සුපිරිම සුපිරි ඉන්දියන් වෙබ් සීරීස් 5ක් | Best Hindi Web Series



මං මුලින්ම පොඩි ප්‍රශ්නයක් අහලා ඉන්නම්. TV Series අතරින් වැඩිම හරසුන් නිර්මාන බිහි වෙන්නෙ මොන භාශාවෙන්ද කියලා ඇහුවොත් ඔයා දෙන උත්තරේ මොකක්ද?

කතා දෙකක් නෑ 90%කම උත්තරේ වෙන්නෙ හින්දි. මේකට කාටවත් වැරැද්දක් කියන්න බෑ. මොකද අපි ඒ කාලෙ ඉදන්ම හුරු වෙලා ඉන්නෙ Hindi කන්ටෙන්ට් එකක් දිහා වපර ඇහින් බලන්න. හුරු වෙලා නෙවෙයි හුරු කරවලා. කව්ද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. රෑට කන ගමන් මොනවා හරි බලන්න කියලා TV එක දාපුහාම පෙන්නන ඒවා ටික හොදටම ඇති මිනිහෙක්ට හින්දි කියන වචනෙත් එපා කරවන්න.

ඉතින් මෙච්චර කල් බැනුම් අහ අහ ඉදපු Hindi TV Series බේර ගන්න Netflix වැඩට බහිනවා. 2018දි India's First Netflix Original Series එක විදිහට Sacred Games Release වෙනවා. එතනින් පටන් ගත්ත Hindi Web Series Journey එක අද වෙනකොට ලොකු ගමනක් ඇවිත් ඉවරයි. IMDB Top 250 ඇතුලෙත් මේ Web Series තියනවා. හිතාගත්තෑකිනෙ ඉතින්. මේ වෙනකොට Netflix, Amazon Prime, Voot, Zee5 වගේ Streaming Service හරහා Hindi Web Series ගොඩක් නිකුත් වෙලා තියනවා. පස්සෙ පස්සෙ Tamil, Telugu වගේ භාශාවලිනුත් ගොඩක් ගුණාත්මක Web Series ගොඩක් Release උනා. මම අද ඒවා ගැන කතා කරන්න යන්නෙ නෑ. පස්සෙ ඒවට වෙනම Article එකක් ගෙන්නම්.



Sacred Games


උඩ කිව්වත් කිව්වත් වගේ මේක තමා India's First Netflix Original Series එක. මේකෙ Production පටන් ගත්ත දවසෙ ඉදන් Netflix එක අහපු නැති බැනුමක් නෑ. ඒ තරම් අප්‍රසාදයක් මේ Series එකට පල උනේ. මේවා කිසිම කනකට නොගෙන Netflix එක මේ Series එකේ Cast එක විදිහට Saif Ali Khan, Nawazuddin Siddiqui, Radhika Apte සහ Pankaj Tripathi Announce කරනවා.

Saif Ali Khan

Nawazuddin Siddiqui

Pankaj Tripathi

Radhika Apte


හින්දි සිනමාවෙ පතාක යෝධයො හතර දෙනෙක්. විචාරකයො හිතුවෙත් මේ සැරේ මෙයාලත් වැඩ වරද්දගත්තා කියලා. කොහොමින් කොහොම හරි මේ වැට කඩුලු මැද්දෙන් 2018දි Series එක නිකුත් කරනවා. මේක කොච්චර Audience එක වැලදගත්තද කියනවනම් Top rated TV Series List එකේ 26වැනි ස්ථානය ලබා ගන්නවා IMDB 9.3ක අගයක් සමගින්. (S2 ආවට පස්සෙ මේ අගය අඩු වුනා. ඇයි දන්නෑ ඉතින්. ඒ උනාට තාමත් මේක IMDB Top 250 ඇතුලෙ තියනවා) මේ ටිකම ඇතිනෙ මෙච්චර කල් මේ series එක විවේචනය කරපු පිරිසට නට්ට කකුල් අස්සෙ ගහගෙන පස්සට වෙන්ඩ.

