පීස්මේකරයානන්ගේ කොමික් වටපිටාව | Peacemaker Overview and Comic Background

Hello There Fellow Geeks !!!

ඔන්න කාලෙකට පස්සෙ ආයෙ Article එකක් ගේන්නයි කියල හිතුනා.ඒ මේ දවස් වල ගොඩක් අය කතාවෙන DCEU එකෙ පළවෙනි TV Series එක වෙච්ච Peacemaker එක ගැන.. මුලින්ම බලමු Peacemaker ගෙ කොමික් පැත්ත.මේක මම මගෙ Suicide Squad Character Breakdown Article එකෙත් දාලා තිබ්බා.ඒක කියෙව්වනම් මේක Skip කරන්න.


මෙයාගෙ ඇත්ත නම වෙන්නෙ Christopher.මෙයාගෙ තාත්තා Nazi Concentration Camp එකක Commander කෙනෙක් විදිහට වැඩ කරල තියෙනව.මෙයා මේක දැනගන්නෙ එයාගෙ තාත්තගෙ මරණෙන් පස්සෙ.ඒක නිසා එයයි එයාගෙ අම්මයි US වලට එනවා එයාලගෙ නම් එහෙම වෙනස් කරගෙන.මෙයාල මෙතන පාවිච්චි කරන්නෙ Smith කියන නම.ඒත් මෙයාට US වලට Settle වෙන්න ගොඩක් අමාරු වුනා.එයා ගොඩක් Aggressive කෙනෙක් වුනා.එයාගෙ තාත්තගෙ වැඩ එයාට කොච්චර බලපාල තිබ්බද කිව්වොත් එයාට එයාගෙ තාත්තගෙ Visions පේන්න ගත්ත.මෙයා කොහොමහරි අවුරුදු 18 දි හමුදාවට බැදෙනවා.මෙයාගෙ මුල්ම Mission එකෙදි හමුදාවෙන් ලැබුණු වැරදි තොරතුරු නිසාත් එයාගෙ තාත්තගෙ Vision එකක් නිසාත් අහිංසක මිනිස්සු හිටපු සම්පූර්ණ ගමක්ම මෙයා විනාශ කරනවා.මේ නිසා මෙයාව අවුරුදු 20කට හිරේ දානවා.ඔය කාලෙදි මෙයාව මෙයාව Special Program එකකට තෝරගන්නවා Project : Peacemaker කියලා.මේක Terrorists ලව නවත්තන්න හදපු Elite Police Force එකක් කියල තමා කියන්නෙ.ඉතින් මෙයා එකග වෙනව US Government එකත් එක්ක එකතු වෙලා මේ Project එක කරන්න.මොකද Christopher Smith කියන්නෙ ගොඩක් දක්ශ කෙනෙක්.ඒත් මේ Project එක පටන් ගන්නත් කලින්ම Shut Down වෙනව.ඒ වුනාට Christopher ට එයාගෙ නිදහස ලැබෙනවා.ඉතින් මෙයා එයාගෙ මව් රට වෙච්ච Austria වට ගිහින් එයාගෙ තාත්තගෙ Business  වල නමයි Production එකයි වෙනස් කරල දියුණු කරල ගන්නව.මේකෙන් මෙයා මිලියනපතියෙක් වෙනවා.මෙයා Geneva වල Pax Institute කියල Charity එකක් පටන් ගන්නව යුද්දෙන් අසරණ වෙච්ච අයට උදව් කරන.ඒත් එක්කම මෙයා Project : Peacemaker එක ආයෙ පටන් ගන්නවා.මෙයා සාමය දෙවිදියකට Achieve කරගන්නවා.ඒ Charity එහෙම කරන මිලියනපතියෙක් වගෙ අනික High Tech Weapons තියෙන One Man Army එකක් වෙන Peacemaker කියන චරිතෙ වගේ.Peacemaker කියන්නෙ ගොඩක් Ruthless , Violent පුද්ගලයෙක් කියල තමා කියන්නෙ.මෙයා හිතන විදිහට සාමය අත් කරගන්න පුලුවන් ලේසිම විදිහ තමා ප්‍රචණ්ඩත්වය.ඒ වගේම මෙයාගෙ Victims ලගෙ ආත්ම එයාගෙ Helmet එක අස්සෙ හිර වෙලා ඉන්නෙ කියලත් කියනවා.

