කවුද මේ Eternals ලා සහ ඇයි මෙයාලා MCU එකට මෙච්චර වැදගත්??? | Eternals Final Trailer Breakdown and Character Explanation


Eternals අන්තිම ට්‍රේලර් එක දැක්කනෙ හැමෝම. කතන්දර නෑ ඉතින් CBM එක්කට ආපු ට්‍රේලර් වලින් Znyder Cut ට්‍රේලර් එකට පස්සෙ මං දැක්ක සිරාම Goosebumps තිබ්බ ට්‍රේලර් එක. (මතකනෙ ZSJL ට්‍රේලර් එකේ තිබ්බ Goosebumps ටික). පර්සනලි Eternals කියන්නෙ මෙච්චර කාලෙකට බලපු CBM අතරින් මම වැඩියෙන්ම excited වෙලා ඉන්න ෆිල්ම් එක. හේතු ගොඩක් තියෙනව එකක් Ramin Djawadi ගෙ මියුසික්. අනිත් එක මේකෙ Next level Casting එක (ෆෑන්බේස් කීයක් ඇල්ලුවද කාස්ට් එකෙන්ම). ලොකුම හේතුව Chloe Zhao ගෙ විශුවල්.


Chloe Zhao


Ramin Djawadi


මං දැකපු පට්ටම Cinematography පෙන්න්නන ඩිරෙක්ටර් කෙනෙක්. ඒ විශුවල් ඉතින් Incomparable. (දීසි පෑන්ල තරහවෙන්න එපා සැක්ගෙ Cinematography සුපිරි. ඒක නෑ කියන්නෙ මෝඩයෙක්. හැබැයි එහෙමයි කියල ඒක බෙස්ට් වෙන්නෙ නෑ. සැක්ට වඩා හොදට Cinematography, Symbolism කරන අය ඉන්නව) Chloe ගෙ වැඩ බලන්න ඕනිනම් Nomadland බලන්න. අන්න Cinematography. වචන නෑ කියන්න. Phase 4 එකෙන් අනවුන්ස් කරපු කාලෙ කිව්වනෙ කට්ටිය මේක ලොකු පසුබෑමක් වෙන්න පුළුවන් කියල MCU එකේ. කතාව සාධාරණයි ඉතින් මොකද මේ Live Action ගේන්නෙ මීට කලින් ඇනිමේෂන් වත් නාපු අළුත්ම ටීම් එකක්. ගොඩක් අය දන්නෙ නෑ මේ ඉන්නෙ කවුද කියලවත්. ඒකට හොදම කෙනා අරන් තියෙනව ෆයිගි. ට්‍රේලර් එක ආවට දවස් දෙකකට වගේ පස්සෙ ෆයිගි කියල තිබ්බ ක්ලෝයි නැත්තම් එයාලට Eternals ෆිල්ම් එකක් නැති වෙන්න තිබ්බ කියල. ෆයිගි අයගෙන් දන්න කාටත් වඩා Marvel, DC කොමික්. Manga ගැන දැනුමක් තියෙනවලු ක්ලෝයිට. කෝමහරි සුදුස්සාට සුදුසු තැන ලැබිල තියෙනව.

 

මේකෙන් මම බලාපොරොත්තු වෙන්නෙ ට්‍රේලර් එක සහ මේ Eternals එකේ චරිත ගැණ පොඩි කයියක් දාන්න. සාමන්‍යෙන් නම් මම ට්‍රේලර් එකේ Frame By Frame තමා කතා කරන්නෙ, හැබැයි මේකෙ ඉන්න චරිත අළුත් නිසා මං හිතුව කොමික් පැත්තත් Touch කරගෙනම ට්‍රේලර් එක ගැන බ්‍රේක්ඩවුන් එකක් කරන්න. මීට කලින් අපේ සචිනා මේකෙ චරිත ගැන විඩියෝ එකක් කරා. මට හිතුන සචිනා අතින් මේකෙ කොමික් සයිඩ් එක කවර් උනා මදි කියල. ඒකත් හේතුවක් මේක ලියන්න. අනිත් එක ඒ වීඩියෝ එකට සෑහෙන කේස් එකකුත් ගියා (දන්නෝ දනිති). ඒකෙ ප්‍රශ්ණෙත් අපි විසදගමු මේකෙන්ම ඉස්සරහට. තේකක් ඒම අරන් කියවමු ඒනම්🍺🍺

 

Eternals ගැන දැනගන්න කලින් අපි දැනගන්න ඕනෙ කවුද මේ සෙලෙස්ටියල්ල කියන්නෙ කියල

 

Celestial

සෙලෙස්ටියල්ල කියන්නෙ විශ්‍වය ආරම්භයේ ඉදලම එන ගොඩක් Powerful ජීවීන් කොට්ඨාශයක්. මෙයාල තමයි මාවල් විශ්වයේ වගේ ඉන්නෙ. ( වගේ කිව්වෙ මෙයාලට වඩා බලවත් ජීවීන් ඉන්නව. උදාහරණ කිව්වොත් Beyonder. Living Tribunal, Franklin Richards වගේ අය ඉන්නව. මාවල් විශ්වයේ බලගතුම අයගෙ ලැයිස්තුවක් හැදුවොත් මෙයාල ඒකෙ 5 හෝ 6 වගේ දාන්න පුළුවන්). මෙයාලගෙ අරමුණ මොකද්ද මෙහෙමයි කියල කිව්වෙ නැති උනත්. දැනට පිළිගන්න මතය තමා මෙයාලට ඕනෙ සර්වසම්පූර්ණ විශ්වයක් නිර්මාණය කිරීම කිඅයන එක. මේ අරමුණ වෙනුවෙන්  මෙයාල ජීවින්ගේ පරිණාමය දියුණු කරන්න වගේම අවශ්‍යනම් ශිෂ්ඨාචාර පිටින් විනාස කරල දාන්න උනත් මෙයාල පැකිලෙන්නෙ නෑ.

සෙලෙස්ටියල් කෙනෙකුට සාමන්‍යයෙන් අඩි 2000 වගේ උසක් තියෙනව. ඒ වගේම සමහර සෙලෙස්ටියල්ල ග්‍රහලෝක වලටත් වඩා ලොකු උන අවස්ථා තියෙනව. මේ හැම සෙලෙස්ටියල් කෙනෙකුටම එයාලට ආවේණික කාර්‍යයක් තියෙනව. සරලවම කිව්වොත් සෙලෙස්ටියල්ල කියන්නෙ Scientists වගේ කට්ටියක්.

 

කොමික් වලදි අපිට සෙලෙස්ටියල්ල කීපදෙනෙක්ම හම්බවෙනව

 

Arishem the Judge (මෙයා තමා සෙලෙස්ටියල්ලගෙ ලොක්ක)

Exitar the Executioner

Nazaar the Calculator

Eson The Searcher (GOTG  එකේ අර ග්‍රහලෝකයක්ම                                                          සුන්නද්දූලි කරන්නෙ මෙයා)

Tiamut The Communicator (මෙයා ටිකක් වැදගත් මතක තියාගෙන ඉන්න)

 

ඔය කීප දෙනෙක් විතරයි තව කට්ටිය ඉන්නව.

 

මේ ගමන්ම ගොඩක් කට්ටිය වරද්ද ගත්ත තැනක් පෙන්නල දෙන්නම්. MCU එකේදි ඊගෝව සෙලෙස්ටියල් කෙනෙක් කියල පෙන්නුවත් ඊගෝ සෙලෙස්ටියල් කෙනෙක් සහ කුයිල්ගෙ තාත්ත වෙන්නෙ MCU එකේදි විතරයි. කොමික් වලදි එයා ග්‍රහලෝකයක් එක්ක එකතු උන Elder කෙනෙක්.

 

එතකොට ඒකට මේකත් එක්ක තියෙන සම්බන්ධෙ මොකද්ද?

