චීන ෆැන්ටසි ලෝකය | Best Chinese Animated Films to Watch



ඇනිමේශන් ෆිල්ම් කිව්වම ඔයාලට විවිධාකාර චිත්‍රපටි ඔලුවට එනවා ඇති. Disney ලා pixar එක්ක එකතු වෙලා ගහ න මාස්ටර්පීස් චිත්‍රපටි, Wb ලා ගහන චිත්‍රපටි Netflix ලම ගහන චිත්‍රපටි වගෙ ගොඩක් ප්‍රසිද්ධ ඇනිමේශන් චිත්‍රපටි ඔයාලා බලලා ඇති. අද මේ කතා කරන්නෙ ඒ එකක් ගැනවත් නෙමේ. හැබැයි ඒ කිසිඑකකටවත් කතාවෙන් වත් කොලිටියෙන්වත් දෙවැනි නොවෙන ඇනිමේශන් චිත්‍රපටි ගැන..

චීනෙ කියන්නෙ ජනගහනය අධිකම රටක්. සාමාන්‍යයෙන් රිලීස් වෙන ඕන චිත්‍රපටියක box office එක තීරණය කරන්න ප්‍රධාන හේතුවක් විදිහට චීන චිත්‍රපටි පිස්සන්ව හඳුන්වන්න පුලුවන්. එහෙම ෆෑන්බේස් එකක් තියෙන රටේ හැදෙන සුපිරිම ඇනිමේශන් චිත්‍රපටි තමා අද කතාකරන්නෙ. මේවා 3d Animation(CGI Animation) films. මේ ෆිල්ම්ස් වල ගොඩක් වෙලාවට කතාව විදිහට යොදාගන්නෙ චීනෙ තියෙන ජනප්‍රවාද,පුරාවෘත්ත සහ මිත්‍යා දේවල්. සරලවම කිව්වොත් ෆැන්ටසි ඇසුරෙන් තමා මේවා නිර්මාණය වෙන්නෙ. මේ ෆිල්ම් වලට මේවා හදන නිර්මාණකරුවො ගොඩක් මහන්සි වෙනවා. සෑහෙන්න රියලිස්ටික් වෙන්න සහ මාර ලස්සන විදිහට හදන්න මේ අය ගොඩක් මහන්සි වෙනවා. මාරම ලස්සන background හදන්නත් මේ අය අමතක කරන්නෙ නෑ. ඉතින් ඔයාලට මේකෙ එක පැත්තකින් ලස්සන පරිසයක් විඳින්න පුලුවන් වගේම මාර ලස්සන ස්ටෝරිලයින් රසවිඳින්නත් පුලුවන්. එහෙනම් අපි යමු මේ චිත්‍රපටි මොනාද බලන්න... 

(මේ තියෙන චිත්‍රපටි කිසිම එකක් තියෙන්නෙ කිසිම අනුපිළිවෙලකට නෙමෙ. Random Order එකකට)


Nezha(2019)


චීනෙට ඉන්න ප්‍රසිද්ධ Myth වලින් එකක් තමා Nezha කියන්නෙ. Nezha කියන්නෙ තනිකරම විනාසයක්. ගින්දර එක්ක සෙල්ලම් කරන පොඩි එකෙක්. මේකගෙ මොන පැත්තෙන් බැලුවත් හොඳක් ඇත්තෙම නෑ. අත ගැහුවද විනාසයි. මේන් මේ පොඩි එකා එක්ක මකරු එක්ක හැප්පෙන හැටි මෙකෙන් ලස්සනට බලාගන්න පුලුවන්. හොඳම දේ මොකද්ද දන්නවද? මේකට ගිහිල්ලා තියෙන්නෙ $20 මිලියන බජට් එකක්. හැබැයි මේක $742.5 මිලියන ආදායමක් හොයාගන්න සමත් වෙලා තියෙනවා.


