ඩිස්නි+ ඩේ එකේ රිලීස් කරපු Moon Knight, She-Hulk සහ Ms. Marvel ටීසර් වල බ්‍රේක්ඩවුන් | Moon Knight, She-Hulk & Ms. Marvel Teaser Brakedown

Disney+ Day 2021



Disney + Day එක කොහොමද ?  ට්‍රේලර් බැලුවද ? Obi-Wan ව දැක්කද? දැන් සැපද ?  🌷🌷 ❌

මට නම් හිතුනෙ ඒක නොතිබ්බනම් හොඳයි කියල. Announcement විතරයි. කොටින්ම Marvel Film ටික ගැනවත්, Star Wars ප්‍රොජෙක්‍ට් ටික ගැනවත් කිසිම දෙයක් නෑ. තිබ්බ පැනල් ටිකවත් පිලිවෙලට නෑ. කොටින්ම පික්සාර් එක විනාඩි 10 වත් නෑ 😂

Anyways ඕකෙ අලුත් Marvel Series තුනක  first look ආවා ඒ ටිකෙ දැකපු දේවල් ගැන කියන්න තමා මේ ලිපිය ලියන්නෙ.  මේවා ගිය අවුරුද්දෙ දීපු ඒව තරම් දිග නෑ කියල දුක් වෙන්න එපා. මොකද මේ ට්‍රේලර් නෙවේ First Looks. 


Moon Knight


මේක තමා මම ඊයෙ ඉවෙන්ට් එකේ දැකපු සිරාම සප්‍රයිස්  එක. Oscar ගෙ accent එක,🔥🙏🙏.

බ්‍රේක්ඩවුන් එක කියන්න කලින් පොඩි දෙයක් තේරුම් අරගෙන ඉමු. කොමික් වලදි Moon Knight කියන්නෙ. Multi Personality Disorder එකක් තියෙන කෙනෙක්. ඒ කියන්නෙ මිනිහට පෞරුෂත්ව තුනක් තියෙනව. ඔන්න ඔය හේතුව නිසා Moon Knight Cowl එක දාගෙන කරන වැඩ මෙයාට මතක නෑ. 

දැන් ඔක්කොටම කලින් Multi Personality Disorder අවුල ලිහාගෙන ඉමු.

Multi Personality Disorder කියන්නෙ තනි මිනිහෙක්ගෙ ශරීරය ඇතුලෙ එකිනෙකට වෙනස් personality  කීපයක් තියෙන එක. මේක දෙකක් තියෙන්න පුළුවන්. ඕනෙනම් 10 විතර තියෙන අයත් ඉන්න පුළුවන්. සැරින් සැරේට මේ Personality ටික මාරු වෙවී ඒ Body එක කන්ට්‍රෝල් කරනව. 

Iron Fist බැලුවනෙ මතකද ඒකෙ දෙවෙනි සීසන් එකේ අර ඩැනී ගැන ඔත්තු බලපු කෙල්ල. එයා තමන්ගෙන් පරිස්සම් වෙන්න කියල තමන්ම ගිහින් ඩැනීට කියනවනෙ. එයාටත් මේ Multi Personality Disorder එකක්. වතුර වැටෙනකොට එයාගෙ පර්සනැලිටි එක මාරු වෙනවනෙ. එකක් අහිංසකයි, අනිත් එක Criminal කෙනෙක්. 

සරලව කිව්වොත් Multi Personality Disorder කියල කියන්නෙ. එක මනුස්සයෙක් ඇතුලෙ චරිත කීපයක් හිරවෙලා ඉන්න එක.  ඕක තියෙන තවත් මාවල් චරිතයක් තමා Legion 🙏 

Doom Patrol එහෙම බලනවනම් ඕකෙත් ඉන්නව ඔහොම චරිතයක්. 





