Web Rip අඳුරු යුගය අවසන් කරමින් මිනිස්සු නැවතත් තියටර්ස් වෙතට

ස්ට්‍රීමින් සර්විස් වල බලපෑම සහ තියටර්ස් වල ඉරණම



අද වෙනකොට ලෝකේ ඉතාම ජනප්‍රිය වෙලා තියෙන ට්‍රෙන්ඩ් එකක් තමයි streaming service කියන එක.ලෝකේ පළවෙනි streaming television service එක තමයි Netflix.1997 දී මේ සමාගම ආරම්භ කළේ ෆිල්ම් රෙන්ටල් සහ විකිණීම සඳහා.හරියට නිකන් සාමාන්‍ය DVD ශොප් එකක් වගේ.2007 දී මේගොල්ලෝ එයාලගේ ම ස්ට්‍රීම්න් කන්ටෙන්ට් නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා.ඊට පස්සේ ගොඩක් ස්ටුඩීයෝස් Hulu,Disney +,Apple Tv + සහ HBO MAX වගේ එයාලාගේම ස්ට්‍රීම්න් සර්විසස් හදාගෙන තියෙනවා.මේ ස්ට්‍රීමින් සර්විසස් කියන්නේ මොනවද කියලා හෝ ඒවා වැඩකරන විදිය ගැන නම් වෙන වෙනම නම් කතා කරන්නේ නෑ.ස්ට්‍රීමින් සර්විසස් වලින් අද ලෝකේ වෙලා තියෙන බලපෑම ගැන සහ ලංකාවේ මිනිස්සු ස්ට්‍රීමින් සර්විස් සහ තියටර්ස් වලට නොයෑමේ ප්‍රශ්නය ගැන තමයි ගොඩක් කතා කරන්නේ. 

අද වනවිට Netflix එකට subscribers ලා මිලියන 203 කට වඩා ඉන්නවා.Disney + එකට මිලියන 100 කට වඩා සහ HBO MAX එකට මිලියන 40 ක වගේ ප්‍රමාණයක් ඉන්නවා.මේකෙන් තේරුම් ගන්න පුළුවන් ලෝකේ මිනිස්සු කොච්චර ස්ට්‍රීමින් සර්විස් වලට එකතු වෙලාද කියලා.මේ නිසාම ස්ට්‍රීමින් සර්විස් වලට අද පුළුවන් වෙලා තියෙනවා තනිවම බ්ලොක්බස්ටර් මූවීස්,ඔස්කාර් නොමිනේට් වෙන්න තරම් කොලිටි සහ high budget මූවීස් සහ ඒ වගේම TV shows නිෂ්පාදනය කරන්න.Netflix ආයතනය ඒ සඳහා බිලියන ගණනින් මුදල් වැය කරනවා.විශේෂයෙන් මේ කොවිඩ් වසංගතයත් එක්ක ඇතිවුණ lockdowns නිසා මිනිස්සු ස්ට්‍රීමින් සර්විස් වලට ගොඩක් නැඹුරු වෙලා තියෙනවා.දැන් ගොඩක් අය විවේචනය කරන දෙයක් තමයි මේ ස්ට්‍රීමින් සර්විස් වලින් සිනෙමා තියටර්ස් වලට බලපෑමක් වෙලා තියෙන එක.මම ඒකට ඔව් සහ නැහැ කියලා උත්තර දෙන්නම්. 

ඒක මෙහෙමයි.මූල්‍යම වශයෙන් ගත්තොත් ස්ට්‍රීමින් සර්විසස් වලින් තියටර්ස් වලට ලොකු බලපෑමක් වෙලා නෑ.කොවිඩ් වසංගතය එනකන් ලෝකේ ප්‍රධාන සිනෙමා වෙළඳපොළ ත්‍රිත්වය වෙන ඇමෙරිකාව,චීනය හා එංගලන්තය යන රටවල් තුනේම තියටර්ස් වල ලබපු අදායම පෙර අවුරුදු වලට සාපේක්ෂව ඉහළ ගිහින් තියෙනවා.ඒ වගේම ඇමෙරිකානු සිනෙමා ශාලා ආයතනයකින් කරපු සමීක්ෂණයකින් ඔප්පු වෙලා තියෙනවා ස්ට්‍රීමින් සර්විස් යූස් කරන අයගෙන් බහුතරයක් සිනෙමා ශාලා වලටත් යනවා කියලා.ඒ නිසා කවුරුහරි කියනවනම් ස්ට්‍රීමින් සර්විස් නිසා තියටර්ස් කර්මාන්තය වැටෙනවා කියලා,ඒක දැන්ම සාක්ෂි එක්ක ඔප්පු කරන්න බැහැ.හැබැයි මෙහෙමයි.ස්ටූඩියෝස් වලින් නිෂ්පාදනය කරන හැම ෆිල්ම් එකක් ම හෝල් වලට නොදා ස්ට්‍රීමින් සර්විස් වලට දාන එකේ ලොකු අවුලක් තියෙනවා.එතකොට ඒක සිනෙමා තියටර්ස් කර්මාන්තයට සෘජුවම බලපානවා.ඒක ගැන ඉස්සරහට කතා කරනවා.1950 ගණන් වල ටෙලිවිෂන් එනකොටත් ගොඩක් අය හිතුවේ සිනෙමා තියටර්ස් වලට ඒක බලපායි කියලා.නමුත් එහෙම වුණේ නැහැනේ.ස්ට්‍රීමින් සර්විස් වලටත් ඒකම තමයි කියන්න තියෙන්නේ.Streaming is the future.අපි ඒකට එකඟ වෙන්න ඕනේ. 

