැන දැනට හුගක් දේවල් දන්නවා කියලා. 


ඒ වගේම මේකේ විනාස වෙමින් යන යුනිවර්ස් එකක් පෙන්නුවා. මේක What IF..? එකේ පෙන්නපු යුනිවර්ස් එක කියලනෙ ගොඩක් අය කියන්නෙ. හැබැයි මට හිතෙන හැටියට මේ Sinister Strange ඉන්න යුනිවර්ස් එක. මේකෙ ඇතුලෙ කලු කුහරයක් වගේ දෙයක් තියෙනවා කියල පෙන්නුවනෙ. ඔය වටපිටාවෙ තියෙන දේවල් ඒ void එක ඇතුලට ඇදිලා යනව ඇති.

(සිනිස්ටර් ස්ට්‍රේන්ජ්)

(ඔය ඇදිලා යන්නෙ ඔක්කොම)


ඔන්න ඔතන තමය් ට්‍රේලර් එකේ එපික්ම සින් එක. මෝර්ඩෝ කියනවා රියලටි එකට තියෙන ප්‍රශ්නේ ඩොකා කියලා. 

(මෝර්ඩෝ)


එකත් එක්කම ඩොකව ඇරෙස්ට් කරලා කවුන්සිල් එකක් වගේ තැනකට ගෙනියනවා. මෙතන ඩොකාව අරන් යන්නේ Ultron Bots ලා. මතකනේ Avengers: Age of Ultron එකේ ටෝනි පටන් ගන්න අල්ට්‍රෝන් සෙන්චරි ප්‍රොජෙක්ට් එක. 



(එජ් ඔෆ් අල්ට්‍රෝන් එකේ අල්ට්‍රෝන් Sentries එකේ ඩෑල්)


Ultron Sentries ඕන් ඕක අසාර්ථක වෙනවානේ. හැබැයි මේ ඉන්නේ ඒ වැඩේ සාර්ථක කරගත්ත ටෝනි ස්ටාක් කෙනෙක්ගේ (ම්ම්ම් ටොම් කෲස් වෙයන් ///) අල්ට්‍රෝන් බොට්ස්ලා වෙන්න පුලුවන්. සමහරවිට Superior Iron Man (ම්ම්ම් ටොම් කෲස් වෙයන් ///) වෙන්න පුලුවන්. සමහර විට අපි ට්‍රේලර් එකේ දැක්ක මෝර්ඩෝ කියන්නේ තවත් Varient කෙනෙක් වෙන්න පුළුවන්. ඒ varient ඉලුමිනාටි එකේ සාමජිකයෙක් වෙන්න පුළුවන්.


එකෙන් පස්සේ ඩොකාව කවුන්සිල් එකක් (හම්මූහ් ඉලුමිනාටි රස //) වගේ තැනකට අරන් යනව. එතන පුටු හයකුත් තියෙනවා. මේ ගැන අපි ඉස්සරහට කතා කරමු. 



මේ තමයි Multiversal Illuminati. ඉලුමිනාටි කියන්නේ පෘතුවියේ ඉන්න බලවත්ම Superhero Teams වල නායකයෝ එකතු වෙලා හදපු Guild එකක්... 



කොමික් අනුව මේ ඉල්ලුමිනටි එකේ සාමාජිකයෝ තමා 👇

1. Tony Stark (Avengers )

2. Prof. Charles Xavier (X-Men)

3. Namor (Atlantians)

4. Black Bolt (Inhumans)

5. Reed Richards (Fantastic Four)

6. Doctor Strange (Sorcerer Supreme)


කොමික් වල නම් බ්ලැක් පැන්තර්ටත් මේ ටීම් එකට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුනත් එයා එක ප්‍රතික්ෂේප කරනවා. එත් MCU එකේ එහෙම වෙයිද නැද්ද කියන්න බෑ. අනික මේ උඩ කිව්ව ටීම් එක ඒ විදියටම MCU එකට එයිද නැද්ද කියන්නත් බෑ. ඒ ගැන අන්තිමේටම කතා කරමු.

