13 Reasons Why සහ සමාජය | 13 Reasons Why & Society


TV series බලන ගොඩක් අය මන් අද මේ කතා කරන්න යන සීරීස් එක අනිවාරෙන් බලල ඇති. මගේ නම් Favourite ම ලිස්ට් එකෙත් මේක තියෙනවා. ඉතින් ඒ TV series එක තමයි 13 Reasons Why. මේක Netflix එකෙන් (2017-2020) දක්වා විකාශය උන සීරීස් එකක්. මේක Drama කැටගරියට වැටෙන සීරීස් එකක්. මේක ගොඩක්ම Teenagers ලා බේස්ඩ් කරගෙන කෙරුව නිර්මාණයක්. අද සමාජයේ වෙන ගොඩක් ප්‍රශ්න ගැන මේ සීරීස් එකේදි කතා වෙනවා. ඒ වගේම මන් මේ කරන්න යන්නෙ කතාව මට හොදටම දැනුන තැන් සහ පුද්ගලයින් ගැන පොඩි රිවීව් එකක්. High School Life එකේ දි ළමයින්ට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න, අභියෝග ඒ වගේම Sex, Love, Bullying වගේ කරුණු ගැනත් මේ සීරීස් එකේදි කතා වෙනවා. කොටින්ම කියනවා නම් මොකක් හරි මානසික ආබාධයකින් පෙලෙන කෙනෙක් නම් මේ සීරීස් එක තනියෙම බලන්න යන්න එපා. ඒ වගේම ඔයාට Bulling වගේ ප්‍රශ්න එනවා ඒත් තනියෙම මේ සීරීස් එක බලන්න යන්න එපා. වැඩිහියෙක් එක්ක බලනවනම් තමයි හොද. මේක ගොඩක්ම Recommend කරන්නෙ 16+ අයට. මොකද මේකෙ සෙක්ස් ගැන ගොඩක් කතා වෙනවා. අනිත් අයත් ඉතින් බැලුවට නම් කමක් නෑ.

Tapes

ඉතින් අපි යමු කතාව පැත්තට. මෙහෙමයි වෙන්නෙ. කතාව පටන් ගන්නෙ Liberty High School එකේ ශිෂ්‍යාවක් වන හැනා බේකර් ගෙ මරණින් පස්සෙ. මේක සාමාන්‍ය මරණයක් නෙවෙයි සියදිවි නසාගැනීමක්. අවුරුදු 17ක කෙල්ලෙක් සියදිවි නසාගෙන!!!!! ඇයි ඒ? ආන් ඒ ප්‍රශ්නෙට උත්තර මේ හැනා බේකර් විසින්ම තමන් මැරෙන්න ඉස්සෙල්ලා ටේප් හතක රෙකෝඩ් කරනවා. ඇයි තමන් සිය දිවි නසාගත්තේ. තමන්ව කවුද ඒ තැනට පත් කලේ කියලා හැනා ඒ ටේප් ඇතුලේ කියනවා. මේ ටේප් ඇතුලෙ හේතු 13 ක් ඇතුලත් වෙලා තියෙනවා. ඒ නිසයි මේකට 13 Reasons Why කියලා කියන්නෙ. 


Clay Jensen & Hannah Baker


මේකෙ ප්‍රදාන චරිතෙ ක්ලේ ජෙන්සන්. මිනිහා ගෙ ලව් එක (ක්‍රශ් එක කියලා කියමුකෝ) තමයි අර උඩ කිව්ව හැනා බේකර්. ක්ලේ හැනාට ගොඩක් ආදරෙයි. හැනා උනත් ක්ලේටත් ගොඩක් ආදරෙයි යාලුවෙක් විදියට. ඒත් හැනා දන්නෙ නෑ මේ ක්ලේ හැනාට ආදරේ කරන්නෙ යාලුවෙක් විදියට නෙවෙයි කියලා. ක්ලේට තමන්ගෙ ආදරේ ප්‍රකාශ කරන්න වෙන්නෙ. මොකද ඊට කලින් හැනා බේකර් සියදිවි නසාගන්නවා. මේ ක්ලේ හැනාට කිසිම වැරැද්දක් නොකරපු කෙනෙක්. ඒත් මේ ක්ලේත් හැනාගෙ ටේප් වලින් එකක ඉන්නවා. 😏 ඇයි ඒ? ඔයා මේ ලිපිය කියවන්නෙ මේ සීරීස් එක බලලා නෙවේ නම් මෙතනින් පල්ලෙහාට කියවගෙන යන්න එපා. සීරීස් එක බලල ඇවිල්ලා කියවන්න. කෝමෙන් හරි පලවෙනි සීසන් එක ඉවර වෙන්නෙ අර කිව්ව හේතු දහතුන ඉවර වෙනවත් එක්කම. නොබලපු අය ස්පොයිල් කරගන්න ආස නම් දිගටම කියවන යන්න. බලපු අයට ඔහොම්මම පහලට කියවගෙන යන්න. සීරීස් එක සම්පූර්ණයෙන් බලපු අය ඈ. තව බලන්න තියෙන අය ඉන්නව නම් එයාලත් මෙතනින් කියවන එක නවත්තන්න කියලා මන් ඉල්ලා සිටිනවා. 🙏 මන් මේ කතා කරන්න යන්නෙ ලංකාවෙ සමාජය සහ 13 රීසන්ස් වයි ගැන. කියවන ඔය ඔහොම්මම පහලට යන්න.