මේ කතාවට පාදක වෙන්නෙ Vikram Chandra 2006දි රචනා කරපු සම්මානනීය Sacred Games කියන පොත. Series එක අධ්‍යක්ෂනය කරන්න අත ගහන්නෙත් එසේ මෙසේ පොරවල් දෙකක් නම් නෙවේ. ඒ Anurag Kashyap සහ Wikramadithya Motwane. නම් දෙක හුරු නෑ වගේ නම් Google කරලා බලන්න. හුරු පුරුදු නිර්මාන ගොඩක් බලාගන්න ලැබෙයි.

කතාවෙ Plot එක ගැන කියන්ඩ කලින් ආගම කියන Concept එක ගැන අපි ටිකක් කතා කරලා ඉමු.

ආගමක් කියන්නෙ මොකක්ද? මේකට නිශ්චිතව අර්ථදැක්වීමක් නම් කාටවත් දෙන්න බැරි වෙයි. සරලව කිව්වොත් කවුරු හරි එක් විශේෂ පුගලයෙකුගේ දැක්මකට තමයි ආගමක් කියන්නෙ. මේ දැක්ම Follow කරන්න පිරිසකුත් ඉන්න එපෑ. මෙන්න මේ සෙට් එකෙන් ගන්න පුලුවන් ප්‍රයෝජන මෙච්චරයි කියලා කියන්න බෑ. මිනිස්සු එක එක දේවල්වල වහල්ලු. මේ එක එක දේවල්වලින් එකක් තමයි ආගම කියන්නෙ. Sacred Gamesවල කතා කරන්නෙ මේ කියන ආගම සහ වහල්ලු කියන පිරිස ගැන. ඔය ටිපර් වෙන සුලු පිරිස නම් මේක නොබල හිටියට කමක් නෑ. එයාලට අනිවා මේක සෙට් වෙන්නෙත් නෑ. අන්තිමට මොනවද මේ බලන්න කිව්වෙ කියලා අහගන්න වෙන්නෙ.

පොඩ්ඩක් ඔයාලම හිතලා බලන්න ඒ කාලෙ මෙහෙම කරා මෙහෙම එතුමා කිව්වා කියලා පොත්පත්වල තිබුනට මේවගෙ ඇත්ත නැත්ත කාටවත් ඔප්පු කරන්න බෑ. ඉතින් ආගමක් ඇතුලෙ ඒ කාලෙ ඉදන්ම එන නීති ගොඩක් තියනවා. (මේවා ඒ ඒ ආගම් ඇතුලෙ එක එක අපබ්‍රංස නම් වලින් තිබ්බට මේවා නීති බන් 😂) නීති ටික පිලිපදින එක තමයි ආගමක් ඇතුලෙ සිද්ධ වෙන්නෙ. මේවා හොද හෝ නරක වෙන්න වෙන්න පුලුවන්. පොදුවෙ සිද්ධ වෙන්නෙ උඩ කියපු දේනෙ. ඕක මිනිස්සුන්ගෙ ලොකුම Week Point එකක්. බහුතරයක් මිනිස්සු පුලුවන් තරම් ආගමට අනුකූලව ජීවත් වෙන්න උත්සහ කරන්නෙ. අඩුම ගානෙ ඒ විදිහට Pretend කරනවා. පොඩි දෙයක් කියන්නද? උදාහරනයක් විදිහට බුද්ධාගම ගමුකො. ඔය පව් කරොත් අපායෙ යනවා කියන්නෙ. අන්න ඒකෙන් තමා මනුස්සයෙක්ව කොටු කරලා තියාගන්නෙ. මිනිස්සු දන්නෑ ඇත්තටම අපායක් තියනවද කියලා. ඒ උනාට අපායෙ යන්න බයයි. ඒක නිසා Automatically ආගමෙන් එපා කියන දේවල් නොකර ඉන්න පෙලබෙනවා. මම මේ වැරැද්දක් නෙවේ කියන්නෙ. ආගම කියන දේ කොච්චර Powerful දෙයක්ද කියන්න පොඩි උදාහරනයක් ගත්තෙ. නිකමට හිතන්නකො ඔය ක්‍රමේම පාවිච්චි කරලා ආගමික නායකයො කියන පිරිසට අනුගාමිකයන්ගෙන් කරගන්න පුලුවන් දේවල් ගැන. ඉතින් තේරෙනවනෙ ආගමකින් කරන්න පුලුවන් දේවල් අසීමාන්තිකයි කියලා. දැන් අපි Plot එක පැත්තට යමු.

