මාර්වල් විශ්වයේ මූන් නයිට්ගේ ආගමනය | Moon Knight Trailer Breakdown

What’s up y’all Moon Knight

පලවෙනි ට්‍රේලර් එකේ බ්‍රේක්ඩවුන් එක අරගෙන ආවේ. ඊයෙ රෑ ඉඳන් නිදිමරාගෙන හිටියනෙ එනකම්. වැඩි කතා නැතුව යමු බ්‍රේක්ඩවුන් එකට. මේකෙ කියන් දේවල් ටිකක් තේරුම්ගන්න මාරුවෙයි අර Multi Personality Disorder කේස් එක නිසා. ඒක හින්දා හොද අවධානයෙන් කියවගෙන යං.


ට්‍රේලර් එක පටන්ගන්නෙ මාක් නිදාගෙන ඉන්න තැනකෛන්. පසුබිමෙන් යන්නේ Day and Knight කියන සිංදුව. මේකෙ තේරුම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. Moon Knight කියන්නෙම රෑ ඩැනියෙල් දවල් මිගෙල් වගේ චරිතයක්. රෑට vigilante කෙනෙක් දවල්ට සාමාන්‍ය මනුස්සයෙක්.

මෙතන expressions වල හැටියටනම් මේ ඉන්නේ Stephen කියන පර්සනැලිටි එක. දන්නවනෙ මූන් නයිට් කියන්නෙ Multi personality Disorder එකකින් පෙලෙන කෙනෙක්. සරලව කිව්වොත් මෙතනදි වෙන්නෙ එක මනුස්සයෙක් ඇතුලෙ මිනිස්සු කීප දෙනෙක් ජීවත් වෙනවා වගේ වැඩක්. නෝ වේ හෝම් බැලුවනෙ. මතකනෙ ග්‍රීන් ගොබ්ලින්ව. නෝර්මන් ඔස්බෝන් කියන්නෙ එක පර්සනැලිටි එකක්. අනිත් එක ගොබ්ලින්. ඕක තවත් පැහැදිලි කරග්ගන් ඕනෙනම් Split (2017) බලන්න. ඕකෙ ගානට විස්තර කරල තියෙනවා මේ වැඩේ. පුද්ගලිකව මම ආසයි ඩැෆෝගේ ගොබ්ලින්ව MCU එකට ගෙනාව එකට. දැන් එකපාරට මේ වගේ මල්ටිපර්සනැළිටි කේස් එකක් ගෙනාව ගමන් පැටලෙනවනෙ ඕනෙ කෙනෙක්ට. ඊට වඩා හොඳයි අර වගේ සරල දෙයකින් ෆෑන්ස්ලාට හෘකරවන එක.

ස්ටීවන් කියන හැටියට එයාට sleeping disorder එකක් තියෙනවා. ඇත්තටම මෙතනදි වෙන්නෙ එයා දන්නෙ නෑ Multi personality Disorder එක ගැන. එයා හිතන්නෙ මේක නිදාගන්න බැරි අවුලක් කියලා. මොකද මෙයාගෙ අනිත් පර්සනැල්ටි වැඩකරන හැටි මෙයා දන්නෙ නෑ. සරලව කිව්වොත් මෙයා යනව ඇඳට. එතනදි පර්සනැලිටි එක මාරුවෙනවා. එතනදි මොනාහරිවෙනවා. පස්සෙ මෙයා දන්නෙ නිදාගන්නෙ නැතුවම උදේවෙලා කියලා. මොකද සමහරවෙලාවට මේ පර්සනැලිටි ටික එකකට එකක් අඳුරන්නෙ නෑ. Split බැලුවනම් මතක ඇති ඒකෙ අර එක එක පර්සනැලිටි එකට වෙන වෙනම ලොග් තියාගෙන ඉන්නෙ කම්පියුටර් එකේ. ඒ ඒ පර්සනැලිටි එක දවසෙ කරන වැඩ ටික ඒකට දානවා.

ඔය කකුල බැදල තියෙන්නෙ නින්දෙන් ඇවිදින නිසා වෙන්න ඇති. (ස්ටීවන් හිතන හැටියට)

 



ඔය තියෙන්නෙ මං කියපු එක. මේ පර්සනැලිටි එක දන්නෙ නෑ කකුල බැඳල කියලා. මෙතන ඇඳුමත් වෙනස්. එක්කො මේ වෙන scene එකක්. නැත්තම් නිදාගන්න අතරතුරේදි මොනාහරි ජල්තරයක් වෙලා.



