රෙස්ලින් බලන්න පටන් ගන්න විදිය සරලව සහ එතෙක් මෙතෙක් සුපිරිම රෙස්ලින් මැච් දහයක් | Guide to Watch Wrestling & Top 10 Wrestling Matches of All Time

 


ඔන්න එහෙනම් අලුත් අවුරුද්දෙ නමෝ විත්තියෙන් අලුත් අවුරුදු තෑගිත් අරගෙන මම ආවා. මෙදා පොටේ රෙස්ලින් පිස්සන්ට තමා මම තෑගි අරන් ආවෙ. ඔයා දැනටමත් මේක කියෝනව කියන්නෙ අපෙ WWC පේජ් එක ගැන දන්නවා ඇති. ඔන්න ඉතින් දෙයියනෙ කියලා පේජ් එක හරහා සයිට් එකේ එකෙ වැටෙන පලවෙනි රෙස්ලින් ආර්ටිකල් එක තමා මේක. මේ ආර්ටිකල් එක ගේන්නෙ Pro Wrestling වල සුපිරිම මැච් ගැන කියන්න. ඒ විතරක් නෙමෙ Pro wrestling ගැන සරල හැඳින්වීමකුත් මෙකෙ අඩංගු වෙනවා ඉතින් ඔයා රෙස්ලින් බලලා නැති වුනත් රෙස්ලින් ගැන හරියට දන්නෙ නැති වුනත් ආර්ටිකල් එක කියවන්න පුලුවන්. එහෙනම් අපි රෙස්ලින් පිටියට...

Pro Wrestling ගත්තම මුලින්ම ඔයා දැනගන්න ඕනෙ දේ තමා මේක Normal Wrestling වලට(ඔය ක්‍රීඩාවක් විදිහට තියෙන්නෙ. ඔලිම්පික් වල වගෙ තියෙන්නෙ ආන් ඒක) වඩා සෑහෙන වෙනස්.

Normal Wrestling 

එකෙදි වෙන්නෙ තරඟකාරයො දෙන්නෙක් තමන්ගෙ ජයග්‍රණය උදෙසා මල්ලවපොර කෙලියක නිරත වෙන එක. එතනදි ඒ දෙන්නට බලන් ඉන්න අය මොනා හිතයිද මට චියර් කරයිද අරව මේවා බයිලා කතන්දර නැ තනි ෆෝකස් එක තරඟෙ දිනා ගැනීමට. ඒක තමා ප්‍රධාන වෙනස්කම(තව ඉතින් තරඟයෙ නීති රීති,ජය පැරදුම තීරණය කරන විදිහ වගේ ඒවා තියෙනවා). Pro Wrestling වලදී රෙස්ලස්ලා කවදාවත් දිනුම පැරදුම ගැන හිතන්නෑ( At least තරඟ කරන වෙලේ හිතන්නෑ) එයාලගෙ එකම අරමුණ ප්‍රේක්ෂකයව පිනවීම. මොකද රෙස්ලස්ලා කලින්ම දන්නවා මෙ තරඟෙදි තමන් කරන්න ඕනෙ මොකද්ද දිනන්නෙ කවුද කියලා. සරලවම කිව්වොත් Pro wrestling වල හැමදේම Script එකකට තමා වෙන්නෙ. මෙන්න මේක රෙස්ලින් බලන අය ගොඩ දෙනෙක් වැරදියට වටහා ගෙන තියෙන කාරණාවක්. ගොඩක් අය හිතන් ඉන්නෙ රෙස්ලින් වල හැමදේම බොරු කියලා ඒක ඇත්තක් නෙමෙ එයාලා Live Performance එකක් කරන්නෙ ප්‍රේක්ෂකයො දාහක් දෙදෙහක් ඉස්සරහා.

Pro Wrestling match with live crowd

එයාලා ඇත්තටමයි රෙස්ලින් කරන්නෙ. ඒක ඔප්පු කරන්න ඕනෙ තරම් දේවල් තියෙනවා. රෙස්ලර්ස්ලා හුඟක්  අය සීරීයස් ඉන්ජරීස් වලට මුහුණ දීලා ඉඳලා තියෙනවා ඕන තරම් කකුල් අතපය කඩාගන්නවා. ඕන තරම් තුවාල වෙනවා එව්වා වෙන්නෙ කොහොමද රෙස්ලින් බොරු නම්? මම වෙනම ආර්ටිකල් එකක් ගේන්නම් රෙස්ලින් Fake ද නැත්ද කියන එක ගැන. ඒක ලොකුවට කතා කරන්න ඕනෙ මාතෘකාවක්.

