මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා | Humans TV Series Overview



“කෙසේ වෙතත් ජපාන දුම්රිය රියදුරන් මෙම ස්වයංක්‍රීය රියදුරන් හට විරෝධය දක්වා ඇත්තේ තම රැකියා අවධානමකට පත්වන බව පෙන්වා දෙමිනි.”

ගේ අස් කරද්දි හම්බුන පරණ පත්තර කෑල්ලක තිබ්බ නිව්ස් එකක ඉවරකරල තිබ්බෙ ඔය විදිහට.

ආයුබෝවන් වණක්කම් අස්සලාම් වලෙක්කුම් වෙල්කම් ටු රිවීව් හූ කෙයාස්. වැඩිය කට්ටිය කතාකරන්නෙ නැති හැබැයි මාරම ඩීප් මීනින් එකක් තියෙන ලස්සනම ලස්සන සීරිස් එකක් ගැනැයි අද මේ කියන්න යන්නෙ.

AI තාක්ශණය මං දකින හැටියට මේක තමා මිනිස් ඉතිහාසෙ හොයාගත්තු පෙරලිකාරම සොයාගැනීම. ඒ වගේම මනුස්ස සංහතිය කරපු මෝඩම වැඩේ. මිනිස්සු මේක හදන්නෙ තමන්ගෙ වැඩ ටික කරගන්න. හරියටම කිව්වොත් ඩිජිටල් වහලෙක් හදාගන්න. හැබැයි මේකත් ඇවිල්ල විද්‍යාව. විද්‍යාව කියන දේට සීමා දාන්න බෑනෙ. අද එක්කෙනෙක් නැවැත්තුවොත් හෙට එයා නතරකරපු තැන ඉඳන් තව කෙනෙක් ඒක කරගෙන යනවා. මිනිස්සුන්ගෙ සල්ලි තණ්හාවට සීමාවක් නෑ වගේ තමා විද්‍යාව ගැන උනන්දු මනුස්සයට ඒක දිගටම කරගෙන යන්න තියෙන ආසාව සීමාවක් නෑ. ඕක AI තාක්ෂණයටත් අදාලයි. ඔය අකුරු දෙකේ සරල සිංහල තේරුම කෘතීම බුද්ධිය කියන එකනේ. ඒ කිව්වෙ මිනිස්සු හදපු හිතල මතල වැඩකරන්න පුළුවන් දෙයක්. වෙනසකට තියෙන්නෙ මේක මිනිස්සු තරම් බුද්ධිමත් නෑ සහ මේකට වැඩකරන්න නම් මිනිස්සුන්ගෙ උදව් ඕනේ.

කලින් කිව්වනේ විද්‍යාවට සීමාවක් නෑ කියලා. ඉතින් විද්‍යාව හැමතිස්සෙම ඉස්සරහට යන ලෝකෙ AI විතරක් ඉස්සරහට නොයා තියෙයිද ? නෑනේ මේකත් අනිවාර්යයෙන්ම ඉස්සරහට යනවා. ඉතින් ඔහොම ඉස්සරහට ගිහින් දවසක “අපිට පැවතෙන්න මිනිස්සු ඕනෙ නෑ. අපි මිනිස්ස්සුන්ගෙ වහල්ලු නෙවෙයි” කියල හිතන තැනකට මේ තාක්ශණය පත්වුණාම ? එතනින් ඉස්සරහට මොනාවෙයිද?

ඔන්න ඔය වගේ කන්සෙප්ට් එකක පදනම් කරගෙන ස්වීඩන ජාතික නාලිකාවක් ටීවී සීරිස් එකක් නිර්මාණය කරනවා Real Humans නමින්. මෙන්න මේකෙ British adaption එකක් හැටියට තමයි Sam Vincent සහ Jonathan Brackley දෙන්න Channel 4 නාළිකාව වෙනුවෙන් The Humans ටීවී සීරිස් එක ලියන්නෙ.

අපෝ මෙච්චර හෑල්ලක් ගැහුවෙ මේක ගැන කියන්නද? මේක අපිට මැජික් නෙවේනේ. මේවා පොඩි එවුනුත් බලපු එව්වනෙ.😒 ඇත්ත. මේ වගේ කන්සෙප්ට් කියන්නෙ ෆිල්ම් බලන කෙනෙක්ට අමුතු දේවල් නෙවේ. හැබැයි මේ සීරිස් එකේ ඒ කන්සෙප්ට් එක පාවිච්චි කරලා තියෙන හැටි සහ මේකෙ යටි අරුත මාරම ඉන්ටරෙස්ටින්.

