ජුරාසික් විශ්වයේ අවසානය ද??? | Jurassic World: Dominion Official Trailer Breakdown


ඔයා උදේ නැඟිටලා ජනේලෙන් එලිය බලද්දි දකින පලවෙනි දේ මොකද්ද? කුරුල්ලෙක්? බල්ලෙක්?

ඔය දේවල් වෙනුවට උදේ පාන්දර ජනේලෙන් බලද්දි ටී-රෙක්ස් කෙනෙක් මිදුලෙ ඉන්නව දැක්කොත්? ඒක කොහොම අත්දැකීමක් වෙයිද?  ඔන්න ඔය වගේ කන්සෙප්ට් එකක් කැටි කරගත්තු 2022 එන කුපිරිම ෆිල්ම් එකක පලවෙනි ට්‍රේලර් එක පෙරේදා රිලීස් උනා. ඔව් ඒ තමයි Jurassic World: Dominion ෆිල්ම් එකේ පලවෙනි ට්‍රේලර් එක. මෙදා පාර කොලින් එයා දන්න ශිල්ප ඔක්කොම දාල වගේ ෆිල්ම් එකට. ට්‍රේලර් එකේ තිබ්බ විශුවල්ස් බලද්දි ඒක හොඳටම තේරෙනවා. පොඩිම ඩීටේල් එකේ ඉඳන් පැහැදිලිවම ඩීටේල්ස් පෙන්නන්න ඩොමීනියන් ටීම් එක සමත්වෙලා තියෙනවා. ඒ වගේමයි යූ ටියුබ් දාල තිබ්බෙත් 4K ට්‍රේලර් එකක්. ඔය ඩීටේල්ස් වල කොලිටිය පෙන්නන්න ව්නෙෙන්න . නැත්තම් ඔහොම 4K ට්‍රේලර් එලියට දාන සිරිතක් නෑ. මතකනෙ බැට්මෑන් ට්‍රේලර් එකේ 1080P වලත් පික්සල් පෙනිච්ච හැටි. කොලින් ස’ Special Effects ටීම් එකේ උන් මඩෝගෙන වැඩ අරන් වගේ. එච්චර මහන්සියගෙන් මේකෙ Special Effects කරපු ටීම් එකට අපේ හදපිරි මෙව්ව එක.

අපි ගොඩක් බලාපොරොත්තුවෙන් හිටියේ මේ ට්‍රේලර් එක Super Bowl ඉවෙන්ට් එකට දායි කියලා. හැබැයි හිතුවෙවත් නැතිවෙලාවක කලින්ම රිලීස් උනා. මුල් ට්‍රිලෝජියේ Ellie Sattler ට හිටපු Laura Den ගේ බර්ත් ඩේ එක තිබ්බෙ පෙරේදා. ඒකට වෙන්න ඇති ට්‍රේලර් එක එවන්න ඇත්තෙ. Anyway වල්පල් නොකිය යමු බ්‍රේක්ඩවුන් එකට. මේ ලිපියේ මේ ට්‍රේලර් එකේ අපි දැක්ක දේවල් සේරම පැහැදිලි කරලා තියෙනවා. අවසානය වෙනකම් කියවන්න. ෆ්‍රැන්චයිස් එක ගැනම පොඩි සමරි එකකුත් අන්තිමේට දාලා තියෙනවා

බ්‍රේක්ඩවුන් එක පටන්ගන්න කියන්න ඕනෙ මම මහා ලොකු Dino nerd කෙනෙක් නෙවේ. ඒ නිසා මේකෙ ඩයිනෝලගෙ නම් එහෙම වැරදියට කියවෙන්න පුළුවන්. එහෙම දෙයක් දැක්කොත් කමෙන්ට් එකක් දාල නිවැරදි කරන්න.

 



ට්‍රේලර් එක පටන්ගන්නෙ ඕවන් Parasaurs ල වගයක් පස්සෙන් යන තැනකින්. එතන පොඩි කව්බෝයි වයිබ් එකක් එන හැටියට තමා ශොට් එක අරගෙන තියෙන්නෙ. වෙනසකට තියෙන්නෙ හරක් පස්සෙ පන්නනව වෙනුවට මෙතන ඉන්නෙ ඩයිනෝලා. මේ ශොට්ස් එහෙම මරු. පේනවනෙ විශුවල්ස් ටික එහෙම. මුලු ෆිල්ම් එක පුරාවටම ඔහොම ශොට්ස් ඇති. ඒ කියන්නෙ එන්ටර්ටේනින් කෙසේවෙතත් හොඳ Visual Treatment එකක් ලැබේවි. මෙතන පසුබිමින් ඇහෙන්නෙ. පලවෙනි ජුරාසික් පාක් ෆිල්ම් එකේ ජෝන් හැමන්ඩ් කියන දෙබස් ටිකක්. හැමන්ඩ් පාක් එක හදන්නෙ සල්ලි හොයන්න නෙවේ. එයාට උවමනා වෙන්නෙ මිනිස්සුන්ට ඩයිනෝසර්ලව පෙන්නන්න. හැබැයි ඒක හැමැන්ඩ් ට කරගන්න වෙන්නෙ නෑනෙ. පාක් එක විනාසවෙනවා. දැන් පලවෙනි පාක් එක විනාසවෙලා දශක ගානක් ගෙවිල ගියපු කාලෙක එයාගෙ හීනෙ හැබෑවෙලා මිනිස්සු සහ ඩයිනෝලා එකට ජීවත්වෙනවා. හැබැයි ඒක දකින්න හැමන්ඩ් ජීවතුන් අතර නෑ. Karma😓

කොලින් කියන හැටියට ඔවන් ඉන්නෙ Fallen Kingdom එකේදි ඩයිනෝල ව නිදහස් කරපු තැනින් වැඩි ඈතක නෙවේ. ඒ වගේම මේ Parasaurs ඉන්නෙ ලොකු අනතුරක නු. මේ ඩයිනෝලව අල්ලන්න ගොඩක් අය උත්සාහ කරනවලු. ඉතින් ඔවන්ට සිද්ධවෙනවා මේ ඩයිනෝල ව බේරගන්න.



