සීතලේ නත්තලේ බලන්න සුපිරිම ෆිල්ම්ස් | Christmas Movie Marathon

යුබෝවන් වණක්කම් අස්සලාම් අලෛක්කුම්...... Welcome to Review Who Cares. අද අරගෙන ආවෙ තව දවස් දෙකකින් එන නත්තල වෙනුවෙන් පොඩි ආටිකල් එකක්. සරලවම කියනව නම් නත්තලට මූවි මැරතන් එකක් යන්න කියාපු ෆිල්ම් සෙට් එකක්ම අරගෙන තමයි අද ආවෙ. මූවි මැරතන් එකක් යන්න හිතන් ඉන්නවා නම් බලන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව නම් ඉන්නෙ මේ ලිපිය ඔයාට සෑහෙන උදව්වක් වෙයි. ඒනම් මූවීස් ටික ගැන දාන්නම්. පහලට කියවගෙන යන්න. (මූවි මැරතන් එකක් කියන්නෙ සරලවම ගත්තොත් තෝරාගත් ෆිල්ම් කිහිපයක් එකදිගට බලාගෙන බලාගෙන යන එකට)


The Nativity Story (2006)



නත්තල කියන්නෙ මොකද්ද ඇහුවොත් දෙන්න පුලුවන් සරලම උත්තරෙ තමා ලෝකයටම සාමය උදාකරන්න එන සාමයෙ කුමරුන්ගෙ ජේසු බිළිඳගෙ උපන් මංගල්‍යය කියන එක. එහෙනම් අපි ඒ උපන් කතාව මුලින්ම දැනගෙන ඉමු. ඒකට හොඳම ෆිල්ම් එක තමා The Nativity Story. ජේසු තුමා සාමයෙ කුමරුන් වුනාට රජුන්ගෙත් රජු වුනාට එතුමා ඉපදුනෙ රජමාලිගාවක නම් නෙමෙ. බොහොම තත්ත්වයෙන් අඩුම දුප්පත් දුප්පත් තැනක. ඒකත් කරදර බාධක දුක් කම්කටොළු ගොන්නක් මැද්දේ. බයිබලයෙ තියෙන මේ කතාව හරි ලස්සනට පෙන්නනවා ෆිල්ම් එක ඇතුලෙ. ඒ ඒ රෝල් වලට පර්ෆෙක්ට්ම කෙනාව හරියටම කාස්ට් කරලා තියෙනවා මේකෙ.  මේකෙ ජුසේ තුමාට එහෙම නැත්නම් මරිය තුමියගෙ ස්වාමිපුරුෂයගෙ චරිතය කරන්නෙ අපි කවුරුත් දන්න ඔස්කා අයිසැක්. සුපිරිම ෆිල්ම් එකකින් මැරතන් එකට ආරම්භය ගන්නකො.


Klaus (2019)



මම බලලා තියෙන විශිෂ්ට ම ඇනිමේටඩ් ෆිල්ම් එකක් තමා මේක. 2019 දි Netflix ලා තමා මේක කරේ. මේකෙ ඒ අවුරුද්දෙ Best Animation film කියන ඇකඩමි සම්මානයටත් නොමිනේට් වුන ෆිල්ම් එකක්. හෙන සංවේදී කතාවක් තමා මේකෙ යන්නෙ. සල්ලිකාර පවුලක කම්මැලි තරුණයෙක් තාත්තගෙ බල කිරීමට පවුලෙ රස්සාව වුනු තැපැල් රස්සාව කරන්න දුර ඈත ගම්මානයකට එනවා. මෙ තරුණයා මෙ ගම්මානයට එද්දි මෙ මුලු ගමම එකම අවුල් ජාලයක්. මෙ ඔක්කොම ප්‍රස්න මැද්දෙ ලියුම් රස්සාව කරද්දි තමා තේරුම් යන්නෙ මෙ ගමෙ කාටවත් කවුරුත් එක්ක ඇයි හොඳැයියක් පවත්වන්න ඕනෙ නෑ කියලා ඒකත් එක්ක තනියම සෙල්ලම් බඩු හදන මනුස්සයෙක් එක්ක මේ තරුණයා කරන අපූරු වැඩක් තමා මෙ ෆිල්ම් එක පුරාම යන්නෙ. මේකෙ එක තැනක් තියෙනවා මම මාර විදිහට සංවේදී වුනු. ඔයාලත් බලන්නකො ඔයාලටත් මාර විදිහට විඳින්න පුලුවන් ෆිල්ම් එකක් මේක. 


