මල්ටිවර්ස් පිස්සුවට එන කවුද මේ මිස් ඇමෙරිකා | Ms. America Comic Background

Marvel: Infinity #03


මාවල් චරිත ගැන අරගෙන එන ආටිකල් සීරිස් එකේ තුන්වෙනි ලිපිය තමා අද අරගෙන ආවේ. මීට කලින් මේ ආටිකල් සීරිස් එකෙන් Carnage, Eternals ගැන විස්තර අරන් ආව ඔයාලට මතක ඇති. තේකක් එහෙම ළඟට අරන් කියවන්න ලෑස්තිවෙන්ට. එහෙනම් වණක්කම් අස්සලාම් අලෙයික්කුම් වෙල්කම්ටු රිව්ව් හූ කෙයාස්. මේ America Chavez a.k.a Ms. America ගැන Infinity ආටිකල් එක. 

ස්පයිඩිලාගේ භීෂණය ඉවරවෙනවත් එක්කම ඊළගට MCU ෆෑන්ස්ලගෙ ලොකුම අවධානය ගියේ Doctor Strange Multiverse of Madness ෆිල්ම් එකට. ඒකට තියෙන ලොකුම හේතුව තමා නෝ වේ හෝම් වගේම මේකෙදිත් සෑහෙන ස්ප්‍රයිස් තියෙනවා කියලා පැතිරෙන rumors. ඒ වගේම Eternals ෆිල්ම් එකෙන් අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටපු Marvel Lore එක කණපිට ගැහුවා වගේම මේකෙන් මාවල් මල්ටිවර්ස් එක ගැන සෑහෙන විස්තර දැනගන්න ලැබේවි. රූමර්ස් ඇත්ත වේවා හෝ නොවේවා මේකෙන් MCU එකට සෑහෙන කැරැක්ටර්ස් ටිකක් introduce වෙයි කියලා තමා ප්‍රධාන පෙලේ scoopers ලා ගොඩක් කියන්නෙ. ඉතින් දැනට කන්ෆර්ම් වුණ සහ නොවුන චරිත කීපයක් ගැන කෙටි හැඳින්වීමක් කරන්න තමයි ඉස්සරහට Infinity තුලින් බලාපොරොත්තුවෙන්නෙ. වැඩි කතා නැතුව එකයි, දෙකයි, තුනයි කියල වැඩේ කරගෙන යං. 

මල්ටිවර්ස් මෑඩ්නස් එකෙන් MCU එකට Introduce කරන පලවෙනි කැරැක්ටර් එක තමා Ms. America කියන්නෙ. ෆිල්ම් එකත් මල්ටිවර්ස් නිසා මෙයා කතාවෙ ප්ලොට් එක වෙන්නත් පොඩි සම්භාවිතාවක් තියෙනවා. 

කොමික් වලදි Ms. America කියන්නෙ Utopian Parallel එකක ඉන්න ලෙස්බියන් කපල් එකකට ලැබෙන දරුවෙක්. මේ Utopian Parallel එක බේරගන්න මෙයාගෙ අම්මල දෙන්න එයාලව sacrifice කරනවා.

Utopian parallel 

මේකෙන් මල්ටිවර්ස් එකට පිටින් හිටපු Ms. America ව 616 එහෙමත් නැත්තම් main marvel universe එකට වැටෙනවා. ඊටපස්සෙ මෙයා vigilante කෙනෙක් හැටියට (අර විජිලන්තයා නෙවේ ඈ😂) මෙයාගෙ neighborhood එකේ අයට උදව් කරන්න ගන්නවා


පස්සෙ කාලෙකදි මෙයා Teen Brigade කියන ටීම් එකේ සාමාජිකාවක් වෙනවා. ඒත් ටික කාලෙකින් පොඩි ප්‍රශ්ණ කීපයක් නිසා මෙයා Earth-212 එකට යනවා. එහෙදි ලෝකි Ms. America ට කියනවා මල්ටිවර්ස් එකේ යහපතට Wiccan ව මරල දාන්න කියලා. මේකෙන් පස්සෙ Ms. America ලෝකි එක්ක පොඩි සටන් කීපයක්ම ඇති කරන් තියෙනවා. 

