සිනමාවේ කාල තරණය | Time Travel Theories in Cinema



ආයුබෝවන්, වණක්කම්, අස්සලාම් අලෛක්කුම් Welcome to Review Who Cares. අද ගෙන්නලා තියෙන්නෙ ගොඩක් කට්ටිය කතා කරන්න ආස, ගොඩක් කට්ටිය ඉන්ටරෙස්ටින් දෙයක් ගැන. මේ කන්සෙප්ට් එක තාම ඇත්තටම කරන්න පුලුවන් වෙලා තියෙන්නෙ සිනමාවෙන් විතරයි. මොකක් කියලද හිතෙන්නෙ? Time Travel එහෙම නැත්තන් කාල තරණය ගැන තමයි අද මේ ලිපියෙන් කතා කරන්න යන්නෙ. මුලින්ම කියන්න ඕනෙ මම සයන්ටිස්ට් කෙනෙක් නෙවෙයි. ඒක නිසා මේ කියන්නෙ මූවීස්/සීරීස් වලින් සහ Internet එකෙන් හොයලා බලලා දැනගත්ත දේවල්. ඒනම් වැඩි කතා නැතුව යමු ඉස්සරහට.


Paradoxes



Time Travel ගැන කතා කරද්දි ඉස්සෙල්ලම එන දෙයක් තමයි මේ පැරඩොක්ස් කියන්නෙ. මොකක්ද මේ පැරඩොක්ස් එකක් කියන්නෙ. සිංහල තේරුමෙන් ගත්තොත් මේකට කියන්නෙ විරෝධභාසයක් වගේ අදහසක්. Definition එකක් ගන්නව නම් මෙහෙමයි. සරලව කියනව නම් උත්තරයක් නැති දෙයක්. මෙහෙම හිතන්න උණ්ඩයක් තියෙනවා ඕනම තහඩුවක් සිදුරු කරන සහ තහඩුවක් තියෙනවා මොනම උණ්ඩයකටවත් සිදුරු වෙන්නැති. දැන් අපි අර උණ්ඩෙ තුවක්කුවට දාල අරන් අර තහඩුවට වෙඩි තිබ්බොත් මොකද වෙන්නෙ? කෙනෙක් ට කියන්න පුලුවන් තහඩුව පොඩ්ඩක් තැලෙයි කියලා. වෙන්න බෑනෙ උණ්ඩයෙන් ඕනම තහඩුවක් සිදුරු වෙනවනේ. දැන් තේරෙනවනේ එතන ඇත්තටම වෙන දේ හිතාගන්න බෑ කියලා. පැරඩොක්ස් එකක් කියන්නෙ ආන්න ඒ වගේ එකකට. උත්තරේ හිතන්න ගියොත් පිස්සු හැදිලා තමයි නවතින්නෙ. එතකොට මේ පැරඩොක්ස් වර්ග තියෙනවා. ඔයාලා අහලත් ඇති.


1)Grandfather Paradox  

2)Bootstraps Paradox  

3)Predestination Paradox  

4)Let's Kill Hitler Paradox  

5)Polchinski's Paradox


උඩ තියෙන ටික පැරඩොක්ස් වලට උදාහරණ වලට ගන්න පුලුවන්. ඔය අන්තිමට තියෙන Polchinski's Paradox කියන එක ගැන මන් කතා කරන්න යන්නෙ නෑ. මොකද තාම ඒ ගැන ෆිල්ම්/සීරීස් එකක් ඇවිල්ලා නැති නිසා. අනික මේක සයන්ස් පාඩමක් නෙවේනෙ. Let's Kill Hitler එක ගැනත් කතා කරන්න යන්නෙ නෑ. ඒක නම් නමෙන්ම තේරෙනවත් එක්කනේ. එනිවේ ප්‍රදානම පැරඩොක්ස් තුන ගැන තමයි මේ කතා කරන්න යන්නෙ. ඒනම් ඒ ටිකත් විස්තර කරගෙන යමු.