Marvel logo එක දාන්නෙත් අමුතු විදිහට. ලෝගෝ එක කරකවන ගමන් ටික් ටික් සද්දයක් දානවා. මේ කියන්න හදන්නෙ Multi personality Disorder එක ගැන වෙන්න ඇති. ලෝගෝ එක කරකවන එකෙන් කියන්නෙ පර්සනැලිටි ටික වටේට මාරුවෙනා කියල. ටික් ටික් සද්දෙන් කියන්නෙ එක පර්සනැලිටි එකක් නොහිත වෙලාවක මාරුවෙන හැටියට වෙන්න ඇති. අන්තිමට මේ වගේ ඔරලෝසු කරකැවිල්ලක් තිබ්බ ට්‍රේලර් එක කියන්ට බලන්න.

 



මේ ශොට් එකේ පසුබිමෙන් කියන්නෙ “staying night. In my mind”  කියලා. මේ කියන්නෙ Moon Knight ට. (අපි දන්නෙ නෑනෙ තාම මේ පර්සනැලිටි කීයක් තියෙනවද සහ ඒව බෙදිල තියෙන හැටි. ඒ නිසා දැනට Knight ට වෙනම පර්සනැලිටි එකක් කියමු.)

Stephen වැඩකරන්නෙ කෞතුකාගාරෙක ඊජිප්තු පුරාවස්තු කොටසෙ. මේකෙන්ද දන්නෙ නෑ Khonshu එක්ක සම්බන්ධවෙන්නෙ. නැත්තම් මේකෙ ගවේශණ චාරිකා වගේ මොනා හරි දේකට tomb එකට යනව ඇති.



මෙතනම් මාරම confused තැනක්. මෙතන් එක පර්ස්නැලිටි එකකට අනිත් පර්සනැලිටි එකේ හඩ ඇහෙනවා. මෙතන් ඉන්නෙ මාක්ද නැත්තම් ස්ටීවන් ද කියල කියන්න අමාරුයි. ඉන්නෙ මාක් නම් මෙතනදි මෙයාට ඇහෙන්නෙ ස්ටීවන් ට්‍රේලර් එකේ මුලින්ම කියන දෙබස. ඉන්නෙ මොකාහරි එයාට Moon Knight ගෙ refection එකක් පේන්න ගන්නවා. නයිට් මෙතනදි පාලනය අරගන්න යනවද දන්නෙ නෑ.



capa capa. මේ ඉන්නෙ Egyptian god of vengeance a.k.a. Khonshu. මෙයාගෙන් තමා කොමික් වලදි Moon Knight ට බලය එන්නෙ. සරලව කිව්වොත් මෙයා තමා කොන්ශුගෙ champion. හරියට මෙෆිස්ටොගෙන් ගෝස්ට් රයිඩර්ස්ලට බලය එනවා වගේ. මෙතන එන්නෙ “මම ආයෙ නැගිට්ට්ට පුතේ” කියන්නද ඩල්ලෑ.  



මේ ශොට් එකේ තියෙන දේවල් ටික ඩිස්නි ප්ලස් බ්‍රේක්ඩවුන් එකේ කිව්ව.  

 



මේ ෆෝන් එකනම් තියෙන්නෙ කෞතුකාගාරෙ වගේ. පේන හැටියට මේක තියෙන්නෙ හංගලා. ෆෝන් එක හොයාගන්න තැන ත්‍රිකෝණාකාර හැඩයක් තියෙනවා. මේ reference එක දීල තියෙන්නෙ khonshu ගෙ පිරමීඩෙට වෙන්න ඇති. (අපේ පිරමීඩ නෙවේ බොලව්). මේකත් එක්ක යතුරකුත් තියෙනවා. මේක car key එකක් වගේ පේන්නෙ.

 



මේ කිඹුලගෙන් පෙන්නලා තියෙන්නෙ Sebek කියන ඊජිප්තු දෙවියා වෙන්න ඇති. මෙයා තමා නයිල් ගග බාරව ඉන්නේ.



ඔන්න ආයෙම ට්විස්ට් එකක්. මේ ඉන්නේ Stephen මෙයා තමා ෆෝන් එකෙන් කතා කරන්නෙ. එහකොට අර කතා කර ගෑණු කෙනා Layla කියල කෙනෙක් කියලයි ට්‍රේලර් එකට ආව කැප්සන් වල තිබ්බෙ. එක්කො මෙයා  මාක්ගෙ GF නැත්තම් දෙන්න එකට වැඩකරනව. මෙතන කියන්නෙ Thank God you’re alive කියල. මෙයා Moon Knight ගැන දන්නවද දන්නෙ නෑ.  

සමහරවිට මේ කෝල් එකෙන් පර්සැනිලිටි මාරු වෙලා මාක්ව එලියට එනව ඇති. එහෙම උනොත් අර කලින් කරපු ගෙස් එක හරියනවා.


