වික්ටෝරියානු යුගයේ විජානකයෝ | The Nevers TV Series Overview


ටයිටල් එක දැක්ක ගමන් රෝද පුටුවක ඉඳන් හිත කියෝන මිනිහෙක්ව මතක් වුනාද?.. අත් දෙකෙන් උල් එන මිනිහෙක් මතක් වුනාද?..ලෝකෙ තියෙන ඕන ලෝහයක් පාලනය කරන්න පුලුවන් මිනිහෙක් මතක් වුනාද? එහෙනම් එන්නකෝ හොඳ කතන්දරයක් කියන්න....

HBO එකෙන් එන සීරීස් එකක් කියලා කිව්වම අපි එයාලගෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා නේද? මීට කලින් ආපු HBO සීරීස් එක්ක අපි නිකන් හිතනවා තව HBO සීරීස් එකක් කියද්දි ඒ මට්ටමට හරි ඊට වඩා හරි දෙයක් සීරීස් එකෙන් අපිට දෙයි කියලා... කතා දෙකක් නෑ මේ සීරීස් එකත් අන්න ඒ HBO කොලිටිය තියෙන සීරීස් එකක්.

මිනි සීරීස් එකක් කියන්නෙ මොකද්ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. අඩු එපිගානකින් ලොකු දෙයක් දෙන්න හදන කැටගරියක් විදිහට තමා මම මිනි සීරීස් දකින්නෙ. මීට කලින් HBO එකෙන් ම ආපු Sharp Objects සහ Mare of Easttown කියන්නෙ අන්න එහෙම සීරීස් දෙකක්. තාම ඔයා ඒ දෙක බලලා නැද්ද? එහෙනම් ගිහින් IMDB රේට් ගාන බලන්නකෝ. ආයෙ ඒ සීරීස් දෙකේ මේන් ඇක්ට්‍රස් කවුද කියලා බලන්නකෝ ඊට පස්සෙ ඒ දෙක ඔයා අනිවා බලයි.

සීරීස් එක ගැන කතාකරන්න කලින් දේවල් දෙකක් තියෙනවා කතා කරන්න. සමහර විට මේ දෙක ගැන කිව්වම සමහර අය මෙතනින් එහා කියෝන එකකුත් නෑ. මේ සීරීස් එක බලන එකකුත් නෑ. ඒත් කරන්න දෙයක් නෑ. පවට පින දෙන්න බෑ වගෙ බලන්න බැයි නම් මොනා කරන්නද ඉතින්😂.

පලවෙනි දේ තමා මේ සීරීස් එක නිර්මාණය කරන්නෙ ජොස් වීඩන්.


වීඩන් බොස් කියන්නෙ ඉතින් ගොඩක් අය හේට් කරන කැරැක්ටර් එකක්. මිනිහා ළඟදිත් ගැල් ගෙ ඉංග්‍රීසි ගැන කියලා ආයෙ නාගත්තනෙ. එව්වා ඔක්කොම පැත්තකින් තිබ්බම පොර හොඳ ඩිරෙක්ටර් කෙනෙක්. කවුරුහරි එහෙම නෑ කියනවනම් ඒ කියන්නෙ ජස්ටිස් ලීග් බලලා නම් ඒක සම්පූර්ණයෙන් වැරදී. මොකද එතනදි වීඩන් තමන්ට දුන්නු රාජකාරිය අකුරටම ඉෂ්ඨ කලා.එතන වැරැද්ද කලේ WB එක. ඒ වෙන ඩිරෙක්ට කෙනෙක්ගෙ වැඩක් සම්පූර්ණ කරන්න වෙන ඩිරෙක්ටර් කෙනෙක් ගත්තු එක. ඒක හරියට ලියනාඩො ගෙ බාගෙට ඇඳපු චිත්‍රයක් පිකාසෝට සම්පුර්ණ කරන්න කිව්වා වගෙ වැඩක්. වීඩන් තමන්ගෙ ශිල්ප ටික දාලා වැඩේ කලා. එතකොට ඒක වෙනම විකාරයක් වුනෙ. කොහොම හරි ඔය සිද්ධිය නිසා අපි මෙ කතා කරන The Nevers සීරීස් එකෙන් අයින් වෙන්නත් වීඩන්ට සිද්ධ වුනා. මොකද ඔය කාලෙ තමා රේ ෆිෂර් ලා සහ ගොඩක් අය වීඩන්ට විරුද්ධව නැගිට්ටේ. ඒ කියන්නෙ Zsjl එක එනවා කිව්ව කාලේ. නිකමට හිතලා බලන්න තමන් හිතලා හදපු සීරීස් එකෙන් තමන්ට අයින් වෙන්න වෙනවා කියලා කියන්නෙ..කෝමට ඇද්ද ඒක. සරලවම කිව්වොත් ඔය ජොස්ටික් ලීග් කතන්දරේ නිසා වීඩන්ට තමන්ගෙ මුලු කරියර් එකම නැති වෙලා ගියා. මෙව්වා මෙ කිව්වෙ වීඩන් කරපු ඔක්කොම හරි කියන්න නෙමෙ ඒ මනුස්සයගෙත් වැරදි තිබ්බා හැබැයි වුන දේ පව්. අනික ඒක හේතුවක් කරන් නම් මේක බලන් නැතුව ඉන්න එපා.