දැන් එතකොට මොනවද ස්ට්‍රීමින් සර්විස් වලින් වෙන අහිතකර බලපෑම්?ඉස්සෙල්ලාම පොදුවේ හැම රටකටම බලපාන ඒවා බලමු.සාමාන්‍යයෙන් කෙනෙක් ෆිල්ම් එකක් බලන්නේ Desktop එකෙන්,TV එකෙන්,ගෙදර තියටර් room එකේ නැත්නම් හෝල් එකක.Laptops වලත් සාමාන්‍යයෙන් බලන අය ඉන්නවා.ෆිල්ම් එකක් බලනකොට 4 th wall කියලා සලකන දෙයක් තියෙනවා.මේ 4 th wall කියන්නේ ෆිල්ම් එක යනවනේ....ෆිල්ම් එකේ සිදුවීම් වෙනවා....අපි ඒක බලන්නේ අපේ ඇස් වලින්.....අපි ඒක බලලා විඳිනවා.....ඒ අපේ ඇස් සහ ෆිල්ම් එක run වෙන screen එක අතර තියෙන සෑම දෙයක්ම ඒ 4 th wall එකට අයිතියි.අපි ෆිල්ම් එක විඳින එකට බාධා කරන එක සහ ෆිල්ම් එකේ තියෙන ලෝකය සහ අපි ඇත්තට ඉන්න ලෝකය වෙන්කරන්නේ ඒ 4 th wall එකෙන්.ෆිල්ම් එකක් සම්පූර්ණයෙන් විඳින්න නම් අපි සම්පූර්ණයෙන්ම ඒ ෆිල්ම් එක තියෙන ලෝකේ ඉන්න ඕනේ.මේ 4 th wall එක,ඒ කියන්නේ ෆිල්ම් එක run වෙන screen එක සහ අපේ ඇස් දක්වා තියෙන පරිසරය visible වෙන්න වෙන්න ෆිල්ම් එකේ තියෙන වින්දනය අඩු වෙනවා.ටිකක් හොයලා බැලුවොත් දැනගන්න පුළුවන් වෙයි කවදාවත් POV(point of view) ෆිල්ම් එකක් සාර්ථක ව ප්‍රේක්ෂකයන් අතරට ගෙනියන්න බැහැ කියලා.POV ෆිල්ම් එකක් කියන්නේ කතාවේ ප්‍රධාන චරිතයේ ඇස් වලින් ලෝකය දකින ලෙසින් නිර්මාණය කරලා තියෙන එකක්.එහෙම එකකදී ෆිල්ම් එකේ අනික් චරිත ප්‍රධාන චරිතය දිහා බලනකොට ඒ කියන්නේ අපි දිහා බලනකොට අපිට ෆිල්ම් එක කෘතිම දෙයක් නැත්නම් ෆේක් එකක් කියලා දැනෙනවා.ඒතකොට අපිට ෆිල්ම් එකේ සම්පූර්ණ විඳීම එන්නේ නැහැ.POV ෆිල්ම් එකකින් කරන්නේ 4 th wall එක සෑහෙන visible කරන එක.ඒක සාර්ථක නැහැ.ඒකයි දැන් ඒ වගේ ෆිල්ම් එකක් වත් එන්නේ නැත්තේ.අපි ෆිල්ම් එකක් හෝල් එකක බලනකොට හෝල් එක අඳුරු කරන්නෙත්,හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් පාවිච්චි කරන්නෙත් ඒ වගේම 3D වගේ තාක්ෂණයන් ලෝකෙට හඳුන්වාදුන්නෙත් මේ 4 th wall එක visible වෙන එක පුළුවන් තරම් අඩු කරන්න.ගෙදර ඉඳන් ස්ට්‍රීමින් සර්විස් එකක බලනකොට හෝල් එකකින් ලැබෙන පහසුකම් ඇත්තෙම නැති තරම්.වටපිටාවේ ඇතිවෙන ශබ්ද,දේවල් සහ සිදුවීම් වලින් ෆිල්ම් එක රසවිඳීමට බාධාවෙන්න පුළුවන්.අනික් ප්‍රශ්නේ තමයි ස්ට්‍රීමින් සර්විස් වල තියෙන කොලිටි එකේ ප්‍රශ්නේ.සාමාන්‍ය HD විදියට ස්ට්‍රීමින් සර්විස් එකක ෆිල්ම් එකක් බලන්න 5Mbs හා 3D විදියට බලන්න 12Mbs ක අන්තර්ජාල වේගයක් අවශ්‍ය වෙනවා.මේ වේගය තිබුණේ නැතිවුණොත් අපිට අවශ්‍ය කොලිටි එකට බලාගන්න බැරි වෙනවා.ඒ වුණත් හෝල් එකකින් එහෙම කරදරයක් වෙන්නේ නෑ. 


ඊළඟට බලමු ස්ට්‍රීමින් සර්විස් නිසා ලංකාව වගේ රටවල් වලට ඇති වෙලා තියෙන බලපෑම.ඉස්සෙල්ලාම කියන්න ඕනේ ලංකාවේ ඉන්න ස්ට්‍රීමින් සර්විස් යූස් කරන කමියුනිටි එක ගැන.මම ලංකාවේ කැමතිම කමියුනිටි එකක් තමයි ලංකාවේ Netflix කමියුනිටි එක.සුපිරිම සෙට් එකක් තමයි ඉන්නේ.මම කතා කරන්නේ quantity එක ගැන නෙවේ.ප්‍රමාණය ගැන නෙවේ.quality එක ගැන.International level එකටම ගැළපෙන කමියුනිටි එකක් ඉන්නවා.මට පෞද්ගලිකව දන්න ගොඩක් අයට Netflix accounts තියෙනවා.ඒ වුණාට ඒ කිසිම කෙනෙක් හෝල් වලට යන්නේ නැති අය නෙවෙයි.මටත් වඩා හෝල් වලට යන අය තමයි ගොඩක් හිටියේ.සාපේක්ෂව බහුතරයක් එහෙමයි.ඒ කිසිම කෙනෙක් pirate sites වලින් බාන අයට මොනවත් කියනවා අහලා නෑ මේ වෙනකන්.ඒකට හේතුව කියන්නම් ඉස්සරහට.කොහොමහරි එහෙමනම් ලංකාවට මොනවද වෙලා තියෙන අවාසි?කොවිඩ් වසංගතයත් එක්ක ඇතිවුණ තත්වය නිසා ගොඩක් රටවල් වල හෝල් වැහුනා නේ.ඒ නිසා ගොඩක් ස්ටූඩීයෝස් වලින් ඒ ගොල්ලන්ගේ ෆිල්ම් එළියට දානකොට ඒ එක්කම ස්ට්‍රීමින් සර්විස් වලට ත් දැම්මා.එහෙම නැත්නම් ස්ට්‍රීමින් සර්විස් වලට විතරක් දැම්මා.මේකෙන් වුණේ pirating වැඩි වුණ එක.අපි හිතන් හිටියේ ඉස්සරහට pirating අඩු වෙලා මිනිස්සු හෝල් වලට ගිහින් බලයි නැත්නම් ස්ට්‍රීමින් සර්විස් වලට එකතු වෙයි කියලා.ඒ වුණාට වුණේ මොකක් ද?ඔක්කොම රිවර්ස් වෙච්ච එක.ඉස්සර pirated blu ray බලපු අය දැන් web rip බලනවා. Resolution එක මොකක්වුණත් blu ray වල තියෙන කොලිටි එක web rip වල නැහැ.මගේ නම් ඇහැට ඒක දැනෙනවා.මොන සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරත්.YTS වේවා PSA වේවා මොක වුණත් එහෙමයි.සාමාන්‍යයෙන් blu ray කොපි එකක් එන්න මාස 3 ක් විතර යනවා.ඉස්සර මිනිස්සු එච්චර කල් ඉන්න බැහැ කියලා හරි හෝල් වලට ගියා.දැන් එහෙම නෙවේ නේ.ටිකක් හිතන්න අපි හැමෝම Endgame හෝල් එකේ බලන්න ගියා.ගියපු අය දන්නවනේ ඒකේ අත්දැකීම.යම් හේතුවක් නිසා අපි හෝල් වලට යන එක නැවතුණොත් මොක ද වෙන්නේ?දැනටමත් සමහර තැන් වල වෙනවා වගේ එක්කෝ හෝල් වහනවා නැත්නම් විදේශීය ෆිල්ම් පෙන්නන එක නවත්වනවා.ඊට පස්සේ දුරපළාත් වල ඉන්න අයට කිලෝමීටර් ගාණක් බඩගාන්න ඕනේ හොඳ ෆිල්ම් එකක් හෝල් එකක බලන්න ආස හිතුණොත්.නිකන් හිතන්න ලංකාවේ Endgame පෙන්නන්න බැරි වුණානම්? 


