නෝලන් ගේ Oppenheimer ෆිල්ම් එකේ ෆස්ට් ලුක් එක ඇතුළු අළුත්ම විස්තර



ක්‍රිස්ටෝෆර් නෝලන් ගේ අළුත්ම ෆිල්ම් එක වෙන "Oppenheimer" එකේ පළවෙනි ෆස්ට් ලුක් එක ටිකකට කලින් රිලීස් කරලා තියෙනවා. ඒ ෆස්ට් ලුක් එකේ ඉන්නේ ෆිල්ම් එකේ මේන් රෝල් එක කරන Cillian Murphy ගේ Oppenheimer කැරැක්ටර් එක. ඒ ෆස්ට් ලුක් එක පහළින් බලාගන්න පුළුවන්.

Cillian Murphy as J. Robert Oppenheimer

මේ ෆස්ට් ලුක් එකේ තියෙන්නෙ Oppenheimer සිගරට් එකක් ස්මෝක් කරන් ඉන්න එකක් කියලා හැමෝටම පැහැදිලි වුණාට ඒක යට තියෙන හිස්ටොරිකල් ඩීටේල් එක ගැන දැනුවත් නැතුව ඇති ගොඩක් අය. J. Robert Oppenheimer කියන්නේ chain smoker එහෙම නැත්නම් නොකඩවා එක දිගට ස්මෝක් කරන කෙනෙක්. මේ හේතුව නිසාම එයාට පස්සේ කාලෙක throat cancer එකකින් එහෙම නැත්නම් උගුර ආශ්‍රිත පිළිකාවකින් පීඩා විඳින්න වුණා. අවසානයේ Oppenheimer ගේ මරණය සිදුවුණෙත් මේ පිළිකාව නිසාමයි. Oppenheimer ගේ නිර්මාණය නිසා විනාෂ වුණ ජපානයේ හිරෝෂිමා සහ නාගසකි වල සර්වයිව් වුණ මිනිස්සුනටත් පරම්පරා ගණනක් යනකන් මේ වගේ පිළිකා තත්ව වලින් පීඩා විඳින්න වුණා. මේ ඩීටේල් එක කියවනකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඇති කොච්චර අයිරොනිකල්, සිම්බොලිකල් සහ පැරලල් දේවල් ෆිල්ම් එකේ ඇතිද කියලා.

පරමාණුක බෝම්බයේ බලපෑමට ලක්වූ පිරිසක්

මේ ෆස්ට් ලුක් එකට අමතරව ෆිල්ම් එක ගැන තව විස්තර කිහිපයකුත් එළියට දීලා තියෙනවා. මේ ෆිල්ම් එකේ ප්ලොට් එක වෙන්නේ පරමාණු බෝම්බයේ පියෙකු විදිහට සලකන Manhattan Project එකට හෞතික විද්‍යාඥයකු විදිහට සම්බන්ධ වෙලා වැඩකරපු J. Robert Oppenheimer ව පසුකාලෙක ඇමෙරිකානු ආණ්ඩුව විසින් ඔහුගේ loyalty එහෙම නැත්නම් රාජපාක්ෂික භාවය ගැන ප්‍රශ්න කරන සිදූවීම් එක්ක ගොඩනැඟුනු සිදුවීම් මාලාවයි.


