ආයුබෝවන්, වණක්කම්, අස්සලාම් අලෛක්කුම් Welcome to Review Who Cares. අද අරගෙන ඇවිල්ලා තියෙන්නෙ පොඩි ඕවර්වීව් එකක්. ගොඩක් K drama ෆෑන්ස්ලා ඒම නම් දැනටමත් මේක බලලා ඇති. ඒනම් බලපු නැති අයට තමා මේක ගෙනාවෙ. බලපු අය ස්පොයිල් නොවෙන්න කමෙන්ට් එකක් දාගෙන යන්න සීරීස් එක ගැන. ඒ වගේම මේක රෙකමන්ඩ් කරන්නෙ K drama ෆෑන්ස්ලට විතරක් නෙවෙයි. ඕනෙම Mystery/Thriller ෆෑන් කෙනෙක්ට මේක ඔට්ටුයි. හැමදාම කියනවා වගේ. කොරියන් නම ඇහුවත් අප්පිරියයි වගේ නම් ඒම එයාලා පෞ කියලා තමා කියන්න වෙන්න. ඒනම් යමු ලිපියට. මේ කියන්න යන K drama එකේ නම තමයි Mouse. ලිපියේ කිසිම ස්පොයිලර් එකක් අඩංගු වෙන්නෙ නෑ. ඒ නිසා බය නැතුව පල්ලෙහාට කියවගෙන යන්න.
2021 අවුරුද්දෙ මාර්තු 3 වෙනිදා තමයි මේ Mouse Drama එක රිලීස් වෙන්නෙ. මේක ඉවර උනේ මැයි 20. ඒ වගේම මේ කතා මාලාවට එපිසෝඩ් 20ක් අඩංගු වෙනවා. සාමාන්යෙන් එක එපියක රන් ටයිම් ඒමත් පැයක් එකහමාරක් වගේ ටිකක් ලොකු කාලයක් වෙනවා. ඊට අමතරව තවත් ස්පෙශල් එපිසෝඩ්ස් දෙකකුත් රිලීස් කරලා තියෙනවා සහ Mouse: The Predator කියන එපිසෝඩ් දෙකකින් සමන්විත TV Mini Series එක මේකට ස්පින් ඕෆ් එකක් විදියට රිලීස් වෙලා තියෙනවා. සීරීස් එක බලලා ඉවර උනාම අනිවාරෙන් ඒවාත් බලන්න. පණ්ඩිත වෙන්න ගිහින් සීරීස් එක බලන්න කලින් නම් ඒවා බලන්න යන්න එපා. ඒවගේම සීරීස් එකට 8.7ක IMDB අගයක් ලැබිලා තියෙනවා. ටිකක් ඕවරේටඩ් හැබැයි. මේවා ඕවරේඩට් කියලා බලපු අයගෙන් කුනුහරප අහගන්න තමා වෙන්නෙ ඉතින්. කරන්න දෙයක් නෑ ඒ ගාන ඕවරේටඩ් තමයි.