Jiang Ziya(2020)


Nine tailed fox කියන්නෙ චීනෙ,ජපානෙ,කොරියාවෙ වගෙ රටවල් ගානක් පාවිච්චි කරන ජනප්‍රිය Myth එකක්. මෙයා තමා මේකෙත් ඉන්නෙ. මෙයා නිසා Mortal ලෝකෙ මහා ලොකු යුද්ධයක් ඇති වෙනවා. මේක නවත්තන්න Heaven එකෙන් එන කමාන්ඩර් ගෙ රජකාරිය තමා nine tailed fox ව මරන එක. ඒත් මේ Jiang ziya කියන කමාන්ඩර් fox ව මරන්න යද්දි දකිනවා එයාගෙ ජීවිතෙ අහිංසක ගෑනු ළමෙක් එක්ක ලින්ක් වෙලා තියෙන්නෙ කියන එක. මේක නිසා එයා fox ව මරන එක ප්‍රතික්ෂේප කරනවා. මේ හේතුව නිසා ziya ව heaven එකෙන් පිටුවහල් කරනවා. මේකත් එක්ක මෙයා Mortal world එකෙ ජීවත් වෙද්දි ආයෙ ම nine tailed fox එනවා. ඒකත් එක්ක Jaing මූණ දෙන ප්‍රශ්න එක්ක තමා කතාව යන්නෙ. මේකෙත් මාරම ලස්සන ඩීටේල් එක්ක හරිම කලර්ෆුල් ඇනිමේශන් බලාගන්න පුලුවන්. කලින් කතාකරපු Nezha එකයි මේකයි දෙකම තියෙන්නෙ එකම යුනිවර්ස් එකක. මේකෙ End Credit සීන් එකෙන් ඒක පැහැදිලිවම බලාගන්න පුලුවන්. 


White snake(2019)


මෙකෙ කොලිටිය නම් කතා කරලා වැඩක් නෑ. පට්ටම කොලිටි ඇනිමේශන් තියෙන චිත්‍රපටියක්. මේකෙ ඉන්නවා අමරණීයත්වය අපේක්ෂා කරන හැපින්නක්. මෙයාට තව සහෝදරියකුත් ඉන්නවා. මෙයාලට මනුස්ස වේශයකුත් තියෙනවා. අපේ කතා නායිකාව සුදු නාගිනිය එක්තරා මෙහෙයුමකට ගිහින් බරපතල තුවාල ලබන ගඟකට වැටෙනවා. ඊට පස්සෙ මෙයා ඇහරෙද්දි මෙයා ඉන්නෙ ගමක. මෙයාව ගමට ගෙනැල්ලා ගමෙ උදවිය මෙයාට බෙහෙත් කරලා. ඒත් මෙයාට මුළු ජීවිතෙ හැමදේම අමතක වෙලා කලින් උන තුවාල වලට. මේ ගමෙ අයගෙ රස්සාව තමා සර්පයො අල්ලන එක. මේ අතරෙ අපෙ කතා නායිකාව එක් තරුණයෙක් එක්ක ආලයෙන් බැඳෙනවා. ඔය අතරෙ භයානක අඳුරු මායාවලින් පිරුණ ගොඩ දෙනෙකුත් එනවා....මේ විදිහට තමා කතාව යන්නෙ..ලස්සන interesting ස්ටෝරියක් තියෙනවා මේකෙ. ආ ඒවගේම කලින් කිව්ව දෙකයි මේකයි තියෙන්නෙ වෙන වෙනම යුනිවර්ස් වල. මේ යුනිවර්ස් එකට අයිති වෙන තව චිත්‍රපටියක් මේ වෙද්දි ඇවිත් තියෙන්නෙ. ඒක ගැන අපි ඊළඟට කතා කරමු. මේකම් psa එකෙනුත් දුන්නා. ඔයාලට ඒකෙන් ගන්න පුලුවන් හොඳම කොලිටියෙන්. මේ ලිපිය ලියද්දි White Snake 2 ත් රිලීස් වෙලා කියලා මට දැනගන්න ලැබුනා. හැබැයි මට නම් තාම හොඳ කොලිටි රිප් එකක් හම්බුනෙ නෑ. ඒක නිසා තාම ඒක බලන්න බැරි වුනා. White snake එක බැලුවට පස්සෙ අනිවා දෙකත් බලන්න.


