පෑම්ගෙයි ටොමීගෙයි කතාව | Pam and Tommy Overview

පහුගිය සතිය කියන්නේ ටීවී සීරීස් ෆෑන්ස්ලට පට්ටම සතියක්. ප්‍රධාන පෙළේ ස්ට්‍රීමින් සර්විස් තුනකින් එයාලගෙ අලුත්ම සීරීස් තුනක් පහුගිය සතියේ රිලීස් කලා. තුනම එකිනෙකට වෙනස් එපික්ම සීරීස් තුනක්. ස්පෙශල් දේ තමා මේ තුනම හැමෝටම එන්ජෝයි කරන්න පුලුවන් ලෙවල් එකේ සීරීස් තුනක්. ඒ කියන්නේ ඕනාවට වඩා මෝඩ ආතලුත් නෑ.. ඕනාවට වඩා මාස්ටර්පීස් සීනුත් නෑ. හැමදේම වගේ ගානට බැලන්ස්.. සීරීස් තුන මෙහෙමයි 👇


Suspicion - AppleTV+

Pam & Tommy - Hulu

Reacher - Amazon Prime 


ඕකෙන් Suspicion ගැන පොඩි විස්තරයක් අපි සෙනසුරාදා පේජ් එකේ දැම්මා. කැමති අය මෙතන ක්ලික් කරලා ගිහින් ඒකත් කියවන්න. අවංකවම කිව්වොත් මේවා මේ හෑලි දාලා බලෙන් ඇහේ ගහන්න ඕනි ඒවා නෙමෙයි. ඒත් ඉතිං අපේ ඕඩියන්ස් එකට "අරක මරු සීරීස් එක බන්, පුලුවන් වෙලාවක අනිවාර්යයෙන් බලහන්" කියලා කිව්වට වැඩක් නෑ. හෑලි දාලා, මීම් දාලා, පේස්බුක් එක හාන්න ඕනි හොද දෙයක් උනත්, නරක දෙයක් උනත් බලවන්න 😒 අපේ රෙකමන්ඩේශන් එක සුවර් නම් මේක කියවන එක මෙතනින් නවත්තලා ගිහින් ඔය තුනම බලන්න. එහෙම නැත්තම් දැන් මේ කියන්න යන්නේ පහුගිය බදාදා (2) Hulu ස්ට්‍රීමින් එකෙන් ස්ට්‍රීමින් වෙන්න පටන් ගත්ත Pam & Tommy ගැන පොඩි හෑල්ලක්. මේක කියවලාවත් බලන්න ගන්න 🙏

Pam & Tommy Official Poster

පැමලා ඇන්ඩර්සන් ගැන අහලා තියේද? අහලානම් ඇති.. බට් ගොඩාක් විස්තර ගැන දන්නේ නැතුව ඇති. ඒක සාධාරණයි. මොකද මෙ අපේ ජෙනරේශන් එකට කලින් කතාවක්. මේ කාලේ නම් ගල් ගැඩොට්, මාගොට් රොබී එහෙම අපේ ජාතික ක්‍රශ්නේ.. හැබැයි ඔය සේරටම වඩා මාරම ජනප්‍රියතාවයක් තිබ්බ කෙනෙක් තමා පැමලා. පැමලා ඉස්සෙල්ලාම ජනප්‍රිය වෙන්නේ Playboy මැගසීන් එකට කරපු ෆොටෝ ශූට් එකකින්. ප්ලේබෝයි මැගසීන් එක ගැන දන්නේ නැත්තම් ගූගල් කරලා බලන්න. ඒකේ ෆොටෝ මේකේ දාන්න බෑ.. හැබැයි පැමලව මුලු ලෝකෙම මුලින්ම දැනගන්නේ 1992 - 1997 වෙනකම් ආව Baywatch සීරීස් එකේ C.J පාකර් විදියට. ඒ කාලේ අතිශය ජනප්‍රිය වුන සීරීස් එකක් තමා මේ. Friends එහෙම බලපු අය දන්නවානේ Baywatch සීරීස් එක යන වෙලාවට චැන්ඩලර්, ජෝයි ඩබල ඒක බලන විදිය. ආන් ඒ බේවොච් සීරීස් එකේ වීව් මැග්නට් එක තමා පැමලා. ඒ කිව්වේ මිනිස්සු ඕක බැලුවේ පැමලා නිසා.

