Eternals ගැන සරලව | Eternals Movie Review

Hello there...



මේ අරන් ඇවිල්ල තියෙන්නෙ Eternals ෆිල්ම් එකේ රිවීව් එකක්. මුලින්ම කියන්න නෙ මේකෙ තියෙන්නෙ මම නෝට් කරපු දේවල් කීපයක් සහ අන්තර්ජාලයෙන් හොයාගත්ත විස්තර ටිකක එකතුවක්.

ලිපියට යන්න කලින් මේකෙ ටොරන්ට් එනකම් හිටිය ගීක ජනතාව වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්තාවක් පලකරමු. 🙌

මේක තියටර් බලන්න කියල කට කැඩෙනකම් කිව්වනෙ. තියටර් එකක් නැත්තම් කොරන්න දෙයක් නෑ ඉතින්. ඒවත් තිබිල මේව නොබලපු උන් ගැන කතා නොකර ඉමු. හුර කුපි බලලා බලලා ෆිල්ම් එක වැඩක් නෑ ෆීල් වෙන්නෙ නෑ කියන්න එපා කන පලනවා.✋

ෆිල්ම් එකක් හැටියට ගත්තම මේකෙ මම දැක්ක හොඳම දේ තමා මේකෙ තිබ්බ character development එක. පැය 2 විනාඩි 37 තිබ්බ රන්ටයිම් එකේ පැය 2 ක්ම තිබ්බෙ මෙයාලගෙ Character ටික develop කරන්න. මොකද web head වගේ නෙවේ මේ ඉන්නෙ වැඩිය ප්‍රසිද්ධ නැති Character ටිකක්. ඉතින් මෙයාලට ඔරිජින් දෙන්නත් ඕනෙ, චරිත ටික සම්බන්ධ කරන්නත් ඕනෙ, මෙයාලගෙ පවර්ස් පෙන්නන්නත් ඕනෙ. 😒

ඕක තමා ෆිල්ම් එකේ මේන් පර්පස් එක. ඔය ඔක්කොම කරන ගමන් ටිපිකල් MCU සීනිබෝල ආතල් එක දෙන්න බෑ. අන්න ඒ නිසා තමා අති බුද්ධිමත් ක්‍රිටික්ස් ල ටික ෆිල්ම් එකට අඩු රේටින් දුන්නෙ. ෆෑන්ල උනත් වැඩි රේටින් එකක් දුන්නෙ ෆිල්ම් එකට ආස නිසා නෙවේ MCU ෆිල්ම් එකක් එහෙම අඩු රේටින් ගහනවට උන් ආස නෑ. මොකද එහෙම උනොත් ලෝකෙ හොඳම ෆිල්ම් ගහන්නෙ අපි කියන ෆැන්ටැසිය කඩාගෙන යනවනෙ. ඕකට ඔෆෙන්ස් වෙන්න මොනා හරි කිව්වොත් කියපු කෙනාට කොච්චර reputation එකක් තිබ්බත් මිනිහව බාල්දු කරන්න තමා උන් වැඩ කරන්නෙ. නිකමට මාවල් ගෲප් එක්කට ගිහිල්ල  කියන්නකො MCU කියන්නෙ CBM වලට වෙන්න පුළුවන් උපරිම හානිය කරපු එකක් කියල. පහුවදාට වෝල් එක ඩෙඩ් 😒. BTS ලටත් වඩා ටොක්සික් ෆෑන්බේස් එකක් MCU එකට තියෙන්නෙ. 😂

අනිත් එක මේකෙ Score එක. දන්නවනෙ වැඩේ කරපු මිනිහ කවුද කියල. Ramin Djawadi. තීම් එකේ ඉඳන් ඒ ට්‍රැක් ටික සේරම පට්ට. ස්පෙෂලි තීම් එක. අර මුලින්ම deviant කෙනෙක්ව මරන තැන එහෙම 🔥🔥🙏.

Visual, Cinematography එහෙම ඉස්තරම්. Chloe Zhao තමා ඩිරෙක්ටර් කියන එක ෆිල්ම් එක ෆිල්ම් එක පුරාවටම පෙන්නල තිබ්බ.

කොමික් වලදි වගේම ෆිල්ම් එකේදිත් Eternals ලව ඉතිහාසගත සිදුවීම් එක්ක සම්බන්ධ කරල තිබ්බ.

 

ෆිල්ම් එක පටන්ගද්දිම Marvel title card එක දාන තැන අපිට Shang-Chi ව බලාගන්න පුළුවන්දැන් කියන්න එපා හෝක්අයි එකෙත් තිබ්බ කියලා. අපේ උන් දැන් රිලීස් වෙලා වැගේ නැටුවට ෆිල්ම් එක ආවෙ නොවැම්බර් වල හෝක්අයි එන්නත් කලින්

ෆිල්ම් එක පටන්ගද්දිම කියනවා In the beginning කියලා. මේක තමා බයිබලයේ තියෙන පලවෙනි වචන තුන.

ෆිල්ම් එක ගැන පොඩි හැඳින්වීමක් වගේ දාන ටිකේ කියනව Celestials Six Singularities වලටත් කලින් හිටපු අය කියල. Six Singularities කියන්නෙ Infinity stones වලටම තමා එතකොට සෙලෙස්ටියල්ස් ලම Stones ටික නිර්මාණය කරා වෙන්නත් පුළුවන්. ඕකට කොමික් වලනම් පොඩි සීන් එකක් තියෙනව. ඒක කියන්නම් ඉස්සරහට. 😁

Eternals ල එන්නෙ ඔලිම්පියා වල ඉඳන්. කොමික් වලනම් මෙයාල ඉන්නෙ පෘථිවියෙමයි. මේ එන යානෙට කියන්නෙ Domo එක කියල . කොමික් වලදි Domo කියන්නෙ Eternal කෙනෙක්. මෙයා ඇවිල්ල Earth Eternals ලගෙ Prime Eternal එහෙමත් නැත්තම් Zuras ට වැඩකරන කෙනෙක්. ( Fan favourite චරිත ඔක්කොම හිටපු ෆිල්ම් එකේ Zuras ගැන මෙන්ශන් එකක්වත් නෑ. duka.)