 

කලින් කිව්වනෙ සෙලෙස්ටියල්ල ජීවින්ගේ පරිණාමය දියුණු කරන්න දායක උනා කියල. ඔය විදිහට සෙලෙස්ටියල් කණ්ඩායමක් පෘතුවියට එනව. මෙයාල ඇවිල්ල ඒ වෙද්දි පෘතුවියේ Dominant Species එක වෙච්ච හෝමෝ ඉරෙක්ටස් මානවයව අරන් පරීක්ශණ කරනව. මේ පරීක්ශණ වලදි Ziran The Tester ගෙ අතින් ඩීවියන්ට්ල එහෙමත් නැත්තම් Homo desendus ල ඇතිවෙනව. ඒ වගේම Nezaar The Calculator ගෙ පරීක්ෂණ වලින් Eternals ල එහෙමත් නැත්තම් Homo Immortalis ල ඇතිවෙනව. මේ සෙට් එක අතරෙ හිටපු සෙලෙස්ටියල් කෙනෙක් අතින් තමා මියුටන්ට්ල බිහිවෙන්නෙ. (හැමෝම දන්නවනෙ කොමික් වල Golden Age එක ඉවර වෙනවත් එක්කම වගේ කොමික් ෆෑන්ල සුපර්මෑන්ට එච්චර බලයක් හම්බුනේ කොහොමද වගේ දේවල් ගැන හොයන්න ගත්ත කියල. ඉතින් ඔය විදිහට මියුටන්ට්ල ගැනත් ප්‍රශ්ණයක් ආපු නිසා Comic Writers ලට ඕනෙ වෙනව මේ අයට හරි ඔරිජින් එකක් දෙන්න. ඒක නිසා තමයි කර්බි මේකෙන් ඒ කතාව හදන්නෙ. )

 






Eternals ල කොමික් වලට ආව එක ගැනත් පොඩි කතාවක් තියෙනව.

 

දන්නවනෙ ජැක් කර්බි තමයි New Gods ලව හදන්නෙ කියල. ඉතින් කර්බි DC වලින් අයින් වෙලා ආයෙ මාවල් එකට ආවම අයාට ඕනෙ වෙනව තමන් හදපු Saga එක දිගටම continue කරන්න. ඒ විදියට තමයි Eternals ල කොමික් වලට එන්නෙ. ඒව අමතර කරුණු ඈ.

ජැක් කර්බි


ආයෙත්  Topic එකට බැස්සොත් සෙලෙස්ටියල් පරීක්ෂණ වලින් පස්සෙ Eternals ල උතුරු ආසියාවෙ Titanos කියල නගරයක් හදන් ජීවත් වෙනව. ඔහොම කාලයක් යද්දි Ouranos කියන Eternal පෘථිවිය පාලනය කරන්න සටනක් පටන් ගන්නව. මේ නිසා Kronos සහ Oceanus කියන Eternals ල දෙන්න  Ouranos සහ තවත් Eternals ල කොටසක් පිටුවහල් කරනව. මෙයාල යුරේනස් වලට ගිහින් එහෙ පදිංචි වෙනව. පස්සෙ කාලෙක ආපහු Ouranos පෘථුවියට යන්න පිටත් උනත් කීපදෙනෙක් යුරේනස්වල නතරවෙනව. මේ අයට කියන්නෙ exiles ල කියල. මේ ආපහු යන්න පිටත් උන නඩේට Kree ල පහර දීල ඒ යානය විනාස වෙනව. එතනින් බේරෙන කීප දෙනා ටයිටන් වලට ගිහින්

ජනාවාස නිර්මාණය කරනව. මෙතනිනුත් ටයිටන්වල යුද්ධයක් ඇති වෙලා Sui-san කියන Eternal විතරක් ඉතුරු වෙනව. දැන් ආයෙම පෘථිවිය පැත්තට හැරුනොත් කාලෙත් එක්ක Deviant ල මිලියන ගානක් ආයෙම ඇවිල්ල Eternals එක්ක යුද්ධයක් පටන් ගන්නව. මට මතක හැටියට මේ කාලෙ වෙද්දි පෘථිවියෙ ඉන්නෙ Eternals ල දහස් ගානක් හෝ සිය ගානක් විතරයි. උන් ටික දෙනා තමයි අර මිලියන ගාන එක්කම සටන ගෙනියන්නෙ. කෝමහරි මේ සටන් යන අතරතුරේදි සෙලෙස්ටියල්ල ආයෙම පෘථුවියට එනව. මේ කණ්ඩාමට කියන්නෙ Second Host එක කියල. මේ එන කට්ටිය අර Deviant ලගෙ විශාල ප්‍රමාණයක් මරල දාල Mu, Lemuria, Atlantis කියන නගර ගිල්ලල දානව.

මේ කලබල වලින් පස්සෙ Eternals ල මිනිස්සුන්ට දැනුම, තාක්ශණය, ශිල්ප ක්‍රම වගේ දේවල් ලබා දීල මිනිස්සුන්ට දියුණුව කරා යන්න මගපෙන්වනව. මේ නිසා මිනිස්සු Eternals ල දෙවිවරු විදිහට සලකනව.

ඔය කාලෙදි Kronos, Cosmic Energy එක ගැන කරන පරීක්ශණයක් වැරදිලා මැරෙනව. ඊට පස්සෙ Kronos ගෙ පුතා උන Zuras විසින් ඇන්ටාක්ටිකාවෙ ජනාවාසයක් හදල එහෙට යනව. මෙයා තමයි ඉන් පස්සෙ Prime Eternal එහෙමත් නැත්තම් Eternals ලගෙ ප්‍රධානියා වෙන්නෙ.

ඒවගේම Kronos ගෙ අනිත් පුතා A’lars ටයිටන් වලට ගිහින් Sui-San ව බැදල ක්ලෝනකරණය මගින් ටයිටන් ආපහු ජනාවාස කරනව. මේ ක්ලෝන් වලින් හැදෙන අයට කියන්නෙ true eternals ල කියල. මේ දෙන්නට පස්සෙ කාලෙක දරුවො දෙන්නෙක් ලැබෙනව. එක්කෙනෙක් තමා Eros එහෙමත් නැත්තම් Star Fox අනිත් කෙනා තමයි තානෝස් A.K.A The Mad Titan. ඕන් අපි තැනට ආව. එතකොට තානෝස් කියන්නෙ Eternal කෙනෙක්ද ඒක දෙන්න තියන හොදම උත්තරේ තමයි “ඇයි එහෙම නොවෙන්නෙ ?”

තානෝස්ගෙ අම්මයි තාත්තයි දෙන්නම Eternals ල. ඉතින් උන් දෙන්නට හම්බෙන එකා Deviant කෙනෙක්වත්, Deviant-Eternal Hybrid වත් වෙන්න විදියක් නෑ. ඒ කියන්නෙ තානෝස් කියන්නෙ Eternal කෙනෙක්. තානෝස් ඉපදෙන්නෙම Deviant-Syndrome කියන අසනීපෙ එක්ක. ඒ නිසා තානෝස් විකෘති වෙනව. ඉතින් Sui­­-san හිතනව මේ යකා කවදාහරි යුනිවර්ස් එකටම වාතයක් වෙනව කියල. මේ නිසා එයා තීරණය කරනව තානෝස්ව ඉපදෙනකොටම මරල දාන්න හැබැයි A’lars මේකට විරුද්ධ වෙනව. (දැන් මට බනින්න එපා ඔන්න. මං නෙවේ ඉතින් අර Hybrid කතාව කිව්වෙ😁. ඔය කිව්වෙ මං දන්න කොමික් ගැන. මං ඇවිල්ල කොමික් ගැන මහා ලොකු දැනුමක් තියෙන එකෙකුත් නෙවේ. අනික Fandom එකේ දෙයක් වැරදුන පලවෙනි පාර මේක නෙවේ. ZSJL කාලෙ මං මදර්බොක්ස් ගැන ලිපියක් ලිව්ව. තනිකරම ෆැන්ඩොම් එකෙන් විස්තර ගත්තෙ ඒකට. දැන් හොයාගෙන බලන්න ඒකෙ ඇති ටොම් පච. ෆැන්ඩොම් එකේ විස්තර පිලිගන්න කලින් දෙපාරක් හිතන්න වෙන කාලෙ හරි. අන්තිමට ෆැන්ඩොම් එකට ලියපු එකා නිසා Deviant-Syndrome එක තිබ්බ එකා අන්තිමට Hybrid එකෙක් උනා😂 )

පස්සෙ කෝමහරි ටයිටන්වල හිටපු Eternals ල තානෝස් අතින් මැරෙනව.

 

දැන් අපි ආපහු පෘථිවිය පැත්තට එමු.


පෘථිවියෙ ඉන්න Eternals ලගෙ වැදගත්කම් කීපයක් තියෙනව.