ඒ වුණාට ගොඩක් අයට හෝල් එකක ෆිල්ම් බලන්න අපහසු කම් තියෙනවා.ඒක පිළිගන්න ඕනේ.ලංකාවේ සමාජ හා ආර්ථික තත්ත්වය එක්ක ෆිල්ම් එකක් හෝල් එකක බලනවා කියන්නේ ගොඩක් අය අමතර වියදමක් විදියට තමයි සලකන්නේ.ප්‍රායෝගිකව නෙවේ.ඒක සමාජයේ ඉන්න අයම විහින් හදාගත්තු එකක්.හැම රටකම වගේ Movie Night කියන එක ජනප්‍රිය සංස්කෘතියක්.Hangout,familyout හෝ date කරනකොට තෝරගන්න එක විදියක් තමයි හෝල් එකක ෆිල්ම් එකක් බලන එක.ෆිල්ම් එක බලන එක ඈ.හෝල් එකට යන එක නෙවෙයි.මෙහෙ ටිකක් වෙනස් නේ සමහර අය ෆිල්ම් බලන විදිහ.කොහොමහරි හෝල් එකක ෆිල්ම් එකක් බලනවා කියන්නේ මේ අමුතු විශේෂ දෙයක් නෙවේ.ඒක සාමාන්‍යයෙන් ලෝකේ කෙරෙන දෙයක්.ලංකාවේ ගොඩක් අයට හැබැයි ඒක කරන එක අමුතු දෙයක් නැත්නම් අමාරු දෙයක් කියලා තමයි කියන්නේ.සමහර අයට කාලය පිළිබඳ ප්‍රශ්න තියෙනවා කියනවා. සමහර අයට මුදල් පිළිබඳ ප්‍රශ්න තියෙනවා කියනවා.කාලය පිළිබඳ ප්‍රශ්න තියෙනවා කියන එකනම් මම දන්නේ නෑ.සතියේ දවස් හතෙන් එක වරුවක් ෆිල්ම් එකක් බලලා හිත නිදහස් කරගන්න තරම් අවස්ථාවක් කෙනෙක්ට නෑ කියන්නේ පුදුම අවාසනාවක්.සමහර අයට සල්ලි ප්‍රශ්න තියෙනවා කියනවා.මෙහෙමයි.සමහර අයට ෆිල්ම් එකක් බලන්න යනවා කියන්නෙත් ට්‍රිප් එකක් යනවා වගේනේ.සල්ලි වියදම් කරගෙන බස් ගානේ බඩ ගගා වේල් දෙක තුන පිටින් කකා තමයි ෆිල්ම් එක බලන්නේ.ඒක ඇත්තට ප්‍රශ්නයක් තමයි.ෆිල්ම් එකක් බලන්න එන්නේ හිත නිදහස් කරගෙන මොකක්හරි රසවින්දනයක් ලබා ගන්නනේ.කිලෝමීටර් ගණන් බස් වල දුක්විඳගෙන එනවා කියන්නේ සෑහෙන කරදරයක් තමයි.හැබැයි මෙහෙමයි.ෆිල්ම් එකක් හෝල් එකක බලන්න නැත්නම් ස්ට්‍රීමින් සර්විස් එකකට join වෙන්න එහෙම නැත්නම් හොඳ කොලිටියට ෆිල්ම් එකක් බලන්න පුරුදු වෙන්න හොඳ ආකල්පයක් සහ පසුබිමක් තියෙන්න ඕනේ. 


ඒක මෙහෙමයි.මම ගත්තොත් මගේ තාත්තා ෆිල්ම් වලට සෑහෙන කැමති කෙනෙක්.පොඩි කාලේ සිංහල ෆිල්ම් බලලා පස්සේ හොලිවුඩ් වලට පුරුදු වුණ කෙනෙක්.ඒ නිසාම වෙන්නැති මම පොඩි කාලේ ඉඳන් හැමදාම වගේ හොලිවුඩ් ෆිල්ම් බැලුවා.ඒ වගේම අපිව පුරුදු කරලා තියෙනවා හොඳ කොලිටියෙන් ෆිල්ම් එකක් බලන්න.දැන් කොහොමද දන්නෑ ඒ කාලේ ලංකාවේ තිබ්බ ලොකුම DVD ශොප් එක තිබ්බේ Liberty Plaza එකේ.එතන තමා ලංකාවේ හොඳම කොලිටියෙන් තිබුණු ෆිල්ම්ස් තිබුණේ.එතනින් තමයි අපිට ෆිල්ම්ස් අරන් දුන්නේ.එහෙම කිව්වට අපි එහෙම ලොකු සල්ලිකාරයෝ නෙවේ.සාමාන්‍ය පවුලක්.හැබැයි කොලිටි කියන එක සෑහෙන වැදගත් කියලා ඒ කාලේම අපි ඉගෙන ගත්තා.ඒ නිසාම තමයි අපි හොඳ කොලිටියෙන් කොපියක් එනකන් මාස 4,5 බලාගෙන හිටියා.මම ජීවිතේට අදවෙනකන් එක කැම්කොපියක් බලලා නෑ.අදටත් දන්නෑ කැම්කොපි මොනවගේ ද කියලා.ඒ වගේම මම ගියපු ස්කෝල වල හැම අවුරුද්දකම එක වතාවක් හරි grade එකේ ළමයි ඔක්කොටම ෆිල්ම් එකක් පෙන්නවා.අපිට නිකන් ම හෝල් වල එක්ස්පීරියන්ස් එක හම්බෙනවා.මන් දන්නෑ දැන් ස්කෝල වල ඒවා කරනව ද කියලා.මට නම් ඒකෙන් සෑහෙන ප්‍රයෝජනයක් වුණා.අදටත් ස්කෝලේ යාළුවෝ එක්ක hangout එකක් තිබ්බොත් ගොඩක්වෙලාවට කරන්නේ ෆිල්ම් එකක් බලන්න යන එක.ඔය වගේ හේතු නිසා මම පුරුදු වෙලා තියෙනවා උපරිම කොලිටියෙන් ෆිල්ම් එකක් බලන්න සහ පුළුවන් හැම වෙලේම හෝල් එකකට යන්න.හැමෝටම මට තිබුණ පසුබිම නෑනේ.සමහර ගෙවල් තියෙනවා මන් දන්නවා හොලිවුඩ් ෆිල්ම් එකක් කිව්ව ගමන් ළමයින්ට බලන්න දෙන්නේ නෑ.ඒ වගේ විකාර තියෙනවනේ. 