ෆීල්ම් එකේ හැටියට Eternals කියන්නෙ ඔලිම්පියා ග්‍රහලෝකෙ ඉඳන් එන ජීවීන් කොට්ඨාශයක්. හැබැයි කොමික් වලදිනම් Eternals ල කියන්නෙ Celestials ල ආදි මානවයාගෙන් සිදුකරන පරීක්ශණයක් නිසා ඇතිවෙන කට්ටියක්. මේ විස්තර මගේ Eternals ලිපියේ කියලා ඇති. ඒක කියවලා එන්න මේක කියවන්න කලින්.

මුලින්ම Eternals පෘථිවියට එන්නෙ ක්‍රි.පූ.5000 දි මෙසපොතේමියාවට. මුල්ම මානව ශිෂ්ටාචාර වලින් එකක් තමා මෙසපොතේමියාව කියන්නෙ. ඒ කිව්වෙ මිනිස්සු දියුණුවෙන්න පටන්ගත්තු කාලෙ. Eternals මේ වගේ කාලෙක මිනිස්සු එක්ක ජීවත් වෙන්න පටන්ගත්ත කියන එක හොඳ plot point එකක්.


මේක තමා මං දකින හැටියට ෆිල්ම් එකේ තිබ්බ එපික්ම සීන් එක සහ දැනට mcu එක ඇතුලෙ තිබ්බ එපික්ම entrance එක. මේ ඉන්නෙ ස්පයිඩි වගේ ගොඩක් popular චරිත නෙවේනෙ. හැබැයි සෑහෙන පවර්ෆුල්. ඉතින් ඒ වගේ කට්ටියක් මෙහෙම grand entrance එකක් එක්ක ගේනවා කියන්නෙ සෑහෙන හොඳ වැඩක්. මොකද එතකොට කොමික් නොකියවන ඕඩියන්ස් එකට උනත් චරිත ටික කාවැදෙනවා.

 


මේ පිහිය ඇවිල්ල සුමේරියානු ශිෂ්ටාචාරයේ Royal ceremony වල පාවිච්චි කරපු පිහියක්. මේක ඇත්ත ලෝකෙ තියෙන දෙයක් ඈ. ෆිල්ම් එකේ හැටියට මේක හදන්නෙ Sersi. එතකොට මේ පොඩි ගම තමා පස්සෙ කාලෙක සුමේරියානු ශිෂ්ටාචරයේ අගනගරය වෙන්නෙ. මේකෙන් පෙන්නලා තියෙන්නෙ මිනිස් ශිෂ්ටාචාරයේ නැගිසිටීම ආරම්භවෙන්නෙ Eternals ගෙ පැමිණීමත් එක්ක කියලා. එතකොට අර පිහිය දෙන එකෙන් symbolize කරන්නෙ සුප්‍රකට මයිකල් ආන්ජිලෝගේ “ආදම් මැවීම”.

ආදම් මැවීම


පරණ කාලෙ වෙච්ච දේවල් ගොඩක් බලාගන්න පුළුවන් වෙන්නෙ flashback හැටියට. එකපාර සේරම පෙන්නලා ෆිල්ම් එක present timeline එකට ගේනවට වඩා මෙහෙම කෑල්ලෙන් කෑල්ල ගේන එක හොඳයි. නිකමට හිතන්නකො, ෆිල්ම් එකේ අපි මුලින්ම දකින්නෙ Eternals ල සෑහෙන සහයෝගෙන් ඉන්නව කියලනෙ. එතකොට මෙහෙම හොඳට හිටපු අය ඇයි වෙන් උන්නෙ? ඕක සෑහෙන ප්‍රශ්ණයක්නෙ බලද්දි. ඉතින් ෆිල්ම් එකේ මැදක් වෙනකම් ඒක එහෙමම තියාගෙන යනවා. මොකද මේක ඩ්‍රාමා ෆිල්ම් එකක්නෙ. විනාඩි 5න් 5ට ඇක්ශන් නෑ. ඉතින් අර ෆිල්ම් එක බෝරින් වගේ තේරෙන්නෙ නෑ ඔහොම දෙයක් තිබ්බම. ඒව පෙන්නන්නෙත් හරිම creative විදිහකට.

Sersi මේ වෙනකොට ලන්ඩන්වල Natural History Museum එකේනෙ වැඩකරන්නෙ. ඔය බිල්බෝඩ් එකේ පොඩි වැදගත්කමක් තියෙනවා. ඔතන එක පැත්තක තියෙන්නෙ අර පිහිය. එහා පැත්තෙ තියෙන්නෙ අති නවීන කාර් එකක්. Eternals ල මිනිස්සුන්ට දීපු දේවල් සහ මිනිස්සු ඒවගෙන් අරගත්තු ඇචීව්මන්ට්ස් කියන දෙකම එකම බිල්බෝඩ් එකේ තියෙනවා. ඒ වගේමයි ඔතනම තියෙනවා බ්ලිප් එකට අහුවුන අයට ආපහු පරණ ජීවිත වලට එන්න සකස්කරපු වැඩසටහනක දැන්වීමක්. ෆිල්ම් එක යන ටයිම් ලයින් එක ගැනත් ඒකෙන් පොඩි අවබෝධයක් දීල තියෙනවා.

Lecture එක දෙන්න යන ගමන් Sersi චාල්ස් ඩාවින්ට කතාකරනවනෙ. එතකොට දෙගොල්ලො අඳුරනව. මෙහෙම එකකුත් තියෙනවා. චාල්ස් ඩාවින් ප්‍රසිද්ධ උනේ පරිණාමවාදය නිසානෙ. හැබැයි ෆිල්ම් එකේදි කියන්නෙ ජීවය ඇතිවුනා නෙවේ ඇති කරා කියලා. පරිණාමවාදය ප්‍රශ්ණකරන ෆිල්ම් එකේම චාල්ස් ඩාවින් ව පෙන්නනවා. අයිරොනි.