පලවෙනි එක තමයි මෙයාල එක්තරා විදිහකට අමරණීයයි. ඒ කිව්වෙ Earth Eternal කෙනෙක් මැරුනොත් එයාව ආපහු Activation Chamber එකකින් ආයෙම ඉපදෙනව. ඒ කියන්නෙ Eternal කෙනෙක්ව කෑලි කීපෙකට ඉරල දැම්මත් මෙයාල ආපහු එනව.

 දෙවෙනි කාරණේ තමා Uni-Mind එක කියන්නෙ.



 Uni-Mind එක කියන්නෙ Eternal ලගෙ මනස එකිනෙකට Connect කරන Link එකක් වගේ දෙයක්. මේ නිසා Eternal කෙනෙක්ට තවත් Eternal කෙනෙකුගෙ මන්සට පණිවිඩ යවන්න වගේ දේවල් කරන්න පුළුවන්. එක පාරක් Deviant ල දෙන්නෙක් Ikaris ව අල්ලගෙන වධ දෙද්දි මෙයා Makkari ගෙන් උදව් ඉල්ලනව.

ඒ වගේම මේ Uni-Mind එක මගින් Eternals ල කීපදෙනෙක් එකතු වෙලා තනි කෙනෙක් බවට පත්වෙන්න පුළුවන්. (හරියට Power Ranger ල වගේ). මේක කොච්චර Powerful ද කිව්වොත් වතාවක් පෘථිවියට එන Horde එක නවත්තන්න මෙයාල Tiamut the Communicator ගෙ ඇග ඇතුලට ගිහින් පාලනය කරලත් තියෙනව. හැබැයි මේක කරන්න දේවල් කීපයක් ඕනෙ කරනව.

පලවෙනි එක මෙයාලට Prime Eternal ව ඕනෙ. (Prime Eternal කියන්නෙ Eternals ලගෙන් බහුතරය නායකයා විදියට පිළිගන්න කෙනා).

දෙවෙනි කාරණේ තමයි මේකට Eternals ල අවමයෙන් තුන් දෙනෙක්වත් ඕනෙ.  

ඒ වගේම Uni-Mind එක කොච්චර ශක්තිමත් ද කියන එක තීරණය වෙන්නෙ ඒකට ඒ වෙලාවෙ සම්බන්ධ වෙලා ඉන්න Eternals ල ගාන අනුව. Tiamut වල Control කරන්න පෘථිවියෙ ඉන්න Eternals ල ඔක්කොම වගේ එකතුවෙනව. එ වගේම සාමජිකයක් අඩුවෙන්න වෙන්න Uni-Mind එකේ බලය අඩු වෙනව. (හොදම උදාහරණයක් තමයි IKARIS ඇතුලු Eternals ල කීප දෙනෙක් පලවෙනි පාර Tiamut ව පරද්දන්න යද්දි Tiamut බොහොම ලේසියෙන් ඒ Uni-mind කඩල දානව. )

ඒ වගේම Eternals ලට අමරණීය ජීවිත කාලයක් තියෙනව. මේ නිසා Eternals ල වයසට ගිහින් මැරෙන්නෙ නෑ.

අන්තිම කාරණේ තමයි කිසිම හේතුවකට Eternals ලට සෙලෙස්ටියල් කෙනෙකුට පහර දෙන්න බෑ. මේක Eternals ලගෙ Construction එකේම තියන දෙයක්. සර්සි එහෙම සෙලෙස්ටියල් කෙනෙකුට පහර දෙන්න ගිහින් මරණාසන්න වෙලා තියෙනව.

දැන් බලමු අපිට Eternals ෆිල්ම් එකේ දකින්න ලැබෙන චරිත හා එයාලගෙ බලයන් මොනාද කියල

 

Sprite



මුලින්ම මෙයා ගැන කියල ඉන්නම් මොකද මෙයාගෙ කතාව ඉස්සරහට කියන අයගෙ කතාවලට සබධ වෙනව. මෙයාට පුළුවන් Shape Shifting කරන්න. ට්‍රෙලර් එකෙත් තිබ්බ මෙයා මල්වෙඩි වගේ දේවල් හදනව. කොමික් වලදිනම් මෙයා පිරිමි කෙනෙක්. මෙයාට වයසට යන්න බෑ ඒ නිසා මෙයාට අවුරුදු 11ක විතර පොඩි ළමයෙක්ගෙ පෙනුමක් තමා තියෙන්නෙ. මේ නිසා Eternals මෙයාට පොඩි ළමයෙක්ට වගේ තමයි සලකන්නෙ. මේ නිසා මෙයාට Eternals එපා වෙනව. ඉතින් මෙයා Dreaming celestial ව හොයාගෙන සෙලෙස්ටියල්ගෙ බලේ පාවිච්චි කරල Eternals ලගෙ මතකය මකනව. ( Dreaming Celestial ගැන පස්සෙ කියන්නම් ). ඊට පස්සෙ මෙයා කොලින් කියල නමකුත් හදාගෙන Child Actor කෙනෙක් විදියට පෙනී ඉන්නව. 1901 දි මෙයාගෙන් Inspire වෙලා තමයි Peter-Pan ව නිර්මාණය කරන්නෙ. පස්සෙ මෙයා Makkari ට තමන් කරපු වැඩේ ගැන කියනව. ඒ කාලෙදිම Deviant ල දෙන්නෙක් Makkari ව අල්ලගෙන Dreaming Celestial ව ඇහැරවනව. ඊට පස්සෙ වෙන සිද්ධි දාමයකට පස්සෙ Eternals කීපදෙනෙක්ට එයාලගෙ මතකයන් ආපහු ලැබෙනව. ඊට පස්සෙ Zuras ගිහින් Sprite ව මරණව. හැබැයි පස්සෙ කාලෙක මෙයාට ආයෙ පණ එනව.

Eternals ෆිල්ම් එකේ මේ චරිතෙ කරන්න Millie Bobby Brown මාවල් එකත් එක්ක සාකච්ඡා කරල තියෙනව. හැබැයි චරිතෙ හම්බෙලා තියෙන්නෙ Lia Mchugh ට. (Accurate ම එකීට හම්බෙලා තියෙන්නෙ)

 

Makkari



Makkari කියන්නෙ Eternals ලගෙන් වේගවත්ම කෙනා. මෙයා Speedster කෙනෙක්. මෙයත් පිරිමි කෙනෙක් කොමික් වල.

 මුල් කාලෙදි මෙයා ඊජිප්තු වැසියන්ට ලිවීම හා කියවීමට උගන්වනව. මේ නිසා මිනිස්සු මෙයාව OSIRIS කියන දෙවිය විදියට හදුන්වනව. (Teaser  එකේදිත් මේකට reference එකක් තිබ්බ)



Sprite මෙයාගෙ මතකෙ අයින් කරාට පස්සෙ මෙයා Mark Harris කියල නමක් හදාගෙන Medical Student කෙනෙක් විදියට ඉස්පිරිතාලෙක වැඩ කරනව. පස්සෙ මෙයාට තමන්ගෙ Past Life එක ගැන හීන පේන්න පටන්ගන්නව. දවසක් මෙයාව හම්බවෙන්න එනව Ike Harris කියල කෙනෙක්. (ඔවොව් Ikaris තමා). මිනිහ පොරට Eternals ල ගැන එහෙම කියනව. හැබැයි මාර්ක් මේක විස්වාස කරන්නෙ නෑ. පස්සෙ Ike කියනව ටීවි එකේ ඉන්න කොලින් කියන්නෙත් Eternals ලගෙන් කෙනෙක් කියල. මේ කාලෙම මෙයාට මතකෙ නැති වෙලා ඉන්න Cersi ව හම්බවෙනව. පස්සෙ දෙන්න ඩේට් කරනව. මේ කාලෙදි Cersi කියන්නෙ Party Organizer කෙනෙක්. ඉතින් Cersi මෙයාව Cersi ප්ලෑන් කරපු පාටියකට එක්ක යනව. මේ තියෙන්නෙ එම්බසියක. කෝමහරි ඔතනට Terrorist attack එකක් එනව. ඒ වෙලාවෙදි මෙයාගෙ Eternal Powers ඉස්මතු වෙලා මෙයා තත්පරයක් යන්නත් කලින් Terrorist ල ටික Disarm කරනව. ස්පීඩ් එක කොච්චරද කිව්වොත් Makkari ඇරෙන්න කවුරුත් මේ උන දේ දන්නෙ නෑ. දකින්න එපැයි දැනගන්න. 😂 