පැමලා ඇන්ඩර්සන් Baywatch සීරීස් එකේ

පැමලාව හදුවන්නේ සෙක්ස් සිම්බල් එකක් විදියට. ඒ කාලේ Baywatch බලපු පිරිමි අතරින් පැමලට වහ වැටිච්ව පිරිමියෙක් නම් නැතු ඇති. හැබැයි පැමලා කියන්නේ බොහොම දරුණු ළමා කාලයක් තිබ්බ කෙනෙක්. පැමලට අවුරුදු 6 ඉදන් අවුරුදු 10 වෙනකම් එයාව බලාගත්ත (බේබිසිටර්) ගෑනු කෙනා අතින් අතවරයට ලක්වෙලා තියෙනවා. පැමලාට අවුරුදු 12දී අවුරුදු 25ක මනුස්සයෙක් අතින් රේප් වෙලා තියෙනවා. ආයෙත් අවුරුදු 14දී පැමලගේ බෝයිෆ්‍රෙන්ඩ් සහ තව කොල්ලො 6 දෙනෙක් අතින් සමූහ දූෂණය වෙලා තියෙනවා. මේක කියවන ඔය කෙල්ලෙක්නම් ඇගත් එක්ක හීතල වෙලා යන්න ඇති. අඩුම තරමේ ඉමැජින් කරන්නවත් බැරි කාලකණ්ණි දේවල් තමා ඔය. පැමලාට මොනාහරි දේකට ලැජ්ජා බය තිබ්බානම් ඒවා නැති වුන හේතුව තේරෙන්න ඇතිනේ දැන්. හැබැයි ඔය සේරම කඩාගෙන මුලු ලෝකෙම ජනප්‍රියම රංගනශිල්පිනියක් වෙන්න පැමලට පුලුවන් වෙනවා. එහෙම සක්සස් වෙලා උඩට එන කාලේ තමා ආයෙත් මේ වගේ කාලකණ්ණි දෙයක් වෙන්නේ. සෝ.. ඔයා හිතනවනම් ජීවිතේ වෙන්න තියෙන සේරම ඔයාට වෙලා තියෙනවා කියලා, ප්ලීස් මචං.. තව දුරටත් එහෙම හිතන්න එපා. කෙල්ලෙක්/කොල්ලෙක්ගෙන් බූට් එකක් කනවට වඩා/එක්සෑම් එකක් ෆේල් වෙනවට වඩා සෑහෙන්න දරුණු/කාලකණ්ණි දේවල් මිනිස්සුන්ට වෙනවා සහ බහුතරයක් මිනිස්සු ඒ දේවල් එක්ක හැප්පි හැප්පි ඉස්සරහට එනවා. ඒක තමා ජීවත් වෙනවා කියන්නේ.

ලීක් වෙච්ච කතන්දර ගැන සහ ඒවාගේ වටපිටාව ගැන මං මෙතන අමුතුවෙන් බයිලා ගහන්න ඕනි නෑනේ. අපි ජීවිතේට ඇහට දැකලා නැති කෙල්ලෙක්ගේ මොකක්හරි ලීක් උනාම පිස්සු බල්ලෝ ටික වගේ හැමෝම ඕක හොයන්නේ. ආන් ඒ වගේ සිටුවේශන් එකක් මතක් කරන් හිතලා බලන්න ලෝකේ පීක් එකේම ඉන්න ඇක්ට්‍රස් කෙනෙක්ගේ සෙක්ස් ටේප් එකක් ලීක් උනොත්? ඒකත් ඉන්ටර්නෙට් එහෙම ආව මුල්ම කාලේ..

"හෝව් හෝව්.. ඉන්ටර්නෙට් ආව මුල් කාලෙනම් මොකටද බය වෙන්නේ? ඒ කාලේ ඕවා ස්ප්‍රෙඩ් වෙන්නේ නෑනේ?"