පලවෙනි සීසන් එක ඉවර වෙද්දි හැනා බේකර් ගේ මරණෙට හැනා බේකර් විසින් කියන හේතු ටික අපිට දැනගන්න ලැබෙනවා. ඒත් මේ ටේප් වල සමහර තැනක බොරුවක් දෙකක් එහෙමත් තියෙනවා කියලා ඔයාලට තේරෙන්න ඇති. උදාහරණයක් විදියට සැක් අර ලියුම බිම දැම්මා කිව්වා වගේ. ඉතින් හැනාට මොකද උනේ? හැනාට ගොඩක් දේවල් උනා. මුලින්ම ෆොටෝ එකක් ලීක් උනා. ඇත්තම කියනව නම් ඒක ලීක් කරන්නෙ බ්‍රයිස්, ජස්ටින් එපා කියද්දිත්. එයා ලගින්ම හිටපු යාලුවෝ වෙනස් උනා. යාලුවොන්ගෙන් එයාව මග ඇරුනා. තමන්ගෙම හොද යාලුවෙක් දූෂණය වෙනකන් බලාගෙන ඉන්න උනා. අන්තිමට හැනාවත් දූෂණය උනා. මේ දූෂණ සිද්දිය තමයි මන් දකින විදියට හැනාගෙ මරණෙට ආසන්නතම හේතුව උනේ. 


Bryce Walker


ඔයාලට මතක ඇති හැනාව ඉස්කෝලෙ හොට් ලිස්ට් එකට ඒමත් වැටෙනවා. (Best ass) ඉතින් මේ සිදුවීම හැනාට ගොඩක්ම බලපෑවා. ඔය නිකමට හිතලා බලන්නකෝ නේද...... අපි එහෙමත් කෙල්ලොන්ට ඔය වගේ කතා කියනවා නේද? ඒක කෙල්ලෙක්ට දැනෙන විදිය අපිට මීට කලින් තේරිලා තියෙනවද? නෑ නෙ නේද. මට නම් තේරිලා නෑ. ආතල් එකට අපි කියනවා ඇරෙන්න එතනින් එහාට දෙයක් අපි හිතනවද? නෑනෙ. ඒත් කෙල්ලො ඒම නෑ. උන් එතනින් එහාටම තමයි හිතන්නෙ. දැන් ඉතින් උන්ට අපිට වඩා අසහනේ. උන් බඩු. ඕකුන්ට ගානක් නෑ. එහෙම කියාගෙන නිකන් ටිපිකල් SL ලොජික් දෙන්න එන්න එපා. මන් මේ කතා කරන්නෙ සමස්තෙට. 

Hot List


ඉතින් ඔය සිදුවීමෙන් පස්සෙ බ්‍රයිස් හැනාගෙ Butt එක ටච් කරන සිදුවීම ඔයාලට මතක ඇති. සරලවම කියනව නම් හැනාගෙ පස්සට තට්ටුවක් දාන සීන් එක. ඒව අමතක වෙන්නෙ නෑනෙ ඉතින් නේ. ඉතින් එතනදි හැනා එලියට ඇවිල්ලා අඬනවා ඔයාලට මතක ඇති. ඔයාලා මික්ස් ස්කූල් එහෙකටද ගියෙ? එහෙනම් ඔය කුපාඩි වැඩේ කරලා තියෙන එකෙක්ව හරි දන්නවා ඇති. ඒක උන කෙල්ලෙක්ව හරි දන්නවා ඇති. ඒක එවෙලෙ ඒ කෙල්ල ගණන් ගත්තෙ නෑ වගේ පෙන්නන්නත් ඇති. ඒත් පස්සෙ ඒ කෙල්ල ඒ ගැන හිතලා අඬන්නත් ඇති නේද? ඔය වගේ පොඩි සිද්දි තමා ලොකුවට බලපාන්නෙ. මාත් ඔය වගේ ඒවා ඕන තරම් දැකලා තියෙනවා මන් ගිය ඉස්කෝලෙ. ඒත් මන් කවදාවත් කෙල්ලගෙ පැත්තෙන් ඒ ගැන හිතන්න ගියෙ නෑ. මට ඒක හිතුනේ මේ සීන් එක දැක්කට පස්සෙ. ඒක පොඩි දෙයක් වගේ පෙනුනට ඒක වෙන කෙල්ලට නම් ඒම නෑ. ඉතින් ඊළගට හැනාව දූෂණය වෙනවා. කවුරු අතින්ද? හැනාගෙ ෆොටෝ එක ලීක් කරපු, හැනාගෙ පස්සට තට්ටු දාපු කරපු බ්‍රයිස්ගෙම අතින්. බ්‍රයිස් ඇයි හැනාව දූෂණග කරන්නෙ? මිනිහට තමන්ගෙ පාලනයක් නැති කම. තමන්ව කෙල්ලෙක් දැක්කම ඒකත් බිකිනි එක පිටින් දැක්කම ඉවසගන්න බැරි වෙන්න ඇති. අපිට උනත හැගීම් නම් එනවා ඕම කෙල්ලෙක්ව දකිද්දි. ඒත් පාලනයක් තියෙනවා. ඒත් බ්‍රයිස් ට එහෙම නෑ. පස්සෙ එලි වෙන විදියට මිනිහා තව කෙල්ලො ගොඩක් දූෂණය කරලා තියෙනවා. කෝම මයින්ඩ් එකක්ද ඇත්තෙ ඈ පොරට.

