The Baby-Sitters Club Overview | ලස්සන ඩ්‍රාමා සීරිස් එකක් බලමුතේ

ඩ්‍රාමා සීරිස් වලට ආස කරන අයට සෙට් වෙන තවත් ලස්සන සීරිස් එකක් අරගෙන තමා අද ආවෙ. ඩ්‍රාමා සීරිස් ෆැන්ලට විතරක් නෙවේ ඕනෙම කෙනෙක්ට රසවිඳින්න පුලුවන් සෝක් සීරිස් එකක් තමා මේ. 🙊

මේ සීරිස් එක තමා The Baby-Sitters Club. The Witcher, Ozark, Money Heist, Arcane  වගේ අති සාර්ථක සීරිස් ගොඩක් නිශ්පාදනය කරපු නෙට්ෆ්ලික්ස් ලගෙම ප්‍රොජෙක්ට් එකක් තමා මේකත්. ඒ වගේම අතිසාර්ථකව මේකත් කරල තියෙනව.

Ann M. Martin ලියපු The Baby-Sitters Club පොත් ටික කියවලා තියෙනවද? කියවපු කෙනෙක් අනිවාර්‍යයෙන් මෙතන නොහිටින්න විදිහක් නෑ. මොකද මේක Famous five, Harry Potter වගේ Ground breaking book series එකක්. 


Ann M.Martin 

දැනට ලෝකෙ පුරාම මේකෙ පිටපත් මිලියන 180 කට වඩා විකිණිලා තියෙනවා. එතනින්ම තේරෙනවනේ මේක ලොකු ෆෑන්බේස් එකක් ඉලක්ක කරලා කරපු වැඩක් කියලා 😏 මේ සීරිස්  පොත් 131 තියෙනවා එකේ. මේකෙන් 22 ක් විතරයි ඈන් ලියලා තියෙන්නෙ. දැන් කලබල වෙන්න එපා 131 ක් කිව්වම. මේවා ලොකු පොත් එව්වෙ පොඩි පොඩි short stories තියෙන්නෙ.                     


සාමාන්‍යෙන් book adaption එකක් එනකොට ඒක පොත වගේ නෑ කියලා බැනුම් අහන එක සාමාන්‍ය දෙයක් නේ. හැබැයි මේකනම් ඒ කඩුල්ල යාන්තන් පැනගෙන තියෙනවා. පල්ලෙහයින් දාන්නම් පොතේ කවරෙ සහ සීරිස් එකේ පෝස්ටර් එක. ඒ දෙක බැලුවාම තේරෙයි පොත කියවපු අයට මේකෙන් කොච්චර සාධාරණයක් කරල තියෙනවද කියලා.✌️

 

පලවෙනි පොතේ පිටකවරය


පලවෙනි සීසන් එකේ පෝස්ටර් එක

සීරිස් එකක් හැටියට මේකෙ තිබ්බ ලොකුම සාර්ථකත්වය තමා මේකෙ කාස්ට් එක සහ character development එක පර්ෆෙක්ට්. ඒවගේම මේගොල්ලන්ගෙ කෙමෙස්ට්‍රියනම් මාරම ලස්සනයි. හැරී, රොන්, හ’මයිනි තුන්කට්ටුවට පස්සෙ teenager ල ටාගට් කරල කරපු වැඩකින් මම දැකපු ලස්සනම කෙමෙස්ට්‍රි එක මේක. ඒ පස්දෙනා අතරෙ මාරම ලස්සන bond එකක් තියෙනවා කියලා සීරිස් එක බලද්දි තේරේයි. ස්පෙශලි S01 E03 එකේ. හරියට පොඩි කාලෙ ඉඳන් අඹ යාළුවෝ වගේ හිටපු කට්ටියක් අරගත්ත වගේ. සීසන් දෙකක් පුරාවට ඒක ලස්සනට බිල්ඩ් අප් වේගෙන යනවා ❤


මං කලින් කිව්වනේ මේකෙ character development එක පර්ෆෙක්ට් කියලා. මේකෙ චරිත ටික හඳුන්වලා දෙන්නත් පාවිච්චි කරන්නෙ හරි අපූරු ටෙක්නික් එකක්. මම වෙන කිසිම සීරිස් එකක දැකල නැති අමුතුම ටෙක්නික් එකක්. ඒක දැනගන්න සීරිස් එක බලන්නම වෙනවා. 😏

මේක නෙට්ෆ්ලික්ස් කිව්ව ගමන් සීරිස් එක එපාවෙන කොටසකුත් ඉන්නවනෙ. එකක් කොහෙවත් නැති role එකකට Black American කෙනෙක් දාල ඕනෙවට වඩා හයිලයිට් කරන එක😒, දෙක LGBTQ ප්‍රශ්ණ. 

වගකීමෙන් කියනවා ඔය දෙකෙන් නම් කිසිම ප්‍රස්නයක් නෑ මේකෙදි. Black American ල එහෙමට නෑ මේකෙදි. හැබැයි මේකෙ lgbtq නම් තියෙනවා. හැබැයි ඒක දාන්නෙත් එපිසෝඩ් එකක peek ම පොයින්ට් එකක. මටනම් සීරිස් එකේ දැකපු emotional ම පොයින්ට් එක. සමහරවිට මේකෙන් ඔයා lgbtq චරිත දිහාබලන හැටි එහෙම වෙනස් වෙයි.