එහෙම හිතුනද? නෑ මිත්‍රවරුනි.. ඉක්මනට ඇවිලෙන දේවල් ඉක්මනට නිවිලා යනවා. විශේෂයෙන් ඉන්ටර්නෙට් එකේ, සෝශල් මීඩියා වල ඇවිලෙන දේවල්... උදාහරණයක් විදියට දැන් එකෙක්ට මතකද විල්පත්තුව කියලා කැලෑවක් ලංකාවේ තියෙනවා සහ එක ඩෑල් එකක් ඒක කපාගෙන කපාගෙන ගියා කියලා 😒 නෑනේ.. ඉන්ටර්නෙට් එකේ හොද වගේම නරකත් ඒකයි. හැබැයි පැමලගෙ සිද්දිය වෙන කාලේ ඕම නෙමේ.. ඉන්ටර්නෙට් වලින් තමා ගේම යන්නේ. බට් මේක වෙනම ට්‍රැජටියක්. මං උඩදිම කිව්වා වගේ අපිට හුරු කතාව නුහුරු පැත්තක් තමා මේකේ තියෙන්නේ. ඇයි දන්නවද මේකේ ට්‍රැජික් එකක් කියලා කියන්නේ. එදා මෙදා තුර ලෝක ඉතිහාසයේ දරුණුම විදියට ජනප්‍රිය වුන සෙක්ස් ටේප් එක තමා මේ. අදටත් මේකට එහා එකක් ඇවිත් නෑ. කන්ටෙන් එක ගැන නෙමේ මේ කියන්නේ. මේක වයිරල් ගිය විදිය ගැන. සීරීස් එකට ආව ඔෆීශියල් පෝස්ටර් එකේ තිබ්බ ක්වෝට් එක දැක්කද?


The Greatest Love Story Ever SOLD


Sold කියන්නේ අලෙවි වුන කියන එක. ඒ කියන්නේ මෙච්චර කාලෙකට ලෝකේ අලෙවි වුන හොදම ලව් ස්ටෝරිය. එතකොට ඇයි මේ සෙක්ස් ටේප් එකකට ලව් ස්ටෝරි එකක් කියන්නේ 😂 අපි තමයි සෙක්ස් කරන්න ලව් හොයන්නේ. අපි හෙන බොරු රගපෑමක් කරනවා කවුරුහරි එක්ක බුදියගන්න කලින්. ඒත් බටහිර සංස්කෘතිය එහෙන නෙමේ. කරන්න තියෙන ටික සේරම කලත් නැතත්, කසාදයක් බදින්න කලින් උන් කල්පනා කරන්නේ මේ යකා එක්ක ජීවත් වෙන්න පුලුවන්ද බැරිද කියන එක. ලිවින් ටුගෙදර් කියලා කන්සෙපෙට් එකක් එහෙම හැදිලා තියෙන්නේ ඒකනේ. මුදු මාරු කරලා පෝරුට නගින්න කලින් තමා බලන්නේ මේ යකා/යකින්නි එක්ක මට ජීවත් වෙන්න පුලුවන්ද කියලා. මොකද සෙක්ස් නම් උපරිම පැයක් තියේ. ඒ වගේ නෙමේ අවුරුදු ගානක් එකට ජීවත් වෙන්න ගියාම. අනිත් සියලු දේ වගේ මෙහේ තියෙන්නේ ඕකේ අනිත් පැත්ත. කොහොමහරි මේ ලීක් වෙන සෙක්ස් ටේප් එකේ කතාවනේ අපිට මේ සීරීස් එකෙන් කියන්නේ. පළවෙනි එපිසෝඩ් තුන බලන්නකෝ. සෙක්ස් කියන කන්සෙපෙට් එකට වඩා මේ දෙන්නා කොච්චර සතුටින් හිටිය දෙන්නෙක්ද කියලා සහ අනිත් මනුස්සයාව කොච්චර ඇප්‍රිශියේට් කරනවද කියලා. හරි.. කතාව ගැන පැත්තකින් තියමුකෝ.. මේකේ කාස්ට් එක කොහොමද?

MCU එකේ බකීව දන්නවානේ. Captain America: First Avenger (2011) ෆිල්ම් එකේ ඉදන් මේ වෙනකම් MCU එකේ බකී බාන්ස්ට රගපාන්නේ සෙබැස්තියන් ස්ටෑන්. ඒ කැරැක්ටර් එකත් සෙබැස්තියන් බොස් ගැම්මට කලා. බකී නම් සෙබැස්තියන්.. සෙබැස්තියන් නම් බකී.. ආන් ඒ සෙබැස්තියන් ස්ටෑන්ම තමා මේ සීරීස් එකේ මේල් ලීඩ් කැරැක්ටර් එක (ටොමී ලී) කියන්නේ. හෙනන වගකීමෙන් කියන්නේ. සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එකේ මුලින්ම ටොමී ලීව (සෙබැස්තියන්) පෙන්නන තැන තියෙනවා නේද, ඒක දැක්ක ගමන් අර මෙච්චර කාලයක් අපි දැනන් හිටිය බකීව ඔලුවෙන් අමතක වෙලා යනවා. සරල භාශාවෙන් කිව්වොත් ඒම සෙබැස්තියන් බොස්ට ටොමී ලීව ආවේස වෙලා ඉන්නේ 😂 ඒ තරම් පට්ට ඇක්ටින්..