 

Dane Whitman මේ කිය කිය ඉන්නෙ Walt Whitman කියන poet ගෙ කවියක්. මේකෙන් symbolize කරල තියෙන්නෙ ඇවෙන්ජර්ස් ල ලෝකෙ බේරගත්ත එක සහ පෘථිවිය ඇතුලේ celestial egg එකක් තියෙන එක. මේ සිදුවීම් වෙන අතරෙ තමා භූමිකම්පාව ඇතිවෙන්නෙ. මේක සිද්ධවෙන්නෙ emergence එක නිසා කියල පස්සෙ දැනගන්නව, Endgame එක බැලුවනම් මතක ඇති ඔකෝයේ කියනවා අත්ලාන්තික් සාගරයෙ ඇතිවෙන භූමිකම්පාවක් ගැන. සමහරවිට ඒකත් emergence එක නිසා වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. මොකද Endgame එක සිද්ධවෙන්නෙ emergence එකට මාස 06 වගේ කලින්.

Sersi එයාගෙ lecture එක දෙන්නෙ apex predator ල ගැන. මේකෙන් foreshadow කරන්නෙ Deviant ල ආයෙත් එනව කියන එක.  


Dane ගෙ බර්ත්ඩේ එකට දෙන මුද්ද middle ages වල එකක් කියනවනෙ. මේකෙ ඉන්නව raven කෙනෙක්. කොමික් වලදි Black Knight ගෙ symbol එක තමා රතුපාට raven කියන්නෙ. ඒ වගේම මේක ඩේන්ගෙ ෆැමිලි එකේ crest එක කියනවනෙ. සමහරවිට මේක Sir Percy a.k.a. Original Black Knight ගෙ මුද්ද වෙන්නත් පුළුවන්.

Kro මුලින්ම attack කරන තැන Dane කියනවා Sprite එයාට Deviant ල ගැන කිව්ව කියලා. ෆිල්ම් එකේදි මේක තිබුනත් අනවශ්‍ය කොටසක් කියල පස්සෙ මේ සීන් එක අයින් කරල තියෙනවා. යූටියුබ් එකේ deleted scene එක තියෙනවා අරගෙන බලන්න.


දැක්කද? අර බස් ඩ්‍රයිවර් වැටෙන තැන හෝටලේක තියෙනවා කොල පාට මකරෙක්. මේකෙන් රෙෆරන්ස් එක දුන්නෙ කාටද කියල දන්නවනෙ. අද හෙටම MCU එක එන්න ඉඩ තියෙන Fing Fang Foom. මීට එහා පැත්තෙ Dark Angel කියලා. Angels ල කියන්නෙ දෙවියන්වහන්සේගෙ දූතයෝනෙ. එතකොට God කියන්නෙ Arishem කියල ගත්තොත් ? Eternals ල තමා Angels ල. Eternals ල එන්නෙ මිනිස්සුන්ට තියෙන ආදරේකට නෙවේනෙ.  එතකොට Dark angels කියන එක හරියටම හරි.

Sersi කියන හැටියට Eternals ල මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ වලට අතදාන්නෙ නැත්තෙ මිනිස්සුන්ගෙ දියුණූවීමට බාධාවක් වෙයි කියලා. මේක Ajax කියන බොරුවක් කියල පස්සෙ අපි දැනගන්නවනෙ. හැබැයි මෙතන ගත යුත්තක් තියෙනවා. දෙවෙනි ලෝක යුද්ධෙන් ජපානෙට වෙච්ච හානිය දන්නවනෙ. යුද්ධෙන් බිංදුවම වැටුන රටක් ජපානය කියන්නෙ. හැබැයි ජපන්නු එතනින් සැලුනෙ නෑ. එයාල මේ අවස්තාඑන් ප්‍රයෝජන රන් ජපානය ශීඝ්‍ර දියුණුවක් කරා ගෙනිච්චා. මොඅක්ද එයාල තේරුම් ගත්තා තමන් මහන්සි උනේ නැත්තම් රටේ දියුණුවක් වෙන්නෙ නෑ කියලා. ඕක වෙයිද බැරිවෙලා හරි ලෝක යුද්ධෙ සාමෙන් ඉවර උනානම් ? කෙලවෙන්නම ඕනෙ මිනිස්සුන්ට වැඩකරන එකේ දියුණුව  තේරෙන්න. ලංකාවෙ එවුන්ට ඔහොම කෙලවෙලා නෑ. ඒකයි අපි තාම සං‍වර්ධනය වෙමින් පවතින රටක් වෙන්නෙ. උපන්දා ඉඳන් බෙහෙත් ටිකයි, අධ්‍යාපනයයි පිනට දෙනව. ඉතින් දෙයක් ඒවගෙ අගේ දන්නෙ නෑ. ඊටපස්සෙ මුලු ජීවිත කාලෙම බලන් ඉන්නෙ හැමදේමට කටගාවට වැටෙනකම්. ඇයි මහන්සි වෙලා දෙයක් උපයගන්න දන්නෙ නෑ. නිකමට හිතලා බලන්න ඇයි ඕලෙවල්, ඒලෙවල් විභාග වල පලවෙනි දෙවෙනි තැන් හැමතිස්සෙම ගම්වල ළමයින්ට යන්නෙ කියලා. ආර්ථිකේට කෙලවෙලා ඉගෙනගන්නයි, බෙහෙත් ගන්නයි ගිණි ගණන් ගෙවන්න වෙන දවසක ලංකාවෙ මිනිස්සු ඕක තේරුම් ගනී එතකම් ආණ්ඩුවටයි 225 ටයි බැණ බැණ 2500 වරුනෙ කිය කියා ඉඳී.

Sersi කියනවා ග්‍රීක ජනප්‍රවාද වල එන Ikaris ගෙ කතාව Sprite Athens වල ඉන්න කාලෙදි හදපු එකක් කියලා. මේක මම කෙටියෙන් කියන්නම්. එක්තාර මිනිහෙක්ව රාජද්‍රොහී වරදකට මිනිහවයි, මිනිහගෙ පුතාවයි දූපතක හිරකරනවා. මේ මනුස්සයා හොඳ මොළකාරයෙක්. මෙයා දූපතේ ගහකින් වෑස්සෙන මැළියම් වගේකුයි ඒ දූපතේ හිටපු කුරුල්ලො වගේයකගෙ පිහාටුයි පාවිච්චි කරලා පියාපත් යුගල දෙකක් හදනවා. හදලා මේ දෙන්න දූපතෙන් එලියට යනවා. යන්න කලින් මනුස්සයා පුතාට කියනවා ඉර ගාවින් යන්න එපා කියලා. හැබැයි පුතා මේක හන්නෙ නැතුව ඉර ගාවින් ගිහිල්ලා මැරෙනවා. මේ පුතාගෙ නම තමා Ikaris කියන්නෙ. මේක කොමික් වලත් එන දෙයක්.

