කොරෝනා එක්ක සොම්බි | Happiness K-drama Overview

Moshi Moshi



Moshi Moshiඔන්න අදත් අරන් ආවේ 2021 ආපු තවත් සුපිරිම South Korean Drama Review එකක් අරන්.2021 කියන්නෙ kdrama fans ලට පට්ටම අවුරුද්දක් කියන්න පුළුවන්.ලෝකය පුරාවටම popular වුන kdrama ගොඩක් 2021 අවුරුද්දෙ release උනා.ඔය අතරින් 

Beyond evil, Happiness, Squid game, Dr brain, Vincenzo,
My name, Nevertheless, Mouse, Jirisan, Bad and crazy, Bulgasal the imortal souls, One odinary day, River where the moon rise, Dark hole, The silent sea.

කියන drama තමයි 2021 ආපු top series.ඔය අතරිනුත් Beyond Evil කියන්නෙ 2021 ආපු හොදම drama එක.මන් මීට කලින් Beyond Evil review එකක් දැම්මා ඒක මෙතනින් කියවන්න.අද කතා කරන්න යන්නෙත් ඔය අතරින් ආපු පට්ට drama series එකක් වෙන "Happiness" Series එක ගැන.

Happiness කියන්නෙ Thriller, Action type එකේ series එකක්.november 5 ඉදන් December 11 වෙනිදා වෙනකන් තමයි drama එක run කරේ and මේක tvn ලගේ series එකක්. produce කරන්නෙ Studio Dragons ලා. Studio dragon කියන්නෙ කවුද කියලා දන්නවනේ simply studio dragon logo එක වැටෙනකොටම දන්නවා මේ series එක පට්ටම quality එහෙකට කරපු වැඩක් තමයි කියලා.මුලින්ම මන් Happiness එකේ plot recap එකක් දෙන්නම්.

|Plot|

Happiness කතාව පටන් ගන්නෙ Covid 19 Pandemic Crisis එක පටන් අරන් ටික කාලයකට පස්සෙ,covid 19 හොද කරන්න කියල හදපු drug එකක් නිසා disease එකක් spred වෙන්න පටන් ගන්නවා.මේක හැදුන මිනිස්සුන්ට නතර කරගන්න බැරි තිබහක් එන්න පටන් අරන් ටික වෙලාවකට පස්සෙ zombies ලා විදහට turn වෙලා මිනිස්සුන්ගෙ ලේ බොන්න පටන් ගන්නවා.කොහොම හරි zombies ලා විදහට turn උන අය මිනිස්සුන්ගෙ ලේ බිව්වට පස්සෙ normal විදහට ආයිත් turn වෙනවා.ඕක නිකන් vampires ලට blood නැතුව ජීවත් වෙන්න බැ වගේ තමයි.ඔය disease එක නිසා කතාවේ main characters දෙක yoon sae-bom and jung yi-hyun දෙන්නා ඉන්න appartement එක seal කරනවා කාටවත් එලියට එන්න බැරි විදහට appartement එකේ ඉන්න කට්ටියව disease එක හැදෙන එකෙන් නතර කරන්න ඔනි නිසා.series එක පුරාවට යන්නෙ sae-bom and yi-hyun කියන husband and wife දෙන්නා disease එක cure කරන්න try කරන එකයි survive වෙන එකයි ගැන තමයි.



හරි Plot එක ගැන මන් කිව්වනේ spoile වෙන්නෙ නැති වෙන්න.දැන් කියන්නම් "Happiness" එක 2021 ආපු පට්ටම series එකක් වෙන්නෙ ඇයි කියලා.මන් Happiness එක පලවෙනි episode එකේ ඉදන්ම පට්ටම ආසාවෙන් බැලුවේ ඉන්න cast එක,series එකේ qulity එක,story එක කියන හැමදෙයක්ම වගේ සැහෙන්න හොදයි.මන් හිතුවේ මේකේ තියෙන්නෙ තනිකරම love sotry එකක් කියලා හැබැයි romance කියන  එකයි pandemic disease එකත් එක්ක වෙන දෙවල් ලස්සනට balnce කරලා හදලා තියනවා,මුලින්ම මට sweet home vibe එකත් අවා appartement එකක් ඇතුලේ නිසා."Happiness" series එකේ disease එකට cure එකක් හොයාගන්න තමයි try කරන්නෙ ගොඩක් සහා infected වෙන ප්‍රමාණය අඩු කරන්න series එකේ main character එකක් වේන han tae-seok මාරම ගේමක් ගහන්නෙ කරන්න පුළුවන් ඔක්කොම දෙවල් කරලා.story එක යන විදහ ගැන කිව්වොත් කතාව පලවෙනි episode එකේ ටිකක් slow විදහට ගිහින් second episode එකෙදි වගේ ගානට pace එක හදනවා.show එක continue වෙනවත් එක්කම අපිට suspense,thriller ගතියක් දෙනවා මරු එකට.හැම episode එකේම thrill එක,tension එක ගානට දෙනවා next weak එකෙත් series එක බලන්න ආස හිතෙන්නම and show එකේ මේ mad person disease එක හැදුන අයට අන්තිමට මොකක් වෙයිද?cure එකක් හොයාගන්න පුළුවන් වෙයිද?කියන එක වගේ ප්‍රශ්න ගොඩක් show එක බලන අයට දෙනවා.ඒක නිසාම තමයි show එක episode එකෙන් episode එකට interesting වෙන්නෙ.