මේ කතාවෙදි අපිට ප්‍රධන චරිත දෙකක් බලාගන්න පුලුවන්. මේ ප්‍රධාන චරිත දෙකෙනුත් එක්කෙනෙක් Pilot Episode එකේදිම මැරෙනවා. ඩෑම් නෙහ්.😂 මැරෙන එක්කෙනා තමයි ගනේශ් ගයිතොන්ඩේ. කවදාවත් සයිස් එකෙන් මිනිහෙක් මනින්න බෑ කියලා තේරෙයි ඩයල් එක දැක්කහම. ආරම්භයේ ඉදන් අවසානය වෙනකන් පට්ටම පට්ට Buildup එකක් පොරට හම්බෙනවා. මිනීමැරුම් නඩු 178ක් එක්ක ISI එකෙනුයි Raw එකෙනුයි හොයන අංක එකේ අපරාධකාරයා. කතාව පටන් ගද්දිම ගනේශ්ගෙන් අපේ අනිත් ප්‍රධන චරිතෙට (සර්ටාජ් සිං) අනතුරු ඇගවීමක් ලැබෙනවා. ඒ තමයි දවස් 25කින් මුලු මුම්බායි නගරෙම විනාශ කරලා දානවා කියලා. මේක කියලා පොර තමන්ගෙම ඔලුවට Shoot කරගෙන Suicide කරගන්නවා. මෙතනින් පස්සෙ Season දෙකකුත් Episode 16ක් පුරාවට තනිකරම තියෙන්නෙ Thrilling Ride එකක්. සමහර Episodes බලද්දි පුටුවෙන් නැගිට්ටවෙන්නැති ටික විතරයි. Ending එක එහෙම නම් වෙනම Level එකක තියෙන්නෙ.

ඉන්දියාව ඇතුලෙ ලිංගිකත්වය, ජාතිවාදය, පන්ති භේදය වගේ දේවල් කොහොමද සිද්ධ වෙන්නෙ කියලා මරුවට පෙන්නලා තියනවා. ලිස්ට් එකේ අනිත් ඒවා නොබැලුවත් මේකනම් නොබලා ඉන්න එපා!!!



Betaal



මේකත් Netflix වැඩක්. කතාව යන්නෙ Zombies ගැන. හැබැයි අපි මෙච්චර කාලෙකට දැකලා තියන Zombiesලට වඩා ගොඩක් වෙනස්. මෙයාලට එක නිශ්චිත අරමුණක් තියනවා. ඒ වගේම කතා කරන්න පුලුවන්. ඉන්දියාවෙ Myth එකක් බේස් කරන් තමයි Series එක හදලා තියෙන්නෙ. පොඩ්ඩක් ඒ ගැනත් හොයලා බලන්න ආසාවක් තියනවනම්.

ඉන්දියාවෙ එක ගමක් තියනවා ගොඩක් දුශ්කර ප්‍රදේශයක. මේ පලාත දියුනු කරන්න කියලා Government එකෙන් සෙට් එකක් එවනවා. මෙයාලා අතින් අත්වැරදීමකින් තමයි Zombiesලා අවදි වෙන්නෙ. මෙයාලගෙන් බේරෙන යන ආමි එකේ කිහිපදෙනෙකුයි Project එකේ වැඩ කටයුතු භාර කිහිපදෙනෙකුයි පරන ගොඩනැගිල්ලක් ඇතුලෙ හිරවෙනවා.

Betaal කියන්නෙ Mini Series එකක්. Episode 4යි ඔක්කොම තියෙන්නෙ. Film එකක් බලනවා වගේ බලලා දාන්න පුලුවන් පැය දෙක හමාරකින් විතර. ඒ වගේම මේක Netflixලා High budget දාලා කරපු වැඩක්. Cgi එහෙම පට්ටම පට්ට. (ආ කියන්න අමතක උනා...Sacred Games එකේ Season 2 වෙනුවෙන් විතරක් Netflix එක ඉන්දියානු රුපියල් කෝටි 100ක් වියදම් කරලා තියනවා 🥴) මේ සීරීස් කරපු මරු Production Company දෙකක් තියනවා. එකක් Red Chillies Entertainment එක. මේක අයිති Shah Ruk Khanගෙ Wifeට. අනිත් එක තමයි Blumhouse. මේක අහලා නැත්නම් මෙතනින් එහාට කියවන්න එපා බං.🥲 Truth Or Dare, Insidious, Paranormal Activity, Getout, Sinister වගේ සුපිරි Horror මූවීස් ගොඩක් කරපු Production Company එකක් තමයි Blumhouse කියන්නෙ. තවත් මේ Series එක ගැන මුකුත් කියන්න ඕනෙ නෑ කියලා හිතනවා.


