Superman & Lois බැලුවෙ නැද්ද? | Superman & Lois Overview


Superman !..... Superman කිව්වාම කවුද නොදන්නෙ! අවුරුදු තුනේ පොඩි ළමයගෙ ඉදන් අවුරුදු හැට හැත්‍තෑවෙ අය පවා ජීවිතේ එක පාරක් හරි අහලා තියන චරිතයක් තමා Superman කියන්නෙ. Superman හදපු 1938 ඉදන් එක එක Format වලින් Superman Content ගොඩක් ඇවිත් තියනවා.ඔය අතරින් මෑතකදි ආව අති සාර්ථකම නිර්මාණයක් තමා Superman & Lois කියන්නෙ.විවිධ හේතු නිසා ගොඩක් අය බලන් නැති Series එකක් තමා Superman & Lois කියන්නෙ.හැබැයි Superman & Lois එකේ දැනට ඇවිත් තියන කොටස් ටික අරන් බැලුවාම ( Season 1  & first ___ Episodes of Season 2 ) ටික Comic Book based වෙලා හැදුව සීරීස් වල මෑතකාලීනව ආපු හොදම සීරීස් එකක් කියලා කියන්න පුලුවන්.


ගොඩක් අය මේක නොබලන්න හේතුවක් තමා Arrowverse එක ඇතුලෙ සිද්ද වෙන කතාවක් නිසා. Arrow සීරීස් එකෙන් පටන් ගත්ත Arrowverse එකේ සීරීස් ටික මේ වෙනකොට බොහොම කම්මැලි Low Quality සීරීස් ටිකක් වෙලා කියලා ගොඩක් අයට තේරිලා ඇති. මේකෙ ඉන්නෙත් Supergirl සහ Arrowverse එකේ Crossover event වල හිටිය Tyler Hoechlin ගෙ Superman කියලා පැහැදිලිවම පේනවනෙ. ඔය නිසාම ගොඩක් අය මේක අත ඇරලා දානවා. හැබැයි ඇත්තටම කිව්වොත් Superman & Lois එක Arrowverse එකේ වෙන දෙයක් උනාට Tyler වයි Supergirl Show එකේ Bitsie Tulloch ගෙ Lois Lane වයි දාලා වෙනම Universe එකක කතාවක් හදලා වගේ. ක්ලාක් කෙන්ට්(Superman) සහ Lois lane ඇරුනාම මේකෙ ඉන්න බොහොමයක් චරිත කලින් Arrowverse Show වල හිටියෙ නෑ. කලින් හිටපු අයත් Recast කරලා ඒ ඒ චරිත වල පසුබිම් කතා වෙනස් කරලා වෙනම චරිත ලක්ෂණ දීලා තමා තියෙන්නෙ. Supergirl එකේ උන සිද්ධි සම්පූර්ණයෙන්ම නොසලකා හැරලා වගේ තමා තියෙන්නෙ. Arrowverse එකේ කලින් උන Crisis on infinite Earthes Event එක නිසා Writer ලට Casting කරන අයට වගේම Script Writers ලට මේක ලේසියෙන්ම කරන්න පුලුවන් වෙලා තියෙනවා.

Supergirl එකේ (වම) සහ Superman and Lois (දකුණ) එකේ Morgan Edge 

Casting වල වෙනස්කම් වලදි Morgan Edge චරිතය Supergirl Show එකේ Adrian Pasdar කියන ඇක්ටර්ව  මේකෙදි Adam Rayner කියන ඇක්ටර්ගෙන් Replace කරලා තියන එක එහෙම කැපිලා පේනවා.

Superman & Lois එකේ (වම) සහ Supergirl (දකුණ) එකේ General Lane

ඒවගේම General Lane චරිතය කරපු Glenn Morshowerමේකෙදි Dylan Walsh කියන ඇක්ටර් Replace කරලා තියනවා. ඔය චරිත දෙකම වෙනස් ඇක්ටර්ලා කරනවා විතරක් නෙවෙයි කලින් කිව්වා වගේ මෙයාලගෙ බැක්ග්‍රවුන්ඩ් ස්ටෝරි වගේ ගොඩක් දේවල් වෙනස්.

ඒ උනාට මෙච්චර දේවල් වෙනස් උනාට වැඩක් නෑනෙ නෙහ් Superman හොද නැත්නම්.😅
Superman & Lois එකට කලින් Tyler ගෙ Superman කියන්නෙ බොහෝ දෙනාට ලොකු Disappointment එකක්.... හැබැයි විශ්වාස කරන්න Superman & Lois බැලුවොත් ඒක අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. Tyler කියන්නෙ Superman Roll එකට කොච්චර ගැලපෙනවද කියලා තේරේවි.Tyler විතරක් නෙවෙයි මුලු සීරීස් එකෙම උදාහරණයක් Superman කියන කැරැකටර් එක කොච්චර perfect විදිහට Live Action වලට Adapt  කරලද කියන එක.උදාහරණයක් ගත්තොත්  ඔයා Superman fan කෙනෙක් නම් Superman ගෙන් mean වෙන දේ තේරෙන කෙනෙක් නම් සීරීස් එකේ මුල් එපිසෝඩ් එකේ මුල් විනාඩි පහ අනිවාර්යයෙන්ම හිතට වැදෙනවා.DCEU එක හෙන්රි කැවිල් ගෙ Superman ට දිගින් දිගටම හොද ප්‍රතිචාරයක් නොදක්වන වෙලාවක මේක DC fan කෙනෙක්ට බොහොම වටින දෙයක්.හරියට නිකන් එක රත්තරං කාසියක් නැති වෙලා වෙන රත්තරං කාසියක් හම්බ උනා වගේ.

