හොල්මන් එක්ක පවුල් කෑම | Ghosts Overview


මරණින් පස්සෙ අපිට මොකක් වෙනවා ඇත්ද?
 

සමහරු නම් පින් පව් විශ්වාස කරලා මරණින් පස්සෙ දිව්‍යලෝකයට,සුවර්ගයට එහෙම නැත්නම් අපායට යනවා කියලා කියයි. සමහරුන්ට නම් ඒක ඇත්තටම අනවශ්‍ය ප්‍රශ්නයක්. ජීවත් වෙන කාලෙ ඇතුලෙ තමන් ආස කරන දේවල් ටික කරලා මැරිලා ගියාට පස්සෙ මොනා උනත් මොකද කියලා කියයි.

ඉතින් ඔය එකි මෙකි නොකී සියල්ලන්ටම  මැරුනු මිනිස්සු එක්ක ආතල් එකෙ හිනා වෙවී බලන්න පුලුවන් සීරීස් එකක් තමා අද ගෙනාවේ. සීරීස් එක Ghosts(ගෝස්ට්ස්).වැඩිය කතා නැතුව අපි යමු සීරීස් එකට...

The Big Bang Theory, How I Met Your Mother ගැන හැමෝම අහලා ඇතිනෙ.



බලලා නැති වුනත් ඕන Tv series ලෝකෙ සැරිසරන ඕනම කෙනෙක් අහලා තියෙන්න ඕනෙ සීරීස් දෙකක් The Big Bang Theory සහ How I Met Your Mother කියන්නෙ. Sit-com ලෝකෙ පතාක යෝධයෝ දෙන්නෙක් තමා මේ දෙක. මේ සීරීස් දෙක අරගෙන එන්නෙ CBS Tv Network එකෙන්.


ඒ විතරක් නෙමෙ Young Sheldon , 2 Broke Girls වගෙ සිට්කොම් අරගෙන ආවෙත් මෙයාලා.



මෙයාලගෙ අලුත්ම සිට්කොම් එක තමා Ghosts.

Ghosts සීරීස් එකට Based වෙන්නෙ තවත් සිට් කොම් එකකකින් මයි. ඒකත් Ghosts ම තමා.


2019 දි ආපු මේ සීරීස් එක මේ වෙනකොට සීසන් තුනක් ඇවිල්ලා තියෙනවා. මේකට ඒ සීරීස් එකෙ බේසික් සංකල්පය අරන් තියෙනවා ඇරෙන්න කතාව ඇතුලෙ දි ලොකු සමාන කමක් නෑ කියලා තමා මම නම් දැක්කෙ. ආස කෙනෙක්ට ඕනෙ නම් ඒකත් බලන්න පුලුවන්. ඒක බලලා නැති නිසා ගුණදොස් ගැන වත් සංසන්දනය කරන්නවත් මට පුලුවන් කමක් නම් නෑ.