"Happiness"එකේ මන් දැක්ක තවත් ස්පෙශල් දෙයක් තමයි මේ වගේ crisis situation එහෙකදි මිනිස්සු කොහොම react කරයිද,face කරයිද කියන ඒක ඕක පෙන්නලා තියනවා පට්ටෙටම series එකේ මුල ඉදන් අගටම.මිනිස්සු survive වෙන්න මොනවගේ දෙවල් කරයිද,කොච්චර දුරක් යයිද තමන් ගන්න ඩිසිශන් වලින්.appartement එක ඇතුලේ ඉන්න characters ගොඩකින් ඕක පෙන්නලා තියනවා නියමෙටම.


“At times they’re courageous and at times they’re cowards. Humans are so hard to understand.” – Corporal Sae Bom.

appartement එකේ ඉන්න අය survive වෙන්නෙ  කොහොමද,appartement එකේ ඉන්න එක එක කට්ටියගේ persnalitys,secrets ඉන්න වෙනස් වෙනස් චරිත disease එකට  කොහොමද face කරන්නෙ.ඕක ඇතුලේ ඉන්න අයගේ true nature ඒක ,ulterior motives එලියට එන හැටි එහෙම වෙනස් වෙනස් චරිත වලින් පෙන්නනවා series එකේ.මිනිස්සු  survive වෙන්න කොච්චර ගේමක් ගහනවද කියලා බලාගන්න පුළුවන් happiness series එකෙන්.

අනිත් එක series එකේ screenplay එක එහෙම මාරම විදහට සෙට් දැන් ලෝකයේ තියන situation එකත් එක්ක.Covid 19 pandemic එකට face කරලා ඒකත් එක්ක battle කරාට  පස්සෙ,"Happiness" series එකෙන් කරන්නෙ Covid 19 වලටත් වඩා Dangerous disease එකකින් මේවගේ  තවත් දෙයක් අවොත් මිනිස්සු කොහොම fight කරයිද කියලා පෙන්නන එක.disease එක spred වෙනවත් එක්ක මිනිස්සු කොහොම face කරයිද ඒකෙන් බෙරිලා ඉන්න කට්ටිය struggle කරන විදහ.covie19 pandemic එක වගේම තමයි මේකත්.government එකේ අය කොහොම මේකට response කරයිද,සාමාන්‍ය citizens ලා මේවගේ crisis එහෙකට respond කරන විදහ ස්පෙශලි society එකේ ඉන්න elites ලා apocalypse එහෙකදි වැඩ කරන විදහ එහෙම පට්ටෙටම තියනවා series එකේ.ඔය වගේ දෙවල් නිසාම තමයි මන් කිව්වෙ screenplay එක මාරම සෙට් කියලා.


"Happiness" එකේ මගේ කැමතිම දේ තමයි Main Characters 3 න.series එකේ ඉන්න Han Tae Seok චරිතයත් මරු මුලින්ම heartless ඩයල් එකක් වගේ පෙන්නුවට මැදක් යනකොට තෙරුම් යනවා මෙයා හදන්නෙ කොහොම හරි මේ apocalypse එක end කරන්න කියලා.මන් series එකේ කැමතිම දේ තමයි  Sae bom and Yi Hyun දෙන්නා අතරේ තියන Chemistry එකට මන් සැහෙන්න ආසයි.දෙන්නට දෙන්නා සැහෙන්න වෙනස් එක්කෙනෙක් hot temper එකක් තියනවා අනිත් කෙනා cool and clam දෙන්නට දෙන්නා මාරම විදහට සෙට් වෙන්නෙ ඕක නිසා.selfish කට්ටිය අතරේ ඉන්න මේ දෙන්නා හදන්නෙ පුළුවන් තරම් කට්ටිය save කරන ගමන් survive වෙන්න.ඔය දෙන්නා නිසා තමයි appartement එකේ piece එක කියන එක ටිකක් හරි තිබ්බෙ.ඔය දෙන්නා survive වෙන්න ගහන ගේම,problem slove කරන විදහ ගන්න tough ඩිසිශන් වලින් කතාව සහා දෙන්නගේ characters දෙක ලස්සනට bulid කරන් යනවා.romance ලොකුවටම තිබ්බෙ නැති උනාට Sae bom and Yi Hyun දෙන්නා අතරේ තියන chemistry එක balnce කරලා series එකේ පෙන්නනවා ලස්සනට ස්පෙශලි final episode දෙක එහෙම මාරම ලස්සනයි.



Happiness කියන්නෙ 2021 ආපු series වලින් covid 19 වලට realted ව ගිය එකම series එක මන් හිතන්නෙ.pandemic එහෙකට මිනිස්සු කොහොම face කරයිද කියන එක ගැන එහෙම.Happiness කියන්නෙ 2021 ආපු kdrama වලින් must watch drama වලින් උඩින්ම තියන series එකක් සහා මන් බලපු best ම kdrama වලින් එකක් story,ost,cast වගේ හැමදෙයක්ම පට්ටෙටම තියනවා.so මගේ point එක තමයි 2021 ආපු kdrama වලින් "Happiness" කියන්නෙ අනිවාර්යයෙන්ම බලන්න වටින series එකක් කියන එක.ඔය එක්කම 2022 ආපු series බලන්න කලින් 2021 ආපු සුපිරි kdrama ටික බලන්න කියලත් කියනවා.overall ගත්තාම Happiness කියන්නෙ සුපිරිම Series එකක්.


My Recommendations 2021:
  • Beyond Evil
  • Vincenzo
  • My Name
  • Mouse Nevertheless
  • One ordinary day
  • Taxi Driver
  • Police University
  • Bad and crazy
  • Bulgasal the imortal souls
  • The silent sea
  • Chimera
  • Dark hole
  • Inspector Koo
  • Dr. Brain
  • River Where the Moon Rises. etc......

Post a Comment (0)
Previous Post Next Post