Nezha reborn(2021)



ලිස්ට් එකෙ මම කොලිටිම මම ආසම ෆිල්ම් එක තමා මේක. ඒ දෙකටම හේතුව වෙන්නෙ මේක 2021 දි ආපු එක. උඩ කිව්වා වගෙ මේක අයිති වෙන්නෙ white snake Universe එකට. කලිනුත් අපි Nezha කියලා ෆිල්ම් එකක් ගැන කතා කලානෙ. මේ Nezha යි අර Nezha යි හරියට බැලුවොත් එක්කෙනෙක් ම තමා. හැබැයි එකම කෙනා නෙමෙ. ඒ වගේම මේ දෙක එකකට එකක් සම්බන්ධත් නෑ. එකම යුනිවර්ස් එකකට අයිතිත් නෑ. පස්සෙ කාලෙක එකක් කරයිද දන්නෑ. හැබැයි තාම නම් නෑ. කලින් කිව්වනෙ Nezha කියන්නෙ කවුද කියලා. ෆිල්ම් එකෙ නමේම තියෙනවා වගෙ Nezha ගෙ Reincarnation එකක් විදිහට එන තරුණයෙක් වටා තමා කතාව ගෙතෙන්නෙ. මේක යන්නෙ අපේ වර්තමාන කාලෙ අපෙ ලෝකෙ ට සමාන ලෝකෙක. සුපුරුදු විදිහට මේකෙත් Dragon king ව එහෙම Villain විදිහට බලාගන්න පුලුවන්. තව සුපිරිම ඩයල් එකකුත් ඉන්නවා. එයා කවුද කියන එක ටුවිස්ට් එකක්. හම්මෙ මේකෙ ශොට් වල තියෙන ඩීටේල්ස් කන්දරාව😍. එක තැනක Nezha ගෙ close up ලුක් එකක් පෙන්වද්දි ඇහි බැමේ කෙස් එකින් එක වෙන ම පේන විදිහ එහෙම හම්මෝ😍😍. කලින් ඉඳලම කිව්වා වගෙ මෙව්වා හොඳම කොලිටියෙන් බලන්න ඇ.


Monkey king hero is back(2015)



මහා වානර,වඳුරු රජ වගෙ සිංහල නමින් හඳුන්වන Monkey king ව සාමාන්‍යයෙන් නිකමට හරි දන්නවා ඇති නෙ. මෙයා රටවල් කීපයකම ලොකු ලෙජන්ඩ් Myth එකක්. Live Action ෆිල්ම් ටික එහෙමත් කට්ටිය බලලා ඇතිනෙ. රූපවාහිනියෙත් නාට්‍යයක් ගියාලු. කොහොම හරි Monkey king ගෙ ඔරිජින් එක එහෙම දන්නවා ඇති නෙ. මම ඒක මෙතන කියන්න යන්නෙ නෑ. ඒක ෆිල්ම් එකට අදාලත් නෑ. ෆිල්ම් එක පටන් ගන්නෙ සන් වූකුන්ග්(Monkey king) දිව්‍යලෝකෙ සෙට් එක එක්ක ගේම ඉල්ලලා උන් සෙට් එකම පරාද කරලා Lord  buddha(බුදුහාමුදුරුවෝ) සන් ව අල්ලගෙන ගුහාවක් ඇතුලෙ ගල් කරලා. මෙ සිද්ධියෙන් අවුරුදු ගානකට පස්සෙ ළමයෙක් මේ ගුහාවට අහම්බෙන් යැවෙනවා. ඒ යන්නෙත් Monsters ලා වගයකින් බෙරෙන්න. ඉතින් මෙතනදි සන් වූකුන්ග් ශාපෙන් මිදිලා නැගිටිනවා. මේකත් එක්ක සන් තමන්ගෙ අරමුණ මොකද්ද කියන එක වගේම ළමයා එක්ක යන ලස්සන ජර්නි එකක් බලා ගන්න පුලුවන්. ලස්සන කතාවක්. මේකෙ විඩියො ගේම් එකකුත් තියෙනවා. කැමති කෙනෙක් ඕනෙ නම් ඒකත් ගහන්න.


Wind Guardian(2018)



