ඇමසෝන්ලගෙ ලෝඩ් ඔෆ් ද රින්ග්ස් | The Lord of the Rings: The Rings of Power Series Explanation & Trailer Breakdown

 


Tolkin Lor වල Hobbit ත්‍රිත්වයට පස්සෙ  Live Action දකින්න ලැබෙන The Lord of the Rings: Rings of Power සීරීස් එකේ Title Revel, Posters, Set photos, First looks, Trailers එහෙම පහුගිය දවස් වල එක දිගට ආවා කියලා ගොඩක් අය දන්නවනෙ.ඉතින් Trailer Breakdown එක වගේම සීරීස් එක ගැන තව විස්තර මේ Article එකෙන් බලමු.


මීට කලිනුත් සීරීස් එක ගැන Article එකක් ලිව්වා.ඒකත් ගිහින් බලන්න මොකද මේ ලිපියෙන් ඒකට තව තව දේවල් එකතු කරනවා.ඒ වගේම ඒකෙ විස්තර කරලා තියන දේවල් ආයෙ මේකෙදි විස්තර කරන් නෑ.

ආයෙත් කියන්නෙ කලින් ලිපිය කියවලා නැත්නම් කියවන්න.ඒකෙ ලින්ක් එක දාන්නම් මෙතන 👇

https://www.reviewwhocares.com/2021/08/the-lord-of-rings.html


ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමා මේ සීරීස් එක පීටර් ජැක්සන් ගෙ The Lord of the Rings සහ The Hobbit චිත්‍රපට වලට සම්බන්ධ වෙයි ද කියන එක. හරියටම කිව්වොත් එහෙම සම්බන්ධයක් නෑ. මේ සීරීස් එකේ තියෙන්නෙ Lotr සහ Hobbit වලට කලින් වෙන දේවල් තමයි.හැබැයි Lotr සහ Hobbit නිර්මාණය කරන්නෙ Warner Bros. ලගෙ Sub Division එකක් උන New Line Cinema ආයතනය.ඒ නිසා ඒ ෆිල්ම් වල අයිතිය තියෙන්නෙ WB ලටම තමයි.මේ සීරීස් එක හදන්නෙ ඇමේසෝන් ස්ටූඩියෝ එක.ඇමේසෝන්ලට බෑ මේක Lotr හෝ Hobbit වලට සම්බන්ධ වෙන විදිහට මේ සීරිස් එක හදන්න උඩ කිව්ව හේතුව නිසා.හැබැයි WB ලා Anime සීරීස් එකක් හදනවා කිව්වා The Lord of the Rings:War of the Rohirran කියලා.මේක WB ලා කරන නිසා අනිවාර්යයෙන්ම Lord of the Rings සහ Hobbit ෆිල්ම් වලට සම්බන්ධ වේවි.ඒ Anime සීරීස් එකේ Title එකේ පවා Lord of the Rings ෆිල්ම්වල title එක දාලා තියෙන්නෙ.



එතකොට WB ලා මේ සීරීස් එකේ තියන දේවල් ගැන වෙන සීරීස් එකක් හරි ෆිල්ම් එකක් හරි ගැහුවොත් ඒක මේ සීරීස් එක වගේ වෙන එකක් නැද්ද කියලා කවුරුහරි ඇහුවොත් කියන්න තියෙන්නෙ 70% ක් විතර මේකට සමාන වේවි.මොකද කවුරු කොහොම හැදුවත් හදන්න වෙන්නෙ ටෝකීන්ගෙ පොත් මූලාශ්‍ර කරගෙන.

දැන් මෙහෙම හිතන්නකො Lotr සහ Hobbit එක යුනිවර්ස් එකක්.මේ සීරීස් එක තව යුනිවර්ස් එකක්.

ඇමේසෝන්ලට පීටර් ජැක්සන් ගෙ ෆිල්ම් හයට අයිතිය නැති නිසා ඒකෙ තියන concepts එහෙම පාවිච්චි කරන්න බෑ.උදාහරණයක් විදිහට කිව්වොත් ජැක්සන්ගෙ ෆිල්ම් වල එල්වයන්ට තියන ආර්මර් වගේ දේවල් ඒ විදිහටම මේ සීරීස් එකේදි පාවිච්චි කරන්න බෑ.හැබැයි එහෙම වෙනස් දේවල් පාවිච්චි කරනවා උනාට ඊට සමාන දේවල් අනිවාර්යයෙන්ම පාවිච්චි කරයි.එල්වයන්ගෙ ආර්මර් එකකට ඕර්ක්ස් ලගෙ ආර්මර් පාවිච්චි කරන්න බෑනෙ.අනික The Lord of the Rings චිත්‍රපට වල Concept Artist ම තමා මේ සීරීස් එකෙත් Concept Artist වෙන්නෙ.

සීරීස් එකේ අඩංගු වෙන දේවල් මොනවද කියලා කලින් ලිපියෙ විස්තර කරලා තියෙන්නෙ දෙවනි යුගයේ දි වෙන සිද්දි කියලා නෙ.ඒ උනාට හරියටම දෙවනි යුගයේ උන දේවල් වලින් මොනවද?
ඇමේසෝන් ලා පහුගිය දවසක එලි කරනවා මේකෙන් අපිට බලාගන්න පුලුවන් වෙන දේවල්.ඒ දේවල් තමයි...


Numenor දේශයේ බිද වැටීම

බල මුදු නිර්මාණය

අදුරේ ස්වාමියා සෞරෝන්ගෙ නැගිටීම

මනුෂ්‍යන් හා එල්වයන් අතර අවසාන සන්ධානය


(ඔතන මනුෂ්‍යන් සහ එල්වයන් අතර අවසාන සන්ධානය කියන්නෙ The Lord of the Rings: Fellowship of the Rings ෆිල්ම් එකේ මුලදිම බලාගන්න ලැබෙන සෞරෝන්ට විරුද්ධව කරන මහා සංග්‍රාමය.)

බල මුදු නිර්මාණය කියන්නෙ සෞරෝන්ගෙ බලවත් මුද්ද හදන්න කලින් එල්වයන්ට,ඩුවාර්ෆ්ලට සහ මනුශ්‍යන්ට ලැබුන මුදු නිර්මාණය.


ඇත්තටම ටෝකීන් ගෙ Silmirilion ඇතුලු මධ්‍යම පෘථිවියෙ දෙවනි යුගය පුරාවටම අවුරුදු 3400ක විතර කාල පර්ච්ඡේදයක එක එක කාලයන්ගෙ වෙන සිද්දි තමයි මේවා වෙන්නෙ.හැබැයි සීරීස් එකේදි මේ දේවල් එකම කාලයකදි වෙන දේවල් විදිහට තමයි තියෙන්නෙ.ටෝකීන්ගෙ පොත් සහ මේ සීරීස් එක අතර ලොකුම වෙනස තමයි මේක.
අපිට ඒ උනාට පොත් වල තියනවා වගේම ඒ ඒ සිද්දීන් බලාගන්න පුලුවන් වේවිද කියන ප්‍රශ්නයට උත්තරය නම් ඔව් සහ නෑ කියන එක.එක එක කාල පරිච්ඡේද වල දේවල් එකම කාල පරිච්ඡේදයකට ගෙනවාම සමහර දේවල් වෙනස් කරන්න වෙනවා කියන එක තේරෙනවනෙ.ඔයිට අමතරව සීරීස් එකට පොත් වල නැති අලුත් චරිතත් හදුන්වලා දේවි.