මේක නිසා මිනිහට තේරෙනව Ikaris කියපු කතාව ඇත්ත කියල. ඔය අතරෙ මෙයාට හීන පේන එක වැඩිවෙන්න ගන්නව. මේ නිසා මෙයා කොලින්ව හොයාගෙන යනව. ඊට පස්සෙ කොලින් එහෙමත් නැත්තම් sprite මෙයාව Dreaming celestial ඉන්න තැනට එක්ක යනව. එක්ක ගිහින් මෙයාට ඇත්ත කියනව. මේ අතරෙ මෙයාව Deviant ල දෙන්නෙක් අල්ලගන්නව. අල්ලගෙන මෙයා හරහා Tiamut a.k.a Dreaming Celestial ව ඇහැරවනව. මේක නිසා Tiamut සහ Makkari අතර සම්බන්ධයක් හටගන්නව. මෙතනදි Tiamut කියනව Superspeed එක තියෙන Eternal කෙනෙක් හදන එක එයාගෙ අදහසක් කියල. ඒ වගේම එයාව Stable කරල තියාගන්න Makkari ව ඕනෙ කියල. නැත්තම් Tiamut Unstable වෙලා Frequency එකක් වගේ දෙයක් නිකුත් වෙලා  මනුශ්‍ය වර්ගයාගෙ සියල්ලන්ම  නින්දට යැවෙනව කියල. ඒ වගේම කියනව පෘථිවියෙ Life force එක Harvest කරන්න Horde එක මග එනගමන් ඉන්නෙ කියල. පස්සෙ මතකය නැතිවෙලා ඉන්න Eternals ලව Locate කරන්න Tiamut උදව් කරනව.

 කොමික් වලදි මෙයා පිරිමි කෙනෙක් උනත් Eternals ෆිල්ම් එකේදි මෙයා ගෑණු කෙනෙක් කරල තියෙනව. ඒ වගේම ෆිල්ම් එකේ ඉන්න Makkari deaf කෙනෙක් කියල මේ වෙනකොට කියල තියෙනව. ෆිල්ම් එකේ මේ චරිතෙ කරන්නෙ deaf නිළියෙක් වෙන Lauren Ridloff.

 

Ikaris



මෙයා තමා Eternals ලගෙ සුපර්මෑන් වගේ ඉන්න චරිතෙ. මෙයාට පියෑඹීමේ හැකියාව, ඇස්වලින් Cosmic Energy එක පිටකරන්න වගේ දේවල් කරන්න පුළුවන්.  Sprite නිසා මතකය නැති උනාම මෙයා Ike Harris කියල මනුස්සයෙක් විදියට ඉන්නව. පස්සෙ මෙයාට මෙයාගෙ මතකෙන් කොටසක් ආයෙ එනව. මේ නිසා මෙයා යනව Makkari ව හොයාගන්න. එතනින් පස්සෙ වෙන දේවල් ටික මං කලින් කිව්වනෙ. කෝමහරි මෙයාට බෝම්බ ප්‍රහාරයක් එල්ලවෙනව. මේකෙන් මෙයා බේරුණත් මෙයාට තුවාල වෙලා Makkari වැඩ අරන ඉස්පිරිතාලෙටම ගෙනියනව. පස්සෙ මෙතනට දෙන්නෙක් ඇවිල්ල මෙයාව ගෙනියනව. ඇත්තටම මේ එන්නෙ මිනිස්සු වගේ වෙස්මාරු කරන්න පුළුවන් Deviant ල දෙන්නෙක්. මුන් දෙන්න Ikaris ට එක එක වධ දීල මරල දානව. මැරුනට පස්සෙ Ikrais Activation Chamber එකකින් ආයෙ උපදිනව. මේ Resurrection එක නිසා මෙයාට මෙයාගෙ මතකය ඔක්කොම වගේ ආයෙ ලැබෙනව.

කොමික් වලදි Ikaris X-men ල වගේ අයත් එක්ක එකට වැඩකරල තියෙනව.

Eternals ෆිල්ම් එකේ මෙයාට රගපාන්නෙ අපේ Robb Stark (කාස්ට් එකෙන්ම ගොඩ යයි වගේ. හයිප් එකෙන් බාගයක්ම තියෙන්නෙ මුටයි ජෝං කාරයාටයිනෙ )😂

 

Druig



මෙයාට තියෙනව අනිත් මිනිස්සුන්ගෙ මනස පාලනය කරන්න පුළුවන් හැකියාවක්. ඒ වගේම මෙයාටත් ඇස් වලින් Cosmic Energy එක පිටකරන්න පුළුවන්. ඒ වගේම මෙයා ටිකක් ඩාක් Aspect එකක් තියෙන චරිතයක්. අපි දන්නවනෙ Eternals ල වැඩිය මිනිස්සුන්ගෙ වැඩවලට Interfere වෙන්නෙ නැති, මිනිස්සුන්ට ගෞරව කරන සෙට් එකක් කියල. මූ ඒකෙ අනිත් පැත්ත. මූ මිනිස්සු දකින්නෙ පහත් ජීවීන් කොටසක් විදියට. ඒ වගේම මෑන් කොමික් වල තමන්ටම කියල රටක් පාලනය කරනව. (Vorozheika කියල රටක්). ඒ වගේම මිනිහට Zuras ව අයින් කරල Prime Eternal වෙන්නත් ආසාවක් තියෙනව. කට්ටියට ප්‍රශ්ණයක් ඇති Eternals ල මිනිස්සුන්ගෙ දේවල් වලට ඇගිලි ගහන්නෙ නැත්තම් මූ කොහොමද රටක් පාලනය කරන්නෙ කියල. මේක මුගෙයි Zuras අතරෙයි තියෙන ඩීල් එකක්. Zuras දන්නව මූ Out of Control කියල. ඒ නිසා මූට තමන්ගෙ රට බලාගෙන පාඩුවෙ ඉන්න Zuras ඉඩ දෙනව. හැබැයි මූ ඊට වඩා එහාට ගිහින් හරංකුට්ටි වැඩක් කරොත් It means war😂😂. ගානට කන්ට්‍රෝල් එකේ තියාගෙන ඉන්නෙ.

මං කිව්වනෙ මූ Prime Eternal වෙන්න වලි කනව කියල. කොමික් වලදි මුගෙ පැත්ත අරන් ඉන්න මුට කියල වෙනම Eternals ල සෙට් එකක් ඉන්නව.

Legba

Pixie

Pannix

Vampiro

Eramis

Akpaxa

වගේ Eternals ල මේකෙ ඉන්නව (මුං ගැන කියන්න ගියොත් මේක අද ලියල ඉවරකරන්න වෙන්නෙ නෑ) 

 


ඒ වගේම මූ Tiamut a.k.a Dreaming Celestial Hijak කරන්න ප්ලෑනකුත් ගහනව. අප්පගෙ එකෙක් මූ නම් (ප්ලේන්, නැව් උස්සන්න පිස්සුද මල්ලි මේං මෙහෙ වරෙන් මනෝ පාරක් ගහල ඉන්න සෙලෙස්ටියල් කෙනෙක්ව කිඩ්නැප් කරන්න 🤣🤣). ඒක ක්‍රියාත්මක කරන්නෙනම් නෑ හැබැයි.

වතාවක් මූ ගුටි කාල පතබෑවිලා ඉන්නකොට මිනිස්සු දෙන්නෙක් මුගෙ බූට් දෙක හොරකම් කරන්න යනව. මේකට මළපැනල මූ උන් දෙන්නව මරල දානව. (පොඩි උන් කියවන නිසා කියන්න බෑ)

හැබැයි මූ අවශ්‍ය වෙලාවට තරහ මරහ අමතක කරල ඕනෙ යකෙක් එක්ක ටීම් අප් වෙනව. (Horde එක පෘථිවිය විනාස කරන එක නවත්තන්න Uni-mind එක Form කරද්දි මූම කියනව Ikaris Prime Eternal කරවමු කියල.)