Avatar The last airbender  බලපු අයට අමුතුවෙන් Elements controls ගැන කියන්න ඕනෙ නෑ. එකෝමත් එක කාලෙක වෙන ලෝකෙකින් දැවැන්ත Beast ලා හතර දෙනෙක් එකපාර මතු වෙනවා. ඒ වෙලාවෙ ශාලන් ලගෙ බිහිවීමත් වෙනවා. ශාලන් කියන්නෙ Beast ලා එක්ක සටන් කරන්න නිර්භීත රණශූරයො. මෙයාලා Metal,Wood,Fire,Water,Earth කියන Elements පහ පාලනය කරලා මේ මෘගයන්ව නවත්තන්න හදන්නෙ. ශාලන්ලා පස් දෙනාම එකතු වෙලා හදන Wind spell එකකින් Beast ලා ඔක්කොමලව හිර කරන්න පුලුවන් වෙනවා. ඉතින් මේ Wind spell එක තියෙන කෙනාට Wind element එක පාලනය කරන බලෙ ලැබෙනවා. හැබැයි කාටවත් ඒක ලැබෙන්නෙ නෑ. කාලය මෙහෙම යනවා. ශාලන්ලා ලෝකෙ සුරකින රාජකාරිය දිගටම කරනවා. මේ අතරෙ ගම්බද නගරෙක ඉන්නවා අපේ කතා නායකයා. පොරගෙ අතෙ Wind spell එක තියෙනවා කියලා තමා පොර හැමෝටම කියන්නෙ. ඇත්තටම ඒක තුවාලයක් නිසා හැදුන එකක්. පොර කොහොම උනත් මේන් මේක හොඳට විකුණන් කනවා. හරියට අපෙ රටේ ආගම විකුණන් කනවා වගෙ. කෝමහරි පොරට ඇස් පේන්නෙ නෑ. ඒක නිසා පොරට හොඳට කන් ඇහෙනවා. පොර ජීවත් වෙන්නෙ අම්මා එක්ක. එක දවසක ගමට රාක්ෂයො වගයක් ඇටෑක් කරනවා. මේකත් එක්ක වෙන කලබලේට පස්සෙ ගෙදර යද්දි අම්මා අතුරුදහන් වෙලා. ඒත් එක්කම එකපාර පොරට ඇස් පේන්න ගන්නවා. මේ වුන අමුතු සිද්ධි එක්ක පොර අම්මා හොයන්න යන්න තීරණය කරනවා. මේකත් එක්ක තමා කතාව ඉස්සරහට යන්නෙ. පට්ට ඉමෝශනල් කතාවක් මේක.


Dragon nest Worries Dawn(2016)



මේක නම් ගොඩක් අය බලලත් ඇති.මොකද මේක tv එකෙත් දෙපාරක් විතරම ගියා.මම මුලින් මේක බැලුවෙත් ටිවි එකෙ යනකොට. පට්ටම එපික් කතාවක් තමා මේක. හියුමන් සහ එල්ව්ස් රණශුර ශූරියො කණ්ඩායමක් එකතු වෙලා යන qeust එකක් තමා මේකෙ කතාව වෙන්නෙ. මෙයාලා යන්නෙ Dragon කෙනෙක් slay කරන්න. පට්ට පවර්ෆුල් මකරෙක් ව. කතාවෙ Main Antagonist විදිහට ඉන්නෙ කණ්ඩායමෙ දුර්වලම සටන් කරන්නත් හරියට බැරි චූටි කොල්ලෙක්. මිනිහා කතාව ඉස්සරහට යද්දි බිල්ඩ් අප් වෙනවා සුපිරියටම. ඒක තමා මේකෙ හොඳම දේ. දුර්වලම කෙනා ටික ටික බලවත් වෙන එක. සුපිරිම ෆයිට් ටිකකුත් අපිට මේකෙ බලාගන්න පුලුවන් මේකෙ. චයිනීස් ඇනිමේශන් බලන්න මාව යොමුවුනෙත් මේක නිසා. ඒ තරම් හිතට වැදුන ෆිල්ම් එකක් මේක.


Throne of elves(2016)



මේ තියෙන්නෙ උඩ කතා කරපු එකෙ දෙවැනි ෆිල්ම් එක. මේකෙ වෙන්නෙ පලවෙනි ෆිල්ම් එකට පස්සෙ දේවල්. ඉතින් ඒක නිසා මට ලොකු දෙයක් මේක ගැන කියන්න බෑ. නැත්නම් කතාව ස්පොයිල් වෙනවනෙ. නමේම පේනවා වගෙ මේකෙදි එල්ව්ස් ලා තමා ගොඩක් ම ෆෝකස් වෙන්නෙ මේකෙදි. ඒ වුනත් කතාවෙ මේන් ඇන්ටගනිස්ට් අපෙ කොල්ලම තමා. මේකෙදි පොර ටිකක් ලොකුයි. කොහොමත් එක බලපු කෙනෙක් ට අනිවා බැලෙනවා මේක. මන් ආයෙ ඒක නිසා බලන්න කියන්න යන්නෑ ඉතින්. හැබැයි සාමාන්‍යයෙන් Sequel එකක් මුල් එක තරම්ම හොඳ වෙන්නෙ නෑනෙ. කලාතුරකින් නෙ එහෙම වෙන්නෙ. මේකත් එහෙම දෝ කියලා සමහර වෙලාවට මට හිතෙනවා. බලපු අය කමෙන්ට් එකක් දාන් යන්නකො ගුණ දොස් ගැන. හැබැයි ඇනිමේශන් කොලිටිය නම් ගින්දර. එකෙ වෙනසක් නෑ.