මේකෙ කතාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. පෝස්ටර් එකයි, title එකයි දිහා බැලුවම මේකෙ කතා ගැන හිතාගන්න පුළුවන්. ඔව් මේකෙ යන්නෙ කෙල්ලො පස්දෙනෙක් babysit කරන බිසන්ස් එකක් කරගෙන යන විදිය. හැබැයි ඔය අතරෙ මරු මරු ඇබැද්දි ටිකක් වෙනවා 😂😂. Summer camp එපි දෙක එහෙම සෑහෙන  funny. (මගේ ආසම එපි දෙක)

මේ ඇසුරින් 1995 හැඳුන ෆිල්ම් එකේ ඔෆීශියල් පෝස්ටර් එක.

ගොඩක් අයට දැනටම එපාවෙන්න ඇති කතාව ඇහුවම. පුදුමයක් නෙවේ. මොකද මේක 13 න් පහල වගේ ඕඩියන්ස් එක ටාගට් කරල හදපු ෆැමිලි ඩ්‍රාමා එකක්. අපි හොයන්නෙ action, thriller පැත්තට බර  contents නේ. ඒකනිසා මේක සෙට් නොවෙන්න පුළුවනි. හැබැයි ඊගෝ පැත්තකින් තියලා බලනවනම් මේකෙන් ඉගෙනගන්න සෑහෙන දේවල් තියෙනවා අපිට. සීරිස් එක බලද්දි හිතෙයි ඇමෙරිකාවෙ අවුරුදු 10-12 ළමයි තියෙන skill set එකත් එක්ක බලද්දි මෙච්චර කාලයක් කරේ මොනවද කියලා. ඔය රටවල් දියුණුවෙලා තියෙන්නෙ ඔය හේතුව නිසා. ඒ රටක ළමයෙක් ඉස්කෝලෙන් එලියට යන්නෙ දැනුමත් එක්කම හොඳ skill set එකකුත් අරගෙන. හැබැයි අපේ රටේ අවුරුදු 5ක් කැම්පස් එකේ ඉඳලත් එලියට යන්නෙ පොත කාගෙන ඉන්න චරිතයක්. ඉතින් වැඩක් කරන්න කම්මැලී. නිකමට බලන්නකෝ ඇමරිකාවෙ ළමයි අවුරුදු 12 වගේ වෙනකොට යනවා part time job එකක් කරන්න.  සීරිස් වල දැකලා ඇතිනේ diner වල එහෙම ජොබ් කරන්න යනවා ඉස්කෝලෙ ඇරුනට පස්සෙ.😁 Diner වල වැඩකරන්න තියා ලංකාවෙ ළමයෙක්ට තමන් කාපු පිඟානවත් හෝදගන්න පුළුවන්ද තනියම? 😒 නිකන් ඉන්න ගමන් කල්පනා කරල බලන්න පේස්බුක් එකේ වැඩකාරයෙක් වගේ පෙන්නුවට අන්තිමට තේකක් වක්කරන් බීපු දවස මොකද්ද කියලා. ✌️

සීරිස් එක බලද්දි තේරෙයි මම කියපු කතාව. Claudia ගැන එහෙම බලාගෙන ඉන්නකෝ කොච්චර creative ද කියලා. Club එකේ මාකටින් වලට එහෙම කරන වැඩ ටික එහෙම. Vocational education එහෙම අමුතුවෙන් උගන්නන්න දෙයක් නෑ.🥴

ආ තව එකක් මේ දවස්වල social media වල major topic එකක්වෙලා තියෙන Ms.Ameica කෙල්ල Xochitl Gomez දන්නවනෙ. එයා මේකෙ leading role එකක්. 😘 තව ඔයාලා ආසම ෆිල්ම් එකක දාන්න එකෙනෙක් ඉන්නව. ඒක කියන්නෑ ස්ප්‍රයිස්.😁

ඔය ඉන්නෙ 

කොච්චර ගුණ කිව්වත් ලංකාවෙ ගීක්ස් ල මොනවහරි බලන්නෙ රැල්ලකට ගියොත් හරි, රේටින්ස් වැඩිනම් හරි විතරයිනෙ. අනේ මේකෙ රේටින්ග්ස් නම් ඉහටත් උඩින් තියෙනවා ඈ. IMDb වල 7.4 කුයි, Rotten Tomatoes වල 100% කුයි තියෙවා. Satisfy වෙන්න ඕනෙ කට්ටිය ඕනෙවටත් වඩා satisfied කියලා. 🙏 මේකෙන්ම පේනවනේ. ඔච්චර දේවල් කියලත් මේක ජරාවක් කියලා හිතනවනම් ඉතින් අනේ මන්දා.

එහෙනම් සීරිස් එක බලන්න, හිනාවෙන්න, අඬන්න ගන්න තියෙන ෆීලින් එක අරන් එන්ජෝයි කරන්න. ඒ ගමන්ම මම අන්තිමට කියපු ටික ප්‍රොසෙස් කරගන්න උත්සාහ කරන්න.


Sayonara Geeks ✌️


The Baby-Sitters Club | Official Trailer

Post a Comment (0)
Previous Post Next Post