කතාව ගැන කිව්වොත් මිනිස්සුන්ගෙ මරණින් පස්සෙ එයාලගෙ ආත්මෙ ඉහලට ඇදගන්නවා. ඉහලට ඇදගන මොන මොනා හරි වෙනවා ඇති. වැඩේ තියෙන්නෙ අවාසනාවන්ත මිනිස්සු කොට්ඨාසයකගෙ ආත්ම එහෙම ඇදගැනීමක් වෙන්නෑ. ඉතින් එයාලා අපෙ ලෝකෙ හිරවෙලා ඉන්නවා. සදාකාලිකවම. නැත්නම් ඇදගන්නකම්. එහෙමයි කියලා එයාලට ලෝකෙ පුරා රවුම් ගහන්න බෑ. මැරෙන තැනත් එක්ක එයාලට අයිති භූමියක් තියෙනවා. ඒක ඇතුලෙ තමා එයාලා ඉන්න ඕනෙ. මෙයාලව ජීවත් වෙන මිනිස්සුන්ට ඇහෙන්නෙත් නෑ. පේන්නෙත් නෑ. දැනෙන්නෙත් නෑ.(ලාවට දැනෙන්නත් ඉඩ තියෙනවා) ගම්බදව තියෙන ලොකු මන්දිරේක ඉන්නවා මෙහෙම අවාසනාවන්ත භූත සෙට් එකක්. මෙතන ඉන්නවා මරු ආතල් ඩයල් ටිකක්. වයිකින්ග් මිනිහෙක්, රතු ඉන්දියන් මිනිහෙක්, අනූ ගනන් වල මැරුන ප්ලේ බෝයි ටයිප් කොල්ලෙක්(මිනිහා මැරෙද්දි මිනිහා යටට මුකුත් ඇදන් ඉඳලත් නෑ😂), බාලදක්ෂ වැඩකරන මිනිහෙක්,බෙල්ල වෙන් වෙලා මැරුනු මිනිහෙක්, ඇමරිකන් විප්ලවෙ හිටිය සෙන්පතියෙක්(එහෙම කියන්නෙ එයාම තමා), Jazz සින්දු කියන ගායිකාවක්,අටසිය ගනන් වල ගෑනු කෙනෙක් සහ මොලේ පොඩ්ඩක් අවුල් ගෑනු කෙනෙක්. වැඩිය විස්තර කරන්න දෙයක් නැ ඉතින් මේ ගොල්ලො ගැන. ඉතින් මේ කස්ටිය මන්දිරෙ පාඩුවෙ ඉද්දි මන්දිරෙ අයිති ගෑනු කෙනා මැරෙනවා.(ස්වාභාවිකව) ඊට පස්සෙ මන්දිරෙ ඉතින් අයිති වෙන්නෙ සැමැන්තට. සැමැන්තා මේ මැරුණු ගෑනු කෙනාගෙ දුරින් නෑ වෙන කෙනෙක්. හැබැයි එකම ඥාතියා. සැමැන්තා ඉන්නෙ එයාගෙ සැමියා ජේ එක්ක නගරේ. මේ මන්දිරේ තියෙන්නෙ ගම්බදව. සැමැන්තා කොච්චර ආස වුනත් ජේ නම් මෙ සේරම දමලා ගහලා ගමක තියෙන මන්දිරේකට යන්න කැමැති වෙන්නෙ නෑ. ගෑනු ඉතින් කෝම හරි මායම් දාලා පිරිමි රවට්ටනවනෙ. සැමැන්තත් ඉතින් වදෙන් පොරෙන් ජේ ව මන්දිරේට එක්කන් යනවා. මෙතනදි මෙයාලා මේක හෝටලයක් කරන්න තමා කතා වෙන්නෙ. මේක අපේ භූත සෙට් එකට හෙණ පාරක් වගෙ. ඇයි ඉතින් මෙයාලා සද්ද බද්ද නැතුව පාඩුවෙ හිටියෙ තැන නෙ මේ. මෙයාලා ප්ලෑනක් ගහනවා ජෝඩුව බය කරන්න. මතකනෙ අර ප්ලේ බෝයි ටයිප් කොල්ලා. මිනිහා තමා මැරිලා අඩුම කාලයක් තියෙන භූතයා. උට තාම බඩු භාණ්ඩ අල්ලන්න පුලුවන්. පුලුවන් කිව්වට මේ විනාඩි විස්සක් විතර මහන්සි වෙන්න ඕනෙ යාන්තම් ටච් එකක් දෙන්න.  මූ මෙහෙම සෑහෙන්න මහන්සි වෙලා අල්ලන පෝච්චියක් බිමට වැටිලා ඒක සැමැන්තගෙ කකුල පැටලිලා මෙයා පඩිපෙලකින් බිමට වැටෙනවා. මේකත් එක්ක සැමැන්තා දවස් තුනක් කෝමා එකේ ඉන්නවා. ආයෙ මෙ මන්දිරේට එද්දි සැමැන්තට අපේ භූත සෙට් එක පේන්න ගන්නවා! මේකත් එක්ක තමා සීරීස් එකෙ ආතල් පටන් ගන්නෙ. මුන් මරු මරු ආතල් වැඩ කරන්නෙ. 

මේ සීසන් එකට එපි අටක් එන්න තියෙනවා. මේ වෙද්දි එපි පහක්ම ඇවිත් ඉවරයි. සෑහෙන ආතල් එකෙ බලන්න පුලුවන් සීරීස් එකක්.

මේකෙ කාස්ට් එක ගැන කතා කරොත් සෙට් එකම පර්ෆෙක්ට්. හැමෝම තමන්ගෙ කැරැක්ටරේ ට නියමෙටම ගැලපෙනවා. මේකෙ සැමැන්තගෙ චරිතෙ කරන්නෙ ගොඩක් අය ආසා නිලියක්. IZombie එකෙ මේන් ඇක්ට්‍රස් Rose McIver.


ඒ වගේම Utkarsh Ambudkar ජේ විදිහටත් රඟපානවා.


ඉතින් ආතල් සීරීස් එකක් මිස් නොකර බලන්න.

එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු!

සුබ දවසක්...!


Ghosts (2021) on IMDb

Ghosts (CBS) Trailer

Post a Comment (0)
Previous Post Next Post