ඇටෑක් ඔන් ටයිටන් සරලව | Attack on Titan Spoiler Free Overview



ඔන්න අද Attack on Titan Final Season එකේ Part 2 Release වෙනවනෙ. AoT Fandom එකත් පට්ට හයිප් එකකින් ඉන්න වෙලාවෙ පොඩි Overview එකකුත් දැම්මා ඔන්න. බලපු නොබලපු ඕනෙ කෙනෙක්ට කියවන්න පුලුවන් විදිහට Spoilers නැතුව ලියලා තියෙන්නෙ. බය නැතුව කියවන් යන්න. Bessatsu Shōnen Magazine කියන ජනප්‍රිය Japanese Manga Magazine එකට 2009 දී Hajime Isayama කියන Writer ගෙනත් දෙනවා අපූරු කතාමාලාවක් පලකරන්න කියලා.
2006දී විතර ඔහු රචනා කරපු Shingeki no Kyojin කියන කතාමාලාව තමයි ඒක. මේකෙ තේරුම තමයි Attacking The Giants. කාලයක් Internet Cafe එකක රැකියාව කරන් හිටපු Isayamaට දවසක් හැඩිදැඩි customer කෙනෙක් ඇවිල්ල කොලර් එකෙන් අල්ලල දරුණු තර්ජනයක් කරනවා. ප්‍රමාණයෙන් තමන්ට වඩා විශාල ඒ මනුස්සයා එක්ක හැප්පෙන්න බැරිවුණ Isayama මීටත් වඩා මූ ලොකුවුණානම් කොච්චර දෙයක් කරයිද කියල හිතනවා. අපිට විහිළුවක් වගේ හිතුණට Isayama තමාව බයකරපු ඒ මනුස්සයා ගැන හිතපු හිතිල්ල නතර වුණ තැන තමයි Attack On Titan.
මේක ආවට ගියාට Design වෙච්ව Manga එකක් නම් නෙවෙයි. කොටින්ම මේකෙ ප්‍රධාන චරිතය වන Eren Yeagerව ඇඳෙන්නෙ එතකොට හිටපු Famous Martial Artist කෙනෙක් වුණු  Yushin Okamiගෙ Movements ඇසුරින්. ඒ වගේම කතාවෙ එන Armored Titans ලව Design කරන්න Brock Lesner ගෙ Movements, Body Language තමයි ගොඩක් Use කරල තියෙන්නේ. ඉතින් ඔයාල බලල ඇති GOT, Naruto, HP, LOTR වගේ Fantasy Based Movies, Tv Series වගේම Anime Series. සාමන්‍යයෙන් මේ වගේ Story එකක් Build Up කරනවා කියන එක ලේසි නෑ. හිතන්නකො සරලවම GOT. George Martin GOT එක්ක නිර්මාණය කරපු ලෝකය කොච්චර Real විදියට අපිට දැනෙනවාද. GOT බලපු අයට ඒ ගැන කොච්චර Study කරන්න විඳින්න ඒ Universe එක ඇතුළෙ කිමිදෙන්න ඉඩ තියෙනවාද? ඒ වගේම තමයි Potterheads ලටත්. Shire වලට යන්න බලන් ඉන්න LOTR Fans ලටත්. Naruto, Percy Jackson, Narnia ගත්තත් එහෙමමයි. මේවා තවත් එක Movie එකක්වත් පොතක්වත් නෙවෙයි. මොකද මේවගෙ Story එක Build Up කරන්නෙ අවුරුදු ගාණක Timelines එක්ක. Times Gap එක්ක. කතාවෙ අපිදකින ටිකට වඩා සෑහෙන ලොකු දෙයක් මේ වගේ Fantasy Universe එකක් Based කරන් නිර්මාණයක් කරන Creator කෙනෙක්ගෙ ඔළුවෙ තියෙනවා. ඉතින් මේ Attack On Titan එකත් එහෙමම් තමා. මේවා දැකලද කොහෙද 2013 දීWit Studio එක මේකෙ Anime Series එකක් කරනවා. ඒක ඒ අවුරුද්දෙ ජනප්‍රියම Anime Series අතරට වේගයෙන්ම ආපු සීරිස් එකක් වෙන්නෙ ඔවුන්වත් නොහිතපු විදියට. ඉතින් බලමුකො මේකෙ Story එක. අඩුවෙන්ම Spoil වෙන විදියට මේකෙ Story එක කිව්වොත් Maria, Rose, Sina කියල Gigantic Walls තුනකින් ආරක්ෂා වෙලා Year 844 කියන කාලෙ මිනිස්සු ඉන්නවා.
එයාල ආරක්ෂා වෙන්නෙ Titans ල කියන යෝධ ජීවීන්ගෙන්. අවුරුදු 100කට විතර කලින් මනුෂ්‍ය වර්ගයාව මිහිතලයෙන් අතුගාල දාන්න තරම් ලොකුන්තර්ජනයක් එයාලගෙන් එල්ල වුණ බව කතාව මුලදිම අපිට කියනවා.
කතානායකයා වන Eren මේ Titans ල එක්ක මාර වෛරයකින් ඉන්නෙ. Titans ල නිසා Wall එක ඇතුළෙ කොටු වෙලා ඉන්න එක ගැන නිතරම Stress පිට තමයි පොර ඉන්නෙ.
ඒ නිසා නිතරම රණ්ඩුවලට පොර පැටලෙනවා. ඒවගෙන් එයාව බේරගන්නෙ එයාගෙ හොඳම යාළුවෙක් වන Misaka. Average Girl කෙනෙක්ට වඩා මාර Combat Skills දන්න ලේසියකට හිනාවෙන්නෙ නැති Misaka මේක බැලුවොත් ඔයාලගෙ All Time Favourite කෙනෙක් වේවි.
තව ඉන්නවා වැඩිය නිර්භීත නොවුනත් පට්ට මොළයක් තියෙන Armin.
මේ තුන්දෙනා වටේ තමා Story එක Build Up වෙන්නෙ. එකපාරටම කවුරුත් නොහිතපු වෙලාවම Wall Maria එක Break කරගෙන Titans ලැ ඇතුළට එනවා. Eren ගෙ අම්මවත් මරල දානවා. කොහොම හරි පණ බේරගෙන Wall Rose එකෙන් ඇතුළට එන මේ තුන්දෙනා Titansලට විරුද්ධව Fight කරන්න පුරුදුවෙනවා. ඒ Army එකට Join වෙලා. මේ Army එකෙත් කොටස් තුනක් තියෙනවා. Top Rankers ල එහෙම ගොඩක් වෙලාවට තෝරගන්න ජීවිත තර්ජනය අඩුම Military Police එක. ප්‍රභූ ආරක්ෂාව තමා මෙයාල ගොඩක්වෙලාවට බලන්නෙ. තව නගර ඇතුළෙ Wall එක වගේම නීතිය රකින්න Garrisons ල ඉන්නවා. තුන්වෙනි සෙට් එකට තමා Eren කැමති. ඒ තමයි Survey Corps. Wall එකෙන් එළියට ගිහින් Titans ල ගැන තොරතුරු හොයන එක තමා මෙයලාට පැවරෙන්නෙ. තමන්ගෙ අම්මව මරපු පළිය ගන්න ඉන්න Eren දිවුරල කියනවා මේකට Join වෙලා Titans ලව එකදිගට මරනවා කියලා. ඉතින් Eren ට තියෙන පක්ෂපාතීත්වය නිසාම Mikasa, Armin දෙන්නත් ඒකට යන්න කැමති වෙනවා. Army එකේ 104වෙනි කණ්ඩායම තමයි මෙයාල. Sasha, Reiner, Jean, Annie, Yimir, Christie, Connie කියන සෙට් එකත් එයාල එක්ක Survey Corpsවලට Join වෙනවා. Annie හැර. මෙයා Special. ඒ ඇයි කියල බලද්දි තේරේවි. Eren ගැන කවුරුත් නොදන්න පැත්තක් හැමෝටම Reveal වෙනවත් එක්කම ගොඩක් කල් හැංගිලා තිබ්බ රහස් ගොඩක් Expose වෙනවා.

