සිනමා රසිකයෙක් එහෙම නැත්නම් ෆිල්ම් පිස්සෙක් වෙන්නේ කොහොම ද සහ එහෙම වෙන්න බලන්න ඕනේ ෆිල්ම්ස් මොනව ද?

 Guide for Beginner Movie Lovers


අද වෙනකොට ලෝකයේ බොහෝ මිනිස්සු ආසාවෙන් කරන්න පුරුදු තියෙන දෙයක් තමයි ෆිල්ම්ස් බලන එක. විවිධ හේතු නිසා සහ විවිධ ආකාරයේ දේවල් බලාපොරොත්තුවෙන් මිනිස්සු ෆිල්ම්ස් බලන්න පුරුදු වෙලා තියෙනවා. ලෝකේ පුරා ව්‍යාප්ත වෙන කොවිඩ් පැන්ඩමික් එකත් එක්ක ගෙවල් වලටම වෙලා ඉන්න සිදුවුණ නිසා කාලේ ගෙවාගන්න සහ විනෝදාස්වාදයක් ලබාගන්න ෆිල්ම්ස් බලන්න පුරුදු වුණ සෑහෙන පිරිසකුත් දැන් බිහිවෙලා තියෙනවා. ඒ නිසා කලින් කවරදාටවත් වඩා ලෝක සිනමාව ගැන උනන්දුවෙන් සහ ඒකට එකතු වෙන්න බලාගෙන ඉන්න සෑහෙන පිරිසක් ඉන්න කමියුනිටි එකක් දැන් ලංකාව තුළත් ඉන්නවා. මේ විදියට අළුතින් ලංකාවේ ෆිල්ම් කමියුනිටි එකට ආපු අයට ගයිඩන්ස් එකක් විදිහට ඒ කියන්නේ කොහොම ද ෆිල්ම් එකක් හොඳ ද නැද්ද කියලා කියන්නේ, කොහොම ද ෆිල්ම් එකක් බලන්නේ, කොහොම ද ෆිල්ම් එකක් හොයාගන්නේ සහ ලෝක සිනමාව සමඟ සමීපව ඉන්නේ කොහොම ද කියන දේවල් ගැන කියන්න තමයි මම මේ ලිපිය ගේන්නේ. හැබැයි මතක තියාගන්න ඕන පළවෙනි දේ තමයි මම මේක ලියන්නේ අළුතින් මේ කමියුනිටි එකට එන අයට මේ සිනමාව ගැන සරලව දැනගන්න පුළුවන් විදිහට මිසක් සිනමාව ගැන ගැඹුරු හෝ ලොකු විචාර නම් නෙවේ. සරලව කෙනෙක් ට ෆිල්ම් එකක් තෝරන විදිහ ගැන තමයි මේකෙන් මම කියන්න හදන්නේ.


ඉස්සෙල්ලාම මේ කමියුනිටි එකට එන කෙනෙක් ට එන ප්‍රශ්නය තමයි කොහොම ද ෆිල්ම් එකක් තෝරගන්නේ කියන එක. ෆිල්ම් එකක් තෝරගන්න විධි කීපයක් තියෙනවා. පහළින් ඒවා සඳහන් කරලා තියෙනවා.


1. Ratings

ගොඩක් අය තමන් ට ඕන ෆිල්ම්ස් තෝරගන්නේ රේටින්ග්ස් බලලා. විවිධ සයිට්ස් වලින් මේ රේටින් සිස්ටම් එක පවත්වාගෙන යනවා. ඒකෙන් කරන්නේ ඕඩියන්ස් එකට එහෙම නැත්නම් ෆිල්ම් එක බලපු අයට තමන් ෆිල්ම් එකට ලබා දෙන රේටින් එක එහෙම නැත්නම් ලකුණු ගාණ සටහන් කරන්න අවස්ථාවක් ලබාදෙන එකයි. මේ අතරින් ප්‍රධාන වශයෙන් රේටින්ග්ස් ලබාදෙන්නේ IMDb, Rotten Tomatoes, Cinemascore වගේ සයිට්ස් වලින්. මේවා වල හොඳ රේටින් එකක් තියෙන ෆිල්ම්ස් හොයලා බලලා ඒවා බලන එක තමා ගොඩක් අය ෆිල්ම් තෝරගන්න පාවිච්චි කරන ක්‍රමය. මේක ෆිල්ම්ස් තෝරගන්න හොඳ ක්‍රමයක්. හැබැයි මේ රේටින්ග්ස් වලින් ෆිල්ම් තෝරගද්දි අපි සලකා බලන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි ෆිල්ම් එකක රේටින්ග් එක අඩු වුණා කියලා හැමතිස්සෙම ඒ ෆිල්ම් එක අවුල් හෝ වැඩක් නෑ කියලා හිතන්න බෑ. අඩු රේටින්ග්ස් ගත්තත් තමන්ට සෑහෙන හොඳයි කියලා දැනෙන ෆිල්ම්ස් ඕන තරම් තියෙන්න පුළුවන්. අනික් දේ තමයි Rotten Tomatoes වගේ රේටින් සයිට්ස් වල රේටින් වලට අමතරව ක්‍රිටික්ස් ලා ඒ කියන්නේ ෆිල්ම් විචාර කරන අය දීපු රිවීව්ස් තියෙනවා. ලොකු ඒවා නෙවේ වාක්‍යය දෙක තුනේ ඒවා. රියැක්ෂන් එහෙම නැත්නම් ප්‍රේක්ෂක ප්‍රතිචාර කියලා කියන්න පුළුවන්. ඒවා වල ෆිල්ම් එකේ හොඳ දේවල සහ නරක දේවල් බොහෝවෙලාවට සඳහන් වෙලා තියෙනවා. ඒවා කියවලා අපිට ෆිල්ම් එක ගැන දළ අදහසක් වඩා සාර්ථකව ලබාගන්න පුළුවන්. අනිත් එක ගොඩක් වෙලාවට ෆිල්ම් එකක රේටින්ග්ස් දෙන්නේ ඒ ෆිල්ම් එක අයිති වන කැටගරියේ අනිත් ෆිල්ම් වලට සාපේක්ෂව. සුපර්හීරෝ ෆිල්ම් එකක රේටින්ග්ස් සහ ක්‍රයිම් ත්‍රිලර් ෆිල්ම් එකක රේටින්ග්ස් කම්පෙයාර් කරනවා වගේ වැඩ නම් කරන්න එපා. 

IMDb

2. ෆිල්ම් බලන කෙනෙක්ගෙන් අසා දැන ගැනීම

මම පෞද්ගලිකව අළුතින් ෆිල්ම් කමියුනිටි එකට එන කෙනෙක් ට බලන්න නිර්දේශ කරන ක්‍රමය තමයි මේක. සෑහෙන ෆිල්ම් බලන සහ ෆිල්ම් ගැන දැනුමක් තියෙන කෙනෙක් ගෙන් අහලා තමන් ට බලන්න ෆිල්ම් එකක් තෝරගන්න එක තමා අළුතින් ම ෆිල්ම් බලන්න පටන් ගත්තු කෙනෙක් ට ගැළපෙන ම ක්‍රමය. මේකේ දි අනිත් කෙනා තමන්ට බලන්න කියන ෆිල්ම්ස් තමන් කැමති කැටගරියේ හෝ තමන්ගේ රසාස්වාදයට නොගැළපෙන්න පුළුවන්. ඒත් ඔයා ඔයා බලන්න කැමති මොන වගේ ෆිල්ම්ස් ද කියලා පැහැදිලි කරලා කිව්වොත් අනිත් කෙනාට පුළුවන් වෙයි හොඳ ෆිල්ම්ස් තෝරලා දෙන්න. ගොඩක් වෙලාවට මෙහෙම හොයලා දෙන ෆිල්ම්ස් අපිට හොඳට හිතට අල්ලනවා. 


3. Movie Geek Community එකත් එක්ක සමීපව සිටීම

Movie Geeks ලා කියන්නේ නිරන්තරයෙන් ෆිල්ම් බලන සහ ෆිල්ම් වල සැඟවුණ දේවල් හොයන සහ ලෝක සිනමාව එක්ක අප්ඩේට් වෙවී ඉන්න කට්ටිය. මෙයාලා Community එකක් විදිහට ඉන්න ෆේස්බුක් ගෲප්ස්, ෆේස්බුක් පේජස්, වට්ස්ඇප් ගෲප්ස් සහ යූ ටියුබ් චැනල් සෑහෙන ගාණක් මේ වෙනකොට ලංකාවේ තියෙනවා. ඔයාට පුළුවන් මේවට ජොයින් වෙලා ෆිල්ම්ස් ගැන දැන කියාගෙන ඒවල පෝස්ට් සහ රිවීව්ස් කියවල බලලා තමන් බලන්න කැමති ෆිල්ම් එකක් තෝරගන්න එක. (පොඩි ඇඩ් එකක් - හොලිවුඩ්, ඉන්දියන්, ජැපනීස්(ඇනිමේ), කොරියන් ඇතුළු ලෝක සිනමාවේ ෆිල්ම්ස් සහ ටීවී සීරීස් ගැන සෑහෙන ෆැක්ට්ස්, රිවීව්ස් සහ පෝස්ට්ස් ගේන සරලව ලංකාවේ ගීක් නිව්ස්, රිවීව්ස් සහ ෆැක්ට්ස් වැඩිපුරම ගේන Review Who Cares ෆේස්බුක් පේජ් එක, වට්ස්ඇප් ගෲප්ස්, ටෙලිග්‍රෑම් ගෲප් එක, එයාලගේම සයිට් එක සහ යූටියුබ් චැනල් එකත් එක්ක හිටියොත් හැමදේම එකම තැනකින් ලේසියෙන් ගන්න පුළුවන්.)


4. සම්මාන උළෙල සඳහා නිර්දේශ වන ෆිල්ම්ස් ඇසුරින් 

සමහර අයට ලොකු ආසාවක් තියෙනවා හොඳම ෆිල්ම්ස් විතරක් බලන්න. මේ අයට ගොඩක් ගැළපෙන්නේ ratings මඟින් ෆිල්ම් තෝරන එකට අමතරව අවුරුද්දකට වරක් තියන ලෝකේ ප්‍රධාන ෆිල්ම්ස් සම්මාන උළෙල වලට නිර්දේශ වෙන ෆිල්ම්ස් හොයලා ඒවා අතරින් තමන් කැමති වර්ගයේ ෆිල්ම් එකක් තෝරන එක. ලෝකේ පවත්වන ප්‍රධානම ෆිල්ම් සම්මාන උළෙල කීපයක් විදිහට Oscar, BAFTA, Golden Globe සහ Critics Choice සම්මාන උළෙල වල් සලකන්න පුළුවන්. මේවා වල Best Picture, Best Screenlplay, Best Adapted Screenplay, Best Cinematography, Best Director, Best Actor සහ Best Actress කියන අවෝර්ඩ්ස් වලට නොමිනේට් වෙන ෆිල්ම්ස් තෝරගෙන බලන එක වඩා සුදුසුයි. හැබැයි මම මේක එච්චර අනුමත කරන එකක් නෙවේ. එතකොට අනිත් ෆිල්ම්ස් වලට තියෙන ගෞරවය නැතිවෙන්න පුළුවන්.