ඩොක්ටර් Council Room එකට අර පුටු 6න් වම් පැත්තේ එකක එක්කෙනෙක් ඉදන් ඉන්නව. එයාව පොඩ්ඩක් zoom කරලා බැලුවොත් පේනවා Chain එකක් තියෙනවා. ඉතින් හුගක් වෙලාවට ඒ බ්ලැක් පැන්තර් වේරියන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට ඔය වෙන නලුවෙක් වෙන්න පුළුවන් (චැඩ්වික් නැති නිසා 😪). CGI/VFX යූස් කරලා චැඩ්වික්ව ආයේ ස්ක්‍රීන් එකට ගේන එකක් නෑ.


හැබැයි මට (මලින්ද) හිතෙන්නෙ මේ ටීම් එක ඉලුමිනාටි එක නෙවේ කියලා. මොකද මේකෙ Defender Strange කියලා variant එකක් ඉන්නවා. ඒ වගේම ඒ වේරියන්ට් ඇඳන් ඉන්නේ කොමික් වලදි Defender ටීම් එකත් එක්ක ඉන්න කාලෙදි Dr.Strange ඇඳන් හිටපු සූට් එකමයි. ඒ කියන්න්නෙ මේ ටිම් එක Defenders වෙන්න ඕනේ. U know Defenders of the multiverse. TVA එක ටයිම්ලයින් එක ආරක්ෂා කරනව වගේ මෙයාල මල්ටිවර්ස් එක බලාගන්නවා ඇති. දැනට මට හිතෙන්නෙ මේ අය ටීම් එකේ ඉන්නව ඇති කියලා.


1.Prof.X

2.Superrior Ironman

3.Master Mordo

4.Defender Strange


දැනට කන්ෆර්ම් කරලම කියන්න පුළුවන් සෙට් එක තමා ඔය. සමහරවිට නෝමන් රීඩස් ගෙ Ghost Rider එහෙමත් ඉන්න පුළුවන් ඔතන. 


ඊළගට අපිට Professor X ව බලාගන්න ලැබෙනවා. එයා කියන්නේ "We should tell him the truth " කියලා. දැන් අහන්න එපා කොහොමද මෙය Professor X කියලා. ඔය පැට්‍රික් ස්ටුවර්ට්ගේ ගේ කටහඩ හොදේ. මෙයා තමා 20th Century FOX එකෙන් කරපු X-Men ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකේ ප්‍රොෆෙසර්ස් Xට රගපෑවේ...



No Way Home වගේ ලීක් නොදී කෙලින්ම පැට්‍රික් බොස් එකේ ඉන්නවා කියල පෙන්නපුෆයිගි මාමට දහස් වාරයක් පින්. ඉතින් ට්‍රේලර් එකේම මෙහෙම නම්, ෆිල්ම් එකේ වෙන කාගේ කාගේ කැමියෝ එයිද දන්නේ නෑ 😁


මට හිතනවා මේ ෆිල්ම් එකට What IF..? ඇනිමේශන් යුනිවර්ස් එකේ ක්‍රොස්ඕවර් එකක් වගේ යයි කියලා. ට්‍රේලර් එකේ America Chavez එක්ක ඩොකා මල්ටිවර්ස් අස්සේ යන කෑල්ලේ ඩයිනෝසර්ලගේ යුනිවර්ස් (ඕකට කියන්නේ savage land කියලා ) එකෙන් පස්සේ විදුරු කැලි වගේ කැඩිලා තව යුනිවර්ස් එකක් පෙන්වනවා. ඒක ඇනිමේටඩ් යුනිවර්ස් එකක් (2D යුනිවර්ස් එකක්). අනික අලුතෙන් රිලීස් උන MOM පෝස්ටර් එකෙත් කැප්ටන් කාටර්ගේ ගේ ශීල්ඩ් එක තියන පොඩි විදුරු කොටසක් තියෙනවා.

