සියල්ල නැවතත් කනපිට | Foundation S01E07 Breakdown



මේවනේ මාත්තයෝ එපිසෝඩ් 🙏 පට්ට නෙහ් එන්ඩින් එක එහෙම.. ටික ටික සීරීස් එක මාර තැනකට අරන් යනවා. පොත ගැනනම් දන්නේ නෑ. ලයිව් ඇක්ශන් ඇඩප්ටේශන් එකනම් ගින්දර ටිකට එනවා. මැදින් පොඩ්ඩක් එහෙට මෙහෙට උනා තමයි. හැබැයි දැන් දැන් ගානට බිල්ඩ් අප් වෙනවා. අදනම් ඔන්න කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. කලින් බ්‍රේක්ඩවුන් කියවලා නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන් ඒ ටික කියවලා ඉන්න. ඒ වගේම තමා බ්‍රේක්ඩවුන් එකේ කතා කරන් යන්නේ කැරැක්ටර්ස් මූලික කරගෙන. එපිසෝඩ් එකේ තිබ්බ පිළිවෙලට නෙමෙයි. එහෙනම් යං කතාවට,


සැල්වෝ සන ඇනක්‍රීන්




මතකනේ කලින් එපියේ සැල්වෝ, හියුගෝ සහ ෆවුන්ඩේශන් එකේ කීපදෙනෙක් එක්ක ඇනක්‍රීන්ලා කොහෙටදෝ යන්න පිටත් උනා. ඔන්න මේ එපියෙන් අපි දැනගන්නවා මෙයාලා යන්නේ එම්පයර්ගේ ප්‍රධානම ශිප් එකක් හොයාගෙන කියලා. මේ ශිප් එකට කියන්නේ Invictus කියලා. ඒ වගේම මේක ගෝස්ට් ශිප් කියලත් කියනවා.



මෙහෙමයි.. මීට අවුරුදු 700කට විතර කලින් මේ ශිප් එක කෲ එකත් එක්කම අතුරුදහන් උනා කියලා තමා කියන්නේ. හැබැයි කාටවත් මේක හොයාගන්න පුලුවන් වෙලා නෑ. අඩුම තරමේ ඩිස්ට්‍රෙස් සිග්නල් (ආපදා සංඥාවක්) එකක්වත් එවලා නෑ. එහෙම උනේ ඇයි කියලා සැල්වෝ ඇතුලු කට්ටිය දැනගන්නේ ශිප් එකට ආවට පස්සේ. මේක ජම්ශිප් එකක්. ජම්ශිප් ගැන මං කලින් පැහැදිලි කරලා තියෙනවා සහ මේ එපිසෝඩ් 7 පුරාවටම අපි දැක්කනේ. හැබැයි මේ ශිප් එකේ ජම්ප්ඩ්‍රයිව් එක එහෙම නැත්තම් අවකාශයේ තැන් දෙකක් අතර යන්න පුලුවන් වෙන උපකරණයේ දෝෂයක් නිසා ඒක එයාට ඕනි විදියට වැඩ කරන්න ගන්නවා. ඒ කියන්නේ කාටවත් මේක කන්ට්‍රෝල් කරන්න බැරුව යනවා. සැල්වෝලා මෙතනට ආවට පස්සේත් මේක ආයේ ජම්ප් කරන්න හදනවා. ඒ වගේම මේකෙ ඊලග ඔටෝ ජම්ප් එක වෙන්න තව පැය 4ක් වගේ තියෙන්නේ කියලත් මෙයාලා තේරුම් ගන්නවා. එතකොට ඇයි මෙහෙම හිතුමනාපෙට ජම්ප් වෙන එකේ අවුල? ඕකත් එපිය ඇතුලෙම පැහැදිලි කරනවා.



මේක ගැලැක්සි එකක්නේ. බ්ලැක් හෝල්ස් වගේ සංකීරණ දේවල් ටිකක් පැත්තකට කරලා සූර්‍යා ගැන හිතන්නකෝ. මේ ශිප් එක බැරි වෙලා හරි සූර්‍යා ලගට ජම්ප් කලොත් කොහොමත්. සනිකව ඉවරයිනේ.. කෑල්ලක් හොයාගන්න හම්බවෙන්නේ නෑ. ඔන්න ඕකයි මේකේ භයානකත්වය. කොහෙ ගිහින් නතර වෙයිද කියලා කියන්න බෑ. ඒ නිසා තමා මේ පැය හතර ගෙවිලා ඉවර වෙන්න කලින් මෙයාලා ජම්ප් ඩ්‍රයිව් එක හොයාගෙන ඩිඇක්ටිවේට් කරලා දන්න ඕනි.

මේ එපියෙත් පොඩි ට්‍රැජික් සිද්දියවෙක් වෙනවා. අපේ හියුගෝ කොලුවට හරියට ලෑන්ඩ් කරගන්න බැරුව ඈතට ඇදිලා යනවා..



ඒ එන්ඩින් එක කැරැක්ටර් එකක්ට හෙන අවුල් නේද??? ඔව්.. මමනම් කොහෙත්න විශ්වාස කරන්නේ නෑ හියුගෝට ඒ උනේ අකරතැබ්බයක් කියලා. පොර හිතලමයි ඒක කලේ. ඒත් ඇයි? මෙහෙමයි.. හියුගෝ කියන්නේ තෙස්පියන් කෙනෙක්. තෙස්පියන්ලා ඉස්සර වැඩ කරපු තැනක් තමා මේ.. මේකට කියන්නේ The Anthor Belt කියලා.