ආයෙ අපෙ කතාවට ආවොත් Script එකකට මේවා වෙනවා කියන එකෙන් තේරෙන්න ඇති නෙ Pro Wrestling වල Entertainment වලට මුල් තැන දෙනවා කියලා. ඒක නිසාමයි ලෝකෙන්ම සෑහෙන බහුතරයක් රෙස්ලින් නරඹන්නෙත්. ආතල් එකක් තියෙන නිසා.

මෙ Pro Wrestling වල ආරම්භය ගත්තොත් ඒකට අපිට විසිවැනි සියවසෙ මැදට යන්න වෙනවා. වර්ශය හරියටම 1953. Capital Wrestling Corporation ආයතනය තමා Pro Wrestling කියලා එකක් පටන් ගන්නෙ.(මේ කියන්නෙ මෙ අපි  බලන රෙස්ලින් ගැන හරිද)


මේ CWC තමා විවිධාකාර නම් වලට ගිහින් අන්තිමෙ දැන් World Wrestling Entertainment AKA WWE නමින් පවත්වා ගෙන යන්නෙ.
WWE එක තමා අවුරුදු ගනනාවක ඉඳලා Pro wrestling වල ආධිපත්‍යය නතුකරගෙන තියෙන්නෙ. මේක නිසා ගොඩක් කට්ටිය හිතන් ඉන්නෙ Pro wrestling කියන්නෙ WWE ,WWE කියන්නෙ Pro wrestling කියලා. ඇත්තටම ඒක වැරදී. WWE කියන්නෙ Pro wrestling වල ලොකුම ආයතනය. එච්චරයි.

Wwe එකට තරඟයක් දෙන්න තව ආයතන කීපයක් ම කාලෙන් කාලෙට ආවා ඒත් හැබැයි ඒවා ටික කාලෙකින් බහින කලාවට අවතීර්ණය වෙලා නැති වෙලාම ගියා. ඒකට හොඳම උදාහරණය තමා TNA wrestling ආයතනය.


මේක wwe ආයතනයට හොඳ තරඟයක් දෙයි කියලා හිතුවත් කාලයක් යද්දි මෙකෙ තිබ්බ ගැම්ම නැති වෙලා ගියා. මේ වෙද්දි නම් Impact Wrestling විදිහට අලුත් මුහුණුවරකින් නැවතත් ඇවිල්ලා තියෙනවා මේක.


Wwe එකට තරඟයක් දෙන්න පුලුවන් දැනට තියෙන හොඳම ආයතනය මොකද්ද කියලා ඇහුවොත් ඒකට උත්තරේ තමා All Elite Wrestling AKA AEW.


මේක බිහිවුනෙ ඉතාම මැතක. මේක බිහිවෙද්දි WWE හී චෙයාමන් වින්ස් මැක්මේහන් පවා බයවුනා තමන්ගෙ ආයතනේට කෙල වෙයිද කියලා. එච්චර හොඳට හැදුන කම්පැනි එකක් Aew. 

Pro Wrestling companies ගැන කතා කරද්දි කතා කරන්නම ඕනෙ ආයතනයක් තමා New Japan Pro Wrestling AKA NJPW.


මේක තනිකරම ජපානයේ  තියෙන ආයතනයක්. මේක වැදගත් වෙන හේතුව තමා Pro wrestling වල සුපිරිම කොලිටි මැච් වැඩිපුරම අයිති වෙන්නෙ Njpw වලට.

මෙක්සින් රෙස්ලර්ස්ලට තියනවා වෙනම පැශන් එකක් Pro wrestling එක්ක. දිලිසෙන ඇඳුම් ඇඳගෙන මාස්ක් එකකින් මූණ වහගෙන බිම කරණම් උඩු කරණම් ගහන්න උපන් හපන් පිරිසක් තමා මෙක්සිකන් රෙස්ලර්ස්ලා. මෙන්න මේ මෙක්සිකාව මුල් කරගෙන හැදුව ආයතනය තමා Lucha Underground.



ඒ වගේම සාමාන්‍ය ක්‍රවුඩ් එකක් තියෙන Ring of honor AKA ROH, පුටු පොලු වීදුරු වගෙ භයානක ආයුධත් එක්ක වැඩිපුරම ගනුදෙනු කරන Combat Zone Wrestling AKA CZW වගෙ තව විශාල ආයතන සංබ්‍යාවක්  Pro wrestling ක්‍රීඩාවෙ නිරත වෙනවා. මම මෙ කිව්වෙ එතනින් ප්‍රධානම කීපය විතරයි. 