The Grinch (2018)



නත්තලට කවුද ආස නැත්තෙ? කතෝලික හෝ කතෝලික නොවන ඕනෙ කෙනෙක් ආස කරන දෙයක් නත්තල. කාලගුණය,නිවාඩු කාලය,රසවත් කෑම, හිතවතුන් එක්ක එකට කාලය ගත කිරීම,විවිධාකාර සෙල්ලම් වගෙ එකී මෙකී නොකී ගොඩක් දේවල් තියෙන කාලයක් නෙ නත්තල්. හැබැයි මේ නත්තලට වෛර කරන කෙනෙක් ඉන්නවා එයා තමා කොල හාදයා AKA The Grinch. ග්‍රින්ච් නත්තලට හුඟාක් වෛර කරනවා මෙයාට ඕනෙ අනිත් අයගෙනුත් නත්තල හොරකන් කරන්න මෙයා ඒකට ගහනවා අපූරු ප්ලෑනක්. මෙන්න මේ විදිහට බලන් යන්නකො ෆිල්ම් ඇනිමේශන් ෆිල්ම් එක ඔයාලා හරි ලස්සන කතාවක් තියෙන්නෙ. ඒ වගේමයි මේකෙ කොල හාදයට හඬ කවන්නෙ අපෙ අමුතු දොස්තර එහෙම නැත්නම් Benedict Cumberbatch.


The Star (2017)



ජේසුගෙ උපත් කතාව ගැන අපි The Nativity Story එකෙන් කලින් කතා කලානෙ ඒ කතාව ආයෙ සත්තුන්ගෙ point of view එකෙන් බලමුද? The Star එකෙ යන්නෙ එහෙම කතාවක් බො කියන බූරු පැටියට ජීවිතෙ මොකක් හරි වෙනස් දෙයක් කරන්න ඕනෙ වුන කෙනෙක් මෙයාට දවසක් රූත් කියන බැටළුව හම්බෙනවා තවත් යාලු සත්තු කීපදෙනෙක්ම හම්බෙනවා මෙයාලා මරිය තුමී සහ ජුසෙ තුමා එක්ක නාසරෙත් වල ඉඳලා බෙත්ලෙහෙම් වෙනකම් ම පිටිපස්සෙන් ඉන්නවා. ඒ දෙන්නට එන නපුරු බලවේග නවත්තන්නත් සූදානම් වෙන්නෙ මෙ සත්තු තමා. ෆිල්ම් එක බලන්නකො හරිම ඉන්ටරෙස්ටින් කතාවක් මේක.


Arthur christmas (2011)


සැන්ටා ක්ලෝස් එහෙම නැත්නම් නත්තල් සීයා ඉස්සර වගෙ පිනිමුවන් බැඳගෙන ගෙයින් ගෙට යන්නෑ එයාලා කෙලින්ම ජෙට් එකෙ තමා පොඩි ළමයින්ට තෑගි බෙදන්නෙ. මෙහෙම බෙදද්දි එක ළමෙක්ට එක තෑග්ගක් දෙන්න බැරි වෙනවා. ඉතින් මේ තෑග්ග දෙන්න ජෙනරේශන් කීපයකම  නත්තල් සීයලා වැඩට බහිනවා. මේ ඔක්කොම මැද්දෙ අනාගත නත්තල් සීයා ආතරුත් ඉන්නවා. මේක නම් සමහර අය බලලත් ඇති. සුපිරිම ඇනිමේශන් ෆිල්ම් එකක් තමා මේකත්.