සාමාන්‍යෙන් මේ කන්සෙප්ට් එකෙන් හැදෙන ෆිල්ම්ස්/ටීවී සීරිස් වල කතාව යන්නෙ POV දෙකකටනෙ.

1.මිනිස්සුන්ගෙ POV එක

2.Robots ලගෙ POV එක

Terminator වගේ ෆ්‍රැන්චයිස් එකක් ගත්තොත් ඒක යන්නෙ මිනිස්සුන්ගෙ POV එකෙන්. එතනදි මිනිස්සු හොඳ පැත්ත රොබෝලා නරක අය.

Westworld එක එහෙම ගත්තොත් ඒකෙදි කතාව යන්නෙ මිනිස්සුන්ගෙන් රොබෝලට වෙන අසාධාරණය හින්දා රොබෝල මිනිස්සු එක්ක ගැටුම් ඇති කරගන්න එකනෙ. ඒ කියන්නෙ Robots ලගෙ POV එක.

ඔන්න ඔය ටිපිකල් රැල්ලෙන් බැහැරට ගිහින් තමා මේකෙ කතාව ගොඩනගල තියෙන්නෙ. ඒ කිව්වෙ මේකෙදි පෙන්නන්නෙ දෙපැත්තෙන්ම එකිනෙකාට හානි කරගන්න හැටි. පොඩි racism එකක් වගේ යන්නෙ. දෙපැත්තම විඳවනවා. දෙපැත්තම අනිකාට හානිකරගන්නවා. ඕක හරියටම තේරුම්ගන්න මේක ඉවරවෙනකම් බලන්න ඕනෙ. මේකෙදි Synths (මෙකෙ ඉන්න රොබෝලට කියන නම) ල කියන්නෙ රොබෝවරු උනත් සීරිස් එකේදි පෙන්නන්න උත්සාහ කරල තියෙනවා synths ල කියන්නෙත් මිනිස්සුම තමා කියල. හරියට මෙයාල මිනිස් සමාජෙම reflection එකක් වගේ. සීරිස් එකේ නම Humans උනේ කොහොමද කියල දැන් තේරුනානෙ.

ඔය ටික හරියට තේරුම් ගත්තෙ නැති කෙනෙක්ට මේ සීරිස් එක තේරුම් ගන්න බෑ. මම මේ කියන්නෙ ප්ලොට් එක ගැන නෙවේ ඈ. ප්ලොට් එක තේරුම්ගන්නව සහ සීරිස් එක තේරුම්ගන්නවා කියන්නෙ දෙකක්. සරලව කිව්වොත් සීරිස් එකක් හෝ ෆිල්ම් එකක් බලනවා සහ කියවනවා කියන්නෙ දෙකක්.  ඕකට තමා රසවිඳිනවා කියන්නෙ. නැතුව ඇක්ශන් ටිකක් බලලා තියටර් එක දෙදරන්න හූ තියන එක නෙවේ. මෙච්චර කාලෙකට ඕක තේරුම් ගන්න බැරිවුණානම් ඉතින් කියන්න තියෙන්නෙ කාළකණ්ණි වෙන එකත් හරියට වෙලා නෑ කියලා. (ඇයි මේ සීරිස් එකකට ඔච්චර නහින්නෙ). .

ඒ වගේමයි මේක ප්ලොට් එක synths ල ගැන තියෙන ප්‍රශ්ණය උනාට මේකෙන් අපේ මිනිස් සමාජෙට හොඳම එකෙන් කනේ පාරක් දීලා තියෙනවා.😂😂 මෙයාලව හදන්නෙත් මනුස්සයෙක් කියල මතක තියාගන්න. (Made in our image, out of our control කියලා කියන්නෙ ✌) ඒක තේරෙයි බලාගෙන යද්දි. සෝක් නඩු විභාගයක් එහෙම තියෙනව දෙවෙනි සීසන් එකේ. මේකෙ කියන එව්ව හරියට තේරුම් ගත්තොත් ඇති මිනිහෙක්ගෙ ෆැන්ටැසිය කඩාගෙන යන්න. මේක එක එපියක කියන දේවල් තේරුනානම් ඔයාට හිතෙයි මෙච්චර කාලයක් බොරුවක නේද ජීවත්වෙලා තියෙන්නෙ කියලා සහ අනිත් අයගෙ උවමනාවන්ට කොච්චර යූස් වෙලා තියෙනවද කියල. විශේෂයෙන් තුන්වෙනි සීසන් එකේ කියන දේවල් ටික එහෙම. අමොර්// ඈ. ඇඩෙනවා තනි ඇහැට.