පැලේඩියම් කියන මූලද්‍රව්‍ය හොයන්න කැණීම් කරන එක තමා මෙයාලගේ රාජකාරිය. හියුගෝ කියන්නේ කාලයක් මෙතම වැඩ කරපු කෙනෙක්. මතකයි මේද එම්පයර් ඇනක්‍රීන් සහ තෙස්පිස් ලෝක දෙකටම ඇටෑක් කරනවා ස්ටාර් බ්‍රිජ් එකේ බ්ලාස්ට් එක නිසා. ඒ සිද්ධියෙන් පස්සේ තෙස්පියන්ලා මේ තැන වැඩ කරන එක නවත්තලා දාලා තියෙනවා. මොකද එම්පයර්ගේ ටෙක්නොලජි එක නැතුව මෙතන වැඩ කරන්න බෑ. ඒ නිසා තමා මෙයාලා මෙතම අතාඇරලා දාලා ගිහින් තියෙන්නේ. ඔය සේරගෙන්ම පැහැදිලි වෙන දේ තමා හියුගෝට මේ තැන ගෙදර වගේ. හතර මායිම ගැන හරියටම දන්නවා සරලව කිව්වොත්. අන්න ඒකයි මට හිතෙන්නේ මෙයා අර කන්ට්‍රෝල් නැති උනා වගේ කලේ රගපෑමක් කියලා. ඊලග පොයින්ට් එක මේක. මතකනේ එම්පයර් ටර්මිනස් වලට එව්ව ශිප් එක විනාස උනාට ඒකේ හිටිය කමාන්ඩර් බේරුනා කියලා.

*****

ඒ වගේ ලොකු බ්ලාස් එකකින් එයා විතරක් කොහොමද බේරුනේ කියලත් අපි දැන් දන්නවා. මෙහෙමයි.. කමාන්ඩර්ස්ලා වගේ ඉහල නිළ වල ඉන්න අයගේ ඇගේ ලේ වල ඉන්න නැනෝබොට්ස්ලා. මේ නැනෝලා නිසා මෙයාලගෙ ඇගට වෙන හැම හානියක්ම, තුවාලයක්ම ටක්ගාලා හොද වෙනවා. මතකනේ අර අත කපලා පෙන්නන සීන් එක.



ඕක දකිනකොට අපේ වුල්වරීන් බොස්ව මතක් උනා මටනම්. කොහොමහරි අර වගේ ලොකු බ්ලාස් එකකින් කමාන්ඩර් කාරයා බේරෙන්නෙ ඒකයි. එතකොට ෆාරා පොරගෙ ඔලුවට වෙඩි තිබ්බට එකෙනුත් බේරෙන්න කමාන්ඩර්ට පුලුවන් නේද?



බෑ.. ඇයි දන්නවද? ඒ වෙලාවේ මෙයාලා ඉන්නේ අභ්‍යවකාශ යානයෙන් පිට. අභ්‍යවකාශය කියන්නේ රික්තයක් කියලා හැමෝම දන්නවානේ. ඒ කියන්නේ කිසිම වායුවක් නෑ. ඉතිං වෙඩිල්ල නිසා ඔලුවෙ උන තුවාලෙ හොද උනත් පොරට හුස්මගන්න බැරුව මැරෙනවා. මොකද ඔලුවට තියෙන වෙඩිල්ල නිසා ස්පේස් සූට් එක ඩැමේජ් වෙනවා. ඒ නිසා හුස්මගන්න ඔක්සිජන් නැති වෙලා යනවා. ඉතිං තුවාලෙ හොද උනත් වැඩක් නෑ. ඕක තමා මං හිතන තියරිය. ඒ වගේම මේ නැනෝබොට්ස්ලා නිසා මෙයාලට ඕනිම ඉම්පීරියල් ශිප් එකකට ඇතුල් වෙන්න පුලුවන්. ආන් ඒ නිසා තමා ෆාරා, කමාන්ඩර්ව මරන්නේ නැතුව මෙච්චර දුරක් එක්කගෙන එන්නේ. පට්ට ප්ලෑන් එක. දැන් අර ඊලග පොයින්ට් එක මේකයි. මතකනේ Invictus ශිප් එකට යන්න කලින් කමාන්ඩර්, සැල්වෝට සහ හියුගෝට කියනවා එයාගේ ඔලුවේ බීකන් එකක් තියෙනවා කියලා.



ඒකෙන් එයා අහන දකින සේරම එම්පයර්ට බලන්න පුලුවන් කියලා. හැබැයි මේක තිබ්බට වැඩක් නෑ මේ සිග්නල් එක යවන්න කනෙක්ශන් එකක් හොයා නොගත්තොත්. මටනම් හිතෙන්නෙම ඔන්න ඔය කනෙක්ශන් එක හදාගන්න විදියක් හොයාගන්න තමා හියුගෝ අර බොරු රගපෑමක් කරලා මාරුවෙන්න ඇත්තේ කියලා. බලමු ඊලග එපියේ මොකෝ වෙන්නේ කියලා.