සෙබැස්තියන් ස්ටෑන්

2018 මේ සීරීස් එක ගැන එනවුස් කරනකොට ටොමීගේ චරිතෙට තෝරගෙන හිටියේ ජේම්ස් ෆ්‍රැන්කෝ (ටෝබිගේ ස්පයිඩර් මෑන් ට්‍රිලොජියේ හැඊ ඔස්බෝන්). හැබැයි ජේම්ස් මේකෙන් අයින් වෙලා තියෙනවා 2019දී. ඊට පස්සේ තමා සෙබැස්තියන් මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. කොයි දේ වෙන්නෙත් හොදටයි කියන්න පට්ටම උදාහරණයක් තමා ඔය..

පැමලා තරම් අයිකොන් එකක් නොවුන්ට ටොමී ලී කියන්නෙත් ඒ කාලේ සෑහෙන්න ජනප්‍රියම රොක්ස්ටාර් කෙනෙක්. Motley Crue රොක් බෑන්ඩ් එකේ ෆවුන්ඩින් මෙම්බර් කෙනෙක් වගේම බෑන්ඩ් එකේ ඩ්‍රමර් මෙයා. ටොමීට අවුරුදු  4දී තමා එයාගේ පළවෙනිම ඩ්‍රම්ස්ටික් දෙක හම්බවෙන්නේ. ඒ වගේම ටීනේජ් කාලෙදී තමා පාළවෙනිම ඩ්‍රමසෙට් එක හම්බවෙන්නේ. කොල්ලා හයිස්කූල් එකෙන් අයින් වෙලා එයාගේ පැශන් එක ෆලෝ කරලා තමා මියුසීශියන් කෙනෙක් වෙන්නේ. ටොමී කියන්නේ අමුතුම කැරැක්ටර් එකක්. මේ සීරීස් එක බලද්දී ඒක තේරේවි.

ටොමී ලී

පෑම්ව මැරි කරන්න කලින් ටොමී කසාද දෙකකින් දික් කසාද වෙලා තියෙනවා. පෑම්ව මැරි කලාට පස්සේ දෙන්නට ළමයි දෙන්නෙක් ලැබෙනවා. කසාදෙ තියෙන්නේ අවුරුදු 3යි. මේ දෙන්නා බදින්න කලින් දවස් 4යි ආස්‍රය කරලා තියෙන්නේ. බීච් එකක බදින්නේ. පැමලගේ අම්මා මේ කසාදෙ ගැන දැනගන්නෙත් People Magazine එකේ ආටිකල් එකකින් 😂 ඔය ගැන හෙන ලස්සනට තියෙනවා දෙවෙනි එපිසෝඩ් එකේ. දවස් 4න් යාලුවෙලා, කසාද බැදලා ළමයි දෙන්නෙකුත් හදලා, ලෝකේ වැඩියෙන්ම වයිරල් වුන සෙක්ස් ටේප් එකේ සීන් එකටත් මුහුණ දීලා, අවුරුදු 3කින් ඩිවෝස් වෙනවා. හැපනින් ලයිප් නෙහ්.. එදා ලැබුණ දරුවො දෙන්නාගෙන පස්සේ මෙයාලාට දරුවෝ නෑ. ඊට පස්සේ දෙන්නම කසාද කීයපක් කරන් තිබ්බත් දරුවො නෑ හෝ දරුවෝ හදලා නෑ.

ඊලග අපේ පැමලා.. පැමලාට රගපාන්නේ ලිලී ජෙම්ස්. ඉටි රූපේ වගේ ඈ.. Cinderella (2015) ෆිල්ම් එකේ සින්ඩරෙල්ලගෙ කැරැක්ටර් එක කරන්නේ ලිලී. ඒ කාලේ ඇ.ඩො මිලියන 542ක බොක්ස් ඔෆීස් ආදායමක් හෙව්ව ෆිල්ම් එකක්. ආයේ Baby Driver (2017) එකේ ඩෙබීගේ චරිතෙ කරන්නෙත් ලිලී. බිග් ස්ක්‍රීන් එක වැඩ පෙන්නපු ඇක්ට්‍රස් කෙනෙක්. මේකෙත් රගපානවා රගපෑමක්, බලන අපිට ඇස් අහකට ගන්න හිතෙන්නේ නැති වෙන්න. අනික තමා ලිලීගෙයි, සෙබැස්තියන්ගෙයි කෙමෙස්ට්‍රිය. ඊට වඩා මේ කැරැක්ටර්ස් දෙකට ගැලපෙන දෙන්නෙක් මේ ලෝකේ නැතුව ඇති.