ඊටපස්සෙ ෆ්‍රැන්චයිස් එකේ අපි හැමෝගෙම ෆේවරිට් එක බ්ලූ ව බලාගන්න පුළුවන්. හැබැයි මේ ඉන්නෙ අපි දැකපු බ්ලූ ම නම් නෙවේ. එයා දැන් අම්මා කෙනෙක්. හැබැයි මෙතනදි ප්‍රශ්ණයක් එනවා කොහොමද බ්ලූට පැටියෙක් ඉන්නෙ කියලා. මොකද අන්තිම ෆිල්ම් එකේ කියපු හැටියට mainland එකට ආව එකම රැප්ටර්  තමා බ්ලූ. ඒ වගේම රැප්ටර්ලගෙ අන්තිමයා. Camp Cretaceous එක ඔෆීශියලිම canon කියල තාම හරියට තහවුරු කිරීමක් නැති නිසා ඒකෙ හිටපු රැප්ටර්ලා ගැන මුකුත් කියන්න අමාරුයි. මේ ෆිල්ම් එකේ ටයිම්ලයින් එක යන්නෙ කලින් ෆිල්ම් එකට අවුරුදු 4 කට පස්සෙ නිසා ඕනෙම දෙයක් වෙලා තියෙන්න පුළුවනි මොකද මේ ශොට් එකේම අන්තිමට කියන හැටියට Life finds a way”. ඕකට අපේ ටිකිරි අයියා දුන්නෙ මේ වගේ උත්තරයක්. 

"මං හිතන්නෙ Blue asexual විදිහට බ්‍රීඩ් කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ අලිංගික එහෙම නැත්නම් වෙන සහකරුවෙකු නැතිව Blue ම සංසර්ග ක්‍රියාවක් නැතිව ප්‍රජනනය කරලා තියෙනවා.



මෙහෙම මේ ෆ්‍රැන්චයිස් එකේ අලිංගිකව ප්‍රජනනය කරලා තියෙන අවස්තා එකයි තියෙන්නේ. ඒ Camp Cretaceous ඇනිමේටඩ් සීරීස් එකේ Scorpius Rex විතරයි. වෙන ඩයිනෝ ලා ජුරසික් පාර්ක් එකේ එහෙම බ්‍රීඩ් කරලා තියෙන්නේ එයාලගේ DNA දත්ත නිර්මාණය කරන්න එකතු කරපු වෙන ගෙඹි වර්ගයක ජානයක් නිසා. ජුරසික් පාර්ක් එකේ හිටපු හැම ඩයිනො කෙනෙක් ම ගැහැණු විදිහට හිටියට අර ගෙඹි ජානය නිසා මේ සමහර අය වැඩෙනකොට පිරිමි සත්තු වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ ලිංගිකව වෙනස් වුණ පිරිමි සත්තුයි ගැහැණු සත්තුයි සංසර්ගයෙන් තමා ජුර්සාක් පාර්ක් එකේ බ්‍රීඩ් වෙලා තියෙන්නේ. හැබැයි ෆෝලන් කින්ඩම් එකෙන් පස්සේ ඉතුරු වෙන එකම වෙලොසිරැප්ටර් තමා Blue. ඉතින් මේ Blue එයා වගේම පැටියෙක් හදලා කියන්නේ අනිවාර්යෙන් asexual විදිහට බ්‍රීඩ් කරලා තියෙනවා කියන එක. ඔයාලට නෝට් වෙන්න ඇති baby Blue ටත් Blue ට වගේම නිල් පාට ලයින් එකක් බොඩි එකේ තියෙනවා කියලා. මේකත් සෑහෙන වැදගත් පොයින්ට් එකක්. Life finds a way කියන එක සෑහෙන දුරට ඔප්පු කරනවා මේකෙන්. ඒ වගේම මේ ඇබිලිටි එක Blue ට එන්න ඇත්තෙත් ඩයිනො ලා හදනකොට එකතු කරපු DNA දත්ත නිසා වෙන්නැති කියලා අපිට හිතන්න පුළුවන්."

Jurassic World ෆිල්ම් එක ඉවර උනේ බ්ලූ ට එයාගෙ පවුල නැති කරලා. බ්ලූ ඇරෙන්න මුළු රැප්ටර් ටීම් එක මැරුනනෙ. සමහරවිට මේ පැටියා හරහා බ්ලූ එයාගෙ පවුල ආයෙ හදාගනීවි.


Universal Intro එක වැටෙන්නෙත් වෙනදට වඩා අමුතු විදිහකට. වෙනද තියෙන එක වෙනුවට මේ පාර තද රන් පාටක් අරගෙන තියෙනවා. මේකෙන් පෙන්නලා තියෙන්නෙ මේ කලබල ඔක්කොටම මුල් උන ඇමබර් කැබැල්ල.

Amber


Fallen Kingdom කේදි මේක බිම වැටිලා කුඩු උනා. ඒකෙන් පෙන්නලා තිබ්බෙ මිනිස්සු දෙවියන් වහන්සේ වගේ ඩයිනෝසර්ලව පාලනය කරපු කාලෙ ඉවරයි කියලා.


