(වැඳගෙන😁🙏) ආයුබෝවන්! වණක්කම්! අස්සලාම් අලෙයික්කුම්! වෙල්කම් ටු රිවීව් හූ කෙයාස්! මෝබියස් ට්‍රේලර් බ්‍රේක්ඩවුන් එක අරන් ඇවිල්ල තියෙන්නෙ. පට්ටම පට්ට ට්‍රේලර් බ්‍රේක්ඩවුන් එකක් අරන් ඇවිල්ල තියෙන්නෙ එහෙනම් යමු මෝබියස් පලවෙනි ට්‍රේලර් එකේ බ්‍රේක්ඩවුන් එකට.
ට්‍රේලර් එක පටන්ගන්නෙ මෝබියස් ගේ පොඩි කාලෙ සිදුවීම්
වගයක් පෙන්නල. මෝබියස් කියන්නෙ ග්‍රීසියේ හිටපු කෙනෙක්. මෙයාට තියෙනවා ජානගත
රෝගයක්. මේකෙන් මෙයාගෙ ශර්රිරයේ රුධිර
සෛල මැරෙන්න ගන්නවා. ඕකට බේතක් හොයන්න තමා මයිකල් ඩොක්ටර් කෙනෙක් වෙන්නෙ.
මයිකල් කියන්නෙ ජීනියස් කෙනෙක් ඒ නිසා මිනිහ ඉතාම ඉකමනට නොබෙල් සම්මානයක් පවා
අරගන්නවා. මේ ලෙඩේට Cure එකක් හොයාගෙන
ගිහින් තමා මිනිහා වැම්පයර් වවුල්න්ගෙන් හපාකෑමකට ලක්වෙන්නෙ. මෝබියස් වැම්පයර්
කෙනෙක් වෙන්නෙ ඔතනින්.
ට්‍රේලර් එකෙත් පෙන්නනවා මිනිහා වැම්පයර් වවුලෝ ඉන්න
ගුහාවකට ගිහින් හිතලම උන්ගේ සපා කෑමකට ලක්වෙනවා. මෙතෙන්ට හෙලිකොප්ටර් එකෙන් බැහැලා
එද්දිත් පේනවා මිනිහා සෑහෙන දුර්වල වෙලා ඉන්නෙ කියලා. මනුස්සයෙක් අහනවත් එක්කනෙ
දොස්තර කෙනෙක්ට කතාකරන්නද කියලා. ඔය කරන්න වැඩේ දරුණුකම දන්න නිසා තමා මයිකල්
අනිත් උන්ට කියන්නෙ බයනම් දුවපල්ලා කියලා. කට්ටිය මයිකල්ව එතන දාල යනව වගේ.
මේ සිද්ධියෙන් පස්සෙ මයිකල් මාස දෙකක් තිස්සෙ අතුරුදන්
වෙලා ඉන්නව කියල තමා ට්‍රේලර්
එකේනම් කියන්නෙ. සමහරවිට වැම්පයර් කෙනෙක් උනාට පස්සෙ මිනිහට සිහිවිකල් වෙලා ඉන්න
ඇති.
ඊටපස්සේ පෙන්නනවා මෝබියස් නැවක ඉන්න සෙට් එකක් මරල දානවා,
මේ නැව යන්නෙ Long Island (ලෝන්ග් අයිලන්ඩ්) වලට. Long Island කියන්නෙ ඇමරිකාවෙ
නිව්යෝක් වල තියෙන ප්‍රදේශයක්. ඔතනින් තමා මාස දෙකක් තිස්සෙ අතුරුදන්වෙලා හිටපු
මයිකල් මෝබියස් ආපහු හම්බවෙන්නෙ.
මේ Long Island වෙන්න ඕනෙ. මේක තියෙන්නෙ New York වල. මේකට නම හැදෙන්නෙ මුහුද පැත්තට වෙන්න දිගටි හැඩේට දිවයිනක් වගේ පිහිටල තියෙන නිසා. |
නැවේ හිටපු උන්ට පහරදීපු නිසා මෝබියස් ව අත්අඩංගුවට
ගන්නව වගේ.
හිරේ යවන මෝබියස්ව හම්බවෙන්න එනව විශේෂ කෙනෙක්. දන්න කියන ඩෑල් එකක් ඉන්නෙ. මේ ඉන්නේ
Simon Stroud කියන චරිතේ.
මෙයා ඇවිල්ලා මෝබියස් වගේ Supernatural
Creatures ලව. ඒ කිව්වෙ Werewolves ල, වැම්පයර් ල. වගේඑ අයව දඩයම් කරන කෙනෙක්.
මෙයා කලින් NYPD එකේ සහ CIA එකේ වැඩකරපු කෙනෙක්.