මුලින්ම පෙන්නන්නෙ Museum එකක් ඇතුලෙ තියෙන  ශොට් එකක්. මං හිතන්නෙ සීරිස් එකේ හැටියට  Khonshu එයාගෙ avatar එක හැටියට Moon Knight ව තෝරන්නෙ මෙතනදි. 😋 එතකොට Marc Specter (මෙතන ඉන්නෙ මොන පර්සනැලිටි එකද කියල නොදන්න නිසා එහෙම කියමු). ගෙ පර්සනැලිටි එකක් Museum එකක වෙන්න ඇති වැඩ කරන්නෙ. Maybe, මේක හරිම පර්සනැලිටි එක වෙන්නත් පුළුවන්. මෙතන මිනිහ ඉන්නෙ Confused වෙලා. ඔය වීදුරුව දිහා බැලුවොත් දේවල් දෙකක් බලාගන්න පුළුවන්.


1. මාක් ඇවිදගෙන ගියාට කණ්ණාඩියෙ ඇතුලෙ තියෙන Reflection දෙක යන්නෙ නැ. මේ පෙන්නල තියෙන්නෙ මාක්ගෙ අනිත් පර්සනැලිටි දෙක. කොමික් වලදි කැබ් රියදුරෙක්, මිලියනපතියෙක් විදිහට තමයි ඔය පර්සනැලිටි දෙක තියෙන්නෙ.

2. මෙතනදි පිළිමෙක Reflection  එකක් බලාගන්න පුළුවන්. මේ ඉන්නෙ Khonshu a.k.a Egyptian God of vengeance 🔥🙏. මෙයා තමයි Marc ව එයාගෙ avatar විදිහට පත්කරල Moon Knight ට powers ලබාදෙන්නෙ. මේ Khonshu ගෙන් ලැබෙන Powers නිසා මාක්ට Mjolnir එකෙන් දමල ගැහුවත් ඒක අල්ලල ආපස්සට යවන්න පුළුවන්. 😋  

මේ ඉන්නෙ  කලින්  හිටපු මාක් නෙවේ. එයාගෙ වෙනම පර්සනැලිටි එකක්. මේ Cowl එක දාගන්න කෙනා වෙන්නත් පුළුවන්.



මේ ඉන්නෙ අර මුල ඉන්න කෙනා. Multi Personality Disorder එක කොච්චර මිනිහට බලපානවද කියන එක මෙතනදි හොඳටම පෙන්නල තියෙනව. අන්තිමට මතක තියෙන්නෙ හොඳට හිටිය කියල. එක පාරටම බලද්දි ඉන්නෙ හොඳටම තුවාල වෙලා.  මේ ඉන්නෙ Subway Train එකක 🚆. ගෑණු කෙනෙක් එහෙම බයවෙලා බලාගෙන ඉන්නව. මේ දාගෙන ඉන්නෙ Moon Knight cowl එක. (එහෙම නොවෙන්නත් පුළුවන් )එහෙන් මෙහෙන් අමුණගත්තු හෙන ප්‍රාථමික සූට් එකක් තියේවි සීරිස් එක  පුරාවටම. මොකද මේ ඉන්නෙ First year vigilante කෙනෙක් 😁  Daredevil එහෙම මතකනෙ මුල් කාලෙ කොස්ටියුම් එක. 😉



මේ පුදුම වෙලා ඉන්නෙ ඇයි දන්නෙ නෑ. සමහරවිට Khonshu ව දැකල වෙන්න පුළුවන්. 😶



මේ මාක්ගෙ ගෙදර වෙන්න ඇති. මෙතන බෝඩ් එකේ තියෙන්නෙ Crminal activities ගැන.  Vigilante කෙනෙක් උනාම දන්නවනෙ ඉතිම්. 😉 