කොමික් වලදි Ikaris ගෙ පුතා මෙහෙයුමක් අතරතුරදි ඉර ගාවට ගිහිල්ල පිච්චිලා මැරෙනවා. ෆිල්ම් කේදි අපි දැක්කනෙ Ikaris දිවිනසාගන්න ඉර ගාවට යනවා. හැබැයි මනුස්සයා ඇත්තටම මැරුණනම් අපරාදෙ. සෑහෙන වැඩක් ගන්න පුළුවන් චරිතයක් Ikaris කියන්නෙ සහ Richard Madden කකකියන්නෙ හොඳ ෆෑන්බේස් එකක් තියෙන කෙනෙක්. ඇත්තටම මිනිස්සුන්ගෙන් බාගයක්ම තියටර් ගියේ Robb Stark, Jon Snow දෙන්න හින්දා.


Sersi කියන හැටියට එයාට ජීවියෙක්ව වෙනස් කරන්න බැහැ. හැබැයි මේක ඇත්ත නෙවේ කියල අපි පස්සෙ දැනගන්නවා. Sersi කියන චරිතය හදන්න Jack Kirby ඉන්ස්පයර් කරන් තියෙන්නෙ ග්‍රීක මිත්‍යා කථා වල එන Cersi කියන චරිතයෙන්. මෙයා ඇවිල්ල මිනිස්සුන්ව සත්තු බවට හරවපු කෙනෙක්. ඔඩිසි කියෙව්වනම් මෙයාව හම්බෙලා ඇති.


Sersi ගෙ අපාට්මන්ට් එක ඇතුලෙදි බිත්‍තර වගයක් සහ කුරුල්ලො තුන්දෙනෙක් බලාගන්න පුළුවන්. මේකෙන් පෙන්නලා තියෙන්නෙ Eternals ල ල Tiamut ගෙ egg එක ආරක්ශාකරපු හැටි. මෙතන හරියටම කුරුල්ලොන්ගෙ පිළිම තුනක් තියෙනවා. මේකෙන් පෙන්නලා තියෙන්නෙ ඒ වෙලාවෙ  අපාට්මන්ට් එක ඇතුලෙ හිටපු Ikaris, Sersi සහ Sprite කියන තුන්දෙනාව.


ෆිල්ම් එකේ තිබ්බ ලොකුම Goosebumps මූමන්ට් වලින් එකක් මේක. Arishem ට තිබ්බෙ සෑහෙන පොඩි රන්ටයිම් එකක්. හැබැයි අනිත් කිසිම චරිතෙකට වඩා මට Arishem ව අල්ලල ගියා. Arishem ගෙ පොඩි අවුලක් දැක්කද? එයාගෙ ආමර් එක (ඔය ඇත්තම සෙලෙස්ටියල් කෙනෙක්ගෙ පෙනුම නෙවෙයි ඈ. ඔය ආමර් එකක් දාගෙන ඉන්නෙ.) සෑහෙන ඩැමේජ් වෙච්ච එකක්. මේකට explanation එකක් දෙන්න අපිට යන්න වෙනවා marvel universe එකේ මුල හොයාගෙන.


සියල්ලෙහිම ආරම්භයට කලින් පැවතුනේ එක ජීවියයි. මෙයාට කියන්නෙ First Firmament කියලා. ජීවියෙක් කිව්වට මෙයා ඇවිල්ල සම්පූර්ණ යුනිවර්ස් එකක්.. කොම්පියුස් නේ. මාවල් කොමික් වලදි සමස්ථ විශ්වයම එක ජීවියෙක් කියල තමා හඳුන්වන්නෙ. මෙයාගෙ ශරීරයේ තමා මන්දාකිනි, ග්‍රහලෝක සියල්ලම පවතින්නෙ. හරියට ම්නසුස්ස ශර්‍රිරයක් ඇතුලෙ ක්ෂුද්‍ර ජීවීන් ඉන්නවා වගේ. මේ First Firmament ඇතුලෙ තමා ගේලන් එහෙමත් නැත්තම් පස්සෙ කාලෙක ගැලැක්ටස් එහෙම ජීවත්වෙන්නෙ. කාලයක් යද්දි මේ First Firmament ට තනිකමක් දැනෙන්න ගන්නවා. මේක නිසා මෙයා servants ල වගයක් නිර්මාණය කරනවා. මේ beings ලට තමා අපි සෙලෙස්ටියල් කියලා කියන්නෙ. මෙයාල First Firmament  ගෙ දැක්මට විරුද්ධ අය. මෙයාලට ඕනෙ සර්වසම්පූර්ණ ජීවයක් නිර්මාණය කරන්න. ඒ වගේම මෙතන තවත් කොටසක් ඉන්නවා මෙයාලත් සෙලෙස්ටියල් ලා වගේම හැබැයි කළුපාට කොටසක් මේ අයට කියන්නෙ Aspirants ල එහෙමත් නැත්තම් Dark Celestials ල කියලා, මෙයාල First Firmament ට පක්ෂපාතී අය. මේ නිසා Celestials  ල සහ Aspirants අතර යුද්ධ්‍යක් පටන්ගන්නවා. මේකෙන් First Firmament ට හානිවෙලා කෑලි වලට කැඩෙනවා. 


මේකෙන් තමා Marvel Universe එක එහෙමත් නැත්තම් Eternity ව නිර්මාණය වෙන්නෙ. යුද්ධෙන් පස්සෙ Celestial order එක Eternity ගෙ life force එක ශක්තිමත්  කරන්න ජීවය ව්‍යාප්ත කරනවා. මොකද First Firmament ඉන්නෙ Eternity ගෙන් සහ Celestials ලගෙ පළිගන්න බලාගෙන.


දැන් තේරෙනවනේ Tiamut ව මරපු එකෙන් කොච්චර හානියක් උනාද කියලා. මේ අනතුරේ දැම්මෙ ඇතිවෙන්න තිබ්බ ජීවය විතරක් නෙවේ මුලු යුනිවර්ස් එකම. පේනවාද කරපු වරද දුරදිග නොබලා.