හැබැයි අපි ගන් ස'ගෙ සිරිස් එකෙන් දැක්කෙ මීට වඩා ගොඩක් වෙනස් Character එකක්.TSS එකෙ Violent Character එකක් වගෙ පෙන්නුවට Rick ව මරපු එකෙන් පොර ගොඩක් වෙනස් වෙලා කියලා පේනවා.Rick කරන්න හැදුවෙ වැරැද්දක් නෙමෙ නිසා පොර අහිංසකයි.ඒ නිසා Peacemaker ට අහිංසක මනුස්සයෙක්ව තමා මරන්න වුනේ Waller ගෙ Orders පිට.මේක පොරට කොච්චර බලපාලද කියල සිරිස් එක බැලුවම දකින්න ඇතිනේ.පොර අඩන තැන ඒම.

සමහරවිට Peacemaker ට එයාගෙ Redemption Moment එක සීරිස් එකෙ ඉස්සරහට හම්බෙයි.

Peacemaker එකෙන් හැමෝටම සෙට් වෙච්චි Character එක කවුද කියල ඇහැවොත් 100% ක් සුවර් හැමෝම කියයි Vigilante කියලා.අර Jail Scene එකෙන් තමා මටත් ඩයල් එකව අල්ලල ගියේ.පොර හැමතිස්සෙම හිනා වෙලා හිටියට පොරගෙ Backstory එක ටිකක් Dark.ඒ වගේම මේ Vigilante Live Action ආපු මුල් පාර නෙමෙ.Arrow TV Series එකේදි අපිට Vigilante ව බලාගන්න හම්බුනා.හැබැයි එතන Vigilante විදිහට හිටියෙ Adrian Chase නෙමෙ වෙන කෙනෙක්.Adrian හිටියෙ Season එකෙ Villain Prometheus විදිහට.

Adrian Chase as Prometheus

Vigilante in Arrow

Comic වල Adrian කියන්නෙ Lawyer කෙනෙක්.ඒත් මෙයාට නීතිය අතට ගන්න වෙනවා.ඒ මෙයාගෙ පවුල මරපු මිනීමරුවව නිතියෙන් නිදහස් කරපු නිසා.මෙයා මේ නිසා Deadly Executioner කෙනෙක් වෙනව.මෙයා Weapon Specialist කෙනෙක්.මෙයාට Weaponized කරපු Motorcycle එකක් ඒමත් තියෙනව.මෙයාගෙ මරනෙන් පස්සෙ Vigilante කියන නම තව ගොඩක් අය Use කරල එයාගෙ Legacy එක ඉස්සරහට අරන් යනවා.

TV Series එකෙත් මේකට සමාන දෙයක් වෙන්න පුලුවන්.පොර හැමතිස්සෙම ආතල් එකෙ හිටියට Dark Origin Story එකක් තියෙන්න පුලුවන්.