Rise of the guardian (2012)



Pitch කියන Evil Sprit එක ළමයින්ගෙ හීන උදුරලා අරන් ළමයින්ව අඳුරට යොමු කරන්න නැවත ආවම ඒකට විරුද්ධව නැගී සිටින ගාර්ඩියන්ස් ලගෙ සුපිරිම ඇනිමේශන් ෆිල්ම් එකක් තමා මේක. නත්තල් සීයයී පාස්කු හාවයි දන්ත සුරඟනයි එක්ක ජැක් ෆ්‍රොස්ට් නපුරට එරෙහිව සටන් කරන සුපිරි කතාවක් තමා මේකෙ යන්නෙ. මේකෙ ජැක් ෆ්‍රොස්ට් ට  Chris Pine ත් පාස්කු හාවාට Hugh Jackman ත් තම හඬින් දායක වෙනවා.


A Christmas Carol: The Movie (2009)



ක්‍රිස්මස් කැරොල් ෆිල්ම් එක නැති ක්‍රිස්මස් මූවි මැරතන් එකක්? හිතන්නවත් එපා හොදේ. මේක නම් ඔයාලා බලන්නම ඕනෙ ෆිල්ම් එකක්. ඒ වගේම මේක සෑහෙන ප්‍රසිද්ද ෆිල්ම් එකක්. මේක ගෙතෙන්නෙ Scrooge කියලා මනුස්සයෙක් වටේට. මෙයා ටිකක් වෙනස් චරිතයක්. ආත්මාර්ථකාමී ගතියක් තියෙන හැමදේම තිත්ත වෙලා තියෙන චරිතයක් තමයි මේ. නත්තන් හැන්දෑවෙ මෙයාව හම්බවෙන්න ආත්ම තුනක් එනවා. සහ ඒ ආත්ම මෙයාට යම් යම් සිදුවීම් ටිකක් පෙන්නනවා සහ කතාව රදා පවතින්නෙ ආන්න ඒ සිදුවීම් ටික උඩ. මේකෙ හරිම ලස්සන එන්ඩින් එකක් තමයි තියෙන්නෙ සහ මගේ ෆේවරිට්ම ක්‍රිස්මස් මූවීස් වලින් එකක් තමයි මේ.


Home Alone (1990-2020)


හැමෝම දන්නවනේ මේ කියන්න යන එක ගැන නම්. Home Alone සෑහෙන ප්‍රසිද්ද ෆිල්ම් සීරීස් එකක් නේ. සහ ගොඩක් අය මේකට කැමැතියි. දැනට මේ ෆිල්ම් සීරීස් එකට මූවීස් හයක් අයිති වෙනවා. Home Alone (1990), Home Alone: Lost in New York (1992), Home Alone 3 (1997), Home Alone 4 (2002), Home Alone: The Holiday Heist (2012), Home Sweet Home Alone (2021) කියන ෆිල්ම්ස් හය මේ ෆ්‍රැන්චයිස් එකට අයිති වෙනවා. එන්න එන්නම රසය අඩු උනා කියලා මට නම් පෞද්ගලිකව හිතුනත් ක්‍රිස්මස් මූවි මැරතන් එකකට ෆැමිලි එකත් එක්ක බලන්න කියාපු ෆ්‍රැන්චයිස් එකක් තමයි මේක. ස්ටෝරිය නම් ඉතින් සුපුරුදු ස්ටෝරියම තමයි. අලුතෙන් කියන්න ඕනෙ නෑනෙ. ආතල් එකෙ බලන්න තියෙන්නෙ.


The Polar Express (2004)



දුර ගමනක් කෝච්චියක යන්න අපි හැමෝම කැමතියි. මේ ෆිල්ම් එකෙත් තියෙන්නෙ අන්න ඒ වගේ කතාවක්. ඒ වගේම මේක ඇනිමේශන් ෆිල්ම් එකක්. පිරිමි ළමයෙක් නෝත් පෝල් එකට (උත්තර ධ්‍රැවයට) එන සැන්ටා ව (නත්තල් සීයාව) බලන්න කෝච්චියක යන ගමනක් තමයි ෆිල්ම් එක පුරාවටම තියෙන්නෙ. මේ ළමයාට මේ ගමනෙදි අහම්බෙන් හම්බෙන අය සහ අහම්බෙන් සිද්ද වෙන දේවල් එක්ක ලස්සනට මේක ගලාගෙන යනවා. ෆැමිලි එකත් එක්ක බලනවා ගින්දරම ඇනිමේශන් එකක් මේක සහ මගේත් පරිසනලි ආසම එකක්. ඒ වගේම මේකේ එන්ඩින් එකත් හරි ලස්සනයි.