ඔයාලා දැනුවත් ඇති දැන් මාස කිහිපයක ඉඳන් මේ ෆිල්ම් එකේ කාස්ට් එක අනවුන්ස් කරා කියලා. ඒ හැමෝම වගේ සෑහෙන ටැලන්ටඩ්, ෆේමස් සහ හොලිවුඩ් වල ටොප් ලෙවල් එකේ ඉන්න ඇක්ටර්ස්/ඇක්ට්‍රසස් ලා. සරලව කිව්වොත් සුපිරිම කාස්ට් එකක් ෆිල්ම් එකට දාලා තියෙනවා. ඒ අනුව Oppenheimer ගේ වයිෆ් ගේ කැරැක්ටර් එක වෙන බයොලොජිස්ට් හා බොටැනිස්ට්(උද්භිද විද්‍යාඥයවරියක්) වන Katherine(Kitty) Oppenheimer විදිහට Emily Blunt එකතු වෙනවා. ඒ වගේම Matt Damon විසින් පරමාණු බෝම්බය නිර්මාණය කළ "Manhattan Project" එකේ ඩිරෙක්ටර් වෙන ජෙනරල් Leslie Glover Jr. විදිහට ත් Robert Downey Jr. විසින් U.S. Atomic Energy Commission එකේ ආරම්භක කමිශිනර් කෙනෙක් විදිහටත් එකතු වෙනවා. ඊට අමතරව Florence Pugh විසින් Psychiatrist(මනෝ වෛද්‍යවරියක්) කැරැක්ටර් එකක් වෙන Jean Tatlock, Benny Safdie විසින් Theoretical Physicist(න්‍යායික භෞතික විද්‍යාඥයෙක්) වෙන Edward Teller කැරැක්ටර් එක නිරූපණය කරන්නත් එකතු වෙනවා. ඒ වගේම Michael Angarano සහ Josh Hartnett විසින් මෑන්හැටන් ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ වෙලා වැඩකරපු Robert Serber සහ Ernest Lawrence කියන සුප්‍රසිද්ධ ඇමෙරිකානු විද්‍යාඥයන් දෙදෙනාගේ කැරැක්ටර්ස් දෙක නිරූපණය කරනවා. ඊට අමතරව Kenneth Branagh, Rami Malek, Dane DeHaan, Dylan Arnold , David Krumholtz, Alden Ehrenreich සහ Matthew Modine යන ඇක්ටර්ස් ලත් මේ ෆිල්ම් එකට සම්බන්ධ වෙලා තියෙනවා. මේ කාස්ට් එක දැක්කම හිතාගන්න පුළුවන් නේ කොච්චර යුනික් ෆිල්ම් එකක් වෙයිද කියලා.

Oppenheimer ෆිල්ම් එකේ කාස්ට් එක

මේ වෙනකොට ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ වල ප්‍රොඩක්ෂන් වැඩ කෙරෙන මේ ෆිල්ම් එකේ ශූටින් කැලිෆෝනියා සහ නිව් ජර්සි ඇතුළු ප්‍රදේශ කිහිපයකම සිදුකරන්න නියමිත වෙලා තියෙනවා. ෆිල්ම් එකේ බජට් එක ඩොලර් මිලියන් 100 යි. ඩ්‍රාමා ෆිල්ම් එකකට ඩොලර් මිලියන් 100 ක බජට් එකක් අරන් තියෙන එකෙන් කියන්නේ බොහෝවෙලාවට නෝලන් "superhero era" එකේ වෙනස් ම වැඩක් කරලා බොක්ස් ඔෆිස් සාර්ථක වෙන්න පුළුවන් කියලා පෙන්නන්න උත්සාහ කරනවා කියලා වෙන්න පුළුවන්. මෙච්චර සුපිරි කාස්ට් එකක් සහ "කාලීන" විවාදාත්මක ටොපික් එකක් අරන් තියෙන්නේ ඒ නිසා වෙන්න පුළුවන්. 

Christopher Nolan

ෆිල්ම් එකේ ප්‍රොඩක්ෂන් වැඩ වලට Hoyte van Hoytema සිනෙමටෝග්‍රැෆර් විදිහටත් (Tenet, Dunkirk සහ Interstellar වල සිනෙමටෝග්‍රැෆර්), Jennifer Lame එඩිටර් විදිහටත් සහ කොම්පෝසර්(Composer) විදිහට Ludwig Göransson එකතු වෙනවා. මේ දෙන්නම Tenet එකේ වැඩ කරපු අය. ෆිල්ම් එකේ ප්‍රොඩක්ෂන් ස්ටූඩියෝස් වෙන්නේ Universal Pictures සහ නෝලන්ගේ Syncopy ස්ටූඩියෝ එකයි. ඒ වගේම මේ ෆිල්ම් එක Kai Bird සහ Martin J. Sherwin ගේ Pulitzer Prize එක දිනපු “American Prometheus: The Triumph and Tragedy of J. Robert Oppenheimer” පොත බේස් කරගෙන නිෂ්පාදනය කරනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. 