සීරීස් එකේ ප්ලොට් එක ගැන කියන්නම් පොඩියට. ප්ලොට් එක මොන වගේද කියලා විතරක් කියන්නම්කො. සීරීස් එක ගෙතෙන්නම සීරියල් කිලර් කෙනෙක් වටේට. සීරියල් කිලර්ස්ලගෙ මයින්ඩ් එක, වැඩ කරන විදිය, හිතන පතන විදිය ඒම මේ සීරීස් එකේ ගොඩක්ම ෆෝකස් වෙලා තියෙන දෙයක්. ඒ වගේම කොර වෙලා යන ප්ලොට් ට්විස්ට් සෑහෙන්න තියෙනවා මේ සීරීස් එකේ. ඒ නිසා ස්පොයිල් කරගන්න එපා නිකමට වත්. අඩුම ගානෙ සීරීස් එක බලලා ඉවර වෙනකන් මුකුත් ගූගල් කරන්නවත් යන්න එපා. නමක් වත් ගූගල් කරන්න එපා. මොකද ඒ ට්විස්ට් ටික නෙක්ස්ට් ලෙවල්. K drama එකක හම්බුන නෙක්ස්ට් ලෙවල්ම ට්විස්ට්ස් ටික මට හම්බුනේ මේකෙන්. තව පොඩි දෙයක් කියන්නම්. සහ මේක සීරීස් එක නොබලා ඉන්න හේතුවක් කරගන්න එපා. සීරීස් එකේ සමහරතැන් වල ප්ලොට් හෝල් වගේ ඒවා තියෙනවා. මට සීරීස් එක බලාගෙන යද්දි කිහිපයක් ක්ලික් උනා. හැබැයි කතාවෙ රසයට ඒ වගෙන් ලොකු හානියක් වෙලා නෑ. සහ අවධානෙන් බැලුවොත් තමයි මේවා ඔයාට උනත් අහුවෙන්නෙ. ප්ලොට් හෝල් මොනාද කියලා නම් මම කියන්න යන්නෙ නෑ. අහන්නත් එපා. ස්ටිල් මේ සීරීස් එක Worth to watch හොදේ. අතාරින්න එපා ඒ නිසා. සමහර ප්ලොට් හෝල් නම් වහන්න පුලුවන් ලොජික් දාලා. වහන්න බැරි ඒවත් තියෙනව හැබැයි. අවධානෙන් බලන්න. එතකොට තේරෙයි. ඩිරෙක්ටර් මහත්වරු ඒ හිල් ටිකත් වැහුවා නම් මොනාහරි කරලා මේක අනිවාරෙන් බෙස්ට්ම කොරියන් ත්‍රිලර් ඩ්‍රාමා එක වෙනවා. තව දෙයක්..... කතාව ඉවරයිනෙ දැන් කියලා හිතෙන තැනක් එයි. ආන් එතනින් තමා කතාව පටන්ගන්නෙ ඈ. බලන්නකෝ බැලුවම තේරෙයි ඇයි ඒම කිව්වෙ කියලා.
Ko Moo Chi, Oh Bong Yi, Choi Hung Ju, Jung Ba Reum |
සීරීස් එක බේස්ඩ් වෙන්නෙ සීරියල් කියර් කෙනෙක් සහ සීරීයල් කිලර් පස්සෙ පන්නන පොලිස් නිළධාරියෙක් වටේට. මේකෙ ඉන්න සීරියල් කිලර් තමන්ගෙ ගොදුරු තෝරගන්න විදිය පට්ටම පට්ට. ඒ කියන්නෙ නෙක්ස්ට් ලෙවල්. සීරියල් කිලර් කැරැක්ටර් එකම ටෝටලි නෙක්ස්ට් ලෙවල් කිව්වත් වැරැද්දක් නෑ. සීරියල් කිලර් කවුද කියලා නම් සීරීස් එක බලලම දැනගන්න. මේකෙ ඉන්න පොලිස් නිළධාරියෙක් Ko Moo Chi (මෙයා අපරාද පරීක්ෂකයෙක්/Detective) කියන්නෙ විශේෂයෙන්ම සීරියල් කිලර්ස්ලව පේන්නම බැරි ඩයල් එකක්. ආයෙ වහ කදුරු වගේ තමා පොරට සීරියල් කිලර් කියන වචනෙත්. මේකට හේතුව නම් පළවෙනි එපිසෝඩ් එකෙන්ම ඔයාලට බලාගන්න පුලුවන්. ඒ වගේම මෙයාට මේ කිලර්ව අල්ලගන්න සපෝට් එක දෙන්නෙ Jung Ba Reum කියන පොලිසියෙම කෙනෙක්. මෙයා නම් සාමාන්‍ය පොලිස් නිලධාරියෙක්. කරුණාවත