අර කියපු නඩුවෙ කතන්දරේ එහෙම හරියටම තේරුනානම් එහෙම අවුරුදු 5 කට පාරක් ඡන්දෙ දාන එක එහෙම ජීවිතේ කරපු #පැතටික්ම වැඩක් කියල තේරුම් යයි. බියොන්ඩ් අයිරොනි එව්වා. හොඳම කතාව කියන්නෙ ඔත ඉන්න සෙට් එකෙන් එක්කෙනෙක් ලංකාවෙ කෙනෙක් උන එක. (මෝඩයින්ට අයිරොනිය තේරෙන්නෙ නැති නිසා හොඳයි.😂😂🙏)

සීරිස් එකේ ප්‍රඩක්ශන් පැත්තෙන් දැක්ක මාරම plus point එකක් තමා මේකෙ synths ලට ඉන්න කට්ටියගෙ ඇක්ටින්. See සීරිස් එක එහෙම බැලුවනම් මතක ඇතිනෙ ඒකෙ කට්ටිය කොච්චර workout කරාද කියලා. මේන් කැරැක්ටර්ස් විතරක් නෙවේ නිකන් සීරිස් එකේ පාරවල් ගානෙ ඉන්න තත්පරයකවත් රන්ටයිම් එකක් නැති අය පවා මාර විදිහට පුරුදුවෙලා තියෙනව. සරලවම එතන ඉන්නෙ මනුස්සයෙක් නෙවේ. කතා කරන accent කේ ඉඳන් ඇවිදින විදිහ පවා සෑහෙන පර්ෆෙක්ට්. හිතාගන්න බෑ එච්චර පර්ෆෙක්ට් විදිහට මේක කරේ කොහොමද කියලා. සෑහෙන ඇප්‍රිශියේට් කරන්න ඕනෙ දේවල්. සීරිස් එකේ Choreographer කියල තියෙනව, එයා මේ actors ලව වෙනවෙනම අරන් මේ වැඩේටම කියල වෙන වෙනම පුහුණු කරා කියල. මෙව්ව ලේසි වැඩ නෙවේ ඉතින්. කතාවට අදාලම නැති supporting actors ලව පවා වෙනම වෙනම ලෑස්ති කරවනව කියන්නෙ. Literally පණයන වැඩක්.

ඔච්චර පට්ට සීරිස් එක බලල ඉවරවෙලා overview එකට කරුණු හොයන්න ගූගල් කරාම තමා දන්නෙ මේක කැන්සල් කරල කියල. හැබැයි තුන්වෙනි සීසන් එක ඉවරකරපු හැටිය්ට මටනම් හිතෙන්නෙ 4 වෙනි සීසන් එකක් නාව එකමයි හොඳ කියලා. මොකද සීරිස් එකට පර්ෆෙක්ට් ම එන්ඩින් එකක් කියන්න පුළුවන් තැනකින් තමා ඉවරවෙන්නෙ. එතනින් එහාට වෙන දේවල් පෙන්නනවට වඩා අපිම එතනින් එහාට කතාව තේරුම්ගන්න එක තමා සාර්ථක. ඒක පෙන්නන එකේ තේරුමක් නෑ. ආවනම් නාගන්නවා ඒකාන්තයි.

ඉතින් ඔච්චරටම පට්ටනම් ඇයි මේක කැන්සල් උනේ.