ෆිල්ම් එකේ මේ චරිතෙ කරන්නෙ Barry Keogon. (Dunkirk එකේ හිටපු කොල්ලව මතක ඇතිනෙ). පොර ෆිල්ම් එකේ විලන් කෙනෙක් වෙයි කියලත් කියනව. (පුදුමයක් නැ හැබැයි)

 

Sersi




මෙයා ෆිල්ම් එකේ Main character එක වෙයි කියල කියනව. මෙයාට තියෙනව Cosmic Energy එක Manipulate පුළුවන් හැකියාවක් මීට අමතරව මෙයාට Telekinesis එහෙමත් පුළුවන්. තව පදාර්ථ පාලනය එහෙමත් පුළුවන්. ට්‍රේලර් එකේ දැක්කනෙ බස් එකක් ඒම මල් පෙති වලට හරවපු හැටි. කොමික් වලදි එක පාරක් Makkari ව මරල දානව. මේ වෙනකොට Activation Chamber එකේ අවුලක් නිසා Eternals ලට resurrect වෙන්න බෑ. මේ නිසා Sersi එයාවම Sacrifice කරල Makkari ට ආපහු පණ දෙනව.

මතකය නැති වෙලා ඉන්න කාලෙදි එයා Sersi කියන නමින්ම Party organizer කෙනෙක් විදියට ජීවත්වෙනව.

 

මෙයා වතාවක් පූසෙක්ව මකරෙක් බවට හරවනව.

 


කොමික් වලදි මෙයා සෙස්සි චරිතයක්. (#CapedCrusader Noises). හැබැයි ෆිල්ම් එකේදි මේක වෙනස් කරල තියෙනව.

ෆිල්ම් එකේ මේ චරිතෙ කරන්නෙ Gemma Chan. මෙයාගෙ දෙවෙනි MCU චරිතෙ මේ. මීට කලින් මෙයා Captain Marvel ෆිල්ම් එකේ හිටිය. (මින-ර්වා ට වෙන්න ඕනෙ)

 

 

Phastos




මෙයා තමයි Eternals ලගෙ Tech පැත්ත බලන්නෙ. මෙයා කොමික් වලදි සුදු ජාතිකයෙක්. මතකය නැතිවෙලා ඉන්න කාලෙදි මෙයා Phllip Stoss කියල නමකුත් හදාගෙන ජර්මනියෙ Ziff-Engel Motorworks කියන සමාගමට වැඩ කරනව. මේ කාලෙදි මෙයාට කසාදයකුත් බැදල ඉන්නෙ. කෝමහරි මිනිහ මේ සමාගමට ස්වයංක්‍රීයව ධාවනය වෙන කාර් එකක් හදනව. පස්සෙ Ikaris සහ Thena දෙන්න ඇවිල්ල මෙයාට Eternals ල ගැන මතක් කරල දුන්නට පස්සෙ මෙයා ආපහු ඔලිම්පියා වලට යනව.

ෆිල්ම් එකේ මේ චරිතෙ කරන්නෙ Brian Tyree Henry. (මතකනෙ ඩෑල් එක GVK එකේ දීපු ආතල් එක)😂. ඒ වගේම ෆිල්ම් එකේදි Phastos කියන්නෙ LGBTQ+ චරිතයක් කියල මේ වෙද්දි තහවුරු කරල තියෙනව. අපි ලෝකි කියන්නෙත් LGBTQ කියල දැනන් හිටියට උගෙ එහෙමට දෙයක් දැක්කෙ නෑනෙ. හැබැයි මේකෙදි මිනිහ කසාදෙකුත් බැදල Husband කෙනෙකුත් ඉන්නවලු. Husband ගෙ චරිතෙට ඉන්නෙ Haaz Sleiman කියල තමා කියන්නෙ.🙈

 

Thena




මෙයා තමා Eternals ලගෙන් ඉන්න රණශූරිය. මෙයා ඇවිල්ල Zuras ගෙ දුව. මෙයාගෙ Powers ගැන අවබෝධයක් ඇතිනෙ ට්‍රේලර් වලින්. වැඩිය කියන්න යන්නෙ නෑ මෙයා ගැන

මෙයා මතකය නැති වෙලා ඉද්දි මනුස්සයෙක්ව බැදල Joey කියල ළමයෙකුත් ඉන්නව. මෙයා Stark industries එකේ Scientist කෙනෙක් විදියට වැඩකරනව.

 


මං කලින් කිව්වනෙ Makkari එහෙම ගියපු පාටියක් ගැන. මෙයත් යනව මේකට. මෙතනදි Terrorist ල අතින් මෙයාගෙ Husband මැරෙනව. (ඇත්තටම මේ පාටිය තියන්නෙ Druig. ඒ බොරු Terrorist Attack එකක් පෙන්නල පාටිය මැදදි Scientist ල ටික පැහැරගන්න. Thena ගෙ මහත්තය මැරෙන්නෙ Druig ගෙ මිනිහෙක් අතින් වැරදිලා).

මතකය ආවට පස්සෙ මෙයා Zuras ගෙන් අවසර ඉල්ලනව තමන්ගෙ පුතාව දිගටම හදාගන්න. Zuras එක කොන්දේසියක් මත මේකට එකග වෙනව. ඒ Joey ගෙ ආයුෂ ඉවරවෙලා මැරුනාම Thenaගෙ අත් දෙකෙන්ම එයාව වලදාන්න ඕනෙ කියන එක.😪

වතාවක් ලෙමූරියා වල Kra’s Bridge එක උඩදි මෙයා Deviant ල ලක්ෂයක් එක්ක තනියම පැය 36 එකදිගට සටන් කරල තියෙනව. පස්සෙ මේකිට වැඩේ එපාවෙලා පාල ම කුඩු පට්ටම් කරල අරුන් ඔක්කොම මරල දානව😂. මේව අනිවාර්යයෙන් ෆිල්ම් එකේ පෙන්නන්නෙ නැතිවෙයි. (කෝමද යකෝ පෙන්නන්නෙ🤣)

 




ෆිල්ම් එකේ මේ චරිතෙ කරන්නෙ Angelina Jolie

 

Ajak



අනිත් Eternals අතරින් මෙයා විශේෂයි. මෙයාට පුළුවන් Celestials ලත් එක්ක කතාකරන්න. මේ නිසා Eternals ල අතර විශේෂ තැනක් මෙයා හිමිවෙනව.

Dreaming Celestial ඇහැරුනාට පස්සෙ එයා Makkari එක්ක Connection එකක් පටන්ගන්නව කිව්වනෙ. ඉතින් Tiamut මෙයත් එක්ක Communicate කරන්නෙ නෑ. මේ නිසා මෙයා Makkari එක්ක පොඩි නෝක්කාඩුවක් පටන්ගන්නව. කොමික් වලදි මෙයා පිරිමි කෙනෙක්. ඒවගේම මෙයත් ඩාක් චරිතයක්.

ෆිල්ම් එකේ මෙයා Eternals ලගෙ නායකය වගේ ඉදීවි කියල තමා කියන්නෙ.

ෆිල්ම් එකේ මේ චරිතෙට රගපාන්නෙ Salma Hayek. මට පුදුම හිතුන මේකට Salma ව කාස්ට් කරා කිව්වම. දැක්කත් ඇතිනෙ හිනායන්න. 😂 හැබැයි Salma තමා මේක ගැලපෙනම නිළිය කියල ට්‍රේලර් එකෙන්ම ඔප්පු කරල තියෙනව. (Never doubt a marvel casting except the Ancient One). Salma ගෙ වැඩ බලන්න ඕනෙනම් Hitman’s Wife’s Bodyguard බලන්න. මං උඩ කියපු බයිලෙ තේරෙනව මේක බලපු එකෙක්ට. (මතකනෙ අන්තිමට දීපු ප්ලොට් ට්විස්ට් එක. තිරිසන් වැඩ හැබැයි😂😂)

 

Gilgamesh




මෙයා තමා Eternals ලගෙන් ශක්තිවන්තම කෙනා. මෙයාට තියෙනව ඉහළ Durability, Stamina, Super strength වගේ හැකියාවල්.

මතකය නැති උන කාලෙ මෙයා සර්කස් එක්ක වැඩ කරනව. පස්සෙ මෙයාව හොයාගෙන Ajak එනව. Ajak Makkari එක්ක තරහක් තියෙනව කියල කිව්වනෙ. ඉතින් පොර කියනව EternalsCorrupt වෙලා Deviant ල එක්ක වැඩ කරනව කියල. මේකට මදකිපිල මේ යකා මුලින්ම යනව Druig ව හොයාගෙන. පොරව අල්ලගෙන නොකවුට් වෙන්නම ගුටි දීල පාරක් මැද හලල යනව😂.  ( ඔය බූට් දෙකක් උස්සන සීන් එක වෙන්නෙ ඊට පස්සෙ). ඊටපස්සෙ මූ අල්ලගන්නෙ Makkari ව. ලෝකෙ එක කෙලවරක ඉදන් Superspeed එකෙන් දුවගෙන එන එකාට වෙට්ටුවක් දාල ඌව වට්ටල, ඊලගට කොන්ද කඩල දානව. (DC ෆෑන්ලට මොකද්ද මතක් උනේ). 