Chloe Rice


දූෂණය කරනවා කියන්නෙ අකමැත්තෙන් කරන එකට. නැතුව කොහේ හරි ඉන්න කෙල්ලෙක් උස්සන් ඇවිල්ලා ශොට් එක දුන්නා කියල විතරක් නෙවේ ඒක දූෂණයක් වෙන්නෙ. සිහි නැතුව ඉන්න කෙල්ලෙක්ට මොනා හරි කලත් ඒකත් දූෂණය කියන කැටගරියට තමයි වැටෙන්නෙ. මොකද කෙල්ලගෙ අනුදැනුමකින් තොරයිනේ. තමන්ගෙ කෙල්ලට උනත් අකමැත්තෙන් දෙයක් කරනව නම් ඒක දූෂණයක්. එතනින් එහාට කතා කරන්න දෙයක් නෑ. ඕකට සීරීස් එක ඇතුලෙම උත්තරේ දීලා තිබ්බා. සීසන් 2 එකේ බ්‍රයිස්ගෙ කෙල්ල වෙන ක්ලෝයි වත් බ්‍රයිස් දූෂණය කරලා තිබ්බා. ඒ ක්ලෝයි සිහි නැති වෙලා ඉන්න වෙලාවක. 

Bryce Walker with Parents


අනිත් දේ තමයි දෙමාපියෝ. සමහර ළමයින්ට දෙමාපියො දෙන නිදහස හොදටම වැඩී. නිකන් බ්‍රයිස්ට වගේ. ඒත් දෙමාපියෝ ළමයි ගැන හොයන්නෙ නැද්ද? ඔය බ්‍රයිස්ගෙන් පොඩ්ඩක් එලියට එමුකෝ. අනිත් ළමයින්ගෙ දෙමාපියෝ ළමයි ගැන හෙව්වෙ නැද්ද? හෙව්වා දෙයියනේ හෙව්වා. හෙව්වට ඉතින් එයාලටත් හොයන්න පුලුවන් ලිමිට් එකක් තියෙනවානෙ. ළමයි රහස් තියාගන්නව නම් කොහොමද දෙමව්පියො ළමයි ගැන හැමදේම දැනගන්නෙ. මේක කියවන ඔයාගෙ අම්ම ඔයා ගැන හැමදේම දන්නවද? නෑනෙ. ඔයා ළග රහස් තියෙනවනේ නේද? මේක ලියන මට කියලත් වෙනසක් නෑ ඉතින්. හැමෝටම රහස් තියෙනවා. ඒම රහස් තියෙන වැඩ නොකර ඉන්න අපිත් දැනගන්න ඕන හැබැයි. අපෙත් වගකීමක් තියෙනවා අන්න එතනදි.  අනිත් එක තමයි කවදාවත් හරි දෙයක් කරන්න පරක්කු වෙන්න එපා. මතකනේ,,, ක්ලේ තමන්ගෙ ආදරේ හරි වෙලාවෙදි හැනාට ප්‍රකාශ කලා නම් හැනා ජීවතුන් අතර ඉන්න තිබුනා. ඒ වගේම කවුන්සිලර් මහත්තයා හැනාගෙ කාරණාව හරියට තේරුම්අරන් හැනාට එතනින් යන්න නොදී ක්‍රියාමාර්ගයක් ගත්ත නම් තරුණ ජීවිතයක් නිකරුනේ නැති වෙන එක නවත්ත ගන්න තිබ්බා. ඒ වගේම මතකනේ අර කාර් ඇක්සිඩන්ඩ් එක. එතනදි 'Stop' symbol එකට මොනා හරි කරා නම් තවත් තරුණ ජීවිතයක් බේරගන්න තිබුණා.


Alex Standall


ඉතින් මේකෙ පලවෙනි සීසන් එක ඉවර වෙන්නෙ ඇලෙක්ස් ස්ටැන්ඩෝන් තමන්ගෙ ඔලුවට වෙඩි තියාගන්නවත් එක්ක. දෙවෙනි සීසන් එකේදි අපි දකින ඇලෙක්ස්ට සමහර දේවල් අමතක වෙලා බවක් පේනවා. තමන් වෙඩි තියාගත්ත හේතුව පවා එයා අමතකයි. ඒ වගේම ජස්ටින් ගෙදරින් පැනලා ගිහිල්ලා පාර ජීවත් වෙන ගමනුයි ඉන්නෙ. ඒ වගේම එයා ඩ්‍රග් වලට ඇබ්බැහි වෙලා. එයා සල්ලි හොයාගන්න විවිධ ලිංගික ක්‍රියාකාරකම් වලත් යෙදිලා තියෙනවා කියලා පස්සෙ දැනගන්න ලැබෙනවා. 


Justin Foley


මේ දෙවෙනි සීසන් එකේදි වෙන්නෙ හැනාගෙ මරණය සම්බන්ද නඩු විභාගය. ඔන්න ඉතින් හැනා ගැන එක එක මුලින් හෙලි උනේ නැති කරුණු එලියට එන්න ගන්නවා. මුලින්ම ටයිලර් කියනවා හැනා කැම් එකෙන් කෙනෙක්ට තමන්ගෙ ඇග පෙන්නුවා වගේ සිද්දියක්. ඒක ගැන ලොකුවට කතා වෙන්නෙ නෑ. ඒ උනත් ඒක බොරුවක් කියලා කියන්නෙත් නෑ. අනිත් කාරණාව හැනා සහ සැක්. ඒ දෙන්න අතර එලියට පෙනුනට වඩා සම්බන්දයක් තිබිලා තියෙනවා. ඒ වගේම හැනාගෙ කන්‍යාභාවය නැති කරගන්න උදව් වෙන්නෙත් සැක් කියලා අපිට මේකෙදි හෙලිදරව් වෙනවා. ඒ වගේම හැනා හයි ස්කූල් එකෙන් බාගෙට භාගයක්වම කිස් කරලා කියලා ත් මේකෙදි දැනගන්න ලැබෙනවා. අනේ මන්දා ඉතින්. එක එක අය එක එක කතා කියනවා.මොනා උනත් ක්ලේගෙ අවංක ආදරේට හැනාගෙන් තප්පට 10ක කිස් එකක් නම් ලැබුනා. 

