Title එක දැක්ක ගමන් ගොඩක් අයට නම් මතක් වෙන්න ඇති මොනවා ගැනද කියන්න යන්නෙ කියලා. මන් හිතන්නෙ මේක කියවන අයගෙන් 50%ක්වත් Lost Series එකේ එක Episode එකක්වත් බලලා ඇති. මොකද මේ Series එක ITN එකේ පෙන්නුවා Season එකක් හෝ දෙකක්. (බලපු අයනම් අසරණ වෙන්න ඇති දෙවෙනි Season එකෙන්ද කොහෙද Series එක පෙන්නන එක නතර කරපු නිසා😂) Series එක පැත්තට බහිමු 🤗
Series එක නම් ටිකා...ක් විතර පරනයි (හැබැයි කොල්ලො ඕන් කිව්වා පරනයි කියලා බලන්නැතුව හිටියොත් මැනික් කැටේකට තමයි පයින් ගහන්නෙv😂) Lost පලවෙනි Episode එක Release වෙන්නෙ 2004 සැප්තැම්බර් 22. මේ Series එක පෙන්නුවෙ ගොඩක් Famous වුනු Series (Once Upon A Time, Agents Of S.H.I.E.L.D, Station 19, Grey's Anatomy, Quantico, Scandal, The Good Doctor etc.) Telecast කරපු ABC චැනල් එකෙන්.
![]() |
ABC Studios |
ඉතින් මේ Series එක 2004 ඉදන් 2010 මැයි 23 වෙනිදා වෙනකන් Telecast වුනා. Season හයකින් සහ මිනිත්තු 40-50 Run Time එකකින් යුත් Episode 121කින් මේ Series එක සමන්විතයි. Series එකේ Creatorsලා වෙන්නෙ Jeffrey Lieber, J. J. Abraham සහ Damon Lindelof.
![]() |
මේ ලිපිය කියවන එක්කෙනෙක්වත් J. J. Abraham කියන නම් නම් අහලා නැති වෙන්න විදිහන් නෑ. Box Office Records සුන්නද්දූලි කරපු Movies Direct කරපු කෙනෙක් තමයි J. J . Abraham කියන්නෙ. බලන්නකො යට කියලා තියන Films දෙක තුනක් හරි බලලා තියනවද කියලා.
Star Wars: The Rise Of Skywalker
Star Wars: The Rise Of Skywalker
![]() |
Super 8 |
Star Wars: The Last Jedi
![]() |
Star Wars: The Last Jedi |
මේ සෙට් එකම මෙයා Direct කරපු Movies. ඒ වගේම තවත් Star Trek සහ Mission Impossible Movies කිහිපයකටම Abraham Production වලින් සහභාගී වෙලා තියනවා. පේනවනෙ එසේ මෙසේ ඩයල් එකක් නෙවෙයි කියලා ❤️🔥
Series එකට IMDB 8.3ක ඉහල අගයකුත් ලැබිලා තියනවා 👌 මේ Series එක අයිති වෙන Genres නම් ගොඩක් තියනවා 😂
Action
Adventure
Science Fiction
Mystery
Serial Drama
Supernatural Fiction
බලපු නැති සෙට් එකට පොඩි හරි Idea එකක් ගන්න බෑ නෙහ් Genres ටික දැක්කහම 😂
ඊලගට Cast එක.🤧 මේක ගැන ලියන්නෙ කොහොමද කියලා හිතා ගන්න බෑ 😂 මොකද කිව්වොත් Main Charactorsම විස්සක් විසිපහක විතර ඉන්නවා (පලවෙනි Poster එක දකින්න ඇතිනෙ).
![]() |
Matthew Fox (Jack) |
![]() |
Jorge Garcia (Hugo) |
![]() |
Terry O'Quinn (John) |
![]() |
Daniel D Kim (Jin) |
![]() |
Naveen Andrews (Sayid) |
![]() |
Dominic Monaghan (Charlie):- X men Origins Wolverine, LOTR බැලුවනම් මෙයාව මතක් වෙයි |
![]() |
Yunjin Kim (Sun) |
![]() |
Emillie De Ravin (Claire):- Remember Me, Once Upon A Time බැලුවොත් මෙයාව බලාගන්න පුලුවන්. |
![]() |
Ian Somerhelder (Boone) |
![]() |
Maggie Grace (Shannon) |
![]() |
Michel Emerson (Ben):- පොර Arrow එකේ ඉන්නවා.😁 |
![]() |
Elizabeth Mitchel (Juliet) |
![]() |
Henry Ian Cusick (Desmond) |
![]() |
Harrold Perri Neau (Micheal) |
![]() |
Michelle Rodriguez (Ana):- Fast Saga එකේ Domගෙ පරම පිවිතුරු ආදරේ.😂❤️ |
තව Charactors ගොඩක් ඉන්නවා මේ Series එක ඇතුලෙ. ඔක්කොම දාන්න ගියොත් ලිපිය ලියන්න වෙන්නෙ Cast එක ගැන විතරයි 🥵
Music ඒක නම් Next Level. කතා නෑ ඒක ගැන. මේ Series එකේ තියනවා එකපාරම උඩ ගිහින් විසි වෙල ලයින් එකේ Scenes තොගයක්ම. Horror නෙවේ ඈ. සමහර Mysteries Solve වෙද්දි හිතා ගන්න බෑ මේ මොකක්ද ඇත්තටම වුනේ කියලා. ඒ ඒ තැන්වලට මාරම විදිහට Music Use කරලා තියනවා. මම Music පැත්තෙනුත් ඇති වෙන්න Enjoy කරා Series එක.