මේ ශොට් එක දකිද්දි මට මතක් උනේ How to Train Your Dragon ට්‍රිලෝජියේ අන්තිමට ටූත්ලස්, හිකප් ව හමුවෙන තැන. මේ ඉන්නෙ කලින් හිටපු බ්ලූ නෙවේ. පැටියෙක් ඉන්න රැප්ටර් කෙනෙක්. ඒ කියන්නෙ කලින්ට වඩා මාර Aggressive. පසුබිමෙන් ඇහෙනවා ක්ලෙයා කියන දෙබසක්. “We can’t keep her here forever”. ඕක ඇහෙද්දි මුලින්ම ඔලුවට එන්නෙ බ්ලූ ව. මොකද පැටියෙක් ඉන්නව කියන්නෙ බ්ලූව කලින්ටත් වඩා ඉලක්කයක් එනවා Biosyn වගේ ඩයිනෝලව අල්ලන අයට. ඒ කියන්නෙ අනිවාර්යයෙන් ඔවන්ට තමන්ගෙ පරණ යාලුවා වෙනුවෙන් සටන් කරන්නම වෙනවා. හැබැයි මට හිතෙන හැටියට මේ කියන්නෙ මේසි ගැන. ෆ්‍රැන්චයිස් එකේ අදටත් තිබ්බ ලොකුම ප්ලොට් ට්විස්ට් එක තමා මේසි ක්ලෝන් එකක් කිව්ව තැන. ඒ කියන්නෙ සාර්ථකව නිර්මාණය කරපු එකම වගේම පලවෙනි මිනිස් ක්ලෝනය තමා මේසි කියන්නෙ. එතකොට ජාන තාක්ෂණය ගැන මරාගන්න ලෝකෙක මේ වගේ එන්ක් පස්සෙන් පන්නන්නෙ නැතුව ඉඳී කියල හිතන්න අමාරුයි. මේසිව ලෝකෙන් හංඟලා තියාගන්න වෙන්න ඇති මේ කැලෑවක් අස්සෙ කැබින් එකක ඉන්නෙ. 


ඕකත් එක්කම පෙන්නනවා ඩයිනෝසර්ල ගෙන් ලෝකෙට වෙන බලපෑම. ට්‍රේලර් එකේ කියන හැටියටම ඩයිනෝල කියන්නෙ Ecological Disaster එකක්. නිකමට හිතන්නකෝ දූපතක හරියට මිනිස්සුන්ටයි ඩයිනෝලටයි එකට co-exist වෙන්න බැරි උනානම් දැන් කොහොම ඉන්නද කියලා. මොකද ඩයිනෝල මිනිස්සුව දකින්නෙ prey එකක් හැටියට. එයාලගෙ පැවැත්මට තර්ජනයක් හැටියට. ඉතින් මේ දෙගොල්ලො අතරෙ අර්බුධ හටගන්නවා කියන්නෙ අනිවාර්යයෙන් ම වෙන දෙයක්. Prologue එක බැලුවනම් මතක ඇතිනෙ රෙක්සි කොච්චර confused වෙලාද හිටියේ කියලා එලියට ආවට පස්සෙ. Jurassic World (2015) වලදි ඉන්ඩොමිනස් හිටපු තත්වෙට තමා දැන් ඩයිනෝල වැටිලා තියෙන්නෙ. මේ අලුත් ලෝකෙ ඇතුලෙ එයාල අයිති තැන මොකද්ද කියල ඩයිනෝල හන්නෙ නෑ. ඒ නිසා තනි ඉන්ඩොමිනස් වගේ හිතුමතේ දකින දකින දේට පහරදෙන ඩයිනෝල සෙට් එකක් අපිට මේකෙන් බලාගන්න පුළුවන් වෙයි.

මේ ශොට් එකට නම් සෑහෙන හිත ගියා හැබැයි. Nothing feels good like a reunion. මේ දෙන්න සෑහෙන කාලෙකින් හම්බෙලා නෑ වගේ. හේතුව දැනගන්න ඩොමීනියන් එනකම් ඉන්න වෙනවා. පේන හැටියට Alan Grant ව පලවෙනි ජුරාසික් පාක් ෆිල්ම් එකේ වගේම dig site එකකින් ෆිල්ම් එකේ first appearance එක ගනී. ඕඩියන්ස් ටාගට් කිරිල්ල සෑහෙන්න හොඳයි කොලින් ස’ ගෙ. මෙතන හොඳ පරීක්සෂාවෙන් ඇලුවොත් Jurassic Park III (2001) එකේ රැප්ටර්ලව පාලනය කරන්න පාවිච්චි කරපු Resonating chamber එකත් බලාගන්න පුළුවන්.


මේක හොඳම උදාහරණයක් ඩයිනෝල ecosystem එක අනුව හැඩගැහෙන්න උත්සාහ කරනවා කියන්න. ට්‍රිලෝජියේ mainly focus කරලා තිබ්බෙත් ඕක. ඒ කිව්වෙ ස්පිල්බර්ග් කරපු ෆිල්ම් දෙක ගත්තම ඒකෙ තිබ්බෙ කට්ටිය දූපතේ හිරවෙලා ඒකෙන් පැනගන්න දඟලන හැටි. ඒ කියන්නෙ ස්පිල්බර්ග් focus කරේ survival පැත්ත. හැබැයි Jurassic World එකට එද්දි ඒකෙන් මූලිකවම පෙන්නන්න හදල තිබ්බෙ ecosystem එකට වෙච්ච බලපෑම සහ ඒක contain කරන්න උත්සාහ කරන හැටි. Jurassic World එහෙම මතකනම් ඒකෙ ප්ලොට් එක යන්නෙ මිනීකන ඩයිනෝල පෙන්නන්නම නෙවේ. ඉන්ඩොමිනස් අතින් ඉස්ලා-නුබ්ලා වල ecosystem එක වෙනස්වෙන හැටි සහ ඉන්ඩොමිනස් ව නවත්තන්න යන හැටි. මේ ෆිල්ම් එකෙන් ඒක හොඳටම පෙන්නුම් කරාවි.