කොහොමහරි මන් කියන්නේ මේකයි.දැන් අපි ඉන්නේ 21 වෙනි සියවසේ.මිනිස්සු තවදුරටත් අනුන් මත depend වෙන කාලේ නෙවේ මේ.තනිවම හැමදෙයක්ම ඉගෙන ගන්න කාලේ.හොඳ දේ මොකක් ද නරක දේ මොකක් ද කියලා අපි අපිම හිතලා බලන්න ඕනේ.ඔයා අද කැම්කොපියක් බලන එක කමක් නෑ.හැබැයි කාලෙකට පස්සේ ඒක හොඳ DVD කොපියකට මාරු කරගන්න දැනුම ඔයාට තියෙන්න ඕනේ.පස්සේ YTS පස්සේ PSA.ඒ වගේ ඉස්සරහට යන්න ඕනේ.ඔයා අද YTS පාවිච්චි කරලා හෙට කැම්කොපියක් බලනවනම් ඒක ප්‍රශ්නයක් නේ?අද ඔයා ලැප් එකක බැලුවට කමක් නෑ.පස්සේ කාලෙක ඔයාට desktop එකකට,TV එකකට පස්සේ streaming service එකකට join වෙන්න සහ හෝල් එකකට යන්න දැනුම තියෙන්න ඕනේ.Blu ray බල බල හිටපු කෙනෙක් web rip වලට එනකොට ඒක අවුලක් වෙනවනේ.මේ streaming service වලින් වෙන pirating නිසා ඇතිවෙන බලපෑමක් ඒක.Netflix අකවුන්ට්ස් තියෙන ගොඩක් අය කලින් pirated films බලපු අය තමා.දැනුත් Netflix නැති ෆිල්ම් සහ TV shows ඒ අය බලන්නේ pirated සයිට්ස් වලින් තමා.ඒකයි කියන්නේ ඔයා pirated ෆිල්ම්ස් බැලුවට කමක් නෑ.හැබැයි දියුණුවක් තියෙන්න ඕනේ.පුළුවන් තරම් හොඳ ආකල්පයක් ඇති කරගන්න ඕනේ තමන් තමන්ට හැකි පමණින් ස්ට්‍රීමින් සර්විස් වලින් හෝ හෝල් වලින් ෆිල්ම් බලනවා කියලා.ඔයා හොලිවුඩ් ෆෑන් කෙනෙක් නම් අවුරුද්දට හොලිවුඩ් ෆිල්ම් 30 ක් හෝල් වලට එනවා නම් අඩු ගාණේ 3 ක් 4 ක් හෝ බලන්න පුරුදු වෙන්න ඕනේ.ඒක මහ ලොකු විශේෂ අමුතු සමාජයේ වෙනම කට්ටියකට සීමා වුණු මැජික් එකක් නෙවේ.සාමාන්‍යය දෙයක්. 