කලින් ලිපියෙ කියලා තියනවානෙ ඇමේසෝන්ලා ටෝකීන්ගෙ Silmirilion සහ Unfinished Tales වලට අයිතිය ලබා ගත්තා කියලා. හැබැයි ඇත්තටම අලුතෙන් වාර්තා වෙන විදිහට ඇමේසෝන්ලාට මේ පොත් දෙකේ අයිතීන් හම්බවෙලා නෑ.ඇමේසෝන්ලට අයිතිය හම්බෙලා තියෙන්නෙ Vanity fair වාර්තා කරන විදිහට The Lord of the Rings පොත් ත්‍රිත්වය ,The Lord of the Rings Appendices සහ The Hobbit පොත් විතරයි (ඒකෙත් සම්පූර්ණයෙන්ම අයිතිය ලැබිලද කියලා හරියටම කියන්න බෑ හැබැයි  ඒ ඒ පොත්වල තුන් වෙනි යුගයට කලින් තියන හැම මෙන්ශන් එකකටම අයිතිය අනිවාර්යයෙන්ම හම්බෙලා තියෙන්න ඕනෙ.)

මොකක්ද මේ Silmirilion, Unfinished Tales වලයි ඇමේසෝන්ලට අයිතිය හම්බුන පොත් වලිනුයි සීරීස් එකට තියන බලපෑම?

ටෝකීන්ගෙ Silmirilion කියන්නෙ මධ්‍යම පෘථිවියෙ ඉතිහාසය විස්තර කරලා තියන පොත.හරියට ලංකාවෙ ඉතිහාසය තියන මහාවංශය වගේ.Unfinished Tales කියන්නෙ Middle Earth ඉතිහාසය පුරාම සිද්ධ උන සමහර සිදුවීම් කෙටි කතාව සංග්‍රහයක් වගේ තියන එක.හැබැයි කතාවල Peak point එකෙන් පස්සෙ උනේ මොනවද කියලා බොහෝමකගෙ Tolkin ලියලා නෑ.මේ කතා යුගයන් කීපයකම විසිරිලා තමා තියෙන්නෙ.

හැමෝම වගේ දන්නවනෙ The Lord of the Rings පොත් ත්‍රිත්වය සහ The Hobbit පොත ගැන.අහලා නැති වෙන්න ඉඩ තියෙන්න The Lord of the Rings :Appendices ගැන.
මුල් Lotr පොත විදිහට The Lord of the Rings: Fellowship of the Ring පොත එලි දැක්වුවාට පස්සෙ මහාචාර්ය ටෝකීන්ට ඕනෙ වෙනවා Silmirilion පොත එලිදක්වන්න.හැබැයි ප්‍රකාශකයො මේකට කැමති වෙන්නෙ නෑ.Lotr දෙවනි පොත විදිහට Two Towers පොත නිකුත් උනාට පස්සෙ ගොඩක් අය ඉල්ලනවා මධ්‍යම පෘථිවියෙ පසුබිම ගැන තව ටිකක් විස්තර දෙන්න කියලා.Silmirilion පොත ප්‍රකාශකයො ප්‍රතික්ශේප කරපු නිසා මහාචාර්ය ටෝකීන් The Lord of the Rings කතාවට අදාල වෙන දේවල් සහ තවත් පොඩි විස්තර කීපයක් එකතු කරලා සාරාංශමය විදිහට The Lord of the Rings : Appendices පොත එලිදක්වනවා.මේ නිසාම මහාචාර්ය ටෝකීන් Lotr තුන් වෙනි පොත වෙන Return of The King පොත එලි දක්වන එක පවා කල්දානවා.මේ Appendices පොත Appearance 8ක එකතුවක්.මේක Silmirilion පොතෙ තියන දේවල් වලිනුත් බොහොම පොඩි කොටසක් තියන විදිහට තමා ටෝකීන් ලියලා තියෙන්නෙ.ඒ නිසාම The Lord Of the Rings තේරුම්ගන්න යොදාගන්න සුදුසු උනත් දෙවනි යුගය ගැන තියෙන කරුණු නම් බොහොම අඩුයි Silmirilion වගේ පොත් වලට   ස්ාපේක්ෂව.


කලින් Article එකේ ආර්දාවෙ ඉතිහාසය කෙටියෙන් ලිව්ව එක මෙතනත් දානවා පහසුවට 👇මොකද මේ පලවෙනි,දෙවනි,තුන්වෙනි යුගවල වෙනස දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් වෙයි.

Middle Earth විශ්වයේ ඉතිහාසය එක එක යුග වලට බෙදලා තියනවා. Middle Earth එහෙමත් නැත්නම් මධ්‍යම පෘථිවිය ඇති වෙන්න පෙර ලෝකය හැදින්වුව නම තමයි ආර්දාව. ආර්දාව නිර්මාණයටත් පෙර පැවතුනේ එරු ඉලුවතාර් (Eru Ilúvatar) නොහොත් ටොල්කීන් විශ්වයේ සර්වබලධාරියා සහ ඔහුගේ මහා ශාලාව පමණයි.ඉලුවතාර් විසින් අයිනූර්වරුන් එහෙමත් නැත්නම් ශුද්ධවූවන් නිර්මාණය කලාට පසුව ආර්දාව නිර්මාණය කරනවා.ආර්දාව නිර්මාණය කලාට පසුව ඉලුවතාර් අයිනූර්වරුන්ට පවසනවා ආර්දාව වෙතට යන ලෙස. ආර්දාවට පැමිණියාට පසුව අයිනූර්වරුන්ගෙන් කොටසක් වලාර්වරුන් ලෙසත් අනිත් කොටස මයාර්වරුන් ලෙසත් හැදින්වුවා.මේ අතරින් වඩාත්ම බලවත් උනේ වලාර්වරුන්.ඒ වෙද්දි ආර්දාවට ආලෝකය ප්‍රභවයක් තිබුනෙ නෑ.ඒ නිසා අයිනූර්වරු ඔ(ර්)මාල් සහ ඉලුයින් කියන යෝධ ලාම්පු දෙක නිර්මාණය කරනවා.මේ ලාම්පු නිර්මාණය කරන තැන ඉදන් පටන් ගන්න යුගය Years of Lamps කියලා හදුන්වනවා.