ෆිල්ම් පැත්තෙන් CBM (Comic Book Movies) සහ මහාපරිමාණ ෆ්‍රැන්චයිස් වලින් සිනමාවෙ තියෙන හොඳම contents ටික විනාසකරනව වගේ තමා ඒක ටීවී සීරිස් වලටත් එහෙමම වෙනවා මිනිස්සු හොයන්නෙම අර CGI ගොඩවල්. නිකමට හිතන්නකො මකරු, ඇක්ශන්, නියුඩ් නැත්තම් මිනිස්සු ගොට් බලයිද කියලා. ඔය ෆෑන්බේස් එකෙන් බාගයක්වත් නෑ එහෙනම්.

ඒක තමා කරුමෙ. අරවා උඩට එනව මේ වගේ කොලිටි කන්ටෙන්ට් සේරම යටයනවා.  ඉතින් බලන්න මිනිස්සු නෑ. කොලිටිය කොච්චර උනත් සීරිස් පිටින් කැන්සල්. මේව ඛේදවාචක. කරන්න දෙයක් නෑ. ඒක තමා ලොකුම දුක.

දැන් තේරෙනවනේ මේ වගේ සීරිස් එකක් සක්සස් වෙන්න කොච්චර මාරුද කියලා. මේවට මිනිස්සු ගෙන්නගන්න තියෙන එකම ක්‍රමේ තමා කාස්ට් එක. ඒක පැත්තෙන් මාරම ගේමක් දීල තියෙනවා මෙයාල. හොඳ ටැලන්ට් එකක් තියෙන, ෆැන්බේස් එක පැත්තෙනුත් සාර්ථක සෙට් එකක් තමා මේකෙ කාස් එකට ඉන්නෙ.

දැන් බලමු මේකෙ කුපිරිම කාස්ට් එක කවුද කියලා.

 

Gemma Chan


මෙයාව දැක්ක ගමන් අඳුරගත්තනේ. Eternals එකෙන් පස්සෙ සෑහෙන ෆෑන්බේස් එකක් හැදුනනෙ මෙයාට. හැබැයි මේ සීරිස් එක ආවෙ 2015 වගේ. ඒ කාලෙ Eternals එක අනවුන්ස් කරලවත් නෑ. හැබැයි 2015 හිටිය තත්වෙ හැටියට හොඳ ෆෑන්බේස් එකක් තිබුන කෙනෙක් Gemma කියන්නෙ.

සීරිස් එකේ හොඳම Performance එක තිබ්බෙ Gemma ගෙ. පයිලට් එපියෙ ඉඳන්ම මාරම ව්දිහට චරිතෙ කරන්නෙ. සීරිස් එකේදි මෙයා synth කෙනෙක්. ඒ ගතිය, ඒ accent එක සිරාවටම ඇගට අරන් තිබ්බෙ. ප්ලවෙනි එපියෙම එක තැනක් තියෙනවා Joe පොඩි විහිලුවක් කරන. එතන  Gemma ගෙ response එකනම් අම්බෝව් සාන්ත ඈ. මේ ඉන්නෙ මනුස්සයෙක්ද කියලා හිතෙනවා එතන හැසිරෙන හැටියට. සීරිස් එක බැරිවෙලා හරි හිට් එකක් උනානම් Gemma ට එමියක් නහින්. මෙව්ව සම්මාන හාන්ඩ පුළුවන් ඇක්ටින්. පුදුම පිනට ඉතින් මේව තියෙන්නෙ වලපල්ලෙ.


Colin Morgan

ඕයේ කියවුනා නේ. මෙයාව දන්නෙ නැත්තම් සීරිස් බලන එකේ තේරුමකුත් නෑ. අපි හැමෝම ආදරය කරන මර්ලින් කොලුවා. (කොලුව කිව්වට අංකල් හැබැයි). පොඩි කාලෙ Merlin බැලුවට පස්සෙ මම කොලින්ව දැක්කමයි මේ. සතුට වැඩි මල්ලි. Merlin ඉවරවෙලා අවුරුදු 10 ක් විතර උනත් කොල්ල තාම ඉන්නෙ මර්ලින් සීන් එකේ. සීරිස් එක පුරාවටම තේරෙනව් ඒක. දෙබස් එහෙම කියද්දි අර accent එකමයි එන්නෙ. That’s merlin being merlin.