මේ තියෙන්නෙ Great Wall of India මේක තමා චීන මහා ප්‍රාකාරයට පස්සෙ ලෝකෙ ලොකුම තාප්පය.

Arishem සහ Sersi අතර යන දෙබස් ටික ෆිල්ම් එකේ වැදගත්ම කොටස කිව්වත් කමක් නෑ. මෙතනදි Arishem කියනවා Eternals ලගෙ ඇත්තම ඔරිජින් එක. මෙයා ඇත්තටම ජීවීන් නෙවේ. සෑහෙන advanced විදිහට හදපු synthetics ල කියලා. මේක දකිද්දි මට මතක් උනේ Humans සීරිස් එකේ Gemma Chan කරපු චරිතය. (Humans Series එක බලල නැත්තම් අනිව බලන්න. ඒකෙත් රිවීව් එක ඕල්මෝස්ට් ඩන්). 


Druig මේ කියන දෙබස 100% ඇත්ත ඈ. නිකමට හිතන්නකො. Eternals ල අච්චර කැපකිරීම් කරලා ලෝකෙ බේරගන්නවා. ඒ කරන්නෙත් බිලියන ගානක් ජීවිත නිර්මාණය කරන්න ඉන්න සෙලෙස්ටියල් කෙනෙක් ව මරල දාල. හැබැ්‍ි වැඩක් තියෙනවද? මිනිස්සු වැඩිම අවුරුදු දාහක් ඉඳී ඊටපස්සෙ මොකෝ වෙන්නෙ. මින්ස්සුන්ගෙ වැඩ නිසා ලෝකෙ දූෂණය වෙලා ජීවය වඳවෙලා යයි. ඇත්තටම Tiamut ව මරණ එකේ තේරුමක් නෑ නේද? ඒකයි ෆිල්ම් එකේ කියන්නෙ මිනිස්සු ජීවත්වෙන්න deserved නෑ කියලා.

Sprite ගෙ ස්ටෝරියනම් සිරාම ඩ්ප්‍රෙසන්. හිතනවා වගේ ලස්සන දෙයක් නෙවේ නිමා නොවෙන ජීවිතයක් කියන්නෙ. ආදරේ කරන්නත් බෑ යලුවෝ හදාගන්නත් බෑ. ඒකනෙ ෆිල්ම් එකේ මුල Sprite, Sersi ට කියන්නෙ ඩේන් හැමදාම ජීවත්වෙන්නෙ නෑ එයත් එක්ක ඉන්න කියලා. ඔය කතාවට peter pan ව ගත්ත එක සිරාම කොමික් රෙෆරන්ස් එකක්. ඒ කියන්නෑ. කලින් ලිපියේ දාල තියෙන්නෙ. 

ඩේන්ගෙ මාමා ගැන කියනවා. කොමික් වලදි ඩේන්ගෙ මාමා එහෙමත් නැත්තම් Prof. Nathan Garret කියන්නෙ ඩේන්ට කලින් හිටපු Black Knight. මෙයා විලන් කෙනෙක්. ඒක නිසා වෙන්න ඇති Make Amends with him කියන්නෙ.


පේනවනෙ මං කියපු එක. බුද්ධිමත් කියන මිනිස්සු බුද්ධියෙන් වැඩගන්න හැටි ඔය. මම නම් ඇත්තටම හිතන්නෙ Eternals Arishem කියන එක ඇහුවනම් හොඳයි කියලා. මිනිස්සු කියන්නෙ තමන්ගෙ වල තමන්ම කපාගන්න ජාතියක්. එහෙම ජාතියක් වෙනුවෙන් කැපකිරීම් කරන්න වටින්නෙ නෑ.

Anyway, Phastos Ikaris ටයි, Sersi ටයි කතාකරන්නෙ Isaac, Sylvie කියලා. මේක කොමික් වලන් ගත්තු එකක්. කොමික් වලදි Ikaris ගෙ අනිත් identity එක Ike Harris, Sersi ට කියන්නෙ Sylvia Sersi කියලා. (By the Way සිල්වී 😂😂🙏).

 


Domo එක ඇතුලෙ Excalibur එක තියෙනවා. ඒ වගේම Sprite අහනවා ඒ Ebony Blade එකද කියලා. කොමික් වලදි Excalibur එක සහ Ebony blade දෙක හදන්නෙ ආතර් රජුගේ කාලයේදි. ඒ වගේඑමයි ආතර් රජු මැරුනට පස්සෙ Sir. Percy a.k.a. Black Knight Ebony Blade එකට අමතරව Excalibur එකත් පාවිච්චි කරනවා. Excalibur එක කියන්නෙත් බොහොම පවර්ෆුල් ආයුධයක් කොමික් වලදි. හැබැයි මේකෙනම් පෙන්නුවෙ නිකන්ම නිකන් කඩුවක් වගේ.  ඉස්සරහට අපිට මේ දේවල් ගැන වැඩි ව්ස්තර MCU එක ඇතුලෙදි බලාගන්න පුළුවන් වෙයි.


First look at හැලයා ඇන්ඩ් සීදේවී 2.0 😂 දෙන්නගෙ කෙමෙස්ට්‍රිය නම් මරු. ඕකට ලස්සන ෆෑන් තියරි එකක් තියෙනවා. Druig කියන්නෙ මනස පාලනය කරන්න පුළුවන් කෙනෙක්නේ. Makkari deaf නිසා එයාට අනිත් අයත් එක්ක කතාකරන්න අමාරුයි. ඉතින් පොඩි තියරියක් යනවා මේ දෙන්න මෙච්චර කිට්ටුවෙන් ඉන්නෙ Druig Makkari ගෙ emotions දැනෙන නිසා කියලා.

 


ෆිල්ම් එකේ Celestials ල ඇරුනම මම බලන්න excited වෙලා හිටපු අනිත් එක මේ. The Uni-Mind. මේක මොකද්ද කියලා කලින් ලිපියේ කියලා තියෙන්නෙ. ආයෙත් කියන්නෙ ඒක බලන්න කියලා. කොමික් වලදි මේක  Eternals ලට තියෙන ability එකක්. හැබැයි ෆිල්ම් එකේදි මේක කරන්න අර bracelets ටික ඕනෙ වෙනවා. ( කොහොමත්  Eternals ලගෙ පවර් සෑහෙන අඩුකරලා තිබ්බෙ ෆිල්ම් එකේ). මේක ඇකියුරේට් නෑ කියලත් බැනල තිබ්බ හැබැයි.  