Film Awards

හරි, එතකොට ඊළඟට අළුතින් ෆිල්ම් කමියුනිටි එකට එන කෙනෙක් ට එන ප්‍රශ්නේ තමයි කොහොම ද සහ මොකකින් ද මේ ෆිල්ම්ස් බලන්නේ කියලා. ක්‍රම ගොඩක් තියෙනවා. ඉතාම පැහැදිලිව ඕනම ෆිල්ම් එකක් බලන්න හොඳම ක්‍රමය තමයි හෝල් එකක ඒ කියන්නේ තියටර් එකක එහෙම නැත්නම් සිනමාශාලාවක ෆිල්ම් එක බලන එක. ඒකට හේතුව තමයි හෝල් එකක ෆිල්ම් එකක් බලනකොට බාහිරින් එන බාධා වලට ලක් වෙන්නේ නැතුව ෆිල්ම් එක සම්පූර්ණ අවධානය දීලා බලන්න පුළුවන් වෙන එක. හෝල් එකක වටපිටාව සහ අත්දැකීම ගන්න එක ගෙදරක කාමරයක ඉඳන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හෝල් එකක බලන්න බැරි නම් ඊළඟට තියෙන ක්‍රමේ තමයි ස්ට්‍රීමින් සර්විස් එකක් හරහා ගෙදර ඉඳන් TV එකේ හෝ PC එකක ෆිල්ම්ස් තෝරගෙන බලන එක. ඒත් ලංකාවේ ස්ට්‍රීමින් සර්විස් පාවිච්චි කරන එක සෑහෙන ප්‍රශ්න ගේන දෙයක්. සාමාන්‍යයෙන් ස්ට්‍රීමින් සර්විස් එකක HD ෆිල්ම් එකක් බලන්න 5Mb/s වගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එකක් ඕනේ. 4K එහෙම බලන්න නම් 12Mb/s වගේ ස්පීඩ් එකක් ඕනේ. ඒ නිසා ෆිල්ම් එක හොඳ කොලිටියකට බලන්න බැරි ගැටළුවක් සමහර අයට එනවා. තවත් තියෙන ප්‍රශ්නයක් තමයි ලංකාවට HBO MAX වගේ ප්‍රධානම ස්ට්‍රීමින් සර්විස් වල සේවාව ලබා දෙන්නේ නැති එක. ඒ නිසා ඒ වගේ ස්ට්‍රීමින් සර්විස් වල සේවාව VPN ඇප් එකක් පාවිච්චි කරලා ලබාගන්න වෙනවා. ස්ට්‍රීමින් සර්විස් පාවිච්චි කරන්න හදන කෙනෙක් අවධානය යොමු කරන්න ඕන ප්‍රධානම ස්ට්‍රීමින් සර්විසස් තමයි Netflix, HBO MAX, Disney+ සහ Amazon Prime Video. කොහොමවුණත් විවිධ ප්‍රශ්න සහ ආකල්ප නිසා ලංකාවේ ෆිල්ම් බලන්න වැඩිපුරම යොදාගන්න ක්‍රමය තමයි පයිරේටඩ් කොපීස් ඩවුන්ලෝඩ් කරලා PC එකක් හෝ TV එකකින් ඒවා බලන එක. පයිරේටඩ් කොපීස් කියන්නේ ෆිල්ම් එකක ඔරිජිනල් කොපිය විවිධ ආකාරයෙන් අරගෙන විවිධ සෝර්සස් වලින් සයිට්ස් වලට එකතු කරන එක. මේක නීතී විරෝධී දෙයක්. ඒ වගේම ගොඩක් DVD ශොප් වල විකුණන්න තියෙන්නෙත් මේ කොපි තමා. සමහර අයට ඒවා සල්ලි වලට අරන් DVD Player එකෙන් හෝ PC එකෙන් ෆිල්ම්ස් බලන්න පුළුවන්. ඒ වගේම සමහර DVD Shop වල ඔරිජිනලි රිලීස් වෙන 4k blu ray කොපීස් විකුණන්නත් තියෙනවා. ඒවා වල කොලිටිය පයිරේටඩ් කොපි වලට හොඳ මට්ටමින් තියෙනවා. ඒත් ඒවා ගාණින් අනිත් ඒවාට වඩා වැඩි. කොහොවුණත් ලංකාවේ බහුතරයක් පාවිච්චි කරන්නේ පයිරේටඩ් කොපීස්. කොච්චර හොඳ නැති දෙයක් වුණත් ඒක එක අතකින් සාධාරණ වෙන්න පුළුවන්. හැබැයි තමන් ට පුළුවන් හැම අවස්ථාවකම ෆිල්ම් එකක් හෝල් එකට ගිහින් බලන එක තමා වඩාත් ම සුදුසු දේ. හොලිවුඩ් වල ෆිල්ම් ක්‍රිටික්ස් ලා ඒ කියන්නේ ෆිල්ම් විචාරය කරන අය හැමෝම වගේ නිතරම හෝල් වල බලන්න කියලා අපිට කියන්නේ ෆිල්ම් එකක් ගෙදර ඉඳන් බැලුවම ඒක හරියට ෆීල් කරන්න බෑ කියලා එයාලා හොඳට දන්න නිසයි. හොලිවුඩ් වල ජනප්‍රිය ක්‍රිටික් කෙනෙක් වෙන Grace Randolph කෙලින්ම කියනවා මිනිස්සුන් ව හෝල් වලට ගෙනියන්න එයාලා ගෙදර ඉඳන් ෆිල්ම් බලන එක ඩිස්කරේජ් එහෙම නැත්නම් වළක්වන්න උත්සාහ කරන්න ඕනේ කියලා. ලංකාවේ ෆිල්ම්ස් බලන්න හොඳ තියටර්ස් කීපයක් පහළින් බලාගන්න පුළුවන්.


කොළඹ - CCC Scope Cinema (Dolby Atmos) - හොඳම තියර්ටිකල් අත්දැකීම ගන්න             

                    

One Galle Face PVR Cinema (Dolby Atmos) - නිදහසේ ලංකාවට රිලීස් වන හැම ෆිල්ම් එකක්ම වගේ එකම තැනකින් බලන්න

                  

 Savoy 3D Wellawatte (Dolby Atmos) - හොඳම තියටර් ක්‍රවුඩ් අත්දැකීම ගන්න


ගම්පහ - Regal Cinema

දකුණ - Sky Lite Matara

කෑගල්ල - Milano Cineplex

රත්නපුර - Jothi 3D

ජා ඇල - Vista Lite

කුරුණෑගල - Sinexpo 3D

Theater Experience

Dolby Atmos තමයි ලංකාවේ දැනට හෝල් වල තියෙන හොඳම සවුන්ඩ් සිස්ටම් එක. ඒ නිසා පුළුවන් තරම් Dolby Atmos තියෙන හෝල් එකක් තෝරගන්න බලන්න හොඳම තියටර් අත්දැකීමක් ගන්න ඕනේ නම්. ඊට අමතරව තියටර් හෝල් එකේ ස්ක්‍රීන් එක ගැනත් අවධානය යොමු කරන්න ඕනේ. සමහර හෝල් වල ස්ක්‍රීන් එක ෆේඩ් වෙලා වගේ තියෙන්නේ. ඒ නිසා හැමතිස්සෙම පැහැදිලි ස්ක්‍රීන් එකක් තියෙන හෝල් එකක් තෝරගන්න. ඔයා හෝල් එකක ඉඳගන්න තැනත් ෆිල්ම් එක රසවිඳින්න බලපානවා. ඉස්සරහින්ම ඉඳගත්තොත් ස්ක්‍රීන් එක හරියට බලන්න අමාරුයි. සමහර හෝල් වල ඉස්සරහ හිටියොත් බලන්න වෙන්නේ ඔළුව උඩට උස්සගෙන. ගොඩක් කට්ටිය ඒ නිසා ෆිල්ම් එකක් බලන්න තෝරගන්නේ හෝල් එකේ පිටිපස්සේ ම තියෙන සීට්ස්. ඒකේ අවුලක් නෑ. හැබැයි හෝල් එකක හොඳම සවුන්ඩ් එක්ස්පීරීයන්ස් එක ගන්න පුළුවන් හෝල් එකේ හරි මැද හිටියොත් තමා. ඒ වුණාට ඒක එහෙම ලොකුවට බලපාන්නේ නෑ. හැබැයි ඔයා පසුපස හිටියත් මැද සීට් එකක් හැමතිස්සෙම ගන්න බලන්න. තියටර් එක්ස්පී‍රියන්ස් එකක 50% ක් විතර ලැබෙන්නේ සවුන්ඩ්ස් වලින්. එ නිසා සවුන්ඩ්ස් වලට සෑහෙන අවධානයක් යොමු කරන්න ඕනේ. පයිරේටඩ් කොපීස් බලන අයට ඒ පයිරේටඩ් ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් සයිට්ස් ඕන තරම් තියෙනවා. හැබැයි හොඳම කොලිටියෙන් කොපීස් දෙන්නේ PSA සයිට් එකෙන්. ඒකට අමතරව 1337x සයිට් එකෙන් හැම ෆිල්ම් එකම වගේ හොයාගන්න පුළුවන්. ඊට අමතරව ටෙලිග්‍රෑම් ගෲප් වලිනුත් පයිරේටඩ් කොපීස් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරනකොට හැමතිස්සෙම උපරිම කොලිටියෙන් ඩවුන්ලෝඩ් කරන්න පුරුදුවෙන්න ඕනේ. සාමාන්‍යයෙන් දැන් එන ෆිල්ම් එකක් ඉස්සෙල්ලාම පයිරේටඩ් සයිට්ස් වලට එන්නේ Web Rip, HD Rip, Web dl විදිහට. මේවා මොනව ද කියලා හොයන එක අමතර දෙයක්. ඩවුන්ලෝඩ් කරනකොට ඉන්ෆොර්මේෂන් වලට නැත්නම් ඩවුන්ලෝඩ් ලින්ක් එකේම තියෙනවා ඒක Web Rip ද නැත්නම් අනිත් ඒවා ද කියලා. ඔය එන හැම එකක් ම කොලිටියෙන් අඩුයි. හොඳම කොලිටිය තියෙන්නේ Blu ray කියලා එන ඒවා වල. ඒ නිසා ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන හැම වෙලාවකම Blu ray කොපි එකක් ඩවුන්ලෝඩ් කරන එක වැදගත්. ඊට අමතරව Web Rip වේවා Blu Ray වේවා 4k ට වඩා අඩු රෙසලූෂන් එකක් තියෙන ඕනම ස්ක්‍රීන් එකක බලන්න සුදුසුම 1080p කොලිටි එකෙන් තියෙන කොපීස් කියලා තමයි සාමාන්‍යයෙන් සලකන්නේ. ෆිල්ම් කොපීස් වල තියෙන ප්‍රධානම රෙසලූෂන් කොලිටි තුන තමයි 720p, 1080p සහ 2160p(4k). 720p වලින් බලන එකේ ලොකුම අවුලක් නැතිවුණත් 1080p බලන්න කියන එක තමා මම ගොඩක්ම රෙකමන්ඩ් කරන්නේ. හදිස්සිම වුණොත් විතරක් 720p ඩවුන්ලෝඩ් කරාට කමක් නෑ. 4k ස්ක්‍රීන් එකක් තියෙන අය අනිවාර්යෙන් 4k කොලිටියෙන් තියෙන කොපීස් විතරක් ඩවුන්ලෝඩ් කරන්න පුරුදු වෙන එක හොඳයි. ඔයා PC එකක හෝ TV එකක් ෆිල්ම් බලනකොට හැමතිස්සෙම නිදහස් වෙලාවක ඒක කරන්න. ඔළුව අවුල් වෙලා තියෙනකොට ෆිල්ම් එකක් හරියට රසවිඳින්න බෑ. ඒ වගේම ෆිල්ම් එක බලනකොට ෆෝන් එක හෝ වෙනත් දෙයකට අවධානය යොමු කරන්න එපා.

Blu Ray 4k DVDs

ඊළඟට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි තමන් බලන ෆිල්ම් තමන්ගේ වයසට ගැළපෙන එකක් ද තමන්ට පවුලේ අනිත් අයත් එක්ක එකට බලන්න පුළුවන් දෙයක් ද කියලා හොයාගන්නේ කොහොම ද කියලා. ඒක හොයාගන්න. ඇමෙරිකාවේ ෆිල්ම්ස් වලට අන්තර්ජාතිකව දෙන රේටින් සිස්ටම් එකක් තියෙනවා Motion Picture Association ආයතනය විසින් සිදුකරන. මේකට කියන්නේ MPA rating කියලා. මේක යටතේ ෆිල්ම්ස් G (General Audience), PG (Parental Guidence Suggested), PG-13 ( Parents Strongly Cautioned), R (Restricted), NC-17 (Adults Only) යන කැටගරි වලට යටත් වෙනවා. මේවා අතරින් PG - 13 සහ ඊට පහළින් තියෙන රේටින් සහිත ෆිල්ම්ස් පවුලේ අයත් එක්ක බලන්න පුළුවන්. ඒ කියන්නේ ළමයින්ට සුදුසු ඒවා. ඒත් ලංකාවේ සංස්කෘතියත් සහ තමන්ගේ පවුලේ වටපිටාවත් එක්ක මේ සමහර ෆිල්ම්ස් විශේෂයෙන් සමහර PG-13 ෆිල්ම්ස් බලන එක සමහර වෙලා වලට අවුල් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ කලින් කිව්වා වගේ දන්න කෙනෙක් ගෙන් අහන එක තමයි. දරුණු විදිහට තුවාල කරන සහ මීනී මරන සිදුවීම්, ලේ සහිත දර්ශන, නියුඩිටි, අසභ්‍ය වචන භාවිතය, පිළිකුල් සහගත දර්ශන සහ අසම්මත අදහස් අන්තර්ගතය වගේ දේවල් සහිත දර්ශන බලන්න පුළුවන් නම් විතරක් R rated ෆිල්ම්ස් බැලුවට කමක් නෑ.

MPA Rating System

තව එන ප්‍රශ්නයක් තමයි ෆිල්ම් කමියුනිටි එක ඇතුළේ කතාවෙන එක එක ෆිල්ම්ස් හා සම්බන්ධ යෙදුම් ගැන අවබෝධයක් ලබාගන්න එක. එහෙම පාවිච්චි කරන ප්‍රධාන යෙදුම් කීපයක් පැහැදිලි කරන්නම්. ඉස්සෙල්ලාම ෆිල්ම්ස් එකින් එක වෙන් කරන යෙදුම් කීපයක් ගැන කතාකරමු. සමහර අය දැකලා ඇති ෆිල්ම්ස් වල Sequel, prequel සහ spin off ගැන කතා කරනවා. ඒක සරලව මෙහෙමයි. කවුරුහරි කෙනෙක් ෆිල්ම් එකක් හදනවා. ඒ හදන ෆිල්ම් එක එයාගේම නිර්මාණයක් සහ ඒ ෆිල්ම් එකට වෙන කිසිම ෆිල්ම් එකක සම්බන්ධයක් නෑ. ඒ කියන්නේ ඒ original ෆිල්ම් එක. මේ ෆිල්ම් එක හැදුවට පස්සේ ෆිල්ම් එකේ කතාව එහෙම නැත්නම් story එක ඉවරවුණාට පස්සේ ඉදිරිකාලයේ වෙන සිදුවීමක් ඇසුරින් ආයේ තව ෆිල්ම් එකක් හැදුවොත් ඒක හඳුන්වන්නේ sequel එකක් කියලා. Original ෆිල්ම් එකේ කතාව ආරම්භ වෙන්න පාදක වුණ අතීත සිදුවීම් ඇසුරින් original ෆිල්ම් එක රිලීස් කරාට පස්සේ ෆිල්ම් එකක් හදනවනම් ඒකට කියන්නේ prequel ෆිල්ම් එකක් කියලා. Original, sequel හෝ prequel ෆිල්ම් එකක කැරැක්ටර් එකක් හෝ සිදුවීමක් ඇසුරින් නිර්මාණය කරන ඒත් original, sequel හෝ prequel ෆිල්ම් එකට කෙලින්ම සම්බන්ධ වෙන්නේ නැති ෆිල්ම් එකකට කියන්නේ spin off ෆිල්ම් එකක් කියලා. ෆිල්ම් එකක් යම් කැරැක්ටර් එකක හරි සිදුවීමක ආරම්භය ගැන පෙන්වන ෆිල්ම් එකක් නම් ඒකට origin ෆිල්ම් එකක් කියලා කියනවා. ඒ වගේම එකක ට එකක් ඩිරෙක්ට් සම්බන්ධ ෆිල්ම් දෙකක් තියෙනවනම් ඒ දෙකට පොදුවේ Duology කියලා කියනවා, ඒවගේ ෆිල්ම්ස් තුනක් තියෙනවනම් ඒ තුන පොදුවේ Trilogy ක් කියලා හඳුන්වනවා. සාමාන්‍යයෙන් එකකට එකක් සම්බන්ධ ෆිල්ම්ස් සෑහෙන ගණනක් බොහෝවිට 3 කට වඩා ඇති ෆිල්ම්ස් මාලාවකට අපි movie franchise එකක් කියලා නැත්නම් saga එකක් කියලා කියනවා. ඊළඟට ෆිල්ම්ස් ඇතුළේ පාවිච්චි වෙන ජනප්‍රිය යෙදුම් කීපයක් කතා කරමු.