රෙස්ලින් බලන ආකාර

ඉස්සර නම් ඒ කිව්වෙ 2010ට වගෙ කලින් ගත්තොත් නම් රෙස්ලින් බලන්න තිබ්බ ජනප්‍රියම සහ හොඳම විදිහ තමා CD. ඒ කාලෙ සීඩී කඩේකට ගිහින් සිඩී එක අරන් එන්න තමා තිබ්බෙ. ඒවා ආවෙත් volume විදිහට. සතියකට එකක් වගෙ තමා මේවා ආවේ. මේකෙ Wwe rooster තුන වෙන Raw,Smackdown live ,Ecw/Nxt සහ TNA Impact wrestling තමා බලන්න තිබ්බෙ. කාටහරි දැන් වුනත් මෙ ක්‍රමෙන් රෙස්ලින් බලන්න පුලුවන් අපෙ පැත්තෙ නම් රුපියල් පනහක් වගෙ වෙන්නෙ සිඩි එකක්. හැබැයි අනිත් ක්‍රම එක්ක බලපුවම මේක මෙ කාලෙ පාවිච්චි කරන්න ඕනෙ ම නැ.

වර්තමාන කාලෙ තියෙන ජනප්‍රියම ක්‍රමය තමා රූපවාහිනිය හරහා නැරඹීම. මේකට ගෙදරට ඩයලොග් ටිවි හො පියො ටිවි තියෙන්න ඕනෙ. ඒකෙන් Sony Ten 1 හරහා Wwe නරඹන්න පුලුවන්. ඒ වගේම Eurosport හරහා Aew සහ Njpw නරඹන්නත් පුලුවන්. 

තව ක්‍රමයක් විදිහට Wwe ඇප් එක භාවිතා කිරීම හඳුන්වන්න පුලුවන්. මේකෙදි ඔයාට මාසෙට මුදලක් දෙන්න වෙනවා. මේකත් හරියට ස්ට්‍රීමින්ග් සර්විස් එකක් වගෙ. හැබැයි ඉතින් wwe විතරයි බලන්න පුලුවන්.

ටොරන්ට් මාර්ගෙනුත් ඔයාට රෙස්ලින් බලන්න පුලුවන්. මේකත් බොහොම සාර්ථක ක්‍රමයක්. ගොඩ දෙනෙක් මේ ක්‍රමෙත් පාවිච්චි කරනවා. හැබැයි මේ ක්‍රමෙ තියෙන එකම අවුල තමා ඔයාට පරණ මැච් Ppv බලන්න බැරි වෙන එක. මොකද සාමාන්‍යයෙන් ටොරන්ට් පරණ වෙද්දි ඒවට සීඩ්ස් නැතුව යනවනෙ ඉතින් එතකොට බලන්නත් බැරි වෙනවා.

Dailymotion ඇප් පාවිච්චි කිරීම තමා රෙස්ලින් බලන අන්තිම ආකාරය. මේකත් හරියර youtube වගෙ ඇප් එකක්. වෙනසකට තියෙන්නෙ මේකෙ තියෙන විඩියො වලට ලොකුවට copyright එහෙම වැදෙන්නෑ. ඉතින් ගොඩක් විඩියො මේකෙ තියෙනවා. හැබැයි ඔයාට මේකෙන් සම්පූර්ණ Event එකක්ම බලන්න තියෙන චාන්ස් එක නම් සෑහෙන්න අඩුයි. තනි රෙස්ලින් මැච් එකක් නම් ඔයාට මේකෙන් බලන්න පුලුවන්. මෙ ලිපියෙත් කියන්නෙ හොඳම රෙස්ලින් මැච් ගැනනෙ. ඒවා නම් ඔයාට ලේසියෙන්ම මෙ ඇප් එකෙන් බලන්න පුලුවන්. හැබැයි මේකෙ හැම මැච් එකම තියෙනවා කියලා කියන්නම් බෑ.


Dave Meltzer සහ Star Ratings

ෆිල්ම්ස්,සීරීස් වගෙ එන්ටර්ටේනින් දේවල් ගත්තම අපිට ඒවා අතරින් හොඳම ඒවා මොනාද කියලා තීරණය කරන්න රේටින්ග් සිස්ටම් කීපයක් ම තියෙනවනෙ. IMDB,Rotten tomatoes,Cinemascore කියන්නෙ ඒකට උදාහරණ කීපයක්. ඉතින් රෙස්ලින් මැච් වලටත් ඒ දේ සේම්.  ඒකටත් රේටින්ග් සිස්ටම් කීපයක්ම තියෙනවා හැබැයි ඒකෙනුත් වඩාත් ජනප්‍රිය,හැමෝම පිලිගන්න,වඩා ඇකියුරේට් සිස්ටම් එක තමා Dave Meltzer ගෙ රේටින්ග්ස්. කවුද මෙ ඩේව් කියන්නෙ?? ඩේව් කියන්නෙ සරලවම කිව්වොත් ලෝකෙ ඉන්න ලොකුම රෙස්ලින් පිස්සෙක්.