Mosley(2019)



හරිම ලස්සන කතාවක් මේක. මේක නම් china × New zealand එකතු වෙලා හදපු එකක් කියලා දැක්කෙ. ඇනිමේශන් කොලිටිය උඩ කතා කරපු ඒවගෙ තරම් ලොකුවට ඩීටේල්ස් නැති වුනත් ඇවරේජ් මට්ටමට එහායින් කොලිටියක් තියෙනවා මේකෙ. මේකෙ කතාව යන්නෙ එක්තරා ෆැන්ටසි සත්ත්ව කොට්ඨාසයක් ගැන. එයාලට කියන්නෙ thoriphants කියලා. මෙයාලට අලින් ට වගෙ හුඟක් ශක්තිය තියෙනවා. එ වුනාට එහෙම හොඬවැලකුත් නෑ ඒ තරම් ලොකු වෙන්නෙත් නෑ. ඒ වගේම මෙයාලා හරිම බුද්ධිමත්. මිනිස්සු එක්ක කතා කරන්න පවා උපතින්ම මෙයාලට පුලුවන්. ඉතින් මෙ සත්තුන්ව මිනිස්සු අල්ලන් මර මර වැඩ ගන්නවා. මේක කාලයක ඉඳලා වෙන දෙයක්. මෝස්ලි කියන්නෙ පොඩි කාලෙම ගොවියෙක් අරගෙන වැඩගන්න ගත්තු thoriphant කෙනෙක්. එයා තමා අපේ කතා නායකයා. Thoriphants ලා අතරෙ විශ්වාසයක් තියෙනවා එයාලා අවුරුදු ගානකට කලින් කොඳු ඇට පෙල කෙලින් තිබුනු ඉස්සරහ කකුල් වෙනුවට ඇඟිලි එක්ක අත් දෙකක් තිබුනු හිටගෙන සංචරණය කරපු සත්ත්ව කොට්ඨාසයක් කියලා. එයාලා විශ්වාස කරනවා තාම එහෙම thoriphants ලා ඉතුරු වෙලා ඉන්නවා කියලා. කවදහරි දවසක එයාලා ඇවිත් මේ අයව බේරගනී කියන විශ්වාසෙ එයාලට තියෙනවා. ඉතින් ඇත්තටම එහෙම කට්ටියක් ඉන්නවද? මෝස්ලිට එයාලව හොයාගන්න පුලුවන් වෙයිද? එයාලට මේ කට්ටියව බේරගන්න පුලුවන් වෙයිද? ෆිල්ම් එක බලලම ඒවා දැනගන්නකො එහෙනම්.


Big fish & Begonia(2016)



