ඇමසෝන්ලගේ ජැක් රීචර් | Reacher (TV Series) Overview


ඇමසන් ප්‍රයිම්ලා එලියට දාපු අලුත්ම TV Series එක තමයි Reacher කියන්නෙ. නම ඇහිලා හුරුයි වගේද? මීට කලින් Jack Reacher නමින් ෆිල්ම් දෙකක් Release උනා ටොම් කෲස් ඉන්න.

Jack Reacher (2012)

Jack Reacher (2016)


මට අනුව නම් සීරීස් එක ෆිල්ම්ස්වලට සාපේක්ශව ඉස්සරහින් ඉන්නෙ. ඒක එක එක්කෙනාට Depend. ඔයාලගෙ මතය වෙනස් වෙන්න පුලුවන් ඒ නිසා. 

මේ සීරීස් එක සහ ෆිල්ම් දෙකටම බේස් වෙලා තියෙන්නෙ Lee Child ලියපු Jack Reacher නවල් සීරීස් එක.


පොත් සෙට් එක කියවපු අයත් කියන්නෙ සීරීස් එකේ ඉන්න ජැක් රීචර් තමයි ගොඩක්ම ඇකියුරේට් කියලා. Reacher සීරීස් එක හැදෙන්නෙත් මේ නවල් සීරීස් එකේ Killing Floor කියන පලවෙනි නවල් එකෙන්. 


Season 2 එකත් දැනටම කන්ෆර්ම් නිසා සීක්වල් බුක් ටිකේ වෙන දේවල් ඉස්සරහට සීරීස් එක හරහා බලා ගන්න පුලුවන් අපිට. මුලින්ම අපි මේකෙ කාස්ට් එක බලමුකො.

මතකනෙ ටයිටන්ස් එකේ අවාසනාවන්ත විදිහට මැරිලා ගිය Hankව. එහෙමත් නැත්නම් Alan Ritchson.


පොර තමයි සීරීස් එකේ Reacher. මේවා තමයි පර්ෆෙක්ට් කාස්ටින් සහෝදරවරුනී. සීරීස් එක එන්ඩ කලින් ගොඩක් අය කිව්වෙ මේක ෆේල් වෙන්ඩ ගොඩක් ඉඩ වැඩියි කියලා. ඒක පැත්තකින් තියමුකො. ටොම් නම් ජැක් රීචර් ජැක් රීචර් නම් ටොම් වගේ තත්වයක් තිබ්බෙ සීරීස් එක රිලීස් වෙන්න කලින්. ඒ වගේ සිටුවේශන් එකක තමයි ඇලන්ගෙ රීචර් මේ තරම් සාර්ථකත්වයක් ලබාගන්නෙ. මේ සීරීස් එකේ Female Lead Role එක කරන්නෙ Willa Fitzgerald.



Scream ටීවී සීරීස් එක බලපු අය නම් මෙයාව දන්නවා. Dare Me, Little Women වගේ සීරීස්වලත් මෙයා හිටියා. Alanගෙයි Willaගෙයි කෙමෙස්ට්‍රි එක නම් මාරම ලස්සනයි.


අර ක්‍රයිම් ඇක්ශන් සීන් අස්සෙන් මේ දෙන්නගෙ වෙනම කතාවක් ලස්සනට බිල්ඩ් වෙනවා. මේ දෙන්නට අමතරව Kristin Kreuk සහ Malcolm Goodwinව මේන් කැරැක්ටර්ස් විදිහට බලාගන්න පුලුවන්.

Kristin Kreuk


Malcolm Goodwin


කතාව පටන් ගන්නෙ රීචර් Margrave ටව්න් එකට එන තැනින්. පොර ඉස්සර ආමි එකේ ඉදලා තියෙන්නෙ. මේ වෙනකොට Margrave ටව්න් එකේ මරන කිහිපයක් සිද්ද වෙලා තියෙන්නෙ. කොහොමහරි ඉතින් මේ අහක යන බාල්දියක් වැටෙනවා රීචර්ගෙ ඔලුවට. පොර තමන්ගෙ innocence එක ඔප්පු කරනවත් එක්කම තවත් මරනයක් සිද්ද වෙනවා. මේ Death එක නිසා තමයි Reacher ක්‍රයිම් සීන් එක Solve කරන්න ට්‍රයි කරන්නෙ. මෙයා කව්ද කියලා මන් කියන්න යන්නෑ. ඔයාලම බලාගන්න 😁 ඉතින් එපිසොඩ් අටක් පුරාවට රීචර් මේ ක්‍රයිම් එක Solve කරන්න ට්‍රයි කරන විදිහ අපිට බලාගන්න පුලුවන්. 

ස්පෙශලි කියන්න ඕනෙ මේකෙ Soundtrack ටික නම් මරු ඈ 🥺 හැම එපියකම වගේ තියනවා Western ටයිප් එකේ Soundtracks. ඒකෙන් සීරීස් එකට මාරම යුනික් වයිබ් එකක් ලැබෙන්නෙ.