හිහී Jack Kirby ටත් වැරදිලා වෙන්ටැති



මෙතනදි Makkari one million dollar question එක අහනවා. Tiamut ව නින්දට යැව්වට පස්සෙ. මෙතන හොඳටම පේනව සර්සි එතනින් එහා කරන්න ඕනෙ දේ ගැන හිතල නෑ කියලා. මිනිස්සුන්ව වෙන ලෝකෙකට යවමු කියන්නෙ කටට ආවට වගේ. ඕකට Sprite දෙන උත්තරේ අමු කොමික් reference එකක්. කොමික් වලදි මහා ජල ගැල්මෙන් බේරෙන්න නැවක් හදන්නෙ Eternals ල. 


මේක නම් MCU එකම ට්විස්ට් කරපු තැනක්. තානෝස් ස්නැප් එක කරන්නෙ Celestials ල ඉපදෙන එක නතරකරන්න කියලයි Ajax කියන්නෙ. VOD ආවට පස්සෙ “Thanos was right” කියල රැල්ලට පෝස්ට් ගැහුවෙ කට්ටිය. හැබැයි තානෝස්ගෙ අරමුණ ඒකනම් මිනිහ අමු වේස්ටඩ්. Emergence එක නවත්තන්න විශ්වයෙන් බාගයක් මරණ එකේ තේරුම මොකද්ද? කොටසක් මැරිලා අනිත් කොටස සතුටින් ඉඳී කියලා කියමුකො. ඉතින් Celestials ල කරන්නෙත් ඒකනෙ. එක ලෝකයක් බිල්ලට දීලා ඒ වගේ දහදොලොස් ගුණයක් ලෝක  හදන එකනෙ සෙලෙස්ටියල් කෙනෙක් කරන්නෙ. අනිත් එක මේකෙන් emergence එක නවතින්නෙ නෑනෙ. Delay වෙනවා විතරයි. තානෝස් හරි කියන්නෙ Emergence එක නැවැත්තුවට නෙවේ ඈ. ඒකට වෙන හේතුවක් තියෙනවා. කල්පනා කරන්න. එව්වා තේරුම් ගන්න කොමික් ඕනි නෑ. ඒ ඇවිල්ල කොමන් සෙන්ස්.

හැබැයි මෙහෙම එකක් තියෙනවා. තානෝස් කියන්නෙ Eternal කෙනෙක් කියල දැන් එලිවෙලානෙ තියෙන්නෙ. එතකොට Eternal කෙනෙක් ජීවයෙන් බාගයක් විනාස කරලා emergence එකටත් බාධාකරපු එකට Arishem ටිපර් වෙන්නෙ නැද්ද? මට හිතෙන හැටියට Arishem මේකට කිසිම ඇක්ශන් එකක් නොගත්තෙ තව ටික කාලෙකින් ආයෙම population එක restore වෙන නිසා වෙන්න ඇති. Immortal beings ලනෙ. අවුරුදු 5000 ද මිලියනයක්ද කියන එක ඩ්සන්ට් මැටර්.


මෙන්න පට්ටම Visual Storytelling එකක්. මං කලින් කිව්වනෙ මේ ෆිල්ම් එකෙන් පෙන්නලා තියෙන්නෙ මිනිස්සුන්ව බේරන එක තේරුමක් නෑ කියන එක කියලා. එහෙන් Eternals ල සෙලෙස්ටියල්ස් ල එක්ක මරාගන්නවා පෘථිවිය බේරන්න. ඒ අස්සෙ මෙහෙ එවුන් Oil rig වලින් පරිසරය විනාස කරනවා. Pathetic as always.

ඔය Makkari ඇඳන් ඉන්නෙ War of the worlds ටී ශර්ට් එකක්.

Kingo තමා මම හිතන හැටියට Eternals ලගෙන් හරිම තීරණය ගත්තේ. මේ ලෝකෙ බේරගන්න අනිත් ලෝක බිලිදෙන්න Eternals ලට අයිතියක් නෑ. ඒ වගේම මොන හේතුව මත උනත් ග්‍රහලෝකයක් විනාස කරන්න බෑ සෙලෙස්ටියල් කෙනෙක්ට උනත්. ඕනෙම කෙනෙක්ට ජීවත්වෙන්න්න අයිතියක් තියෙනවා. හොඳම දේ වෙන දෙයක් වෙන්න ඇරල පැත්තකට වෙන එක. ඒ අතින් ගත්තම Kingo කරන්නෙ හරිම දේ.

ගොඩක් අය Karun ව දැක්කෙ විහිළුසපයන්නෙක් හැටියට. හරි ඉතින් මිනිහා පට්ට ආතල් එකක් දුන්නනෙ. හැබැයි Karun ගෙ pov එකෙන් බැලුවොත් මෙතන සෑහෙන දුක හිතෙන කාතාවක් තියෙනවා. අපි දැක්කනෙ Karun ගාව Kingo ට කොහොම රෙස්පෙක්ට් එකක් තියෙනවද කියලා. එහෙම රෙස්පෙක්ට් කරන කෙනා ලෝකෙ විනාස කරන්න ආව කෙනෙක් කියල දැණගත්තම කොහොම ෆීලින් එකක් එන්න ඇද්ද? ඇයි සර්සි Eternals ල ඇත්ත කියන තැන අනිත් Eternals Tiamut ව නවත්තන්න ඕනෙ කියද්දි Kingo කියන්නෙ Tiamut ව නවත්තන්න එපා Arishem කියපු විදිහට කරමු කියලනෙ. ඒකෙන් නොකිය mean කරන්නෙ පෘථිවිය sacrifice උනාට කමක් නෑ කියලා. ඕක කියද්දි මිනිහට මොනා හිතෙන්න ඇද්ද. හාම්පුතා කියනව තමන්ගෙ සංහතියම මැරෙන්න අරිමු කියලා. එච්චර දේවල් වෙලත් Karun ගෙ කිසිවෙනසක් පෙන්නෙ නෑ. ඔය ඔක්කොම ගානක් නෑ වගේ ඉන්නව කියන්නෙ. පට්ට ඩ්ප්‍රෙසින් ඒක.