ඒ වගේම Ms.America කියන්නෙ Young Avengers ටීම් එකේ සාමාජිකාවකුත් වෙනවා. Hawkeye සීරිස් එකේ අපි දැක්ක Kate Bishop ගෙ හොඳම යාලුවා වෙන්නෙත් Ms.America ම තමා. කොමික් වල ලස්සනට මෙයාලගෙ කෙමෙස්ට්‍රිය පෙන්නලා තියෙනවා. මාවල් කොමික් වල තියෙන ලස්සනම friendship එකක් තමා මේඑ දෙන්නට තියෙන්නෙ. (ඔව්ව ලයිව් ඇක්ශන් එයි ඉස්සරහට🤩) Los Angeles බේරගන්න Kate ආපහු West Coast avengers ටීම් එකක් එකතු කරනකොට Ms. America ඒකෙ ප්‍රධානම සාමජිකයෙක් විදිහට කටයුතු කරනවා. Ms. America කියන්නෙ ලෙස්බියන් කැරක්ටර් එකක්. කොමික් වලදි මෙයා  Fuse කියන superhero ගෙ සහෝදරිය වගේ අයත් එක්ක සම්බන්ධකම් පවත්වලා තියෙනවා. 



මාවල් කොමික්වල ඉන්න පවර්ෆුල්ම character එකක් තමා Ms. America කියන්නෙ මෙයා කොච්චර පවර්ෆුල්ද කියනවානම්. ගැලැක්ටස් වගේ heroes ලට ගණුදෙනු කරන්න අමාරු cosmic level එකේ threats වලට මූණ දෙන්න හදන Ultimates ( මේ කියන්නේ Earth-1610 එකේ ඉන්න සෙට් එක ගැන එහෙම නෙවේ. දෙක පටලවගන්න එපා ✌️) ටීම් එකේ නායකයා වෙන්නෙත් මෙයා. මේ ටීම් එකේ අනිත් සාමාජිකයො තමා Captain Marvel, Black Panther, Spectrum (Monica Rambeau), Blue Marvel   කියන අය Black Panther කියන්නෙ මාවල් කොමික් වල ඉන්න බෑඩෑස්ම කැරැක්ටර් එකක්. ඒ වගේම මම දකින හැටියට කැපාට පස්සෙ වැඩියෙන්ම leadership qualities තියෙන චරිතෙ. ඒ වගේ අය ඉන්න ටීම් එකක leader වෙන්න පුළුවන් උනා කියන්නෙ මෙයාගෙ power level එක ගැන එහෙම හිතාගන්න. 

Powers and Abilities

Ms. America ගෙ ලොකුම පවර් එක තමා star-shaped portals මේවගෙන් මල්ටිවර්ස් එක හරහා යන්න විතරක් නෙවේ inter-dimensional time travel උනත් කරන්න පුළුවන්. මේක ලොකු advantage එකක් වෙනවා combats වලදි.


තව Ms. America ට flight, invulnerability වගේම super strength එකත් තියෙනවා. ටොන් ගානක් උනත් කිසිම ප්‍රශ්ණයක් නැතුව උස්සගන්න පුළුවනි. ලෝකි වතාවක් කියල තියෙනවා Ms. America indestructible woman කෙනෙක් කියල. 


Ms. America ට පුළුවනි එයාගෙ internal power එක කකුල් දෙකට ෆෝකස් කරලා shock waves ඇති කරන්න. ( අර හල්ක් කකුල පොලේ ගහන්නෙ වටපිටාවෙ තියෙන දේවල් විනාසවෙලා යන්න🤭). 


Star blast- මේක අත්‍යාවශ්‍යම වෙලාවක ඇරෙන්න වෙන කිසිම වෙලාවක පාවිච්චි කරන්නෙ නැති බලයක්. මොකද මේකෙන් පාරක් කෑවා කියන්නෙ power stone  එකෙන් සාමාන්‍ය මනුස්සයෙක් ගැහුවා වගේම තමා. Burst වෙලාම යනවා. කියන හැටියට මේක captain marvel ගෙ proton blast එකටත් වඩා powerful. 

ඔයිට අමතරව මෙයාට superspeed එක තියෙනවා. මොනිකා රැම්බු පවා පුදුමවෙනවා මෙයාගෙ ස්පීඩ් එකට. 

කලින් මම කිව්වනෙ මෙයාගෙ ඔරිජින් එක.පස්සෙ කාලෙකදි කොමික් වලින් පෙන්නලා දීල තියෙනවා ඒ ඔරිජින් එක වැරදියි කියලා. 