Zach and Hannah


ඉතින් මේ සීසන් ටූ ඉවර වෙද්දි හැනාට යුක්තිය ඉටු උනාද? ඒකට නම් කියන්න වෙන්නෙ අනේ මන්දා කියලා තමයි. බ්‍රයිස් හැනාව දූෂණය කරා කියලත් ඔප්පු කරගන්න බැරුව යනවා. ඉස්කෝලෙ වරදක් කියලා ත් ඔප්පු කරගන්න බැරිවෙනවා. කෝමහරි ඇලෙක්ට් ඔලුවට වෙඩි තියාගන්න හේතුව ඇලෙක්ස්ට මතක් වෙනවා. ඒ ඇලෙක්ස් බ්‍රයිස් විසින් හැනාව දූෂණය කරන එක දකින නිසා. ඒක ගැන එයා පසුතැවෙනවා තමන්ට ඒක නවත්තන්න තිබුනා නේද කියලා. කෝමහරි මේ සීසන් එක ඉවර වෙද්දි කට්ටියක් හැනාට බඩුව කාඩ් එක සෝක් එකට ගැහුවා. තවත් කට්ටියක් හැනා පව්. එයාට අසාදාරණයක් උනා කියන මතේ හිටියා. එතකොට මේ කතාව බලපු ප්‍රේක්ෂකයෝ ඉන්නවනේ ඒ කියන්නෙ අපි. අපිත් ඔය දෙපැත්තෙක් එකකට සෙට් උනා. මම නම් ඉන්නෙ ඔය කිව්ව දෙවෙනි පැත්තෙ. 

මෙහෙමයි මේ ලංකාවෙ ඉන්න ගොඩක් අය හිතන්නෙ කෙල්ලො ජීවිතේ විඳින්න ඕනෙ නෑ කියලනේ. ඒ කියන්නෙ කෙල්ලො සෙක්ස් කියන එක කරන්න ඕනෙ නෑ. ඒත් කොල්ලො කරාට කමක් නෑ. මරු ලොජික් හැබැයි මේවා. කොල්ලෙක් කෙල්ලො 10ක් 15 එක්ක බුදියගත්තම ඌ වැඩ්ඩා. කෙල්ලෙක් කොල්ලො දෙතුන් දෙනෙක් එක්ක බුදියගත්තම ඒකි බඩුව. ඕකනේ ලොජික් එක. ඉතින් ඔය නිසා තමයි අපේ ලංකාවෙ මේක බලපු ගොඩක් අය හැනාට බඩුව කාඩ් එක ගැහුවෙ. සංස්කෘතියක් කියලා කෙහෙල් මලක් තියෙනවනේ මේකෙ. ඇති මගුලකුත් නෑ ඒත් සංස්කෘතිය රැකගන්න එපෑ. සංස්කෘතියෙ තියෙන මෝඩ අදහස් වලට බම්බු ගහගන්න කියලා හණ මිටි අයින් කරලා තමන්ගෙ ගමන යන කෙල්ලො කොල්ලො ටිකකුත් මේ රටේ නැතුවම නෙවෙයි හැබැයි. කෝමත් පිට රටවල කන්‍යාවියො නෙවෙයිනෙ කසාඳ බඳින්නෙ. මෙහෙනෙ මේ සුදු රෙද්දක් ඒම දෙන්නෙ. කෝම හරි ඉස්සරහට නම් අශ්ටක හරියට කියලා පෝරුවක බඳින්න කන්‍යාවියෝ මේකෙ ඉතුරු වෙන්නෙ නම් නෑ. තාම 2000න් පස්සෙ උන් බඳින්න පටන් ගත්තෙ නෑනෙ. ඕං පටන් ගත්තම බලන්නකො. 2000න් පස්සෙ වෙලත් තමන්ගෙ එහා පැත්තෙ පෝරුව උඩ ඉන්න කෙල්ල කන්‍යාවියක් අන්න පුතේ උබ වාසනාවන්තයා. කෝමත් අවංකව ආදරේ කරන්න ගියොත් නම් වැඩ සෙට් වෙන්නෑ කියලා උබලට අනිවාරෙන් තේරෙන්න ඇති. එනිවේ මගෙන් කවුරුහරි ඇහුවොත් කන්‍යාවියක් නොවන කෙනෙක් බඳින්න කැමතිද කියලා. මගේ උත්තරේ වෙන්නෙ ඔව්. මොකද ඒ කෙල්ල දූෂණය වෙලා තිබුනද අපි දන්නෑනෙ. සහ කලින් කෙනාව ගොඩක්ම තදින් ශුවර් කලා වෙන්නත් පුලුවන්. මේ වගේ ගොඩක් හේතු තියෙනවා. ඔය කාරණාවෙදි ගණිකාව සහ කෙල්ල කියන්නෙ දෙකක් කියන එක තේරුම් ගන්න ඕනෙ. ඉතින් මන් මේ කිව්ව ඒවත් එක්ක සංස්කෘතිය ඒම අමතක කරල බලන්නකෝ ඇත්තටම හැනාට බඩුව කාඩ් එක වදිනවද කියලා. මනුස්සකමින් හිතන්න ඕන දේවල් තමයි මේ. 