 

Carrie-Ann Moss

 


මෙයාවත් හොඳටම දන්නව ඇති. Matrix එකේ ට්‍රිනිටි. නෙට්ෆ්ලික්ස් එකෙන් ආව මාවල් සීරිස් ටික එහෙම බලපු අයටත් දන්න අඳුරන මූණත්තහඩුවක්. මේකෙත් හරි ලස්සනට චරිතෙ කරනවා. Matrix එහෙම මතක් වෙයි චරිතෙ දකිද්දි.

 

Ritu  Arya



Red Notice එහෙම බලපු අයට මතක ඇතිනෙ රොක් පස්සෙ පන්නන Interpol Agent . ආං එයා තමා මේ. මේකෙනම් ඉන්නෙ synth කෙනෙක්ට. මෙයා Umbrella Academy එකේ එහෙමත් හිටියා.

 

Letitia Wright



තවත් කට්ටියගෙ ආසම කෙනෙක්. MCU එකේ ශූරී a.k.a වෙන්ඩ බ්ලැක්පැන්තර්. මේකෙත් ඉන්නව මෙයා.

 

William Hurt


රැවුල ලෙප්ට් හින්දා ගොඩක් අයට අදුරන්න බැරිවෙන්න ඇති. හැබැයි මේ ඉන්නෙ ඔයාල හොඳටම දන්න ෆ්‍රැන්චයිස් එකක හොඳටම දන්න චරිතයක්. ගිය අවුරුද්දෙ අම්මටසිරි වෙන්නම ශෙයා උන පෝස්ට් අතරෙ මෙයත් හිටියා. චරිතෙ අහන්න එපා ඒක කියන්නෙ ඤෑ. (රැවුල හින්ද ගොඩ ගිය miniccu 😏 ).

 

Phil Dunster



Ted Lasso බලපු අය දන්නව මෙයාව. ලස්සන සිංදුවක් එහෙමත් තිබ්බ මතක ඇතිනේ.

 

 

Thusitha Jayasundera 



සීරිස් එක බලනකම්ම මම හිතන් හිටියෙ මේ ඉන්දියන් actress කෙනෙක් කියල. බැලින්නම් යකඩෝ මේ අපේ යඛ්ඛයෙක් නෙ. මෙයා ඉස්සරහට එන Lord of the Rings එකෙත් ඉන්නවා.

 

ඔයිට අමතරව මෙන්න මේ අයත් ඉන්නවා 👇

 

Katherine Parkinson


Tom Goodman-Hill


Lucy Carless


 

Theo Stevenson




Pixie Davies



 
මේ උඩ කිව්ව අය තමා Hawkins ෆැමිලි එක. කතාවෙ සෑහෙන පාට් එකක් තියෙනව මෙයාලට.

 

Emily Berrington



 මෙයා ඉන්නෙ නිස්කා කියන චරිතෙට. මේ චරිතෙට පොඩි අවධානයක් දුන්නොත් හොඳයි.

 

දැන් තේරෙනවනේ මේකෙ ඉන්නෙ කුපිරිම කාස්ට් එකක් කියලා. උඩ කිව්ව ටිකයි මේකෙ කාස්ට් එකෙනුයි හිතාගන්න මේකෙ කොච්චර සුපිරි වැඩක් ද කියලා. බලාගෙන යද්දි තේරෙයි මේ හැම චරිතෙකින්ම සීරිස් ඒකේ තියෙන සමාජයෙ එක විශේෂ පැත්තක් ගානෙ නිරූපණය වෙනවා කියලා.

ඔච්චර දේවල් කියලත් මේකට පොඩි ආසාවක් ආවෙ නැත්තම් ඉතින් මේක කියෝපු එකේ තේරුමක් නෑ. කාලෙ නාස්තිකිරිල්ලක් වෙලා තියෙන්නෙ. මොකද මේක “මේ සීරිස් වල සුවඳ නොබලා මැරෙන්න එපා”  කියන්න පුළුවන් සීරිස් එකක්.

මෙතනින් එහාට ලිපිය ගෙනියන්න අදහසක් නෑ. ගෙනියන එකේ තේරුමකුත් නෑ. බලන මනුස්සයෙක්ට මේ කියපුවා ඇති සීරිස් එක බලන්න. ඒ හින්ද අදට මෙතනින් හෑල්ල සමාප්තයි.


Sayonara...


Humans | Official Trailer

Post a Comment (0)
Previous Post Next Post