(ඔය අස්සෙ තියෙන්නෙ 2D)


අනිත් එක තමය් ට්‍රේලර් එකේ ගැටළු සහිත තැනක් උනේ කවුද වන්ඩා එක්ක ගහගන්නේ කියලා. මං නම් හිතන්නේ නැ ඔය නෝවා කියලා. මං හිතන්නේ ඔය ඉන්නේ මරියා රැම්ඹුගේ හෝ මොනිකා රැම්ඹුගේ වේරියන්ට් එකක් කියලා. මරියා කියන්නේ කැරොල් ඩැන්වර්ස් (කැප්ටන් මාර්වල්) ගේ යාලුවා. 



මේ දෙන්නා තමා එයාර්ෆෝස් එකේ ෆ්ලයි කරන්නේ. ඉතිං කැරොල් වෙනුවට මරියා ඇක්සිඩන්ට් වෙලා පවර්ස් ලැබුන යුනිවර්ස් එකක කැප්ටන් මාර්වල් කෙනෙක් වෙන්න පුලුවන් මේ. ආයේ මොනිකට පවර්ස් ලැබෙන්නේ WandaVision සීරීස් එකේදිනේ. ඉතිං සමහරවිට මේ ඉන්නේ ඒ මොනිකම වෙන්නත් පුලුවන්. එහෙම උනොත් නම් එපික්. මොකද දැනටම වන්ඩා සහ මොනිකා දෙන්නා එකිනෙකාව දන්නවා. ඉතිං දෙන්නා අතරේ මරු බැටල් එකක් බලාගන්න පුලුවන්.


හැබයි TV Spot එකේ ඔය වගේම කෙනෙක් ඉන්නවා සහ එයා වෙනස්. හරියට අයන් මෑන් වගේ. Superior Iron Man වගේ. හුගක් අය රූමර්ස් ශෙයා කලානේ ටොම් කෘස් ඉදි කියලා. කෝමත් Ultron Bots ලව හරියටම හදපු කෙනෙක් ඉන්න ඕනිනේ. අනිත් එක තමා මේ අයන් මෑන් Ultron Bots ලව හැදුවා නම් මෙයාට එයාගේ සූට් එකත් සෑහෙන්න පර්ෆෙක්ට් එකට හදාගන්න පුලුවන් හැකියාවක් තියෙන්න ඕනි. මෙයා ඉලුමිනාටි එකේ නම් මෙයා අනිත් ඉලුමිනාටි සාමාජිකයන්ටත් ලාටත් සූට්ස් හදලා දෙයි. කොමික් රචක ටොම් ටේලර් කියන හැටියට එයා Endo-Sym Armor එක ඩිසයින් කරේ ටෝනිට මල පැන්න වෙලාවට රතු/තැඹිලි පාටකින් දිළිසෙන්නලු. එතකොට මේ ඉන්නෙ අයන් මෑන් වෙන්නත් පුළුවන්....

එත් ඇයි ? 

මොකද මේ සූට් වලට Infinity Stones වල Power එක දරා ගන්න පුළුවන් නිසා. හැබැයි කියන්න බෑ මේක සම්පූර්ණ නොමග යැවීමක් වෙන්න පුලුවන්. දන්නවානේ මාර්වල් ට්‍රේලර්ස් වල ආතල්...



මොනා උනත් මුන් ගහගන්නේ වන්ඩා එක්ක නැත්තන් වන්ඩාගේ Varient කෙනෙක් එක්ක. අනික වන්ඩා ඉන්න තැන අනුව හිතන්න පුළුවන් වන්ඩා ඉන්නේ ඉලුමිනාටි Headquarters එකේ කියලා .  


ආය කියන්න ඕනි විශේෂ දෙයක් තමයි ඔයාලට America Chavez ව දන්නේ නැත්තම්, එයාට පුළුවන් යුනිවර්ස් අතර ට්‍රැවල් කරන්න. තරුවක් විදියට හැදෙන පෝටල්ස් වලින් තමා එයා එහෙම ට්‍රැවල් කරන්නේ.