මේ ඉන්නෙ Therizinosaurus කෙනෙක්. මෙතන ක්ලෙයාට පහරදෙනවා වගේ පෙන්නුවට ඇත්තටම මේ ඇවිල්ල සොරපොඩ්, ඒ කිව්වෙ ශාක භක්ෂක ඩයිනෝසර් කෙනෙක්. එතකොට ඇයි සොරපොඩ් කෙනෙක්ට මෙච්චර බයවෙන්නෙ? මට හිතෙන හැටියට ෆිල්ම් එකට ගද්දි මෙයාලට පොඩි පොඩි වෙනස්කම් කරල වගේ. හැබැයි මේ Therizinosaurus ට අහුවුනොත් ටිකක්  වැඩේ ටිකක් දරුණු වෙන්න පුළුවන්. මොකද මේ සතාගෙ නියපොතු වල්න් ගහන පාරක් මාරාන්තිකයි. දිග එහෙම පේන්න ඇතිනෙ. ඒ වගේම තමයි ඉන්ඩොමිනස් රෙක්ස් ව හදන්න පාවිච්චි කරපු ජාන ලැයිස්තුවෙ මේ ඩයිනෝසරයත් ඉන්නව. මතකනෙ Ankylosaurus කෙන්ක්ගෙ පාරටත් ඉඳුනෙ නැති Gyrosphere එකක වීදුරුව එක නියපොත්තකින් ලේසියෙන්ම හිල් කරලා දැම්ම හැටි. ඉතින් මේ ඩයිනෝසරයගෙ පාරක් කෑවොත් මනුස්සයෙක් එතනක මැරෙනව කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.


මේ DNA සටහනක් දිහා බලන් ඉන්නෙ මේසි වෙන්න ඕනෙ. එතකොට මේ DNA සටහන මේසිව හදන්න පාවිච්චි කරපු එකක්වෙන්න පුළුවන්. 


ඒකත් එක්කම ඊලඟ ශොට් එකේ ජුරාසික් පාක් වල Dr.Frankenstein එහෙමත් නැත්තම් Dr.Henry Wu ව බලාගන්න පුළුවන්. අපි ෆ්‍රැන්චයිස් එක පුරාවටම දැක්කෙ  පිලිවෙළකට ඇඳ පැළඳගෙන ඉන්න වූ නම් නෙවේ. මෙතන ඉන්නෙ කොණ්ඩෙ වවාගෙන, අපිලිවෙළට ඉන්න කෙනෙක්. මේකෙන් පෙන්නන්න හදල ඇත්තෙ වූ තමන් කරපු වැඩ නිසා පසුතැවෙනව කියලවෙන්න ඇති. සමහරවිට මේසිට DNA සටහන පෙන්නන්නෙත් වූ ම වෙන්න ඇති.


ක්ලෙයා පස්සෙ මේ පන්නන්නෙ ෆිල්ම් එකට අලුතින් එකතුවෙන Atrociraptor squad එකේ කෙනෙක්. කොලින් ට්‍රෙවරොව් කියන හැටියට මෙයාල රැප්ටර්ලට වඩා දරුණුයි ලු. ඒ වගේම මේ ටීම් එකේ 4 ක් ඉන්නවා.

1. Red

2. Ghost

3. Tiger

4. Panthera

JW වල මතකනෙ වෙලෝසිරැප්ටර් ලව හමුදා වැඩවලට යොදවන්න හදනව. ඔය වගෙ military uses වලට පුහුණු කරපු සෙට් එකක් තමා මේ Atrociraptor squad එක. මෙයාලව අයිති Ingen සමාගමේ rival කෙනෙක් වෙන Biosyn එකටලු. දැනට ආරංචි වෙන හැටියට ෆිල්ම් එක එන කාලෙ වෙද්දි මේකෙ ප්‍රධානියා වෙන්නෙ මීට කලිනුත් අපි ෆිල්ම් වල දැකපු  Dogson. (බලුපුතා 😂😂🙏). මෙයාව මතක නැත්තම් පල්ලෙහා මීම් එක බලන්න.



මේ තියෙන්නෙ Biosyn ලට අයිති research facility එකක් වෙන්න ඕනෙ. මෙතන ඩයොනෝලව අල්ලගෙන පර්‍රික්ශණ කරනව හෝ අලුත් ඩයිනෝලව හදනව ඇති. ඔවන් ලා මේ facility එක විනාසකරන්න උත්සාහ කරයි. ඕකත් එක්කක Alan හෙලිකොප්ටර් එකක ඉන්නවත් බලාගන්න පුළුවන්. මේ පාරවත් හරියට සීට් බෙල්ට් දාගත්තද දන්නෑ.


මේ ඉන්නෙ Pyroraptor කෙනෙක්. මෙයත් මේ ෆිල්ම් එකෙන් තමා ෆ්‍රැන්චයිස් එකට එකතුවෙන්නෙ. මේ ප්ලේස් එකනම් මොකද්ද මන්ද. සමහරවිට අර වගේම research facility එකක්. දැන් කියන හැටියට ෆිල්ම් එකේ ස්ටෝරිලයින් දෙකක් යනවලු. ඔවන් ල සහ පරණ සෙට් එක විදිහට. අන්තිමට මේ දෙගොල්ලො එකතුවෙයි.


මේක දැක්කම ෆෑන්ස් ලට ඇඬෙන්න ඇති. ඔතන එලී ඇඳගෙන ඉන්නෙ පලවෙනි ජුරාසික් පාක් ෆිල්ම් එකේ ඇඳන් හිටපු කිට් එකමයි. මා හිතෙන හැටියට මේක ෆිල්ම් එකේ මුලම තියෙන ශොට් එකක්. ගොඩක් දුරට ඩයිනෝසර්ලා එලිය පැන්න දවස් වල එකක්. එලී ඔතන පුදුමවෙලා වගේ බලන් ඉන්නෙ ඒක නිසා වෙන්න පුළුවන්.