වලාර්වරයෙක් උන මැල්කෝර් සහ ඔහුගේ අනුගාමිකයින් විසින් මේ යෝධ ලාම්පු දෙක සහ ඒවා තිබ්බ අල්මෙරෙන් දිවයින විනාශ කරාට පස්සෙ මේ යුගය අවසන් වෙනවා වගේම ආර්දාවෙ හැඩයත් වෙනස් වෙනවා..මෙතනින් පස්සෙ ලෝකය හැදින්වෙන්නෙ Middle Earth කියන නමින්.මැල්කෝර් මධ්‍යම පෘථිවිය පාලනය කරන අතරෙදි ඔහුට විරුද්ධ වලාර්වරු සහ මයාර්වරු අමාන්වල වැලිනෝර් දේශයට ගිහින් අලුත් ආලෝක ප්‍රභව දෙකක් වලාර්වරු නිර්මාණයකරනවා.ඇත්තටම මේවා ආලොකය විහිදන ටෙල්පෙරලියන් සහ ලෝරිරන් කියන ආලෝක රුක්ෂ දෙකක්.මෙතන ඉදන් Year of the Trees ආරම්භ වෙනවා.මේ යුගයේදි  තමා සුරයන්ගේ සහ ඩ්වාර්ෆ්වරුන්ගේ ආරම්ඹයත් සිදු වෙන්නෙ..පසු කාලයක උන්ගෝලියන් කියන යෝධ මකුලුවා එක්ක මැල්කෝර් ටෙල්පෙරලියන් සහ ලෝර්ලන් කියන රුක්ෂ දෙක විනාශ කරාට පසුව වර්දා කියන දෙවගන හිරු සහ සද නිර්මාණය කිරීමෙන් Years of the Sun ආරම්භ වෙනවා.මේ යුගය පලමු, දෙවන, තුන්වන, හතරවන...කියලා තවත් කොටස් වලට බෙදලා තියනවා 

(උඩ කිව්ව දේවල් විස්තරාත්මකව දැනගන්න හදිස්සි නම් ටෝල්කීන්ගෙ The Silmirilion කියන පොත කියවන්න.)

මේ අතරින් පලමු යුගය අවසන් වෙන්නෙ මෝර්ගොත්(මැල්කෝර් ඒ කාලය වෙද්දි හැදින්වුව නම) කියන පලමු අදුරට අධිපතියාගෙ පරාජය එක්කයි.අපි The Lord of the Rings චිත්‍රපට වල දැක්ක සෞරෝන් (සෞරෝන් කියන්නෙ ඇත්තටම මයාර්වරයෙක්...ඒවගේම ගැන්ඩල්ෆ් කියන්නෙත් මයාර්වරයෙක්) ස්වාමියා වෙන්නෙත් මේ මෝර්ගොත්ම තමා.

දෙවනි යුගයේදි තමා අපි දන්න සෞරෝන්ගෙ නැගීම සිදු වෙන්නෙ.ඒ වගේම බල මුදුවල නිර්මාණයත් වෙන්නෙ මේ යුගයේදීමයි.දෙවන  යුගයේ අවසානය වෙන්නෙ සුරයන්ගෙ සහ මනුශ්‍යන්ගෙ ඒකාබද්ධ හමුදාව සහ සෞරෝන්ගෙ හමුදාවන් සමග ඇති උන සටනෙදි ඉසිල්ඩූර්ගෙ අතින් සෞරෝන් පලවෙනි වතාවට පරාද උනාම.එතන ඉදන් පටන් ගන්න මධයම පෘථිවියෙ තුන්වෙනි යුගය ඉවර වෙන්නෙ ෆ්‍රෝඩෝ,බිල්බෝ,ගැන්ඩල්ෆ් සහ එල්වයන් වැලිනෝර් දේශයට යන තැනිනුයි.


Trailer Breakdown 

මේකේ දාලා තියන Imeges පැහැදිලි නැත්නම් මෙතනින් ගිහින් ට්‍රේලර් එක බලන්න👇



1.



බිත්තියෙ තියන සූර්‍ය ලාංඡනයක් වගේ සලකුණක් තියනවා මේ Footage එකේ.මේක හරියටම මොකක් නිරූපණය කරන්න පාවිච්චි කරන සංකේතයක්ද කියලා හරියටම දන්නෙ නෑ.හැබැයි මීට Trailer එක රිලීස් කරන්න කලින් දාපු පෝස්ටර්වල එක චරිතයක මේ ලාංඡනය තුන් තැනක තියනවා බලාගන්න පුලුවන්.


සමහර විට ඒ චරිතය මේ ලාංඡනය තියන නගරෙ වෙන සිද්දි වලදි බලා ගන්න පුලුවන් වෙයි.

2.



මේ footage එකේ තියෙන්නෙ වරායක් එක්ක තියන නගරයක්.පැහැදිලිවම මේකනම් Numenor දේශයේ තියන නගරයක්.මොකද Numenor කියන්නෙ දූපත් රාජධානියක්.ඒ නිසාම මුහුද එක්ක ගනුදෙනු කරනවා වැඩී.ඒ වගේම මුලු මධ්‍යම පෘථිවි ඉතිහාසයේම ශ්‍රේෂ්ඨතම රාජධානිය කියලා කියන්නත් පුලුවන් Numenor වලට.සීරීස් එක මේ රාජධානියයෙ බිද වැටීම ගැනත් පෙන්නනවා කියලා තියන නිසා මේ Numenor කියලා කියන්න පුලුවන්.නගරයේ තියන ප්‍රතිමාව The Lord of the Rings: Fellowship of the Rings චිත්‍රපටයෙ තිබුන යෝධ ප්‍රතිමා දෙක වගේ කියලා පේනවා ඇතිනෙ.


මේ Numenor දේශය නම් මේ තියන ප්‍රතිමාව Numenor දේශයේ පලවෙනි පාලකයා වුන Elros ගෙ වෙන්න තියන චාන්ස් එක වැඩී.(Elros කියන්නෙ Eärendil ගෙ පුතා වගේම Elrond ගෙ සහෝදරයා)


ඒ වගේම මේක නුමිනෝර් දේශය කියලා අනුමාන කරොත් අර ඈතින් පේන කන්ද නුමිනෝර් දේශයේ මැද පිහිටලා තියන නුමිනෝර් වල පූජනීය Meneltarma කන්ද වෙන්න ඕනෙ.
එතකොට මේ නගරය? හරියටම කියන්න බැරි උනත් නුමිනෝර් වල තියන වරාය නගර වෙන Andúnië,Eldalondë,Rómenna වලින් එකක් වෙන ඕනෙ.

3.



මේ කැරැකටර් දෙක කවුද කියන්න නම් කිසිම අදහසක් නෑ. කලින් කිව්වා වගේ සමහර විට සීරිස් එකටම අලුතෙන් හදපු චරිත දෙකක් වෙන්නත් ඇති.නැත්නම් මට මග ඇරුන දෙයක් වෙන්නත් ඇති.මේ චරිත දෙක එක්ක සීරීස් එකේ පලවෙනි එපිසෝඩ් දෙක අධ්‍යක්ණය කරන J.A.Bayona එක්ක  Set එකේ ඉන්න  පින්තූරයක් කලින් රිලීස් කරලත් තිබ්බා.


ඒ කියන්නෙ මේ දෙන්නා මුල්ම එපිසෝඩ් වල ඉදීවි.

4.