කොහොමහරි ඇනක්‍රීන් සෙට් එකට ඕනි කරන්නේ ට්‍රැන්ටෝර් වලට ගිහින් එම්පයර්ට ඇටෑක් කරන්න කියලා අපි දැනගත්තනේ. එතකොට ඇයි ඒකට මේ ශිප් එකම හොයාගෙන එන්නේ? පළවෙනින හේතුව තමා කලින් කියපු හේතු නිසා මේ ශිප් එක තියෙනවද කියලවත් කවුරුත් දන්නේ නෑ. ඒ වගේම තමා මේ වගේ අතාඇරලා දාලා තිබ්බ ශිප් එකක් ඇරෙන්න මේ වෙනකොට පාවිච්චි කරන ජම්ප්ශිප් එකක් අල්ලගන්න තරම් බලයක් ඇනක්‍රීන්ලට නෑ. ඒ වගේම තමා Element of surprise (පුදුම කරන්න පුලුවන් චාන්ස් එක). අපි දන්නවානේ ට්‍රැන්ටෝර් වල ලොකු සිකියුරිටි එකක් තියෙනවා කියලා. ස්පෙශලි එම්පයර්ගේ මාලිගාව එහෙම මතුපිට පෘෂ්ඨයට. ඉතිං සාමාන්‍ය විදියට මේකට ඇටෑක් එකක් කරනවා කියන්නේ කරන්න බැරි වැඩක්. පුලුවන් හොදම දේ තමා ජම්ප්ශිප් එකක් අරන් ගිහින් එක පාර කෙළලා අරින එක. ඇනක්‍රීන් සහ තෙස්පියන් ලෝක වලට එම්පයර් කලෙත් ඒක. ඒ ලෝක වල හිටිය මිනිස්සු වෙන්නේ මොකක්ද කියලා දැනගන්නත් කලින් ප්‍රහාරය එල්ල වෙලා ඉවරයි. අන්න ඒ වගේම එකක් තමා ඇනක්‍රීන්ලා ට්‍රැන්ටෝර් වලට කරන්න යන්නේ.


ඕක තමා සැල්වෝ සහ ඇනක්‍රීන් සෙට් එක වටේ අපි දැකපු කතාව.. ඊලග බලමු,


Luminism වල ඉන්න බ්‍රදර් ඩේ ගේ කතාව




ආගමකින් ලබාගන්න පුලුවන් බලය කොච්චරද කියලා බලාගන්න පුලුවන් හොදම තැනක් තමා මේ. දැක්කා නේද එපිය පුරාවටම වගේ සෙෆියර් හලීමා, එම්පයර්ට කතා කරපු විදියට. අපි යාලුවොත් එක්ක කතා බහ කරනවා ඊට වඩා පිළිවෙලට 😂. ක්ලියෝන් කියලයි කතා කරන්නේ කිසිම ගරුත්වයක් නැතුව.



ඕකට හේතුව මේකයි. Luminism කියන්නේ ගැලැක්ටික් එම්පයර් එකේ තියෙන ප්‍රභලම ආගම. මතකනේ කලින් එපියේ ඩෙමෙර්සෙල්, එම්පයර්ට කියනවා Luminism ආගම ෆලෝ කරන අය ට්‍රිලියන තුනකට වඩා ඉන්නවා කියලා. ට්‍රිලියනයක් කියන්නෙ බිලියන 1000ක්. අපේ ලෝකෙ ජනගහණය වෙන්නෙත් බිලියන 7.7ක් වගේ 2020 වෙනකොට. ඕකෙන් මිලියන ගානක් විතරක් ඉන්න සමහර ආගම් නිසා ලෝකෙට වෙලා තියෙන වින්නැහිය පේනවද? අරයට මෙයාට ඇගිල්ල දික් කරන්න එපා. එහෙම එක ඇගිල්ලක් කාටහරි දික් කරනකොට තමන්ගෙ පැත්තට ඇගිලි 4ක් හැරෙනවා 😒

කොහොමහරි මං මේ කියන්න හදන දේ ඔයාලට තෙරෙනවානේ. ඉතිං හිතන්න ට්‍රිලියන 3ක් ෆලෝවර්ස්ලා,ගමේ භාශාවෙන් කිව්වොත් බැතිමතුන් ඉන්න ආගමකට කොහොම බලයක් තියෙන්න ඕනිද. එම්පයර්ව උනත් බල්ලට දාලා කතා කරතැකි. මතකද කලින් එපිසෝඩ් එකක එම්පයර්ගේ මාලිගාවට එනවා සයිකොහිස්ට්‍රි ගැන හොයන්න එම්පයර් පත් කරපු සෙට් එකක්.



මේ එන්නේ උගත්තු ටිකක්නේ. උන් ටික එම්පයර් ලගට එනකොට වෙව්ලනවා. එකෙක් මැරිලත් වැටෙනවා එම්පයර් කෑගහන එකට බය වෙලා. ඔය පොඩි පොයින්ට් දෙක ඇති බලය කියන්නේ කොහොම කන්සෙපෙට් එකක්ද සහ මිනිස්සු බලය ගන්න පොරකන්නේ ඇයි කියන එක තේරුම් ගන්න. ඒ වගේම තමා කලින් එපියේ හලීමා කරපු කතාව නිසා මිනිස්සුන්ගෙන් වැඩි බහුතරේ එයාට පක්ෂපාතී වෙලා කියලා අපි දැනගන්නවා. මං එදා බ්‍රේක්ඩවුන් එකේ කිව්වේ. ඒක තනිකර චන්ද රැස්වීමක කතාවක් වගේ කියලා. මෙහෙමයි.. තව එකෙක් කියන බයිලයක් අහන් ඉදලා ඒ යකාගේ පස්සේ යනවා කියන්නේ උන් අමු හරක්. ස්පෙශලි නිකාන් වචන ටිකකට රැවටෙනවා කියන එක. කොහොමත් මේ ලෝකේ රවටන්න ලේසිම ජාතිය තමා මිනිස්සු කියන්නේ. උදාහරණයක් විදියට බල්ලෙක් පූසෙක්ව රවට්ටගන්න නම් ඌට කන්න ටිකක් හරි දෙන්න ඕනි. හැබැයි මිනිස්සුන්ට එහෙම දගලන්න ඕනි නෑ. ස්ටේජ් එකකට නැගලා මේක සිංගප්පූරුවක් කරනවා කිව්වානම් ඒ හොදටම් ඇති 😂

එනිවේ.. සෙෆියර් හලීමා කියන්නේ එම්පයර්ට එයාව ක්ලෝන් කරන එක නවත්තන්න කියලා. සමහරවිට ඒ කතාව ඇහුනාම ඔයාලට හිතෙන්න ඇති මේ මනුස්සයා කියන දේ ඇත්තනේ කියලා. සිරාවටම හලීමා ඕම කියන්නේ ඔය කියන තරම් ආගම ගැන භක්තියක් තියෙන නිසාද????



