නෙට්ෆ්ලික්ස් එකෙන් තවත් කොරියන් සුපිරියක් | My Name Korean Drama Overview


Netflix එකෙන් කරපු Squid Game Korean drama එකේ success එකත් එක්ක ගොඩක් කට්ටිය South Korea වලින් එන drama ගැන attention එකක් දිලා තියනවානේ. ලංකාව ඇතුලෙත් Squad Game series එක සැහෙන්න ප්‍රසිද්ධ වුනානේ. ගොඩක් Kdrama බලන කෙනෙක්ට නම් Squad Game කියන්නෙ ලොකු දෙයක් නෙවෙයි. මොකද Netflix එකෙන් masterpiece level එකේ Korean drama මීට කලින් එලියට ඇවිත් තියනවා. Vincenzo, Extracurricular, Sweethome,Alice in Borderland, Kingdom, Stranger etc... ඔය වගේ පට්ටම Kdrama ටිකක් Netflix එකෙන් release වුනා. අද කතාකරන්න යන්නෙ ඔය සෙට් එක වගේම තවත් interesting story එකක් යන October 15, මේ සිකුරාදා release වුන MY NAME drama එක ගැන.


| plot |

My Name drama එකේ තියෙන්නෙ  revenge story එකක්. Crime/Thriller/Action/Mystery genre එකේ කතාවක් තමයි මේකේ යන්නෙ. Joon Jiwoo (played by Hanso Mill) කියන්නෙ අවුරුදු 17 ක girl කෙනෙක්. Jiwoo ගේ තාත්තා gangster කෙනෙක් කියලා ඔය හෙතුව නිසා jiwoo සැහෙන්න bullied වෙනවා school එකේදි. කොහොම හරි ඔය සිද්දි ඔක්කොගෙන්ම පස්සෙ jiwoo ගේ තාත්තාව murder කරනවා. ඔතන ඉදන් තමයි මෙයා හිතාගන්නෙ තමන්ගේ තාත්තා වෙනුවෙන් revenge එක ගන්න.

Joon jiwoo join වෙනවා තමන්ගේ තාත්තා හිටපු crime organization එකේ boss එක්ක තමන්ගේ තාත්තා වෙනුවෙන් revenge එක ගන්න. අවුරුදු ගානක් train වෙලා plan කරලා Jiwoo යනවා police force එකට undercover, තාත්තාගේ murder එකට සම්බන්ද කෙනෙක් police යේ ඉන්නවා කියලා දැනගෙන. ඔතන ඉදන් jiwoo ගේ revenge එක ගන්න එක එන්න එන්නම complicated වෙනවා තමන්ගේ තාත්තා කියන්නෙ ඇත්තටම කවුද කියලා හෝයගන්න පුලුවන් වෙයිද? Jiwoo ගේ dual identity එකයි එයාගේ අලුත් යාලුවා cop pil-do එක්ක ඉස්සරහට මොකක් වෙයිද? තමන්ගේ තාත්තා මරපු කෙනාගෙන් revenge එක ගන්න පුලුවන් වෙයිද? well එක දැනගන්න ඔන්නම් My Name series එක බලන්න.

"My Name" කියන්නෙ thrilling ride එකක්. හැම episode එකක්ම මාරම thrilling. මේකේ තියෙන්නෙ revenge story එකක් ඔක සැහෙන්න common story type එකක් වුනාට my name drama එක cast එක හරියට use කරලා story එක ගානට place කරලා හදලා තියන නිසා අපිට අර common revenge story එකක් කියන එක පොඩ්ඩක්වත් දැනෙන්නෙ නැ. එක episode එකක් බලලා අනිත් එකේ වෙන්නෙ මොකක්ද කියලා බලන්න ඉවසිල්ලක් නැතුව ඉන්න feeling එක දිලා තියනවා මේ series එකේ Episodes 8 පුරාවට start එකේ ඉදන් end එකට එනකන්ම. Thriller පැත්ත විතරක්ම නෙවෙයි emotional පැත්තත් ලස්සනට touch කරලා තියනවා series එක පුරාවටම.

My Name drama එක ගැන කතාකරනකොට action sequence කියන්නෙ කතා නොකරම බැරි තැනක්. මේකේ action scene top notch එකටම තියනවා. School එක ඇතුලේ යන fight එකෙන් පටන් අරන් ඔතන ඉදන් පට්ටම choreographed fight sequence ටිකක් තියනවා episode 8 පුරාවටම. Action scene වලදි camera එක move වෙන විදහ, Jiwoo fighting skill එක සුපිරයට පෙන්නලා තියනවා series එක ඇතුලේ. මේකේ සැහෙන්න violence scene ටිකක් තියනවා jiwoo යන fight වල පවා.