ඒවගේම Production Quality එක ගත්තොත් මේ වෙනකන් ආපු කොටස් Arrowverse එකේ අනික් සීරීස් අහලකටවත් ආපු නැති තරම් Quality එකක් මේකෙ තියනවා.දැන් ගොඩක් Streaming Service වල High Budget සීරීස් එක්ක තරග කරන්න වෙන නිසා තමා මේක කරලා තියෙන්නෙ.Supergirl Show එකේ Superman ට තිබ්බ කොස්ටියුම් පවා වෙනස් කරලා තියනවා.පොටෝ එකෙන් පෙනෙයි කොස්ටියුම් දෙකේ වෙනස.

Supergirl එකේ (වම) සහ Superman & lois එකේ (දකුණ) Superman Costume එක


සීරීස් එක පුරාවටම හරිම Cinematic look එකක් බැලුවොත් නෝට් වෙයි. Cinematography ගත්තොත් සැක්ගෙ Man of Steel ෆිල්ම් එකත් මතක් වේවි. සාමාන්‍යයෙන් Series එකක තියන Aspect Ratio එක වෙනුවට Movie එකක Aspect Ratio එක දාලා කලින් කිව්වා වගේ Cinematic look එකක් දිලා තියනවා.
 
Cgi / Vfx ගත්තත් High Budget ෆිල්ම් එකක් වගේම තමා. මේකෙ තියන Worst ම CGI අනික් Arrowverse Show වල Best ම CGI වලට වඩා හොදයි. Season 2 එකේ Superman සබ්මැරීන් එකක් බේර ගන්න මේ ක්ලිප් එක බැලුවාම තේරෙයි කොච්චර Photo realistic විදිහට CGI තියනවද කියලා.


Story එක ගත්තොත් තියෙන්නෙ Clark Kent තමන්ගෙ පවුලයි Superhero life එකයි සමබර කරගෙන යන්න උත්සහ කරන කතාවක්.Superman කියන්නෙ Alien කෙනෙක් උනත් ඉන්න ගොඩක් මිනිස්සුන්ට වඩා මිනිස් ගති ගුණ තියන කෙනෙක්ද කියන එක ලස්සනට පෙන්නවා. Superman කියන Immortal Icon එක ඇතුලෙ ඉන්න Mortal මනුස්සයාව ලස්සනට පෙන්නනවා. එහෙම කියලා Superman Story එකක බලාපොරොත්තු වෙන දේවල් නම් කිසිම අඩුවක් නෑ.

Comic Accuracy එක ගැන කිව්වොත් ගොඩක් තැන් වල Comic accuracy එක ලස්සනට තියනවා.සමහර තැන්වල වෙනස් කරලත් තියනවා. හැබැයි ඒක Superman Mythology එකට කිසි හානියක් කරලා නෑ. මේකෙදි ක්ලාර්ක්ට ළමයි දෙන්නෙක් ඉන්නවා.හරියටම කිව්වොත් නිවුන්නු දෙන්නෙක් ජොනතන් සහ ජෝර්ඩන් කියලා.කොමික් වල Canon Storyline වල ක්ලාර්ක්ට ඉන්නෙ ජොනතන් විතරයි.හැබැයි Alternative Universe ගොඩක එක එක නම් තියන ගොඩක් වෙනස් ළමයි ඉන්නවා.මේකත් Alternative Universe එකක්නෙ.ඒ නිසා එහෙම අවුලක් නෑ. Original Content එකට හානියක් , අගෞරවයක් වෙලා නෑ.ඔය වගේ තව තැන් කිපයක් වෙනස් කරලා තියනවා.ආයෙත් කියනවා ඒක Superman mythology එකට හානියක් කරලා නෑ.ක්ලාක් ඇරුනාම ලොයිස් ලේන් ප්‍රධාන චරිතයක් විදිහට ඉන්නවා.හැබැයි Flash එකේ අයිරිස් මැඩම් වගේ නම් අවුල් විදිහකට නම් නෙවෙයි හොදේ.

Brodcast කරන නම් CW Channel එක හරහා තමා වෙන්නෙ. Season 1  එක නම් මේ වෙනකොට HBO Max එකේ වගේම Bluray Disks හරහාත් බලන්න පුලුවන්. Season 2 ඉවර උනාමත් ඒ විදිහටම HBO Max එකෙනුයි Bluray disks වලිනුයි බලාගන්න පුලුවන් වේවි.

අන්තිමට කියන්න තියෙන්නෙ Die Hard DC fan කෙනෙක් නම් අනිවාර්යයෙන්ම වෙලාවක් හදාගෙන බලන්න.Die Hard නැතත් බලන්න.මෙච්චර කියලත් බලන්නෙ නෑ කියන්නෙ ඔයා Die Hard DC fan කෙනෙක් නෙවෙයි.


Season 1 Trailer එක මෙතනින් බලාගෙන යන්න👇

Post a Comment (0)
Previous Post Next Post