බම්බුව.. එම්පයර්ගේ බලය ආරක්ශා වෙලා තියෙන එකම හේතුව තමා එම්පයර් තමන්වම ක්ලෝන් කරන් ඉස්සරහට යන එක. එහෙම කරලත් දැන් කෙල වෙන්න යන්න. බ්‍රදර් ඩේ කෙල්ලෙක් අල්ලන් නටන නාඩගම පේනවානේ. ඉතිං ඔයාලම හිතන්න එම්පයර් එයාව ක්ලෝන් කරන එක නැවැත්තුවොත් ඊලග එම්පයර් වෙන්න බලන්න ඉන්න අය අතර ඇති වෙන බල අරගලය ගැන. එතකොට ඒ බල අරගලය මැද්ද ට්‍රිලියන 3ක් ෆලෝවර්ස්ලා ඉන්න ආගමක නායිකාව වෙච්ච සෙෆියර් හලීමා එනවා. එයාට ඒ බල අරගලය දිනනවා කියන්නේ කොච්චර ලේසි වැඩක් ද කියලා තේරෙනවද. සේරටම වඩා විශේෂත්වය තමා භක්තිමත් මිනිස්සු ආපිට දෙයක්, එහෙම නැත්තම් ප්‍රති උපකාරයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි දේවල් කරන්නේ. ඔයාලා සේරම GoT බලලා තියෙනවා. GoT එකේ ඔය කතන්දරේ වෙන විදිය ගැන ලස්සන ලිපියක් අපේ සයිට් එකේ පබ්ලිශ් උනා. ටිකිරි මල්ලි තමා ඒක ලිව්වේ. ආන් ඒකේ ලින්ක් එක මං ලිපියේ අන්තිමට දාන්නම්. ඒක කියවන්න. එතකොට මං මේ කියන දේ ඔයාලට තේරෙයි. මිලියන 21ක වගේ පොඩි ජනගහණයක් ඉන්න ලංකාව වගේ රටක චන්දෙ කාලෙට බලය ගන්න ගහන ගේම් ටික පේනවානේ. එතන ඉදන් පටන් අරන් හිතලා බලන්න සම්පූර්ණ ගැලැක්සි එකක බලය ගන්න කොහොම ගේමක් ගහන්න ඕනිද කියලා.

කලින් එපිසෝඩ් එකේ අපි දැක්කනේ හලීමා කරපු කතාවෙන් පස්සේ එම්පයර් ඇරෙන්න අනිත් හැමෝම දණ ගහනවානේ ප්‍රොක්සිමාගේ මිනිය ලග. රොබෝ කෙනෙක් වෙන් ඩෙමෙර්සෙල් පවා මෙතනදී දණ ගහනවා.



ඕනි කෙනෙක් දන්නවානේ රොබෝ කෙනෙක් කරන්නේ එයාට කරන්න ප්‍රෝග්‍රෑම් කරපු දේවල් ටික විතරයි කියලා. ඩෙමෙර්සෙල් දණ ගහපු සීන් එකට එම්පයර් මාර අවුලෙන් ඉන්නේ. ඒක අහනකොට ඩෙමෙර්සෙල් ගේන තර්කෙ මරු. ඩෙමෙර්සෙල් කියන්නේ එයාව ප්‍රොග්‍රෑම් එකේ දණ නමන්න එපා කියලා ප්‍රොග්‍රෑම් කරලා නෑ කියලා. ඒක මරු පොයින්ට් එකක්. අර වගේ කතාවකට රොබෝ කෙනෙක් දණ නැමුවානම් මිනිස්සු ගැන කවර කතාද. ඔන්න ඔහොම පොයින්ට් එකක් තමා ඩෙමෙර්සෙල් එම්පයර්ට පැහැදිලි කරන්න හදන්නේ. මං ඒකයි කලින්ම කිව්වේ ආගම ජාති සම්බන්ධ වෙන දේවල් එක්ක සෙල්ලම් කරන්න අධිරාජ්‍යයෙක්ට උනත් ලේසි නෑ කියලා. 