Grandfather Paradox



මේක තමයි Time Travel Paradoxes වල ප්‍රසිද්දම පැරඩොක්ස් එක. මේක කියවන ඔයාලත් මේක දන්නවා ඇති. මේකෙ වෙන්නෙ මේකයි ඔයා ටයිම් මැශීන් එකක් නැත්තන් කාල යන්ත්‍රයක් හදාගෙන අතීතෙට යනවා. ගිහිල්ලා ඔයාගෙ සීයගෙ තරුණ කාලෙ වර්ශන් එක හම්බවෙලා ඒ කියන්නෙ ඔයාගෙ තාත්තා ඉපදෙන්න කලින් සීයගෙ වර්ශන් එකම් හම්බෙලා සීයව මරනවා. එතකොට මොකද වෙන්නෙ? සීයා නෑ. ඔයාගෙ තාත්තත් ඉපදෙන්නෙ නෑ. ඒ කියන්නෙ ඔයා ඉපදෙන්නෙත් නෑ. ආයෙත් ඔයා ඉපදෙන්නෙ නැති නිසා සීයා මැරෙන්නෙ නෑ. ඒනිසා තාත්තත් ඉපදෙනවා ආයෙ ඔයත් ඉපදෙනවා. Wtf!? 😂 පිස්සු හැදෙනවා නේ? ඒ නිසාම තමයි ඕවට පැරඩොක්ස් කියන්නෙ. උත්තරයක් හරියට හිතාගන්න බෑ. බෑ කියන්නෙ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම බෑ. Back to the Future වගේ මූවීස් බැලුව නම් මේ පැරඩොක්ස් එක ගැන අදහසක් ගන්න පුලුවන්. ඒ වගේම Netflix's Dark (2017-2019) සීරීස් එකේ අන්තිමටම මේ පැරඩොක්ස් එකේ තියෙන කන්සෙප්ට් එක තියෙනවා. (ඒකෙ නම් ගොඩක්ම ෆෝකස් වෙන්නෙ Bootstraps & Predestination Paradoxes හැබැයි.)


2)Bootstraps Paradox



මේකෙදි වෙන කතන්දරේ සරලවම කියනව නම් අගක් මුලක් නෑ. ඔරිජින් එකක් නෑ. අපි හිතමු ඔයා අතීතෙට ගිහිල්ලා අයින්ස්ටයින්ව හම්බෙලා පොරට සාපේක්ෂතාවාදය කියලා දුන්නැයි කියලා. ඒ කරලා ඔයා ආයෙ අනාගතේට එනවා. එතකොට අර අතීතේ ඉන්න අයින්ස්ටයින් ඔයා කියලා දුන්න ටික පොර වගේ එයාම කියනවා. හැබැයි මේක කියලා දුන්නෙ ඔයා. ඔයා මේක දන්නෙත් අයින්ස්ටයින් කියපු නිසා. හැබැයි අයින්ස්ටයින්ට කියලා තියෙන්නෙත් ඔයා. Wait!What? 😂 එතකොට මොකද වෙන්නෙ? සාපේක්ෂතාවාදය තියරි එකට ඔරිජින් එකක් නෑ. ඔයා හදපු එකකුත් නෙවේ අයින්ස්ටයින් හදපු එකකුත් නෙවේ. එතකොට මොකාද හැදුවෙ මේක? No Origin. ආන් ඒ වගේ තමා මේකේ සීන් එක. මේ කතන්දරේ Terminator ෆිල්ම්ස් වල ඒම තියෙනවා. ඒ වගේම උඩ කියපු Netflix's Dark (2017-2020) සීරීස් එකෙත් තියෙනවා. Interstellar (2014) කියන මෙතෙක් බිහිවුන හොදම Sci-fi එකෙත් මෙන්න මේ පැරඩොක්ස් එක තියෙනවා.මේ ටිකත් බැලුවොත් ඔයාට ඔය කන්සෙප්ට් එක හොදටම තේරුම්ගන්න පුලුවන් වෙයි. 