ලිලී ජෙම්ස්


මේ පහල ෆොටෝ එකේ වම් පැත්තේ ඉන්නෙ ඇත්තම ටොමී ලී සහ පැමලා ඇන්ඩර්සන්. එතකොට දකුණු පැත්තේ ඉන්නේ මේ සීරීස් එකේ ටොමීටයි, පෑම්ටයි රගපාන සෙබැස්තියන් ස්ටෑන් සහ ලිලී ජේම්ස්. මේ ෆොටෝ එක හොදටම ඇති මේ දෙන්නා කොච්චර ඇකියුරේට් ද කියලා හිතාගන්න 🙏


මේ කැරැක්ටර්ස් දෙක වෙනුවෙන් මේ දෙන්නා කොච්චර මහන්සි වෙලා තියෙනවද කියලා පේනවානේ. සෙබැස්තියන් බොස් ඇග එහෙම සෑහෙන්න අඩු කරලා. ලිලීගේ ට්‍රාන්ස්ෆොමේශන් එකනම් එපික්. මේකප් & හෙයා ඩිපාට්මන්ට් එක හොදටම කරලා තියෙනවා.

ඔය දෙන්නටම අමතරව මේකේ ඉන්නව තව පට්ට වැඩ්ඩෙක්. ඒ තමයි සෙත් රොගන්ස්. සෙත් කියන්නේ ඇක්ටර් කෙනෙක් වගේම දක්ශ වොයිස් ආටිස්ට් කෙනෙක්. Superbad, The Green Hornet, This is the End ෆිල්ම් වල ස්ක්‍රිප්ට් එක ලියන්නත් සෙත් බොස් සම්බන්ධ වෙලා තියෙනවා. සීරීස් එක ගැන එනවුස් කරනකොට මට පුදුමත් හිතුනා ඇයි මේ කැරැක්ටර් එකට සෙත්ව ගත්තේ කියලා හෝ සෙත් කැමති උනේ කියලා. බලනකොට තමා තේරුනේ ඒ කැරැක්ටර් එක කරන්න ඊට වඩා ගැලපෙන කෙනෙක් නෑ කියලා. සෙත්ගේ කැරැක්ටර් එක ගැන ලොකුට මුකුත් නොකියා ඉන්නම්. බලලම ඒ ආතල් එක ගන්න එක තමා හොද. උඩදී කිව්වා වගේ මේකේ කාස්ටින් පට්ටම පර්ෆෙක්ට්.

සෙත් රොගන්ස්


සීරීස් එක ක්‍රියේට් කරන්නේ රොබට් සීගල්. The Wrestler (2008) ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක ලියන්නේ මෙයා. මරු ෆිල්ම් එක ඒක.. එතනින් එහාටනම් රොබට් බොස්ගේ එහෙමට කියලා වැඩක් එලියට ඇවිත් නෑ. හැබැයි මේකනම් දීලා තියෙනවා අවුරුදු ගානක ඇරියස් කවර් වෙන්න 🙏 සීරීස් එක නිර්මාණය වෙන්නේ 2014 දී Rolling Stone මැගසීන් එකෙන් පබ්ලිශ් වුන ඇමැන්ඩා ලෙවිස් ලියපු Pam and Tommy: The Untold Story of the World's Most Infamous Sex Tape කියන ආටිකල් එක ඇසුරෙන්.