ඒ වගේම තව අය අහන දෙයක් තමයි හෝල් වල ෆිල්ම් බැලුවම ඒවා මාස්ටර්පීස් වෙනවද කියලා.නෑ.කොහෙත්ම නෑ.මාස්ටර්පීස් කියන වචනේ ගොඩක් සාපේක්ෂ එකක්.Sci fi බලන්න පුරුදු වෙච්ච කෙනෙක්ට මාස්ටර්පීස් වෙන්නේ sci fi ෆිල්ම් විතරක් වෙන්න පුළුවන්.අවුරුදු 10 ක විතර ගෑනු ළමයෙක් ට එයාගේ මාස්ටර්පීස් එක Wonder Woman 1984 වෙන්න පුළුවන්.ඒක ඒ ඒ අයට සාපේක්ෂයි.අපිට ඒකට බලපෑම් කරන්න බෑ.දිග මනින්න ඒකකයක් තියෙනවා.ස්කන්ධය මනින්න තියෙනවා.ඒ වගේ අපිට ෆිල්ම් එකක් මනින්න ඒකකයක් තියෙනවද?නැහැනේ.ඒ නිසා තමයි audience ratings ගන්නේ.දළ අදහසක් ගන්න.Godfather ෆිල්ම් එක ගත්තොත් ඒකට 10/10 දුන්න අයත් ඇති, 1/10 දුන්න අයත් ඇති.ඒක ඒ ඒ පුද්ගලයන්ගේ රසවින්දනයේ ස්වභාවය.හෝල් එකක බලන හැම ෆිල්ම් එකක් මාස්ටපීස් වෙන්නේ නෑ.හැබැයි මාස්ටර්පීස් වුණ ගොඩක් ෆිල්ම් මාස්ටර්පීස් වුණේ හෝල් එකේ බලපු අය දුන්න ratings වලින්.ඒ කිසිම rating එකකට තමන්ගේ හිතේ මාස්ටර්පීස් එකට බාධා කරන්න බැහැ.හැබැයි අපි හැමවෙලේම ඕනම ෆිල්ම් එකකට හොඳ credit එකක් දෙන්න දැනගන්න ඕනේ.මම මතක ඇති කාලේක ඉඳන්,මම ඉස්සෙල්ලාම බැලුවා කියලා මතක අවුරුදු 3,4 දී වගේ The Lion King,එදා ඉඳන් අද වෙනකන් ෆිල්ම් 1000 කට වඩා බලලා ඇති.හැබැයි අද වෙනකන් කිසිම ෆිල්ම් එකක් වැඩක් නෑ කියලා නෑ.මොකද මම පුරුදු වෙලා තියෙන්නේ බලන ෆිල්ම් එක ඇතුලේ ජීවත් වෙන්න මිසක් බලන්න බලාපොරොත්තු වෙන ෆිල්ම් එක ඇතුළේ ජීවත් වෙන්න නෙවේ.ඒ නිසා කවදාවත් ෆිල්ම් එකක් overrated වත් underrated වත් වෙලා නෑ මට.ඒ වුණාට ලංකාවේ ගොඩක් මිනිස්සු ෆිල්ම් judge කරන්න යනවා.ක්‍රිටිසයිස් කරන්න යනවා.මන් හිතන්නේ ඒක අවශ්‍ය නැහැ.ඕනම ෆිල්ම් එකක් රසවිඳීමේ හැකියාව අපිට තියෙන්න ඕනේ.ගොඩක් අය ෆිල්ම් එක රසවිඳින්න නෙවේ නේ උත්සාහ කරන්නේ.ප්ලොට් ට්විස්ට් එකක් තියෙනවා කියලා දන්නවනම් ෆිල්ම් එක පටන් ගත්තු වෙලේ ඉඳන් කරන්නේ ට්විස්ට් එක මොකක්ද කියලා guess කරන්න උත්සාහ කරන එක.ෆිල්ම් එක හරියට විඳීමක් වෙන්නේ නෑ එතකොට.ඔයාට තාවකාලික් සතුටක් එන්න පුළුවන් මම ට්විස්ට් එක කලින් දැනගත්තා මම පොරක් කියලා.හැබැයි ඔයාට වඩා ට්විස්ට් එක guess නොකර ට්විස්ට් එක වෙනකන් අවධානෙන් බලපු කෙනෙක් ට ෆිල්ම් එක සෑහෙන රසවත්.ඔයා sci fi ගැන කොච්චර දන්න කෙනෙක් වුණත් වැඩක් නෑ ඔයා උත්සාහ කරන්නේ පළවෙනි පාරම හැම dialogue එකකදිම pause කරලා පැය 2 ෆිල්ම් එක පැය 4,5 බලලා තේරුම් ගන්න නම් ඔයාට ෆිල්ම් එකේ රසවිඳීම එන්නේ නැහැ.ඔයාට facebook ඇවිල්ලා කියන්න පුළුවන් ෆිල්ම් එකේ මහලොකු දෙයක් නැහැ මට තේරුම් ගන්න පුළුවන් කියලා,මට කියන්න තියෙන්නේ සමන් එදිරිමුණි ද කොහෙදෝ කියපු එක තමයි.මිනිස්සු නිර්මාණ බලන්නේ ප්‍රහේළිකා විසඳන්න නෙවේ.විඳින්න.කොච්චර ලොකු sci fi එකක් වුණත් මොකක්හරි story එකක් දාන්නේ ඇයි ඇතුළට.ඒ වින්දනය ලබා දෙන්න.ඒක බැලුවට පස්සේ පැත්තකට වෙලා කල්පනා කරන්න ඕනේ ෆිල්ම් එකේ තියරීස් ගැන.ඒ මිසක් ඒක කරන්න ඕනේ ෆිල්ම් එක බලන වෙලාවේ නෙවේ.මම තමයි මේ පේජ් එකේ Tenet රිවීව් එක ගෙනාවේ මම එක පාරක් හෝල් එකේ බැලුවා ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරලා බැලුවා සමහර dialogue තේරුණේ නැති නිසා.ඒත් runtime එකට වඩා ලොකු වෙලාවක් ගියේ නෑ මට බලන්න.ෆිල්ම් එක අවධානෙන් බැලුවා නම්,ඔයා ඒ ලෝකේ ජීවත් වුණා නම් ඔයාට ඒ තියරීස් බ්‍රේක්ඩවුන් කරන එක ලේසි.නමුත් ගොඩක් අය කරන්නේ 4 th wall එකේ ඉඳන් ෆිල්ම් එක criticize කරන එක.මන් දන්නෑ ඒ ඇයි කියලා.මට සිංහල subtitles දාලා බලන එක පවා සෑහෙන අවුල්.ෆිල්ම් එකේ කැරැක්ටර්ස් කියන වචන සහ subtitles වල තියෙන්නේ වෙනම භාෂා දෙකක වචන වුණාම මට තේරේන්නේ 4 th wall එක visible වෙනවා වගේ.මම පෞද්ගලිකව උත්සාහ කරන්නේ පුළුවන් තරම 4 th wall එකේ බාධාවක් නැතුව ෆිල්ම් එක බලන්න ෆිල්ම් එක රසවිඳින්නේ තමන්ටනේ.කවුරුවත් ඉස්සරහ කැපී පේන්න නෙවේනේ.Blue is the Warmest Colour වගේ ෆිල්ම් එකක් පිරිමි අයටත් ගොඩක් සංවේදි වෙන්න පුළුවන්.ඒ ඇයි.අපි ෆිල්ම් එක බලනකොට ඒ ලෝකේ ජීවත් වෙන නිසා.ඒකයි විඳීම කියන්නේ.එහෙම නැතුව ෆිල්ම් එක බලනකොට criticize කරන්න ගියොත් අපිට ෆිල්ම් එක විඳින්න බැරි වෙනවා.අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ 4 th wall එක visible වෙන එක අඩු කරන්න. 


අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ස්ට්‍රීමින් සර්විස් හා හෝල් අතර තියෙන්නේ අපි දකින්න බලාපොරොත්තු වෙන සම්බන්ධයක් නෙවේ.ලෝක ජනගහණය වෙනස් වීම හා විශ්වයේ ප්‍රසාරණය දෙකක්.හැබැයි ඒ දෙකම වැඩි වෙනවා.ඒ වගේම තමයි streaming service වගේම තියටර්ස් වලත් භාවිතය වැඩි වෙනවා.නමුත් මොකක්හරි අවාසනාවකට මේ web rip කේස් එක හින්දා ලංකාවේ මේ ට්‍රෙන්ඩ් එක රිවර්ස් වෙන එක තමයි වෙන්නේ.ලංකාවේ අවංක ෆැන්ඩම් එකක් විදියට අපි කරන්න ඕනේ ඒ ට්‍රෙන්ඩ් එකට අනුගත වෙන එක.මම කියන්නේ නෑ එන හැම ෆිල්ම් එකක් ම උපරිම කොලිටි එකෙන් බලන එක හෝ හෝල් එකක බලන්න ඕනේ කියලා.ඒ වුණාට හැම ෆිල්ම් එකක් ම උපරිම කොලිටියෙන් හා හෝල් එකක බලන්න සුදුසුයි. 