මේ Series එකේ Plot එකනම් ගොඩක් දිගට ඇදිලා යන එකක්. ඒ වගේම මේ කතාවෙ සමහර Charactors කොහෙන් හෝ තම තමන්ගෙ Life Story එකේ කොටස්කාරයො. කතාව ගැන කියන්න කලින් තව දෙයක් කියන්න තියනවා. ඔයාලා GOT & The Suicide Squad (2021) බලලා ඇතිනෙ. ඒ දෙකේදිම කිසිම Clue එකක් නොදී Charactor එක පාරම ස්ටෝරියෙන් අයින් කරලා දානවා (මැරෙනවා) අපි දැක්කා. මේකෙත් ආන් ඒ වගේ අමුතු ආතල් එකක් තියනවා. Series එක ඉවර වෙනකන්ම ඉදී කියලා හිතෙන කැරැක්ටර්ස් හිතන්නැති වෙලාවක මැරෙනවා තැන් දෙක තුනක නෙවේ දහ පහලොස් පාරක් විතර බලාගන්න පුලුවන්.
මැරෙන්නෙ කව්ද ඉතුරු වෙන්නෙ කව්ද කියලා Guess කරන්න නම් මාරම අමාරුයි. ඒ වගේම Series එකේ අන්තිම ඉතුරු වෙන්නෙත් බලන අපි Guess කරන කවුරුත් නෙවෙයි. Trust me. U Can't 😌🙌 ඒ වගේ Curiosity එක. මේ Series එකේ Foundation එක Curiosity එක තමයි. පලවෙනි Season එකේ අපට හිතුනු සමහර ප්‍රශ්න Solve වෙන්නෙ අන්තිම Season එකේදි. ඒ නිසාම මේ තරම් පට්ට කුතුහලයකින් බලපු Series එකක් නැති තරම් 🤩
![]() |
Oceanic 815 Crash එක |
අපේ Pilot Episode එක පටන් ගන්නෙ Oceanic 815 Airline (ඔය නම මතක තියාගන්න. සීරීස් එක බලලා ඉවර වෙනකොට ඔය නම කවදාවත් අමතක වෙන්නේ නැති නමක් වෙනවා ඒකාන්තයි) එක ගමන් ආරම්භ කරන තැන ඉදන්. Plane එකේ ඉන්න කවුරුත් දන්නෑ මෙයාලා යන්න යන්නෙ හිතුවට වඩා Long Journy එකක් කියලා. Flight එකේ ඉන්න පිරිසෙන් බහුතරයක් තමයි Series එකේ Main Charactors වෙන්නෙ.
අපේ Protagonist තමයි Jack Shephard (මෙයා තරමටම හයිලයිට් වෙන තව කැරැක්ටර්ස් ගොඩක් ඉන්නවා). මෙයාව මුලු සීරීස් එක පුරාවටම බලාගන්න පුලුවන්. රැකියාවෙන් Doctor කෙනෙක්. මාරම පරාර්තකාමී චරිතයක්. ඒ වගේම Leadership Qualities ගොඩක් පිහිටලා තියන කෙනෙක්. මුලින්ම Abraham ප්ලෑන් කරන් ඉදලා තියෙන්නෙ පයිලට් එපිසොඩ් එකෙන්ම ජැක්ව මරලා දාන්න. ආතල්ම ෆැක්ට් එක තමයි මුලින් ජැක්ට කාස්ට්කරන්න අදහස් කරන් ඉදලා තියෙන්නෙ මයිකල් කීටන්ව. කොහොම හරි මයිකල්ගෙ අතට ස්ක්‍රිප්ට් එක හම්බෙලා නෑ. ඒ වගේම ජැක් පයිලට් එපිසොඩ් එකේදි මැරුනෙත් නෑ.
ඊලගට කේට්. මෙයා තමයි සීරීස් එකේ Female Lead Role එක. ස්ක්‍රිප්ට් එකේ තිබිලා තියෙන්නෙ මුලින්ම මෙයා මැරි කරපු කෙනෙක් විදිහට. තමන්ගෙ Husbandව හොයන් යන විදිහට තමයි Character එක Build කරලා තිබිලා තියෙන්නෙ. ඒ උනාට ඒ වෙනුවට වෙනම Rose කියලා කැරැක්ටර් එකක් ඇඩ් කරලා තියනවා. ජැක් මැරුනට පස්සෙ Survive උනු සෙට් එක මෙයා ලීඩ් කරන විදිහට තමයි ස්ක්‍රිප්ට් එක තිබිලා තියෙන්නෙ. ඒවත් ඔක්කොම වෙනස් වෙලා අන්තිමට.