මෙයා කරන් යනවා Wrestling Observer Newsletter කියන පත්තරේ.


මේක තමා මෙයා මැච් ගැන තමන්ගෙ රේටින්ග්ස් දෙන්නෙ. මේක දෙන්නෙ තරු පහකින්. ඩේව් ගෙන් තරු පහක් ගන්න පුලුවන් වුන මැච් එකක් කියන්නෙ ආයෙ කතා දෙකක් නෑ සුපිරිම මැච් එකක්. ඒක ඕන කෙනෙක් පිලිගන්න දෙයක්. ඒක නිසාමයි එයාගෙ රේටින්ග් ලෝකෙ අංකෙ එකෙ රෙස්ලින් මැච් රේටින්ග්ස් වෙන්නෙත්.(අද ලිස්ට් එකෙ හැම මැච් එකක්ම ෆයිව් ස්ටාර් ඒවා😉) ඒ විතරක් නෙමෙ ඩේව් මාධ්‍යවේදියෙක් විදිහට සෑහෙන බලයක් තියෙන කෙනෙක්. කලින් කතා කරපු Aew promotion එක හැදෙන්න පවා ඩේව් වක්‍රාකාරයෙන් බලපෑවා. එයාගෙ වචන බලපෑවා. හිතාගන්නකො රෙස්ලින් ආයතනයක් හැදෙන්න ඉම්පැක්ට් එකක් කරන්න පුලුවන් මනුස්සයෙක් කියන්නෙ.

එහෙනම් අටුවා ටීකා ඔක්කොම ඉවරයි දැන් යමු අපි සුපිරිම රෙස්ලින් මැච් මොනාද කියලා බලන්න.


1. Kazuchika Okada vs Kenny Omega 2 out of 3 falls Match in Njpw Dominion 6.9 (7 Stars⭐)


මේ තියෙන්නෙ සියවසෙ තරඟය,Match Of the Century. ගොඩක් විචාරකයො මෙ තරඟය හඳුන්වන්නෙ එහෙම. කලින් කිව්වනෙ ඩේව් මැච් එකකට රේටින්ග්ස් දෙන්නෙ තරු පහකින් කියලා. ඉතින් මේකට එයා තරු පහකින් තරු හතක අගයක් දීලා තියෙනවා. හිතාගන්න මැච් එක කොහොම එකක්ද කියලා. කෙනි ඔමේගා කියන්නෙ modern Era එකෙ බිහිවුන දක්ෂතම රෙස්ලර් කෙනෙක්. ඔකාඩා වුනත් ඒ ආකාරයමයි. ඉතින් කෙනී ට සහ ඔකාඩට ලොකු rivally එකක් තියෙනවා මේ මැච් එකට එන්න කලින්. මුලින්ම එයාලා මුණ ගැහෙන්නෙ  Wrestle Kingdom 11(Njpw එකෙ ppv එකක් මේ) දී. මෙන්න මෙ මැච් එකට ඩේව් මහත්තයා තරු හයක් දෙනවා. මීට කලින් තරු හයක් ගත්ත මැච් තිබ්බෙ තනි අතෙ ඇඟිලි ගානටත් අඩුවෙන්. ඉතින් එහෙම වෙලාවක මෙ මැච් එකට තරු හයක් හම්බුනාම මුලු රෙස්ලින් ලෝකෙම අවධානය නොහිතුව විදිහට Njpw වෙත යොමු වෙනවා. මෙ මැච් එකත් සුපිරිම මැච් එකක්. මේක බලපු ප්‍රවීණ රෙස්ලර් කෙනෙක් වෙන Mic foely කියන්නෙ රෙස්ලින් ගැන හාංකවිසියක් වත් නොදන්න කෙනෙක් ට මේක ඇති කියලා රෙස්ලින් ඉගෙන ගන්න. පැයක් වගෙ යන මෙ මැච් එක ඇතුලෙ රෙස්ලින් moves ගනනාවක් ම පාවිච්චි වෙනවා.  ඊට පස්සෙ ආයෙ මෙ දෙන්නා මුණ ගැහෙන්නෙ dominion 6.11 දී. මේකත් මුලු රෙස්ලින් ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරපු මැච් එකක් වෙනවා. මොකද මේකට ඩේව් තරු 6.25 ක රේටින්ග්  දීම නිසා. මොකද ඒ වෙනකම් කිසිම මැච් එකක් තරු හයට එහා ගිහින් තිබුනෙ නැ. මේ මැච් එකත් එක්ක ඒ සීමාව කඩාගෙන යනවා. ඒ විතරක් නෙමෙ දැනට තිබ්බ හොඳම මැච් එකත් මේ මැච් එක වෙනවා. ඔන්න ඊළඟට මෙ දෙන්නා හම්බවෙන්නෙ ටූනමන්ට් මැච් එකකදී.  ඒ Gi Climax 27 දී. මේක ටූනමන්ට් මැච් එකක් නිසා කලින් මැච් තරම් ම නැති වුනත් හොඳ මැච් එකක් මේකත්. මේකටත් ඩේව් තරු හයක්ම දෙනවා. මෙන්න මේ මැච් තුනටම පස්සෙ තමා තරු හතෙ මැච් එකට කෙනී සහ ඔකාඩා එන්නෙ. සියවසෙ තරඟය තරම් විරුදාවලියක් ලබන්න මේ මැච් එක සුපිරියටම යනවා. පැය එකහමාරකට ආසන්න කාලයක් මෙයාලා තරඟ වදිනවා. හිතලා බලන්නකො පැයඑකහමාරක් විතර ගහගන්න එකෙ ආතල් එක. ඒ තරම් සුපිරි මැච් එකක් මේක. කැමති කෙනෙක් ඕනෙ නම් මේ මැච් එකට අමතරව කලින් කිව්ව මැච් තුනත් බලන්න. ඒවත් මෙ ලිස්ට් එක දාන්න ඕනෙ මැච් වෙනම දානවට වැඩිය මෙතනම කියන එක හොඳ නිසයි පොඩි විස්තරයක් එක්ක ඒක ටික දැම්මෙ.