**********************************


උඩ ඔයාලා කියවපු ලිපිය මම මීට මාස හයකට කලින් ලියපු ආටිකල් එකක්. ඒ කාලේ මේ ෆිල්ම් කමියුනිටි එකේ තිබ්බ තත්වේ ගැන මම ඉස්සෙල්ලා ටිකක් කියලා ඉන්නම්. ඔය ආටිකල් එක ලියපු කාලේ තමයි ලෝකේ පුරා දරුණුවටම කොවිඩ් පැතිරෙන්න පටන් අරන් තිබ්බේ. ඉන්දියාවේ එහෙම මිනිස්සු දහස් ගණන් මැරෙන සහ ඇමෙරිකාවේ දවසට ලක්ෂ ගණන් කොවිඩ් රෝගීන් වාර්තා වුණ කාලයක්. ලෝකේ එහෙම දරුණුවටම කොවිඩ් පැන්ඩමික් එක යනකොට ඒක මූවි ෆීල්ඩ් එකටත් තදින්ම දැනුණා. තියටර්ස් ඕපන් කරන්නේ නැති නිසා මිනිස්සු ස්ට්‍රීමින් සර්විස් වලට තමා යොමුවුණේ. ඉතින් ගොඩක් අය, විශේෂයෙන් මෙහෙ අය හිතුවේ ඉස්සරහට දිගටම ස්ට්‍රීමින් විතරක්ම උඩට නැඟගෙන එයි තියටර්ස් කියන කන්සෙප්ට් එක නැතිවෙයි කියලා. අන්න එහෙම බහුතරය හිතන් ඉන්න වෙලාවකදී තමයි RWC ලා ඇතුළු ඉතාම ටික දෙනෙක් මෙහෙම හිතන් ඉන්න එක වැරදී කියලා හෝල්ස් වලට යන්න කියලා කට්ටියව පෙළඹෙව්වේ. එහෙම කරද්දි ගොඩක් අය ඒ ඒ අයගේ දැනුම් මට්ටමට අනුව එක එක දේවල් කිව්වනේ. මොකටද හෝල් වලට බඩගාන්නේ, ස්ට්‍රීමින් කරනවනම් ඇයි හෝල් වලට යන්නේ, ගෙදර ඉඳන් 4K බාලා හෝම් තියටර් දාලා බලනවා හෝල් එකේ බලනවා වගේ තමයි වගේ දේවල් සෑහෙන කිව්වනේ. Godzilla vs Kong ෆිල්ම් එකේ ප්‍රීමියර් එකක් කරනකොටත් සෑහෙන දේවල් කිව්වනේ. ඒත් මේ ප්‍රීමියර්ස් තියන එක සහ Web rip බලන එක ඩිස්කරේජ් කරේ නැත්නම් Web rip බලන්න එපා කිව්වේ හේතු ඇතිව. උඩ ආටිකල් එකේ කියලා තියෙනවා වගේ හොලිවුඩ් වල ජනප්‍රිය ක්‍රිටික් කෙනෙක් වෙන Grace Randolph කෙලින්ම කියලා තියෙනවා මිනිස්සුන්ට හෝල් වලට යන්න උනන්දු කරන්න නම් ස්ට්‍රීමින් වලින් ෆිල්ම්ස් බලන එක ඩිස්කරේජ් කරන්න ඕනේ කියලා. ස්ට්‍රීමින් සර්විස් හෝ Web rip ගෙදර ඉඳන් බලන එක හොඳයි කියලා හිතන් ඉන්නකන් මිනිස්සු හෝල්ස් වලට යන්නේ නෑ. ඒකයි ඔච්චර ගෙදර ඉඳන් ෆිල්ම්ස් බලන එක ඩිස්කරේජ් කරන්නේ. කොහොම කොහොම හරි මේ වෙනකොට ඒ හැමදේකටම උත්තර ලැබිලා තියෙනවා. ස්ට්‍රීමින් රජ වෙලා තියටර්ස් වැටෙයි කියලා කියපු මෙහෙ හිටපු ෆිල්ම්ස් ඔස්තාර් ලට කට උත්තර නැති වෙන විදිහට true cinephiles ලා වැඩේ දීලා තියෙනවා. තියටර්ස් වහලා තිබිලා නැවත රීඕපන් කරාට පස්සේ රිලීස් කරපු පළවෙනි මේජර් ෆිල්ම් එක තමයි Fast 9 කියන්නේ. බහුතරය ෆිල්ම් එක වැඩක් නෑ කිව්වට ඒ තියටර් එක්ස්පීරියන්ස් එක ගන්න ලෝකේ මිනිස්සු සෑහෙන ගාණක් ගිහිල්ලා තියෙනවා. මේ වෙනකොට F9 වල ආදායම ඩොලර් මිලියන 700 ත් පහු කරලා තියෙන්නේ. මේ අවුරුද්දේ හොලිවුඩ් ෆිල්ම් එකක් දැනට ලබලා තියෙන ඉහළම ආදායම. ඊළඟට Godzilla vs Kong ෆිල්ම් එක. හැමෝම හිතන් ඉන්නේ මේක ෆ්ලොප් වුණ ෆිල්ම් එකක් කියලා. ඒ වුණාට 2021 ලෝකේ වැඩියෙන්ම ආදායම් ලබපු ෆිල්ම් 5 ඇතුළේ මේක තියෙනවා. F9 සහ GVK විතරයි හොලිවුඩ් ෆිල්ම්ස් වලින් පළවෙනි 5 අතර තියෙන්නේ. MCU ෆිල්ම් දෙකම ඒ කියන්නේ Black Widow සහ Shang Chi දෙකම තියෙන්නේ මේ දෙකට පස්සේ. අළුත්ම James Bond ෆිල්ම් එක වෙන No Time to Die එක එක තමා දැනට හොලිවුඩ් ෆිල්ම්ස් ලබපු ආදායම් අතරින් තුන්වෙනි තැනට ඉන්නේ. 