Plot - ෆිල්ම් එකේ කතාව එහෙම නැත්නම් ස්ටෝරිය

Plot Twist - ගලාගෙන යන කතාව එක් මොහොතකින් සම්පූර්ණයෙන නොහිතන පැත්තකට හැර වීම

Cinematography - ෆිල්ම් එක ශූට් කරනකොට යොදන විවිධ උපක්‍රම

CGI/VFX - මේක ලොකුවට කතාකරන්න ඕන දෙයක්. ඉතාම සරලව ඇත්ත ලෝකය තුළ ලබාගන්න බැරි දර්ශන විවිධ සොෆ්ටයාර් පාවිච්චි කරලා කෘතිමව නිර්මාණය කරන එක තමා මේ. Video Game එකක graphics හදනවා වගේ කියලා හිතන්න

Timeline - කාලයත් එක්ක ෆිල්ම් ඒකේ කතාවේ සිදුවෙන ගලායෑම

Score - ෆිල්ම් එක තුළ ඇති සංගීතය

Live Action - ඇත්ත ලෝකයේ සජීවී මිනිසුන් ඇක්ට් කරන ෆිල්ම්ස්

Masterpiece - ෆිල්ම්ස් අතරින් විශේෂයෙන් වෙන් කරලා පෙන්වන්න පුළුවන් අතිවිශිෂ්ට නිර්මාණයක්

Review - ෆිල්ම් එකක නොතේරෙන හෝ අපැහැදිලි කරුණු සහ ෆිල්ම් එකේ හොඳ නරක පැහැදිලි කර ලියන විචාරයක්

Fanbase - ෆිල්ම් එකක් හෝ ෆ්‍රැන්චයිස් එකක් වෙනුවෙන් විශේෂ උනන්දුවක් දක්වන පිරිස

Toxic - තමන් කැමති ෆිල්ම් එක හෝ කිහිපය විතරක් හොඳයි කියලා හිතලා අනිත් ෆිල්ම් විශේෂයෙන් තමන්ගේ කැමති ෆිල්ම් කැටගරියට අයත් වෙන අනිත් ෆිල්ම්ස් දරුණු ලෙස විවේචනය කිරීම(වඩා අපහාසාත්මක/උපහාසාත්මක යෙදුමක් ලෙස පෑන්ටි යෙදුම පාවිච්චි කරනවා)

Premiereපළමු වතාවට ප්‍රේක්ෂකයන් වෙත ෆිල්ම් එකක් රිලීස් කිරීම

Streaming Service - ෆිල්ම්ස්, ටීවී සීරීස් සහ ඩොකියුමෙන්ටරි ෆිල්ම්ස් ඔන්ලයින් ඩේටාබේස් එකක් ඔස්සේ විකාශනය කිරීමේ සේවාව

Character build up - ෆිල්ම් එකේ කතාව තුළ ෆිල්ම් එකේ සිටින චරිතයකගේ කතාව ගොඩනැඟීම

Box office - ෆිල්ම් එකක් තියටර්ස් වලට රිලීස් කර ඉන් ලබාගන්නා ආදායම

Flop - ප්‍රමාණවත් ලෙස ආදායම් ලබාගැනීමට ෆිල්ම් එකට නොහැකිවීම

Dark Theme - සමාජ ක්‍රමය හෙළාදකින ආකාරයේ අදහස් සහ දර්ශන, ප්‍රචණ්ඩ ක්‍රියා සහිත දර්ශන, අසම්මත අදහස් සහ දර්ශන, නියුඩිටි දර්ශන ඇතුළත් ව ගලායන කතාව

සයිෆයි - Sci Fi - Science Fiction - විද්‍යා ප්‍රබන්ධ

Genre - ෆිල්ම් කැටගරීස්

Trailer - ෆිල්ම් එකක ප්‍රචාරණ එහෙම නැත්නම් මාකටින් කිරීම සඳහා රිලීස් කරන ෆිල්ම් එකේ දර්ශන කිහිපයක් එක් කර නිර්මාණය කරන විනාඩි 3 ක පමණ වීඩියෝ වක් (පූර්ව ප්‍රචාරක පටය)

Teaser - ෆිල්ම් එකේ ස්ටෝරිය කලින්ම දැනගැනීම ට ඇති අවස්තාව අවම කරමින් ඒ කියන්නේ දෙන ඩීටේල්ස් වල ගුණාත්මක බව අඩු කරමින් නිකුත් කරන විනාඩි 1 - 2 ක පමණ ට්‍රේලර් එකක්

Stand alone - කිසිම sequel එකක් හෝ prequel එකක් නැති සහ වෙන කිසිම ෆිල්ම් එකක ට ඩිරෙක්ට් සම්බන්ධයක් නැති ෆිල්ම් එකක්

Ongoing - ඉස්සරහට තව sequel එන්න නියමිත ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකක්

Reboot - කලින් තිබුණු ෆිල්ම් එකක් හෝ ෆ්‍රැන්චයිස් එකක් අළුත් කැරැක්ටර්ස් සහ බොහෝවිට අළුත් ප්ලොට් එකක් එකක නැවත නිර්මාණය කිරීම

Remake - කලින් නිර්මාණය කරලා තිබුණ ෆිල්ම් එකක්(බොහෝවිට වෙනත් රටක) නැවත ඒ ලෙසම ප්‍රතිනිර්මාණය කිරීම

Reference - ෆිල්ම් එකක යම් දෙබසක්, දර්ශනයක්, චරිතයක් හෝ භාණ්ඩයක් වැනි දෙයක් මඟින් වෙනත් ෆිල්ම් එකක, පොතක, කලා නිර්මාණයක හෝ සමාජ අදහසක කොටසක් නිරූපණය කිරීම

Inspired - ෆිල්ම් එකක කතාව, චරිතයක්, දර්ශනයක් හෝ භාණ්ඩයක් වැනි දෙයක් වෙනත් නිර්මාණයක බොහෝවිට වෙනත් ෆිල්ම් එකක යම් කතාවක්, චරිතයක්, දර්ශනයක් හෝ භාණ්ඩයක් වැනි දෙයක් ඇසුරින් නිර්මාණය කර තිබීම

Similarity - ෆිල්ම් එකක දර්ශනයක් එම ෆිල්ම් එකේම හෝ වෙනත් ෆිල්ම් එකක දර්ශනයක ට සමාන බවක් දැක්වීම

Symbolism - ෆිල්ම් එකේ ඇති භාණ්ඩයක් හෝ දර්ශනයක් මඟින් වෙනත් ෆිල්ම් එකක හෝ සමාජයක හෝ නිර්මාණයක හැඟීමක්, අදහසක් හෝ මතයක් නිරූපණය කිරීම

Easter Egg - ෆිල්ම් එකක දර්ශනයක සාමාන්‍යයෙන් නොපෙනෙන පරිදි හොඳින් සොයා බැලුවොත් පමණක් හමුවන වෙනත් ෆිල්ම් එකක, පොතක් හෝ නිර්මාණයක දෙයක් බොහෝවිට භාණ්ඩයක්, කැරැක්ටර් එකක් හෝ සලකුණක්

Runtime - ෆිල්ම් එක ආරම්භයේ සිට අවසානය වෙන තෙක් ඇති සම්පූර්ණ කාලය

Universe - කල්පිතව නිර්මාණය කර ඇති එකකට එකක් සම්බන්ධ ෆිල්ම්ස් වල කතාව සිදුවන පසුබිම පොදුවේ හඳුන්වන නම


ඊළඟට තියෙන තව ප්‍රශ්නයක් තමයි කොහොම ද තමන් බලපු ෆිල්ම් එකක් හොඳ ද නැද්ද කියලා තීරණය කරන එක. තමන් ෆිල්ම් එකක් බලලා ෆේස්බුක් එකට එනකොට හැමතැනම තමන් බලපු ෆිල්ම් එකට කට්ටිය සිනමාවේදීන් වෙලා දොස් කියලා තියෙනවනම් තමන්ගේ රසවින්දනයේ අවුලක් ද කියලා සමහර අයට දැනෙන්න පුළුවන්. අළුතින් එකතු වෙන අය විතරක් නෙවේ කලින් ඉඳන් බලපු සමහර අයටත් ෆිල්ම් එකක් හොඳ ද නරක ද කියලා තීරණය කරගන්න බෑ. කියන්න ඕන පළවෙනි, සරලම සහ ප්‍රධානම දේ කිසිම ෆිල්ම් එකක් සවුත්තුයි වැඩක් නෑ කියලා කියන එකනම් බොරු වැඩක්. ඕනම ෆිල්ම් එකකට ඒකට කැමති පිරිසකුත් ඒකට අකැමති පිරිසකුත් ඉන්නවා. ඒක ඒ ඒ අයගේ රසවින්දනය අනුව ගන්න චොයිස් එක. අපිට ඒකට බලපෑම් කරන්න බෑ. පෞද්ගලිකව මම නම් හිතන්නේ ඕනම ෆිල්ම් එකකින් ජීවිතේට ගන්න පුළුවන් දෙයක් තියෙනවා. තමන්ට ඒක වටින දෙයක් නොවුණාට වෙන කෙනෙක්ට ඒක සෑහෙන වටින දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි වෙන කෙනෙක් ගේ මතයට එරෙහි වෙලා ඒකට විරුද්ධව හෝ ඒ කෙනා අපහාසයට ලක් කරලා කතා කරන එක එක අතකින් බොරු වැඩක් අනික් අතකින් කාලය කා දැමීමක්. ඔයා කැමති ඇක්ෂන් ෆිල්ම්ස් වලට විතරක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාට කිසිම අයිතියක් නෑ රෝමෑන්ස් ෆිල්ම්ස් බලන කෙනෙක් ව විවේචනය කරන්න. ඒ නිසා හොඳම දේ තමන් බලපු ෆිල්ම් එකේ තමන් ට දැනුණු හොඳ නරක අනිත් අයත් එක්ක සාකච්චා කරන එක. ඒ අයත් එක්ක අදහස් බෙදාගෙන ෆිල්ම් එක ගැන හරි අවබෝධයකට එන එක තමයි ෆිල්ම් කමියුනිටි එක ඇතුළේ කෙරෙන්න ඕනේ. ෆිල්ම් සෑහෙන බලපු අයත් දැනගන්න ඕනේ අළුතින් කමියුනිටි එකට එන අයට ඒ අයට ගැළපෙන ආකාරයට ෆිල්ම්ස් ගැන කතා කරන්න. ඊට අමතරව ෆිල්ම් එකක් දළ වශයෙන් හොඳ ද නරක ද කියලා සරලව තීරණය කරන්න ෆිල්ම් එකේ බලන්න පුළුවන් දේවල් කීපයක් ගැන මන් කතා කරන්නම්. ෆිල්ම් එකක අන්තර්ගතය සෑහෙන ලොකු ප්‍රොසෙස් එකක්. ඒ ගැන ගැඹුරට කතා කරන්න තරම් මම සිනමාවේදියෙක් නෙවේ. ඒ නිසා මම ඉගෙන ගෙන තියෙන දේවල් සහ මම ෆිල්ම්ස් හොඳ ද නැද්ද කියලා බලන දේවල් ඇසුරින් සරලව ෆිල්ම්ස් වල හොඳ නරක බලන ආකරාය අළුතින් මේ ෆිල්ම් කමියුනිටි එකට එන අයට පැහැදිලි කරන්නම්. ෆිල්ම් එකක් බලනකොට අවධානය යොමු කරන්න ඕන ප්‍රධානම දේ තමයි Storytelling කියන එක. Storytelling කියන්නේ නිකන්ම ප්ලොට් එක බලන එක නෙවේ. ෆිල්ම් එකේ frame එකෙන් frame එකට ඒ කියන්නේ රූපරාමුවෙන් රූපරාමුවට සිදුකරන දෙබස් වල ගැළපීම, ඇක්ටින් ඒ ඒ අවස්ථාවට අනුව තාත්විකව කරන එක, ඒ ඒ අවස්ථාවට ගැළෙපෙන සංගීතය යොදාගන්න එක, ෆිල්ම් එකේ සිදුවීම් සිදුවෙන පසුබිම් ප්‍රදේශයේ ගැළපීම සහ යොදාගන්නා CGI/VFX එහෙම නැත්නම් visual effects ඇත්ත ලෝකයේ දර්ශන සමඟ පුළුවන් තරම් සමාන වීම වගේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේ හැම දෙයක් ම ෆිල්ම් එක සාර්ථක වෙන්න අවශ්‍යය වෙනවා. ඒ කියන්නේ ෆිල්ම් එකක ෆ්‍රේම් එකෙන් ෆ්‍රේම් එකක් අතර සිදුවන සෑමදෙයක් ම ෆිල්ම් එකේ කතාව කියන්න සම්බන්ධ වෙනවා. ඒ ඒ ෆ්‍රේම් එකට ඒ ඒ සාධක වල ගැළපෙන තරම අනුව ෆිල්ම් එකක් හොඳ ද නැද්ද කියලා අපිට තීරණය කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අවුරුදු සීයකට දෙසීයකට ඉස්සරහින් අනාගතයේ වෙන සිදුවීමක් ඇසුරින් නිර්මාණය කරන ෆිල්ම් එකක එක දර්ශනයක දහ අට වන සියවස වගේ ගොඩක් පරණ කාලයේ මෝස්තරයට හදපු ගොඩනැඟිල්ලක් තියෙනවනම් ඒක ෆිල්ම් එකේ දුර්වලතාවයක්. අද කාලයේ කතා වෙන දෙබස් පාවිච්චි කරන්න බෑ මීට අවුරුදු දෙසීයක කලින් සිදුවුණ කතාවක් හදන්න. චරිතයක් දුකින් ඉන්න වෙලාවක පසුබිම් සංගීතයට එන්න ඕනේ sad music එහෙම නැත්නම් දුක්දායක සංගීතයක්. CGI/VFX පාවිච්චි කරනකොට සැබෑ ලෝකය එක්ක වෙනසක් නොපෙනන විදිහට ඒවා යූස් කරලා තියෙනවනම් visual effects භාවිතය හොඳයි කියලා කියනවා. හැබැයි ෆිල්ම් වල CGI/VFX මනින්න ඕනේ ටිකක් වෙනස් විදිහට. 1980 ගණන් වල යූස් කරපු විෂුවල් ඉෆෙක්ට්ස් වලට වඩා දැන් යූස් කරන විෂුවල් ඉෆෙක්ට්ස් සෑහෙන දියුණුයි සහ වඩා තාත්විකයි. ඒ නිසා ෆිල්ම් එකක විෂුවල් ඉෆෙක්ට්ස් බලන්න ඕනේ අදාළ ෆිල්ම් එක රිලීස් වුණ කාලයේ රිලීස් වුණ අනිත් ෆිල්ම් වලට සාපේක්ෂව. එහෙම නැතුව අද එන ෆිල්ම් එක CGI/VFX අවුරුදු 10 කට කලින් ආපු ෆිල්ම් එක්ක කම්පෙයාර් කරන එක සාධාරණ නැහැ. 