Episodewise Climax Scene වලදි කුතුහලය උපරිමයටම අරන් නවත්වන එක මේ කතාවෙත් විශේෂයි. මෙතන ඉතින් මුලදි ටයිටන් මිනිස් යුද්ධයක් වගේ පෙනුණට එතනින් එහාට ගිහින් Free Will සහ Freedom එක්ක මනුෂ්‍යත්වය කියන දේ Define කරන will of survival කියන එක ගැන මාර ගැඹුරු කතාවක් එළි දැක්වෙනවා. ඉතින් Soldier කෙනෙක්ගෙ තියෙන Loyalty එක වගේම ඊට නොදෙවෙනි යාළුවන් අතර තියෙනෙ Loyalty එක ගැනත් මේ කතාව පුරාම අපිට ගොඩක් පාඩම් උගන්වනවා. ජීවිතයට ගොඩක් දේවල් ගන්න පුළුවන් කතාවක් කිව්වොත් හරි. ඔහොම තමා කතාව යන්නෙ. කතාව බලද්දි තේරේවි LOTR, GOT තරම්ම නැතත් මේ Universe එකත් මාර Strong විදිහට Vivid විදියට Isayama තමන්නෙ පරිකල්පන හැකියාව ඇසුරින් නිර්මාණය කරල තියෙන වග. Naruto, Dragon Ball වගේ ගොඩක් Anime Franchises වලපොදු දෙයක් තමයි මේක. හොඳ Base එකක් මත එහෙමත් නැත්නම් හොඳ Platform එකක් මත Story එක Build කරන එක. අන්න ඒකයි මම කිව්වෙ Anime කියන්නෙ වෙනම ආතල් එකක් කියල. ඒ වගේම Violence කියන දේත් අඩුනැතුව කතාව පුරාවට තියෙනවා. Zombie Apocalypse වගේ Titan Apocalypse එකක් වගේ ආවොත් කොහොම වෙයිද. මේක බලද්දි උත්තරයක් ලැබේවි. Titans ලගෙ Brutality එකත් Soldier කෙනෙක්ගෙ Bravery එකත් එකටම උළුප්පල ගන්න මේ Violence එකත් එක්ක Creators ලට පුළුවන් වෙලා තියෙනවා. තවත් දෙයක් තමා Emotional ගතිය වැඩිම Series එකක් කිව්වොත් හරි. වතාවක් දෙවතාවක් මටත් හිතුනා මේක GOT Follow කරනවාවත්ද කියලා. ඒ තරම්. Emotional Deaths එහෙම තියෙනවා. Totally Unpredicted. ඒ වගේම තමයි. Twists තියෙනවා මදි නොකියන්න.