Last Christmas (2019)



Emilia මැඩම් ප්‍රධන චරිතයෙන් දායක වෙන මේ Film එක Comady/ Romance කැටගරිවලට තමයි අයිති වෙන්නෙ. කේට් කියන්නෙ තමන් කරන්න යන කිසිම දෙයක් හරියට කරන්න බැරි කෙනෙක්. ටොම් කියන කෙනාව මුන ගැහුනට පස්සෙ මෙයාගෙ ජීවිතය වෙනස් වෙන හැටි Film එකෙන් බලාගන්න පුලුවන්. Henry Golding තමයි Tomට රංගනයෙන් දායකත්වය දෙන්නෙ. Snake Eyes බලපු අය දන්නවා කවුරු ගැනද කියන්නෙ කියලා. ඉතින් මේ ෆිල්ම් එක බැලුවොත් බලාගන්න පුලුවන් නත්තල කියන දේත් එක්ක මිනිස්සු ජීවිත කොහොමද වෙනස් වෙන්නෙ කියලා. පව්ලේ සැමට බලන්න නම් ටිකක් අමාරු වෙයි. බලන්න ගන්න කලින්ම කිව්වා ඕං.


The Princess Switch (2018-2021)



මේකෙ ෆිල්ම්ස් තුනක් තියනවා. ඒ කියන්නෙ Trilogy එකක්. තුනම Romance/ Comady කියන කැටගරීස්වලට තමයි අයිති වෙන්නෙ. හරිම සරල ප්ලොට් එකක් එක්ක පව්ලෙ ඔක්කොටම හිනා වෙවී බලන්න පුලුවන් ෆිල්ම්ස් තුනක්. ප්‍රධාන චරිතයෙන් එක් වෙන්නෙ Vanessa Hudgens. Highschool Musical එකේ හිටියෙ. අන්න එයා. ස්ටේසි කියන්නෙ තමන්ගෙම ශොප් එකක් එකක් තියන තරුනියක්. මෙයාගෙ රිලේසන්ශිප් එකත් බ්‍රේක් වෙලා තියෙන්නෙ. මෙයා ඒ නිසා වෙනසකටත් එක්ක බල්ගේරියාවෙ තියන කෑම හදන තරගයකට සහබාගී වෙන්න යනවා. ඒ යන්නෙ තමන්ගෙ කඩේ සහයකයයි එයාගෙ දුවයි එක්ක. එහෙදි මෙයාට මුනගැහෙනවා ඒ රටේ කුමාරයව මැරි කරන්න ඉන්න කෙනාව. එතනින් පස්සෙ කිව්වොත් කතාව ස්පොයිල් වෙනවා. එක හුස්මට ෆිල්ම් තුනම බලලා ඉවර කරන්න් පුලුවන්. පට්ටම ආතල් Films තුනක්. ඒ වගේම මගෙත් ආසම ක්‍රිස්මස් මූවි සීරීස් එකක්.


Krampus (2015)



ලිස්ට් එකේ Horror මූවි එකක අඩුවකුත් තියනවනෙ. ඒ අඩුව තමයි මේකෙන් පුරවන්න යන්නෙ. Krampus කියන්නෙත් මූවි සීරීස් එකක්. Krampus කියන ක්‍රිස්මස් ඩීමන්ගෙන් බේරෙන්න ගන්න උත්සහයක් තමයි ෆිල්ම් එකේ බේසික් ප්ලොට් එක වෙන්නෙ. මේක නත්තල් දවසෙ රෑට ලයිට් නිවලා එහෙම බලලා මරු ආතල් එකක් ගන්න පුලුවන් ඔයාලට.