Inside Edge



මේක Sports-Drama Series එකක්. Amazon Primeලගෙ පලවෙනි Hindi Web Series එක. දැනට Season දෙකක් ඇවිත් ඉවරයි. තුන්වැනි Season එකත් මේ අවුරුද්ද අග හෝ ලබන අවුරුද්දෙ මුල එයි. කතාව Cricket ගැන. 😂 ඉන්දියාවෙ කොච්චර ක්‍රිකට් පිස්සො ඉන්නවද කිව්වොත් මැච් එකක් පැරදුනොත් ප්ලේයස්ලගෙ ගෙවල්වලට එහෙම ගල් කියලා දන්නවා ඇති. අන්න ඒ වගේ රටක IPL ඇතුලෙ වෙන වංචා ක්‍රියා පාදක කරගෙන තමයි Series එක හදලා තියෙන්නෙ. බැලුවහම තේරෙයි Cricket කියලා මෙච්චර කල් කටවල් ඇරන් බලන් ඉදලා තියෙන්නෙ මොනවා දිහාද කියලා. හිතා ගන්න බැරි Mind Games ගොඩක් බලාගන්න පුලුවන් මේක බැලුවොත්. ආ කියන්න අමතක උනා. මේක පටන් ගන්නෙම ඩිස්ටි ඩිඩිං සීන් එකකින්. කලින් කිව්වෙ නෑ කියන්න එපා.😂



Vivek Oberoi මේ Series එකේ ප්‍රධාන චරිතයක් රග දක්වනවා. ඉන්දියානු සිනමාවෙ රසිකයෙක්නම් දන්නවා Vivek කියන්නෙ මොන වගේ Actor කෙනෙක්ද කියලා. ඉන්දියාවෙ චරිතාංග රංගනෙ ඉදිරියෙන්ම සිටින Actor කෙනෙක්. Heroද Villainද අදාල නෑ ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරන නලුවෙක්. ඒ වගේම Series එකට IMDB 8.0ක අගයකුත් ලැබිලා තියනවා. ක්‍රිකට් ෆෑන් කෙනෙක්නම් මිස් කරනොගත යුතුම Series එකක්.


Paatal Lok



Amazon Prime එකෙන් ආව හොදම Hindi Web Series එක මේක කියලා බය නැතුව කියන්න පුලුවන්. Episode 9යි තියෙන්නෙ. IMDB 7.8යි. ඒ උනාට අත දිග ඇරලා 8.5ක් විතර දෙන්න පුලුවන්. මේක ලොකු ලොකු අය ගොඩක් අත ගහපු වැඩක්. Producer ප්‍රසිද්ධ නිලි Anushka Sharma. Cast එක ගැන කිව්වට මෙයාලගෙන් සමහර අයව දැකලවත් නැතුව ඇති ගොඩක් අය. (Jaideep Ahlawat, Abhishek Banerhjee, Niharika Lyra Dutt, Neeraj Kabi) ඒ වුනාට Acting නම් දොබෙන් යන්ඩම දීලා තියනවා. ප්ලොට් එක උනත් පට්ටම පට්ට. ඒ වගේම Nudity, Violence වගේ දේවල් උපරිමේටම තියනවා. Sacred Games එකටත් වඩා 18+ Scenes මේකෙ තියනවා. පව්ලේ සැමා එකට බලන්න යන්න නම් එපා ඈ.