ඒ වගේම මේ තියෙන සීන් එක ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ෆාම් හවුස් එකක් උඩින් පියාඹගෙන එන කෘමි වර්ගයක් වගේ තමා සාමාන්‍යයෙන් අපිට ඒක දැක්කම තේරෙන්නේ. සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. බොහෝවෙලාවට මේ කෘමි වර්ගය Rocky Mountain Locust කියන පළඟැටි වර්ගය වෙන්න පුළුවන්.

Rocky Mountain Locust


මේ පළඟැටි වර්ගය ඉතා ළඟ කාලෙක ඒ කියන්නේ කලින් ශතවර්ශය ඇතුළත පෘථිවියෙන් වඳ වී ගියපු විශේෂයක්. මේ පළඟැටියෝ ප්‍රමාණයෙනුත් සෑහෙන විශාලයි. ඒ වගේම පළඟැටි විශේෂය උතුරු ඇමෙරිකාව තුළ සෑහෙන සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා වඳ වෙන්න කලින්. ඒ නිසා 1870 ගණන් වල කැනඩාවේ සහ ඇමෙරිකාවේ වගාබිම් සෑහෙන  විනාශ වෙලා තියෙනවා මේ පළඟැටියෝ නිසා. දැන් ඉන්න සේනා දළඹුවා වගේ සීන් එකක්. ඉතින් මේ වඳවෙලා හිටපු පළඟැටියෝ බොහෝදුරට In Gen ලගේ රයිවල් කම්පැනි එක වෙන bio syn ලා ගෙනල්ලා තියෙන අරමුණ නම් හරියටම කියන්න බැහැ. තියරියක් විදිහට මේක ගන්න පුළුවන්. Bio syn එකට ඕනේ ඇති ලෝකේ ඉන්න මිනිස් ජනගහණය පාලනය කරන්න. ඒකට තියෙන ලේසිම විසඳුමක් තමයි මිනිස්සුන්ට කන්න තියෙන ආහාර නැති කරන එක. ඒ ආහාර නැතිකරන්න මේ Rocky Mountain Lucust ලා swarms ඒ කියන්නේ විශාල සමූහ වශයෙන් ඇතිකරලා ඒවා වගාබිම් වලට යන්න ඉඩ සලස්සනවා වගේ එකක් වෙන්න පුළුවන්. කොහොමහරි Bio Syn එකේ පර්පස් එක වඳ වුණ සත්තු ලවා හියුමන් ඇක්ටිවිටීස් කන්ට්‍රෝල් කරන එකනම් ගොඩක් දුරට වෙන්න පුළුවන් දෙයක්.

"Come Back"

මේක Fallen Kingdom එකට කරපු nod එකක්. ආපහු දූපතට ගිහිල්ල ඔවන්, බ්ලූව හොයන්න යද්දිත් ක්ලෙයා ඔය දෙබස ඔය විදිහටම කියනවා. මේ දෙන්න ඉන්නෙ armory එකක් ඇතුලෙ. ඒ කියන්නෙ මේක ෆිල්ම් එකේ endgame එක වෙලාවෙ යන දෙබසක් වෙන්න පුළුවන්.

පේනවනෙ Atrociraptor squad එක කොච්චර aggressive ද කියලා. කොලින් කිව්ව හැටියට මේ ඩබලගෙ පැනගන්න බැරිඋනොත් ඔවන්ගෙ මරණය අනිවාර්යයිලු. කොහොම Atrociraptor පැනගන්න ලේසිවෙන එකක් නෑ. උන් සෙට් එක තනිකරම badass.  මට හිතෙන හැටියට මේ සිද්ධියවෙන්නෙ ඔවන් ල Biosyn එක ගාව හිටපු ඩයිනෝල ටිකක් නිදහස් කරන්න ගියාම. අපේ toro එහෙමත් මේකෙ ඉන්නවා. Toro එක්ක එහාපැත්තෙ ඉන්නෙ ඇලෝසෝරස් කෙනෙක්.


මේ ඉන්නෙ Quetzalcotlus කෙනෙක්. විශේෂත්වය තමා Quetzalcotlus කියන්නෙ මෙච්චර කාලෙකට ලෝකෙ හිටපු විශාලතම පියාඹන සත්ත්වයා. Dominion prologue එකේ මේ සතෙක් හිටිය මතක ඇතිනෙ. ඒ සතා ගාව හිටපු පුංචි කුරුල්ලො වගේ සත්තු ටික මතක ඇතිනෙ. ඒ හිටියේ Pterodactyl ල. ඒකෙන් හිතාගන්න මේ සතාගෙ සයිස් එක. මං හිතුවෙ නෑ present timeline එකේ මේ සතෙක් ඇති කියලා. අන්න සප්‍රයිස්

මං කිව්වෙ බ්ලූ පස්සෙන් පන්නනවා ඇති කියලා. ඔය අල්ලගෙන යන්නෙ බ්ලූගෙ පැටියව.


මේ ඩයිනෝසර් කවුද කියලා කෙලින් කියන්න අමාරුයි. මං මුලින් හිතුවෙ මේ බැරියොනික්ස් කෙනෙක් වෙන්න ඇති කියලා. හැබැයි බැරියොනික්ස් කෙනෙක්ගෙ හනුව මෙච්චර ලොකු නෑ. බැලූ බැල්මට පේනවා මේ දිග හොම්බක් තියෙන සතෙක් කියලා. ඉතින් මගේ සැකේ හරිනම් මේ ඉන්නෙ Spinosaurus කෙනෙක්. හොඳ Dino nerd කෙනෙක් මේක කියවනවනම් මේක හරිද කියලා කියන්න. ෆෑන්ස් ලා සෑහෙන කාලෙක ඉඳන් ආසාවෙන් ඉන්නවා Spinosaurus කෙනෙක්ව බලාගන්න. මතකනේ Jurassic Park III එකේ මෙයා හිටියා.