ඊට පස්සෙ එතනම ලේ හලල මැරෙන්න ඇරල මූ යනව ඔලිම්පියා වලට. (පස්සෙ මෙතනට Ajak ඇවිල්ල පණඅදින Makkari ව මරල දාල ඒකෙ වැරැද්ද Druig පිට පටවනව). ඔලිම්පියාවලට යන Gilgamesh එතන තියෙන Activation Chambers ටික විනාස කරන්න ගන්නව. මිනිහට මේක කරන්න වෙන්නෙ නෑ මෙතනට Thena ඇවිල්ල මිනිහව මරල දානව. (නිකමට Imagine කරන්නකො තප්පර ගානකින් ලෝකෙන් බාගයක්ම දුර ගෙවාගෙන එකෙක් නවත්තගන්න මූමන්ට් එකක්. ඇනිමේශන් ගහනවනම් මෙන්න සිද්ධි.)😵

 ෆිල්ම් එකේ මේ චරිතෙ කරන්නෙ Ma Dong Seok. (මතකනෙ Train to Busan එකේ පොරගෙ ඇක්ටින්. සොම්බි ලෙප්ට්🔥🔥).

ෆිල්ම් එකේ මෙයා හොද කෝකියෙක් වගේ.

 

Kingo




මෙයා ගැනනම් මම වැඩි විස්තරයක් දන්නෙ නෑ. දන්න ටික කියන්නම්.

Kingo කියන්නෙ බොහොම දක්ෂ කඩු සටන් ශිල්පියෙක්. මෙයාට Cosmic Energy එක Manipulate කරන්නත් පුළුවන්. ඒ වගේම මෙයා කොමික් වලදි සමුරායි කෙනෙක්.  

ෆිල්ම් එකට එනකොට මේක වෙනස් වෙලා තියෙනව. ෆිල්ම් එකේදි මෙයා බොලිවුඩ් ඇක්ටර් කෙනෙක්.(දැක්කනෙ ටීසර් එකේ ඩාන්ස් එකක් ඒම කරනව). මෙයා යන යන තැන කැමරාමන්ව අරන් යන්නෙ. කැමරමන් Karun කියල කෙනෙක්.

ෆිල්ම් එකේ LQBTQ චරිතයක් ඉන්න කිව්වම මං හිතුව ඒ මූ කියල.😂😂

Eternals එකේ Kingo ට රගපාන්නෙ. Kumali Najini.

 

දැන් බලමු මේකෙ විලන්ට ඉන්න Kro කියන්නෙ කවුද කියල



Kro
කියන්නෙ Celestials ලගෙ Experiment වලින් හැදුනු පළවෙනි Deviant ලගෙන් කෙනෙක්. මෙයා Deviant ලගෙ Warlord කෙනෙක්. කොමික් වලදි මෙයාට Thena එක්ක පොඩි සම්බන්ධයක් තියෙනව. මේ සම්බන්ධෙන් මෙයාලට නිවුන්නු දෙන්නෙක් ඉන්නව. (Donald Ritter And Deborah Ritter)

වතාවක් Kro , Thena ව ලෙමූරියා වලට එක්ක ගිහින් තියෙනව. හැබැයි පස්සෙ Thena මෙතනින් පැනල යනව. යන්නෙ නිකන් නෙවේ ලෙමූරියා වල ඉන්න Deviant Gladiators ල දෙන්නෙක්වත් අරගෙන( Ramsak & Karkas).

කොමික් වලදි Kro කාලෙන් කාලෙට New York, Olympia වලට එහෙම පහරදෙන්න ගිහින් පරාද වෙලා තියෙනව.

මෙයා කොමික් වලදි Thor, Avengers, Eternals වගේ අයත් එක්ක ගැටුම් ඇතිකරන් තියෙනව.

ෆිල්ම් එකේදිනම් Kro ට තියෙන්නෙ Accurate ලුක් එකක් නෙවේ. කොමික් වල මුගෙ පෙනුම මීට හාත්පසින් වෙනස්. (Braniac ව ගාවල ගොක් ඒමත් කරල තිබ්බෙ කට්ටිය😂😂)

 


Powers and Abilities

Shape-Shifting - මනුස්සයෙක් වගේ වෙස් වලාගන්න පුළුවන්)

Accelerated Healing - ඉක්මනට තුවාල සුව වෙනව

Immortal - මෙයා අමරණීයයි. (හරියට Eternals ල වගේ). මෙයා මේක අනිත් Deviant ලගෙන් හංගගෙන  ඉන්නෙ             

මීට අමතරව Superhuman කෙනෙක් ගාව සාමාන්‍යයෙන් තියෙන හැකියාවන් ටික මෙයාට තියෙනව.

Officially තහවුරු කරල නැති උනත් මේ වෙද්දි ලොකු කතාබහක් තියෙන නිසා Dreaming Celestial ගැනත් කියන්නම්.

 


අපි Dreaming Celestial ගැන කිව්වට මෙයාගෙ ඇත්තම නම Tiamut the Communicator. කලින් මං කිව්වනෙ හැම Celestial කෙනෙකුටම කියල රාජකාරියක් තියෙනව කියල. මෙයාගෙ වැඩේ තමා Celestial Experiment ගැන විස්තර සන්නිවේදනය කරන එක.

Second Host එක ආපු හේතුව දැන් දන්නවනෙ. ඉතින් මෙයත් Second Host එකත් එක්ක එනව. මෙතනදි Arishem the Judge Celestial Order එකට අණකරනව Deviant ලව විනාස කරන්න කියල. ඉතින් Tiamut මේකට කැමති වෙන්නෙ නෑ.  මිනිහ Arishem එක්ක සටන් කරනව. මේකෙන් කදු පර්වත පවා සුණුවිසුනු වෙනව. අන්තිමට අනිත් Celestial ල එකතුවෙලා මෙයාව වලදානව. මේ වලදාන්නෙ නිව්යෝර්ක් වල Golden Gate පාක් එක හරියෙ. 



ඊට සෑහෙන කාලෙකට පස්සෙ මෙයාව Sprite ට හම්බවෙනව. එතනින් පස්සෙ වෙන දේ කලින් කිව්වනෙ.ඉතින් Tiamut එයාගෙ Host විදියට තෝරගන්නෙ Makkari ව. මේකෙන් Makkari ට සෑහෙන මානසික පීඩනයක් එනව. ඉතින් සර්සි යනව Tiamut ව හොයාගෙන. ගිහින් Tiamut ට පහරදෙන්න ගන්නව. මං කලින් කිව්වනෙ Eternals ලට Celestial කෙනෙකුට පහරදෙන්න බෑ කියල. ඉතින් මේ පහරදෙද්දි සර්සිට සෑහෙන අමාරු වෙනව. Tiamut මේ ගැන Makkari ට අනතුරු අගවනව. Makkari ඇවිල්ල සර්සිව නවත්තගන්නව. මේ වෙලාවෙදි Tiamut, Makkari Possess වෙලා සර්සිට කතාකරනව. මෙතනදි මෙයා සර්සිට හැමදෙයක්ම පැහැදිලි කරනව.

මේ සිද්ධි වෙන කාලෙදිම Tiamut, Makkari හරහා Eternals ලට කියනව Horde එක මග එනගමන් කියල.

කාලයක් යද්දි Makkari ටත් මේ කෙරුවාව එපා වෙලා මළපනිනව. මෙතනදි පලවෙනි වතාවට  Tiamut ට තරහ යනව. මිනිහටත් පුදුමයි මේක උනේ කොහොමද කියල. මොකද Celestial කෙනෙකුට Emotions දැනෙන්නෙ නෑ. මිනිහ මේක කියන්නෙ Utau the Watcher අතින්. (කලින් කියන්න අමතක උනා Tiamut ඇහැරෙද්දි ඒක Utau the watcher ට දකින්නවත් බැරිවෙනව😵).

කෝමහරි Horde එක පෘථිවියට ආපුවම Eternals ල ඔක්කොම එකතුවෙලා තනි Uni-Mind එකක් Form කරල Tiamut ගෙ ඇග ඇතුලට ගිහින් Horde එකට මුහුණ දෙනව.