ඒ ගැම්ම 💪 . මේ තමා අපි ඉල්ලන Moon Knight. දාගෙන ජූස් බැහැල හැඳිගෑවිලා යන්ඩම දෙන්නෙ.  Moon Knight කියන්නෙ කෝමත් අතගාන එකෙක් නෙවේනෙ. හිතුනොත් හතර හන්දි ටික ලෙප්ට් වෙලා කෝමා වෙන්නම නෙලනව. නැත්තම් හම ගලෝල මරල දානවා. 🔥🔥. Marvel is for kids කියල හිතන් ඉන්න කෙනෙක්ට එහෙම මොනවා හිතෙනව ඇද්ද? බැටින්සන් ට වඩා අල්ලල ගියා මේ එක ශොට් එකෙන් මට. 🙏 හැබැයි ඔතන නැගිටිනකොට සූට් එකට ලේ ඉහිල තිබ්බොත් තමා මරුම අයිරොනිය 😂😂

Moon Knight දැක්කම අපි දන්න කෙනෙක්ගෙ රියැක්ශන් එක පහලින් දාන්නම්. 😂😂


මේ බෙරිහන් දෙන්නෙ Avengers ලටවත් බය නැති එකෙක් ඈ 😂😂



මේ ශොට් එකනම් සිරියමෙසාරා. සචිම් අයියගෙ බාසාවෙන් කිව්වොත් ඝැම්මක්🔥🔥 

මේ Reference එක දීල තියෙන්නෙ Batman the dark knight returns කොමික් එකට. ඒකෙ බැටා බිල්ඩින් එකකින් පනිද්දි තියෙන pose එකමයි මේ. (කෝමත් Moon Knight ව හදන්න Inspire වෙලා තියෙන්නෙ බැට්මෑන්ගෙන්. බැටාට batrang තියෙනව මෙයාට crescent තියෙනව, දෙන්නටම Cave එකක් තියෙනව, බැටාට Batwing එක තියෙනව මෙයාට Mooncopter එක තියෙනව) මේ තියෙන්නෙ අඩ හදක්. ඒ කියන්නෙ Moon Knight ගෙ Symbol එක. 😋😋 


Ah! such a poser 🙈🙈



She-Hulk


මේකෙ නම්  ලොකුවට මුකුත් නෑ. තියෙන ටික කියන්නම්.

කොමික් වලදි ජෙනිෆර් වෝල්ටර්ස් කියන්නෙ Lawyer කෙනෙක්. මෙයාට අනතුරක් වෙලා එයාගෙ Cousin Bruce Banner එක්ක Blood Transfusion එකක් කරගන්නව. මේකෙන් තමා එයා Gamma Monster කෙනෙක් වෙන්නෙ. 

First Look එකෙත් Jennifer ට accident එකක් වෙනව කියල පෙන්නුව. ඉතින් මේකෙත් කොමික් ඔරිජින් එකම බේස් කරගනී.



මේ තියෙන්නෙ කොමික් වල තියෙන කොස්ටියුම් එක. සිරසෙ කාටුන් එක බලපු අය දකින්න ඇති මේක. තනි Accurate හුම්ම් 😋


Jennifer ව මේ Cell එකක දාල තියෙන්නෙ පාලනය ගිලිහුනොත් කියල වෙන්න ඇති. ඔලුවට හෙල්මට් එකක් දාල තියෙන්නෙ Angry level එක වගේ දේවල් බලාගන්න වෙන්න පුළුවන්. 

Anyway හල්ක් ගෙ අත හරි ගිහිල්ල නේතේ? ඒ කියන්නෙ මේ සීරිස් එක යන්නෙ Shang-Chi එකටත් පස්සෙ ටයිම්ලයින් එකක. 😁




මේ කාර් එකකින් බැහැල පාටියකට යනව කියන්නෙ මෙයා Gamma Monster ව හොඳටම කන්ට්‍රෝල් කරගෙන කියන එක. කොමික් වලත් හල්ක් වගේ Out of control  යන කෙනෙක් නෙවේ She-Hulk කියන්නෙ. Transform උනාට පස්සෙත් Jennifer හොඳ සිහියෙන් ඉන්නෙ. 😎



කොමික් වලදි She-Hulk  කියන්නෙ Deadpool වගේම 4 th wall එක break කරන කෙනෙක්. මේ ඒවගේ සිදුවීමක් වෙන්න ඕනෙ. නැත්තම් මේ Jennifer ඉමැජින් කරගන්න දෙයක්. 😶



Ms.Marvel


Moon Knight එකට පස්සෙ මම එනකම් හිටපු ඊලග ට්‍රේලර් එක.😋 Kamala ගෙ තාත්තට ඉන්න කෙනා කිව්ව මේකෙ ට්‍රේලර් එකක් එනව කියල. ඕං ආපු එක 😂.



