භක්තියේ පාද චාරිකාව | Foundation S01E08 Breakdown


බ්‍රේක්ඩවුන් එක ගේන්න ටිකක් පරක්කු උනා. මේ සතියේ සෑහෙන්න වැඩ කන්දරාවකට හිරවෙලා හිටියේ. කොටින්ම 08 වෙනි එපිය බැලුවෙත් ඒකේ. බලද්දී තමා තේරුනේ සීරීස් එකේ හොදම එපියක්නේ බලන්න මෙච්චර පරක්කු උනේ කියලා. කරුමෙ ඉතිං 😣 කොහොමහරි ඔන්න බ්‍රේක්ඩවුන් එක ගේනවා.. කතා කරන්න දේවල් ගොඩක් තියේ. වෙනදා වගේම එපිසෝඩ් එකේ විදියට නැතුව අදාල චරිත වල පිළිවෙලට කතා කරන් යමු. පොඩි ඉන්ට්‍රස්ටින් දේකුත් කියන්න තියෙනවා බ්‍රදර් ඩේ ගැන. ඒ නිසා එයා ගැන අවසානෙටම කතා කරමු.


සැල්වෝ සහ ඇනක්‍රීන්



ඔන්න එපිය පටන් ගන්නේ ඇන්ක්‍රීන් වල සීන් එකකින්. පෘථිවිය වගේ මාර ලස්සන පරිස්සරයක් තියෙන්නේ. අර පෙන්නන පොඩි ළමයා තමා ෆාරා.



එයා සැල්වෝට කියන කතාවනේ මේ. කොහොමහරි එම්පයර් ඇන්ක්‍රීන් වලට කරන ඇටෑක් එක ඇන්ක්‍රීන් වල වීව්පොයින්ට් එකෙන් දැක්කා අපි.


මහ කාලකණ්ණි සීන් එකක් නේද? ඔය වගේම ඉෆෙක්ට් එකක් තමා යුද්ධ වලදි වෙන්නේ. සටන් කරන දෙපැත්තෙම දාස් ගානක් මැරෙනවා. ජයග්‍රහණයක් තමා... හැබැයි මළමිනී උඩින් දින්න ජයග්‍රහණයක්... පාටි දාන්න ඕනි ජයග්‍රහණයක් නෙමෙයි. මටත් ඒක තේරෙන්න අවුරුදු 23ක් විතර ගියා 🙏

කොහොමහරි ෆාරා හිතේ තියෙන්නේ පළිගැනීම විතරයි. එක අතකින් ඒක සාධාරණයි. ෆාරා ඇතුලු ඇනක්‍රීන් වලට උන දේ මට උනානම් මං උනත් ඔය විදියටම තමා හැසිරෙන්නේ. මෙතනදී අපි තව විශේෂ දෙයක් දැනගත්තා. ඒ තමයි ඇනක්‍රීන් වල විශිෂ්ඨතම දඩයක්කාරුවා කියන්නේ ලබා ගන්න ඕනි දෙයක්. ඒ කියන්නේ නිකන් රජකම වගේ තාත්තගෙන් පුතාට ලැබෙන එකක් නෙමෙයි. ෆාරා මෙතනදී කියනවා එයත් ගොඩක් අමාරුවෙන් මේක ලබාගත්තේ කියලා.



ඒ වගේම ඕකට හොදම උදාහරණයක් අපි දකිනවා Invictus ශිප් එක ඇතුලේ. මතකනේ අර ගන් එකක් ඇවිත් සැල්වෝ, ෆාරා ඇතුලු සෙට් එකට වෙඩි තියන්නේ.



ඔය වෙලාවේ සැල්වෝ ඒ ගන් එකේ අවදානය වෙන පැත්තකට දානකොටම ෆාරා ගානට ටාගට් කරලා ගන් එකට ඊතලේකින් විදලා බ්ලාස්ට් කරනවා. එතකොට සැල්වෝ කියනවා ලකී ශොට් කියලා. එතකොට ෆාරා කියනවා ලක් තියෙන්නේ ඔයාට, මේක මගේ ස්කිල් එක කියලා.