Spinosaurus

ඉතින් ගොඩක් දුරට ස්පයිනො කෙනෙක් ෆිල්ම් එකේ ඉන්න ඉඩ තියෙනවා. මොකද NWH වල ටෝබි වගේ තමා JP වලට Spinosaurus කියන්නෙ. එහෙම උනොත් අපිට ස්පයිනොසෝරස් කෙන්ක්ව බිග් ස්ක්‍රීන් එකේම බලාගන්න පුළුවන්.


මේක ට්‍රේලර් එකේ තිබ්බ සෑහෙන iconic ශොට් එකක්. JP වල පරම්පරා තුනක් එකම ශොට් එකේ. Alan ල තමා මුල් ට්‍රිලෝජිය ඇදල දුන්නෙ, JW වලට ඔවන්, මේකට පස්සෙ ට්‍රිලෝජියක් එනවනම් අනිවා මෙයිසි කියන්නෙ ඒකෙ මේන් කැරැක්ටර් එකක්. මේ තුන්දෙනා මේ බලාගෙන ඉන්නෙ Dromaeosauridae වර්ගයේ ඩයිනෝ කෙන්ක් දිහා වෙන්න පුළුවන්. Velociraptor, Atrociraptor, Pyroraptor වගේ ඩයිනෝල අයිතිවෙන ෆැමිලි එක තමා Dromaeosauridae කියන්නෙ. මේ ජාතියෙ ඩයිනෝල කොච්චර ඩයිනෝලා කොච්චර දරුණුද කියලා කියන්න ඕනෙ නෑනෙ. සරලවම අපිව මරාගෙන කන්න ඉපදිච්ච එවුන්. එහෙම ඩයිනෝ කෙනෙක්ට ස්පැනර් එකෙන් ගහන්න ඉන්න එකනම් මරු අයිරොනිය.


මෙච්චර කාලෙකට ආව හැම ට්‍රේලර් එකක වගේම සුපිරිම ශොට් එක තියෙන්නෙ අන්තිමට. සෙට් එකම එකට පෙන්නන පලවෙනි ශොට් එක. ඔතන Don’t move කියන තැනනම් මරු. එතන Kayla ගෙ face expression එක දිහා බලන්නකො. “Dude seriously? කියනව වගේ පෙනුමක් තියෙන්නෙ. පිටිපස්සෙ විනාසවෙලා ඇත්තෙ මුලින් පෙන්නපු facility එක. මේක තමා ෆිල්ම් එකේ මනී ශොට් එක. NWH එකේ ඇන්ඩෘ, ටෝබි, ටොම් තුන් දෙනාගෙම ස්පයිඩිලා එකට ඉන්න ශොට් එක මතකනේ, ආයේ එන්ඩ්ගේම් එකේ ඇවෙන්ජර්ස් ඇසැම්බල් ශොට් එක මතකනේ. ඒ වගේ එපික් ශොට් වලට තමා ෆිල්ම් එකක මනී ශොට් එක කියන්නේ. මේවා සෑහෙන්න ප්ලෑන් කරලා ගන්න ඒවා. ඉතිං අනිවාර්යයෙන් මේක ෆිල්ම් එකේ ක්ලයිමැක්ස් සීන් එකක් වෙන්න පුලුවන්


ඒකත් එක්කම ඊළඟට එන කෙනා තමා තිබ්බ හොඳම ස්ප්‍රයිස් එක. A freaking Giganatosaurus. මේ ශොට් එක දකිද්දිනම් මට මතක් උනේ JW ෆිල්ම් එකේ ඉන්ඩොමිනස් ට රැප්ටර්ලව හම්බවෙන ශොට් එක. සමහරවිට මේකෙන් පෙන්නන්න හදල ඇත්තෙ ඉන්ඩොමිනස් තරමටම Giganatosaurus ත් ලොකු threat එකක් කියල වෙන්න ඇති. ඉන්ඩොමිනස් ව හදන්න Giga ගෙ DNA ත් යූස් කරල තියෙනව. හරියට බැලුවොත් රෙක්සිගෙ පතාගෙන ආව හතුරා තමා Giga කියන්නෙ. JP Franchise එකේ ඇතිවෙන ලොකුම battle එක මේ දෙන්නා අතර ඇතිවේවි.  T-rex vs Giganatosaurus rematch එකක් බලන්න ආසාවෙන් ඉන්න අයනම් මේකට කෑගහන්න ඇති. (මාත් ඇතුළුව). ඒක නිසා කොහොමත් T-rex vs Giganatosaurus  Battle එකක් අනිවාර්යයෙන්ම ෆිල්ම් එකේ ඇති. එතකම් ඉතින් අපිට කියන්න වෙන්නෙ “At your service my lord” කියලා තමා.