The Knight Before Christmas (2019)



මේක රොමෑන්ස් කොමඩි ෆැන්ටසි මූවි එකක්. 14වෙනි ශතවර්ශෙ ඉන්න Knight කෙනෙක් Present Day එකට ඇවිත් හයිස්කූල් ටීචර් කෙනෙක්ව හමුවෙලා සිද්ද වෙන සිදුවීම් වගයක් තමයි ෆිල්ම් එකට අයිති වෙන්නෙ. The Princess Switch එකේ ඉන්න Vanessa Hudgensම තමයි මේකෙදිත් බලාගන්න පුලුවන් වෙන්නෙ. 


Christmas Chronicles (2018-2020)



ඔයාලා ෆිල්ම්ස් ගොඩක දැකලා ඇතිනෙ නත්තල් සීයා එනකන් රෑට නැගිටලා බලන් ඉන්න ලමයින්ව. මේකෙදිත් අයියා නගෝ දෙන්නෙක් ලෑස්ති වෙනවා නත්තල් සීයව බලාගන්න. මෙයාලා නත්තල් සීයව බලාගත්තත් පස්සෙ ලොකු අකරතැබ්බයකට මූන දෙන්න වෙනවා. ඒ තමයි වැරදීමකින් නත්තල් සීයගෙ කරත්තෙට ගොඩ වෙන එක. එතන ඉදන් හරිම ලස්සන ෆිල්ම් එකක් බලාගන්න පුලුවන් අපූරු කොමඩි සීන් ගොඩක් එක්ක. පොඩි නංගිලා මල්ලිලා එක්ක බලන්න පුලුවන් ලස්සන කතාවක්.


A Boy Called Christmas (2021)



මේකනම් මේ ඊයෙ පෙරේදා ආව ෆිල්ම් එකක්. මේකෙ කතාව යන්නෙ නිකොලස් කියන පොඩි ළමයා adventure එකකට ගියපු එයාගෙ තාත්තව හොයාගෙන හැංගිච්ච එල්ෆ් ගමක් හොයන් යන  ජර්නි එකක්. මේ අවුරුද්දෙ මම බලපු ලස්සන ෆිල්ම් එකක් මේ. මේකත් Netflix ලගෙම වැඩක්. අනිවා බලන්න කියල රෙකමන්ඩ් කරනව. ආ තව එකක් හැරී පොටර් ෆෑන්ස් ලට අමතකම නොවෙන කෙනෙක් තමා මේකෙ කතාව කියන පොතේ ගුරාට ඉන්නෙ. 😁


Die Hard (1988-2013)



ඩයි හාඩ් කියන්නේ නත්තල රිප්‍රසන්ට් වෙන කතාවක් තියෙන ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකක් නෙමෙයි. හැබැයි නත්තල් කාලේ වෙන කතාවක්. ස්පෙශලි ඩයි හාඩ් 1,2.. ඇක්ශන් ෆිල්ම් ඉතිහාසයේ නිර්මාණය වුන හොදම ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකක් තමා ඩයි හාඩ් කියන්නේ. නිකමට වගේ නත්තල් දවස කිට්ටු කරලා මේක බලන්නකෝ.. ක්‍රිස්මස් ෆීලින් එක ඩබල් ට්‍රිබල් කරලා ගන්න පුලුවන්.


ඉතින් ඔන්න ඔය ටික තමයි අපි ඔයාලට රෙකමන්ඩ් කරන්නෙ. අවසාන වශයෙන් කියන්න ඕනෙ මේ ලිපිය මම තනියෙම කරපු වැඩක් නෙවෙයි. අපේ RWC crew එකේ තවත් කිහිප දෙනෙක් එක්ක එකතු වෙලා තමයි මේ වැඩේ කරේ. ඉතින් එයාලටත් ක්‍රෙඩිට් එක යන්නම ඕන.ඉතින් මේක ඔයාලට RWC එකෙන් දෙන නත්තල් තෑග්ග. New Year තෑගිත් දෙන්නම්කො ඉස්සරහට. එහෙනම් ළමායි,


Merry Christmas All!!!!!

4 Comments

Post a Comment
Previous Post Next Post