මුලින්ම පෙන්නන්නෙ කැප්ටන් මාවල් දිහා බලාගෙන ඉන්න Kamala ව. කමාලා ගෙ වීරයා තමා මාවල් කියන්නෙ. කමාලා එයාගෙ Codename එක විදිහට Ms.marvel කියන නම ගන්නෙත් මුල්කාලෙ කැරොල්ගෙ අයිඩින්ටි එක නිසා. 

මේ ගිහිල්ල ඉන්නෙනම් Superheroes ලට තියන exhibition එකකට. මෙතන එහා පැත්තෙ ඉන්නෙ Bruno. මෙයා Ms.Marvel ගෙ origin එකට වැදගත් කෙනෙක්. ඒ ඇයි කියල Ms.marvel ගැන ලියන ලිපියක කියන්නම්. 


මේ පෙට්ටියෙ තියෙන්නෙ Kamala ගෙ කොස්ටියුම් එක වෙන්න ඇති. 



මේ අර Exhibition එකමයි. මෙතන වෙන්න ඕනෙ Kamala ට powers ලැබෙන්නෙ. මෙතන වෙන්නෙ මොකද්ද කියලනම් හරියටම පැහැදිලි නැ. New Rockstars වගේ ගොඩක්  නම ගියපු Youtubers ල කියන්නෙ මේක ස්නැප් එක නිසා හෝ වොන්ඩා කරන දෙයක් නිසා ඇතිවුණ දෙයක් කියල. 

හැබැයි මට හිතෙන්නෙ මේ Exhibition එකට ගේන මොකක්හරි දෙයක් නිසා ඇතිවෙන දෙයක් කියල මේ. මම ට්‍රේලර් බ්‍රේක්ඩවුන් කරද්දි (විශේෂයෙන්ම මාවල් ඒවගෙ) නෝට් උන දෙයක් තමයි අපි ලොකුවටම ගෙස් කරන ඒවා 80% ක් ම වගේ අදාල ප්‍රොජෙක්ට් එකේදි වෙනස් වෙනවා. ඉතින් මේකත් ලොකුවට මුකුත් දෙන එකක් නෑ කියල තමා මට හිතෙන්නෙ. කොමික් වලදි කමාලා කියල Inhuman කෙනෙක්නෙ terragen mist එකට අහුවුනු. 

ඒ වගේම මෙතන කමාලා ඇරෙන්න අනිත් අයට මුකුත් වෙනසක් වෙලා නෑ වගේ. එතකොට කමාලා ට විතරක් එහෙම උනේ Special Gene එකක් නිසාද ? ඒ කියන්නෙ දැනටම MCU එකේ Special Genes තියෙන අය ඉන්නව. (Shang-Chi එකෙත් හොඳටම පෙන්නුව ඕක.)



මම MCU එකේ පට්ටම ආසකරන දෙයක් මේ. එක එක Cultural දේවල් පෙන්නන එක. 🙏




මෙතන පිටිපස්සෙ Lightning එකක හැඩේට එකක් තියෙනව. Ms.marvel කොස්ටියුම් එකෙත් තියෙන්නෙ Lightning Symbol එකක්. මෙතනින් සූට් එකට අයිඩියා එක ගන්නවද දන්නෙ නෑ. 