Top Box Office in 2021

බහුතරය හිතන්නේ උඩ කියපු හැම ෆිල්ම් එකම වගේ ෆ්ලොප් ඒවා කියලා. වන් බිලියන් ගහන්න බැරිනම් ඒවා ෆ්ලොප් කියලා තමයි හිතන් ඉන්නේ. ෆෑන්බේස් නැත්නම් කොහොමද ෆිල්ම් එකක් බොක්ස් ඔෆිස් ගහන්නේ කියලා තේරුම් ගන්න තරම් දැනුමක් නෑ. මෙහෙ ගොඩක් අය හෝල් එකට ගිහින් ෆිල්ම් එකක් බැලුවේ blu ray එනකන් ඉන්න බැරි නිසා සහ ඒ වෙනකන් හිටියොත් ස්පොයිල් වෙනවා කියලා හිතන නිසා. දැන් ෆිල්ම් ස්ට්‍රීමින් කරන නිසා එදාම Web rip එක එනවා ඒ නිසා හෝල් වලට යන්න ඕනේ නෑ rip එක බාලා බලනවා කියන අදහසේ තමයි බහුතරය ඉන්නේ. එහෙම බලන අය මේ මේ ෆිල්ම් ලබපු ආදායම් වාර්තා අරන් මේක ෆ්ලොප් නෙවේ හැබැයි මේක ෆ්ලොප් කියලා කියන්නේ කොහොම ද කියලා කියන එක මට නම් තේරෙන්නේ නැහැ. වර්ස්ට් ම දේ තමයි දැන් ගොඩක් අය Web rip බලන එකට ඇඩික්ට් වෙලා ඉන්නේ. මොකක්හරි ෆිල්ම් එකක් රිලීස් වුණ ගමන් අහන්නේ Web rip එක ආවද කියලා. Dune එක ග්ලෝබල් රිලීස් වෙලත් නැතුව ලීක් එකක් බලන්න ලින්ක් ඉල්ලන එක කමක් නෑ කියමුකෝ. ඒකෙත් සිංහල සබ් ඉල්ලනකොට? කොච්චර පැතටික් ද කියලා තේරුම්ගන්න ඕනේ. ඩිරෙක්ටර්ස් ලා ඉල්ලනවා මේ ෆිල්ම්ස් තියටර්ස් වල බලන්න කියලා. ලෝකේ හැම රටකම මිනිස්සු යනවා ඒ ෆිල්ම්ස් බලන්න. තාම කොවිඩ් පැන්ඩමික් එක ඉවරත් නැහැ. ඒත් සෑහෙන ගාණක් යනවා මිනිස්සු. ඩොලර් මිලියන් 500 ගහන්න ළඟදී රිලීස් වුණ හැම මේජර් ෆිල්ම් එකකටම වගේ පුළුවන් වුණේ ඒ නිසා. වන් බිලියන් ගැහුවොත් විතරයි ෆිල්ම් එකක් ෆ්ලොප් නොවෙන්නේ කියන මතයේ ඉන්න අයට ඉතින් ඩොලර් මිලියන 500 ගැහුවම කොහොමද ෆිල්ම් එකක් සාර්ථක වෙන්නේ කියලා තේරුම් ගන්න බැහැ. චයිනා වල දැන් හිතාගන්නවත් බැරි විදිහට මිනිස්සු යනවා තියටර්ස් වලට. ඉන්දියාවේත් ළඟදී තියටර්ස් රීඕපන් කරා. ඉන්දියාවේ මිනිස්සුත් සෑහෙන උනන්දුවකින් ඒ ගැන ඉන්නේ. හැම ෆිල්ම් එකම ඉන්ටර්නැෂනල් ලබන ආදායම සෑහෙන තරම් වැඩිවේගෙන එනවා. ඒ ඔක්කොගෙන්ම කියවෙන්නේ, ඉතාම ළඟකදී බොහෝවිට ඉටර්නල්ස් වැඩිම වුණොත් No Way Home රිලීස් කරනකොට 2019 තිබ්බ තත්වෙට ළඟා වෙන්න පුළුවන් වේවි කියන එක. 2022 මැද වෙනකොට, ඒ කියන්නේ The Batman සහ Dominion එහෙම රිලීස් වෙනකොට 2019 ට තිබ්බ ආදායම් තත්වෙට වඩා වැඩි තත්වෙකට එන්න පුළුවන් වේවි. මේවා මන් මේ නිකන් හිතලා කියන ඒවා නෙවේ. ලෝකේ ප්‍රධානම තියටර් හෝල්ස් කම්පැනි එක වෙන AMC ලා ට මේ අගෝස්තු 4 වෙනිදා වෙනකොට ඒ සමාගමේ කොටසක අගය තිබ්බේ ඩොලර් 29 ක්. මේ වෙනකොට ඒ අගය ඩොලර් 36 ටත් වඩා වැඩි වෙලා තියෙනවා. මිනිස්සු ඉන්වෙස්ට් කරන්න පෙළඹෙන්නේ නෑ ඒ දේ අනාගතයේ ලාබ නොලබන දෙයක් නම්. දැන් හැම ස්ටූඩියෝ එක්කින්ම වගේ ස්ට්‍රීමින් සර්විසස් පටන් ගන්නවා. ඒ හැම එකේම සබ්ස්ක්‍රිප්ෂන් ෆීස් ගෙවන්න බහුතරයකට ම හැකියාවක් නැහැ. ඒ නිසා තියටර්ස් වලට මිනිස්සු යන එක අඩු වෙනවා කියන එක නම් විහිළුවක්.