Storytelling - Jurassic Park ෆිල්ම් එකේ ඇති මේ දර්ශනය ජුරාසික් පාර්ක් එකේ සහ ඩයිනෝසරයන්ගේ විශ්මිත ස්වභාවය සහ අලංකාරය පසුබිම් සංගීතය, චරිත වල හැඟීම් එළියට පෙන්වීමෙන්, පසුබිම් දර්ශනයෙන් සහ හොඳ visual effects භාවිතය ආදී සාධක ඇසුරින් ඉතා ශක්තිමත් සහ සිත් ඇදගන්නා සුළු ආකාරයෙන් ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කර ඇත.

ඊළඟට බලන්න ඕන දෙයක් තමයි Visual Treatment එක. ඒ කියන්නේ සරලව ෆිල්ම් එකක ලස්සන. ෆිල්ම් එකක ප්‍රදේශයක්, පසුබිමක්, කැරැක්ටර් සහ භාණ්ඩ නිරූපණය කරන කලර්ස් වල භාවිතය ගැනයි ඒකෙන් කියන්නේ. මේවා ලස්සන වෙන්නේ නිකන් පාට පාට දේදුනු වගේ තියෙනකොට නෙවේ. කලර්ස් යූස් කරලා තියෙන්න ඕන ඒ ඒ සිදුවීමට, ඒ ඒ කැරැක්ටර්ස් වල ගති ලක්ෂණ වලට සහ ඒ ඒ ප්‍රදේශ වල ට ගැළපෙන ආකාරයට වෙන එක ඉතාම වැදගත් දෙයක්. නිකන් හිතන්න වොල්ඩෙමෝට් රෝසපාට ඇඳුමක් දාගෙන හිටියනම් කලින් තිබ්බ වොල්ඩෙමෝට් වයිබ් එක ඒ කැරැක්ටර් එකෙන් ගන්න පුළුවන් වෙයි ද. ඝාතන, ආදරය, සාමය, සතුට, දුක සහ තරහ වගේ විවිධ සිදුවීම් සහ හැඟීම් වලට අනුකූලව ෆිල්ම් එකක සීන්  එකක කලර්ස් යූස් කරලා තියෙන එක ෆිල්ම් එකක් හොඳ වෙන්න සෑහෙන බලපානවා. 

Visual Treatment - Zodiac ෆිල්ම් එකේ බහුලව දර්ශන සඳහා භාවිතා කර ඇති නිල් වර්ණය මඟින් ඝාතන සහ අපරාධ යන දෑ නිරූපණය කරයි

ඊට අමතරව ෆිල්ම් එකක බලන්න ඕන දෙයක් තමයි visual storytelling කියන එක. ඒ කියන්නේ ෆිල්ම් එකක දර්ශනයක තියෙන භාණ්ඩයක් හෝ කැරැක්ටර් එකක් වැනි දෙයක් මඟින් ව්‍යංගයෙන් එහෙම නැත්නම් ඉන්ඩිරෙක්ට් ඒ කියන්නේ කෙලින් කියන්නේ නැතුව සඟවලා යම් කතාවක් හෝ අදහසක් නිරූපණය කරන එක. සාමාන්‍යයෙන් detail එකක් කියලා කියන්නේ ඒ වගේ ඒවාට. ෆිල්ම් එකක් හොඳ වෙන්න මේ details සෑහෙන බලපානවා. Christopher Nolan ඉන්ටර්වීව් එකකදී කියලා තියෙනවා ෆිල්ම් එකක් හොඳ වෙන්න ලේයර්ස් තියෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපි ෆිල්ම් එකක් බැලුවට පස්සේ ආයේ ආයේ ෆිල්ම් එක බලලා කලින් අපිට හම්බුණේ නැති ඩීටේල්ස් සහ කරුණු හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම හොයනකොට තමයි හරිම සිනමා රසිකයෙක් වෙන්න පුළුවන්. Martin Scorsese කියන ඩිරෙක්ටර් ඉන්ටර්වීව් එකක මෙහෙන දෙයක් කියනවා. Young generation එකේ ඒ කියන්නේ තරුණ පිරිස අතර කෙනෙක් එයාගේ දවසේ වටිනා කාලයෙන් පැය දෙකක් ෆිල්ම් එකක් බලන්නේ වෙන් කරන්නේ ඇයි. නිකන් ම රසවින්දනයක් ගන්න පැය දෙකක් ඒකට ගත කරන එක හොඳ දෙයක් ද? නෑ. ෆිල්ම් එකක් බලනවා කියන්නේ learning experience එකක්. ඒ කියන්නේ එක් විදියක අපි ඉගෙන ගන්න ඕන දෙයක්. හැම ෆිල්ම් එකකම වගේ අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒවා පුළුවන් තරම් හඳුනාගෙන ඒවා ඉගෙන ගන්න එක අපි සිනමා රසිකයන් විදිහට කරන්න ඕන දෙයක්. ඒ වගේම ඒ වගේ ඉගෙන ගන්න පුළුවන් දේවල් සෑහෙන ප්‍රමාණයක් තියෙන ෆිල්ම්ස් වඩා හොඳ ෆිල්ම්ස් කියලා අපිට කියන්න පුළුවන්. 

Visual Storytelling - Batman vs Superman හි Bruce Wayne තම දෙමව්පියන්ගේ සොහොන් ගැබට තෘණ පඳුරු යායක් උඩින් ගමන් කරන මේ දර්ශනයෙන් ඔහුගේ මනසේ ව්‍යාකූල භාවය සහ සිතුවිලි වලින් අතරමං වූ බව පෙන්වයි 

ඔය කියලා තියෙන්නේ සිනමා රසිකයෙක් වෙන්න වටින බේසික් කරුණු කීපයක්. ෆිල්ම්ස් කමියුනිටි එකට අළුතින් එන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් වෙන්නේ තමන් කැමති කැටගරියෙන් ෆිල්ම්ස් තෝරගන්න එක කියලා කිව්වනේ. ඒ නිසා මම පහළින් දාලා තියෙනවා කැටගරි කීපයක අළුතින් ෆිල්ම්ස් බලන අයට හොඳම ෆිල්ම්ස් කීපයක් ගාණේ. ඒවා බලලා අයිඩියා එකක් අරගෙන මන් කලින් කියපු ඒවත් මතක් කරගෙන තව ෆිල්ම්ස් හොයාගෙන බලන්න පුරුදු වෙන එක වඩාත් හොඳ දෙයක්. කැටගරි විදිහට වෙනම බෙදලා තියෙන නිසා ඒ ඒ කැටගරිය නමින් ගූගල් සර්ච් කරලා තවත් ෆිල්ම්ස් ලේසියෙන් ම හොයාගන්න පුළුවන්.


1. Mind Blowing Movies (ඔළුව විකාර වෙන ෆිල්ම්ස්)

ගොඩාක් අය කැමතිම ෆිල්ම් කැටගරිය වෙන්නේ මේ mind blowing ෆිල්ම් කැටගරිය. මිනිස්සු ස්වභාවයෙන් ම පුරුදු වෙලා ඉන්නේ ගැටළු විසඳන්න. ඒ නිසා වෙන්නැති ගොඩක් අය මේ කැටගරියට එච්චර කැමති. ඇත්තට ඕනම කෙනෙක් මේ කැටගරියේ ෆිල්ම් වලට කැමතියි. විසඳන්න අපහසු ගැටළු ඉතුරුකරලා ඉවරවෙන ෆිල්ම්ස් තමයි ගොඩක් ම මේ කැටගරියට අයිති වෙන්නේ. ඊට අමතරව විවිධ ගැටළු විසඳන ආකාරය ගැන කියවෙන ෆිල්ම්ස් සහ ප්ලොට් ටිවිස්ට් ඒ කියන්නේ එක්වරම කතාව කණපිට හැරෙන ෆිල්ම්ස් මේ කැටග‍රියට අයිති වෙනවා. ගොඩක් Science Fiction ඒවත් මේකට අයිති වෙනවා. විශේෂයෙන් Nolan ගේ ෆිල්ම්ස්. හැබැයි මම Sci-Fi ෆිල්ම්ස් එකක් වත් මේකට ඇතුල් කරේ නෑ. ඒවා වෙනම කැටගරියක් යටතේ ගේනවා. Mind Blowing ෆිල්ම්ස් බලද්දී තමන්ට නිදහස් වෙලාවක් හොයාගෙන ෆිල්ම් එකට සම්පූර්ණ අවධානය යොමුකරලා බලනවන්ම් වඩාත් හොඳයි. ඒ වගේම කියන්න ඕන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි plot twist ෆිල්ම්ස් බලද්දී කවදාවත් plot twist අනුමාන කර කර ඉන්න එපා. එතකොට ෆිල්ම් එක හරිවිදිහට රසවිඳින්න බැහැ. එකපාර ප්ලොට් ට්විස්ට් එක වුණාම තමා ෆිල්ම් එකේ නියම ෆීලීන් එක අපිට එන්නේ. අනිත් එක තමයි Mind Blowing සහ science fiction ෆිල්ම්ස් බලන සමහර අය සෑහෙන ගාණක් පුරුදු වෙලා ඉන්නවා ඒ ෆිල්ම්ස් විතරක් හොඳයි කියලා තාත්වික නැති ෆිල්ම්ස් විවේචනය කරන්න. ෆේස්බුක් ගෲප් සහ පේජ් වල ෆිසික්ස් ක්ලාස් දාලා එක එක ඒවා බොරු කියලා ඔප්පු කරන්න යන අය ඕන තරම් දැකලා ඇති. එහෙම නම් වෙන්න යන්න එපා. ඕනම ෆිල්ම් එකක් රසවිදින්න අපිට පුළුවන් වෙන්න ඕනේ. විශේෂයෙන් මේ කමියුනිටි එකට එනවනම්. එහෙම ඉන්න බැරිනම් අඩුමගාණේ තමන් කැමති නැති කැටගරියේ ෆිල්ම්ස් වලට නොබැණ ඉන්නවත් දැනගන්න ඕනේ. ඒක දැනගෙන පහළින් තියෙන සුපිරිම Mind Blowing ෆිල්ම්ස් බලන්න පටන් ගන්න.


The Prestige


මැජික්කාරයෝ දෙන්නෙක් මූලික කරගෙන Christopher Nolan විසින් නිර්මාණය කරපු ෆිල්ම් එකක් වෙන The Prestige හිතන්නේ වත් නැති ප්ලොට් ටිව්ස්ට් එකක් තියෙන කතාවක්. මැජික් සංදර්ශන වල අපි නොදුටු පැතිකඩ ගැන මේකේ සෑහෙන කතාවෙනවා. අනිවාර්යෙන් ම බලන්න මේක.


The Sixth Sense



ළමා මනෝ උපදේශකයෙක් සහ එයාගෙන් ප්‍රතිකාර ලබාගන්න ළමයෙක් ගැන කතාවෙන් මේ ෆිල්ම් එකත් ඔළුව කරකවලා අතහරින ජාතියේ ප්ලොට් ටිව්ස්ට් එකක් තියෙන ෆිල්ම් එකක්. ටිකක් හොරර් ගතියකුත් තියෙනවා. අනිවාර්යෙන් බලන්න


Shutter Island


ඩිටෙක්ටිව්ස් දා දෙන්නෙක් කවුරුවත් නැති මානසික රෝගීන් ඉන්න asylum එහෙම් නැත්නම් මානසික රෝහලක් විතරක් තියෙන දූපතක අතුරුදන් වුණ රෝගියෙක් හොයන්න ගිය අතර මුහුණදෙන අස්වාභාවික තත්ව ඇසුරින් තමා මේක හදලා තියෙන්න. මරු එන්ඩින් එකක් තමයි තියෙන්නේ. අනිවාර්යෙන් බලන්න ඕන එකක්.