ආ... තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේක ඇඩල්ස් ඔන්ලි ඈ.. ටිකක් එහෙම නෙමේ.. හොදටම ඇඩල්ස් ඔන්ලි. දෙවෙනි එපිසෝඩ් එක එහෙම පෝන්හබ් එකෙන් ප්‍රඩක්ශන් එක කරලා වගේ 😂 දැන් ඉතිං ඕකම ඇති බොලාලට මේක බලන්න.. ඒම හිතිලා හරි කමක් නෑ මේක බලන්න. ඔය සෙක්ස් කතන්දරේට වඩා හෙන ට්‍රැජික් සීන් එකක් මේකේ තියෙන්නේ. මුල එපිසෝඩ් තුන ආතල්. ඒත් බලන්නකෝ අවසානෙට යනකොට කොහොම වෙයිද කියලා 🙏

ඒ වගේම මේක බ්ලැක් කොමඩි කැටගරියේ සීරීස් එකක්. ගොඩක් අය හිතන්නේ බ්ලැක් කොමඩි කියන්නේ බඩ අල්ලන් හිනාවෙන්න පුලුවන් එකක් කියලා. එහෙ නෑ හොදේ.. ඒක ගැන ටිකක් හොයලා බලන්න. ඒ වගේම මේ සීරීස් එකේ දෙවෙනි එපිසෝඩ් එකේ තියෙනවා අපි ජීවිතේට ෆිල්ම්/සීරීස් එකක දැකලා නැති පට්ටම සීන් එකක්. අපි දැකලා තියෙනවා මිනිස්සු තනියම කතා කරන ඒවා. හොල්මන් වලට කතා කරන ඒවා. සත්තුන්ට කතා කරන ඒවා.. ඒත් ජීවිතේට දැකලා තියේද මිනිහෙක් *** කතා කරන එකක් 😂 ඒ තරු ලකුණු වලින් වහලා තියෙන්නේ ස්පොයිල් කරන්න බැරි නිසා. බලලම ඒ ආතල් එක ගන්න.

එහෙනන් අවසාන වශයෙන් ආයෙත් සැරයක් හැමෝට කියන්නේ මේක බලන්න. මේ අවුරුද්දේ ආව/එන්න තියෙන සීරීස් අතරින්, මේක හොදම සීරීස් එකක් වෙනවා ඒකාන්තයි. මෑත කාලයේ මං බලපු හොදම බයොග්‍රැෆි ඩ්‍රාමා සීරීස් එකක් තමා මේ. ඒ කියන්නේ කාගේහරි ජීවිත කතාවක සිද්දියක් ඇසුරෙන් නිර්මාණය වුන කතාවක්. ඇත්තටම වුන දේවල් ටික මාරම ලස්සනට රීක්‍රියේට් කරන්න මේ සීරීස් එකේ ක්‍රියේටර්ස්ලට පුලුවන් වෙලා තියෙනවා. සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එක පටන් ගද්දිම පෑම් ඉන්න ටෝක් ශෝ එකක පොඩි කොටසක් පෙන්නනවා. අදටත් ලෝකේ වෙන්නේ ඕකම නෙමෙයිද කියලා බලන්න. ඒ වගේම පළවෙනි එපිසෝඩ් තුන පුරාවට මේ සීරීස් එකේ ප්‍රධාන චරිත තුනටම කතාව ලස්සනට බැලන්ස් කරලා තියෙනවා. ඉස්සරහටත් එකේ වෙනසක් වෙන එකක් නෑ. මේක ලිමිටඩ් සීරීස් එකක්නේ. තව එපිසෝඩ් 5යි එන්න තියෙන්නේ. ඒ එපි පහ ඉදිරි සති වලදී සතියට එක ගානේ ඉදිරි සති පහේම බදාදා Hulu ස්ට්‍රීමින් එකෙන් ස්ට්‍රීම් වෙනවා. බ්‍රහස්පතින්දාට හොර කොපි (මාර්ගගත ක්‍රමවේදය) හරහා අපිට බලන්න පුලුවන් 😁

එහෙනම් අදට ආටිකල් එක සමාප්තයි. හෙට අරන් එන්නම් ඇමසෝන් එකෙන් ආව Reacher සීරීස් එක ගැන පොඩි විස්තරයක්. ඒකනම් කම්ප්ලීට් ආව නිසා මීට වඩා කතාව ගැන විස්තර කරන්න පුලුවන්. හැබැයි ආයෙත් කියනවා. මේවා කියෝ කියෝ ඉන්න ඕනි නෑ. ඔය උඩ කිව්ව තුනම බලන්න 🙏

Pam & Tommy | Official Trailer 

1 Comments

  1. Casinos in the UK - How to find good games - GrizzGo
    So, what septcasino do we herzamanindir.com/ mean by “casinos in the UK”? gri-go.com to find a casino ventureberg.com/ and live casino games on a mobile phone worrione.com device in 2021.

    ReplyDelete
Post a Comment
Previous Post Next Post