Series එකෙන් ගෙනාපු තව කෙනෙක් තමා White Dragon.හැබැයි මෙයා කොමික් වල Peacemaker ගෙ තාත්තා නෙමෙ.Comic වල Peacemaker ගෙ තාත්තා Nazi Commander කෙනෙක්.ඒත් Series එකේ ඒක වෙනස් කරල වගේ.පොරව White Supremacy එකට Support කරන Racist කෙනෙක් කරලා.මුල් එපියෙ ක්‍රිස් එයාගෙ තාත්තව හම්බෙන්න ගියාම ගේ ඉස්සරහ American Flag එක උඩ යට මාරු කරල දාලා තියෙනව දකින්න ඇතිනේ.හැබැයි Peacemaker එහෙම නෙමෙ.පොර එයාට අයිති හැම දේකම වගේ American කොඩිය ගහගෙන ඉන්නෙ.එයා ආදරේ ඇමෙරිකාවට.හැබැයි එයාගෙ තාත්තට ඕනෙ එයාගෙ Ideal එකට අනුව හැඩ ගැහිච්ච ඇමෙරිකාවක්.මේ නිසා සමහරවිට ඉස්සරහට Peacemaker යි එයාගෙ තාත්තයි අතර ලොකු ගැටුමක් ඇති වෙන්න පුලුවන්.



Comic වල White Dragon එහෙමත් නැත්තන් William Heller කියන්නෙ Major White Supremacist කෙනෙක්.මෙයා සල්ලිකාර පවුලකට ඉපදුන යාලුවො ටික දෙනෙක් හිටපු කෙනෙක්.කොහොමහරි Race Riot එකකින් මෙයාගෙ අම්මයි තාත්තයි නැති වෙනවා.ඒ නිසා මෙයා මෙයාගෙ සීය ලග ජීවත් වෙන්න යනවා.එයා Nazi කෙනෙක්.ඉතින් Williamත් මෙයාගෙ Ideals තමන්ගෙ කර ගත්තා.පස්සෙ මෙයා මෙයාගෙ සල්ලි පාවිච්චි කරලා Aryan Empire කියල Organization එක පටන් ගත්තා ( මෙයාලව Episode 5 දි Mention කලා ) ඊට පස්සෙ මෙයා Vigilante කෙනෙක් විදිහට එයාගෙ Ideal එක පැතිරුවා.මෙයා සුදු අපරාධකාරයන්ට යන්න දෙනවා.පස්සෙ එයාලවට එයාගෙ Empire එකට බදව ගන්නවා.කොහොමහරි Suicide Squad එක නිසා මෙයාගෙ Reputation එක Damage වෙනවා.ඒ නිසා මෙයා White Dragon විදිහට නමත් වෙනස් කරන් ආමර් එකකුත් දාගෙන ආයෙ එයාගෙ වැඩෙ පටන් ගන්නවා.මෙයා Skilled Marksman කෙනෙක් වගේම Close Combatant කෙනෙක්.හැබැයි මෙයාට Superhuman Powers නැ.මෙයාගෙ ආමර් එක Unbreakable කියල කියන්නෙ.කඩන්න බෑ නෙමෙ.කඩන්න ගොඩක් ලොකු ගේමක් දෙන්න ඕනෙ.Waller මෙයාව Recruit කලාම එයා Disobey වුනොත් එයාගෙ ආමර් එක එයාව Electrify කරන විදිහට Programme කරනවා.මේ DCEU එකෙ White Dragon කියන්නෙ Original කෙනාද නැත්තන් Original කෙනාගෙ Successor කෙනෙක්ද කියන්න දන්නැ.හැබැයි මෙයාගෙයි Peacemaker ගෙයි අතර වලියක්නම් බලාගන්න පුලුවන් වෙයි.මොකද Peacemaker ගෙ යාලුවෙක් තමා Adebayo කියන්නෙ.මෙයා Gay, African American & Waller ගෙ ලමයෙකුත් වෙනවා.ඉතින් මේ නිසා White Dragon මෙයාගෙ පස්සෙන් යන්න ලොකු ඉඩක් තියෙනවා ( කොමික් වල Waller ව මරල Suicide Squad එක විනාශ කරන Mission එකකට මෙයා සහභාගි වෙලා තියෙනව මතක විදිහට ) Peacemaker ට Adebayo ව එයාගෙ තාත්තගෙන් ආරක්ෂා කරන්න වෙයි ඉස්සරහට.