(ඇමෙරිකා කෙල්ල)


ඊට පස්සේ අපිට බලන්න ලැබෙනවා වන්ඩාගේ ස්කාලට් විච් වේරියන්ට්. තව වන්ඩා කියනවා ඩොකා වැරද්දක් කලොත් එයා වීරයක් වෙනවා හැබැයි වන්ඩා ඒ වගේ වැරද්දක් කලාම එයා විලන් කෙනෙක් වෙනවා කියලා. මේ කෙනා ඉන්නෙ Westview වල එයා හදාගත්ත ගේ ඇතුලෙමයි. ඒ වගේම මේ කෙනාගෙ හම කළු පාට වෙලා වගේ තියෙන්නෙ. මට හිතෙන්නෙ මේ Cththon ගෙ පාලනේට අහුවෙලා හෝ කේයෝස් මැජික් පාවිච්චි කරන වන්ඩා කෙනෙක්. 



තව වන්ඩා ලේ වලින් පිරුණු විදිහට ඉන්න සින් එකක් පේනවා. මන් හිතනවා ඔය ඉලුමිනාටි HQ එකේ වලියෙන් පස්සේ වෙන්න ඇති කියලා. අනික ඔය ඉන්න විදිහට කියන්න පුළුවන් වන්ඩා වලිය දිනලා කියලා. මේ වන්ඩා සූට් (ස්කාලට් විච් කොස්ටියුම් එක) එකක් ඇදන් නෙමෙයි ඉන්නේ. සමහර විට මෙයාව Manipulate වෙලා නැත්තන් මෙයාව තව වන්ඩා කෙනෙක් Manipulate කරනවා වෙන්න පුළුවන් .



අනිත් එක තමය අපිට ට්‍රේලර් එක අවසානයේ Evil ඩොකෙකුයි වන්ඩා කෙනෙකුයි පෙන්නනවා. මං හිතන්නේ Sub Villians ල හිටියත් මේ දෙන්න තමයි Villian වෙන්නේ කියලා. ගොඩක් අය අහල තිබ්බ මේ What IF..? එකේ හිටපු සොම්බියාද කියල. නෑ.. මේ ඉන්නෙ Defender Strange. සූට් එක දිහා බැලුවොත් ඒක පැහැදිලිවම පෙනේවි. මට හිතෙන්නෙ මේ ඩොකා ෆිල්ම් එක මැදදි මැරෙයි. ඊට පස්සෙ වොන්ඩා මෙයාව Resurrect කරල පාවිච්චි කරයි. 



මේ ඩීටේල්ස් එක්ක ගත්තම කතාව ගැන පැහැදිලි අදහසක් ගන්න පුළුවන්. NWH සිදුවීම් නිසා Multiverse එක ඇතුලෙ crack එකක් ඇතිවුනානෙ. ඉතින් මේක හරහා ඩොකාගෙ ඩාක් වේරියන්ට් ටිකක් ඇවිල්ල මල්ටිවර්ස් එකේ පිස්සු නටන්න ගනී. ඔය අස්සෙම වොන්ඩා, Ms.America පස්සෙ එහෙම පන්නනව ඇති එයාගේ නිවුන් ළමයි දෙන්නව හොයාගන්න. අර පෙන්නපු Defenders Team එක TVA ල වගේ ඩොකාගෙයි වොන්ඩා ගෙයි පස්සෙ යනවා ඇති මල්ටිවර්ස් එකට කරපු දේවල් වලට දඬුවම් දෙන්න. අන්තිමට Wanda vs All වලියක් ගිහිල්ලා ෆිල්ම් එක ඉවරවෙයි. සමහරවිට වොන්ඩගෙ වේරියන්ට් කීපයක්ම එයි..


