DC ඉතිහාසයේ ලොකුම Event එක !


ඊයෙ DC ලා තමන්ගෙ අලුත්ම Crisis Event එක Announce කරලා තියනවා Dark Crisis නමින්.

1985-86 කාලෙදි ආව DC ලගෙ පලවෙනි Crisis event එක උන Crisis on infinite Earthes වලදි Infinite Multiverse එක විනාශ වෙනවා.Pariah කියන Scientist ගෙ Home World එකත් විනාශ වෙනවා.හැබැයි අපි Infinite Frontier series එකේ අන්තිමට දැක්කාවගේ Pariah ජීවත් වෙනවා.මේකෙදි Pariah, Infinite Multiverse එක ආයෙ Restore කරන්න හදනවා.(Infinite Frontier එකේ දැක්කනෙ Crisis on infinite Earthes එකේ විනාශ උන Multiverse එක DC ලගෙ දැන් තියන Multiverse එකට පිටතින් තියනවා කියලා) කොහොම උනත් මේ Process එකේදි Infinite Crisis එකේදි හැදුන එදා ඉදන් DC ලගෙ හැම ලොකු සිද්දියක්ම උන Earth-0 එක විනාශ වේවි?! Pariah මේක කරන්න Infinite Frontier වල වගේම Justice Incarnate සීරීස් වල tease කරපු Great Darkness එක පාවිච්චි කරාවි! මතක තියාගන්න මේක අවුරුදු 30ට වඩා වැඩි ගණනක් තිස්සෙ තිබුන DC ලගෙ Organized Multiverse එකේ ලොකුම වෙනස්වීම වෙන්න පුලුවන්.


කලින් දවසක News එකකට කිව්වානෙ Death of the Justice League එකේදි(Justice League #75) Justice League එකේ ගොඩක් මෙම්බර්ස්ලා මැරෙනවා කියලා DC ලා announce කරා කියලා.Dark Crisis එක සෘජුවම Death of the Justice League එකට සම්බන්ධ වෙනවා.

Death of the Justice League එකයි Dark Crisis එකයි සම්බන්ධ කරන්න One Shot කොමික් දෙකක් එනවා.ඒකෙන් මුල්ම එක තමා Dark Crisis #0. මේකෙදි Justice League එකේ Legacy එක , කලින් Battle වලදි fight කරපු විදිහ වගේ දේවල් ලොකුවට Focus කරයි.මේක Free Comic Book Day වලදි(මැයි 7)  Free ගන්න පුලුවන් වේවි.
ඒකට පස්සෙ Justice League : Road to Dark Crisis #1 තියනවා.මේකෙදි පෙන්නයි Justice League එකෙ Lost එකෙන් පස්සෙ ලෝකය ගැන.මිනිස්සු කොහොම මේ Lost එකට React කරයිද ? අනික් Heroes ලා මොනවා කරයිද? වගේ දේවල්.මැයි 31 වෙනිදා Realese කරනවා කියලා තමා දැනට තියෙන්නෙ.
ඊට පස්සෙ 2022 ජූනි මාසෙදි issues හතක් තියන Dark Crisis Series එකේ පලවෙනි issue එක රිලීස් වේවි.එතන ඉදන් මාසකට එක issue එක ගානෙ මාස 7ක් අඩුම මේ Series එක Realese වේවි.තවම හරියටම දන්නෙ නෑ ඔය මාස හතේදි තව තව tie ins වගේ දේවල් එයිද කියන එක.


Dark Crisis එකේ Writer වෙන්නෙ Justice Incarnate ලියපු Joshua Willamson ම තමා.Wilamson කියන විදිහට නම් Justice League එක මූලික කරගත්ත DC වල Legacy එක ගැන Dark Crisis වලදි ලොකුවට පෙන්නයි.Heroes ලගෙ පරණ වගේම අලුත් ජෙනරේෂන් එක ගැනත් ගොඩක් දේවල් පෙන්නාවි.


Dark Crisis කියවන්න ඉන්නවා නම් ඊට කලින් මේ පහල තියන ටික කියවන්න.
Infinite Frontier #0-6
Justice Incarnate
Death of the Justice League
Dark Crisis #0
Justice League : Road to Dark Crisis #1

මේ සේරම නෙවෙයි.Dark Crisis එක ජූනි වල එද්දි මේ සේරම Realese වෙලා තියෙයි (infinite Frontier නම් ඇවිත් ඉවරයි).Dark Crisis ලේසින් තේරුම් ගන්න වගේම හොදටම රසවිදින්න නම් අඩුම ඔය උඩ තියන ටික කියවන්න.

Post a Comment (0)
Previous Post Next Post