මීට අමතරව: Memento, Fight Club, Eternal Sunshine of the Spotless Mind, Triangle, The Machinist, Identity, Mulholland Drive, Donnie Darko


2. Science Fiction / Sci - Fi (විද්‍යා ප්‍රබන්ධ)

විද්‍යාත්මක සහ තාක්ෂණික පැති ඔස්සේ ප්‍රබන්ධයක් විදිහට නිර්මාණය කරපු ෆිල්ම්ස් තමයි sci fi ෆිල්ම්ස් කැටගරියට අයිති වෙන්නේ. ගොඩාක් අයගේ අවධානය හම්බෙන කැටගරියක් තමයි මේක. ගොඩක් ඉන්ටරස්ටින් පැති ගැන කතා කළත් සමහර ඒවා තේරුම් ගන්න ඒ ෆිල්ම්ස් ආයේ බලන්න සහ රිවීව්ස් බලන්න වෙනවා. මේ ෆිල්ම් බලනකොට ඒක තේරුම් ගන්නත් වෙනම කාලයක් වෙන් කරන්න බලාගෙන බලනවනම් වඩා හොඳයි. සමහර ෆිල්ම්ස් තේරුම් ගන්න නම් යම් විද්‍යාත්මක දැනුමකුත් තියෙන්න ඕනේ.


Interstellar


Nolan නිර්මාණය කරපු මේ ෆිල්ම් එකේ වෙන්නේ වාසයට නුසුදුසු වෙමින් යන පෘථිවියේ ඉන්න මිනිස්සු ගෙනයාමට මිනිස් වාසයට සුදුසු ග්‍රහලෝකයක් සොයන අභ්‍යවකාශගාමීන් කණ්ඩායමක් මූලික කරගත් කතාවක් තමයි මේකේ තියෙන්නේ. අභ්‍යවකාශය, අනාගතය, ටයිම්ට්‍රැවල් ඇතුළු විද්‍යාත්මක කන්සෙප්ට්ස් සෑහෙන ගණනක් මේකේ කතාකරනවා.


Arrival 


එක්වරම කවුරුත් නොදැන පෘතුවියට එන පිටසක්වල යානා වල ඉන්න පිටසක්වළ ජීවීන් සමඟ සම්බන්ධතාවක් ගොඩනඟාගැනීම මූලික කරගෙන මේ ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙනවා. ප්ලොට් ට්ව්ස්ට් එකකුත් තියෙන් මේ ෆිල්ම් එකේ ටයිම්, කන්වර්සේෂන් මෙතඩ්ස් වගේ විද්‍යාත්මක දේවල් ගැන කතාවෙනවා.


Predestination 


ඔළුව විකාර කරවන ටයිම් ට්‍රැවල් ෆිල්ම් එකක් තමයි Predestination කියන්නේ. වෙන කොහෙවත් නැති කන්සෙප්ට් එකක් ගැන මේකේ කතාවෙනවා. හරිම ඉන්ටරස්ටින් ෆිල්ම් එකක් වේවි කියලා මට රෙකමන්ඩ් කරන්න පුළුවන්.


මීට අමතරව: Blade Runner, Inception, Looper, Cloverfield, Edge of Tomorrow, The Martian, Gravity, Alien ෆ්‍රැන්චයිස් එක


3. Fiction (ප්‍රබන්ධ ෆිල්ම්ස්)

Fiction එහෙම නැත්නම් ප්‍රබන්ධ කැටගරියට ගොඩක් ෆිල්ම්ස් එකතු කරන්න පුළුවන්. මම මේ කැටගරියේ යටතේ කතා කරන්නේ ඇත්ත ලෝකයේ සිටින පුද්ගලයන්, ප්‍රදේශ සහ සිදුවීම් පසුබිම් කරගෙන ඒවාට ප්‍රබන්ධ එකතු කරලා නිර්මාණය කරපු ෆිල්ම්ස් ගැන. ගොඩක් අය විශේෂයෙන් 18 ට අඩු අය කැමතිම කැටගරියක් තමයි මේක. මේකට අයිති වෙන ගොඩක් ඒවා සයන්ස් ෆික්ෂන් විදිහට ත් ගන්න පුළුවන්. හැබැයි රසවිදිනකොට සෑහෙන වෙනසක් දැනෙන නිසයි මේක වෙනම කැටගරියක් විදිහට ගෙනාවේ.


Avatar


James Cameron ඩිරෙක්ට්ස් කරපු Avatar ෆිල්ම් එක ලෝක සිනමාවට අළුත්ම තාක්ෂණයන් කීපයක් ම එකතු කරපු එකක්. Pandora කියන ලෝකයේ සිටින Na'vi ජනතාව එක්ක පෘථිවියේ මිනිසුන් ඇතිකර ගන්න ගැටුමක් ඇසුරින් තමයි ෆිල්ම් එක හදලා තියෙන්නේ. මේක ලොව වැඩිම ආදායමක් ලබපු ෆිල්ම් එක වෙනවා. ෆිල්ම් එකේ Sequel එකක් 2022 රිලීස් වෙන්න තියෙනවා.


Jurassic Park


Steven Spielberg ගේ නිර්මාණයක් වෙන Jurassic Park ෆ්‍රැන්චයිස් එක මේ වෙනකොට ෆිල්ම් 5 ක් එක ශෝර්ට් ෆිල්ම් එකක් සහ එක ඇනිමේටඩ් ටීවී සිරීස් එකක් දක්වා විහිදෙනවා. DNA තාක්ෂණයෙන් වර්තමානයට නැවට ගෙනාපු ඩයිනෝසරයන් රඳවා සිටින පාර්ක් එකක බිඳවැටීමෙන් ඒ ඩයිනෝසරයන් ගෙන් එල්ල වන තර්ජනය එක්ක ජීවිතය බේර ගන්න උත්සාහ කරන මිනිස් කණ්ඩායමක් මූලික කරගෙන තමයි ෆිල්ම් ෆ්‍රැන්චයිස් එක ගොඩනැඟිලා තියෙන්නේ. අනිවාර්යෙන් බලන්න ඕන ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකක්. දැන් මේ ෆිල්ම් ෆ්‍රැන්චයිස් කන්ටිනියු වෙන්නේ Jurassic World යන නමින්.


A Quiet Place


John Krasinski ගේ නිර්මාණයක් වෙන මේ A Quiet Place ෆිල්ම් ෆ්‍රැන්චයිස් එක ongoing ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකක්. මේ වනවිට A Quiet Place ෆිල්ම් දෙකක් රිලීස් වෙලා තියෙනවා. තව ෆිල්ම් එකක් නිර්මාණය කරන්න නියමිතව තියෙනවා. ශබ්දය ඔස්සේ තම ගොදුරු (මිනිස්සු) හොයා යන පිටසක්වළ ජීවීන්ගෙන් තම ජීවිතය බේරාගන්න උත්සාහ කරන පවුලක් වටා මේ කතාව ගෙතෙනවා. අමුතුම ආකාරයේ සිනෙමැටික් අත්දැකීමක් ගන්න පුළුවන් මේ ෆිල්ම් දෙක බලලා.


මීට අමතරව: Planet of the Apes ට්‍රයිලොජිය, Godzilla සහ Kong ඇතුළු Monsterverse ෆ්‍රැන්චයිස් එක, Day after Tomorrow, Terminator ෆ්‍රැන්චයිස් එක, The Predator ෆ්‍රැන්චයිස් එක, The Cassandra Crossing


4. Fantasy Movies ( සම්පූර්ණයෙන් කල්පිතව නිර්මාණය කරන ෆිල්ම්ස් )

සම්පූර්ණයෙන් කවුරුහරි කල්පිතව නිර්මාණය කරන ලෝකයක් තුළ සිදුවන සිදුවීමක් ඇසුරින් නිර්මාණය කරන ෆිල්ම්ස් වලට Fantasy ෆිල්ම්ස් කියලා කියනවා. මේ ෆිල්ම්ස් වල බොහෝවෙලාවට මැජික්, අමුතුම චරිත, අමුතු තාක්ෂණයන් ඇතුළු සාමාන්‍යය ලෝකයේ දකින්නට නොලැබෙන බොහෝ කල්පිත දේවල් බලාගන්න පුළුවන් වෙනවා. තරුණ සහ ළමා වයසේ ඉන්න අය වැඩිපුර මේ ෆිල්ම්ස් වලට කැමැත්තක් දක්වනවා. Fantasy ෆිල්ම්ස් වල ප්‍රධානම දේ World Building කියන කන්සෙප්ට් එක. Fantasy ෆිල්ම් එකක් හොඳ වෙන්න ඒ ෆිල්ම් එක සිදුවන කල්පිත ලෝකය කොතරම් දුරට විස්තර සහිතව නිර්මාණය කරලා තියෙනව ද කියන එක වැදගත් වෙනවා. අපි ෆැන්ටසි ෆිල්ම්ස් බලනකොට අපිත් ඇත්ත ලෝකයෙන් ඈත් වෙලා ෆැන්ටසි ලෝකේක ජීවත් වෙනවා කියන ෆීලීන් එක දෙන්න පුළුවන් ඒ ෆිල්ම් එක වඩා විස්තර සහිතව නිර්මාණය කරලා තිබ්බොත් විතරයි. ඒ කියන්නේ ෆිල්ම් එකේ ප්ලොට් එකට අමතරව ඒ ෆැන්ටසි ලෝකයේ ගවේෂණයක යෙදෙන්නත් අපිට අවස්ථාව තියෙන්න ඕනේ. මේ ෆැන්ටසි ෆිල්ම් වලට තමයි සාමාන්‍යයෙන් සෑහෙන ලොකු සුපර්හීරෝ ෆිල්ම්ස් මේ කැටගරියට ගන්න පුළුවන් වුණත් ඒවා මම වෙනම කැටගරියකක් යටතේ ගේන්නම්. 


The Lord Of The Rings ට්‍රයිලොජිය


සිනමා ඉතිහාසයේ නිර්මාණය වුණ හොඳම ට්‍රයිලොජි අතරින් එකක් වෙන The Lord of The Rings J.R.R.Tolkien විසින් නිර්මාණය කරපු Middle Earth ලෝකයේ සිදුවීම් සහ චරිත ඇසුරින් Peter Jackson ඩිරෙක්ට් කරපු ෆිල්ම් ට්‍රයිලොජියක්. හැමකෙනෙක්ම අනිවාර්යෙන් බලන්න ඕන ට්‍රයිලොජියක් තමයි මේක. The Lord of The Rings වල prequel ට්‍රයිලොජිය වෙන The Hobbit ට්‍රයිලොජියත් අනිවාර්යෙන් බලන්න


Star Wars ෆ්‍රැන්චයිස් එක


George Lucas විසින් නිර්මාණය කරපු galaxy එකක විවිධ ග්‍රහලෝක සහ ඒවා වල චරිත ඇසුරින් නිර්මාණය කරපු ෆ්‍රැන්චයිස් එකක් තමයි Star Wars. වෙනත් ගොඩක් ෆිල්ම්ස් වල මේ Star Wars ෆිල්ම්ස් වල රිෆරන්ස් තියෙනවා. ඕනම කෙනෙක් අනිවාර්යෙන් බලන්න ඕන ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකක්. මේ ෆිල්ම් එක බලන්න ඕන පිළිවෙළ ගැන සමහර අයට ප්‍රශ්නයක් එනවා. ඒ නිසා මම මේ ෆ්‍රැන්චයිස් එකේ බලන්න ඕන වඩා ගැළෙපෙන ඕඩර් එක කියන්නම්.


Original Trilogy :- Star Wars: A New Hope - Star Wars: The Empire Strikes Back - Star Wars: Return of the Jedi 


Prequel Trilogy :- Star Wars: The Phantom Menance - Star Wars: Attack of The Clones - Star Wars: Revenge of The Sith 


Sequel Trilogy :- Star Wars: Force Awakens - Star Wars: The Last Jedi - Star Wars: The Rise of Skywalker 


Spin Offs :- Solo: A Star Wars Story

                     Rogue One: A Star Wars Story


Beauty and the Beast


Disney ඇනිමේටඩ් ෆිල්ම් එකක් ඇසුරින් නිර්මාණය කරපු මේ ෆිල්ම් එක තියෙන්නේ ශාපයකට ලක්ව විරූපි වූ කෙනෙක් සහ ඉතා සුරූපි තරුණියක් අතර ඇති වන සම්බන්ධතාව මූලික කරගත් කතාවක්. සුරංගනා කතා වලට කැමති අය අනිවාර්යෙන් බලන්න ඕන ෆිල්ම් එකක්.


මීට අමතරව: Harry Potter ෆ්‍රැන්චයිස් එක, Warcraft, The Golden Compass, Narnia ෆ්‍රැන්චයිස් එක, Eragorn, Pirates Of The Caribbean ෆ්‍රැන්චයිස් එක, Alice in the Wonderland


5. Adventure Movies ( වික්‍රමාන්විත කතා ඇති ෆිල්ම්ස්)

සමහර අය කැමතිම ෆිල්ම් කැටගරියක් තමයි Adventure ෆිල්ම්ස් කියන්නේ. බොහෝවිට මිනිස්සු කණ්ඩායමක් හෝ තනි මිනිසෙක් විවිධ අභියෝග වලට මුහුණදෙමින, විවිධ කරුණු හෙළිකරගනිමින් සහ විවිධ ප්‍රදේශ වලට ගමන් කරමින් තමන් ගේ අරමුණ කර යෑම මූලික කරගෙන තමයි නේ ෆිල්ම්ස් නිර්මාණය කරන්නේ. බොහෝ ඒවා ෆැන්ටසි හෝ ෆික්ෂන් කැටගරියට ත් එකතු කරන්න පුළුවන්. මේ ෆිල්ම්ස් සෑම වෙලේම බලන අයව විනෝදාස්වාදයක ට හෝ හැඟීම්බර කරමින් ෆිල්ම් එක යන කාලය පුරාම රඳවාගන්න සමත් වෙනවා.