මුලින් මෙයා මෝබියගේ විලන් කෙනෙක්. පස්සෙ දෙන්න එකට වැඩකරනවා. ෆිල්ම් එකේනම් මෙයා FBI Agent කෙනෙක්. මෙයා අහනව මෝබියස්
ට උනේ මොකද්ද කියලා. වෙච්ච දේ ගැන මෝබියස්ටවත්
කිසිම අයිඩියා එකක් නෑ වගේ.
ඊටපස්සෙ පෙන්නනවා Martine Bancroft කියන චරිතේ.
මෙයා තමා මෝබියස්ගේ GF (ගල්පෙන් අනෙහ්). මෙයත්
මයිකල්ගෙ Vampire Bats ල ගැන කරපු Experiment ගැන දන්නව වගේ. මොකද
මෙයා කියනවා “It Worked “ කියලා. මං
හිතන්නෙ මේ දෙන්නට ඕනෙ උනේ Vampire
Bats ලගෙන් මයිකල්ගෙ ලෙඩේට බේතක් හොයන්න. හැබැයි නොහිතපු
විදියට ඒකෙන් මයිකල්ව වැම්පයර් කෙනෙක් වෙනවා.
ඊටපස්සෙ මෝබියස්ගෙ ශොට් වගයක් තියෙනවා. මෙතනදි හොඳටම
බලාගන්න පුළුවන් මයිකල්ගේ Superhuman
Sense එක. දන්නවනෙ වවුලන්ට Eco Location පාවිච්චි කරලා ඉදිරියේ
තියෙන දේවල් බලාගන්න පුළුවන් කියලා. (ඕක සනිඳු අයිය ටීසර් බ්‍රේක්ඩවුන් එකේදි
ලස්සනට පැහැදිලි කරා). මයිකල්ගෙ ඔය හැකියාව සෑහෙන Advanced. දැක්කනෙ මුළු නගරෙම
තියෙන දේවල් මෙයාට දැනෙනවා.
ඊටපස්සෙ පෙන්නනවා මෙයා Subway එකක් ඇතුලේ පියාඹනවා.
මේ ඇඳන් ඉන්නේ හිරකාරයන්ගේ ඇඳුමක්. මං හිතන්නෙ පොර හිරෙන් පනිනවා.
ඕකත් එක්කම අපිට බලාගන්න පුලුවන් Oscorp බිල්ඩින් එක. මේකෙ ලෝගෝ එක ඇන්ඩෲ ගාර්ෆීල්ඩ්ගෙ Amazing Spider-Man ෆිල්ම් එකේ තිබ්බ ලෝගෝ එක වගේ. (හතිකේ මොකද්ද ඒ උනේ?)
වැම්පයර් කෙනෙක් උනාට පස්සෙ මයිකල්ට පාලනයක් නැති වෙනව
වගේ. ට්‍රේලර් එකේ පෙන්නනවා ලේ ගබඩා කරල තියෙන තැනක ඉද්දි මයිකල් ලේ බොන්න හදනවා
හතිකේ හැරී සෙල්ඩන් මුකතේ මේකෙ කොරන්නෙ? බවුන්ඩේසන් එක
හදල ඉවරතේ?
නෑ නෑ මේ ඉන්නෙ මයිකල් ව පොඩි කාලෙ බලාගත්ත කෙනා මෙයා
ගොඩක් දුරට මයිකල් උදව් කරයි වැම්පයර් ව පාලනය කරගන්න. හරියට අර පියතුමා Daredevil ට උදව් කරා වගේ.
මේ ඉන්නෙ මයිකල් මරපු අය වෙන්නත් පුළුවන් නොවෙන්නත්
පුළුවන්. ඒකට හේතුව පස්සෙ කියන්නම්.
ට්‍රේලර් එකේ තිබ්බ සුපිරිම Egg එකක් මේක. මෙතන් එකක් තියෙනව රයිනෝ පැනල ගිහින් කියලා, අනිත් එක Black Cat ගැන. Amazing Spider-Man තුන්වෙනි ෆිල්ම් එකෙන් මේ දෙන්නවම ගේන්නයි සෝනි එකෙන් ප්ලෑන් කරන් හිටියේ. සමහර විට ඉස්සරහට වෙනම විදියකට ගෙනෙයි. නෝ වේ හෝම් ටීසර් එකේ මුල අර වහලයක් උඩ ඉඳන් සෙන්ඩායා අපේ ටොමා එක්ක බලන්නෙ මේ ඩේලි බියුගල් පත්තරයක්ම තමයි...
Simon මේ අතේ දාගෙන
ඉන්නෙ Hightech Arm එකක්. මොකද මේ
හැප්පෙන්නෙ වැම්පයර් කෙනෙක්
එක්ක.
මේ ඉන්නෙ Loxias Crown A.k.a Hunger. මෙයා මුලින් Hydra Agent කෙනෙක්. පාසෙ මෙයා
වැම්පයර් කෙනෙක් වෙනවා.. මෝබියස්ට ඉන්න ලොකුම හතුරෙක්. ගොඩක් දුරට ෆිල්ම් එකේ මේන්
විලන් මෙයා වෙයි. සමහරවිට මෙයාගෙ වැඩ වලට මෝබියස් ව ෆ්‍රේම් වෙයි. කලින් Investigation එකක් එන්නුවෙ.