ඒ හැමදේකින්ම තේරුම් ගන්න පුලුවන් ෆාරා කියන්නේ සෑහෙන්න ටැලැන්ටඩ් කෙනෙක් කියලා සහ ඇන්ක්‍රීන් වල විශිෂ්ඨතම දඩයක්කරුවා වෙන්න සෑහෙන්න මහන්සියෙන් ට්‍රේනින් කරලා තියෙනවා කියලා. 

ඔන්න මං කලින් බ්‍රේක්ඩවුන් එකේ ප්‍රෙඩික්ට් කලා වගේම අපේ හියුගෝ බොසා ජීවත් වෙනවා.මං කිව්වේ පොරව ගලේ ගහලවත් මරන්න බෑ කියලා 😂



Strike Back සීසන් 06 ඉදන් 08 වෙනකම් බලන්නකෝ. මීට වඩා ආතල් ඒකේ චරිතෙ. වෙඩිවරුසා මැද්දේ යන්නේ, හැබැයි මැරෙන්නම නෑ පොර 😂😂😂 කොහොමහරි හියුගෝ ට්‍රයි කරන්නේ තෙස්පිස් වලට ස්ට්‍රෙස් සිග්නල් එකක් දෙන්න. මං හිතුවේ පොර එම්පයර්ට සිග්නල් එකක් දෙයි කියලා. කොහොමහරි හියුගෝගෙ සිග්නල් එක වැඩ කරලා අන්තිමේට තෙස්පියන්ලා එනවා. හැබැයි තේරුමක්නම් වෙන්නේ නෑ.



ඊලග සැල්වෝ සහ ලුවිස්, ෆාරාගෙන් බේරිලා ශිප් එකේ නියමු කුටියට යනවා. මෙතන හිටිය උනුත් සේරම මැරිලා ඉන්නේ. මෙතනදී අපි ස්පෙශල් දෙයක් දැනගන්නවා. මේ ශිප් එක පරණම ශිප් එකක් කියලා අපි කලින් එපියේ දැනගත්තනේ. ඒ හේතුව නිසා මේ ශිප් එකේ ස්පේසර්ස්ලා නෑ. ස්පේසර්ස්ලා කියන්නේ අර ජම්ප් ශිප් වල ඉන්න රොබෝලා වගේ සෙට් එක.



ජම්ප් එකකට කලින් ශිප් එකේ ඉන්න මිනිස්සුන්ව හරි විදියට ආරක්ෂාකාරීව නින්දකට යවන්නේ මෙයාලා. මතකනේ ගේල්, එම්පයර් එහෙම එන ශිප් ජම්ප් කරන තැන. මේ හේතුව නිසා මේ Invictus ශිප් එකේ ඉන්න අය ජම්ප් එකකට කලින් තමන්ම මේ ප්‍රොසෙස් එකට දාගන්න වෙනවා. අන්න ඒ නිසා තමා මේ ශිප් එකේ ජම්ප් එකට කොච්චර වෙලාවක් තියෙනවද කියලා අර නිවි නිවි පත්තුවෙන ලයිට්ස් වලින් කියන්නේ. සරලව මෙහෙමයි. පොඩි කාලේ ස්කෝලේ යනකොට උදේට අම්මා අපිව ඇහැරලවා ලෑස්ති කරලා යවනවානේ. අපිට හිතලා කරන්න දෙයක් නැතිම තරම්. හැබැයි දැන් එහෙමද. අපිම එලාර්ම් තියාගෙන ඇහැරිලා, ඇදුම් මැදන්, ලෑස්ති වෙලා යන්න ඕනි. ආන් ඒ වගේ කන්සෙපෙට් එක්ක තමා මේ. මේ Invictus ශිප් එකේ අයත් අපි වගේ. ජම්ප් එකකට කලින් එයාලව නිද්‍රාවකට යවාගන්න එක එයාලම කරන්න ඕනි. තව විශේෂ දෙයක් තියේ.