ඔය උඩ තියෙන්නේ මලින්දගෙයි, රකීබ්ගෙයි බ්‍රේක්ඩවුන් එක. දැන් මම (සනිදු) කියන්න යන්නේ ඉලුමිනාටි හෝ ඩිෆෙන්ඩර් ටීම් වෙන වෙන්න පුලුවන් අපි අර දැක්ක සීට් 6, MCU එකට අනුව පිරෙන්නේ කොහොමද කියන එක. මේවා තියරි විතරයි.. ඔය සීට් 6න් තුනක් දැනටම පිරිලා තියෙන්නේ. හැබැයි මෙතන ඉන්න අයගෙන් අපිට කම්ෆර්ම් පැට්‍රික් ස්ටුවර්ට්ගේ ප්‍රොෆෙසර්ස් X විතරයි. ගොඩක් දුරට මෝඩෝර් මේ සීට් එකක ඉදීවී. එයාගේ යුනිවර්ස් එකේ සෝසරර් සුප්‍රීම් විදියට. එහෙනම් ඊලග 4 දෙනා කවුද. මෙහෙමයි.. NWH එකට ටෝබි ආවා කියන්නේ ටොම් කෲස්, අයන් මෑන් විදියට මේකට එන්න බැරි කමක් නෑ. මොකද MCU එක ඇතුලේ බෑ කියන පොසිබිලිටි එක නෑ කියලා NWH එකෙන් ඔප්පු කලා. හැබැයි ඇත්තටම ප්‍රශ්නෙ තියෙන්නේ ටොම් කෲස් මේ කැරැක්ටර් එකට කැමති වෙයිද කියන එකෙයි. මාර්වල්ලා පොඩි කැරැක්ටර් එකකට උනත් ලොකු ගානක් ගෙවන්න ලෑස්ති ඒ කැරැක්ටර් එක පවර්ෆුල් නම්. ඉතිං ටොම්ට උනත් මේ කැරැක්ටර් එකට නොඑන්න හේතුවක් නෑ. අනික ඩවුනිට කලින් අයන් මෑන්ට කාස්ට් කරන්න හිටියෙත් ටොම් කෲස්ව. ඉතිං ලස්සන හිස්ට්‍රි එකකුත් තියේ. නිකාන් උඩින් පාත් වෙනවා නෙමෙයිනේ. ඊලග කෙනා තමා ෆොක්ස් එකෙන් කරපු පළවෙනිම Fantastic Four ෆිල්ම්ස් එකේ රීඩ් රිචර්ඩ්ස්ගේ චරිතෙ කරපු ඉයොන් ගෲෆර්ඩ්

(ඉයොන් ගෲෆර්ඩ් රීඩ් රිචර්ඩ්ස් විදියට)


ටොම් කෲස් අයන් මෑන් විදියට එනවට වඩා ලොකු පොසිබිලිටි එකක් තියේ ඉයොන් ආයෙත් මිස්ටර් ෆන්ටෑස්ටික් විදියට මේකට එන එකට. එහෙම ආවොත් පර්සනලි ටෲ මාර්වල් ෆෑන්ස්ලට ලස්සන සප්‍රායිස් එකක් වේවි ඒක. ඔය හතර දෙනාම ඕකේ උනත් තව දෙන්නෙක් ඉන්න ඕනිනේ. ඒ දෙන්නා කොහොම වෙයිද? 2017දී Inhumans සීරීස් එකක් ආවා. ඒ කාලේ පුදුම විදියට මාකටින් කරලා ආව සීරීස් එකක්. මතක විදියට මේකේ පළවෙනි එපිසෝඩ් දෙක තෝරාගත් තියටර්ස් වලටත් රිලීස් උනා. හැබැයි මෙච්චර කාලෙකට නිර්මාණය වුන අසාර්තකම මාර්වල් සීරීස් එක තමා ඔය. හැබැයි ඕකේ ඉන්නවා බ්ලැක් බෝල්ට්. ඇන්සන් මවුන්ට් තමා කැරැක්ටර් එක කලේ.

බ්ලැක් බෝල්ට් (Inhumans)

ඉතිං බ්ලැක් බෝල්ට් කැමියො එකක් ගේනවානම් ඒකටත් දැනටම කෙනෙක් මාර්වල් එකට ඉන්නවා. එතකොට අවසානම කෙනා නේමර්. හැමෝම දන්නවානේ අපිට Black Panther: Wakanda Forever එකෙන් නේමර්ව බලාගන්න පුලුවන් කියලා. ඒක 100% කම්ෆර්ම් නෑ.. හැබැයි නේමර්ව ගේනවානම් ඔන්න ඒකටත් දැනටම කෙනෙක් මාර්වල් එකට ඉන්නවා.