2. Kenny Omega & Adam Page vs The Young Bucks Tag Team Match in Aew Revolution (6 Stars⭐)



3. Kazuchika Okada vs Will Ospreay One on One Match in Njpw Wrestle Kingdom 15 night 1 (5.25 Stars⭐)


4. Walter vs Tyler Bate One on One Match in Wwe NXT UK Takeover Cardiff (5.25 Stars⭐)



5. Kushida vs Will Ospreay One on One Match in Njpw Best of the super juniors night 14 (5 stars⭐) 

6. Andrade Cien Almas vs Johnny Gargano One on One Match in Wwe NXT Takeover Philadelphia (5 Stars⭐)



7. Hiroshi Tanahashi & Will Ospreay vs Kenny Omega & Kota Ibushi Tag team Match in Njpw Road to tokyo dome night 2 (5 Stars⭐)



8. Walter vs Zack Saber Jr. One on One Match in  Pwg All star weekend 13 night 2 (5 Stars⭐)



9. Adam Cole vs Johnny Gargano 2 out of 3 falls Match in Wwe NXT Takeover New York (5.5 stars⭐)

10. Adam Cole vs. EC3 vs. Killian Dain vs. Lars Sullivan vs. Ricochet vs. Velveteen Dream Ladder Match in WWE NXT Takeover New Orleans (5 Stars⭐)



මේ තියෙන්නෙ සුපිරිම රෙස්ලින් මැච් වලින් බොහොම පොඩ්ඩයි. මේක ඇතුලෙ තනිකර තියෙන්නෙ Modern Era එකෙ මැච් විතරයි. හැබැයි මේවා සුපිරිම මැච්. ඒකෙ කතා දෙකක් නෑ. මේකට ඇඩ් කරන්න ඕනෙ තව ගොඩාක් මැච් තියෙනවා ඒ ගැන තව ලිපි කීපයක්ම ගේන්නම්.ඒ වගේම අපෙ අලුත්ම පේජ් එක Cineclopedia by rwc පේජ් එකත් ලයික් කරන්න අමතක කරන්න එපා. ඒකෙන් ඔයාලට කොහෙවත් දකින්න නැති සුපිරිම ෆිල්ම්,සීරීස් ෆැක්ට් දැනගන්න පුලුවන්.එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු.

සුබ අලුත් අවුරුද්දක්...!

1 Comments

  1. Raw smackdown පේන්නවත් නෑනේ...🙁🙁🙁

    ReplyDelete
Post a Comment
Previous Post Next Post