දැන් තියෙම ජම්ප්ශිප් වල ජම්ප් එක කරන එක කරන්නෙත් ස්පේසර්ලා. මේ ජම්ප් කරන ප්‍රොසෙස් එක් සෑහෙන්න සංකීරණයි. අවකාශයේ තැන් දෙකක් යා කරන එකනේ මේකෙන් කරන්නේ. වෝම් හෝල් එකකින් කරන දේමයි (වෝම් හෝල් ගැන මං කලින් ආටිකල් වල එක්ස්ප්ලේන් කරලා තියෙන්නේ). ඉතිං මේ දේ කරන්න මිනිස්ස් මොළයක් වගේ ලොකු ප්‍රොසෙසින් පවර් එකක් තියෙන ඩිවයිස් එකක් තියෙන්න ඕනි.. ඔව්.. අපි ප්‍රයෝජනයක් ගන්නේ නැති උනාට කිසිම කම්පියුටර් චිප් එකකට බෑ මිනිස්සු මොළය අභිබවා යන්න. උදේ ඉදන් රෑ වෙනකම් මේ හැමදේකින්ම කියන්න උත්සහ කරන්නේ ඒකයි. ජීවිත කාලෙම ටිපිකල් රාමුවේ දුවන්නේ නැතුව මොළෙන් වැඩක් ගනිල්ලා කියලා 😒 කොහොමහරි මේ Invictus ශිප් එකේ ස්පේසර්ස්ලා නෑනේ, ඉතිං ජම්ප් කරන ප්‍රොසෙස් එක කරලා තියෙන්නෙත් ඇත්තම මනුස්සයෙක්. මේකත් ප්‍රාර්ථනාවක් කරනවා වගේ දෙයක් කියලා ලුවිස් කියන්නේ ඒකයි.



සරලව කිව්වොත් හරියටම ෆෝකස් කරන්න ඕනි යන්න ඕනි තැන. විනාඩියක්වත් මනස එක තැනක තියාගන්න බැරි අපිට එහෙම කරන්න තියා හිතන්නවත් පුලුවන් දෙයක් නෙමෙයි මේ. හැබැයි සැල්වෝට මේක කරන්න පුලුවන් සම්භාවිතාවයක් තියේ. මතකනේ කලින් එපි වල. සැල්වෝ කියන්නේ පට්ට ලක් එකක් තියෙන කෙනෙක්. ඒක ලක් එකක්ම නෙමෙයි.. දැනට අපි ලක් එක කියලා කියමුකෝ. කොහොමහරි සැල්වෝ හදන්නේ මේ ශිප් එක ටර්මිනස් වලට අරන් යන්න. හැබැයි වැඩේ සාර්ථක වෙන්නේ නෑ. ඔන්න මෙන්න තියලා ෆාරා ඇවිත් ඇටෑක් කරනවා. ඒ වගේම කිසිම කෙනෙක්ගේ මග පෙන්වීමක් නැතිව ශිප් එක ජම්ප් කරනවා.



ඒ ජම්ප් කරන්නෙ කොහාටද කියලා අපිට පෙන්නුවේ නෑ. ඔය අල්ල පනල්ලේ තමා තෙස්පියන් ශිප් ඇවිල්ලා ඇටෑක් කරන්නේ. ඒ ඇටෑක් එකෙන් තේරුමක් උනේ නෑ කියලා මං උඩදී කිව්වේ ඒකයි. මොකද අවසානයේ Invictus ශිප් එක ජම්ප් කරන එක නවත්තන්න හෝ හරි තැනකට ජම්ප් කරවන්න කාටවත් බැරි උනා.


ගේල් සහ හැරී



කලින් එපියේ වගේම ඩබල තාම මරාගන්නවා. ගේල්ට ඇති වෙලා තියෙන්නේ හැරීගේ බොරුව. කොච්චර ජීනියස් කෙනෙක් උනත් ගේල් තාම පොඩී (අපි වගේ). ඉතිං ඉවසීමක් ඇත්තෙම නෑ. කොහොමහරි මේ ශිප් එක යන්නේ හැරීගේ උපන් ලෝකේ වෙන හෙලිකෝන් වලට. ඔන්න මේ එපියෙන් අපි දැනගන්නවා හැරී, ෆවුන්ඩේශන් එකේ තව කොටසක් ප්ලෑන් කරලා තියෙනවා කියලා. ඒ කිව්වේ???