ඒ වගේම මේ පැරඩොක්ස් එක තියෙද්දි ටයිම් ට්‍රැවල් කලොත් ලූප් එකක් හැදෙන්න පුලුවන්. ඒ කියන්නෙ ඔයා අයින්ස්ටයින්ට සාපේක්ෂතාවාදය කියලා දීලා ආයෙ අනාගතේට ආවනෙ. මේම හිතන්නකො. අයින්ස්ටයින් සාපේක්ෂතාවාදය තියරි එක එලියට දාන්නෙ 1940 කියමු. ඔයා ඉපදෙන්නෙ 2000දි. ඔයා 1939ට ටයිම් ට්‍රැවල් කරනවා 2030 දි. හරිනේ. ඒ කරලා තියරිය කියනවා අයින්ස්ටයින්ට එයා ඒක තනියම හොයාගන්න කලින්. දැන් ඔයා ඔන්න පැරඩොක්ස් එකක් ඇති කලා. ආයෙ ඔයා අනාගතේට ඒ කියන්නෙ 2030ට ඇවිල්ලා පුල් ආතල් එකේ ඉන්නවා. හරිනේ. එතකොට අයින්ස්ටයින් ඔයාගෙන් දැනගත්ත නිසා 1940දි මේ තියරි එක එලියට දානවා. පස්සෙ 2000දි ඔයා ඉපදෙනවා ආයෙ 2030දි ඔයාගෙ ඒ වර්ශන් එකත් ඒ විදියටම ටයිම් ට්‍රැවල් කරලා අයින්ස්ටයින්ට තියරි එක කියනවා. ආයෙ 2030 ට ඇවිල්ලා ආතල් එකෙ ඉන්නවා. ඕම ඕම දිගටම ඕක සිද්ද වෙනවා. අන්නේමයි ලූප් එක හැදෙන්නෙ. හැබැයි ඔය මුලින් කිව්ව ඔයා ඉන්නවනේ. ආන් එයාට කලිනුත් ඔයාගෙම කලින් වර්ශන් එකක් 2030දි ටයිම් ට්‍රැවල් කරලා අයින්ස්ටයින්ට තියරිය කියලා වෙන්නත් පුලුවන්. එතනත් හරි හමන් ඔරිජින් එකක් නෑ 😂. සුපුරුදු පරිදි මේකත් Netflix's Dark (2017-2020) සීරීස් එකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා.


3)Predestination Paradox



මේ පැරඩොක්ස් එකට අනුව ටයිම් ෆ්ලෝ එක යන්නෙ එක්තරා ෆික්ස්ඩ් ලූප් එකකට. ඒ කියන්නෙ වෙච්ච දේවල් වෙනස් වෙන්නෙ නෑ මොන මගුල කරත්. මේම හිතන්නකො ඔයා අතීතෙට ගියොත් දෙයක් වෙනස් කරන්න හිතාගෙන ඔයා කරන දෙයින් වෙන්නෙ ඔයා ඒ වෙනස් කරන්න හදපු දේම ආයෙ වෙන එක. උදාහරණයක් එක්කම කියන්නම්කො. ඔයාගෙ හොදම යාලුවෙක් හැප්පිලා මැරෙනවා අවුරුදු 10කට ඉස්සෙල්ලා. ඔයා ටයිම් මැශීන් එකකුත් අරගෙන එයාව බේරගන්න යනවා අවුරුදු 10ක් ආපස්සට ටයිම් ට්‍රැවල් කරලා. ඔයා කොච්චර ට්‍රයි කරත් ඒ යාලුවෙ බේරගන්න බැරි වෙනවා. දිගටම මැරෙන එකම වෙනවා. මේකට හේතුව වෙන්නෙ ටයිම් ෆ්ලෝ එක යම් කිසි විදියකට ෆික්ස් වෙලා තියෙන්නෙ. වෙන්න තිබ්බ එක වෙන්න ඕනෙමයි. ඒ විදියෙන් හෝ වෙන විදියකින්. ඔයා යාලුවව බේරගන්න 1000ස් වතාවක් උත්සාහ කරත් වෙන්න් යාලුව 1000ස් විදියකට මැරෙන එක. මේකට හේතුව තමයි යාලුවා බේරුනොත් ඔයාට කාලය හරහා යන්න හේතුවක් නැති වෙන එක. What if බැලුව නම් ඒකෙ Episode 4 එකේ ඩොකා කෙල්ලව බේරගන්න හදන සීන් එක මතකයි නේ? ආන් ඒ වගේ තමා. The Time Machine (2002) ෆිල්ම් එක තමයි මේ පැරඩොක්ස් එක ගැන දැනගන්න තියෙන හොදම ෆිල්ම් එක. මේක තව විදියකට වෙන්න පුලුවන්. ඒ කියන්නෙ අපි කාලය ආපස්සට ගිහින් කරන දේකින් යම් සිදුවීමක් වෙනවා කියලා හිතන්නකෝ. ඒ සිදුවීම නිසා තමයි අපි කාලය හරහා ගමන් කරන්නෙ. ඒ කියන්නෙ වෙච්ච සිදුවීම නිසා සිදුවීමක් වෙනවා. වෙන්න තියෙන සිදුවීමක් නිසා වෙච්ච සිදුවීමක් තියෙනවා. උඩ කිව්වම එකම තමයි. කෝමහරි සිදුවීම් දෙකම පවතින්න ඕනෙ. සුපුරුදු පරිදි Netflix's Dark (2017-2020) සීරීස් එකෙත් මේ පැරඩොක්ස් එක තියෙනවා. උඩ කිව්ව පැරඩොක්ස් තුනම මේ සීරීස් එකේ තිබ්බා ඕං ඈ. දැන් තේරෙනවා ඇතිනේ මේක කෝම සීරීස් එකක් ද කියලා. බලලා නැත්තන් අනිවාරෙන් ම බලන්න. ටයිම් ට්‍රැවල් සීන් වලට ආස නම් අනිවාරෙන් මේක සෙට් වෙනවාමයි. මීට Time Crimes (2007), Predestination (2014), Time Traveler's Wife (2009) වගේ මූවීස් වලත් මේ Predestination Paradox එක අපිට බලාගන්න පුලුවන්.