සෙෆියර් හලීමගෙ වැඩ වලට එම්පයර් කරන්න කියලා දෙයක් ප්ලෑන් කරනවා. ඒක ගැන අපි ඊලග එපිසෝඩ් එකේ බ්‍රේක්ඩවුන් එකෙන් කතා කරමු. මෙහෙම දෙයක් තියෙනවා. කලින් හිටිය බ්‍රදර් ඩේ වඩා මෙයා ටිකක් මොළේ කල්පනා කරනවා වගේ එකක් මට තේරෙනවා. බලේ පෙන්නලා විතරක් මිනිස්සු මෙල්ල කරගන්න බෑ කියන එක මිනිහට තේරිලා තියෙන්නේ. ඔන්න එහෙනම් ඒ කතාව ඉවරයි. ඊලගට,


අපේ මල් කුමාරයා (බ්‍රදර් ඩෝව්න්) සහ මල් කුමාරිගේ කතාව




කොල්ලා පෙම් කෙලිනවා කෙලිල්ලක් ආයේ 😂 එම්පයර් කෙනෙක් වෙන්න සුදුසුම නැති කෙනෙක් මේ. හැබැයි හියුමන් සයිඩ් එක පැත්තෙන් මිනිහා මාර තැනක ඉන්නවා. ඕකට හේතුව මං ඉස්සරහට කියන්නම්. මොකද මේ එපිසෝඩ් එකෙන් අපි හරියට දැනගත්ත මෙයා අනිත් ක්ලියෝන්ලා සේරටම වඩා නොසෑහෙන්න වෙනස් කියලා. කලින් එපියේ අපි දැනගත්‍තනේ මෙයා වර්ණ අන්ධතාවයෙන් පෙළෙනවා කියලා. ඔන්න් මේ එපියෙන් අපි දැනගත්තා රතු සහ කොළ පාට තමයි පේන්නේ නැත්තේ කියලා. ක්‍රිස්ටෝපර් නොලන්ට වගේ. වර්ණ අන්ධතාවය තියෙන අය අතරෙන් වැඩිම දෙනෙක්ට තියෙන එක තමා කොළ සහ රතු පාට පේන්නේ නැති එක. මේකත් කොටස් 4ක් තියෙනවා. ඒ අතරෙනුත් Deuteranomaly (කොළ පාට පේන්නේ රතු පාටට ගතිය වැඩි වෙලා) තමා ගොඩක් සුලභව තියෙන්නේ.



සමහරවිට බ්‍රදර් ඩෝව්න්ට තියෙන්නේ මේක වෙන්න පුලුවන්. ඒත් එකම කෙනාව ක්ලෝන් කර කර එන අයගේ මෙහෙම වෙන්නේ කොහොමද? ඕකට සයන්ටිෆිකලි ගත්තොත් සෑහෙන්න ලොකු උත්තර හොයන්න පුලුවන්. ඔයාලා දන්න දේකින් සරල උදාහරණයක් දෙන්නද? The Big Bang Theory සීරීස් එකේ ශෙල්ඩන් සහ එයාගේ සහෝදරී මිසී මතකද (Young Sheldon එකෙත් මේ ජෝඩුව ඉන්නවා).

ශෙල්ඩන් සහ මිසී


ශෙල්ඩන් කියන්නේ සුපිරිම ජීනියස් කෙනෙක්. හැබැයි මෙසී 😂 බලපු අය දන්නවානේ දෙන්නගෙ වෙනස. ජාන වල වෙනස්කම් කියන්නේ අපිට කලින් ප්‍රෙඩික්ට් කරන්න පුලුවන් දේවල් නෙමෙයි. එම්පයර් එයාවම ක්ලෝන් කරනකොටත් වෙන්නේ මේ වගේම දෙයක් වෙන්න ඕනි. බාහිර ස්වරූපය එකයි. හැබැයි මේක දිගටම කරන් කරන් යනකොට ජානමය වශයෙන් වෙනස්කම් එන්න පුලුවන්. දැන් මේ වෙලා තියෙන්නෙත් ඒකයි. වර්ණ අන්ධතාවයට අමතරව බ්‍රදර් ඩෝව්න්ට හුරු අත පවා වෙනස්. මං කලින් බ්‍රේක්ඩවුන් එකේ කිව්වා වගේ බ්‍රදර් ඩෝව්න් කියන්නේ වමත හුරු කෙනෙක්. හැබැයි අනිත් ක්ලියෝන්ලා සේරම දකුණත් අය. ඔයා දකුණත් කෙනෙක් නම් ඔයා අත් දෙකේ ඇගිලි එකතු කලාම ආයාසක් නැතුව ඔයාගේ වම් අතේ මහපටැගිල්ල තමා උඩට එන්නේ. ඊට යටින් තමා දකුණු අතේ මහපටැගිල්ල හිටින්නේ. ඔයා බ්‍රදර් ඩෝව්න් වගේ වම් අත හුරු කෙනෙක් නම් ඕකෙම අනිත් පැත්ත වෙන්නේ. ඒ ගැන තමා බ්‍රදර් ඩෝව්න් අර කෙල්ලට විස්තර කරන්නේ. ආ.. මේ කෙල්ලගෙ නම අසූරා කියලත් අපි දැනගන්නවා. 



කොහොමහරි බ්‍රදර් ඩෝව්න්, අසූරව මාලිගාවට එක්කන් යනවා. එතනදි මේ දෙන්නා අතරෙ වෙන කන්වසේශන් එක අහන් හිටියානම් ගොඩක් දුරට ඒක ඔයාලගෙ ජීවිතේට මාර විදියට සමීපයි කියලා දැන්නේ ඇති. ස්පෙශලි ඔයත් මේ එදාවේල ආතල් වලින් මිදුණු ජීවිතයක් හොයන කෙනෙක් නම්. මෙතනදී අපිට බලාගන්න පුලුවන් එම්පයර්ලා තුන් දෙනාවම ඒ ඒ අයගේ විදියටම වෙනම ක්ලෝන් කරනවා.