Jumanji ෆ්‍රැන්චයිස් එක


අවුරුදු ගාණක ට කලින් ආපු Jumanji ඔරිජිනල් ෆිල්ම් එකේ රීබූට් ෆිල්ම් එකක් සහ ඒකේ sequel එකක් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. Video Game එකක් ඇතුළට ඒ ගේම් එකේ චරිත විදිහට යන පිරිසක් ඒ ගේම් එක තුළ මුහුණ දෙන අභියෝග මූලික කරගෙන තමයි මේ ෆිල්ම්ස් නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි Jumamji ඔරිජිනල් ෆිල්ම් එකේ තියෙන්නෙත් බෝඩ් ගේම් එකක් හරහා මේ ලෝකේට එන විවිධ සත්තු සහ අත්භූත දේවල් වලින් ගැළවෙන්න හදන කණ්ඩායමක් ගැන කතාවක්. නිදහසේ විනෝදයෙන් බලන්න පුළුවන් ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකක්.


Tomb Raider ෆිල්ම්ස්


Anjelina Jolie හිටපු Lara Croft: Tomb Raider ෆිල්ම් දෙකත් 2018 රීබූට් වුණ Tomb Raider ෆිල්ම් එකත් මේ ෆිල්ම්ස් අතරට අයිති වෙනවා. Video Game සීරීස් එකක් ඇසුරින් නිර්මාණය වුණ මේ ෆිල්ම්ස් තියෙන්නේ Lara Croft කියන වික්‍රමාන්විත පුරාවිද්‍යාඥවරියක් ලෝකේ විවිධ ප්‍රදේශ වල සිදුකරන ගවේෂණ මූලික කරගත් කතා ගැනයි.


Maze Runner ට්‍රයිලොජිය


පොත් සීරීස් එකක් ඇසුරින් නිර්මාණය කරපු මේ The Maze Runner ට්‍රයිලොජිය තියෙන්නේ ලෝකේ ව්‍යාප්ත වෙමින් යන වයිරසයකට අවශ්‍යය ප්‍රතිදේහ නිපදවන්න පුළුවන් පිරිසක් සොයන ආයතනයකට විරුද්ධව සටන් කරන ඒ ආයතනයේ පරීක්ෂණ වලට යොමුකරපු තරුණ පිරිසක් වටා ගෙතෙන කතාවක්. හොඳ ආසාවෙන් බලන්න පුළුවන් ට්‍රයිලොජියක්. 


මීට අමතරව: Indiana Jones ෆ්‍රැන්චයිස් එක, The Mummy, The Revenant, In the Heart of the Sea, Apocalypto, Jaws ට්‍රයිලොජිය, King Kong(2005)


6. Super Hero Movies / CBM s ( සුපර්හීරෝ ෆිල්ම්ස් )

අද වෙනකොට ලෝකේ ජනප්‍රියම ෆිල්ම් කැටගරිය වෙලා තියෙන්නේ මේ Super Hero ෆිල්ම්ස්. සමහර ඒවට CBM නැත්නම් Comic Book Movies කියලත් කියනවා. ඒ ඒවා Comic Books වල තියෙන චරිත සහ සිදුවීම් ඇසුරින් නිර්මාණය කරන නිසා. මේ CBM ගොඩක් වෙලාවට යුනිවර්ස් විදිහට බෙදලා තියෙනව. ඒ එක එක Comics අයිති වන ආයතනයට අනුව. ප්‍රධානම CBM යුනිවර්ස් දෙක තමයි Marvel Universe එක සහ DC Universe එක. සමහර අය මේ යුනිවර්ස් දෙකෙන් එකක ට විතරක් කැමති වෙලා අනික් යුනිවර්ස් එක විවේචනය කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒත් හැමෝම මතක තියාගන්න ඕන කරුණක් තමයි ඕන කෙනෙක් ට මේ යුනිවර්ස් දෙකටම කැමති වෙන්න පුළුවන් කියලා. සුපිරි බල හෝ සුපිරි හැකියා තියෙන කෙනෙක් හෝ කණ්ඩායමක් දුෂ්ටයෙකු හෝ දුෂ්ටයන් කිහිපදෙනෙකුට විරුද්ධව සටන් කර ඔවුන් පරාජය කරලා ලෝකයට සහ සමාජයට සාමය ගේන්න උත්සාහ කරන කතා තමයි මේ ෆිල්ම්ස් වල තියෙන්නේ. ඊට අමතරව දුෂ්ට චරිත වල (super villains) නොපෙනෙන පැතිකඩ ගැන කතා කරන ෆිල්ම්ස් ත් තියෙනවා. මේ ෆිල්ම්ස් බලන්න කලින් දැනගන්න ඕන දෙයක් තමයි නේ ගිල්ම් ෆැන්ටසි ෆික්ෂන් ඒවා. මේවා වල ෆිසික්ස් හෝ තර්ක හොයන්න යන්න එපා.


Sam Raimi ගේ Spider Man ට්‍රයිලොජිය


Marvel ෆිල්ම්ස් යුනිවර්ස් එකට හොඳ වයිබ් එකක් ගෙනාපු ට්‍රයිලොජියක් විදිහට Sam Raimi නිර්මාණය කරපු Spider Man ට්‍රයිලොජිය හඳුන්වන්න පුළුවන්. අදටත් ගොඩක් අයගේ ආසම Marvel ෆිල්ම් ට්‍රයිලොජිය මේක කියලා කියන්න පුළුවන්. අනිවාර්යෙන් බලන්න.


Dark Knight ට්‍රයිලොජිය


Christopher Nolan නිර්මාණය කරපු Batman: Begins, Batman: The Dark Knight, Batman: The Dark Knight Rises ෆිල්ම් ට්‍රයිලොජිය සුපර්හිරෝ ෆිල්ම්ස් ඉතිහාසයේ නිර්මාණය කරපු විශිෂ්ටතම ට්‍රයිලොජියක් කියලා කියන්න පුළුවන්. වඩා තාත්වික සහ ශක්තිමත් ප්ලොට් එකක ට කැමති අය මේ ට්‍රයිලොජිය අනිවාර්යෙන් බලන්න.


Transformers ෆ්‍රැන්චයිස් එක


පිටසක්වලින් පෘථිවියට එන රොබෝ ඒලියන්ස් ලා වර්ග දෙකක් අතර ඇතිවෙන සටනක් මූලික කරගෙන නිර්මාණය කරපු මේ ෆිල්ම් ෆ්‍රැන්චයිස් එක හැමෝම දන්න ෆ්‍රැන්චයිස් එකක්. බලලා නැතිනම් අනිවාර්යෙන් මේ ෆ්‍රැන්චයිස් එක හොයාගෙන බලන්න.


මීට අමතරව

Marvel Universe: Marvel Cinematic Universe(MCU) ෆිල්ම්ස්, Amazing Spider Man duology, X-Men Universe, Fantastic Four(2005), Punisher: War Zone, Blade Trilogy, Venom, Elektra


DC Universe: DC Etended Universe (DCEU) ෆිල්ම්ස්, Watchmen, V for Vendetta, Joker, Superman Returns, Michael Keaton's Batman, Green Lantern


වෙනත්: Teenage Mutant Ninja Turtles ෆිල්ම්ස්, RoboCop ෆිල්ම්ස්, The Mask, Hellboy, Ben 10 ෆිල්ම්ස්, Max Steel, Power Rangers, Glass, G.I. Joe ෆ්‍රැන්චයිස් එක


7. Action Movies ( ක්‍රියාදාම ෆිල්ම්ස් )

වෙඩි තියාගන්න, ගහගන්න, ලුහුබැඳ ගෙන යාම් සහ කාර් චේස් වගේ ක්‍රියාදාම වලින් පිරුණු ෆිල්ම්ස් වලට තමයි Action Movies කියන්නේ. මේ ෆිල්ම්ස් ගොඩක් වල වෙලාවට තියෙන්නේ Spy එහෙම නැත්නම් රහස් ඔත්තුකරුවෙක් ගේ මෙහෙයුමක්, තනි සොල්ජර් කෙනෙක් හෝ ඝාතකයෙක් හෝ සාමාන්‍යය මිනිසෙක් සතුරු පිරිසකට එරෙහිව සටන කරන එකක් හෝ තනි මිනිහෙක් හෝ පිරිසක් යම් කෙනෙක් හෝ පිරිසක් හිර කරලා තියාගෙන ඉන්න තැනින් බේරගන්න යන මෙහෙයුමක් ගැන කතාවක්. ගොඩක් අය මේ කැටගරියට කැමති මොක ද නිදහසේ විනෝදයෙන් බලන්න පුළුවන් ඇස් අහකට ගන්නේ නැතුව. 


John Wick ෆ්‍රැන්චයිස් එක


තමන් ව ඝාතනය කරන්න තමන් පිටුපසින් එන පාතාලයට එරෙහිව සටන් කරන පුද්ගලයෙක් මූලික කරගත් සෑහෙන ඇක්ෂන් තියෙන ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකක් තමයි John Wick ෆිල්ම් ෆ්‍රැන්චයිස් එක. එක මිනිහෙක් තනියම සතුරු කණ්ඩායමක් එක්ක ගහගන්න ෆිල්ම්ස් බලන්න කැමති නම් මේක අනිවාර්යෙන් බලන්න ඕන එකක්.


Die Hard ෆ්‍රැන්චයිස් එක


Bruce Willis ප්‍රධාන නළුවා විදිහට ඉන්න මේ ෆිල්ම් ෆ්‍රැන්චයිස් එක තියෙන්නේ විවිධ ත්‍රස්ත ප්‍රහාර වලට එරෙහිව බොහෝවිට තනිවම නැත්නම් ඉතා ටික දෙනෙක් ගේ උදව් එක්ක සටන් කරන පොලිස් ඔෆිසර් කෙනෙක් ගැන කතා මාලාවක්. ඇක්ෂන් ෆිල්ම්ස් ඉතිහාසයේ ආපු හොඳම ඇක්ෂන් ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකක් කියලා කියන්න පුළුවන්. 


Johnny English ට්‍රයිලොජිය


අපි හැමෝම දන්න Rowan Atkins එහෙම නැත්නම් Mr. Bean ගේ කොමඩි ඇක්ෂන් ට්‍රයිලොජිය තමයි මේ Johnny English ට්‍රයිලොජිය. ඇක්ෂනුත් තියෙන ජෝකුත් ඕන අයට බලන්න හොඳම ඇක්ෂන් ට්‍රයිලොජියක්. මහ බ්‍රිතාන්‍යයේ රහස් ඔත්තු සේවාවේ ඒජන්ට් කෙනෙක් විදිහට වැඩ කරන Johnny English ( Mr. Bean) තමන්ගේ රටට නැත්නම් ලෝකයට එල්ල වන තර්ජන වැළැක්වීම සඳහා Spy එහෙම නැත්නම් රහස් ඔත්තු මෙහෙයුම් වල යෙදෙන කතා තමයි මේ ට්‍රයිලොජියෙන් අපිට බලාගන්න පුළුවන්.


මීට අමතරව: Misssion Impossible Franchise, Rambo Franchise, Kingsman Franchise, Fast and Furious Franchise, Charlie's Angels, James Bond Franchise, Enter The Dragon, Kill Bill, Commando


8. Mystery Movies ( රහස් විසඳන කතා )

රහස්‍ය සහ අස්වාභාවික දේවල් ගැන කතාකරන ෆිල්ම්ස් තමයි මේ කැටගරියට එන්නේ. ගොඩක් අය කැමති කැටගරියක්. Mind Blowing ෆිල්ම්සුත් ගොඩක් මේකට එකතු වෙනවා. බොහෝ Thriller (ත්‍රාසජනක) ෆිල්ම්සුත් මේ කැටගරියට එනවා.


The Immitation Game


දෙවෙනි ලෝක යුද්ධයේ නාසි වරුන් රහස් පණිවිඩ යැවීමට යොදාගත් Enigma උපකරණය විකේතනය (decode) කරපු Alan Turing ගේ කතාව තමයි මේ ෆිල්ම් එකේ පෙන්වන්නේ. සෑහෙන ඉන්ට්‍රස්ටින් කතාවක්. හැමෝම බලන්න.


Searching 


තම අතුරුදන් වූ දියණිය අන්තර්ජාලය සහ දුවගේ සෝෂල් මීඩීයා අකවුන්ට ඔස්සේ හොයාගන්න කරුණු වලින් නැවත හොයාගන්න උත්සාහ කරන තාත්තා කෙනෙක් ගැන තමා මේකේ පෙන්වන්නේ. අමුතුම සිනෙමැටික් අත්දැකීමක් මේකේන් ඔයාලට හම්බවේ වි.


Zodiac 


1960 දශකයේ සිටි දරුණු ඝාතකයෙක් ගේ අනන්‍යතාව (Identity) සොයන පත්තර මුද්‍රණය කරන ආයතනයක වැඩ කරන කාටූන් චිත්‍රශිල්පියෙක් වටා ගෙතෙන කතාවක් තමයි මේක තියෙන්නේ. ඉතාම විශිෂ්ට ෆිල්ම් එකක් කියලා මම ඔයාලට රෙකමන්ඩ් කරනවා. හැමෝම බලන්න


මීට අමතරව: Minority Report, Sherlock Holmes (2009), Murder in the Orient Express, Enola Holmes, Gone Girl


9. Thriller Movies (ත්‍රාසජනක ෆිල්ම්ස්)

දරුණු ඝාතකයන් (serial killers) සහ විවිධ රහස්‍ය අස්වාභාවික ත්‍රාසජනක ඒ කියන්නේ බිය ගෙන එන දේවල් ඇසුරින් නිර්මාණය කරන ෆිල්ම්ස් වලට තමයි මේ ත්‍රිලර් ෆිල්ම්ස් කියන්නේ. Mystery වගේම ගොඩක් අයට ඉන්ට්‍රස්ටින් කැටගරි එකක්. ලේ එන ඝාතන බලන්න බෑ කියලා හිතෙනවනම් මේවා බලන්න එපා. 


Se7en(1995)


දරුණු ඝාතන සිදුකරන පුද්ගලයෙකු සොයා යන ඩිටෙක්ටිව්ස් ලා දෙන්නෙක් වටා ගෙතෙන කතාවක් තමයි මේකෙන් පෙන්වන්නේ. ගොඩක් අය කැමතිම ත්‍රිලර් ෆිල්ම් එකක් තමයි මේක. ඔළුව අවුල් වෙන එන්ඩින් එකකුත් තියෙනවා. අනිවාර්යෙන් බලන්න.