Characters පැත්තෙන් ගත්තාම Yoo Jiwoo ගේ character buildup එකනම් පට්ට. Series එකේ පලවෙනි episode එකෙදි 17 years old high scholar කෙනෙක් විදහට ඉදලා අවුරුදු 5ක time jump එකෙන් පස්සෙ ඉන්න Jiwoo අතරේ සැහෙන්න deference එකක් තියනවා. Episode 1-3 ඇතුලෙදි සුපිරිම character buildup එකක් දෙනවා Jiwoo ට crime member කෙනෙක් විදහට සහ police detective කෙනෙක් කියන identity දෙකෙන්ම. ස්පෙශල්ම දේ තමයි මන් jiwoo ගේ දැක්ක Jiwoo කියන character එක play කරන්නෙ Han So Hee. So hee කියන්නෙ කවුද කියලා දන්නව ලගකදි ආපු romance drama එකක් වෙන Nevertheless series එක බැලුවනම් සහ World of Marid, Abyss වගේ drama වලත් so hee ඉදලා තියනවා. ඔය ඔක්කොගෙන්ම Han So Hee ගේ පලවෙනි action performance එකක් යන්නෙ My Name series එකේ. Nevertheless එකේ තමා මන් මුලින්ම so hee ව දැක්කෙ. ඔකෙන් පස්සෙ My Name drama එකේ so hee ව දකිනකොට පිස්සු හැදුනා ඔයි. පට්ටම performance එකක් දෙනවා සහ පට්ටම badass character එකක් Jiwoo කියන්නෙ."Yoon Jiwoo (Han So Hee) simply absolutely amazing acting පැත්තෙන් ගත්තාම.

Nevertheless: Han So Hee (2021)


My Name: Han So Hee 2021


Netflix වැඩක් නිසා prodection qulity එක සැහෙන්න ඉහල මට්ටමක තියනවා Episode 8 පුරාවටම. Start එකේ ඉදන් end එකට එනකන්ම well place story එකත් එක්ක ගානට match වෙන්න. Cinematography පැත්තෙන් ගත්තහම crime world එකේ යන කතාවක් විදහට dark red colors දෙක use කරලා crime ගතිය දිලා තියනවා series එකට මරු එකටම.

My Name drama එකේ action, acting කියන දෙකට අමතරව series එකේ අනිත් ස්පෙශල් දෙය තමා OST use කරලා තියන විදහ. පට්ටම ost ටිකක් තියනවා මේකෙත්. Korean drama ගත්තාම ost කියන්නෙ පට්ටම unique දෙයක් kdrama වලටම වෙන්වුන. series එකෙන් series එකට පට්ටම unique ost තියෙන්නෙ My Name series එකෙත්. My Name, Medicore Life, Alone වගේ සුපිරිම ost ටිකක් use කරලා මන් කිව්ව unique ගතිය අරන් තියනවා drama එකට. Well මන් බලපු හැම Korean drama එහෙකම ost unique and පට්ටම ලස්සනයි.

ඔය ටික තමා මට MY NAME Kdrama එක ගන කියන්න තියෙන්නෙ. මේ series එක direct කරන්නෙ Kim Jin-min මෙයාම තමා 2020 Netflix එකෙන්ම ආපු Extracurricular masterpiece korean drama එක direct කරේ. හැම episode එකක්ම වගේ පැයක් හෝ ඊට අඩු run time එකක් තියනවා. Episode 8 ක් ඇතුලේ පට්ටම story යක් යනවා.  එක්කම මන් South Korean drama ගැනත් පොඩ්ඩක් කියන්නම්.

South Korean drama ගත්තාම අනිත් TV series වලට වඩා සැහෙන්න වෙනස්. Kdrama යන්නෙ එයාලටම unique වෙච්ච විදහකට. මන් Kdrama සැහෙන්න බලන කෙනෙක්ඔ. ය මන් බලපු drama හැම එකක්ම එකෙන් එකට සැහෙන්න වෙනස් storyline, character, ost ඔයවගේ එක එක side වලින්. Kdrama ස්පෙශල් වෙන්නෙ අනිත් TV series වලින් ඒකයි. වෙනස්ම style එහෙකින් යන්නෙ. ඉස්සරහට මන් review අරන් එන්නම් මන් බලපු masterpiece Korean series ටිකක් ගැන.

My Name කියන්නෙ action, story etc... හැම පැත්තෙන්ම හොද කතාවක්. Series එකට ratings එහෙමත් තියනවා ගොඩක් හොදට. බලන්න වටින Drama එකක් MY NAME කියන්නෙ try කරලා බලන්න.

Sayonara minna-san

My Name (2021) on IMDb

My Name | Official Trailer

Post a Comment (0)
Previous Post Next Post