මේ ට්‍රේලර් එකේ පෙන්නලා තියෙන වැදගත් පොයින්ට් එකක් තමයි අපි අනික් ජුරසික් පාර්ක්/වර්ල්ඩ් ෆිල්ම් එකේ ට්‍රොපිකල් දේශගුණයක ඉන්නවා දැකපු ඩයිනො ලා ඩොමිනියන් එකේදි හිම තියෙන සීතල දේශගුණයෙත් ඉන්න එක. සාමාන්‍යයෙන් අපි ගොඩක් අය හිතන් ඉන්නේ ඩයිනෝ ලා කියන්නේ ඒ කාලේ හිටපු කටුස්සෝ නැත්නම් ලිසාර්ඩ්ස් ලා කියලා. හැබැයි ඇත්තට බැලුවොත් ඩයිනො ලට ලිසාර්ඩ්ස් ලගේ ලක්ෂණ වලට අමතරව කුරුල්ලන්ගේ ලක්ෂණත් තියෙනවා. සාමාන්‍යයෙන් ලිසාර්ඩ්ස් ලට අධික සීතලක් තියෙන දේශගුණයක ඇක්ටිව් ඉන්න බැහැ. කොහේටහරි වෙලා හයිබනේට් කරන එක තමා ඉන්න අය කරන්නේ. නැත්නම් බොඩි ටෙම්පරේචර් එක බැහැලා ෆ්‍රීස් වෙනවා. මොකද ලිසාර්ඩ්ස් ලගේ ඇඟේ අපිට තියෙනවා වගේ දේශගුණයේ උෂ්ණත්වය අඩුවෙනකොට හරි වැඩිවෙනකොට දේහයේ උෂ්ණත්වය නියතව තියාගන්න හැකියාවක් තියෙන සිස්ටම් එකක් නැහැ. ඒ කියන්නේ පරිසරයේ උෂ්ණත්වයමයි ලිසාර්ඩ්ස් ලගේ දේහයෙත් තියෙන්නේ. හැබැයි අපිට සහ කුරුල්ලන්ට දේශගුණය අනුව වෙනස් නොවෙන විදිහට උෂ්ණත්වයක් දේහයේ තියාගන්න පුළුවන්. මේ ට්‍රේලර් එකේ ඩයිනො ලා පෙනෙන විදිහට කිසි අවුලක් නැතුව හිමේ ඉන්නවා කියන එකෙන් ඒ ඩයිනෝ ලාට කුරුල්ලන්ගේ ලක්ෂණ තියෙනවා කියලා පෙන්නලා දීලා තියෙනවා. ඒක සෑහෙන වැදගත් සයන්ටිෆික් පොයින්ට් එකක්.

ඔන්න එහෙනම් මේ ට්‍රේලර් එක පුරාවටම අපි දැක්ක ඩයිනෝලගෙ නම් ටික තමා දැන් මේ කියන්න යන්නේ. ඩයිනෝ නර්ඩ් කෙනෙක් වෙන්නනම් මේ ටික දැනගන්නම ඕනි 👇

Parasaurolophus

Apatosaurus

Velociraptor

Mosasaurus

Tyrannosaurus Rex

Therizinosaurus

Pyroraptor

Atrociraptor

වම්පැත්තේ Carnotaurus දකුණු  පැත්තේ Allosaurus

Quetzalcoatlus

Pteranodon

Nasutoceratops

Dilophosaurus

Giganotosaurus

ඔය විදියට මලින්දගෙයි, ටිකිරිගෙයි විස්තර ටික ඉවර වෙනවා. දැන් මං (සනිදු) කල්පනා කලේ ෆ්‍රැන්චයිස් එක ගැන විස්තර ටිකක් කියන්න. ඒ සේරම මේකේ කියන්න බෑ. ඒ නිසා NWH එකට ගෙනාවා වගේ ඩොමීනියන් එක රිලීස් වෙන්න කිට්ටු කරලා ජුරාසික් ෆ්‍රැන්චයිස් එක ගැනත් සුපිරිම ආටිකල් එකක් අරන් එන්නම්. දැනට මෙහෙම පොඩි විස්තර ටිකක් කියන්නම්.

ජුරාසික් පාක් ලයිව් ඇක්ශන් ෆ්‍රැන්චයිස් එක පටන් ගත්තේ ස්ටීවන් ස්පිල්බර්ග් මහත්තයා. පළවෙනි ෆිල්ම් දෙකම එයාගේ.



ඊට පස්සේ ජුරාසික් පාර්ක් 3 එක කලේ වෙන ඩිරෙක්ටර් කෙනෙක්. සම්පූර්ණම ෆ්‍රැන්චයිස් එකේ තිබ්බ පර්පස් එක වෙනස් වුනා ඒ ෆිල්ම් එකෙන්. මං හිතන්නේ දැනට නිර්මාණය වුන අසාර්ථකම ෆිල්ම් එක තමා ඒ. ඊට පස්සේ 2015දී රිලීස් වෙනවා ජුරාසික් වර්ල්ඩ් ෆිල්ම් එක. මේක අධ්‍යක්ෂණය කරන්නේ කොලින් ට්‍රෙවර්.


කොලින් බොස් කියන්නේ හොද ඩයිනෝ නර්ඩ් කෙනෙක්. ගොඩක් අය හිතුවේ ජුරාසික් වර්ල්ඩ් එක කොලින් බොස් අනාගනී කියලා. හැබැයි ඒ වැඩේ සෑහෙන්න සාර්ථකව කරන්න කොලින් බොස්ට පුලුවන් වුන. නිකන් නෙමේ, ඇ.ඩො බිලියන 1.6ක බොක්ස් ඔෆීස් ආදායමක් පවා හෙව්වා. ඊලග ෆෝලන් කින්ඩම් එක. මේක අධ්‍යක්ෂණය කලේ 
කොලින් බොස් නෙමේ. ඒ නිසාමදෝ මංදා මේක නිකන් අවුට් ඔෆ් ෆ්ලෝ වගේ සීන් එකක් පර්සනලි මට තේරුනා. හැබැයි ට්‍රිලොජියක් ඇතුලේ කන්ටිනිව් වෙන කතාවක් විදියට සාර්ථකයි. මේකත් ඇ.ඩො බිලියන 1.3ක බොක්ස් ඔෆීස් ආදායමක් හෙව්වා. එකම ෆ්‍රැන්චයිස් එකේ ෆිල්ම් දෙකක් එක ලග බිලියන් ඩොලර්ස් හොයනවා කියන්නේ ලේසි වැඩක් නෙමේ. එතනින්ම හිතාගන්න ජුරාසික් ෆ්‍රැන්චයිස් එකට කොච්චර ෆෑන්බේස් එකක් ඉන්නවද කියලා. දෙයියනේ කියලා ඒකත් මෙහේ නෑ. මෙහේ ඔස්කාර් නොමිනේශන් නිව්ස් එක දාන්නෙත් මාර්වල් එකක් නොමිනේට් වෙලා තිබ්බොත් විතරයි. ඇයි ඉතිං පස්ස උඩ දාන් ශෙයා කරන්නේ, ලයික් කරන්නේ ඒවට විතරනේ 😂 දූපතක් අස්සේ කොටු වෙලා ඒකෙත් එකම කන්ටෙන් ටිකට කොටු වෙච්ච මිනිස්සු.. ඩයිවර්සිටි එක සෘණ 😒