සිරිස් එකෙ විලන්ලා විදිහට ඉන්නෙ Aliens ලා වගයක්.පෘථිවියෙ සමනලයින්ට ගොඩක් සමානයි.Project Butterfly කියන්නෙ ඒකයි ( ARGUS එකෙ Secret Project වලට නම් දාන එකා නම් මරු ) Anyway මේ සමනල්ලු පෘථිවියෙ මිනිස්සුන්ගෙ මොලයේ තමා ඉන්නව කියන්නෙ.එතකොට මේ Human Host ට Superman Strength, Speed වගේ දේවල් හම්බෙනවා.Episode 3 එකෙ අන්තිමට පෙන්නුව විදිහට පෘථිවියෙන් සෑහෙන්න ගාණක් සමනල්ලු වෙලා ඉන්නේ.ඉතින් Peacemaker ඇතුලු Team එකට මේ සේරම නවත්තන්න බැනෙ.ඉතින් Sure එකටම මෙයාලගෙ Queen කෙනෙක් ඉන්නව ඇති එකම Mind එකකින් Connect වෙන.Team එක හදන්නෙ "Cow" ව මරල මෙයාලගෙ Food Source එක නැති කරන්නනෙ.හැබැයි ඒක කොහොම වැඩ කරයිද දන්නැ.මොකද මෙයාල ලග එයාල ගබඩා කරන් හිටපු Supply තියෙන්න පුලුවන් මාස ගාණක් විතර ජීවත් වෙන්න.එතකොට ඒ කාලෙ මෙයාලට පෘථිවි වුනත් විනාශ කරන්න පුලුවන්.ඉතින් මේක කොහොම වෙයිද දන්නැ.සමහරවිට Queen ව මැරුවම මුන් හොද පැත්තට හැරෙයිද දන්නෙත් නැ Murn වගෙ.මෙයාලගෙ Comic Origin එකක්නම් හොයාගන්න බැරි වුනා.මෙයාලා ගන් ස' මේ Series එකට Originally Create කරපු අය වෙන්න ඕනෙ.සමහරු කියල තිබ්බ මේ Reach එකෙන් කියල.ඒකනම් හරියට කියන්න බැ.Reach එකෙ සමනල සීන් නැ දන්න විදිහට.අන්තිමට ආපු එපියෙ හැටියට මේ Reach කියල කියන්න බෑ.


සිරිස් එකෙන් හම්බුන තව Character එකක් තමා Judomaster කියන්නෙ.මේක Martial Artist Superheroes ලා පාවිච්චි කරන Mantle එකක්.මුල්ම Judomaster වෙන්නෙ Ripley "Rip" Jagger.මෙයා WW2 එකේ US Army එකේ Sergeant කෙනෙක් වෙනවා.ඒ වගේම මෙයා All Star Squadron එකෙ සාමජිකයෙකුත් වෙනවා.Judomasters ලගෙන් ප්‍රසිද්ධම Mantle Holder වෙන්නෙ Sonia Sato.මෙයා ගොඩක් දක්ෂ Hand To Hand Combatant කෙනෙක්.ඒ වගේම මෙයා JSA ( Justice Society Of America ) එකේ සාමජිකයෙකුත් වෙනවා.Sparring වලදි Wildcat ව එහෙමත් පරද්දල තියෙනවා.Wildcat ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැනෙ.බැටාගෙ ගුරුවරයෙක් වගේම World's Best Fist Fighter.මෙයාව පරද්දනව කියන්නෙ ඉතින් ආයෙ ලේසි නැ.