Jessica Davis


දෙවෙනි සීසන් එක අවසානයේදි ජස්ටින් සහ බ්‍රයිස් පරිවාස කාලයකට යටත් වෙනවා  මතක ඇතිනේ. මේ ජෙසිකව දූෂණය සම්බන්දයෙන්. දැන් පොඩ්ඩක් ජෙසිකා ගැන කතා කරමු. මුලින්ම කියන්න ඕනෙ පෞද්ගලිකව මන් ආසම නැති කැරැක්ටර් එකක් තමයි ජෙසිකා. ජස්ටින්ට පේන්න වෙන්න කොල්ලො එක්ක හැ**@නෙන්න ගිය ජස්ටින්ව ඔලුවෙ තියාගෙන තව කොල්ලන්ට බලාපොරොත්තු දීපු කෙල්ලෙක් තමයි ජෙසිකා. මන් පෞද්ගලිකව කතාවෙ ආසම නැති කැරැක්ටර් එක. මෙයාට නම් මන් අර කියපු බඩුව කාඩ් එක ගහන එකේ ලොකූ වැරැද්දක් නෑ. මොකද අර වගේ චාටර් වැඩ කරන්න හොද නෑ. මොන කෙල්ලෙක් උනත්. කොල්ලෙක් උනත් ඔච්චරයි. ඕකි නිසා පව් අර ඇලෙක්ස් මනුස්සයා අන්තිමට Gay වෙලා තමා නතර උනේ. ඒත් ජෙසිකා ත් බ්‍රයිස් ගෙ අතින් දූෂණය උනා. අන්න ඒකෙන් මේ හැමදේම දෙපැත්තක් පෙන්නලා තියෙනවා. වැරැද්දක් කියලත් බෑ. නොකියත් බෑ වගේ එකක් දැනෙනවා. මේකෙ හැම කැරැක්ටර් එකකම වගේ ඔය වගේ දෙපැත්තක් පෙන්නලා තියෙනවා. ඒක නිසා බනිද්දි අනිත් පැත්තකුත් තියෙන නිසා බනින්න හිතෙන්නෑ වගේ ගතියක් තියෙනවා.

Tyler Dawn


කෝමහරි බ්‍රයිස්ගෙ කෙල්ල වෙන ක්ලෝයි බ්‍රයිස් නිසා ප්‍රෙග්නන්ට් කියලා දෙවෙනි සීසන් එක අවසානෙදි දැනගන්නවා. ඒ වගේම අනිත් කාරණාව තමයි ටයිලර්. මුට නම් වෙන වැඩේ අන්තිම චාටර්. ඒ සීන් එක බැලුවොත් බොහොම අමාරුවෙන්. පට්ට දුකයි. බ්‍රරයිස්ගෙ යාලුවෙක් උන මොන්ටි තව කට්ටියක් එක්ක ඇවිල්ලා වොශ්රූම් එකේදි ටයිලර්ගෙ ඔලුව කොමඩ් එකේ ගහලා ගහලා ගහලා කොමඩ් එකේ ඔබලා ටයිලර්ගෙ කලිසම ගලවලා කොසු පොල්ලක් දෙතුන් පාරක් ඔබලා එහෙම්මම මිනිහව එතන දාලා යනවා. පට්ට අවුල් සීන් එකක් තමයි ඒක. ඉතින් මේ නිසා ටයිලර් තුවක්කු ටිකකුත් අරගෙන වෙඩි තියන්න එද්දි ක්ලේ ගේමක් ගහලා ටයිලර්ව නවත්තනවා. පොලීසිය ඇවිල්ලා බැලුවම බොරුවක් කියලා හිතලා යනවා. කෝම හරි ටයිලර්ව බේරගන්න ටෝනි ටයි ක්ලේටයි පුලුවන් වෙනවා. 

Tony Padilla


තුන් වෙනි සීසන් එක යන්නෙ බ්‍රයිස් වෝකර් ගෙ මරණෙත් එක්ක. ඉතින් කවුද මේ බ්‍රයිස්ව මැරුවෙ කියන කුතුහලෙත් එක්කම මේ කතාව ගොඩක් උවමනාවෙන් බලන්න පුලුවන් උනා. මේකෙදි මුල් සීසන් වල දැක්ක නපුරු ගති තියෙන බ්‍රයිස් දැන් තමන්ගෙ වැරදි හදාගන්න උත්සහ කරන බවක් අපිට දකින්න හම්බෙනවා. ඒත් වැඩක් නෑ. සමාජෙන් මිනිහව දූෂකයා දූෂකයා කියලා ආයෙ උඩට එන්න නොදී පහලටම ඇදලා දාන එක තමයි කරන්නෙ. බ්‍රයිස්ගෙ අම්ම මේකෙදි නියම අම්ම කෙනෙක් වගේ හැසිරෙන හැටිත් අපිට බලාගන්න පුලුවන්. ඒ වගේම මේකෙදි කතා කරන්න තියෙන දේ තමයි බ්‍රයිස් කෙනෙක් තමන්ගෙ පරණ වැරදි හදාගන්න උත්සාහ කරද්දි ඇයි ඒ කෙනාව සමාජෙන් ආයෙ හිටපු තැනටම ඇදලා දාන්න හදන්නෙ. බ්‍රයිස් කියන්නෙ අවුරුදු 17 ක කොල්ලෙක් වැරදි හදාගන්න ඕන තරම් කාලයක් එයාට තිබුනා. ඇයි සමාජෙන් බ්‍රයිස් ගෙ එකම වැරැද්දක් අල්ලන් හංවඩු ගහන්නෙ කියන ප්‍රශ්නෙ මට මේක බලද්දි හොදටම ඔලුවට ආපු ප්‍රශ්නයක්. කෑම එකක් නැතුව අහිංසක විදියට පැත්තකට වෙලා හිටපු ජස්ටින් ට කෑම එකක් දීලා එයාට සහෝදරයෙක්ට වගේ සැලකුව බ්‍රයිස් ගෙ හොද පැත්ත නැත්තටම නැති වෙලාද? හැනා ජීවත් උනා නම් බ්‍රයිස්ට අවස්තාවක් දෙයිද උන වැරැද්ද හදාගන්න? අනිත් එක බ්‍රයිස්ගෙ මලගෙදරට අර කෙල්ලො ටික ඇවිල්ලා කරන මී හරක් වැඩේ. ඒවා නම් ඉතින් චාටර් වැඩ අනුමත කරන්න බැරි. හැබැයි මේ වගේ එකක් මෙහෙ උනා නම් ඕව සතියෙන් අමතකයි හැබැයි.