The Silence of The Lambs


මිනීමස් කන ඝාතකයකුගේ උදව්වෙන් තවත් ඝාතකයෙකු සොයන ගැහැණු FBI ඒජන්ට් කෙනෙක් වටා ගෙතෙන් කතාවක් තමයි මේක. හොඳම ත්‍රිලර් ෆිල්ම් එකක්. සමහර අයට බලන්න අපහසු වෙන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන් බලන්න ඕන ෆිල්ම් එකක්. 


Parasite 


කොරියන් ෆිල්ම් එකක් වෙන Parasite සමාජයේ සමාජ පන්ති අතර වෙනස සහ තරඟය ගැන කතාකරන ෆිල්ම් එකක්. ඉතා විශිෂ්ට ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන් කොරියන් වුණාට. මිස් කරගන්නේ නැතුව බලන්න.


මීට අමතරව: American Psycho, Psycho, Saw ෆ්‍රැන්චයිස් එක, Final Destination ෆ්‍රැන්චයිස් එක, Red Dragon, Side Effects


10. Drama Movies (නාට්‍යමය ෆිල්ම්ස්)

සමාජයේ යම් සිදුවීමක් බොහෝවිට ගොඩක් අයගේ අවධානයට යොමු වෙන මාතෘකාවක් පදනම් කරගෙන ගොඩනඟන ෆිල්ම්ස් තමයි මේ කැටගරියට අයිති වෙන්නේ. හැබැයි ගොඩක් අය මේ ෆිල්ම්ස් වලට කැමති නෑ. Drama ෆිල්ම්ස් කම්මැලි කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඒත් මේ ෆිල්ම්ස් වලින් තමයි වැඩිපුරම ජීවිතේට අළුත් දේවල් සහ ජීවන පාඩම් කියලා දෙන්නේ. ඒ නිසා මේවා බලන එක ගොඩක් වැදගත්.


The Shawshank Redemption


IMDb රේටින්ග්ස් වල ඉහළම අගය ගන්න ෆිල්ම් එක තමයි මේක. තම බිරිඳ ගේ ඝාතනයට වැරදිකරු වී හිරේට යන පුද්ගලයෙකු එහි ගත කරන ජීවිතය ඇසුරින් තමයි ෆිල්ම් එක හදලා තියෙන්නේ. හොඳටම සැටිස්ෆයි වෙන එන්ඩින් එකක් තියෙන මේ ෆිල්ම් එක හැම කෙනාම බලන්න ඕන ෆිල්ම් එකක්.


The Wolf of Wall Street


ස්ටොක් මාර්කට් එකේ බ්‍රෝකර් කෙනෙක් වටා ගෙතෙන කතාවක් තමයි මේකේ කතා කරන්නේ. මූල්‍ය දූෂණ, ධනවතෙකුගේ සැබෑ ජීවීතය සහ සල්ලි වලින් කරන්න පුළුවන් දේවල් ගැන හොඳ අවබෝධයක් ගන්න මේ ෆිල්ම් එක බැලුවොත් පුළුවන්. කම්මැලි නැතුව බලන්න පුළුවන් Drama එකක්.


Life is Beautiful


ඉතාලියේ නිර්මාණය කරපු මේ ෆිල්ම් එකේ නාසි වධකඳවුරක හිරවෙලා ඉන්න තාත්තා කෙනෙක් සහ පුතෙක් වටා ගෙතෙන කතාවක් තමයි මේකේ තියෙන්නේ. ජීවිතයේ වටිනාකම සහ ජීවීතය විඳිය යුතු ආකාරය ගැන කියලා දෙන හොඳ ෆිල්ම් එකක්. 


මීට අමතරව: Irishman, Little Women, Sully, Cast Away, Into the Wild, Kings of Summer, Dead Poet's Society, Forrest Gump


11. Horror Movies (හොල්මන් ෆිල්ම්ස්)

අමනුශ්‍ය බලවේග පදනම් කරගෙන ගොඩනඟපු ෆිල්ම්ස් වලට තමයි Horror Movies කියන්නේ. ගොඩක් අය කැමතිම තවත් අය අකැමතිම කැටගරියක් තමයි මේක. හොල්මන් වලට කැමති අය මේවා බලන්න.


Conjuring ෆ්‍රැන්චයිස් එක


හොල්මන් ෆිල්ම් බලන්න පටන් ගන්න කෙනෙක් ඉස්සෙල්ලාම බලන්න ඕනේ කියලා මන් හිතන්නේ මේ Conjuring ෆ්‍රැන්චයිස් එක. හොඳ ප්ලොට් එකක් තියෙන නිසා සහ අනිත් ගොඩක් ඒවා තරම් බය හිතෙන්නේ නැති නිසා මේකෙන් පටන් ගන්න එක හොඳයි. මේ ෆ්‍රැන්චයිස් එකට Conjuring ෆිල්ම් 3ක්, Annabelle ෆිල්ම්ස් 3ක් සහ Nun කියලා ෆිල්ම් එකක් ඇතුළත් වෙනවා. 


IT 


පොළොව යට තියෙන වතුර නළ මාර්ග වල ජිවත් වෙමින් මිනිසුන් දඩයම් කරන හොල්මනක් සහ ඒ හොල්මන්ගේ බලපෑමට යටත් වෙන ළමුන් කණ්ඩායමක් අතර සිදුවෙන කතාවක් තමයි මේකේ තියෙන්නේ. මේ ෆිල්ම් එකේ sequel එකකුත් ඇවිල්ලා තියෙනවා. එච්චර බය හිතෙන්නේ නැති මේකත් අළුතින් හොල්මන් ෆිල්ම්ස් බලන කෙනෙක් ට බලන්න හොඳයි.


Veronica


ස්පැනිෂ් ෆිල්ම් එකක් වෙන මේකේ වෙන්නේ ගෑනුළමයෙක් තමන්ගේ නැතිවුණ පියාගේ ආත්මය කැඳවන්න ගොස් මෙලොවට ආපු අමනුශ්‍යය බලවේගයකට ලක් වෙන එකයි. මේක බේස් වෙලා තියෙන්නේ ඇත්ත කතාවකින්. ගොඩාක් ලොකුවට බය හිතෙන්නේ නැති නිසා මේකත් හොල්මන් ෆිල්ම් බලන්න පටන් ගත්තු කෙනෙක් ට බලන්න හොඳයි.


මීට අමතරව: The Exorcist ෆ්‍රැන්චයිස්, Fear Street trilogy, Hereditary, The Grudge ෆ්‍රැන්චයිස් එක, The Prodigy, Insideous ෆ්‍රැන්චයිස් එක, Truth or Dare, Get Out, The Shining, Halloween ෆ්‍රැන්චයිස් එක, Paranormal Activity ෆ්‍රැන්චයිස් එක


12. War Movies (යුධ ෆිලිම්ස්)

දෙරටක හෝ ජාතීන් දෙකක හමුදා අතර සිදුවන යුද්ධයක් හෝ ත්‍රස්තවාදීන් සමඟ කරන යුද්ධයක් ඇසුරින් නිර්මාණය කරන ෆිල්ම්ස් මේ කැටගරියට එනවා. ගොඩක් ඉන්ට්‍රස්ටින් එකේ බලන්න පුළුවන් ෆිල්ම්ස් තමයි ගොඩක් තියෙන්නේ. පළවන හා දෙවෙනි ලෝක යුද්ධ, වියට්නාම් යුද්ධය සහ අරාබි දේශය මූලික කරගත් රටවල් වල සිදුවන යුද්ධ ඇසුරින් තමා වැඩිපුරම War ෆිල්ම්ස් නිර්මාණය කරලා තියෙන්නේ. ඊට අමතරව පිටසක්වළ ජීවීන්ට විරුද්ධව කරන යුද්ධ ඇසුරින් කල්පිතව නිර්මාණය කරපු ෆිල්ම්සුත් තියෙනවා.


1917 


හොඳ සිනෙමටොග්‍රැපි එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් War ෆිල්ම් එකක් තමයි 1917 කියන්නේ. පළවෙනි ලෝක යුද්ධයට ගියපු බ්‍රිතාන්‍ය හමුදා සෙබළුන් මූලික කරගත් කතාවක් තමයි තියෙන්නේ. හොඳ විශුවල් ට්‍රීට්මන්ට් එකක් මේකෙන් ගන්න පුළුවන්.


Saving Private Ryan


දෙවෙනි ලෝක යුද්ධ සමයේ ඇමෙරිකානු හමුදා සෙබළුන් මූලික කරගෙන නිර්මාණය කරපු ෆිල්ම් එකක් තමයි මේක. දෙවෙනි ලෝක යුද්ධය වඩා තාත්විකව නිරූපණය කරන්න මේ ෆිල්ම් එකට පුළුවන් වෙලා තියෙනවා. අනිවාර්යෙන් බලන්න ඕන War ෆිල්ම් එකක්.


13 Hours: The Secret Soldiers in Benghazi


ලිබියාවේ Benghazi වල තියෙන ඇමෙරිකානු කාර්යාලයක් ත්‍රස්තවාදීන්ගෙන් ආරාක්ෂා කරන හමුදා කණ්ඩායමක් ඇසුරින් මේ ෆිල්ම් එක හදලා තියෙනවා. හොඳට ඇක්ෂන් සීන්ස් බලාගන්න පුළුවන් War ෆිල්ම් එකක්.


මීට අමතරව: Tunnel Rats, The Tomorrow War, 12 Strong, Black Hawk Down, American Sniper, Mine, Darkest Hour, War of the Worlds, Hacksaw Ridge, Dunkirk


13. Zombie Movies (සොම්බී ෆිල්ම්ස්)

සමහර අය ඉතා කැමති ෆිල්ම් කැටගරියක් තමයි සොම්බී ෆිල්ම් කැටගරිය. වයිරසයකින් හෝ එවැනි හේතුවක් නිසා මිනිසුන් මියගොස් නැවත විකෘති වී පණ ඇවිත් සාමාන්‍යය මිනිසුන් සපා කා ඔවුනුත් සොම්බී ලා කර තම පිරිස වැඩිකර ගැනීම ඇසුරින් තමා මූලික ව මේ ෆිල්ම්ස් ගොඩනැඟිලා තියෙන්නේ. හොඳ ඉන්ට්‍රස්ටින් එකේ බලන්න පුළුවන්. ලොකුවට ප්ලොට් එකක් නැතිවුණත් ගොඩක් අය කැමති මේ කැටගරි එකට.


World War Z


ලොවපුරා සිදුවන් සොම්බී ව්‍යාප්තයක් එක්ක මේ සොම්බී ලා ඇතිවීමට හේතුව සොයා යන World Health Organization (WHO) හි ඩොක්ටර් කෙනෙක් වටා ගෙතෙන කතාවක් තමයි මේකේ තියෙන්නේ. ගොඩක් අයගේ කැමතිම සොම්බී ෆිල්ම් එක තමයි මේක.


Train to Busan


කොරියන් කතාවක් වෙන මේකේ වෙන්නේ තාත්තා කෙනෙක් සහ දුවෙක් ට්‍රේන් එකක Busan නගරය දක්වා දීර්ඝ ගමනක යෙදෙන විට පිටත ව්‍යාප්ත වෙමින් තිබුණ සොම්බී වයිරස් එකක් ට්‍රේන් එක ඇතුළටත් ඇවිත් එයට ලක්වන අයගෙන් තම ජීවිතය බේරාගන්න උත්සාහ කිරීමයි.


Army of The Dead


ඇමෙරිකාවේ විනෝද නගරය වෙන ලාස් වේගාස් වල ව්‍යාප්ත සිටින සොම්බී ලා ට මුහුණ දෙමින් එහි තියෙන ගොඩනැඟිල්ලක තැන්පත් කර ඇති විශාල මුදල් ප්‍රමාණයක් සොරකම් කිරීමට යන කණ්ඩායමක් ඇසුරින් තමයි මේ ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙන්නේ. බලන්න වටින සොම්බී ෆිල්ම් එකක්. අනිත් ගොඩක් සොම්බී ෆිල්ම් වලට වඩා මේක වෙනස් එකක්


මීට අමතරව: Resident Evil ෆ්‍රැන්චයිස් එක, Dawn of The Dead, Zombieland duology, Day of the Dead: Bloodline


14. Historical Movies (අතීත කතා ෆිල්ම්ස්)

අතීත ඉතිහාසයේ වුණ සත්‍ය කතා ඇසුරින් නිර්මාණය කරපු ෆිල්ම්ස් තමයි මේ කැටගරියට අයිති වෙන්නේ. ගොඩක් වෙලාවට මේ ෆිල්ම්ස් අතීතයේ වුණ යුද්ධ හා සම්බන්ධ කතා වෙනවා. මේ ෆිල්ම්ස් වල තියෙන්න ඕන ප්‍රධානම දේ තමයි ඒ ෆිල්ම්ස් අතීතයේ වුණ ඇත්ත කතාවට දක්වන ඇකියුරසි එක. පරණ කාලේ යුද්ධ වලට ඒ කියන්නේ කඩු දුනු සටන් වලට කැමති අය බලන්න ඕන ෆිල්ම්ස් තමා වැඩිපුරම තියෙන්නේ.


Gladiator


රෝමානු අධිරාජ්‍යයේ යුද ජෙනරල් කෙනෙක් රෝමානු අධිරාජ්‍යයට විරුද්ධව කටයුතු කරන ආකාරය වටා ගෙතෙන කතාවක් තමයි මේක. ඉතිහාසයේ බිහිවුණ හොඳම Historical කතාවක් විදිහට තමයි මේක සලකන්නේ. ඉතා සංවේදී සහ ආදර්ශ රැසක් මේ ෆිල්ම් එකෙන් අපිට ලබාදෙනවා.