ඒ වගේම සිරිස් එකෙ කොමික් වල එක එක අහල පුරුදු සහ අහල නැති Characters සෙට් එකක්ම Mention කලා.Batmite, Matter Eater Lad, Kite-Man වගේ.මෙහෙම Mention කරපු පලියටම මෙයාලව ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයිද දන්නැ.හැබැයි කියන්නත් බැ.ගන් මාමා ගොඩක් Underrated Characters වලට Spotlight එක දෙනවා.මමනම් Personally කැමති Kite-Man වගෙ කෙනෙක්ව ගේනවනම් ( Batman Rebirth Run එක කියවපු අයටයි Harley Quinn Animated Series එක බලපු අයටයි පොර ගැන අමුතුවෙන් කියන්න ඕන්නැනෙ ) මෙයාලව තාම Mention කරල විතරක් තියෙන නිසා ලොකු විස්තරයක් දාන්නැ.මෙයාලගෙ Appearance එකක් වුනොත් Uprising Tag එක හරහා අනිව Article එකක් ගේන්නම්.

අනිවාර්යයෙන් මතක් කරන්න ඕනෙ Amanda Waller ව.සිරිස් එකෙ නැති වුනත් කොච්චර Dangerous කෙනෙක්ද කියල Series එකෙන් පෙන්නල තියෙනවා.එයා Peacemaker ව Project Butterfly එකෙ Casualties වලට Frame කරල හිරේ දාන්න තමා හැදුවෙ.එතකොට ආයෙ එයාට එයාගෙ Task Force X Team එකට Peacemaker ව ගන්න පුලුවන් වෙනවා.එච්චර වටින Asset එකක් Waller ලේසියෙන් අතාරින්නැ කියල පෙන්නුවා.Peacemaker හිතන් හිටියට පොර නිදහස් කියල Waller කවදාවත් එයාව නිදහස් කලේ නෑ.ඒ සේරම Waller ගෙ ප්ලෑනක්.

අන්තිමට ආපු එපියෙ අන්තිමට පෙන්නුවා Peacemaker ට පැති දෙකකින් විලන්ලා හැදෙනවා.හරියට බැලුවොත් මේ විලන්ලා දෙගොල්ලන්ටම වගකියන්න ඕනෙ ටීම් එකෙ උන්.Economos නිසා තමා White Dragon ට මලපැනල පීස්මේකර් ව මරන්න එන්නෙ.Vigilante ගස් උඩ පිස්සු කෙලින්න ගිහින් වැටිල තමා අර බෝතලේ අස්සෙ හිටපු එකා එලියට ආවෙ.මේ නිසා දැන් Peacemaker ට පැති දෙකකින් සටන් කරන්න වෙලා තියෙනවා.එකක් White Dragon & Aryan Empire අනික සමනල්ලු ටික.උන් ටික දැන් පොලිසියත් අල්ලන් නිසා Peacemaker ට ලේසි වෙන එකක් නැ.ඒ වගේම News වලට Peacemaker ගැන ගියානෙ.සමහරවිට Harley හරි Bloodsport හරි මෙයාව හොයන් එන්න ඉඩ තියෙනව Rick වෙනුවෙන් පලිය ගන්න.

Overall බැලුවම Peacemaker Series එක ගොඩක් හොදයි.මේක හොද Start එකක් DCEU එකෙ TV Series පැත්තෙන්.බලමු ඉස්සරහට මීට වඩා පට්ට Content එන්න පුලුවන්.නැත්තන් ඒකෙම අනිත් පැත්ත වෙන්නත් පුලුවන්.This is WB After All

එහෙනම් ඊලගට Zatanna ගෙ Uprising Article එකෙන් හම්බෙමු.ඒක ලියන්නයි කියල හිටියට Course එකෙ Exam නිසා ඒක ටිකක් Postponed කරන්න වුනා.දැන් මේ Free එකෙ ඉන්න නිසා Zatanna ගෙ Article එකට කලින් මේක දෙන්න හිතුවෙ.Zatanna ගෙ එකත් ලගදිම ගේන්න බලාපොරොත්තු වෙනවා.

Ehenm Collo Api Giya 

ՏᎻᎬᎻᎪΝ 🦇️ #CapedCrusader

Post a Comment (0)
Previous Post Next Post