එතකොට කලින් කිව්ව දෙවැනි කාරණාව තමා ස්ත්‍රීවාදය(ෆෙමිනිසම්). ඔන්න ඔන්න කට්ටියගෙ පුරුෂාධිපත්‍ය නැමැති යක්ෂයා ආරූඪ වෙන්න යන්නෙ😂. ඒකට ඉතින් මට මුකුත් කියන්න බෑ. පීතෘ මූලික සමාජයක හැදුන අයගෙන් ඉතින් වෙන මොකක් බලාපොරොත්තු වෙන්නද? මේ සීරීස් එකෙ කතා නායකයා එහෙම නැත්නම් අපි Protoginst කියලා කියන්නෙ ආන් එයා ගෑනු කෙනෙක්. එතකොට එයාගෙ Antagonist විදිහට ඉන්නෙත් ගෑනු කෙනෙක්. ( ඒ තැනට නම් පිරිමි කීපදෙනෙකුත් ඉන්නවා)  මට නම් හැබැයි ඔය කිසි එකක් සීරීස් එක බලන එකට ගැටලුවක් වුනෙ නෑ. පලවෙනි එපියෙන් ම සීරීස් එක සුපිරියටම සෙට් වුනා. ඉතින් ඔය පුරුෂාධිපත්‍ය කට්ටියට මම කියන්නෙ පලවෙනි එපිය බලන්නකෝ. ඒ ඇති සීරීස් එක බලන්න.

එහෙනම් දැන් යමු අපි කතාව මොන වගේද බලන්න...

මේක කලින්ම කිව්වා වගෙ දහනවවැනි ශතවර්ශෙදි වෙන දෙයක්. එක්තරා දවසක අහසින් අමුතු සත්ත්වයෙක් එනවා. මේ සත්ත්වයගෙන් එන දිලිසෙන අංශු වගෙ දෙයක් එංගලන්තෙ සමහර මිනිස්සුන්ට වැටෙනවා. මෙන්න මේක හරහා ඒ මිනිස්සුන්ට විවිධාකාර හැකියාවන් හම්බෙනවා. අපෙ කතාව පටන් ගන්නෙ මේ සිද්ධියෙන් අවුරුදු තුනකට පස්සෙ. මෙ වෙද්දි අර මිනිස්සුන්ව හඳුන්වන්නෙ The touched විදිහට. ඒ කියන්නෙ ස්පර්ශය ලද්දවුන් විදිහට. මෙතන තියෙන විශේෂම කාරණාව තමා මේ ස්පර්ශ වෙච්ච බහුතරය ගෑනු උදවිය. සුලුතරයක් තමා පිරිමි ඉන්නෙ. මේ අය ගොඩක් ගෑනු වීම නිස වික්ටෝරියානු යුගයෙදි සමාජයෙ බලය අල්ලන් හිටපු පිරිමින්ට මේක මරු පහරක් වෙනවා. ඒක නිසා ගොඩක් අය මෙ ස්පර්ශ වෙච්ච අයව අල්ලගන්න හදනවා. මේ කාලෙදි මේ ස්පර්ශ වුන අයව බේරගන්න රදළ කාන්තාවක් හරහා එක්තරා තරුණ කාන්තාවක් අනාත නිවාසයක් ආරම්භ කරනවා. මේ තමා අපෙ ප්‍රධාන කතා නායිකාව අමාලියා ටෲ. මෙයාට රංගනයෙන් දායක වෙන්නෙ Laura Donnelly.