Montgomery AKA Monty


කෝමහරි කතාව ගලාගෙන යද්දි ක්ලේද මේක කලේ කියලාත් හැගීමක් මට ආවා. අන්තිමේදි බ්‍රයිස්ව මරලා තියෙන්නෙ ඇලෙක්ස් කියලා ඔප්පු උනා. ඒත් ටයිලර්ට කරපු වැඩේ නිසා මොන්ටිව හිරේ දානවා. හිරේදි රණ්ඩුවකින් මොන්ටි මැරෙනවා. මේකෙන් වාසිය අරගෙන ක්ලේ ඇතුලු සෙට් එක කතාවක් ගොතලා මොන්ටි බ්‍රයිස්ව මැරුවා කියලා සෙට් කරනවා. මොකද දැන්ටමත් මොන්ටි මැරිලා නිසාත් ඇලෙක්ස්ව ආරක්ශා කරන්න ඕනෙ නිසාත්. ඒත් මේක ටිකක් අර අනුමත කරන්න බැරි සිද්දියක්. මොකද නොකරපු වැඩකට අර මනුස්සයට චෝදනා එල්ල උනා. ඔයාට ඔය වගේ නොකරපු දේකට චෝදනා එල්ල වෙමවට ඔයා කැමතිද? ඔයා මැරුනට පස්සෙ උනත් ඒක චෝදනා එල්ල වෙනවට ඔයා කැමතිද? ප්‍රශ්නය ඔයාලට බාරයි පුතේ. 🙏

මේ සීසන් එකේදි ටයිලර් තමන්ට මොන්ටි කරපු වැඩේ ගැන කියන තැන එහෙම ගොඩක්ම ඉමෝශනල් තැනක්. කොටින්ම කියනව නම් ටයිලර් එදයින් පස්සෙ ටොයිලට් එකක චූ කරන්න පවා අම්බානෙක බයයි. මිනිහා චූ කරන්න පවා එලියට තමයි යන්නෙ. ඒ තරම් මිනිහට අර සිද්දිය බලපාලා තියෙනවා. පේනව නේ කොල්ලෙක්ට උනත් ඔය වගේ සිද්දි ගොඩක් බලපානවා. අපේ මේ සමාජෙ උනත් ඔය වගේ වැඩ ඕන තරම් වෙනවා. අම්බානෙක වෙනවා. දූෂණ එහෙම ලංකාවෙ ලොකුවට වෙන්නෑ කියලනේ ගොඩක් අය හිතන් ඉන්නෙ. හොයල බලන්නකෝ. ඇඬෙයි දවසකට කොච්චර දූෂණ වෙනවද කියල දෙයියො තමා දන්නෙ. මොකද ඕවා වර්තා වෙන රටකුත් නෙවෙයි මේක. වැල බලලා සෙක්ස් එඩියුකේශන් ඉගෙනගන්න උන් ඉන්න රටම දූෂණ කේස් වෙන්නෑ කියලා හිතනව නම් ඌ රට හරකෙක් වෙන්න ඕනෙ. අවුරුද්දකට මේ අරුම පුදුම දූපතේ දූෂණ 365 කට වඩා වෙනවා. නිකමට හොයලා බලන්න. ඔය ඉන්දියාවෙ එහෙම පැයකට හතරක් දූෂණය වෙන රේට් එකක් එහෙම තියෙන්නෙ. මේකෙ කියලත් වැඩි වෙනසක් නෑ. ටයිලර්ට වෙච්ච වැඩේ වගේ වැඩ උනත් ඕන තරම් වෙනවා ඈ. රුහුණෙ රැග් ගැන ලොකු කතාවක් ගියා මතක ඇතිනේ. වැඩක් නෑ ඉතින් ඕවා සතියෙන් අමතකයිනෙ. හරි එමු කතාවට. මොකද උනේ ඇලෙක්ස් මැරුවා බ්‍රයිස්ව. ඒක ඇත්තටම මරන්න බලන් කරපු වැඩක් නෙවෙයි. සැක් ඇවිල්ලා බ්‍රයිස්ගෙ අත පය කඩලා දාලා තිබ්බ නිසා තමයි බ්‍රයිස් ගිලිලා මැරෙන්නෙ. බ්‍රයිස්ගෙ මරණෙට හේතුව ඇත්තටම ගිලුන එක. කොහෙන් කෝම හරි ඇලෙක්ස් නම් Gay සීන් එකට බහිනවා මේ කතාවෙදි. සැකාව කිස් කරලා තමයි මිනිහා සීන් එකට එහෙම එන්ටර් වෙන්නෙ.