පේනවානේ අධිරාජ්‍යයක බලය රැකගන්න එක කොච්චර අමාරුද කියලා. තමන්වම ක්ලෝන් කරලා පොඩි ළමයෙක් හදන එකට අමතරව ඒ හදන එකාගේ කොපියකුත් වෙනම තියන් ඉන්නවා. බැරි වෙලා හරි දැන් ජීවත් වෙන කෙනාට හානියක් උනොත් ඒ කොපිය රිප්ලේස් කරන්න පුලුවන්. ඒකට තමා ඔහොම කරන්නේ. බ්‍රදර් ඩෝව්න් කියනවා එයා ජීවත් වෙන එකේ එකම හේතුව වෙන්නේ පර්ෆෙක්ට් කොපි එකක් වෙන එක කියලා. පර්ෆෙක්ට් කොපි එකක් කියන්නේ කලින් හිටිය එම්පයර්ස්ලා වගේම කෙනෙක් වෙන එක කියලා. අල්ලපු ගෙදර එකා, අහවලාගෙ පුතා අරක කරනවා නම්, මේක කලා නම්, ඇයි උබට බැරි වගේ ඒවා ඕනි තරම් ඇහිලා ඇතිනේ ඔයාගේ ජීවිත කාලේ පුරාවටම. අපි කාගෙවත් ක්ලෝන් එකක් නෙමෙයි. ඒත් අපි ඉපදුන දවසෙ ඉදන් හැමෝටම වගේ ඕනි අපිව එයාලගෙ පර්ෆෙක්ට් කොපි එකක් කරන්න මිසක් අපිට අපේ කියලා අයිඩෙනෙටි එක්ක් හදාගන්න ඉඩ දෙන්න නෙමෙයි. එයාලා කියන එකෙන් අදහස් කරන්නේ කවුරු ගැනද කියලා දන්නවානෙ. ඒ වගේම බ්‍රදර් ඩෝව්න් කියනවා "I have to blen in, or I die" කියලා.



සරල තේරුම ගත්තොත් මේ යන විදියට හැඩ ගැහුනේ නැත්තම් මැරෙන්න වෙනවා කියන එක. ඒකත් අපිට හෙන සමානයි නේද? සම්මත රාමුවෙන් පිටට පැනලා තමන්ගේ ජීවිතේ හොයන් යන අයටත් උදේ හවා හිතෙන දෙයක් ඔය. මෙහෙම ප්‍රෙශර් එකකින් ඉන්නවාට වඩා මුන් එක්කම ජොයින් වෙලා ගල් බෝතලයක් බීලා, මෙගා නාට්‍යක් බලලා, පරදින මැච් වලට හුරේ දාලා, පේස්බුක් එකට හෑලි දාලා, චන්ද කාලෙට එක එකාට කඩේ ගිහින් ජීවත් උනානම් කොච්චර ලේසිද කියලා. කොච්චර හිතුනත් කවදාවත් ඒ දේ කරන්න එපා... තමන්ට ඕනි විදියට තමන්ගෙ පැශන් එකෙන් ජීවත් වෙන්න බැරිනම් අර ප්‍රෙශර් එකේ විදෝ විදෝ ඉන්න එකත් සැපක් රාමුව අස්සේ කොටුවෙනවට වඩා. එහෙනම් දැන් බලමු,


ගේල් සහ හැරීගේ කතාව




දඩාර ප්ලොට් ටුවිට්ස් එක ගැන අන්තිමේට කතා කරමු. ඔන්න හැරීව ආයෙත් අපිට බලාගන්න පුලුවන්. පොරනම් කලින්ට වඩා ඇණයක් වෙලා ඉන්නේ ගේල්‍ට 😂 මතකද කලින් බ්‍රේක්ඩවුන් එකේ මං කිව්වා රේච්, හැරීව මරපු වෙලාවේ හැරීගේ කණ ගාව තිබිලා පොඩි ඩිවයිස් එකක් ගලෝගත්තා කියලා.


ඔන්න මේ එපියෙන් අපි දැනගන්නවා එකෙන් තමා මේ ශිප් එකට ඇතුල් වෙන්න ගේල්ට පුලුවන් වෙන්නේ කියලා. හැබැයි ඇත්තටම හැරීගේ ප්ලෑන් එකේ තිබිලා තියෙන්නේ රේච්ව මේ ශිප් එකට එවන්න සහ සුපුරුදු විදියට ගේල්ව ටර්මිනස් වලට යවන්න ෆවුන්ඩේශන් එකේ අයට නායකත්වය දෙන්න. හැබැයි ගේල් මේ වැඩේ මැද්දය පනින නිසා රේච්ට් සිද්ද වෙනවා ගේල්ව පොඩ් එකට දාලා ශිප් එකෙන් පිටත් කරන්න. අන්තිමේද හැරීගේ මරණෙ වැරද්ද බාරගෙන රේච්ට මැරෙන්න සිද්ද වෙනවා. ඔය නිසා තමා දැන් මේ ඉන්න ශිප් එකේ කිසිම දේකට ගේල්ට ඇක්සස් නැත්තේ. මතකනේ කලින් එපියේ. ගේල් පට්ට ගේමක් ගහලා තමා ශිප් එක යන්නේ කොහාටද කියලා හොයාගත්තේ. මොකද හැරීගේ ප්ලෑන් එකේ තිබුනේ රේච්ව මේ ශිප් එකට එවන්න. ඒ නිසා ශිප් එකේ හැමදේටම ඇක්සස් හදලා තිබ්බේ රේච්ට විතරයි. කොහොමහරි දැන් මේ අපිට පේන්නේ හැරිගේ ප්‍රොජෙක්ශන් එකක්.



ඔය කන්සෙපෙට් එකත් ඕනි තරම් ෆිල්ම් වල දැකලා තියෙනවා. ස්පෙශලි Man of Steel එකේ සුපීගෙ තාත්තගෙ තියෙන්නෙත් මේ වගේ වගේම ප්‍රොජෙක්ශන් එකක්.