මේ ඉන්නෙ හොබිට් කෙනෙක් කියලා එක පාරටම හිතෙන්න පුලුවන්.ඒත් මේ ඉන්නෙ හොබිට්ලාගෙ මුතුන් මිත්තන් උන හාර්ෆුට් කෙනෙක්.හොබිට්ලා කියලා ජීවීන් කොට්ථාසයක් දෙවනි යුගය ඉවර වෙලා තුන් වෙනි යුගය වෙනකම්ම හිටියෙ නෑ.හැබැයි සීරීස් එකේ Showrunners ලට ඕනෙ වෙනව මේ සීරීස් එක ෆෑන්ස්ලට හුරු කරවන්න.ඒකට හොදම තේරීම හොබිට්ලනෙ.හැබැයි මේ කතාව යන යුගයේදි හොබිට්ලා නැති නිසා මෙයාලට සිද්ද වෙනවා හොබිට්ලගෙ මුතුන් මිත්තන් උන හාර්ෆුට් චරිත හදුන්වලා දෙන්න.
මේ footage එකේ මේ හාර්ෆුට් වෙන කෙනෙක් දිහා බලන් ඉන්නවා වගෙ තමා පෙන්නෙ.ඒත් ඒ කවුද කියලා තවම හරියට කියන්න අමාරුයි.සමහර විට ඒ ඉන්නෙ තව හාර්ෆුට් කෙනෙක් වෙන්න පුලුවන්.නැත්නම් මේ සීරීස් එකේ තව ප්‍රධාන චරිතයක් දිහා වෙන්නත් පුලුවන්.
තව දෙයක් කිව්වොත් ට්‍රේලර් එකේ පසුබිමේ තියන කටහඩ මේ හාර්ෆුට්ගෙ කටහඩ වෙන්න ඕනෙ.


5.



පීටර් ජැක්සන් ගෙ Lotr සහ Hobbit ත්‍රිත්ව දෙකේ ලොකුවට දැක්ක දෙයක් තමා මධ්‍යම පෘථිවියෙ Landscape හරි ලස්සනට පෙන්නන එක.මේ සීරීස් එකේදිත් ඒ වගේම අත්දැකීම් ගන්න පුලුවන් කියලා මේ footage වලින් පේනවනෙ.ෆැන්ටසි සීරීස් එකක තියෙන්න ඕනෙ iconic ගතිය ලස්සනට තියනවා.

මේ moment එක මොකක්ද කියලා සමහර අය කියන්නෙ එල්වයො වැලිනෝර් වල ඉදන් මධ්‍යම පෘථිවියෙ ප්‍රධාන භූමියට හෙල්කරාක්සෙ දුර්ගය පහු කරලා එන තැන කියලා.හැබැයි ඇමේසෝන් ලට තියන Rights එක්ක ඒ moment එක සීරිස් එකට දාන්න බැරි වේවි.ඒවගේම තමා මේ footage වල හොදට පේනවා මේක හොදට හිරු එලිය තියන වෙලාවක්.එල්වයන් දුර්ගය පහු කරන කාලෙදි ඇත්තටම ඉර කියලා දෙයක් තිබ්බෙ නෑ.පැහැදිලිවම ඒක වෙන්න බෑනෙ ඒ කියන්නෙ.(ඒ Moment එක තිබ්බනම් Flashback එකක් වගේ වත් හොදයි තමා)
Vanity fair වාර්තා කරන විදිහට මේක Morgoth පරාද උනාට පස්සෙ galadriel ඉතුරු වෙලා ඉන්න පොඩි පොඩි අදුරු බලවේග විනාශ කරන්න Forodwith කදු පන්තියට ගියපු වෙලාවක්.


හොදට බැලුවොත් පේනවා galadriel ට යටින් තව කවුරුහරි තුන් දෙනෙක් ඉන්නවා මේ ශොට් එකේ.ඒ ඉන්නෙ තව එල්වයො තුන් දෙනෙක් වෙන්න ඕනෙ.


ඔය මොහොතෙදි පේනවා රත්තරං පාට කිණිස්සක්.ඔය කිණිස්ස පෝස්ටර් වල එක චරිතයකට අදාල පෝස්ටරයක තිබුනා.ඒ කියන්නෙ ඒ galadriel ගෙ පෝස්ටර් එක.ට්‍රේලර් එකේ පස්සෙ පෙන්නන footages වලදි වගේම ඊට කලින් galadriel ගෙ first look විදිහට නිකුත් කරපු ෆොටෝ වල ආර්මර් එකත් මේ පෝස්ටර් වල වගේම තමා.



පෝස්ටරෙන් කිණිස්ස හොදට පේනවනෙ.ඒකෙ විදිහට කිණිස්ස රත්තරං සහ රිදී පාටයි.මේකන් අදහස් කරන්නෙ ආර්දාවෙ තිබුන ලෝරිලන් සහ ටෙල්පෙරලියන් වෘක්ෂ දෙක.මේ වෘක්ෂ දෙක එක්ක galadriel ට තියන සම්බන්ධය මේකෙන් පෙන්නනවා වෙන්න ඕනෙ.(ඒක මේ ස්ටෝරි එකට වැඩිය අදාල වෙන එකක් නැති වේවි)
ඒවගේම තමා galadriel ගෙ ඇදුමෙ තියන තාරකා ලාංඡන පෝස්ටර් වල වෙන චරිතයක ඇදුම් වලත් දකින්න ලැබෙනවා.ඒ කවුද කියලා පහලට යනකොට බලාගන්න ලැබෙයි.

6.



මේ පාරුවෙ ඉන්නෙ නම් සීරීස් එකට අලුතෙන් හදපු හල්බ්‍රාන්ඩ් කියන චරිතය.



මේ සීන් එක රූගත කරන වෙලාවෙ Behind the Scenes ෆොටෝ එකකුත් නිකුත් කරලා තිබුනා.ඒකෙ හැටියට මේ වෙලාවෙ මෙතන galadriel ත් ඉන්නවා.ට්‍රේලර් එකේත් ඉස්සරහට මේ දෙන්නා ඉන්නවා පෙන්නවා වතුර තියන පරිසරයක.



හල්බ්‍රාන්ඩ් කියන්නෙ අලුත් චරිතයක් නිසා මෙතන මොකක් වෙනවද කියලා හරියටම කියන්න බෑ.සමහර විට ගැලඩ්‍රියෙල් මුලින්ම හල්බ්‍රාන්ඩ් ව හම්බ වෙන තැන මේක වෙන්න ඇති.

7.


මේ ඉන්නෙත් සීරීස් එක වෙනුවෙන්ම හදපු අලුත් චරිතයක්.මේ තමා සිල්වින් එල්ෆ් කෙනෙක් වෙන අරන්ඩිල්.මෙයා එල්ෆ් කෙනෙක් කිව්ව දවස් වල ඉදන්ම ගොඩක් කතා උන දෙයක් තමා එල්ෆ් කෙනෙක්ගෙ හම කලු වෙන්නෙ කොහොමද කියන එක.ඇත්තටම ටෝකීන් එල්වයන්ව  විස්තර කරද්දි හැමෝගෙම හම සුදු පාටයි කියලා නෑ.