Reacher සීරීස් එකට IMDB 8.3ක අගයකුත් 88%ක Rotten Tomatoes අගයකුත් ලැබිලා තියනවා. දැන්නම් නොබලා ඉන්ඩ හේතුව නැතුව ඇති කියලා මම හිතනවා. එපි අටම ඇවිල්ලා තියෙන්නෙත්. සතියක් ගානෙ බලන් ඉන්ඩ ඕනෙත් නෑ. ඔන්න ඉතින් මේක බලන්ඩ හේතුත් ගොඩක් දුන්නා. මෙච්චර් සුපිරි සීරීස් එකක් මිස් කරගන්න නම් එපා.

-------------------------------------------

මනුජගේ විස්තරෙන් පස්සේ අමතර කරුණු ටිකක් කියන්න තමා මේ ලෑස්ති වෙන්නේ. ඉස්සෙල්ලාම කියන්නම් සීරීස් එකේ ක්‍රියේටර් නික් සැන්ටෝරා ගැන. Scorpion බලපු අයටනම් මේ නම හොදට අහලා පුරුදු ඇති. මොකද නික් බොස් තමා ස්කෝපියන් සීරීස් එකත් ක්‍රියේට් කලේ. මං විස්වාස කරන විදියට නික්ගේ මාර ටැලැන්ට් එකක් තියෙනවා කතාව ඇතුලට අපිව හිර කරලා තියාගන්න. මේ කියන කතාව හරියටම දන්නේ ස්කෝපියන් බලපු අය. කතාවේ ගලායෑම කොච්චර අවුල් උනත්, කොච්චර ප්ලොට් හෝල්ස් තිබ්බත්, කොච්චර පොඩි කාස්ට් එකක් හිටියත් නික්ගේ අමුතු අමුතු ට්‍රික් නිසා අපි මාර ලස්සනට මේ කතාවට හිරවෙලා ඉන්නවා. බලන්න ගන්නකොට ඔයාලට ඒක තේරෙයි. ඒ වගේම මේක බලලා ඔයාලට සැටිස් උනොත් ඔය ගමන්ම ස්කෝපියන් එකත් බලන්න ගන්න. 

ඊලග දේ තමා ටොම් කෲස්ගේ ෆිල්ම් දෙක සහ මේකේ වෙනස්කම්. ගොඩක් අය ටොම්ගේ Jack Reacher ෆිල්ම්ස් දෙක බලලා ඇතිනේ. ඉතිං මට හිතෙන විදියටනම් මේ දෙක අහසට පොළව වගේ. හැබැයි දෙකේම හොද සහ නරක සමානව තියෙනවා. ඒ කියන්නේ ඔයා ෆිල්ම් දෙකේ ෆෑන් කෙනෙක් උනත් මේ සීරීස් එකත් එන්ජෝයි කරන්න පුලුවන් සහ සීරීස් එකේ ෆෑන් කෙනෙක් වෙලා ෆිල්ම් දෙක බැලුවත් ෆිල්ම්ස් දෙකත් එන්ජෝයි කරන්න පුලුවන් කියන එක. ගොඩක් අය ආසයිනේ ඩිටෙක්ටිව් ටයිප් එකේ කතා වලට. මේක එහෙම කතාවක්. Sherlock බලලා තියෙනවානේ ගොඩක් අය. මේකත් ඒ වගේ සමහර පැතිවලින්. වෙනසකට තියෙන්නේ ඒ තරම් දරුණු විදියට අපරාදයන් විසදන ඒවා මේකේ නෑ. මේකේ තියෙන්නේ බොහොම සරල කන්සෙපෙට් එකක් හරි ලස්සනට බිල්ඩ්-අප් කරලා. 

මමනම් කියන්නේ අනිවාර්යයෙන් මේක බලන්න කියලා. ඒකට හේතුව තමා දැන් මේ වගේ සීරීස් හැදෙනවා හරිම අඩුයි. එක්කො ෆැන්ටසි, එක්කො සුපර්හීරෝ, එහෙමත් නැත්තම් සයි-ෆයි.. ඕවට වඩා බලලා එන්ජෝයි කරන්න පුලුවන්, හරි සරල කතාවක් තමා මේ. දවසින් දවස සංකීරණ වෙන ලෝකේ ජීවිතේට සහනයක් එන්න සරල, හැබැයි විදින්න පුලුවන් දේවල් ටිකක් තියෙන්නම ඕනි.. අරන් බලන්න. ඔයා වැය කරන වෙලාවට සෑහෙන්න සාධාරණයක් වෙයි...


ලිපි නිර්මාණය හා අදහස - මනුජ සිරිවර්ධන සහ සනිදු ලක්ඛිත


Reacher | Official Trailer

1 Comments

  1. අද බලල ඉවර කරෙ..සුපිරි,කම්මැලි නැතුව බලන්න පුලුවන් 💚😌

    ReplyDelete
Post a Comment
Previous Post Next Post