ඒ ඔරිජින් එකේ හැටියට America සහ එයාගෙ සහොදරිය Carolina කියන්නෙ Edges Syndrome එකෙන් පීඩා වින්ඳ අය. මේ නිසා මේ අයගෙ අම්මල දෙන්න Gales කියන කෙනාගෙ island එකක තියෙන facility එකකට යනවා මේකට බෙහෙතක් හදන්න. මේ දූපතේදි මෙයාලා Utopian Parallell එකට portal එකක් අරිනවා මේකෙන් තමා America ට පවර්ස් එන්නේ. ඊටපස්සෙ මෙයා උත්සාහ කරනවා America ගෙ බලයෙන් එයාට ඕනෙ හැටියට පාවිච්චිකරන්න. මේකට විරුද්ධ වෙලා මෙයාලා දූපතෙන් පැනගන්න හදනවා. හැබැයි මෙතනින් පැනගන්නවෙන්නෙ Americaට විතරයි. අනිත් අය මැරෙනවා. පස්සෙ එලිවෙනවා මෙයාගෙ සහෝදරිය Catalina පණපිටින් කියලා.


ඔයිටපස්සෙ තමා America hero කෙනෙක් හැටියට crime fighting වලට යන්නෙ. Superhero carrier එක කරගෙන යන්න ලේසිවෙන්න මෙයා අර බොරු ඔරිජින් එක හදාගන්නවා. 

ඔය Edge Syndrome කියන එක Ms.America ගෙ weakness එකක් හැටියටත් පෙන්නලා තියෙන්නෙ කොමික් වලදි. 🙄

ෆිල්ම් එකේ හැටියටනම් මට හිතෙන්නෙ Defender Strange එයාවම sacrifice කරලා Ms. America ව බේරගන්නව කියලයි. 😥

Marvel කොමික් වල මුලින්ම Ms.America කියන නම පාවිච්චි කරන්නෙ මෙයා නෙවේ. මීට කලින් Madeline Joyce-Frank කියන කෙනා තමයි මුල්ම Ms.America වෙන්නෙ. මෙයා දෙවෙනි ලෝක යුද්ධය කාලෙ සටන් කරපු mutant කෙනෙක්. මෙයාගෙ හස්බන්ඩ් වෙන්නෙ Captain America ගෙ හොඳ යාළුවෙක් උන Robert Frank a.k.a. Whizzer 



Marvel Multiverse එක ඇතුලෙ Ms.America කෙනෙක් ඉන්නෙ Earth 616 එකේ විතරයි. ඉතින් මල්ටිවර්ස් එකට අදාල මොන කොමික් එක ඔයා කියෙව්වත් ඒ ඉන්නෙ main continuity එකේ ඉන්න Ms.America. 

Ms.America ගැන දැනගන්න ආසනම් Secret warriors කියන Marvel animation movies සෙට් එක බලන්න. 😁

Multiverse of madness එකේ මේ චරිතෙ කරන්නෙ Baby-Sitters Club සීරිස් එකේ Dawn කෙල්ලට හිටපු  Xochitl Gomez. සීරිස් එක බලපු අයට මතක ඇතිනෙ සමර් කෑම්ප් එකේ නටපු පිස්සුව. මේ පාර  මල්ටිවර්සල් ලෙවල් එකෙන්ම පිස්සුවක් (මෑඩ්නස්) කෙලින්නයි යන්නෙ. (දොස්තර දෑතට දෙවි පිහිටයි 😂😂🙏). වෙනදට වඩා අද ලිපිය ටිකක් කෙටියි. මොකද මේක හදිස්සි කටේ ලියපු එකක්. ඊළඟ ලිපිය Superior Iron Man ගැන. 


So Stay tuned Geeks..!


ලෙයින් උපන් කානේජ් | Carnages' Comic Background 👇

https://www.reviewwhocares.com/2021/10/carnages-comic-background.html


කවුද මේ Eternals ලා සහ ඇයි මෙයාලා MCU එකට මෙච්චර වැදගත්??? | Eternals Final Trailer Breakdown and Character Explanation 👇

https://www.reviewwhocares.com/2021/11/eternals-mcu-eternals-final-trailer.html

Post a Comment (0)
Previous Post Next Post