ඒවගේම තමයි මධ්‍යම පෘථිවියෙ අදුරු තැන් වල අදුරු බලවේග,අදුරු මායාවන් ගොඩක් ගැවසුනා.මෙතනදිත් පේනවා මේ තියෙන්නෙ හවස් වෙලාවක් නෙවෙයි නම් අදුරු වනාන්තරයක් වෙන්න ඕනෙ.අදුරු මායාවන්ට නිරාවරණය උනාම Morgoth සහ Sauron වගේ අයගෙත් පෙනුම කලු පාට වෙනවා.එල්වයන්ගව අදුරු මායාවලින් විකෘති කරලා හැදුව ඕර්ක්ස්ලගෙ හමේ පාටත් කලුම තමයි.ඉතින් මේ අරන්ඩියෙල් අයිති සිල්වින් එල්වයන් මිශ්‍ර වෙලා ඉන්න Noldor එල්වයන් කියන්නෙ අදුරු මායාවන්වලට නිරාවරණය උන කට්ටියක්.සමහර විට මේ හේතුව නිසා අරන්ඩිල්ගෙ හමේ පාට කලු උනාද දන්නෙ නෑ.එහෙමත් නැත්නම් ඇමේසෝන් ලගෙ සීරීස් එකේ කලු හමක් තියන එල්වයො කියන්නෙ සාමාන්‍ය දෙයක් වෙන්න ඇති.
අරන්ඩිල් කියන්නෙ බ්‍රොන්වින් කියන මනුශ්‍ය කාන්තාවට ආදරය කරන ඇරගොන් වගේම තහනම් ප්‍රේමයක් තියන කෙනෙක්.


මේ බ්‍රොන්වින් ත් සීරීස් එකට අලුතෙන් හදපු චරිතයක්.ට්‍රේලර් එකේ නොතිබුනාට මේ දෙන්නගෙ ෆොටො එකක් Vanity fair ලා නිකුත් කරලා තිබ්බා ට්‍රේලර්එක එන්න කලින්.


තව දෙයක් තමයි එල්ෆ් ‍රණකාමියෙක්ගෙ ප්‍රතික්‍රියා එහෙම මේ ශොට් එකේ ලස්සනට පේනවා.Slow Motion වලින් තියන නිසා ඒක ලස්සනට බලාගන්න පුලුවන්.අරන්ඩියෙල් තමන්ට එහා පැත්තෙ වැටිලා ඉන්න කෙනෙක්ගෙ වදින්න යන ඊතලයක් තමයි අල්ලගෙන ආපහු ඊතලය ආව පැත්තටම විදින්නෙ.Lotr/Hobbit ෆිල්ම් වල ලෙගොලාස්ගෙ වගේ මෙයාගෙන් මේ සීරීස් එකේ ලස්සන ඇක්ශන් ටිකක් බලාගන්න පුලුවන් වෙයි.


ට්‍රේලර් එක එන්න කලින් රිලීස් උන ෆොටො එකක පැහැදිලිව පේනවා අරන්ඩියෙල් ඇදන් ඉන්න ඇදුමෙ Ent කෙනෙක් ගෙ මූණක් තියනවා කියලා.අරන්ඩිල් සහ මේ Ent අතරෙ සම්බන්ධතාවය මොකක්ද කියලා හරියටම දන්නෙ නම් නෑ.හැබැයි මේ අරන්ඩියෙල් ඉන්නෙ වනාන්තරයකනෙ.මේක සමහර විට Ent ලා ඉන්න වනාන්තරයක්ම වෙන්න ඇති.


දෙවනි යුගයේදි Numenor වැසියන් එක එක දේවල් හදන්න Ent ලගෙ වනාන්තර කපනවා.ඒවගේම සෞරෝන් සහ එල්වයන් අතර තියන යුද්ධ වලදි මේ වනාන්තරවලට ගොඩක් හානි වෙනවා.සමහර විට ඒ නිසා Ent ලා මොනවා හරි කරනවද දන්නෙත් නෑ!

8.

මේ රතු පාට උල්කාපාතය මොකක්ද කියන එක ගැනත් කිසිම අදහසක් නෑ.හැබැයි මේක 16 දි කතා කරන දේ මධ්‍යම පෘථිවියට ගෙනාව උල්කාපාතය වෙන්නත් පුලුවන්.


9.


මේ තමා එල්වයන් අතරින් ඉතාම ප්‍රසිද්ධ කෙනෙක් වෙන ගිල් ගැලැඩ්.ගිල් ගැල්ඩ් කියන්නෙ නූල්ඩෝර් එල්ෆ් කෙනෙක් උනාට එල්වයන්ගෙ ප්‍රධානම වර්ග දෙකක් වෙන නොල්ඩෝර් සහ සින්දර් කියන වර්ග දෙකම බොහොම ගරු කරන පිලිගන්න චරිතයක්.මේ නිසාම ගිල් ගැලඩ්ව හදුන්වන්නෙ High Elf ලගෙ රජතුමා විදිහට.ගිල් ගැලැඩ් තමයි මධ්‍යම පෘථිවියෙ අවසාන High Elvin King වෙන්නෙත්.සෞරෝන්ට විරුද්ධව කරපු මනුශ්‍යන් සහ එල්වයන් අතර අවසාන සන්ධානයේදි ඉසිල්ඩූර්ගෙ තාත්තා එලෙන්ඩිල් මනුශ්‍යන්ට නායකත්වය දෙද්දි එල්වයන්ට නායකත්වය දුන්නෙ ගිල් ගැලැඩ් තමයි.ගිල් ගැලැඩ් කියන්නෙ මේ සීරීස් එකේ නිතරම බලාගන්න පුලුවන් වෙයි කියලා අනුමාන කරන්න පුලුවන් ලින්ඩන් කියන එල්වයන්ගෙ රාජධානියේ පාලකයා.
The Lord of the Rings :Fellowship of the Ring චිත්‍රපටියෙ Prologue එකෙත් ගිල් ගැලැඩ් චරිතය පොඩි වෙලාවකට බලාගන්න පුලුවන්.

King Gil-Galad in Prologue of Fellowship of the Ring Movie

මේ දේවක් නිසාම  එලෙන්ඩිල් වගේම ගිල් ගැලැඩ් මේ සීරීස් එකේ ලොකු දේවල් කරනවා කියන එක දැනටම හිතාගන්න පුලුවන් නෙ.
මේ ගිල් ගැලැඩ් බලාගෙන ඉන්නෙ කලින් පෙන්නපු උල්කාපාතය දිහා වෙන්න පුලුවන්. මතකද Lotr ෆිල්ම් වල මෝඩෝර්ව සේනා එද්දි අහසට විදින කොල පාට ආලෝක කදම්බය දිහා ගැන්ඩල්ෆ් බලන් හිටිය විදිහ.මේකෙදි ගිල් ගැලැඩ්ටත් ඒ වෙලාවෙ ගැන්ඩල්ෆ් ට වගේම අනතුරක ඉව දැනෙනවා ඇති සමහර විට.
කලින් කිව්වානෙ(5 දි) ගැලැඩ්‍රියෙල්ගෙ ඇදුමේ තියන තාරකා ලාංඡන තවත් චරිතයක තියනවා කියලා.ගිල් ගැලැඩ් ගෙ පෝස්ටර් වල තමයි තාරකා ලාංඡන තියන අනික් තැන.