Man of Steel (2013)


ඔය සේරම හරි කියමුකෝ. ඒත් හැරී මැරෙන්නේ ඇයි? හැරීට ඕනිනම් තිබ්බානම් රේච්ව පොඩ් එහෙක දාලා ශිප් එකට යවන්න තිබ්බානේ. එතකොට ගේල්ගෙයි, රේච්ගෙයි සම්බන්ධෙත් කඩන්න තිබ්බා. ඔය සේරම පුලුවන්කම තියාගෙන ඇයි හැරී, රේච්ට කියලා පිහියෙන් ඇන ගන්නේ???

ඕක ටිකක් සංකීරණ කතාවක්. සරලව කියන්නම්. හැරී කියනවා "මනුස්සයෙක්ට වඩා දෙයක් ඕනි ෆවුන්ඩේශන් එක ඉන්ස්පයර් කරන්න" කියලා.



මෙහෙමයි. මනුස්සයෙක්ට වඩා වටින්නේ ඒ මනුස්සයාගේ අදහස. මනුස්සයෙක් මරණ්න පුලුවන් උනාට කවදාවත් අදහස් මරන්න බෑ. (2005 ආව V for Vandetta ෆිල්ම් එකේ V  කියපු දෙබසක් ඔය. අද නොවැම්බර් 5 වෙනිදා. ඉතිං නොවැම්බර් 5 කියන්නේ අනිවාර්යයෙන් V මතක් වෙන්න ඕනි දවසක්)

V


ඒ වගේම තමා මනුස්සයෙක් බිදින්න පුලුවන් උනාටා අදහස් බිදින්න බෑ. ඒ වගේම තමා ඕනි දේක පැවැත්ම තීරණය වෙන්නේ ඒ දේ වටා ගොඩනැගෙන කතාව මත. අපි දන්න මිත්‍යා කතා එහෙම අරන් බලන්. උදාහරණයක් විදියට රාවණාගේ කතාව. ඔය කතාවෙන් මිනිස්සු කී දෙනෙක් අදටත් හම්බකරන් කනවද.. අන්න ඒකයි කියන්නේ කතාවක් මාර පවර්ෆුල් කියලා. මෙහෙම හිතන්න. ලංකාවේ විවිධ ආගම් පතුරවන්න හදපු විදිය ගැන අපි කතා අහලා තියෙනවානේ. ඒවා ඇහෙනකොට ඒවා කරපු උන්ව අතීතෙට ගිහින් මරාගෙන කන්න තරම් ෆීලින් එකක් එනවා නේද. ඒත් බුදු දහම ලැබෙන්න කලින් ලංකාව කොහොම තියෙන්න ඇතිද සහ ඒක මෙහේ මිනිස්සු කොහොම බාරගන්න ඇතිද? අපි දැන් ඉගෙන ගන්නවා වගේ ඇත්තටම සතුටෙන් මිනිස්සු මේක බාරගන්න ඇතිද? නිකමට හිතන්න ෆ්‍රී වෙලාවක. හිතුවට කමක් නෑ තැන තැන කියවන්න යන්න එපා. බෙල්ල ගහලා යන වැඩ 😒 ඔන්න ඔය වගේ හැමදෙයක්ම ගොඩ නැගෙන්න ලස්සන, බලවත් කතාවක් තියෙන්න ඕනි. ෆිල්ම් එකක්, සීරීස් එකක් උනත් මිනිස්සු බලන්නේ පවර්ෆුල් ස්ටෝරි එකක් තිබ්බොත් විතරයි. මෙතනදී උනත් හැරීගේ මරණයත් එක්ක සෑහෙන්න බලසම්පන්න කතාවක් නිර්මාණය වෙනවා. ඒක ෆවුන්ඩේශන් එකේ පදනම වෙන්නේ. ඒ වගේම දෙවියො සහ ආගම් ගැනත් හැරී ලස්සන කතාවක් කියනවා. "අපිට දෙවියන්ව මරන්න බෑ. අපි කරන්නේ එයාලව විස්වාස කරන එක නවත්තන එක විතරයි."



හැරී ඔය කියන එකේ තේරුම මීටර්ද? මිනිහෙක් දෙවියෙක් වෙන්නේ මැරුණට පස්සේ. මිනිස්සු මරන්න පුලුවන්. හැබැයි දෙවිවරු මරන්න බෑ. දෙවියො කියන්නෙත් යම්කිසි අදහසක් නිරූපණය කරන අය. ඒ අදහසට සාක්ශි දරණ අය. ආන් ඒකයි මං කලින්ම කිව්වේ මිනිස්සු මැරුවට අදහස් මරන්න බෑ කියලා. දැන් ඔයාලට හරියටම තේරෙනවා ඇති Luminism වල සෙෆියර් හලීමාට තියෙන බලය ගැන. ඒ බලයටත් එම්පයර් පවා බය වෙලා ඉන්න හේතුව ගැන. එම්පයර් කියන්නේ මනුස්සයෙක්. එයා නැති උනත් එයාව රිප්‍රසන්ට් කරන්න කෙනෙක් ඉන්නවා. මතකනේ බ්‍රදර් ඩෝව්න් අසූරට කියන දේ. හැබැයි සෙෆියර් හලීමා කියන්නේ අදහසක්. මතයක්. එයාව මැරුවොත් වෙන්නේ ඒ අදහස තව තවත් මිනිස්සු විස්වාස කරන්න ගන්න එක. ආන් ඒ නිසා තමා හලීමව මරලා දාන්නේ නැතුව වෙන විසදුමක් හොයන්න එම්පයර් මහන්සි වෙන්නේ.