මෙයාට තියෙන හැකියාව මොකද්ද කියලා හිතනවා ඇති නෙහ්. මෙයාට පුලුවන් අනාගතය දකින්න. ඒක හරි විධිමත් විදිහකට වෙන එකක් නම් නෙමෙ. එකපාර එයාට පේන්න ගන්නවා එයා ඊළඟ ඕනම මොහොතක ඉන්න තැනක්. මේක තත්පර ගානකින් සිද්ධ වෙන දෙයක්. සීරීස් එක බලද්දි ලස්සනට මේක පැහැදිලි වෙයි. මෙ අනාත නිවාසෙ එක එක හැකියා තියෙන ගොඩක් අය ඉන්නවා. මෙ අතරෙ මෙ ස්පර්ශය ලද්දවුන් සමාජයෙ යම්කිසි බලයක් ගන්න එක නවත්තන්න කෙනෙක් ඉන්නවා. මෙයා මේ සීරීස් එකෙ සෑහෙන ලොකු රෝල් එකක් කරනවා සහ ඉස්සරහට කරාවී. ඒ තමා ගිල්බට් මැසන් සාමි. මෙයාට රංගනයෙන් දායක වෙන්නෙ Pip Torrens.


ඊට අමතරව මේකෙ Antagonist රෝල් එක කරන්නෙ Amy Manson.


මෙයා කරන්නෙ මැලඩිගෙ කැරැක්ටර් එක. මැලඩි කියන්නෙ කවුද ඇහුවොත් කියන්න වෙන්නෙ පිස්සුවක් කියලා. මෙයා තනිකර නිකන් ජෝකර් වගෙ. එහෙම කියන එක තමා මෙයාව හඳුන්වන්න දෙන්න පුලුවන් හොඳම උදාහරණය. මෙයා ගැන මුකුත්ම මම කියන්නෑ ඔයාලම මෙයාව මුල අඳුරගන්න ඕනෙ නිසා.

දැන් මේ කිව්ව දේවල් එක්ක කතාව ටිකක් තේරෙන්න ඇතිනෙ. බලන් යන්නකෝ කතාව ඔයාලා කිසිම විදිහකින් නොහිතන පැති වලට හැරෙවෙන්නෙ. මේකෙදි ඔයාලට plot twist දෙකකකට මූණ දෙන්න සිද්ධ වෙයි. ආයෙ ඒ දෙක දෙනවා "හික්" ගෑවෙන්නම. බලන්නකො. මේකෙ ෆයිනල් එපිය ඒ කියන්නෙ හයවැනි එපිය පටන් ගන්නෙම ප්‍රේක්ෂකයා ව කොන්ෆියුස් උන්ගා බුන්ගා කරලා. මම ඒ එපිය පටන් ගද්දි හිතුවෙම මෙ වෙන සීරීස් එකක එපියක් එක්ක පැටලිලා දෝ කියලා. ඒ තරමට උන්ගා බුන්ගා ඒ එපිය.

කියන්න ඕනෙ විශේෂම කාරණාව තමා ඔයාලා මේක බලද්දි psarips එකම බලන්න. එහෙම කියන්නෙ මම බැලුවෙ ඒක. ඒකෙ අන්තිමට ඒ එපියෙ විශේෂ සීන් එකක් හැදුවෙ කොහොමද කින්ද මන්ද කියලා ඩිරෙක්ටර්,නලුනිළියො,vfx ආර්ටිස්ට් ලා සේරම කතා කරනවා. සාමාන්‍යයෙන් hbo සීරීස් එකක ඕක දකින්න පුලුවන්. Psarips ම ගන්න කියන්නෙ ඒකෙ ඕක තියෙන නිසා. අනිත් රිප් වල තියෙනවද දන්නෑනෙ. ඒ behind the scene එක අනිවා බලන්න ඕනෙ එකක්. සීරීස් එකෙ එක සීන් එකක් තියෙනවා මගෙ ෆේවරිට්ම සීන් එකත් ඒක, ඒකට කියන්නෙ walking on the water කියලා, ඒක කරපු හැටි එහෙම පට්ටම පට්ට. ඒකෙ වතුර උඩ කරන ෆයිට් එකක් තියෙන්නෙ.(ඔව් ඔව් ලිටරලි වතුර උඩ😁හිටගෙන🌚).

මෙන්න මෙච්චරයි ඉතින් කියන්න තියෙන්නෙ. පහලින් ට්‍රේලර් එකත් දාලා ඇති. ඒකත් බලන්න බලලා සීරීස් එක බලන්න ගන්න. මෙව්වා ඉතින් මිස් කරගන්න එක හරිම අපරාදයක්. ඒ වගේම මේකෙ season 2 මේ අවුරුද්දේ එන්න පුලුවන්. Hbo එකෙන් ඉස්සරහට එන්න සීරීස් ගැන දාපු පොඩි ක්ලිප්  එකක මේකත් තිබ්බා. ඒ කියන්නෙ අනිවා කෝමත් මේකෙ s2 එනවා. ඒකෙ තම සුපිරිම සෙල්ලම් ටික තියෙන්නෙ.

එහෙනම් ගිහින් එන්නම්. තව ලිපියකින් හමුවෙමු.

සුබ දවසක්...!

Post a Comment (0)
Previous Post Next Post