Paatal Lok කියන්නෙ පාතාල ලෝකය. නමෙන්ම Tease කරනවා කතාවෙ පසුබිම. කතාව පටන් ගන්නෙ ඉන්දියාවෙ ප්‍රසිද්ධ Journalist කෙනෙක්ව මරන්න Try කරන අවස්ථාවකින්. ඒ දේ කරගන්න නම් වෙන්නෙ නෑ. කොහොම හරි පොලිසියෙන් අපරාධකාරයො ටිකත් අල්ලගන්නවා. මේ අපරාධකාරයො අතර එක විශේශ පුද්ගලයෙකුත් ඉන්නවා. ඒ තමයි ත්‍යාගි. මිනිමැරුම් හතලිහක් විතර කරලා පොලිසියෙ Most Wanted Criminal කෙනෙක්. මේ කේස් එක Hathi Ram කියලා Officer කෙනෙක් තමයි භාර ගත්තෙ. පොර මේක විසදන්න කියලා කේස් එක හාර අවුස්සද්දි තව තව අපරාධ හෙලි වෙන්න පටන් ගන්නවා.

මේ Crime එකට අමතරම මධ්‍යමපාන්තික පොලිස් නිලධාරියෙකුගෙ පව්ල් පසුබිම මොන වගේද කියලා ලස්සනට පෙන්නලා තියනවා. මේක බලද්දි දෙබස්වලට ටිකක් විතර වැඩිපුර Attention එක දෙන්න. දවස් ගානක් හිතලා ඉවර කරන්න බැරි දේවල් මීටර් වෙයි.



Ghoul



මේකත් Netflix + Blumhouse Series එකක්. පුලුවන්නම් වහින දවසක රෑට බලන්න මේක. 100%ක් ඒ ෆීලින් එක ගන්න පුලුවන්. Series එක වැටෙන්නෙ Horror කැටගරි එකට. ප්‍රධාන චරිතය රග දක්වන්නෙ Radhika Apthe. Sacred Gamesවල එහෙම හිටියෙ. Episode තුනයි තියෙන්නෙ. පැය දෙක හමාරෙන් Series එකම ඉවර කරන්න පුලුවන්. IMDB 7.1ක අගයකුත් ලැබිලා තියනවා. Horror කැටගරි එකට වැඩි රේටින්ග්ස් ලැබෙනවා අඩුයි කියලා හැමෝම දන්නවා ඇතිනෙ. ඒකත් ඉන්දියාවෙ කන්ටෙන්ට් එකකට? පේනවනෙ රේටින්ග්ස් අතිනුත් මේක ඉස්සරහින් ඉන්නෙ කියලා.

Ghoul කියන්නෙ අරාබියෙ ජනප්‍රවාදයක්. මිනීමස් කාලා පෝශනය වෙන Mythical Creature එකක් තමයි Ghoul කියන නමින් හදුන්වන්නෙ. මෙයාලා ගැන ලස්සන බැක්ස්ටෝරියක් Series එක මැදදි හම්බෙයි.

නිධා කියන්නෙ තාමත් පුහුණු වීම් මට්ටමේ ඉන්න හමුදා නිලධාරිනියක්. දවසක් හදිස්සියේම එයාට හමුදා ප්‍රශ්න කිරීමේ මධ්‍යස්ථානයක වැඩ භාරගන්න කියලා නියෝගයක් ලැබෙනවා. මේ මධ්‍යස්ථානයට ගේන්නෙ ඉන්දියාවෙ ඉන්න භයානකම අපරාධකාරයෙක්. මෙතනින් පස්සෙ වෙන දේවල් කියන්න යන්නෑ ස්පොයිල් වෙන නිසා.😁 මේ මුලු කතාවටම හේතු වෙන්නෙ නිධාගෙ අතීතයේ සිදු වුනි සිදුවීමක්. මේක පෙන්නන්නෙ නෑ Series එකේ අවසානය වෙනකන්.ඒ නිසා ස්පොයිල් කර ගන්නෙ නැතුව බලන්න.

අල්ලපු රටේ ඒවා බැලුවෙ නෑ කියලා පොරක් වෙන්නෑ බන්. මේවගෙන් එකක් ට්‍රයි කරලා බලහන්කො. ඉබේම ඒ රසට වහ වැටෙයි. ❤️


අනිවාර්‍යෙන් නැරඹිය යුතු පිස්සු කොර වෙන ඉන්දියන් මාස්ටර්පීස් 13ක් 👇

1 Comments

Post a Comment
Previous Post Next Post