American Prometheus: The Triumph and Tragedy of J. Robert Oppenheim

ඒ වගේම මේ ෆිල්ම් එකේ සමහර කොටස් IMAX black & white analogue photography විදිහට ශූට් කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ වගේ දෙයක් ෆිල්ම් ඉන්ඩස්ට්‍රියේ වෙන්නේ පළවෙනි වතාවට. ඒ කියන්නේ මෙහෙමයි. ලෝකේ තියෙනවා මේන් photography වර්ග දෙකක්. Analogue Photography සහ Digital Photography.

ඇනලොග් සහ ඩිජිටල් ෆොටෝග්‍රැෆි අතර ඇති වෙනස

Digital photography කියන්නේ අපි දැන් යූස් කරන බහුතරයක් කැමරා වල තියෙන ෆොටෝග්‍රැෆි මෙතඩ් එක. දැන් එන DSLR, phones සහ අනෙක් ගොඩක් වීඩීයෝ, ෆොටෝ කැමරා වර්ග වල තියෙන්නේ මේ ඩිජිටල් ෆොටොග්‍රැෆි. ඒකෙන් වෙන්නේ එක සිස්ටම් එකකින් කැප්චර් කරන ෆොටෝ එක හෝ වීඩීයෝ එක ඩිජිටල් විදිහට කම්පියුටර් ෆයිල් එකක් විදිහට ස්ටෝර් කරන එක.

Digital Photography

හැබැයි Analogue Photography වල මේක වෙන්නේ වෙනස් විදිහට. පරණ කාලේ කැමරා වල යූස් වුණේ මේ මෙතඩ් එක. Film කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ගොඩක් අය කියන්නේ movie එකක් කියලා. හැබැයි film කියන එකේ තේරුම ඒ කාලේ කැමරා වලට දාපු කැමරා roll එක. ඒකට කියන්නේ film එහෙම නැත්නම් film roll එක කියලා. ඒකෙදි වෙන්නේ ඒ film එකේ තියෙන කෙමිකල් වර්ගයක් එක්ක ආලෝකය ප්‍රතික්‍රියා කරලා ඒ ෆිල්ම් එකේ පික්චර් එක රෙකෝර්ඩ් වෙනවා ෆිසිකලි. පස්සේ ෆොටෝ ලැබ් එකකට ගිහින් ඒක එක්ස්ට්‍රැක්ට් කරලා ගන්නවා. අර 13 Reasons Why එකේ Tyler Down ගේ ෆොටෝ ලැබ් එකේ ප්‍රොසෙස් එක තමා ඒ.