මෙහෙමයි... මේ එපියේ උන දේකින්ම මං ඕක පැහැදිලි කරන්නම්. මතකයි නේද Invictus ශිප් එකේ අර ඔටෝමැටික් ගන් එක. සැල්වෝ ඒක නොමග යවනකොට ෆාරා ඒකට ඇටෑක් කරන්නේ. ආන් ඒ වගේ තමා මේක. ඒ කියන්නේ හරිම ෆවුන්ඩේශන් එක තියෙන්නේ හෙලිකෝන් වල. ටර්මිනස් වල තියෙන්නේ හැමෝගෙම අවදානේ ගන්න හදපු ෆවුන්ඩේශන් එකක්. ඒක ඒ විදියටම උනා නේද.. ෆාරා ඇතුලු ඇනක්‍රීන් සෙට් එක ඇටෑක් කලේ ටර්මිනස් වල තියෙන ෆවුන්ඩේශන් එකටනේ. හිතන්නකෝ ඇත්තටම තියෙන්නේ ඒක විතරයි කියලා. එහෙනම් එහෙම මේ උන දෙයින් පස්සේ ෆවුන්ඩේශන් එකෙන් වැඩක් නැති වෙනවානේ. ආන් ඒ නිසා තමා ටර්මිනස් වලට හැමෝගෙම අවදානේ ගන්න එකක් හදලා හරිම ෆවුන්ඩේශන් එක හෙලිකෝන් වලට දාලා තියෙන්නේ. හැබැයි හැරීගේ ප්ලෑන් එකේ අවුලක් වෙනවා.

මොකද හැරී ප්ලෑන් කරපු විදියට හෙලිකෝන් වලට එන්න ඕනි රේච්. ගේල් තමා ටර්මිනස් වලට යන්න ඕනි. හැබැයි ගේල්ට අනාගතේ ෆීල් වෙන නිසා හැරීගෙ මරණෙ වෙන වෙලාවෙම හැරීගේ කාමරේට දුවන් එනවනේ. ඒකෙන් සේරම කනපිට හැරෙනවා. ඒ දේවල් කොහොම උනත් මටනම් තාම හිතෙන්නේ මේ සේරම හැරී ප්ලෑන් කරපුවා කියලමයි. කොහොමහරි අවසානේ ගේල් හැරීගේ ශිප් එකෙන් එලියට යනවා. ගේල් ඩෙස්ටිනෙශන් එක හදන්නේ එයාගේ උපන් ලෝකේ වෙන සිනැක්ස් වලට.



තව අවුරුදු (ඉම්පීරියල් ඉයර්ස්) 138ක් විතර යනවා කියලා තමා කියන්නේ මේ ගමනට. බලමුකෝ මොකෝ වෙන්නේ කියලා..


බ්‍රදර් ඩේ සහ ලුමිනිසම්



ඉස්සෙල්ලාම කියන්න ඕනි බ්‍රදර් ඩේ මේ ස්පයිරල් එකේ ඇවිදින ටික සීරීස් එකක මං දැක්ක එපික්ම සීන් වලින් එකක්. ලී බොසා එම්පයර්ගේ චරිතේ කරනවා මාරම විදියට.