අනිත් චරිත වලට සාපේක්ශව Kro ගෙන් වැඩක් ගත්ත මදි කියලයි මටනම් හිතෙන්නෙ. කොමික් වලදි Deviant ලගෙ ප්‍රධානම චරිතයක් උනත් ෆිල්ම් එකේ නිකන් පේන්න ඉඳල අන්තිමට මැරුම් කෑවා. මීට වඩා වැඩක් ගන්න තිබ්බ. ආ ඒක නෙවේ. දන්නවද Kro ට හිටියේ Bil Skarsgard කියලා. (You’ll float too🎈🎈)


මේවනම් තනිකරම කොමික් පිටු ඉරලා අරගෙන වගේ. ඔය cover එක අයිති කොමික් එක තමා Eternals –To Defy the Apocalypse. විශේෂත්වය තමා ෆිල්ම් එක හදනන්න බේස් කරගත්තු Neil Gaiman ගෙ Eternals run කේ සීක්වල් එක තමා මේ. ඒකෙදි Tiamut ව ඇහැරුනාට පස්සෙ වෙන සිද්දි ටික තමා මේ කොමික් එකේ තියෙන්නෙ.

කොමික් වලදි පෘථිවියෙ ඉන්න සෙලෙස්ටියල්ස් ල කීප දෙනෙක්ම ඉන්නවා.

 

Tiamut


මෙයා ගැන කලින් ලිපියෙ කියලා ඇති. ආයෙත් කියනව ඒක කියවලා එන්ට.

 

Progenitor



මෙයාට Horde එක කියන අසනීපය හැදෙනවා (Horde එක කියන්නෙ විශ්වයේ ඉන්න විශාල කීන් වගේ ජීවීන් කොට්ඨාශයක්. Celestials ලට මෙයාලව expose උනාම මාරන්තිකයි). මේකෙන් Progenitor ට මරණාසන්න වෙලා පෘථිවියට වැටෙනවා. කාලයත් එක්ක Progenitor ව දියවෙලා ජිවීන්ට expose වෙනවා. මේක නිසා තමා කොමික් වලදි අනිත් ග්‍රලෝකවල නැති ඉතා අසාමාන්‍ය විදිහකට පෘථිවියේ superhumans ල වැඩිවෙන්නෙ. ඒ වගේම ඇත්තටම Eternals හැදෙන්නත් හේතුව මෙයා. (ඔව් කලින් කියඖ ඔරිජින් එක බොරු). මේක දැනගත්තටම පස්සෙ Eternals ල කොච්චර ශොක් වෙනවද කිව්වොත් Eternals ල සේරම දිවිනසාගන්නව. (මේකෙන් පස්සෙ Eternals ල ආයෙම resurrect වෙද්දි තමා MCU counterpart එකට ගැලපෙන විදිහට Ajax, Makkari වගේ අයට වෙනස්කම් කීපයක් එකතුකරන්නෙ).

 

Zgerb



මෙයා තමයි Progenitor ගෙ lover. Progenitor ව හොයාගෙන මෙයා එනවා පෘථිවියට. හැබැයි මෙයා එන්නෙ සෑහෙන දුර්වල වෙලා. අන්තිමට Odin ඇතුලු Prehistoric Avengers ල මෙයාට ගහල පොලවෙ වලදානවා. ඕක ආරංචි වෙලා තමා first host එක එන්නෙ.

 

Unmaker



මෙයානම් 2021 කොමික් වලට ආව චරිතයක්. Groundbreaking comic එකක් උන Tom Taylor ගෙ Dark ages වලින් තමා මෙයා කොමික් වලට එන්නෙ. මේක non canon run එකක්. ඒ නිසා ඕනෙම කෙනෙක්ට කියවන්න පුළුවන්.  Unmaker ව හැදෙන්නෙ අවුරුදු බිලියන 10 කට කලින්. කලින් ලිපියෙ කිව්වනෙ සෙලෙස්ටියල් කෙනෙක්ට purpose එකක් තියෙනවා කියලා. මෙයාගෙ වගකීම තමා Black holes වගේ ජීවයට බාධා වෙන දේවල් උරාගන්න එක. හැබැයි කාලයක් තිස්සෙ Black Holes උරාගන්න එකෙන් මෙයාගෙ core එක corrupt වෙනවා.  ඊටපස්සෙ මෙයා ගැලැක්සි පිටින් විනාසකරන්න ගන්නවා. මේකට Living tribunal මැදිහත්වෙලා මෙයාව පෘථිවියේ වල දානවා. 

මෙයා කොච්චර පවර්ෆුල්ද කිව්වොත් එකපාරම Thing සහ Scarlet Witch දෙන්නව පැවැත්මෙන් මකල දානවා. මෙයාව නවත්තන්න ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කාස්ට් කරන ස්පෙල් එක නිසා මුළු පෘථිවියේම විදුලි බලය නැතිවෙනවා.

 


එන්ඩින් එකනම් හිතුවෙවත් නැති මාරම shocking ending එකක්. කොමික් වලදි Arishem ගෙ වගකීම තමා ග්‍රහලෝක තියෙන්න ඕනෙද නැද්ද කියන එක judge කරන එක. ඉතින් මේක ඉස්සරහට බලාගන්න ලැබෙයි. දැන් ලොකු ප්‍රශ්ණයක් ඇති Eternals අරන් ගියේ කොහාටද කියලා. මට හිතෙන හැටියට මේ අරම් ගියේ World Forge එකට. මෙතනට අරන් ගිහින් Eternals ලගෙ මතකය පරීක්ශා කරයි.

හැබැයි මෙතනදි trial එකක් වගේ යන නිසා මේක Court of living tribunal එක කියලත් මතය්ක් තියෙනවා. හැබැයි මේ වගේ එකක් ලයිව් ඇක්ශන් කරන එක පට්ටම අමාරු වැඩක්. Living tribunal කොච්චර විශාලද කිව්වොත් ගැලැක්ටස්ව උනත් අතේ තියාගන්න පුලුවන්. 