හරියට බැලුවොත් ඔය පැරඩොක්ස් වලින් කියැවෙන්නෙ ටයිම් ට්‍රැවල් කියන එක කරන්න බැරි දෙයක් කියන එක. ඒ උනාට මේ පැරඩොක්ස් එන්නෙ නැති වෙන්න ටයිම් ට්‍රැවල් කරන්න පුලුවන් ද? අන්න ඒක ගැන කතා කරමු ඉස්සරහට.


Alternative Time Line Theory



මේකෙදි වෙන්නෙ මෙහෙමයි. හිතන්න ඔයා අතීතෙට ගිහින් ඔයාගෙ සීයව මරලා වර්තමානෙට එනවා. ඒත් කිසිම වෙනසක් වෙලා නෑ. ඒ කියන්නෙ එතීතෙට ගිහින් ඔයා වෙනස් කරන එක ඔයාගෙ අනාගතේට බලපාන්නෙ නෑ. එතකොට මොකක්ද වෙන්නෙ? සීය මැරුනනෙ. මේ තියරි එකේදි වෙන්නෙ ඔයා සීයව මරපු තැනින් වෙනම ටයිම් ලයින් එකක් හැදිලා සීයත් නැති ඔයාගෙ තාත්තත් නැති ඔයත් නැති විදියට (Alternative) ටයිම් ලයින් එකක් හැදෙනවා. ඔයාගෙ (Original) ටයිම් ලයින් එකට බලපෑමක් වෙන්නෙ නෑ. Avengers End Game (2019) එකේදි වෙන්නෙ මෙන්න මේක. Loki ඒම බැලුව නම් සීන් එක දන්නවා ඇතිනේ. සහ Tomorrow War (2021) එකේදි වෙන්නෙත් මේක වෙන්න ඕනෙ. ඒ වගේම මේ තියරි එකේදි උඩ කිව්ව කිසිම පැරඩොක්ස් එකක් ඇතිවෙන්නෙත් නෑ.


තව උපකල්පනයක් තියෙනවා. Time Line Protection Hypothesis කියලා මේකට කියන්නෙ. මේකෙදි වෙන්නෙ ඔයා තුවක්කුවක් අරන් යන්ව සීයව මරන්න. සීයගෙ ඔලුවටම එල්ල කරලා කොකා ගස්සන්න හැදුවත් ඒක වෙන්නෙ නෑ. ට්‍රිගර් එක වදින්නෑ. ඊට පස්සෙ සීයගෙන් තුවක්කුව පැත්තකට කරලා වෙඩි තිබ්බම අන්න වදිනවා ට්‍රිගර් එක. බුලට් එක යනවා. ආයෙ සීයට දිහාට කරලා කොකා ගැස්සුවත් වෙඩි තියවෙන්නෙ නෑ. මේකෙදි වෙන්නෙ Time Line එක Nature එක විසින්ම ආරක්ශා කරන එක. වෙච්ච දෙයක් වෙනස් වෙන්නෙ නැති විදියට සොබාදහමෙන්ම වෙන දෙයක්. මේක සයන්ටිස්ට්ලා ගෙ උපකල්පනයක් විතරයි.