තව දෙයක්.. මේ එපිසෝඩ් 8 පුරාවටම ඔයාලා දකින්න ඇති එම්පයර්ගේ කැරැක්ටර් එක සහ හැරීගේ කැරැක්ටර් එක කොච්චර පවර්ෆුල් ද කියලා. ස්පෙශලි මේ නලුවො දෙන්නා ඒ චරිත වලට කොච්චර ඇකියුරේට් ද කියලා. ඉතිං මේක බැලැන්ස් වෙන්න ඕනි නිසා වෙන්න ඇති සීරීස් එකේ අනිත් ගොඩක් ප්‍රධාන චරිත කාන්තාවන්ට දීලා ඇත්තේ. අනික මං දන්න විදියට ෆවුන්ඩේශන් නවල් ට්‍රිලොජියේ එම්පයර්ව ලොකුවට ෆෝකස් කරලා නෑ. ස්පෙශලි මේ සීරීස් එකේ තියෙන තරම්. ෆවුන්ඩේශන් පොතේ ගේල්ගේ චරිතය පිරිමි චරිතයක්. හැබැයි සීරීස් එකේ ගැහණු චරිතයක්. මුලදී කට්ටිය ඔය සීන් එකට සෑහෙන්න ඔෆෙන්ස් වෙලා තිබ්බා. හැබැයි හරියට සීරීස් එක දිහා බලපු අයට තේරෙන්න ඕනි බ්‍රදර් ඩේ ගේ සහ හැරීගේ කැරැක්ටර් කොච්චර පවර්ෆුල් ද සහ ඒවා බැලැන්ස් වෙන්නනම් අනිවාර්යයෙන් කාන්තා චරිත ටික වැඩිපුර ඉන්න ඕනි කියලා. අනික ඔය ජෙන්ඩර් බේස් දේවල් වල ඔෆෙන්ස් වෙන්න එපා. ඒවා අපිට ලැබුන දේවල්. අපේ ආගම, ජාතිය, රට වගේ. අපි තෝරගත්ත ඒවා නෙමෙයි... ඒක නිසා ඒවා ලොකුවට ඔලුවට දාගන්නත් එපා.

මතකනේ සෙෆියර් හලීමා,බ්‍රදර් ඩේ ට කියනවා ක්ලෝන් කරන එක නවත්තන්න කියලා. අන්න ඒකට උත්තරක් විදියට තමා බ්‍රදර් ඩේ මේ ස්පයිරල් වෝක් එකට යන්නේ. 



මේ ස්පයිරල් එක ඩිසයින් කරලම තියෙන්නේ මිනිස්සුන්ට එයාලගෙ සීමාවන් ඉක්මවා යන්න පුලුවන් වෙන්න (මේකට අපි දන්න උදාහරණයක් දෙන්නම් අන්තිමේට). මේ ස්පයිරල් එක කිලෝමීටර් 170ක්. ඒ වගේම මේ ගමන යන අතර තුර වතුර හෝ කෑම ලබාගන්න බෑ. ස්පෙශලි කිසිම රෙස්ට් එකක් ගන්න බෑ. විශේෂම කාරණාව තමා කාබනික නොවෙන කිසිම දෙයක් අරන් යන්න බෑ. මේ හේතුව නිසා එම්පයර්ගේ ඕරා (ආරක්ශාවට තියෙන ශීල්ඩ් එක) පවා අයින් කරන්න ඕනි. ඒ වගේම ලේ වල ඉන්න නැනෝ බොට්ස්ලා. මේ නැනෝබොට්ස්ලා ගැන මං කලින් බ්‍රේක්ඩවුන් එකේ පැහැදිලි කරලා තියේ. දැන් කියන්න යන්නේ මට ක්ලික් උන ස්පෙශල් දෙයක්. මේකට කවුරුත් ඔෆෙන්ස් වෙන්න එපා. මෙතනදී ඩෙමෙර්සෙල්, බ්‍රදර් ඩේ ට කියනවා "ජීවිතේ පළවෙනි වතාවට තමා ඔයාට වේදනාව, තෙහෙට්ටුව දැනෙන්න යන්නේ" කියලා.



මේ කතාව ඇහුනාම මට සිද්ධාර්ථ කුමාරයගෙ කතාව මතක් උනා. සිද්ධාර්ථ කුමාරයගෙ ජීවිතේ තරුණ කාලේ ගෙවෙන්නෙත් ඒ වගේනේ. කිසිම වේදානවක්, දුකක්, විඩාවක් නොදැන. මං හරියටම දන්නේ නෑ ෆවුන්ඩේශන් නවල් එකට සිද්ධාර්ථ කුමාරයගේ කතාවෙන් ඉන්ස්පයර්ඩ් කරලා තියෙනවද කියලා. හැබැයි සෑහෙන්න සමානයි. චරිතෙ නෙමෙයි හොදේ... වෙන සිදුවීම්.

