පොඩ්කාස්ට් එකක් කරන ගමන් මිනීමැරුමක් විසදමු | Only Murders In The Building Overview


Hulu streaming service
එක කියන්නෙ Netflix, Disney plus වගෙ තෝරු මෝරු අස්සෙ හාල්මැස්සෙක් වගෙ ඉඳලා ටිකින් ටික උඩට ඇවිත් දැන් ඒ තෝරු මෝරුන්ට චැලේන්ජ් කරන මට්ටමට ආව streaming service එකක්. මේ ටික කාලෙට Hulu එකෙන් සුපිරිම ප්‍රොජෙක්ට් ටිකක් එලියට ආවා. අද කතාකරන්නෙ එහෙම එලියට ආපු සුපිරිම සීරීස් එකක්.


Podcast කියන්නෙ මේ වෙද්දි social media වල ජනප්‍රිය මාධ්‍යයක්. කාර්‍ය්බහුල කෙනෙක්ට වුනත් තමන් ගෙ වැඩට යන ගමන් එන ගමන් ෆෝන් එකෙන් වාහනෙන් ඕනම විදිහකට පාවිච්චි කරන්න පුලුවන් Podcast එකක්. ඒක නිසාමයි Podcast ජනප්‍රිය වෙන්නෙත්. Podcast වලිත් අපිට එක එක එක විදිහෙ Genre බලාගන්න පුලුවන්. මේ අතරින් story telling Podcast විශේෂ තැනක් ගන්නවා. ඒකට හේතුව මිනිස්සු ආසයි Imagination කරන්න. හැබැයි දැන් එන අලුත් පරපුර නම් ඒකට එච්චරම කැමතිද කියන එකෙ පොඩි කොස්සක් තිබ්බත් Imagination කියන්නෙ තාමත් මිනිස්සු කැමති දෙයක්. ආර්කෝනියා බිල්ඩින්ගෙ එකෙ ඉන්නවා විශේෂ තුන් දෙනෙක්. මේ තුන් දෙනා Podcast අහන්න රුසියො. මේ කාලෙ ජනප්‍රිය Crime Podcast එකක් සතියෙන් සතිය අහන්න මේ තුන් දෙනා ඇබ්බැහි වෙලා ඉන්නෙ. එකම බිල්ඩිමෙ හිටියත් මේ කවුද කින්ද මන්ද කියන එක තුන් දෙනාම දන්නෙ නෑ. ඉතින් කවුද මෙ තුන් දෙනා?...

මේ තමා Only Murders In The Building කතාවෙ ප්‍රධාන චරිත තුන.

මුලින්ම ඉන්නවා චාර්ල්ස් හේඩ්න් සැවේජ්. එහෙම නැත්නම් බ්‍රාසෝස් හාදයා. හරියට නම කියවන්න ඇ. සස් නෙමේ සෝස්. මිනිහා තරුණ කාලෙදි බ්‍රාසෝස් කියන ටිවි සීරීස් එකක ප්‍රධාන චරිතෙ කරලා තියෙනවා. මේ බ්‍රාසෝස් කියන්නෙ ඩිටෙක්ටිව් සීරීස් එකක්. මේ සීරීස් එකත් එක්කම පොර වයසට ගිහින්. පොරට පවුලක් පන්සලක් වෙන්න එහෙම චාන්ස් එකක් දෙකක් ආවත් මිස් වෙලා දැන් තනියම කාටවත් කරදර නොකර  ජීවත් වෙන ගමන් Podcast එකක් අහලා පාඩුවෙ ඉන්නවා. හැබැයි අර සීරීස් එකෙ කරපු ඩිටෙක්ටිව් චරිතෙ පොරගෙ ඇඟේ තාම තියෙනවා. ඒක හොඳට බලාගන්න පුලුවන් කතාවෙ ඉස්සරහට යනකොට. 

එහෙනම් ඔන්න අපේ දෙවැනි හාදයා ඔලිවර් පට්නම්. පොරත් ටිකක් වයසක ඩයල් එකක්. මිනිහා අධ්‍යක්ෂක වරයෙක්. හැබැයි එච්චර හොඳ මට්ටමෙ කෙනෙක් මයි කියලම කියන්න බෑ. තමන්ගෙ තියෙන සබ්බසකලමනාවම දාලා නිර්මාණයක් කරන්නෙ ඒ නිර්මාණය සාර්ථක වෙයි කියන විශ්වාසෙත් එක්ක. එහෙම කරන නිර්මාණ ෆේල් වුනාම කොහොම ඇතිද? ආන් ඒ වගෙ දේවල් වලට ඔලිවර් හොඳට මූණ දීලා තියෙනවා. දැන් නම් ඔලිවර් ආර්කෝනියා බිල්ඩිමෙන් යන්නත් කාලෙ ළඟා වෙමින් එන්නෙ. මොකද රෙන්ට් එක ගෙවාගන්න බැරුව ඔලිවර් දැන් පතුලටම වැටිලයි ඉන්නෙ. ඒ මොනා වුනත් හම්බෙන හැමෝම එක්ක බලෙන් එල්ලිලා හරි කතා කරලා හිනා වෙලා ඉන්න ඔලිවර් අමතක කරන්නෙ නෑ. ඉන්න ටිකෙ හොඳින් ඉන්න එපැයි. 

ඔන්න අපෙ ලස්සන සූටි ගෑනු ළමයා ඉන්නවා අන්තිමට. මේබල් මෝරා. මේබල් ගැන ගොඩක් දේවල් මට කියන්න බෑ. මොකද ඒක බලන ඔයාලට කිව්වොත් වැඩක් නැති නිසා. මේබල් Introvert පැත්තට ගොඩක් බර කෙනෙක්. ඒ වගේම මේබල් ට හොඳට චිත්‍ර අඳින්නත් පුලුවන්. එයා මේ ඉන්නෙ එයාගෙ නැන්දගෙ අපාර්ට්මන්ට් එකෙ. මේබල් අවුරුදු කීපයකට කලින් වුනු සිදුවීමක් නිසා පීඩා විඳින ගමන් තමා තාම ඉන්නෙ.