Butterfly Effect



ලෝකයේ එක තැනක ඉදන් සමනලයෙක් තටු ගහන එක ඒ ලෝකයේම තව තැනක සුලි කුණාටු ඇති වෙන්න හේතු වෙන්න පුලුවන් කියන එක තමයි මේකෙ බේසික් තියරිය. මේක නම් ටයිම් ට්‍රැවල් වලට විතරක්ම අදාල දෙයක් නෙවෙයි. ඇත්තටම මේකෙදි කියන්නෙ පොඩිම දෙයක් උනත් මහා විශාල වෙනසකට හේතු වෙන්න පුලුවන් කියලා. අපි අතීතෙට ගිහිල්ලා හිට්ලර්ව මැරුවොත් වෙන දේ හිතන්නකෝ. සෑහෙන්න ලොකු වෙනසක් සිද්ද වෙනවනේ. ඒ වෙනසත් එක්ක හිට්ලර්ගෙ මරණය කියන්නෙ සෑහෙන පොඩි දෙයක්. ඒ වෙනස මේ මුලු ලෝකෙටම බලපානවත් එක්කනේ. ඒ වගේ දෙයක් තමයි මේ Butterfly Effect කියන්නෙ. මන් කිව්වනේ මේක ටයිම් ට්‍රැවල් වලට විතරක්ම අදාල දෙයක් නෙවෙයි.  ඒ උනාට ටයිම් ට්‍රැවල් වලදි මේක අනිවාරෙන් අදාල වෙනවා. අපි ටයිම් ට්‍රැවල් කරල පුටුවක ලොකේශන් එකක් වෙනස් කරන එකෙනුත් ලොකු ඉෆෙක්ට් එකක් වෙන්න පුලුවන්. අර මීම්ස් එහෙම තියෙන්නෙ. Time Traveler Moves a Chair.................. Meanwhile The Timeline කියලා දාලා. එන්න ඒ මීම්ස් වල Concept එකත් Butterfly Effect එකම තමයි. ඊළගට කියන්නම් ටයිම් ලූප්ස් ගැන.


Time Loops



ලූප් එකක් කිව්වම අවසානයක් නෑ නෙ. මේ ටයිම් ලූප් එකත් අන්න ඒ වගේම එකක් තමයි. උඩ කිව්ව Predestination Paradox එකත් යම් විදියක ටයිම් ලූප් එකක් තමයි. මේ දැන් කියන්න යන එක ටිකක් වෙනස්. මේකෙදි වෙන්නෙ යම් පුද්ගලයෙක් එකම කාල රාමුවක් ඇතුලෙ හිර වෙන එක. ඒ කියන්නෙ දැන් අපි හිතමු කෙනෙක් උදේම නැගිටලා වෙලාව බලනවා. උදේ හතයි. දවස දෙසැම්බර් 31. පොර ඉතින් ලෑස්ති වෙලා වැඩට ඒම යනවා. ඉතින් ආයෙ හවස හයට ගෙදර එන ගමන් මගදි ඇක්සිඩන්ට් වෙනවා. වෙලා පොර මැරෙනවා. හැබැයි ආයෙම පොර දෙසැම්බර් 31 උදේ හතට ඇහැරෙනවා. ඒ කියන්නෙ එකම දේ ආයෙ ආයෙම සිද්දවෙනවා. මැරුනොත් ආයෙ යම් පොයින්ට් එකකින් පටන් ගන්නවා. ආයෙ මැරෙනවා. ආයෙ අතනින්ම පටන් ගන්නවා. ඕක වෙන්නෙ ඔන්න ඕමයි. Edge of Tomorrow මූවි එක බැලුව නම් මේ කියන කතන්දරේ හොදටම තේරෙයි ඔයාලට. අනිවාරෙන් ඒක බලන්න. සහ මේ ළගදි (2021 දි) ආවා Kudi Yedamaithe කියලා ඉන්දියන් සීරීස් එකක්. ඒකෙත් වෙන්නෙ ටයිම් ලූප් එකක් ඇතුලෙ හිරවෙන කේස් එකක්. ඒකත් අනිවාරෙන් බලන්න.


හරි එහෙනම්. ලිපිය ඉවර කරන්නයි හදන්නෙ. ඔයාලා ගෙ දැනුමට දෙයක් එකතු කරගත්තා කියලා හිතනවා. මේක ලිව්වෙ Films බලන අයට දෙයක් ගන්න මිසක් Science ගැන හොයන අයට නෙවෙයි ඈ. ඒම අය මේක කියවලා මට කෑගනන්න එන්න එපා. පුලුවන් තරම් සරලව කියලා තියෙන්නෙ ඒ නිසයි. Time Travel කියන්නෙ සංකීර්ණ කන්සෙප්ට් එකක්. ෆිල්ම් බලන හැම කෙනාම සයන්ස් දන්න අය නෙවේනෙ. ඒ නිසයි මේවා ලියන්නෙ. මේක කියව්වම නෝමල් Time Travel සම්බන්ද ෆිල්ම්/සීරීස් එකක කන්සෙප්ට්ස් තේරුම්ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා. ඒනම් අපි යනවා. ආයෙ ලිපියකින් හම්බෙමු.


Happy New Year All!!!


සුපිරිම ටයිම් ට්‍රැවල් ෆිල්ම් 20ක් බලමු | Best 20 Time Travel Movies to Watch

1 Comments

Post a Comment
Previous Post Next Post