මේක නම් කලින් කිව්ව 3d Animation එහෙම නැත්නම් Cgi animation ම නෙමෙ. අපි ඇනිමෙ වල දකින ස්ටයිල් එකට ගොඩක් සමාන විදිහට තමා මේකෙ ඇනිමේශන් තියෙන්නෙ. ඒ වුනාට පොඩි 3D ගතියකුත් තියෙනවා. කොහොම වුනත් පට්ට ලස්සනයි මේකත්. මම ගොඩක් ම ආස මේකෙ කතාවට. පට්ටම කන්සෙප්ට් එකක් තියෙන්නෙ. මේකෙ කියන විදිහට Heaven එකෙන් තමයි ඍතු පාලනය එහෙම කරන්නෙ. Heaven වලත් වෙනම ජනතාවක් ජීවත් වෙනවා. එයාලා තමා ඒවා පාලනය කරන්නෙ. මේ අයගෙ එක චාරිත්‍රයක් තියෙනවා මෙහෙ ඉන්න හැම ළමෙක්ම අවුරුදු දාසය වුනාම අපෙ ලෝකෙට එන්න ඕනෙ. ඒ අය එන්නෙ රතු පාට ඩොල්ෆින් කෙනෙක් විදිහට transform වෙලා. එයාලා එහෙම නියමිත දවස් කීපයක් අපේ ලෝකෙ පීනලා ආයෙ Heaven එකට යනවා. ඉතින් කතාව යන්නෙ මෙහෙම එන එක ගෑනුළමෙක් ආයෙ Heaven එකට යන්න යද්දි උගුලකට හිරවෙනවා. මේ ඩොල්ෆින්ව බේරගන්න මනුස්ස තරුණයෙක් එනවා. මෙ කොල්ලා ඩොල්ෆින්ව බේරගත්තත් වතුර ඇතුලෙ ගොඩක් වෙලා හිටිය නිසා හුස්ම ගන්න බැරුව මැරිලා යනවා. මෙක අර ගෑනු ළමයට හිතට වදයක් වෙනවා Heaven එකට ආවට පස්සෙත්. ඇයි මෙයා නිසානෙ අර කොල්ලා මැරුනෙ. ඉතින් මෙයා යනවා සාමාන්‍ය ලෝකෙ මැරිච්ච අය ඉන්න තැනට. සාමාන්‍ය ලෝකෙ මැරිච්ච අය අඟල් ගානක පොඩි පොඩි ඩොල්ෆින් කෙනෙක් විදිහට තමා ඉන්නෙ. මේ ගෑනු ළමයා කරන්නෙ අර කොල්ලව අරන් එනවා. එයා මේ ඩොල්ෆින්ව ලොකු වෙනකම් බලාගත්තොත් ආයෙ මේ කොල්ලට සාමාන්‍ය ලෝකෙට යන්න පුලුවන්. හැබැයි මේක කරන්න තහනම් දෙයක්. මේකත් එක්ක කරදර ගනනාවක් එනවා. ඉතින් ඒ කරදර මොනාද ඒවට මේ ගෑනු ළමයා මූණ දෙන විදිහ ඔයාලට බලලම දැනගන්න පුලුවන්. හරිම ලස්සන චිත්‍රපටියක් මේක. මිස් කරගන්න නම් එපා.


Bonus film

ෆිල්ම් දහයට අමතරව තව බෝනස් ෆිල්ම් එකකුත් දෙන්න හිතුවා.


The legend of muay thai 9 satra(2018)



මේක නම් චයිනීස් ෆිල්ම් එකක්ම නෙමෙ. Thailand එකක්. Thailand වල හොඳන Cgi film එක මේක. මේ ලිස්ට් වැටුනට අවුලක් නැති ෆිල්ම් එකක් මේක. ඒකයි බෝනස් ෆිල්ම් එකක් විදිහට දාන්න හිතුවෙ. Ramthep City එක තමා Muay Thai සටන් කලාවෙ ප්‍රාරම්භක නගරය. මේ නගරය Asura කියන Gaint race එක අල්ලගන්නවා. මේ වෙලාවෙ muay thai වල මුදුන් මල්කඩ වෙන 9 satra එකත් අරගෙන එක්තරා පුද්ගලයෙක් නගරයෙන් පලා යනවා. ඒ යන්නෙ අලුත උපන් බිලිඳෙකුත් අරගෙන. ඒ තමා Ott. ඉතින් දවස් ගනන් මාස ගනන් අවුරුදු ගනන් යනවා. Ott ලා මේ වෙනකොට Ramthep වලට වඩා සෑහෙන ඈති ඉන්නෙ. මේ වෙද්දි ott කියන්නෙ හැඩිදැඩි තරුණයෙක්. මෙයා තමන්ගෙ මේ ජීවිත කාලෙම කලෙ muay thai ඉගෙන ගන්න එක. එක්තරා දවසක Ramthep වල Gaint සෙබලු මේ දූපතට එනවා. ඒකත් එක්ක Ott ගෙ ජීවිතෙ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. එයා දැනන් හිටපු නැති ගොඩක් දේවල් එයාට දැනගන්න ලැබෙනවා. ඉතින් ott එක්ක පට්ටම ජර්නි එකක් යන්න ආරාධනා කරන ගමන් අද ලිපිය ඉවර කරනවා. ඔයාලා දන්න තව සුපිරිම චයිනීස් ඇනිමේශන් ෆිල්ම් ගැනත් කියන් යන්න අමතක කරන්න එපා. 

එහෙනම් තව ලිපියකින් හමුවෙමු...

සුබ දවසක්...!

1 Comments

  1. patta hode evain kipayak math balala thiyenava puluvannam mata thava film tikak ekak reply karannako

    ReplyDelete
Post a Comment
Previous Post Next Post