ඉතින් මේන් තුන් දෙනා එක දවසක හවසක තමන්ගෙ අපාර්ට්මන්ට් වලට යන්න යද්දි එලවේටර් එකේදි එකට හම්බෙනවා. මෙතනදි ඔලිවර් දෙන්නා එක්කම බලෙන් වගෙ කතාවට එල්ලෙන්න හැදුවත් දෙන්නා ලොකුවට ගනන් ගන්නෙ නෑ. ඊට පස්සෙ එලවේටර් එකට ටිම් කෝනෝ ගොඩවෙනවා. හැ කවුද මෙ ටිම් කෝනෝ?? ඒක නම් මට කියන්න දෙයක් නෑ බලන් යන්නකො ඉස්සරහට. ඉතින් ටිම් තමන්ගෙ අපාර්ට්මන්ට් එක තියෙන floor එකෙන් යනවා අනිත් තුන් දෙනත් තමන්ගෙ අපාර්ට්මන්ට් වලට යනවා. ඒත් ටික වෙලාවකින් ෆයර් එලාම් එක නාදවීමත් එක්ක හැමෝම ගොඩනැගිල්ලෙන් පිටවෙන්න හදනවා. මේ වෙලාවෙදි චාර්ල්ස් අමුතු මිනිහෙක් ගොඩනැගිල්ල ඇතුලට යනවත් දකිනවා. කෝමහරි මේ කලබගෑනිය ඉවර වුනාට පස්සෙ තමා දැනගන්න ලැබෙන්නෙ ටිම් කෝනෝ සියදිවි නසාගෙන කියලා. මේක අර තුන් දෙනාට ශොක් එකක්. මොකද එයාලනෙ ටිම් ව අන්තිමට දැකලා තියෙන්නෙ. ඉතින් තුන් දෙනා කෝමහරි දැනහඳුනගෙන එකතු වෙලා පොඩි විමර්ශනයක් කරන්නයි සූදානම. මෙන්න මේකෙදි තුන් දෙනාට ලැබෙන දේවල් එක්ක ටිම් කෝනෝ සියදිවි නසාගෙන නෙමෙ කවුරුහරි මරලා තමයි ජීවිතක්ෂයට පත් වුනෙ කියලා. ඉතින් මේකත් එක්ක තුන් දෙනා තීරණය කරනවා විමර්ශන කටයුතු ඉස්සරහට කරන ගමන් මේක ගැන පොඩ්කාස්ට් එකක් කරන්න. මෙයාලා මේකට දාන නම තමා.. 

"Only Murders In The Building"

මෙන්න මේක තමා සීරීස් එකෙ හඳුන්වාදීම. ටිකක් දිග වැඩි උනාද මන්දා😁.

සීරීස් එකෙ චාර්ල්ස්ගෙ චරිතය කරන Steve Martin වගේම ඔලිවර් ගෙ චරිතය කරන Martin Short දෙන්නා ගජ යාලුවො. ඒ වගේම දෙන්නම නලුවෙක්, තිර රචකයෙක්, ගායකයෙක්, ප්‍රහසන වේදියෙක් කියන නාම ගණනාවකින් ම හඳුන්වන්න පුලුවන්.

 Martin Short & Steve Martin

ඒ වගේම මේබල් මෝරා ගෙ චරිතය කරන්න ඔයාලා කවුරුත් දන්න Selena Gomez.

Selena Gomez

ඒ වගේම සීරීස් එක නිර්මාණය කරන්න වැඩි හරියක් දායක වෙලා තියෙන්නෙ John Hoffman.

John Hoffman

ඒ වගේම Steve Martin ත් සීරීස් එක නිර්මාණය කරන්න දායක වෙලා තියෙනවා.

සීරීස් එක ගැන කියනවනම් මේක plot twist විමානයක්. සීරීස් එක පුරාම who killed tim kono? කියන ප්‍රශ්නෙට එක එක විදිහෙ උත්තර ලැබෙනවා. හැබැයි එක එපියක් ඉවර වෙන්නෙ plot twist එකකින්. හැබැයි අනිත් එපිය ඉවර වෙන්නෙ වෙනම twist එකකින් ආන් ඒ විදිහට තමා සිරීස් එක යන්නෙ. හොඳම දේ කියන්නෙ සීසන් ෆිනාලෙ එකෙ ඉවර වෙන්නෙත් plot twist එකකින් මයි. ඒ වගෙම hulu ලා අනවුස් කරලා ඉවරයි සීරීස් එක සීසන් 2 දක්වා renewed කලා කියලා. ඒ වගේම hulu එකෙ සීරීස් එක රිලීස් වෙන දවසෙ වැඩිම දෙනෙක් බලපු කොමඩි සීරීස් එක වෙන්නත් මේකට හැකියාව ලැබුනා. IMDB Ratings 8.3 අරන් තියෙනවා. ඉතින් නොබලපු සැමට සුපිරි සීරීස් එකක් මිස් නොකර බලන්න කියන ගමන් බලපු අය සීරීස් එක කොහොමද කියන එක කියන් යන්නකෝ.


Only Murders in the Building (2021) on IMDb

1 Comments

  1. Balapu wenas supirima series ekk👌🏼😍🔥

    Music ehmath mara lssnai♥️

    ReplyDelete
Post a Comment
Previous Post Next Post