ඒ වගේම අපි දැනගන්නවා හැරීට Lethe Syndeome කියලා රෝගයක් තිබ්බා කියලා. මේ ගැනනම් මං හරියට දන්නේ නෑ සහ හෙව්වට හරි විස්තරයක් හම්බවුනෙත් නෑ. දන්න කෙනෙක් ඉන්නවානම් කමෙන්ට් එකක් දාන්න. හැරී මේක විස්තර කරන විදියට මේ රෝගය නිසා බලපෑම එන්නේ මතකයට. සරලව කිව්වොත් එන්න එන්න හැරීගේ මතකය, සිතීමේ හැකියාව දුර්වල වෙනවා. එහෙම උනොත් ඒකත් එක්කම ෆවුන්ඩේශන් එකේ අවසානයත් ලගා වෙනවා. මොකද ෆවුන්ඩේශන් එක ඩිපෙන්ඩ් වෙන්නේ හැරී කියන මනුස්සයා මත. හැබැයි හැරී ඔය දේවල් වෙන්න කලින් මැරුනොත්, ෆවුන්ඩේශන් එක ඩිපෙන්ඩ් වෙන්නේ හැරීගේ මතවාදය මත, හැරීගේ දැක්ම මත. දැන් තේරෙනවා නේද හැරී එයාගේ මරණයෙන් වාසිය අරගත්ත විදිය. අපි උනත් මැරුණත් අමතක නොවෙන කෙනෙක් වෙන්නනම් අදහසක්, මතයක් ඉතුරු කරලා යන කෙනෙක් වෙන්න ඕනි. නැත්තම් ඔයා මොන පොරක් උනත් වැඩක් නෑ. මැරිලා අවුරුද්දක් යනකොට ගෙදර මිනිස්සුන්ට පවා අමතක වෙනවා.

ඔන්න ඊලගට සීරීස් එකේ දඩාර ප්ලොට් ටුවිස්ට් එකක් බලාගන්න පුලුවන්. ඒ තමයි ගේල්ට අනාගතය ගැන බලන්න පුලුවන් කියන එක.



මේක සයිකොහිස්ට්‍රි එකට සම්බන්ධ දෙයක් නෙමෙයි. ගේල්ටම තියෙන හැකියාවක්. මං හිතුවෙම සයිකොහිස්ට්‍රි එක ගේල් හැරීට වඩා තේරුම් ගත්ත නිසා මෙහෙම අනාගතේ ගැන විශන් එකක් තියේ කියලා. හැබැයි ඒක වැරදී. ගේල්ට ඇත්තටම අනාගතේ ගැන දැනෙනවා. මේ ගැන හරියට කතා කරමු ඊලග එපියෙ. මොකද අපි තාම දන්නේ නෑ ඇයි ගේල්ට මෙහෙම අනාගතේ පේන්නේ සහ හැරී මේ ගැන ඇත්තටම දැනන් හිටියද නැද්ද කියලා. එහෙනම් ඔන්න අදට කතාව ඉවරයි.


Spiderman: No Way Home ෆිල්ම් එකට අපි ප්‍රිමියර් එකක් කරනවා. මතකනේ Godzilla vs Kong එකට අපි කරපු ප්‍රිමියර් එක. ආන් ඒ වගේ ඊටත් වඩා සුපිරියට මේ පාර කරනවා. දෙසැම්බර් 17 මොරටුව Maxx Lite තියටර් එකේ තමා ප්‍රිමියර් එක තියෙන්නේ. එන්න කැමති අය මේ ලින්ක් එකෙන් ගිහින් ගූගල් ෆෝම් එක ෆිල් කරන්න 👇

https://forms.gle/VHkhRr7E8B15QTo66

එතකොට ටිකක් බුක් කරන එක ඕපන් කරපු ගමන් ඔයාලට මැසේජ් එකක් එනවා. අනිවාර්යයෙන් හැමෝම සෙට් වෙන්නේ. අමතක නොවෙන එක්ස්පීරියන්ස් එකක් ගන්න පුලුවන්.


එහෙනම් අලුත් එපිය අද එනවා. මේක අන්තිම එපියද නැද්ද කියන්න හරියටම දන්නේ නෑ. බලමුකෝ... ඒකේ බ්‍රේක්ඩවුන් එක පුලුවන් ඉක්මනට අරන් එන්නම්. ගිහින් එන්නම්.. ජය ❤️


Game of Thrones ගැන දාපු ආටිකල් එක 👇

https://www.reviewwhocares.com/2021/10/game-of-thrones-political-game-explained.html


Foundation S01E06 බ්‍රේක්ඩවුන් එක 👇

https://www.reviewwhocares.com/2021/10/foundation-s01e06-brakedown.html


Foundation S01E08 බ්‍රේක්ඩවුන් එක 👇

https://www.reviewwhocares.com/2021/11/foundation-s01e08-breakdown.html

3 Comments

  1. gale ta anagathaya feel venava kiyala tharindu vishvanath youTube eke video ekak dammama.kalin mn hithanne.epi2 review ekeda koheheda

    ReplyDelete
  2. Lethe syndrome kiynne mn hithana widiyata alzheimer ma thama, mokada lethe river eka kiyanne greek methodology wala thiyena gangak, eeken naawama mathakaya nathi wenawa. Ehema thama name eka anuwa nm

    ReplyDelete
Post a Comment
Previous Post Next Post