කොහොමහරි අපි දැක්කා බ්‍රදර් ඩේ ස්පයිරල් එකේ යනවා. ඔය සීන් එහෙම සේර ඇත්ත ලොකේශන් වල ශූට් කරපුවා. මේ තියෙන්නේ ශූට් කරන වෙලාවේ ගත්ත ෆොටෝස් කීපයක් 👇





කොහොමහරි බ්‍රඩර් ඩේ මේ ටෙස්ට් එක පාස් වෙනවා. ඒක ගැන ඔයාලා දැක්කනේ. හැබැයි මිනිහා පාස් වෙන්නේ වංචාවක් කරලා. මොකද ඇත්තටම මුකුත් විශන් එකක් පේන්නේ නෑ පොරට.



ඒ කියන්නේ ආත්ම කියන සංකල්පය එයා ඇතුලේ නෑ. එයා ඇතුලේ නෑ කියන්නේ මේ ක්ලෝන් කර කර එන ක්ලියෝන්ලා කවුරුත් ඇතුලේ ආත්මයක් නෑ. ඒක ගැන මට නම් පොඩි අවුලක් තියෙනවා.. මොකද ආත්මයක් නැත්තම් මෙයාලා හැමෝම එකිනෙකාගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියන එක.. ඒ කියන්නේ හැමෝටම යුනික් වුන දෙයක් තියෙන්නේ කොහොමද කියන එක. මතකනේ කලින් එපිසෝඩ් වල පෙන්නුවා. හැම ක්ලියෝන් කෙනෙක්ටම නමක් පටබැදිලා තියෙනවා එයාලා දක්ශ දේට අදාලව. අපි බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නෙ කියලා.

අපි සාමන්‍ය මනුස්සයෙක්ගේ කෝණෙන් බැලුවොත් එම්පයර් කියන්නේ වංචාවෙන් දිනපු කෙනෙක්. හැබැයි හොදට කල්පනාවෙන් බැලුවොත් පේනවා මෙයා එම්පයර් කෙනෙක් වෙන්න ඕනාවටත් වඩා සුදුසු කෙනෙක් කියලා. අපේ ටිකිරි මල්ලි GoT එක දාපු ලිපිය කියෝපු අය දන්නවා. ඒක කියෙව්වේ නැති කෙනෙක් ඉන්නවානම් අනිවාර්යයෙන් කියවන්න (ලින්ක් එක තියේ මේ ආටිකල් එකේ අන්තිමට). ඉස්සරහට එන සහ දැනට ආව ගොඩක් සුපිරි ෆිල්ම්/සීරීස් බලන්න ඒක සෑහෙන්න වැදගත් වෙයි. මේ ස්පයිරල් එකේ ඇවිදින එක ලේසි වැඩක් නෙමෙයි කියලා ඔයාලට තේරෙන්න ඇතිනේ. අනිවාර්යයෙන් මේකට වාසනාව කියන දේ ඕනි. ඒ වගේම දරා ගැනීමේ හැකියාව, අධිෂ්ඨානය වගේ දේවල් සේරම ඕනි. ඔය ඔක්කොම තියෙන කෙනෙක්ට තමා මේකේ අවසානයට යන්න පුලුවන්. බ්‍රදර් ඩේ කොහොමහරි අවසානෙට ගියානේ. හැබැයි මෙයාට කිසිම විශන් එකක් පේන්නේ නෑ. එහෙනම් "ඇයි මෙයා බොරුවක් කලේ? ඇත්ත කියන්න තිබ්බානේ?" වගේ දෙයක් ඔයාලට හිතෙන්න ඇති. මෙහෙමයි.. මේ ඉන්නේ ගැලැක්සි එකක් පාලනය කරන අධිරාජ්‍යයක්. නායකයෙක්ට අවංක වෙන්න පුලුවන් වෙලාවල් මාර අඩුයි. අවංකත්වය කියන දේට වඩා බුද්ධිය තමා වැදගත්ම. සරලව කිව්වොත් මොළේ පාවිච්චි කරන එක. ගොට් එකේ නෙඩ් ස්ටාර්ක් කොළ කෑල්ලක් පෙන්නලා ගිහින් පාලනය බාරගන්න ගිහින් කොරගත්ත හරිය මතකයිනේ 😂 ඒ වගේ තමා මේකත්. බ්‍රදර් ඩේ මුල ඉදන් ඔලුව පාවිච්චි කරනවා. යුද්ධෙන් මේ ප්‍රශ්නෙ විසදන්නේ නෑ. ලොකු රිස්ක් එකක් අරන් ස්පයිරල් එකේ යනවා. විෂෙන් විෂ නසන එකක් මෙතන කරන්නේ. භක්තිමත් මනුස්සයෙක්ව පාලනය කරන්නනම් අනිවාර්යයෙන් තමනුත් ඒ දේ කොටස්කාරයෙක් කියලා පෙන්නන්න ඕනි. ඒකම් තමා බ්‍රදර් ඩේ මෙතන කරන්නේ. ඒ වගේම ඩෙමෙර්සෙල්ගේ ලග තියෙන අර මල බ්‍රදර් ඩේ දකිනවා සහ හරි ලස්සනට ඒක පාවිච්චි කරලා කතාවක් ගොඩනගනවා.