ගැලැඩ්‍රියෙල් සහ ගිල් ගැලැඩ් දෙන්නම High එල්වයන් දෙන්නෙක් නිසා එල්වයන්ගෙ හවුස් එකක බැනර් එකක් වෙන්න පුලුවන් මේක.එහෙමත් නැත්නම් එල්වයන්ගෙ පරිපාලන හෝ හමුදාවල ඉහල තනතුරු තියන අය පලදින ලාංඡනයක් වෙන්නත් ඇති.
ගිල් ගැලැඩ් රජතුමාව මේ කතාවට වැදගත් වෙන්න තවත් හේතුවක් තමා එල්වයන්ට ලැබුන මුදු තුනෙන් බලවත්ම මුද්ද කියලා සැලකෙන Vilya මුද්දෙ හිමිකාරයා වෙන්නෙත් මෙයාම තමා.Vilya මුද්ද දෙවනි වෙන්නෙ සෞරෝන්ගෙ තනි මුද්දට විතරයි.ඔය පෝස්ටරේ තියන මුදු වලින් එකක් Vilya මුද්ද වෙන්න අමාරුයි මොකද පොත් වල සදහන් වෙන්නෙ Vilya කියන්නෙ රත්තරං බේස් එකක අල්ලපු නිල් මැණිකක් තියන මුද්දක් කියලා.

ගිල් ගැලැඩ් රජතුමා ගැන Lotr පොත් වල තියන කවිය 👇
Gil-galad was an Elven-king.
Of him the harpers sadly sing:
the last whose realm was fair and free
between the Mountains and the Sea.

His sword was long, his lance was keen,
his shining helm afar was seen;
the countless stars of heaven's field
were mirrored in his silver shield.

But long ago he rode away,
and where he dwelleth none can say;
for into darkness fell his star
in Mordor where the shadows are.



10.

මේ ඉන්නෙ ගැලැඩ්‍රියෙල් කියලා දැන්නම් ලේසියෙන්ම කියන්න පුලුවන් නෙ.පීටර් ජැක්සන් ගෙ ෆිල්ම් වල බලාගන්න බැරි උන ගැලැඩ්‍රියෙල්ගෙ රණකාමි පැත්ත මේ සීරීස් එකේ නම් හොදට බලාගන්න පුලුවන් වේවි.

Lady Galadriel in LOTR/Hobbit Movies 

ටොකීන් විස්තර කරන විදිහට ගැලැඩ්‍රියෙල් තරුණ කාලයේදි පිරිමි එල්ෆ් කෙනෙක් තරමට ශක්තිමත්.ඕනෙම වෙලාවක ගොඩක් රෞද්‍ර වෙන්න පුලුවන් ගැලැඩ්‍රියෙල්ට.සෞරෝන් පවා බය පුද්ගලන් අතලොස්සෙන් කෙනෙක් තමයි ගැලැඩ්‍රියෙල් කියන්නෙ.Lotr ෆිල්ම් වල පෙන්නුවා වගේ ගැලැඩ්‍රියෙල්ට සෑහෙන අදුරු පැත්තක් තියනවා.මතකනෙ Lotr මුල් ෆිල්ම් එකේ ෆ්‍රෝඩෝ One Ring එක පෙන්නද්දි ගැලැඩ්‍රියෙල් කිව්ව දේවල්
In place of the Dark Lord you will set up a Queen. And I shall not be dark, but beautiful and terrible as the Morning and the Night! Fair as the Sea and the Sun and the Snow upon the Mountain! Dreadful as the Storm and the Lightning! Stronger than the foundations of the earth. All shall love me and despair!

සීරීස් එකේදි මේ දේවල් එක්ක ගැලැඩ්‍රියෙල් ගනුදෙනු කරන විදිහ බලාගන්න ලැබේවි කියලා නිකමට හිතෙනවා.

Lady Galadriel in Rings of Power Series 


බොහෝ විට ගැලැඩ්‍රියෙල්ව මේකෙදි උතුරු දිග හමුදාවල නායිකාව විදිහටත් බලාගන්න ලැබේවි.

11.



ගුහාවක් ඇතුලෙ ඉන්නෙ කියලා පැහැදිලිවම පේනවනෙ.මේ ඉන්නෙ නම් ගැලැඩ්‍රියෙල්ම වගේ තමයි පේන්නෙ.මේක අර 5 දි පෙන්නපු දිය ඇල්ලෙන් උඩට නගින සිද්දියෙන් පස්සෙ හෝ ඊට කලින් වෙන වෙන දෙයක් වෙන්න ඕනෙ.


මේ ඉන්න රාක්ශයා අයිස් ට්‍රොල් කෙනෙක්.හරිනම් ගුහාවල ඉන්නෙ කේව් ට්‍රොල් ලා උනාට මේ සීරීස් එකේදි නම දාලා තියෙන්නෙ අයිස් ට්‍රොල් ලා විදිහට.
එල්වයන්ට ලැබෙන මුදු තුනෙන් Nenya මුද්ද ලැබෙන්නෙත් ගැලැඩ්‍රියෙල්ටම තමයි.

12.



Vanity fair වාර්තා කරනව විදිහට මේ තියෙන්නෙ ගිල් ගැලැඩ් පාලනය කරන ලින්ඩන් රාජධානිය.හරියටම කියන්න බැරි උනත් ගිල් ගැලැඩ් රජතුමාව කලින් පෙන්නපු ශොට් එකේ තියෙන්නෙත් මේ තැනම වගේ.මෙතන තියන උත්සවය මම අනුමාකරන විදිහට එල්වයන්ට වෙන රාජධානි වලට ධූතයන් විදිහට යන්න කලින් Ranks දෙන උත්සවයක්.මොකද මේ ශොට් එකේ ඉදන් ඉන්නවා වගේ පේන අය ඇදන් ඉන්නවා වගේම ඇදුමක් තමයි Elrond මීට පස්සෙ පෙන්නන ශොට් වලදි ඇදන් ඉන්නෙ.ඒක ගැන විස්තර 14 දි ඇති.

13.