සීරීස් එකේ තවත් Main Character එකක් තමයි Sawyer. කතාවෙ මුරන්ඩුම චරිතය කිව්වොත් හරි. ඒ වගේම මේ Series එකේදි මම දැකපු විදිහට හොදම Character Buildup එකක් ලැබුනෙ මෙයාට.
මේ Series එකේ ඉන්න වැදගත්ම Character එකක් තමයි ජෝන් කියන්නෙ. මෙයා නිසා අවස්තා කිහිපයකම මුලු Story Line එකම Upside Down වෙනවා. පට්ටම Badass Character එකක්.
ඉතුරු චරිත ටික ගැන මම විශේෂයෙන් මුකුත් කියන්නෑ. එහෙම කියන්න ගියොත් තව Characters විස්සක් ගැන විතර කියන්න වෙනවා.
කොහොම හරි මේ Oceanic 815 දූපතකට කඩන් වැටෙනවා. මේ Island එක බේස් කරන් තමයි කතාවම Build වෙලා තියෙන්නෙ. මේක සාමාන්‍ය දූපතක් නම් නෙවේ හැබැයි. Miracles, අපේ වචනවලින් කිව්වොත් හාස්කම් වගේ දේවල් තියන තැනක්. ඇයි මන් මෙහෙම කිව්වෙ ඇයි කියලා එකම එක Example එකකින් කියන්නද? John කියන්නෙ ඇවිදින්න බැරි ආබාධිත පුද්ගලයෙක්. පොර දූපතට පය තිබ්බ ගමන් ඇවිදින්න ගන්නවා 😱 මන් හිතන්නෙ තව උදාහරන ඕනෙ නැතුව ඇති 😏 දැන් ඉතින් ස්පොයිල් කරා කියලා කෑ ගහන්න එපා 😒 පලවෙනි Episode එකෙන්ම ඔය සිද්ධිය පෙන්නනවා.
ඉතින් අපිට First Season එකේදි Charactor Introduce එකක් වගේ තමයි කරන්නෙ. ඔයාලම හිතලා බලන්නකො දැන් අපි ගෙවන Lifestyle එකෙන් අයින් වෙලා එක පාරම හද්ද පාලු දූපතකට ඇදන් වැටුනොත් මොනවා වෙයිද කියලා (ආ..සොරි.. අපිට වෙලා තියෙන එක හන්දා අමුතුවෙන් හිතන්න දේකුත් නෑනේද??? 😂). මුල් එපිසොඩ් ටිකේදි Survive උනු සෙට් එකට කන්න කෑම ටිකක් බොන්න වතුර ටිකක් හොයා ගන්න බැරි වෙනවා. අඩුම ගානෙ දූපතට ආපු ගමන් වැස්සෙන් බේරෙන්නවත් තැනක් නෑ. එයාලා කොහොමද ආපහු Rebuild වෙන්නෙ කියලා පට්ටම Emotional විදිහට අපිට බලා ගන්න පුලුවන්. ආ අමතක උනානෙ 😑 මේ Series එකේ හැම Episode එකකම Back Stories පෙන්නනවා. Arrow මතකයිනෙ. අන්න ඒ වගේ. වෙනසකට තියෙන්නෙ මේ Series එකේ ඉන්න හැම Charactor එකකම Back Stories පෙන්නන එක. Anyway Second Season එකේ ඉදන් වගේ තමයි හරියටම ස්ටෝරියට Enter වෙන්නෙ. මේ දූපතේ හිර වුනු සෙට් එක කොහොමද දූපතෙන් පැන ගන්නෙ Try කරන්නෙ සහ නොමැරී බේරිලා ඉන්නෙ කොහොමද කියන එක තමයි Series එකේ සරල Plot එක.
මේ කතාවට Science Fiction අදාල වෙන්නෙ කොහොමද කියලා ඉස්සරහට බලාගන්න පුලුවන්. ඕනෙ නම් එකම එක Hint එකක් දෙන්නම් "Time Travel!!!"
මෙච්චරයි කියන්න තියෙන්නෙ ඉතින් Series එක ගැන. හිමිහිට බලන්න පටන් ගන්න. කතාව සෑහෙන්න සංකීරණයි. සෑහෙන්න එන්ජෝයි කරන්න පුලුවන් 🙌
තව Article එකකින් හමුවෙමු.
Stay Safe!!! ❤️
Legend of the seeker, ganath oone aye balanda hithena series ekak
ReplyDeleteෆේවරිට්ම සීරීස් 5න් එකක්. ඒ සේරටම වඩා සීරීස් එකක මගේ ෆේවරිට්ම කැරැක්ටර් එක ඉන්නේ මේකේ. ඩොක්ටර් ජැක් ශෙපර්ඩ්. පළවෙනි එපියේ ඉදන් අන්තිම එපිය වෙනකම් කන්ෆියුස් උන්ගා බුන්ගා. දෙපාරක් බැලුවත් පාඩු නැති සීරීස් එකක්. එනිවේ.. ආටිකල් එක කොලටියක් කොල්ලෝ 🤩🔥
ReplyDeletepattama aiya keep it up bro
ReplyDelete