Story එක ගොඩක් Action පැත්තට බර වුණාට මේකෙ කුතුහලය උපරිමයටම අරන් හතරගාතෙන් වැටෙන Twist ගෙනල්ල අපිව හොල්මන් කරන අවස්ථාත් නැතුවම නෙවෙයි. ඊළඟට Character Build Up කියන දේත් මේකෙ හොඳට දකින්න පුළුවන්. විශේෂයෙන්ම Jean, Armin වගේ Characters වල වෙන Inside Impacts. ඒ වගේම Eren ගෙ ජීවිතය එහෙම පිටින්ම වෙනස් වෙන එක එයා දරාගන්න හැටි ලස්සනට පෙන්නලා තියෙනවා. Flashback Scenes එක්ක ගලපලා ලස්සනට කතාව ඉස්සරහට යනවා. Captain Levi, Commander Erwine වගේ Mysterious Firm Characters එක්ක තරුන Survey Corps ල සෙට් එක යන Journey එක මරු. එක හුස්මට ඇදල දාන්න පුළුවන්. ඒ වගේම මේකෙ Eren කියන්නෙ shonen anime එකක දකින්න පුලුවන් ඉස්‍තරම්ම විදියේ Protagonist කෙනෙක්. ඒ වගේම Music ගත්තොත් Fast Soundtrack තමා Main Theme එකේ ඉඳන්ම Use කරල තියෙන්නෙ. Guren no Yumiya කියන Song එක තමා Season 1වල Theme එක. පස්සේ එන Songs කියන ශෛලිය වෙනස් එකින් එකට. මුල් කාලෙ AoT කිව්වම මතක් වෙන අනිත් නම තමා Linked Horizon. ඉතින් මේකට පස්සෙ ඊළඟ එකේ එනවා Devote Hearts කියන epicම Epic Song එක. Suspense ගතිට වුණත් පෙන්නන්න එයලා Rapid Beat එකේ යන ඒව තමයි Use කරල තියෙන්නෙ. මාර Inspiration එකක් දැනෙන විදිහට Music Use කරල තියෙනවා කිව්වොත් හරි. මේක කිව්ව වගේම ගොඩක් Commercially Successful වෙච්ච එකක්. 2013 Number 1 Anime එක. පහුගිය දශකයේ 8th Best Anime එක. Live Action Filn දෙකකුත් ඇවිත් තියෙනවා.
මමනම් එච්චර Recommend කරන්නෙ නෑ. Video Game Series එකකුත් නිකුත් වෙලා තියෙනව මේක Base කරගෙන.
Subaru වගේම Snickers වගේ Famous Brands Represent කරන්න මේ කතාමාලාවට පුළුවන් වෙනවා. ඒ වගේම The Simpsons ලෝක ප්‍රසිද්ධ Animated Series එකේ පවා මේ සීරිස් එක ගැන Reference දකින්න පුලුවන්. 2015 One Punch Man එනකන්ම මේ වගේ ලොකු Impact එකක් කරන්න පුලුවන් වෙච්ච Anime Series එකක් තිබුණෙ නැති තරම්.  Final Season එකටත් ඇවිල්ල තියෙන්නෙ සීරිස් එක. ඒ වගේම මන්ගා එක ඉවරවෙලා තියෙන්නෙ. Internet Break කරනවා කියලා අනිවා predict කරන්න පුලුවන් මේ සීසන් එකනම්. එහෙනම් Captain Levi Follow කරන ගමන් Misaka වගේ Fight කරන ගමන් Eren වගේ මුරණ්ඩු ඒත් Armin වගේ නුවණක්කාර අය එක්ක දැනට ඇවිල්ල තියෙන Seasons ඔක්කොම ඔයාල රසවිඳීවි කියල හිතනවා. .

Sasageyo! sasageyo! shinzou wo sasageyo! Subete no gisei wa ima kono toki no tame ni Sasageyo! sasageyo! shinzou wo sasageyo! Susumu beki mirai wo sono te de kirihirake 

Meaning: I am willing to give up even my life or my soul Devote yourself, devote yourself. Devote your heart All the sacrifices are for this moment Devote yourself, devote yourself. Devote your heart


ලිපි නිර්මාණය හා අදහස - තිලෝශ නිපුනජිත්

සංස්කරණය - මනුජ සිරිවර්ධන
Post a Comment (0)
Previous Post Next Post