ඔය දෙකට පස්සේ ජුරාසික් වර්ල්ඩ් ෆ්‍රැන්චයිස් එක අවසාන කරමින් තමා ඩොමීනියන් ෆිල්ම් එක එනවුස් කලේ. හැබැයි මේකේ ප්‍රඩක්ශන් වලට සෑහෙන්න ප්‍රශ්න වුනා පැන්ඩමික් එක නිසා. පැන්ඩමික් එකට පිංසිද්ද වෙන්න වැඩිම අමතර වියදමක් දරලා නිශ්පාදනය කරපු ෆිල්ම් එක තමා මේ. මේකේ ප්‍රඩක්ශන් එකට තමා කොවිඩ් ටෙස්ට්ස් එහෙම වැඩිම කරලා තිබ්බේ. සරලව කිව්වොත් පුදුම කට්ටක් කලා ෆිනිශ් කරපු ෆිල්ම් එකක් මේ. ඔය සේරටම පස්සේ මේ පාර වින්ටර් ඔලිම්පික් එක අල්ලලා ෆිල්ම් එකට හෙන ලස්සන ප්‍රමෝශන් ටිකක් දුන්නා. ඒකටත් ඇ.ඩො මිලියන 50ක් වියදම් කරලා තිබ්බා. ලේසි නෑ.. මෑතකාලීනව මං දැක්ක හොදම ප්‍රමෝශන් ටිකක් තමා ඒ. ඒ වගේම මේ ෆිල්ම් එකට Animatronics (යන්ත්‍රානුසාරයෙන්) යූස් කරලා ඩයිනෝලව නිර්මාණය කරලා තිබ්බා.


මුල්ම කාලේ ජුරාසික් පාර්ක් ෆිල්ම්ස් හැදුනෙත් එහෙමයි. ඒ වගේම ජුරාසික් වර්ල්ඩ් ෆ්‍රැන්චයිස් එකේ මං දැක්ක ලොකුම අඩුවක් තමා සයිස් කම්පැරිසම් එක. ඔය ගැන ඉස්සරහට ගේන ලිපියේ හොදටම කතා කරමු. සරලව කිව්වොත් ඩයිනෝ කෙනෙක්ගේ විශාලත්වය අපිට ෆීල් කරවන්න කලින් ආව ෆිල්ම් දෙකම අසමත් වුනා. හැබැයි ඒ පැත්තෙනුත් මේක ඉස්සරහට ඇවිත් තියේ. ඔය සේරම අතරේ ඔරිජනල් ජුරාසික් පාර්ක් කාස්ට් එකත් මේකේ ඉන්නවා.

ජෙෆ් ගෝල්ඩ්බල්ම් (ඉයන් මැල්කම්), සෑම් නීල් (ඇලන් ග්‍රාන්ට්), ලෝරා ඩර්න් (එලී සැට්ලර්)

මං හිතන්නේ නෑ මේ ලිපිය කියවන කිසිම කෙනෙක් ඔය තුන් දෙනා හිටිය ජුරාසික් පාර්ක් ෆිල්ම්ස් බිග් ස්ක්‍රීන් එකේ බලලා ඇති කියලා. ඉතිං ඒ ලෙජෙන්ඩස්ලා තුන් දෙනාව අලුත් කාස්ට් එකත් එක්කම අපිට බිග් ස්ක්‍රීන් එකේ බලන්න පුලුවන්. 

ඊලග කරාණාව තමා නෙට්ෆ්ලික්ස් එකෙන් ආව Jurassic World: Camp Cretaceous සීරීස් එක. මේක ෆිල්ම්ස් වලට ඩිරෙක්ට් සම්න්බන්ද නෑ. හැබැයි අපි රෙකමන්ඩ් කරන්නේ ඩොමීනියන් එක බලන්න කලින් ඔය සීරීස් එකත් බලන්න කියලා.



විනාඩි 20 එපිසෝඩ් තියෙන්නේ සීසන් 4ම. සති දෙකෙන් බලතැකි කොහොම බැලුවත්.. ඒ සීරීස් එක වගේම කලින් ෆිල්ම්ස් 5ම (Jurassic Park , Jurassic World) අනිවාර්යයෙන් බලලා මේක බලන්න ලෑස්ති වෙන්න. මේ තියෙන්නේ එපික් එන්ඩින් එකක්. ඔයාලට තේරෙන විදියට කිව්වොත් ඇවෙන්ජර්ස් එන්ඩ්ගේම් ලෙවල් එකේ එන්ඩින් එකක්. 

එහෙනම් ලිපිය තව දික් කරන්නේ නැතුව මෙතනින් කතාව නතර කරන්නම්. කොහොමත් ඉස්සරහට ජුරාසික් ආටිකල් කීපයක් වැටෙයි සයිට් එකෙන්. ටච් එකේ ඉන්න.. ෆිල්ම් එක රිලීස් වෙන්න කිට්ටු කරලා ෆ්‍රැන්චයිස් එකේ අග ඉදන් මුලට සුපිරිම ලිපියක් අරන් එන්නම්.

Jurassic World: Dominion Official Poster


ආපහු දවසක මුණගැහෙන්න බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ස්තූතියි..!


ලිපි නිර්මාණය හා අදහස - මලින්ද බණ්ඩාර, ටිකිරි වනිගසූරිය, සනිදු ලක්ඛිත


Jurassic World Dominion | Official Trailer [4K]

Post a Comment (0)
Previous Post Next Post