අද දිනයේ සටහන් වුණ AMC සමාගමේ කොටසක අගය

මාස හයකට කලින් කිව්වා තියටර්ස් ආයේ නැගගෙන එනවා කියලා. ප්‍රෙඩික්ට් කරනවනම් ඒකේ රිසාල්ට් එකත් පෙන්නන්න ඕනේ නේ. ඔන්න ඉතින් දැන් No Time to Die, F9, Shang Chi, Free Guy සහ Dune වගේ ෆිල්ම්ස් වල බොක්ස් ඔෆිස් ආදායම් බලන්න පුළුවන්. Dune එක ග්ලෝබල් රිලීස් කරන්න දවසකට කලින් HBO MAX එකේ රිලීස් කරා. මේකෙන් අපිට හිතාගන්න තියෙන්නේ මිනිස්සු ෆිල්ම්ස් ස්ට්‍රීමින් සර්විස් වල බලන්නේ නැතුව තියටර්ස් වල බලන්න යන මට්ටමට ඇවිල්ලා තියෙනවා කියන එක. ඒකනේ ස්ට්‍රීමින් සර්විස් එක පාඩු ලබයි කියලා කලින් ෆිල්ම් එක ස්ට්‍රීමින් සර්විස් එකට රිලීස් කරලා තියෙන්නේ. මන් මේ ආටිකල් එකෙත් කියනවා, කොවිඩ් පැන්ඩමික් එක මේ මට්ටමට වඩා වැඩි නොවී අඩු වෙලා තිබ්බොත් ලබන අවුරුද්දේ හිතාගන්නවත් බැරි මට්ටමට තියටර්ස් වලට මිනිස්සු යනවා. බොහෝවිට 2019 ට වඩා හොඳට තියෙයි. එතකොට ස්ට්‍රීමින් සර්විසස් වල පිහිටෙන් Web rip බලපු අයටත් ස්පොයිල් නොවී ඉන්නනම් තියටර්ස් වලට යන්න වෙනවා. The Batman, Dominion, No Way Home, Avatar 2 වගේ ඒවා බලන්න මාස තුනක් විතර blu ray එනකන් බලන් ඉන්නකොට ස්පොයිල් නොවෙන්න නම් ලැප් එකයි ෆෝන් එකයි විසික් කරන්නම වෙනවා. ඒ නිසා දැන්ම අපි කියන ඒවා පිළිඅරන් ඇටිටියුඩ් එක හදාගෙන හිටියම හරි. මන් කිසිම වෙලාවක කියන්නේ නැහැ එන හැම ෆිල්ම් එකම හෝල් එකක බලන්න කියලා. තමන් කැමති ෆිල්ම්ස් තෝරගෙන හම්බෙන ෆ්‍රී ටයිම් එකක, ඒකට සල්ලි වියදම් කරන්න පුළුවන් නම් විතරක් යන්න. ඒ හැම දෙයක් ම කරන්න පුළුවන් කම තියෙද්දි හෝල්ස් වලට යන්නෑ කියන්නේ නම් පුදුම කරුමයක්. මාස හයකට කලින් දාපු ලිපිය ආයේ ශෙයාර් කරන්න හේතුව දැන් පැහැදිලි ඇතියි කියලා මන් හිතනවා. අන්තිමේ තේරුම් ගන්න ඕන දෙයක් තමයි RWC හයිප් කරපු නිසා ෆ්ලොප් වුණා කියන මූවිස් වෙන F9 සහ GVK තමයි දැනට මේ අවුරුද්දේ වැඩිම ආදායමක් ලබපු හොලිවුඩ් ෆිල්ම් දෙක වෙලා තියෙන්නේ. හයිප් කරන්න අවශ්‍යයත් නැති ඒත් හැමෝම හයිප් කරපු Shang Chi සහ Black Widow වගේ ෆිල්ම්ස් තියෙන්නේ ඊට වඩා පල්ලෙහායින්. No Time to Die සහ Dune ආදායම් ලබන්නේ නැහැ කියලත් සමහර අය හෑලි ලිව්වනේ. දැන් පේනවනේ මොන පැත්තට ද හැරිලා තියෙන්නේ කියලා. ඉස්සරහට Eternals එනවා. Dune එකේ ලීක් සෝර්ස් එකෙන් rip එකක් බාලා බලලා ස්පොයිල් කරලා ෆිල්ම් එකේ තත්වේ කිව්වට කමක් නැහැ කියලා කියමුකො. ඇඩප්ෂන් එකක් නේ. Eternals එකෙත් ලීක් සෝර්ස් බොහොවෙලාවට ඒවි. අන්න ඒවා බලලා ස්පොයිල් කරලා ෆිල්ම් එක ක්‍රිටිසයිස් කරනවනම් පොඩ්ඩක් ඉස්සෙල්ලා කල්පනා කරන්න. තමන් ට හෝල් එකක එක්ස්පීරියන්ස් එක ගන්න ආසාවක් නැත්නම්, ඔෆීසියල් රිලීස් වෙනකන් ඉන්න තරම් ඉවසීමක් නැත්නම් ඒක ඕන අයට බාධා කරන්නේ නැතුව සද්ද වහලා ඉන්න කියලා බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඉස්සරහට කොමඩි ෆිල්ම්ස්, ඩ්‍රාමා ෆිල්ම්ස් පවා ගේමක් නැතුව වන් බිලියන් ගහන තත්වෙට ඒවි. එතකොටත් මෙහෙ අය හෝල් වලට යන්නේ නැතුව අඩු ගානේ blu ray එකක් වත් එනකන් ඉන්නේ නැතුව web rip බල බල ඉන්නකොට තමයි නියම irony එක තියෙන්නේ. රටේ අනික් හැමදේම වගේ ෆිල්ම් බලන එකත් රිවර්ස් එකට යන්නේ. ඉස්සර තියටර්ස් වලට ගියා එහෙම නැත්නම් blu ray බැලුවා. තියටර්ස් රීඕපන් වෙන්න කලින් web rip බැලුවා. දැන් මේ අළුතින් ලීක් සෝර්සස් බලන්න පුරුදු වෙලා තියෙනවා. ඉස්සරහට සෑහෙන රිවර්ස් එකට යන්න වේවි මේ දේවල් වලට පුරුදු වුණොත්. 117 ක් අත්පුඩි ගහපු ෆිල්ම්ස් ගෙදර ඉඳන් බලලා ඒ අයට හිනාවුණ අයට තව ටික කාලෙකින් ඒ 117 හෝල් වලට ගිහින් No Way Home, Batman, Dominion සහ Avatar 2 බලලා අත්පුඩි ගහනකොට එක්කෝ එයාලා එක්ක එකතු වෙලා අත්පුඩි ගහන්න වෙනවා නැත්නම් ගෙදරට වෙලා මාස ගණන් blu ray හරි ස්ට්‍රීමින් වකට රිලීස් වෙනකන් බලන් ඉන්න තත්වෙට වැටෙන්න වෙනවා. මේක කියවන කී දෙනෙක් ලබන අවුරුද්දේ Avatar 2 එකයි Dominion එකයි එනවා කියලවත් දන්නව ද දන්නෑ. අඩු ගාණේ Dominion කියන්නේ Jurassic World ෆ්‍රැන්චයිස් එකේ අන්තිම ෆිල්ම් එක කියලවත් දන්නව ද දන්නෑ. ඒවත් ඉතින් අපිටම තමයි හයිප් කරන්න වෙන්නේ. ඒ කරලා බැනුම් අහන්නත් ඕනේ. දැන් Dune එක හෝල්ස් වල ස්ක්‍රීන් වෙනවා. පුළුවන් අය ගිහින් බලන්න. ඒ එක්ස්පීරියන්ස් එක අරන් බලන්න.


Experience your favorite movies at the theaters

4 Comments

  1. kiyapu tika sira ban eth ape rate film hall ikmanata arida

    ReplyDelete
  2. Dune ආපු kandy theatres මොනවද?

    ReplyDelete
  3. Sirama Ban Shang chi Venom2 cam copyen balala film balanaekath epa una hooll ariyoth hoda

    ReplyDelete
Post a Comment
Previous Post Next Post