මේ ඉන්නෙ සිව්වෙනි ඩූරීන්.(ඩූරීන් IV) මේ වෙනකොට ඩූරීන් කියන්නෙ කුමාරයෙක් විතරයි.හරිනම් Dwarves ලාට ලැබෙන මුදුවලින් එකක් මුලින්ම ලැබෙන්න ඕනෙ ඩූරීන් III ට.පස්සෙ කාලෙකදි තමයි ඩූරීන් IV ට මේ මුද්ද ලැබෙන්නෙ.මේ සීරීස් එකේ Dwarf රජ කෙනෙක් විදිහට වගේම ඩූරීන් IV ගෙ තාත්තා විදිහට ඩූරීන් III  ඉන්නවා කියලා තමයි Vanity fair වාර්තා කරන්නෙ.හැබැයි මෙතන පොඩි අවුලක් තියනවා.පොත්වලනම් ඩූරීන් IV ගෙ තාත්තා ඩූරීන් III නෙවෙයි.හැබැයි මේක නෙවෙයි අවුල.ඩූරීන් නම තියන හැම කෙනාම සලකන්නෙ පලමු ඩූරීන්ගෙ පුනරුප්පත්තියක් විදිහට.ඉතින් හිතන්න ඩූරීන් III ජීවත් වෙලා ඉදිද්දි කොහොමද එයාගෙම පුතාටත් ඩූරීන් කියලා නම දාන්නෙ.සමහර විට මේ පුනරුප්පත්ති කේස් එක සීරීස් එකේදි මග ඇරලා තියෙන්න පුලුවන්.හැබැයි පුනරුප්පත්ති කතාව තියනවා නම් එතන අවුලක් තියනවා.


ඩූරීන් IV කුමාරයා ඉන්නෙ නම් ක(z)සාඩ් ඩූම් (Khazad-dûm) එහෙමත් නැත්නම් මොරියා වල වගේ.මතකද Lotr පලවෙනි චිත්‍රපටියේ ගැන්ඩල්ෆ් බැලරොග් කෙනෙක් එක්ක සටන් කරලා මැරෙන තැන.අන්න එතන තමයි මේ.Dwarves ලටත් මුදු හම්බවෙන නිසා මොරියාවලත් කතාවෙ ලොකු කොටසක් යාවි.

14.



මේ ඉන්නෙ Elrond .( Lotr වල Arwen ගෙ තාත්තා ).කලින් කිව්වා මතකද එල්වයන් කීපවෙනෙක් ව ධූත මෙහෙවරක යවන කතාවක්.මට හිතෙන විදිහට මේ Elrond ත් අර එලවයන් අතරේ මේ Elrond ත් ඉන්නවා.ඔය Elrond වටේට ඉන්නෙ Dwarves ලා වෙන්න ඕනෙ.ඒවගේම ඔය ඉන්න තැන මොරියා වෙන්නත් ලොකු ඉඩකඩක් තියනවා.එහෙමනම් එක එක රාජධානිවලට ධූතයන් යවනවා කියන අනුමානය හරිනම් Elrond ට ලැබිලා තියෙන්නෙ මොරියා වෙන්න ඕනෙ.අනික Elrond කියන්නෙ ගිල් ගැලැඩ් රජතුමා ලග සේවය කරන කෙනෙක්.ඒ නිසා මේ අනුමානය හරියන්න චාන්ස් එක වැඩියි.

Elrond in LOTR/Hobbit Movies 


අමතරව දෙයක් කිව්වොත් ගිල් ගැලැඩ් රජතුමාට ලැබෙන Vilya මුද්දෙ ගැලි ගැලැඩ්ගෙන් පස්සෙ හිමිකාරයා වෙන්නෙ Elrond තමයි.

15.



මේ තියෙන්නෙ අර හැල්බ්‍රෑන්ඩ් එක්ක ගැලැඩ්‍රියෙල් පාරුවෙ ඉන්න සීන් එකට පස්සෙ වෙන්න ඕනෙ.මෙතනදි නම් ගැලැඩ්‍රියෙල්ගෙ ලස්සන හොදට පේනවා  .(👉👈) ගැලැඩ්‍රියෙල්ගෙ කොන්ඩෙ එහාට කරන්නෙත් හැල්බ්‍රෑන්ඩ්ම වෙන්න ඕනෙ.මේ කොන්ඩෙ එහාට කරන්නෙ ගැලැඩ්‍රියෙල්ගෙ කන හොදට පේන විදිහට.සාමාන්‍යයෙන් එල්වයන්ගෙ කන් ඕනෙම ෆැන්ටසි කතාවක පෙන්නන්නෙ මනුශ්‍යන්ට වඩා උල්ව කියලා දන්නවා ඇතිනෙ.එතකොට මේ ගැලැඩ්‍රියෙල් කියන්නෙ එල්ෆ් කෙනෙක් කියලා හැල්බ්‍රෑන්ඩ් දැන ගන්න වෙලාවද කියලා ප්‍රශ්නයක් එනවා.

16.



මේ කවද කියලා හරියට කියන්න අමාරුයි.සෑහෙන කන්ෆියුස් වෙන තැනක් තමයි මේක.අනුමානයක් කරොත් මේ වටපිටාව ගිනි ගන්න නිසා හිතෙන්නෙ අර කලින් පෙන්නපු අත්භූත උල්කාපාතය එන්නෙ මේකෙ පෙන්නන පුද්ගලයා අරගෙන ඇවිත් කියලා තමයි හිතෙන්නෙ.මේ කවුද කියන එකට නම් කලින් කිව්වා වගේ අනුමාන කරන්නත් අමාරුයි.සමහර විට මේ ඉන්නෙ Blue Wizards ලා දෙන්නගෙන් කෙනෙක් වෙන්න පුලුවන්.මධ්‍යම පෘථිවියෙට විසාඩ්ලා එහෙමත් නැත්නම් මායාකාරයො අලුත් දෙයක් නෙවෙයි නෙ.හැබැයි මායාකාරයො මධ්‍යම පෘථිවියට එන්නෙ දෙවනි යුගයේ අවසානයේදි හෝ තුන්වෙනි යුගය මුල.අපි ටෝකීන්ගෙ පොත්වල වගේම ෆිල්ම් වල දැකලා තියෙන්නෙ ගැන්ඩෆ්,සරුමාන්,රැඩගස්ට් කියන මායාකාරයො තුන් දෙනා විතරයි ප්‍රධානව.


හැබැයි ටෝකීන්ගෙ පොත්වල තව මායාකාරයො දෙන්නෙක් ගැන පොඩි සදහනක් තියනවා.සමහර විට මේ ඒ දෙන්නගෙන් කෙනෙක් වෙන්න පුලුවන්.හැබැයි ටෝකීන්ගෙ පොත් වල පවා මේ දෙන්න ගැන බොහොම පොඩි විස්තරයක් විතරයි තියෙන්නෙ.ඒවගේම තමයි මේ මායාකාරයෙක් නම් ටෝල්කීන්ගෙ පොත්වලට වඩා සීරීස් එකේ කතාව ගොඩක් වෙනස් කරන්න වෙනවා.ඒ නිසා මේ අනුමානය වැරදෙන්න නම් ගොඩක් ඉඩ තියනවා.
තව වෙන්න පුලුවන් දෙයක් තමයි මේ ඉන්නෙ අනතාර් එහෙමත් නැත්නම් මයිරෝන් එහෙමත් නැත්නම් දන්න විදිහට කිව්වොත් සෞරෝන් කියන එක.මේක Blue Wizard තියරි එකට වඩා හරියන්න ඉඩ තිබුනට අනතාර් නොවෙන්නත් ඉඩ කඩ ඕන තරම් තියනවා.
පහල ඉන්න කෙනා නම් හාර්ෆුට් කෙනෙක් වෙන්න ඕනෙ.