ඉතින් එච්චර ලොකු කෙනෙක් කොහොම පෙන්නන්නද මනුස්සයෙක්ගෙ සයිස් Eternal කෙනෙක් එක්ක. මේක ස්ක්‍රීන් එකට ගෙනාවොත් නම් ඒක සමස්ථ ලෝක සිනමාවෙම සිද්ධවෙන Miracle එකක්.


Behold the Mighty Starfox. ලයිව් ඇක්ශන් එනකම් මග බලන් හිටිය ඉන්න චරිතයක් මේ. අන්තිමට grand entrance එකක් එක්ක බුවා ආවා. ඒවට තමා ෆෑන්බේස් සැටිස්ෆයි කරනව කියන්නෙ.(මොනා උනත් MCU පෑන්ස් ල පුදුම පිනක් කරලා තියෙන්නෙ. සො සෑඩ් ෆෝ ඩීසි පික්කො.)  Eros කියන්නෙ මිනිස්සුන්ගෙ හැගීම් පාලනය කරන්න පුළුවන් කෙනෙක්. මේ නිසාම මෙයාට God of Love කියලත් කියනවා. ඒ වගේම Eros කියන්නෙ Greek god of love and sex. පේනවනෙ එසේමෙසේ එකෙක් නෙවේ කියලා. ආපු ගමන් Thena ට ටෝක් කරා. ඕං ඊලග Infinity ලිපිය මෙයා ගැන. 

ෆිල්ම් එකේ මැදදි Arishem කියනවා Eternals ලට පරිණාමය වෙන්න බෑ කියලා. හැබැයි A’lars ට ළමයි ඉන්නවා. මං හිතන්නෙ මේකත් Arishem ගෙ බොරුවක්. Eternals ලට ළමයි හදන්න පුළුවන්. ෆිල්ම් එකේදි Eros ට කියන්නෙ Royal prince of titan කියලා. හැබැයි Eternals ලගෙ පර්පස් එක Intelligence life forms වලට ඉස්සරහට යන්න උදව් කරන එක මිසක් රාජ්‍යක් හදාගන්න එක නෙවේනෙ.  හැබැයි Titan Eternals මේ vow එක කඩන්න ඇති. ඒකෙන් යුද්ධයක් පටන්ගෙන වෙන්න ඕනෙ ටයිටන් විනාසවෙලා තියෙන්නෙ. ඒකෙන් ටයිටන් වල හිටපු celestial මැරෙන්න ඇති.


Eros එක්ක එන අනිත් ඩෑල් එක තමා Pip the troll. කොමික් වලනම් මෙයා ඉන්නෙ Adam Warlock එක්ක.



Dane ට කතාකරන්නෙ කවුද කියල දැන් දන්නවනෙ. Blade the day walker. මෙයා ඉස්සරහට MCU එකේ ලොකුපාට් එකක් කරයි කියල හිතනවා. කොමික් වලදි මේ දෙන්නම MI 13 කියන ටිම් එකේ ඉන්නවා. මෙතනදි Blade කියන්නෙ Are you sure you’re ready for that Mr. Whitman?” කියලනෙ. හෝල් එකෙ ඕක ඇහෙද්දි මං හිතුවෙ මේ Sir Percy of Scandia ගෙ spirit එක කියලා. මොකද කොමික් වලත් ඩේන් Ebony Blade එක ගද්දි Sir Percy of Scandia ගෙ spirit එක එක ඩේන්ට කතාකරල Ebony Blade එක ගැන කියනවා. මෙතන බ්ලේඩ් අහන එකේ තේරුම මේකයි. Ebony Blade එක එක පාවිච්චි කරන්න පුළුවන් හදවත පිරිසිදු නැති කෙනෙක්ට විතරයි. ඩේන් කියන්නෙ එහෙම කෙනෙක් නෙවේ කියල අපි දැක්කනෙ. ඒ වගේම Ebony Blade එකේ සාපයක් තියෙනවා. අමුතු අමුතු සද්ද එහෙම ඇහුනෙ කඩුව ගන්න යද්දි. මේ හේතු නිසා තමා අහන්නෙ ඕක කරන්නම ඕනෙද කියලා. සමහරවිට Blade ෆිල්ම් එකේදි Dane Whitman Black Knight විදිහට බලාගන්න පුළුවන් වෙයි. කඩුව දාල තියෙන පෙට්ටියෙ තියෙන චිත්‍රවල ඇත්තෙ Ebony Blade එකේ ඔරිජින් එක වෙන්න ඇති. කොමික් වලනම් මේක හදන්නෙ කඩාවැටුන තාරකාවකින්.

 


MCU ඊලග Eternals appearance එක Thor Love and Thunder එකේ තියෙන්න ඉඩ තියෙනව. ෆිල්ම් එකේ කෙලිනම කිව්වනෙ තෝර් Eternals ලව දන්නව කියලා.

කට්ටිය මගෙන් ඇහුවා බැට්මෑන්ලා MCU එකේ ඉන්නවද කියලා. මට හිතෙන්නෙ MCU එක ඇතුලෙදි DC universe එක කොමික් එකක් වගේ Entertaining franchise එකක් විදිහට ඇති.

එහෙනම් Starfox ලිපියෙන් හමුවෙමු.

 

May the cosmos will exist for eternity!!!


කවුද මේ Eternals ලා සහ ඇයි මෙයාලා MCU එකට මෙච්චර වැදගත්??? | Eternals Final Trailer Breakdown and Character Explanation 👇

https://www.reviewwhocares.com/2021/11/eternals-mcu-eternals-final-trailer.html

3 Comments

  1. Lipiya nam patta ❤️❤️🔥

    ReplyDelete
  2. තානෝස් හරි කියන්නෙ Emergence එක නැවැත්තුවට නෙවේ ඈ. ඒකට වෙන හේතුවක් තියෙනවා. කල්පනා කරන්න. එව්වා තේරුම් ගන්න කොමික් ඕනි නෑ. ඒ ඇවිල්ල කොමන් සෙන්ස්...

    ආසම වචන ටික... ෆිල්ම් එක නොවැම්බර් බලලා මතකත් නෑ හරියට... හැබැයි නොසෑහෙන්න විස්තර මේකෙන් දැනගත්තා ❤🔥

    ReplyDelete
Post a Comment
Previous Post Next Post