ඒ වගේම මතකද අර වයසක මනුස්සයා එක්ක සෙට් වෙලා යනකොට මේ හැමදේ ගැනම හොද අවබෝධයක් අරගන්නවා.



කලින් මේ ගමන ගිය අය, එයාලා දැක්ක දේවල් ගැන වගේ. මේ සේරම ලස්සනට ගලපනා අවසානයේ ලුමිනිසම් වල ඉන්න අයට ප්‍රතික්ෂේප කරන්න බැරි ලස්සන කතාවක් හදලා කියනවා. එයාලා ඒකට අහු වෙනවා. අවුරුදු 72ක විතර ඉදන් අපිත් ඔය කතා වලට අහු උනා සහ ඉස්සරහටත් අහු වෙනවා. සරලව ගත්තොත් බ්‍රදර් ඩේ ට වාසනාවත් තියේ, ඒ වගේම බුද්ධියත් තියේ. ටිකිරිගේ GoT ලිපියේ කියනවා වගේ නායකයෙක්ට ඕනි සේරම තියේ. දැන් පැහැදිලිනේ කතාව. 

හැබැයි මෙයට එක අතපසුවීමක් වුනා කියලා මට හිතෙනවා. ඒ තමයි ඩෙමෙර්සෙල්ව ඕනාවට වඩා විස්වාස කරන එක. ඕක කොයි වෙලාවක හරි හරහට හිටී කියලා මට හිතෙනවා. බලමු ඉස්සරහට..

එහෙනම් ඔන්න අදට බ්‍රේක්ඩවුන් එක ඉවරයි. 09 වෙනි එපිසෝඩ් එකේ බ්‍රේක්ඩවුන් එක බ්‍රහස්පතින්දාට ගේන්නම්. මට මගඇරිච්ච දේවල් තියේනම් හරි, මං කියපු දේවල් ගැන මීට වඩා වෙනස් මතයක් තියේනම් හරි අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාන් යන්න. කලින් බ්‍රේක්ඩවුන් එකෙත් කමෙන්ට් කරපු හැමෝටම තෑන්ක්ස්.. ගිහින් එන්නම්.. ජය ❤️


Spiderman: No Way Home ෆිල්ම් එකට අපි ප්‍රිමියර් එකක් කරනවා. මතකනේ Godzilla vs Kong එකට අපි කරපු ප්‍රිමියර් එක. ආන් ඒ වගේ ඊටත් වඩා සුපිරියට මේ පාර කරනවා. දෙසැම්බර් 17 මොරටුව Maxx Lite තියටර් එකේ තමා ප්‍රිමියර් එක තියෙන්නේ. එන්න කැමති අය මේ ලින්ක් එකෙන් ගිහින් ගූගල් ෆෝම් එක ෆිල් කරන්න 👇

https://forms.gle/VHkhRr7E8B15QTo66


Game of Thrones ගැන දාපු ආටිකල් එක 👇

https://www.reviewwhocares.com/2021/10/game-of-thrones-political-game-explained.html


Foundation S01E07 බ්‍රේක්ඩවුන් එක 👇

https://www.reviewwhocares.com/2021/11/foundation-s01e07-breakdown.html

3 Comments

  1. අැත්තටම මේ රිවීව් එක එනකම් බලන් හිටියෙ. තාම 9 වෙනි එපිය බැලුවෙත් නෑ. කරුණු දෙක තුනක් තියෙනව මේ ගැන කියයන්න.