 

ඉවරයි කියලද හිතුවෙ ? ඉවරයි කියල හිතුවට මේක ඉවරම නෑ.😁

 

Trailer Breakdown and Theories

 

අමුතුවෙන් බ්‍රේක්ඩවුන් කරන්න දෙයක් තියෙද මන්ද. බාගෙට බාගයක්ම කිව්වනෙ.😂😂

වෙනද වගේ ශොට් එකෙන් ශොට් එකට යන්නෙනම් නෑ, මූලිකම දේවල් ටික කියාගෙන යන්නම්.

පටන්ගද්දිම Ajak කියනව ටෝනිගෙ ස්නැප් එක නිසා විශාල Cosmic Energy එකක් නිකුත් වෙලා Emergency එකක් පටන්ගන්න යන්නෙ කියල. මං හිතන්නෙ මේ කියන්නෙ Tiamut හෝ Dark Celestial කෙනෙක්ව ඇහැරවන එකක් ගැන, ස්නැප් එකෙන් නිකුත් වුණු Cosmic Energy එක යූස් කරල Kro ඇතුලු Deviant ල මේ Celestial ව ඇහැරවන්න හදනව වෙන්න ඇති.



මේ ගැන Ajak ට කියන්නෙ Celestial order එක වෙන්න ඕනෙ.

ඊට පස්සෙ ආපහු Eternals ල ටික එකතුවෙනව. මේ ශොට් වලදි බලාගන්න පුළුවන් වැදගත් දේවල් කීපයක් තියෙනව.

Druig එයාගෙ Mind Controlling හැකියාව පාවිච්චි කරල මිනිස්සු ටිකක් පාලනය කරනව. පොර අනිත් උන්ගෙන් වෙන් වෙලා තනියම ඉන්නව වගේ. ෆිල්ම් එකේ ශුවර් එකක් නැතිම පොර මූ. ෆිල්ම් එකේදි කොයි වෙලේ හරි මේ නසරානියා බායි බායි මදර් පකර් එකක් කොරනවම තමා (SS ගහල තියාගන්න).



Thena ගෙ අවුලක් මීටර් උනේ කාටද?



ටීසර් එකෙත් මෙයා ඩිප්‍රෙසන් වගේ හිටියෙ. මේකෙත් Hello කියන ශොට් එකෙත් මෙයා හැසිරෙන්නෙ Eternals ලව දන්නෙ නෑ වගේ. සමහරවිට මෙයාට ලොකු ශොක් එකක් වෙලා මතකය අයින් වෙලා වගේ. (හෝ මෙයාම මතකය අයින් කරගෙන). මේකට හේතුව මෙයාගෙයි Kro ගෙයි අතර තිබ්බ සම්බන්ධය වෙන්නත් පුළුවන්. දෙන්නට ළමයෙක් හිටිය වෙන්නත් පුළුවන්. ට්‍රේලර් එකේම මෙයා කියනව When you Love Something You Protect It කියල. ට්‍රේලර් එකේම මෙයාගෙයි, Kro ගෙයි Relationship එකක් ගැන Tease කරපු නිසා මේක හරියන්නත් පුළුවන්. ඒ වගේම මේක වරදින්නත් පුළුවන්. (ඒකනෙ මේවට තියරි කියන්නෙ).

සර්සි කියන හැටියට Eternals ල පෘථිවියට එන්නෙ අවුරුදු 7000 කට කලින්. ඒ කියන්නෙ උඩ කියපු ඔරිජින් එකට වඩා මේක වෙනස්. සමහරවිට A’lars යයිටන් වලට ගියා වගේ පෘථිවියෙ හිටිය අනිත් Eternals ලත් විශ්වයේ වෙනත් තැන් වල ජීවත් වෙන්න යන්න ඇති.

ටීසර් එකේ ඉදන්ම අපිට තිබ්බ ලොකුම ප්‍රශ්ණේ තානෝස් ඇවිල්ල ගහද්දිත් මුං කොහෙද හිටියෙ කියලනෙ. දැන් කියන හැටියට මෙයාලට Deviant ල ඇති කරපු ප්‍රශ්ණයක් ඇරෙන්න කිසිම හේතුවක් උඩ මිනිස්ස්සුන්ගෙ වැඩ වලට අතදාන්න බෑ වගේ. සමහරවිට MCU ඒකේදි මෙයාලව Deviant ලව Hunt down කරන්නම Celestial ල හදපු කට්ටියක් වෙන්නත් පුළුවන්. හැබැයි වටේටම හෙන ගහල යනකම් පැත්තකට වෙලා ඉදපු එක කැත වැඩක්. (ලෝකෙට බම්බු ගහගන්න කියල ජීවිතේ විදින Miniccu😂)

මේකෙදි Arishem the Judge සර්සිට කතා කරනව බලාගන්න පුළුවන්. ඒකට නම් ලොකු හේතුවක් තියෙන්න ඕනෙ. මොකද Celestial ලගෙ පණිවිඩකාරයා Ajak නෙ.



මේකෙ අපිට Dane Whitman a.k.a Black knight ව බලාගන්න පුළුවන් උනා.



හැබැයි Black knight ගෙ ලුක් එකනම් තාම පෙන්නුවෙ නෑ. (Black knight ගැන මේකෙම කියන්න හිටියෙ. හැබැයි මූ ගැන පොඩියට කියල බෑ. ඒකට වෙනම ලිපියක් ගේන්නම්. හෙන ස්ටෝරියක් තියෙනව😊)

පොඩි Fun Fact එකක් කියන්නද,

GOT එකේ පලවෙනි සීසන් එකේදි Robb Stark සහ Jon Snow අන්තිමට මුණගැහුනම රොබ්, ජෝන්ට කියනව "Next time I See you, you will be in black" කියල. කෝමහරි දෙන්න ආපහු එකට හම්බවෙද්දි Kit ඉන්නෙ Black Knight ට. දෛවයේ සරදම් මේව. හැබැයි මලය එන්නෙ නිකන් නෙවේ අයියගෙ කෑල්ලට මුක්කුවකුත් ගහගෙනමයි. (මේ ෆිල්ම් එකේ තුන්කොන් ආදරකතාවක් තියෙනව කියල කෙවින් ෆයිගි කිව්වනෙ). සර්සි Dane දෙන්න කිස් කරන Photo එකක් එහෙම Viral ගියා කාලයක්.

ට්‍රේලර් එකේ මම කැමතිම ශොට් එක අර සර්සි බිත්තියක් ගාවද කොහෙද ඉන්න ශොට් එක. මේක Activation Chamber එකක්ද මන්ද. එහෙමත් නැත්තම් මෙතන තමා සර්සිට Arishem the Judge කතා කරන්නෙ. එක එක තියරි යනව මේක ගැන.



මේකෙ අපිට Kro, Thena දෙන්න එකට ඉන්න ශොට් එකක් තියෙනව. දෙන්නගෙ Relationship එක ගැන ටීස් කරනව වගේ.



මේකෙ Kro ගෙ ලුක් එක ටිකක් විලන් කෙනෙක්ගෙ අතින් ගත්තම ටිකක් වෙනස්. සාමන්‍යෙන් විලන් කෙනෙක් කිව්වම ඔලුවට එන ලුක් එක නෙවේ මේ. හැබැයි මේක ගින්දර. හැමදේම අනිත් අය කරන විදියට කරන්න ඕනෙමයි කියල එකක් නෑනෙ. ගිය අවුරුද්දෙද කොහෙද ආව Cosmoball කියල ෆිලුමක්. ඒකෙ විලන්ගෙ ලුක් එක යාන්තම් වගේ Kro ගෙ එක ලගින් යනව. (Cosmoball නම් බලන්න කියන්නෙ නෑ ඒක හෙන කම්මැලියි බලන්න. මගින් බලන එක නැවැත්තුව මමත්😂).

මේකනම් ඇකියුරේට් කියල මොකා හරි කිව්වොත් උගෙ Ass දෙක පරීක්ශා කරන්න ඕනෙ. නැත්තම් ඌ මන්දමානසිකයෙක්.

පොඩි තියරියක් තියෙනව මේකෙදි Celestial ල මිනිස්සුන්ව විනාස කරන්න ඇවිල්ල Eternals ල එක්ක වලියක් යයි කියල. එහෙම උනොත් මේකෙ නිර්මාපකයා සහ නිර්මාණය අතර වලියක් යාවි. (Mru habai)😁.