 

වෙල්කම් ටු MCU ඊතන් හොව්ක් බොම්සා. ගොඩක් අය කියන්නෙ මේ ඉන්නෙ Sun King කියලා. හැබැයි යූ ටියුබ් කැප්සන් වල තිබ්බෙ Arthur Harrow කියලා. කොමික් වලදි මෙයා ඇවිල්ල Moon Knight ගෙ විලන් කෙනෙක්. මෙයාව  හම්බෙලා නෑ මට. ඒ නිසා වැඩි ව්ස්තර කියන්න බෑ. හැබැයි  මෙයාට මිනිස්සුන්ව manipulate කරන්න බලයක් හෝ මෙයා experiment  කරලා සොම්බි වගේ ජීවීන් වගයක් හදනවා කියලා කියල දැක්ක කොහෙහරි. මෙතන නම් ඉන්නෙ cult leader කෙනෙක් වගේ.

සේරම දණගහද්දි මාක් විතරක් හිටගෙන ඉන්නවා. දෙන්නගෙ ඇරියස් එකක් වගේ. (තියෙන situation එක අනුව මේ මාක් කියලා ගෙස් කරමු). අර ඩිස්නි ප්ලස් ට්‍රේලර් එකේ වලියක් පෙන්නුවෙ මෙතන වෙන්න ඇති.



There’s chaos in you කියන්නෙ ස්ටීවන්ට වෙන්න ඕනෙ.

 



අර රැස්වීම තිබ්බ තැන වලිය ඉවරවෙලා පැනල යන ගමන් මේ. එතන තිබ්බ ඉස්පන්චි ට්‍රක් එක මේ කුදලන් යන්නෙ. එතන උන්ට මාක් වැහිල නෙලාගෙන ගිහින් පැනල යනගමන් ස්ටීවන් වෙනවා ඇති. තුවක්කුවක් එහෙම විහික් කරල දාන්නෙ.

 


 මෙතනදි වෙන්න ඕනෙ Marc Spector. Moon Knight බවට පත්වෙන්නෙ. මේක තමා Khonshu ගෙ tomb එක. ඒකෙ කතා දෙකක් නෑ.

 



අන්න මහත්තයෝ ගැම්ම. මේ දාගෙන කෙලින්නෙ werewolf කෙනෙක්ට. බිම දාගෙන කෙලින්නෙ. මේක නෙට්පික්ස් එකෙන් කොරානම් මෙතන ඉම ලේ පාරක් තිඑයි. අනිත් පැත්ත හැරෙද්දි කොස්ටියුම් එක තනි රතට තිඑයි. එහෙව් චරිතයක් මේ Moon Knight කියන්නෙ. ( I am vengeance my *** ). හැබැයි මේක කොරන්නෙ ඩිස්නි නිසා මේ යකා කැකිරි සමන්තයෙක් කොරයිත ඩල්ලෑ.  (මේ scene  එකෙන් මීම් හදන්න පුලාන් ඕනෙනම්. බිම තියෙන්නෙ බාපු ෆිල්ම්ස්/සීරිස් ටික. උඩ ඉන්නෙ විදුලිබල මණ්ඩලේ).



 

මේකටත් ඉව්ව් කියාන් දැන්. මේවා මේ Year One කොස්ටියුම් ඈ. ඇබැයි ඕකම දිගටම පෙන්නන්නත් ඉඩතියෙනවා  Moon Knight, MCU එකෙන් අයින් වෙනකම්ම. මමියක් වගේනෙ පෙන්නන්න හදල තියෙන්නෙ.

 



ඩිස්නි ප්ලස් ලෝගො එක දාන විදිහත් මරු. Moon Knight බිමට පනිද්දිම ලෝගෝ එක වැටෙනව. FATWS එකේ දැම්ම වගේ.

ට්‍රේලර් එකක් කිව්ව්ට ඇත්තටම මේක නිකන් ටීසර් එකක් වගේ. ප්ලොට් එක ගැන කිසිම දෙයක් තිබ්බෙ නෑනෙ. හැබැයි පට්ට ට්‍රේලර් එක.

එච්චර දිග නෑ අද බ්‍රේක්ඩවුන් එක. පස්සෙ හම්බෙමු ඒනම්.


Marvel Studios’ Moon Knight | Official Trailer

3 Comments

  1. කැකිරි සමන්ත ලොල් ඕයි ඒක 😂 😂 😂 😂 😂

    ReplyDelete
  2. "පුතේ මම නැගිට්ට පුතේ"...😂😂👌🔥

    ReplyDelete
Post a Comment
Previous Post Next Post