මේ පින්තූර ඇතුලෙ හොඳට බැලුවොත් රතු සාලුවක් දාගෙන ඉන්න ගෑණු ළමයෙක්ගෙ පින්තූර ටිකක් බලාගන්න පුළුවන්. මේ ඉන්න කෙනාගෙ පෙනුම කොමික් වල Ms.marvel ගෙ පෙනුමට සමානයි. මෙතන Black Cat කෙනෙකුත් ඉන්නව. Well... you know who that its 🤤



මේ දොර සලාං කරන්නෙ Kamala ට expose  වෙච්ච දේම expose උන අයම වෙන්න ඕනේ. මුන් කවුද දන්නෙ නෑ. ඒක බලාගන්න ටීසර් එකක් හෝ ට්‍රේලර් එකක් එනකම් ඉන්න වෙනව.



හැබැයි Disney plus එකේ මාවල් කන්ටෙන්ට් ගැන දාපු ට්‍රේලර් එකේ පෙන්නුව මෙයාලගෙන් එක්කෙනෙක් Kamala ගෙ පස්සෙන් පන්නනවා. මෙයා ඇවිදින්නෙ නෑ පැන පැන යන්නෙ. මට හිතෙන්නෙ මේ ඉන්නෙ Toad. X-men ෆිල්ම් එකේ  හිටපු #දිවදානකොම්ල මතකනෙ. අන්න එයා. (ලෝකල් දිව දාන කොල්ලත් මේක කියෝනවද දන්නෙ නෑ.😂😂)



මේ සීරිස් එකේ අන්තිමට වගේ එන දෙයක් වෙන්න ඕනේ. මිනිස්සු මේ උඩ බලාගෙන ඉන්නෙ Ms.marvel දිහා. පිටිපස්සෙ  බිල්ඩින් එක දිහා බැලුවොත් Ms.marvel ගෙ Reflection එක බලාගන්න පුළුවන්. මේ තියෙන්නෙ හරිම සූට් එක. මෙතන Kamala Invisible Woman වගේ Energy Field හදාගෙන ඒව උඩ තමා යන්නෙ. කලින් කියල තිබ්බ සීරිස් එකේ Kamala ගෙ powers වෙනස් වෙනව කියල. ඒකට හේතුව ඉස්සරහට Mr.Fantastic එන නිසා වෙන්න ඇති. 😋

මෙතන Police Detective කෙනෙක් ඉන්නව. Ms.marvel Crime එකක් නැවැත්තුව වෙන්න පුළුවන්. නැත්තම් අර විලන් ල හතර දෙනාගෙන් එකෙක්ව අල්ලල දෙනව වෙන්න ඇති. 


Set Photos වල තිබුණ Ms.Marvel Costume එක.

First look තුනම බ්‍රේක්ඩවුන් කරා ඔන්න. ඊලග සතියේ No way home ට්‍රේලර් එක එනව කියල කියනව. බලමු මේ පාරවත් එයිද කියල. 😕 අපේ No way home premiere එක ගැනත් දැනුවත් නේද ඔයාල 😍 ප්‍රිමියර් එකට එන්න කැමති අය මෙන්න මේ ගූගල් ෆෝම් එක පුරවන්න 👇

https://forms.gle/VHkhRr7E8B15QTo66


එතකොට ටිකට් බුකින් ඕපන් කරපු ගමන් ඉස්සෙල්ලාම ඔයාලට තමා නොටිෆිකේශන් එක එන්නේ. දෙසැම්බර් 17 වෙනිදා මොරටුව මැක්ස් ලයිට් තියටර් එකේ තමා ප්‍රිමියර් එක තියෙන්නේ. මතකනේ Godzilla vs Kong එකට අපි කරපු ප්‍රිමියර් එක.. අන්න ඒ වගේ සුපිරි එක්ස්පීරියන්ස් එකක් මේ පාරත් ගන්න අනිවාර්යයෙන් ඔයාලත් සෙට් වෙන්න.

Godzilla vs Kong එකට අපි කරපු ප්‍රිමියර් එක



එහෙනම් ගායිස් Frewell for Now 🙏

1 Comments

Post a Comment
Previous Post Next Post