ඉතින් මේ වගේ දේවල් මේ ඇත්ත සමජෙ සිද්ද වෙනවා. මොකද කියනවා නම් මන් දන්න කෙනෙකුත් ඉන්නවා කෙල්ලෙක් පස්සෙ ගිහින් දැන් Gay වෙලා ඉන්න කෙනෙක්. ඒක දැනගත්ත වෙලේ නම් මට රියල් ලයිෆ් ප්ලොට් ටුවිස්ට් එකක් උනේ ඇත්තටම. කන්ෆියුස්ඩ්. එනිවේ ඒ අය ටත් මේ සමාජෙ තැනක් තියෙන්න ඕනෙ කියන මතේ මන් ඉන්නවා. මේ කතාවෙ LGBT කැරැක්ටර්ස් වලට ලොකු තැනක් වෙන් කරලා තියෙනවා. ප්‍රොම් එකේදි ඇලෙක්ස් සහ චාලි කින් ඇන්ඩ් ක්වීන් කරපු එකෙන් ඒක ගොඩක්ම තේරෙනවා. එනිවේ මේක සාමාන්‍යයි. උදාහරණයක් විදියට ගත්තොත් MCU එකේ පවා දැන් LGBT කැරැක්ටර්ස් ඉන්නවා.

ඊළගට සීසන් ෆෝ එකේදි අපි දකින ක්ලේගෙ කැරැක්ටර් එක ගොඩක් ප්‍රශ්න නිසා මානසිකව වැටිලා ඉන්න චරිතයක්. කොටින්ම කියනවා නම් තමන් කරන දේවල් පවා මතක නෑ සමහරවෙලාවට. ඒ තරම් මිනිහගෙ තත්ත්වෙ සීරියස්. අර කෙල්ලගෙ ටේප් නිසා අවංකව ලව් කරපු එකාට ඩිප්‍රෙශන්. කොහොමහරි හැමෝටම උදව් කරන අයගෙ ජීවිත් අවුල් ජාලාවක්. කතාවෙදි විතරක් නෙවෙයි මේ සමාජෙ උනත් එහෙමයි. ඒ වගේ යාලුවො ඇත්තටම මේ සමාගෙ හරිම අඩුයි.  ඒ වගේම ක්ලේගෙ අම්මලා ජස්ටින්ව අරන් හදාගන්නවා කියල මට උඩදි කියන්න අමතකත් උනා. ඉතින් කෝමහරි ක්ලේ සහ ජස්ටින් සහෝදරයෝ වගේ ගොඩක් ළගින් තමයි ඉන්නෙ. ජස්ටින් ගෙ කැරැක්ටර් එක ගමු කෝ. පොඩි කාලෙදි තමන්ගෙ අම්මගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ලා විසින් අපයෝජනයට ලක් වෙලා තියෙන කෙනෙක්. ඒ වගේම පාරෙ ජීවත් උන කාලෙදි සල්ලි හොයාගන්න විවිධ ලිංගික ක්‍රියාකාරකම් වලත් ජස්ටින් යෙදිලා තියෙනවා. ඉතින් ඒම කෙනෙක්ව ඒ මදිවට ඩ්‍රග් ඇඩික්ටඩ් කෙනෙක්ව ගෙදර ගෙනත් තියාගෙන ඉන්න තරම් ක්ලේ කොච්චර මානුශීය යාලුවෙක්ද? තමන්ගෙ කාමරේ පුරා වමනෙ කර කර යන එකෙක්ව ගේ ඇතුලේ තියන් ඉන්න ක්ලේ කොච්චර හොද යාලුවෙක්ද? 

Justin in Prom


බ්‍රයිස් මැරුනා කියලා ජස්ටින් දැනගන්න වෙලාවෙ හැසිරුන විදිය මතකද? තමන්ගෙ සහෝදරයා කියන හැගීම ජස්ටින්ට බ්‍රයිස් ගැන ඒ වෙද්දිත් තිබුනා. තමන්ගෙ අම්ම මැරුනා කිව්වම ජස්ටින්ට දැනුන දුක එලියට පෙන්නන්නෙ නැතුව ඉන්න ට්‍රයි කරපු තැන මතකද? ජස්ටින් කියන්නෙ කෙලවෙන්න පුලුවන් හැම අතින්ම කෙල වෙලා හරියාගෙන එද්දි ආයෙ කෙල වෙච්ච චරිතයක්. කෝමහරි අන්තිමේට ප්‍රොම් එකේදි ජස්ටින් කලන්තෙ හැදිලා වැටෙනවා. පස්සෙ ජස්ටින් ඒඩ්ස් වලට ගොදුරු වෙලා කියලා දැනගන්නවා. කොලේජ් යන්න ලියුමත් ඇවිල්ලා තිබ්බෙ ජස්ටින්ට. ජීවිතේ ගොඩ දාගන්න ලගින්ම හිටිය කෙනෙක්. අන්තිමේදි ඒඩ්ස් වල ගොදුරක් උනා. ඩ්‍රග්ස් නිසාත් එයාට වෙනම ලෙඩ තිබුනා. මොනා උනත් අන්තිම එපිසෝඩ් එක ඇස් වල කඳුලු පුරවගෙන බලපු එපියක්. ක්ලේ ජස්ටින්ගෙ ලියුම කියවද්දි කඳුලු බේරෙන්න ගත්තා. එච්චරට ඒ සීන් එක ඉමෝශනල්. ගොඩම් අයට මේක දැනෙන්න ඇති. ඉතින් ඒ විදියට ජස්ටින්ගෙ මරණෙත් එක්ක ක්ලේ කොලේජ් යන තැනින් මේ කතා මාලාව ඉවර වෙනවා.