    එකක් තමයි මෙහෙම රිවීව් කියවල මේ වෙග් සීරීස් එකක් බලන කෙනෙක් තවමත් ජෙන්ඩර් එක ගැන වොරි වෙනවනම් එයාගෙ තිංකිං ගැන ප්රශ්නයක් තියෙනවා කියල මට නම් හිතෙන්නෙ. මට නම් අදාල කෙනා කරන චරිතෙට උපරිම සාධාරණය කරනවනම් ඉතිං ජෙන්ඩර් එක අදාළම නෑ. අපේ පරම්පරාවල අයට මේ වගේ දේවල් තාම නිදහස් විදියට විවෘතව හිතල නිර්මාණයක් රස විඳින්න බැරි නම් එතනින් එහාට ඉතිං කතා කරල වැඩක් නෑ. එහෙම වසංගත තමයි හොඳ ෆිල්ම් එකක් අාවත් එ්කෙ තියෙන මොනම හරි සෙක්ෂුවල් පැතිවල පොඩි කෑලි අල්ලගෙන හෑලි ලිය ලිය වැළලෙන්න හදන්නෙ.

    ඔයා කියල තියෙන විදියට මාරම පොලිටිකල් ගේම් එකක් මේ අස්සෙ යනවා. එම්පයර් කෙනෙක් කියන්නෙම මේ බ්රදර් ඩේ වගේ මොළෙන් ගේම ගහන්න ස්කිල් එක තියෙන කෙනෙක්ට. එහෙම නැතුව මුළු ගැලැක්සියක්ම රූල් කරන එක ලේසි පාසු දෙයක් යැ. හැබැයි මේක බලාගෙන යද්දි අාපු අනිත් ගැටලුව තමයි අර හැඟීම් එක්ක සෑහෙන්න ඉන්වොල්ව් වෙන බ්රදර් ඩෝන් එම්පයර් කෙනෙක් විදියට මොන පිස්සුවක් නටයි ද කියල. හැබැයි මේ එපියෙන් ඉඟියක් වෙගෙත් දෙනව කියල මට හිතෙනවා මේ බ්රදර් ඩොන් එම්පයර් කෙනෙක් වෙන එකක් නෑ කියලත්. බලමු ඉතින් මොනව වෙයි ද කියල. තරිඳු අය්යගෙ රිවීව් එකේ කියනවා සමහරවිට අපිට ගේල් තව එපි කිහිපයක් යනකම් බලාගන්න බැරි වෙන්නත් පුළුවන් කියල. බලමු ඉතිං, මොකද සීරීස් එකේදි ටයිම් එක ගැන ප්රෙඩික්ට් කරන්න අමාරුයි නෙ.

    අනිත් කාරණේ තමයි ඉන්වික්ටස් ට අැටෑක් කරන්න අාපු ෙතස්පියන් ශිප් ටිකත් ඉන්වික්ටස් එක්කම වෝම් හාේල් එක හරහා ගියාද කියන එක. මොකද එතනින් අතුරුදහන් වුණාම කිසිම තෙස්පියන් ශිප් එකක් එ් අවට පේන්නෙ නම් නෑ.පුලුවන්නම් මේකට රිප්ලයි එකක් විදියට එ් ගැන ඔයාගෙ අදහස දාන්න.

    තෑන්ක්ස් අ ලාෙට් මහන්සි වෙලා මේ වගේ රිවීව්ස් අරං එනවට.

    ReplyDelete
  2. ඩෙමර්සල් රොබෝ කෙනෙක් උනත් ගෑනියෙක්නේ. ඒ හින්දා ඕනිවට වඩා විශ්වාස කරන්න හොද නෑ 😌

    ReplyDelete
  3. oyata ekak miss una demersol kiyanava eyatath vision ekak labuna kiyala

    ReplyDelete
Post a Comment
Previous Post Next Post