හොදට බැලුවොත් පේනවා මේ ගිනි ගොඩ ගාව තියන ගල් අහසෙ පාවෙනවා.කවුරු උනත් මේ ඉන්නෙ ගොඩක් බලවත් කෙනෙක් වෙන්න ඕනෙ.

17.


මේ තියෙන්නෙ මොරියාවල ශොට් එකක් කියලා පැහැදිලිව පේනවනෙ.එතකොට මේ පොරවෙන් ගලට කොටන්නෙ සිව්වෙනි ඩූරීන් වෙන්න ඕනෙ.ඒවගේම ඔය වටේට ඉන්නෙ Dwarf Lords ලා වෙන්න ඕනෙ.මේ සීන් එක Frame by Frame හරි x0.25 වේගෙන් බැලුවොත් පේනවා ඩූරීන් ගලට පොරිවෙන් කෙටුවට පස්සෙ ගල දෙකට කැඩෙනවා කියලා.


හැබැයි ඊට ටික වෙලාවට පස්සෙ එක පාරට වෙන ශොට් එකකට මාරු වෙනවා එතනදි ගල කැඩෙන්නෙ කොටස් දෙකකට නෙවෙයි තුනකට.


හොදට බැලුවොත් පෙනේවි ඒ කොටස් තුනකට කඩන කෙනා ඩූරීන්ට වඩා වෙනස් කියලා.පේන විදිහට නම් මේ ඉන්නෙ Elrond.
අපි Lotr ෆිල්ම් වල දැක්කනෙ Dwarves ලයි එල්වයො අතරෙයි තියන අවිශ්වාසවන්තකම.මේ නිසා සමහර විට Elrond ට Dwarves ලගෙ විශ්වාසය වගේම එයාලගෙ ගෞරවය දිනා ගන්න ඕනෙ වෙන්න ඇති මොරියා වලට ආවාම.ඉතින් Lotr වල අපි දැක්කනෙ ලෙගොලාස් සහ ගිම්ලි එකිනෙකා පරද්දන්න හදපු විදිහ.මේකෙදිත් Elrond ඒ විදිහෙ දේවල් කරනවා ඇති Dwarves ලගෙ ගෞරවය දිනා ගන්න.

18.



අරන්ඩිල් ලොකු දුරක් පනින ශොට් එකක් තමයි මේ.මොනවා නිසා අරන්ඩිල් මෙහෙම කරනවද කියලා කියන්න නම් හිතන්න අමාරුයි.අරන්ඩිල්ගෙ කකුලකට දම්වැල් දාල තියන නිසා හිතෙන්න කාගෙන් හරි බේරෙන්න හරි හිර කරලා තියන තැනකින් ගැලවෙන්න හදනවා වගේ.

19.



කන්ෆර්ම් කරලා නැති උනත් ගොඩක් වෙබ් අඩවි වාර්තා කරන්නෙ මේ ඉන්නෙ ගැලැඩ්‍රියෙල්ගෙ සගෝදරයා ෆින්රොඩ් කියලා.මේ ඉන්නෙ ෆින්රොඩ් නම් මේ battle එක සමහර විට Prologue එකකදි වගේ පෙන්නයි.එහෙමත් නැත්නම් සීරීස් එකේ ගැලැඩ්‍රියෙල්ගෙ කතාවට පසුබිම උන සිද්දිය විදිහට යන්නත් ඉඩ තියනවා.මොකද ෆින්රොඩ් පලමු යුගයේදී සෞරෝන් එක්ක සටනකින් පස්සෙ ෆින් රොඩ්ව සෞරෝන් අල්ලගෙන වද බන්ධන දෙනවා එය කවුද කියලා දැනගන්න.හැබැයි ෆින්රොඩ් ඇතුලු ෆින්රොඩ් එක්ක හිටිය එල්වයො කිසිම දෙයක් කියන් නෑ.මේ නිසා සෞරෝන් වෙයාවුල්ෆ් කෙනෙක්ව එවනවා.ෆින්රොඩ් තමන්ව හිර කරලා තිබුන මාංචු දංවැල් කඩලා දාලා වෙයාවුල්ෆ්වත් මරනවා.හැබැයි ශරීරයට උන තුවාල නිසා ෆින්රොඩ් මැරෙනවා.(පස්සෙ ෆින්රොඩ් කරපු Sacrifice එක නිසා වැලිනෝර් වල Undying Land එකේ එහෙමත් නැත්නම නොමියෙන දේශයේ ෆිනරොඩ් පුනරුප්පත්තියක් ලබනවා.මේ විදිහට වැලිනෝර්වලදි පුනරුප්පත්තිය ලබපු පලවෙනි එල්ෆ් තමයි ෆිනරොඩ්)
මේ හේතුව නිසා ගැලැඩ්‍රියෙල් සෞරෝන්ගෙන් පලිගන්න උත්සහ කරනවා වෙන්නත් ඉඩ තියනවා.මතකනෙ කිව්වා ගැලැඩ්‍රියෙල්ට බොහොම රෞද්‍ර පැත්තකුත් තියනවා කියලා.
ෆින්රොඩ්ව කතාවට වැදගත් වෙන්න තවත් හේතුවක් තමයි පස්සෙ කාලෙක ගොන්ඩෝර් රාජධානියෙ කේන්ද්‍රස්ථානය වෙන මිනාස් ටිරිත් නගරය පිහිටුවන්න මූලික වෙන්නෙත් ෆින්රොඩ්.


20.



මෙතන තියන පුංචි අත නම් හාර්ෆුට් කෙනෙක්ගෙ කියලා තමයි හිතෙන්නෙ.එතකොට මේ ලොකු අපිරිසුදු අත?ඒ අත අයිති පුද්ගලයා ඇදන් ඉන්න ඇදුම් නම් ගැන්ඩල්ෆ් ගෙ ඇදුම් වගේ.පෝස්ටර් වලත් මේ විදිහට ඇදුම් ඇතගත්ත අතින් ඇපල් ගෙඩියක් අරන් ඉන්න එකක් තියනවා.


මේ දෙකම එකම කෙනා වෙන්න ඕනෙ.මේ ඉන්නෙ අර ගිනි ගොඩ තිබුන තැන හිටිය කලින් කිව්වා වගේ මේ ඉන්න මායාකාරයෙක් වෙන්න පුලුවන්.එහෙමත් නැත්නම් මේ අනතාර් වෙන්නත් පුලුවන්.හැබැයි අනතාර් කියන්නෙ බොහොම කඩවසම් වගේම බොහොම පිරිසිදු ශරීරයක් තියන කෙනෙක්.සෞරෝන්ගෙ උනත් හැම තිස්සෙම අදුරු ශරීරයක් තිබුනෙ නෑ.අනතාර්ගෙ දිව්‍යමය ස්වකභාවය එල්වයන්ටත් වැඩී කියලා තමයි ටොල්කීන් විස්තර කරන්නෙ.සමහර විට සීරීස් එකේ මේක වෙනස් කරාද දන්නෙත් නෑ.
Post a Comment (0)
Previous Post Next Post