Trailer එක පුරාවටම 07 කියන ඉලක්කම විශේෂ කරල පෙන්නල තිබ්බ.

ක්‍රිස්තියානි ආගමේ තියෙනව ශුද්ධවූ සතියක්.  (ජේසුතුමාගෙ දුක්විදීම, මරණය, උත්ථානය සමරන සතිය. ගොබ් ඉරිදයින් පටන් අරන් මහ බ්‍රහස්පතින්දා, මහ සිකුරාදා, ආලෙලූයා සෙනසුරාදා, පාස්කු ඉරිදා විදියට ඉවරවෙන්නෙ. සාමාන්‍යයෙන් මාර්තු/අප්‍රේල් වල තමා තියෙන්නෙ.)

දැන් සමහර අයට ප්‍රශ්ණයක් ඇති ඇයි මේකෙ පිරිමි ගෑණු කරල, හොදට ඉන්න උන් අන්ධයො, LGBTQ කරල තියෙන්නෙ කියල.

Eternals premiere එකත් එක්ක කට්ටියට ලොකු ප්‍රශ්ණයක් ආවා ෆිල්ම් එකේ LGBTQ දේවල් තියෙන එක ගැන. ෆිල්ම් එකට Bad review එහෙමත් ඇවිල්ල තිබ්බ මේ සිදුවීම නිසා. හැබැයි මේ බයින අය එකෙක්වත් කොමික් කියෝපු අය කියල හිතන්න අමාරුයි. මොකද කොමික් කියෝපු කෙනෙක් ජීවිතේට මේකට බනින්නෙ නෑ. 😂😂

කලින් කිව්වමෙ කොමික් වලදි Eternal කෙනෙක් මැරුනම Resurrection Process එකක් වෙනවා. මේ ප්‍රොසෙස් එකේදි සමහර වෙලාවට Eternals ලගෙ  Gender එක මාරු වෙනවා. උදාහරණයක් කිව්වොත් ඕකට ආසන්නම එක තමා මෙච්චර කල් පිරිමි අය වෙලා හිටපු Makkari , Ajak දෙන්නා මෑතකදි රිලීස් උන කොමික් වලදි ගෑණු අය විදිහට Gender Swap වෙලා තියෙන එක. 👬👭 (යට පොටෝ එකේ තියෙන්නෙ අලුතින් ආව Eternals Featurette එකේ තිබ්බ ශොට් එකක්. මේ අර කියපු Resurrection Process එකට අදාල දෙයක් වෙන්න පුළුවන්.)

ඉතින් ෆිල්ම් එකේදි Phastos සමලිංගික  වෙලා තියෙන එකට හේතුව Deviant කෙනෙක් එක්ක සටනකින් මැරිලා Resurrect වෙද්දි ගෑණු කෙනෙක් වෙලා මනුස්සයෙක්ව කසාද බැඳලා මොකක් හරි හේතුවක් නිසා ආපහු මැරිලා Resurrection Process එකකට අහුවෙලා පිරිමි කෙනෙක් උන නිසා වෙන්න පුළුවන්. 👨‍❤‍👨 හැබැයි මේක වෙන්න තියෙන සම්භාවිතාව සෑහෙන අඩුයි. නමුත් Phastos  LGBTQ  කෙනෙක් වෙන්න හේතුවක් ෆිල්ම් එකේදි දෙන්න ඉඩ තියෙනව. මොකද තාම LGBTQ කන්ටෙන්ට් එකක් බාරගන්න MCU ෆෑන්බේස් එක ලෑස්ති නෑ. ඉතින් මේක හිමීට ෆෑන්ලට පුරුදු කරන්න මාවල් එක කටයුතු කරාවි. මොකද MCU එකේ ඊලග Step එකට දාන Foundation එක තමා Eternals කියන්නෙ.🙏🔥🔥

ඒ වගේ ෆිල්ම් එකකට එකපාරට කෙලින්ම LGBTQ දේවල්  දාල ෆෑන්බේස් එක ඩිසපොයින්ට් කරයි කියල හිතන්න අමාරුයි. CW ල Arrowverse එකට කරගත්ත දේ දැක්කනෙ. එකපාරට කණට ගහනව වගේ Gay චරිත දාල  ෆෑන්බේස් එක තරහකරගත්තා. 🤧

හැබැයි හොඳම දේ මේ වගේ Content වලට පුරුදු වෙන එක.  මොකද ඉස්සරහට MCU එකට එන Miss America, Hulking වගේම Wandavision සීරියස් එකේ හිටපු Billy Kaplan a.k.a Wiccan කියන්නෙත් LGBTQ චරිත. 👨‍❤‍💋‍👨

මේවගේ පොඩි දෙයක් නිසා Eternals එක මිස් කරගන්නනම් එපා. මොකද දැනටම විචාරකයෝ කියන්නෙ මේක ඔස්කා යන්න ඕනෙ ෆිල්ම් එකක් කියල.  සමහරවිට MCU එකේ හැදෙන පලවෙනි මාස්ටර්පීස් එක Eternals වෙයි. 🙏  ඒකට ඕනෙ වටපිටාව දැනටම හැදිලා තියෙන්නෙ. 😋

I repeat, මාවල් එකෙන් මෙච්චර කල් හදපු ෆිල්ම් එකකටවත් Eternals එකේ අහලකවත් යන්න බෑ. කොටින්ම Avengers උනත්. හරිහමන් කාලෙක ආවනම් Endgame රෙකෝඩ් එක උනත් කඩන්න පුළුවන් වෙයි. 

ZSJL එකෙන් පස්සෙ 2021 ආපු CBM වලින් ෆෑන්ලට බලන්න ලැබෙන හොදම ෆිල්ම් එක Eternals වෙයි. 🙇🙇 (මේ කියන්නෙ  2021 ආව CBM ගැන. ඔක්කොම ගැන නෙවේ).

මෙහෙමයි සාමාන්‍යයෙන් මාවල් ෆිල්ම් එකක මේන් ටාගට් එක සල්ලි හොයන එකනෙ. DC වගේ ගත්තොත් උන් ගොඩක් සල්ලි හම්බ කෙරිල්ලට අමතරව සම්මාන එහෙම ටාගට් කරල තමා ෆිල්ම් හදන්නෙ. (Znyderverse එකට කෙල උනේ WB එකේ උන්දල මේක තේරුම්නොගත්ත නිසා😪).

මෙන්න මේ සම්ප්‍රධායෙන් එලියට එන්න තමා ෆයිගි බොසා මේ ගේම ගහන්නෙ. Chloe කියන්නෙ Academy Award තියෙන ඩිරෙක්ටර් කෙනෙක්. එයාගෙ Cinematography ඒම ඒ පැත්තට ටාගට් කරල තමා හදන්නෙ. දැන් Oscar එකක් ගන්නනම් ෆිල්ම් එකේ Cultural Diversity එක වගේ දේවල් පවා බලනව. වහෙන් ඔරෝ මේ චරිත වෙනස් කරල ෆයිගි මුරුගයා මේ ඉලක්ක කරන්නෙ Oscar එකක්.

Trailer එකේ Cinematography, Music බැලුවාම තේරෙන්න ඕනෙ මේ කියන එක.

 

සම හරක් ටිපර් වෙන දෙයක් කියලම මේක නවත්තන්නම්.  

 

මේ අවුරුද්දෙ MCU ෆිල්ම් ටික ගත්තම හරිනම් මේකට තමා ලොකුම හයිප් එක තියෙන්න ඕනෙ. හැබැයි අපේ උන් හයිප් එක තියන් ඉන්නෙ අරුන් දෙන්න දැලක් විදිනකම්.

පුදුමයක් නෑ ඉතින් Eternals කියල ෆිල්ම් එකක් එනව කියල දන්නෙත් කීයෙන් කී දෙනාද ?

මේව ඉතින් පොඩි කාලෙ ඉදන්ම කොමික් එකක් කියවල සතුටුවෙන්න තරම් වාසනාවක් නැති උන එකේ විපාක.


කට්ටියටම එහෙනම් සුබ රාත්‍රියක්!


Marvel Studios’ Eternals | Final Trailer

1 Comments

  1. mamath godak kal idan eternals enakn balagena unne😍😍😍

    ReplyDelete
Post a Comment
Previous Post Next Post