හැමෝටම උදව් කරගෙන ඉන්න අහිංසක චරිතයක්. ඒ වගේම තව චරිතයක් තමයි Choi Hung Ju කියන්නෙ. මීඩියා ෆීල්ඩ් එකේ වැඩ කරන කෙනෙක් සහ සීරීස් එකේ ලොකු රෝල් එකක් කරනවා මෙයා. ඒ වගේම තවත් වැදගත් චරිතයක් තමා Oh Bong Yi කියන්නෙ. පොඩ්ඩක් ඕවර් ගිහින් ඉල්ලන් කන ජාතියෙ කෙල්ලෙක් මෙයා හැබැයි. ඊට අමතරව Sung Yo han, Han Seo Joon, Daniel Lee, Choi young Shin වගේ තවත් ඉම්පෝටන් කැරැක්ටර්ස් මේකෙ ඉන්නවා. හැමෝම ගැන කියන්න බෑනෙ. මෙයාලා ගැන බලලම දැනගන්න. විශේෂයෙන් Han Seo Joon ගැන ඒම. පලවෙනි එපියම වගේ වෙන් වෙන්නෙ එයාට තමා. හැමදේම පටන් ගන්න තැන. ✌️
මියුසික් ගැනත් ටිකක් කියන්නම් මොකද නොකියා බෑ. කොරියන් ත්‍රිලර් වල සාමාන්යෙන් මියුසික් කෝමත් පට්ට. මේකෙත් ඒ වගේමයි. ත්‍රිල් එක පීක් පොයින්ට් එකට ගෙනැල්ලා මියුසික් එකෙන් දෙන ආතල් එක ඒ විදියට දෙන්න පුලුවන් කොරියන් සීරීස් වලම තමයි. Beyond Evil බලපු අය ඒම දන්නවා K drama OST (Original Sound Track) වල රහ.
ඒ වගේම මේකෙ තියෙන සයන්ස් ගැනත් ටිකක් කියන්න ඕනෙ. නෝමලි අපි දන්න සයි ෆයි වල යූස් වෙන්නෙ ෆිසික්ස් නෙ. සයන්ස් ෆික්ශනල් විදියට යොදාගන්න පුලුවන් නෙ ෆිල්ම්/සීරීස් වලට. උදාහරණෙකට ගත්තොත් ටයිම් ට්‍රැවල් කියන්නෙ සයන්ස් ඒ උනාට තාම ඔප්පු කරගෙන වත් කවුරුවත් කරපු දෙයක් වත් නෙවේනෙ. කන්සෙප්ට් එකක් විතරයි. Mouse සීරීස් එකෙත් එහෙමයි වෙනසකට තියෙන්නෙ මේකෙ තියෙන්නෙ ෆිසික්ස් නෙවේ බයෝලොජි (ජීව විද්‍යාව). මේ කතාවෙ එනවා Psychopath Gene සහ Genius Gene කියන ජාන වර්ග දෙකක්. ඇත්තටම ඒවා මිනිස්සුන්ගෙ ඇගවල් වල තියෙන ජාන නෙවෙයි. ඒක ෆික්ශනල් විදියට කතාවට යොදාගත්ත දෙයක්. සීරීස් එක බැලුවට පස්සෙ මේ වගේ තව දේවල් ඔයාලට දැකගන්න පුලුවන් වෙයි.
හරි. මේකෙ කාස්ට් එක ගැන කියලම ලිපිය ඉවර කරන්නම්. (වම් පැත්තෙ තියෙන්නෙ ඇත්ත නම දකුණු පැත්තෙ තමා චරිතෙ නම තියෙන්නෙ).
Lee He Joon - Ko Moo Chi
Park Ju Hyun - Oh Bong Yi
Kwon Hwa-Woon - Sung Yo Han
Lee Seung-gi - Jung Ba Reum
Kyung So Jin - Choi Hung Ju
Shin Ha young - Song soo Jung
Ahn Jae Wook - Han Seo Joon
Jung Ae Ri - Choi Young Shin
ඕම තමයි කාස්ට් එක වැටෙන්නෙ. K drama ෆෑන්ස්ලා එහෙම නම් දන්නවා ඇතිනෙ නම් ටික. ඒනම් ගිහින් එන්නම්. තවත් ලිපියකින් හම්බෙමු. ඒනම් පුරුද්දට වගේ,
ජයවේවා!!!
මේකෙ ඔයා දැකපු Plot holes මොනවද? පොඩ්ඩක් කියන්න පුලුවන්ද? (මම කතාව සම්පූර්ණෙන්ම බලල තියෙන්නෙ.)
ReplyDelete