මං මේ ටික කිව්වේ මාර්වල්ලට කොච්චර පොසිබිලිටි තියෙනවද කියලා උදාහරණ වලින්ම ඔයලාට පැහැදිලි කරන්න. මලින්ද කිව්වා වගේ මේ ඉන්නේ ඩිෆෙන්ඩර් ටීම් එකනම් Agents of Sheild සීරීස් එකේ ගෝස්ට් රයිඩර්ව උනත් මේකට ගන්න පුලුවන්.



කොහොමත් මේ ෆිල්ම් එක තමා ඉස්සරහට හැදෙන MCU එකේ ටර්නින් පොයින්ට් එක. තව දෙයක් තියේ. NWH එක බොක්ස් ඔෆීස් වලින් ලොකු ගානක් හෙව්වට ඒකෙන් වැඩි ප්‍රමාණයක් යන්නේ සෝනි එකට. මොකද ඒ ෆිල්ම්ස් වල වැඩි අයිතිය තියෙන්නෙ සෝනි එකට නිසා. ඉතිං සරලව කිව්වත් මාර්වල් එකට කල්ල මරේ කරගන්න පුලුවන් හොදම චාන්ස් එක තමා මේ. සමස්ත ලෝකෙම NWH එකෙන් පිස්සු වැටිලා ඒ වගේ කැමියෝස් හොයන කාලෙක දැනටම තියෙන ටිකම කනෙක්ට් කරලා ලොකු ගේමක් ගහන්න මාර්වල් එකට පුලුවන්. කොහෙන් ගියත් ඉතිං අවසානයේ මේවා සල්ලිනේ. ඉතිං අපි බලාපොරොත්තු වෙනවට වඩා සෑහෙන්න කැමියෝස් ගොඩක් මේකේ ඉන්න පුලුවන්. MOM බලන්න කලින් ඔයලා අනිවාර්යයෙන් Fantastic Four (2005, 2007) ෆිල්ම්ස් දෙකම බලන්න. ඒ වගේම Avengers: Age of Ultron එකත් බලන්න. ඊට අමතරව What IF..? ඇනිමේශන් සීරීස් එක අනිවාර්යයෙන් බලන්න.. ඒක නොබලානම් මේක බලන්න යන්න එපා ඈ. ෆොක්ස් එකෙන් කරපු X-Men ෆිල්ම්ස් ටික බලලා නැත්තම් අඩුම තරමේ මුලින්ම ආව ෆිල්ම්ස් තුන (X-Men, X2, X-Men: The Last Stand) අනිවාර්යයෙන් බලන්න. 


එහෙනම් ඔන්න සේරම විස්තරේ ඉවරයි. සුපුරුදු විදියට Multiverse of Madness එකත් අපි ප්‍රිමියර් ඉවෙන්ට් එකක් කරනවා. මතකනේ කලින් දෙකේ ආතල් එක. ඒ එක්ස්පීරියන්ස් එක ඊටත් වඩා සුපිරියටම ගන්න මේකට සෙට් වෙන්න. එදාට එන්න කැමති අය මේ ලින්ක් එකෙන් ගිහින් ගූගල් ෆෝම් එක ෆිල් කරන්න 👇

https://forms.gle/bA2KimNoxmPTRUo7A

තව ට්‍රේලර් එකක් ඒවි ගොඩක් දුරට. ආවොත් ඒකෙත් බ්‍රේක්ඩවුන් එක ගේන්නම්. එහෙනම් අර උඩ කිව්ව ෆිල්ම්ස් ටික එහෙම බලලා ඝැම්මට ලෑස්ති වෙලා ඉන්න මල්ටිවර්ස් පිස්සුවේ එක්ස්පීරියන්ස් එක ගන්න.


ලිපි නිර්මාණය හා අදහස - රකීබ් අමීන්, මලින්ද බණ්ඩාර, සනිදු ලක්ඛිත


Marvel Studios' Doctor Strange in the Multiverse of Madness | Official Trailer

2 Comments

Post a Comment
Previous Post Next Post