පොලිස් නිලධාරින් එහෙම මරලා දාල තිබ්බෙ. ඒක මෙයාගෙ වැඩක් වෙන්න පුළුවන්. චරිතෙ
කරන්නෙ Matt Smith. මේ දවස්වල
මිනිහගෙ වේරියන්ට්ල හැමතැනම. එකෙක් ලන්ඩන් වල මිනී මරනවා (Last Night In Soho). තව එකෙක් වෙස්ටරොස් වල
මකරු පදිනවා (House of The Dragon).
මේකනම් දන්නවනෙ. මේ ඉන්නෙ ටෝබි මැග්වයර් ගෙ ස්පයිඩි. ඒ
වගේම මේ ශොට් එකත් එක්කම ටොම් හොලන්ඩ්ගෙ Vulture (මයිකල් කීටන්) වත් පෙන්නනවා. එතකොට
කෝමද මේ ස්පයිඩිලා තුන්දෙනාගෙම රෙෆරන්ස් මේ ෆිල්ම් එකේ තියෙන්නෙ. කාලෙකට කලින්
ජෙරාඩ් ලෙටෝ කියල තිබ්බ මේ ෆිල්ම් එක වෙන්නෙ MCU එක ඇතුලෙ කියලා.
හැබැයි මේක සෝනි එකෙන් Confirm
කරේ නෑ.
මට හිතෙන්නෙ No Way Home කේ වෙන සිදුවීම් නිසා මේ ස්පයිඩිලගෙ
යුනිවර්ස් ටික එකට එකතු වෙයි. හරියට Secret Wars කොමික් වල අන්තිමට Ultimate Earth එකයි Earth 616 එකයි එකට එකතු උනා
වගේ.
මෙතනදි Vulture
කියනවා “You
and I should stay in touch” කියලා. මේ කියන්නෙ Sinister Six එක ගැන වෙන්න ඕනෙ.
මේ ඇඳන් ඉන්නෙ කොමික් වල තියෙන දම්පාට Cape එක ඒ කියන්නෙ කබාය.
මෝබියස්ට Control එකක් නැති වෙලාම ගියපු තැනක් වෙන්න ඕනෙ මේ.
නැත්තම් හිරකරල තියන්නෙ නෑනේ. මේ එන්නෙනම් පොලීසියෙන් හෝ FBI Agent ල නෙවේ. මං හිතන්නෙ මේ
එන්නෙ Loxias ගෙ කට්ටිය. මේ
එන්නෙ මෝබියස් ව අරගෙන ගිහින් Loxias
ටත් පවර්ස් අරගන්න වෙන්න ඇති.
මෝබියස්ගේ ස්පීඩ් එක පෙන්නපු හොඳම පොයින්ට් එකක් මේක.
බුලට් එකත් එක්කම ඇහැ යනවා කියන්නෙ.🔥🔥
මේ ඉන්න මනුස්සයව මරන්නෙ Hunger වෙන්න පුළුවන්.
ෆිල්ම් එකේදි Simon විලන් කෙනෙක් වෙන එකක් නෑ. මෙයා ගොඩක් විට මෝබියස්ට
එයාගෙ True Purpose එක හොයාගන්න
උදව් කරයි. මෙතන කියන්නෙත් “You
Save Lives Not Take Them” කියලා.
ට්‍රේලර් එකේ තිබ්බ Iconic ම සීන් එක මේක. මෙතන
පැහැදිලිවම මෝබියස් ගේ Cape
එක බලාගන්න පුළුවන්.
කට්ටිය පිස්සු වට්ටපු තැනනෙ මේක. සමහරවිට වෙනොම්,
මෝබියස් දෙන්නම එකම යුනිවර්ස් එකක ඉන්නව වෙන්න පුළුවන්. මෙතන අත කඩන්නෙනම් Thug කෙනෙක්ගෙ. කොමික් වලත්
මයිකල් පාඩුවෙ පැත්තක වෙලා හිටියට අසාධාරණයක් දැක්කම ඒකට එරෙහිව කටයුතු කරනවා.
ට්‍රේලර් එක බැලුවම හිතෙන්නෙ මේක හොරර් ෆිල්ම් එකක් වගේ වෙයි කියලා. ඒම උනොත් මරු. කෝමත් ස්නැප් එකක් ගහලා “අයියෑම් ටින් මෑන්” කියල මැරිල යන ටිපිකල් ආතල් දෙන එකක් නෑ 😂😂
එහෙනම් තව ලිපියකින් හම්බවෙමු.. එතකම් ජයවේවා!!
sachinge intro eka... maru maru.
ReplyDeleteTIN MAN = IRON MAN
ReplyDelete