Film

Analogue Photography

ෆොටෝ ලැබ් එකකින් එක්ට්‍රැක්ට් කරපු ඇනලොග් ෆොටෝස්

මේ මෙතඩ් එක දැන් ගොඩක් යූස් වෙන්නේ නැහැ. Efficient මදි නිසා. හැබැයි නෝලන් දැන් ආයේ මේ analogue ශූටින් IMAX ලෙවල් එකට ගේන්න හදනවා. සාමාන්‍යයෙන් analogue photography ෆිල්ම් එකක film roll එකේ සයිස් එක 35mm. ඒක තමා ස්ටෑන්ඩර්ස් සයිස් එක. මේ විදිහට analogue 35mm ශූට් කරපු ෆිල්ම් එකකට උදාහරණයක් විදිහට 2019 ආපු The Lighthouse ෆිල්ම් එක ගන්න පුළුවන්. හැබැයි ඩිජිටල් ෆොටොග්‍රැෆි කරන IMAX ෆිල්ම් රෝල් එකක ස්ටෑන්ඩර්ස් සයිස් එක 70mm. එතකොට මේ 35mm ෆිල්ම් රෝල් එකක් සග 70mm ෆිල්ම් රෝල් එකක් කම්පෝස් කරන්නේ කොහොමද කියන එක නෝලන් කරලා පෙන්නනකන් අපිට බලන් ඉන්න වෙනවා.මේ විදිහට ළඟදි පරණ ශූටින් මෙතඩ් එකක් මොඩර්න් ශූටින් එක්ක කොම්පෝස් කරලා තියෙන්නේ දන්න විදිහට Zack Snyder විතරයි. 1960 ගණන් වල යූස් කරපු ලෙන්ස් එකක් ස්නයිඩර් Army of the Dead ෆිල්ම් එකේ ශූටින් වලට යොදාගෙන තියෙනවා. හැබැයි මේ නිසා සමහර 4K TV Screen වල ඩෙඩ් පික්සල්ස් පෙනිලා තියෙනවා. මේක සෑහෙන අයිරොනිකල් පොයින්ට් එකක්. මොකද ගොඩක් ෆිල්ම් හෝල්ස් වල තියටර් රෙසොලූෂන් එක 2K. සමහර ඒවා 4K තියෙනවා තමයි. හැබැයි අතිබහුතරයක් තියෙන්නේ 2K. ඒ වගේම IMAX තියටර්ස් වලින් ඉතා පොඩි ගාණක් ඇර අනික් හැම එකම තියෙන්නේ 2K වලින්. Laser light ටෙක්නොලිජියෙන් එන IMAX තියටර්ස් ඉතා පොඩි ගාණක විතරක් 4K පෙන්නනවා. මට නිකන් හිතෙනවා අර සැක් ගේ ආමි ඔෆ් ද ඩෙඩ් ෆිල්ම් එකේ වුණ මිස්ටේක් එක නෝලන් ඇඩ්වාන්ටේජ් එකක් එහෙම නැත්නම් වෙපන් එකක් විදිහට යූස් කරන්න හදනවද කියලා. මොකද දැන් ලෝකේ සමහර අය කියන්නේ ස්ට්‍රීමින් කරලා ගෙදර ඉඳන් බලන්න පුළුවන් නේ ඇයි තියටර්ස් වලට යන්නේ කියලනේ. මෙහෙ එච්චර ප්‍රසිද්ධ නැතිවුණාට ඒ රටවල් වල ගෙදරක තියෙන TV එක බොහෝදුරට 4K නැත්නම් 8K. එතකොට දැන් නිකන් හරි නෝලන් IMAX ඇනලොග් විදිහට ශූට් කරන මේ ෆිල්ම් එක ඩෙඩ් පික්සල්ස් වගේ සීන් එකක් නැතුව කොලිටියට බලන්න පුළුවන් 2K එකක විතරක් නම්, හැමෝටම අනිවාර්යෙන් IMAX තියටර් එකකට යන්න වෙනවා. එහෙම නැත්නම් නෝමල් 2K තියටර් එකකට යන්න වෙනවා. හැමෝම දන්නවනේ නෝලන් IMAX වල සෑහෙන ලොකු ෆෑන් කෙනෙක් කියලා. ගොඩක් වෙලාවට මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. අර මන් කලින් කිව්ව "superhero era" එකේ ඔරිජිනල් ෆිල්ම් එකක් බොක්ස් ඔෆිස් රෙකෝර්ඩ්ස් වල ටොප් ලෙවල් එකට ගෙන්නගන්න නෝලන් ගහන ගේමක් වෙන්න පුළුවන් මේක. (මෙහෙ බහුතරයකට නම් ඒක අදාල නැහැ. 720p web rip ලැප් එකේනේ බලන්නේ) ඒ වගේම මේ black & white ශූටින් වලින් කියන්නේ මුළු ෆිල්ම් එකම ඒ විදිහට ශූට් කරලා නැතුව ඇති. සමහර කොටස් විතරක් ඒ විදිහට ශූට් කරලා ඇති. කෝර්ට්ස් වල සීන්ස් සමහර විට ඇටොමික් බෝම්බ් එක්ස්ප්ලෝෂන් එක වගේ ඒවා black & white ශූට් කරලා ඇති. 

IMAX, Digital සහ Analogue 35mm වල ඇති වෙනස

එක එක සයිස් වල ෆිල්ම් රෝල්ස් වල පරිමාණය

ඉතින් මේ ෆිල්ම් එක Universal ලා 2023 ජූලි 21 තියටර්ස් වලට රිලීස් කරන්න සූදානම් වෙලා ඉන්නවා. නෝලන් ගේ වෙනස් ම ටයිප් එකේ ෆිල්ම් එකක් අපිට බලාගන්න පුළුවන් වේවි එදාට.




(Source - Variety)

1 Comments

Post a Comment
Previous Post Next Post