Justin Foley's Funeral

ඔයාගෙ හොදම යාලුවෙක් ඔය විදියට නැති උනොත් මොකක්ද ඔයාට වෙන්නෙ? දුකට සැපට හැම මගුලටම හිටපු බොක්ක හදිස්සියෙ නැති උනොත් ඒම උබලට මොනා හිතෙයිද? හිතද්දිත් අමාරුයි නේද? අන්න ඒ වගේ හැඟීමක් ක්ලේ කොහොමද දරාගත්තෙ කියලා දැන් පොඩි අදහසක් හරි ගන්න අමාරුයි නේ. මෙහෙමයි කවුරු මැරුනත් අපි ඉස්සරහට යන්න ඕනෙ. ඒක තමා ස්වභාවය. ටික කාලෙකින් ඕව අමතක වෙලා යනවා. මතක් වෙද්දි විතරක් පොඩි දුකක් එන්නෙ නැත්තෙමත් නෑ. එනිවේ ඒ වගේ සිදුවීමක් උනත් අපි ජීවිතේ ඉස්සරහට යන්න ඕනෙ කියන එක පෙන්නන්න තමයි ජස්ටින්ගෙ මරණෙන් කතාව ඉවර නොකර ක්ලේ කොලේජ් යන තැනින් කතාව ඉවර කරේ..............හැනාගෙ ටේප් 7 ගියපු දුරක් නේද? ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේකයි. මේ කතාව ලංකාවෙ සමාජෙට උනත් ගොඩක් ඇකියුරේට් කතාවක්. මන් හේතු එක්ක උඩ කියලා ඇති. ඒ වගේම කිසිම හොද දෙයක් කරන්න පරක්කු වෙන්න එපා කියලත් මතක් කරනවා. මේ කතාවෙන් මම නම් ඒක ලොකුවටම ගත්ත දේ ඒක. ආදරේ ප්‍රකාශ කරන එක ගැන විතරක් නෙවෙයි. හැමදේම හරි වෙලාවට කරන්න බලන්න. ක්ලේ හැනාට තමන්ගෙ ආදරේ ගැන කිව්වා නම් කතාව කොච්චර වෙනස් වෙනවද කියන එක සීරීස් එකෙන්ම පෙන්නුවනේ. Butterfly Effect වගේ තමා. (Butterfly Effect ගැන දන්නෙ නැත්තන් වෙනම ලිපියකින් කියන්නම් ඒ වගේ දේවල් ටිකක් ගැන). හරි. ඒක නිසා හැමතිස්සෙම තමන්ට ඇහුන් කන් දෙන්න. හදවතයි මොලයයි කියන්නෙ දෙකක් නෙවෙයි. තීරණ ගන්නෙ මොලෙන් විතරයි. හදවතෙන් කරන්නෙ ලේ පොම්ප කරන එක සරලවම ගත්තොත්. ඒක මතක තියාගන්න. තමන්ව පාලනයකින් තියාගන්න බලන්න. කෙල්ලො දිහා බලද්දි හිතෙන ඒව හිතේම තියාගන්න. බස් වල ජැක් ගහන්න යද්දිත් දෙපාරක් හිතන්න. 

අසහනකාර කෙල්ලො ලංකාවෙ නැතුව නෙවෙයි. මන් කියන්නෙ අහිංසක කෙල්ලෙක්ගෙ ජීවිතයක් විනාශ කරන්නෙ නැතුව ඉන්න බලන්න. ඒකෙම අනිත් පැත්තත් තියෙනවා. ගිය අවුරුද්දෙ (2020) ලීක් උන කෝල් රෙකෝඩින් මතක ඇතිනේ. කෙල්ලොන්ගෙ මානසිකත්වෙ ගැන තේරේන්න ඇතිනේ. කොල්ලොන්වත් දූෂණය කරන්න පුලුවන්. ටයිලර්ට උනා වගේ. ඒ වගේම මේ කතාවෙන් ලොකු දෙයක් සමාජෙට දුන්නා. ඒ හැමදේම දෙපැත්තක් තියෙනවා කියලා. ඒ වගේම කාටවත් වැරැද්දක් කියන්න බැරි තැනට කතාව අරගෙන ආවා. ඉතින් ඒ වගේම ඔයාලට ඔලුවට වද දෙන ප්‍රශ්න තියෙනව නම් ඒ ගැන කාත් එක්ක හරි වැඩිහිටියෙක් එක්ක කතා කරන්න. අම්ම තාත්තගෙන් සීරිසස් දේවල් හංගන්න යන්න එපා. අකල් මරණ ඕනෙ නෑනෙ. යාලුවෙක්ට හරි හිතේ තියෙන එක කියන්න.  මේ කතාව බලද්දි මේකෙ ඉන්න හැම චරිතයක්ම වගේ මගේ ඇත්ත ජීවිතේ දැකපු චරිත. ඇලෙක්ස් ගැන කිව්වා වගේ. මගේ චරිතෙට යම් යම් සමානකම් තියෙන චරිතෙකුත් මේකෙ ඉන්නවා. කවුද කියලා නොකියා ඉන්නම්. ඔයා මෙතනට වෙනකම් කියවගෙන ආවා කියන්නෙ අනිවාරෙන් මේ කතාවට ගොඩක්ම ආස කෙනෙක් වෙන්න ඇති. ඉතින් එහෙනම් අදට ඇති. ඔන්න ඒනම් මගේ 13 Reasons Why Review එක. මට 13 Reasons Why දැනුන හැටි. ලිපිය නම් සෑහෙන්න දිග් උනා. ඒනම් තවත් ලිපියකින් හම්බෙමු.

හැමෝටම ජය වේවා!!

13 Reasons Why (2017) on IMDb


13 Reasons Why | Season 01 | Official Trailer

4 Comments

  1. සිරාවට අන්තිම එපිය නම් බැලුවෙ හෙනම අමාරුවෙන් , එපිය නවත්තලත් ඇඩුනා 🙂❤

    ReplyDelete
  2. Favourite kthwk♥️🔥
    Ee wge tiyena thwa ktha tikak kiynn ynnko

    ReplyDelete
  3. ❤️❤️
    End of the Fucking World ගැනත් ලිපියක් ගේන්න පුලුවන් නම්... ����

    ReplyDelete
Post a Comment
Previous Post Next Post