Braveheart


එංගලන්තය විසින් පාලනය කරන ස්කොට්ලන්යේ වැසියෙක් ස්කොට්ලන්ත ජනතාව එකතු කරගෙන සේනා සංවිධානය කරගෙන එංගලන්ත සේනා සමඟ සටන් කරන කතාවක් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. එංගලන්තය මහත් අපහසුතාවයකට ලක් කරපු ෆිල්ම් එක ලෝකයේ නිදහස් මිනිසුන් උදෙසා නිර්මාණය කරපු විශිෂ්ටතම නිර්මාණයක් වෙනවා.


300


දරුණු පර්සියානු අධිරාජ්‍යයේ ග්‍රීක ආක්‍රමණයට විරුද්ධව මිලියනක සේනාවක් සමඟ සටන් කරන Sparta නගරයේ සෙබළුන් 300 දෙනෙකු වටා ගෙතුණු කතාවක් තමයි මේකේ තියෙන්නේ. Spartans ල ගේ තියෙන රණකාමීත්වය සහ පාලනතන්ත්‍රය ගැන ගොඩක් කතාකරන මේ ෆිල්ම් එක Frank Miller ගේ කොමික් බුක් එකක් බේස්ඩ් කරන් නිර්මාණය කරපු ෆිල්ම් එකක්. මේකේ සමහර මිතිකල් දේවල් තිබ්බත් සමස්ථයක් විදිහට Historical ෆිල්ම් එකක් විදිහට සලකන්න පුළුවන්


මීට අමතරව: Troy, Lincoln, Robin Hood, Kingdom of Heaven, 300: Rise of an Empire, Pompei


15. Mythology Movies (පුරාණ ප්‍රවාද ෆිල්ම්ස්)

ඉතා ඈත අතීතයේ විවිධ ශිෂ්ටාචාර වල මිනිස්සුගේ සිට කටින් කට වර්තමානය දක්වා පැමිණි ප්‍රවාද ඇසුරින් නිර්මාණය කරපු ෆිල්ම්ස් තමයි මේ කැටගරියට අයිති වෙන්නේ. බලවත් දෙවිවරු, රාක්ෂයෝ සහ විවිධ බල තියෙන මිනිසුන් සහ ජීවීන් ඇසුරින් තමා බොහෝ වෙලාවට මේ ෆිල්ම්ස් නිර්මාණය වෙන්නේ.


Clash of The Titans


ග්‍රීක අර්ධදෙවියෙක් ඒ කියන්නේ දෙවියකුට සහ මිනිසෙකුට දාව උපත ලැබූ කෙනෙක් (Demi God/Half Blood) වෙන Perseus විසින් ඇන්ඩ්‍රොමීඩා කුමාරිකාව බේරාගත් ආකාරය මේ ෆිල්ම් එකේ කතා වෙනවා. ග්‍රීක දෙවිවරු සහ විවිධ ග්‍රීක මිත්‍යා ජීවීන් මේ ෆිල්ම් එකේ ඉන්නවා. Mythology ෆිල්ම්ස් වලට කැමති ඕනම කෙනෙක් අනිවාර්යෙන් බලන්න ඕන ෆිල්ම් එකක් තමයි මේක. මේ ෆිල්ම් එකේ sequel ෆිල්ම් එකක් Wrath of The Titans නමින් රිලීස් වෙලා තියෙනවා. 


Percy Jackson duology


Percy Jackson පොත් මාලාව බේස්ඩ් කරන් හදලා තියෙන මේ ෆිල්ම් දෙක ග්‍රීක දෙවිවරුන් සහ ළමා අර්ධදෙවි වරු මූලික නිර්මාණය වුණු ෆිල්ම් දෙකක්. ඉන්නේ ග්‍රීක දෙවිවරු වුණත් කතාව වෙන්නේ සහ දෙවිවරු සහ කතානායකයෝ ඉන්නේ ඇමෙරිකාවේ වර්තමාන කාලයේ. පොත් සීරීස් කියවපු ගොඩක් අය මේ ෆිල්ම්ස් දෙකට කැමති නැති වුණත් ට්‍රයි කරලා බලන්න කියලා රෙකමන්ඩ් කරනවා.


Underworld ෆිල්ම් ෆ්‍රැන්චයිස් එක


වැම්පයර් සහ වර්වුල්ෆ් කණ්ඩායම් දෙකක් අතර දීර්ඝ කාලයක ඉඳන් පැවතගෙන එන සටනක් පදනම් කරගෙන ගොඩනඟපු ෆ්‍රැන්චයිස් එකක් තමයි Underworld කියන්නේ. ඩාර්ක් මිතලොජි ෆිල්ම්ස් වලට කැමති කෙනෙක් අනිවාර්යෙන් බලන්න ඕන ෆ්‍රැන්චයිස් එකක්. ලස්සන බැක් ස්ටොරියක් එක්ක තමයි ෆ්‍රැන්චයිස් එක යන්නේ.


මීට අමතරව: Dracula Untold, Hercules, The Legend of Hercules, Immortals, Pan's Labyrinth, Excalibur, King Arthur: Legend of The Sword, Gods of Egypt


16. Comedy Movies (හාස්‍යජනක ෆිල්ම්ස්)

හාස්‍යජනක සිදුවීම් වලින් පිරිලා තියෙන ෆිල්ම්ස් අයිති වෙන්නේ මේ කැටගරියට. බොහෝවිට ඇක්ෂන් හෝ ජීවිතයේ මුහුණදෙන අවස්ථාවක් ඇසුරින් මේ ෆිල්ම්ස් නිර්මාණය කරනවා. අවුලකින් ඉන්නකොට මේ ෆිල්ම්ස් බලලා හිතේ ප්‍රශ්න අමතක කරවන්න පුළුවන්. ඒ නිසා ගොඩක් අය මේ කැටගරියේ ෆිල්ම්ස් වලට කැමැති යි.


Hangover Trilogy


බැචලර් පාර්ටියක ට ඒ කියන්නේ තමන්ගේ වෙඩින් එකට කලින් දවසේ මනමාලයා සහ ඔහුගේ මිතුරන් එකට එකතුව කරන පාටියක ට පස්සේ ඇතිවෙන අවුල් සහගත තත්වයක් තුළ හැසිරෙන යහළුවන් හතරදෙනෙක් වටා ගෙතෙන කතාවක් තමයි මූලික වශයෙන් මේ ෆිල්ම් ට්‍රයිලොජියෙම තියෙන්නේ. හැබැයි තුන් වෙනි ෆිල්ම් එකේ කතාව ටිකක් වෙනස්. ඒ වුණාට ෆිල්ම් තුනම් හරි විනෝදයෙන් බලන්න පුළුවන් කොමඩි ෆිල්ම් තුනක්.


We Are The Millers


මෙක්සිකෝවේ සිට ඇමෙරිකාවට Marijuana තොගයක් රහසිගතව නීතීවිරෝධීව ප්‍රවාහනය කරන එක පවුලක් ලෙස වෙස්වලා ගත් නමුත් ඇත්තට කිසිම ආකාරයේ නෑදෑ කමක් නැති හතර දෙනෙක් ගැන කියැවෙන කතාවක් තමයි මේකේ තියෙන්නේ. සෑහෙන විහිළු තියෙන සුපිරිම ෆිල්ම් එකක්. අනිවාර්යෙන් බලන්න.


The Dictator


Wadiya කියන රටක ඒකාධිපතියා ලෙස සිටින Aladeen කියන පුද්ගලයා ඇමෙරිකාවට පැමිණීමෙන් පසු මුහුණදෙන සිදුවීම් වටා ගෙතෙන කතාවක් තමයි මේක තියෙන්නේ. මේක නම් මොන විදිහකටවත් මිස් නොකරගත යුතු කොමඩි ෆිල්ම් එකක්.


මීට අමතරව: Tuxedo, Diary of a Wimpy Kid ට්‍රයිලොජිය, Mr. Bean Holiday, Central Intelligence, Baywatch, Grown Ups duology, American Pie franchise


17. Romance Movies (ලව් ෆිල්ම්ස්)

සමහර අය උනන්දුවක් දක්වන ෆිල්ම් කැටගරියක් තමයි Romance ෆිල්ම්ස් කියන්නේ. ගොඩක් අය නොසලකා හැරියත් හරි ලස්සන ප්ලොට් තියෙන ෆිල්ම්ස් තියෙන කැටගරියක් තමයි මේක. ඒ නිසා මේ කැටගරියේ ෆිල්ම්සුත් මඟහරින්නේ නැතුව බලන්න.


Fault in our Stars


පිළිකා රෝගයට ගොදුරු වෙලා ඉන්න දෙන්නෙක් වටා ගෙතෙන ෆිල්ම් එකක් තමයි මේක. ගොඩක් සංවේදි කතාවක් තමයි මේක. රෝමෑන්ස් ෆිල්ම්ස් බලන කෙනෙක් අනිවාර්යෙන් බලන්න ඕන ෆිල්ම් එකක්


500 days of Summer


රිලේෂන්ශිප් එකක ඉන්නකොට සහ ඒක කැඩුණට පස්සේ දෙන්නෙක් පෙන්නුම් කරන චරිත ලක්ෂණ ඇසුරින් තමයි මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ. ෆිල්ම් එකේ මූලිකව දෙන ආදර්ශය වෙන්නේ ජීවිතයට වසන්ත කාලයක් ආපු විට සෑම විටම ඒ වසන්ත කාලය අවසන් වෙන දිනයකුත් තියෙනවා කියා තේරුම් ගෙන ඒ වසන්ත කාලය ගෙවිය යුතු බවයි.


Blue is the Warmest Colour ( La vie d'Adele)


ප්‍රංශ ෆිල්ම් එකක් වෙන මේකේ කතාවෙන්නේ සමලිංගික තරුණියන් දෙදෙනෙකු අතර ඇතිවෙන සම්බන්තාවයක් ගැන. හරිම ලස්සන රෝමැන්ස් ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවමන්. අනිවාර්යෙන් මේක බලන්න.


මීට අමතරව


Straight(විරුද්ධ ලිංගික ආකර්ශනය) Romance ෆිල්ම්ස් :- The Kissing Booth trilogy, Fifty shades of Grey, Fifty shades Darker, To all the boys I've loved before, Lady Bird, Five Feet Apart, Titanic, Rome+Juliet, The Shape of Water, La La Land


LGBTQ (සමලිංගික ආකර්ශන) Romance ෆිල්ම්ස් :- Portrait of a Lady on Fire, Disobedience, Room in Rome, Call me by your name, Happy Together, Brokeback Mountain


18. Classic/Vintage Movies (පරණ ෆිල්ම්ස්)

සමහර අය ගොඩක් පරණ ෆිල්ම්ස් වලට කැමැත්තක් දක්වනවා. එහෙම පරණ ෆිල්ම්ස් බලන්න කැමත්තක් දක්වන ගොඩක් අය වැරදි ෆිල්ම්ස් තෝරගත්තොත් ක්ලැසික් ෆිල්ම්ස් බලන්න තියෙන ආසාව නැතිවෙනවා. පරණ ෆිල්ම්ස් වල යුනික් වයිබ් එකක් තියෙනවා. ඇත්තම කිව්වොත් කිහිපයක් ම තියෙනවා. ඒ නිසා පරණ ෆිල්ම්ස් බලන්න පටන් ගන්න කෙනෙක් ඉස්සෙල්ලාම බලන්න ඕන ෆිල්ම්ස් මම මේ කැටගරිය ට ඇතුළත් කරලා තියෙනවා. මම පරණ ෆිල්ම්ස් වලට ඇතුළ් කරේ 1980 ට කලින් නිර්මාණය කරපු ෆිල්ම්ස්.


The Godfather trilogy


සිනමා ඉතිහාසයේ බිහිවුණ විශිෂ්ටතම ෆිල්ම් එකක් වෙන The Godfather ෆිල්ම් එක ක්ලැසික් ෆිල්ම්ස් බලන්න පටන් ගන්න කෙනෙක් අනිවාර්යෙන් ඉස්සෙල්ලාම බලන්න පටන් ගන්න ඕන ෆිල්ම් එකක් මම රෙකමන්ඩ් කරනවා. කොච්චර බැලුවත් එපා වෙන්නැති ෆිල්ම් එකක් තමයි The Godfather කියන්නේ. ඇමෙරිකානු පාතාල ලෝකයේ ඉතාලි පාතාල කණ්ඩායමක නායකත්වය දරන ඒ කියන්නේ මාෆියාවක නායකත්වය දරන ඉතාලි ඇමෙරිකන් පවුලක් වටා ගෙතෙන කතාවක් තමයි මේකේ තියෙන්නේ. මේකේ Sequel දෙකකුත් ඇවිල්ලා තියෙනවා. ඒවාත් අනිවාර්යෙන් බලන්න.


The Good, the Bad and the Ugly


පරණ Cowboy ෆිල්ම්ස් බලන්න කැමති කෙනෙක් අනිවාර්යෙන් බලන්න ඕන ෆිල්ම් එකක් තමයි මේක. ඒ කාලේ හිටපු ජනප්‍රියම නළුවන් අතරින් කෙනෙක් වෙන Clint Eastwood ප්‍රධාන චරිතයක් ලෙස ඉන්න මේ ෆිල්ම් එක සඟවා ඇති වටිනා වස්තුවක් සොයා යන චරිත තුනක් ඇසුරින් නිර්මාණය කරලා තියෙනවා. Cowboy කල්චර් එක හොඳට ෆීල් කරන්න පුළුවන් ෆිල්ම් එකක්.


Escape from Alcatraz


කුරිරු විදිහට සිරකරුවන් ට සලකන දූපතක තියෙන සිරගෙයකින් පැන යාමට උත්සාහ කරන සිරකරුවක් පිරිසක් ගැන තමයි මේ ෆිල්ම් එකේ කතාවෙන්නේ. කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් සුපිරිම ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.


මීට අමතරව: Apocalypse Now, Seven Samurai, Taxi Driver, Rocky, The Black Stallion, 2001: A Space Odyssey, The Sound of Music, The Italian Job, To Kill a Mockingbird, The Big Boss, Game of Death


19. Animated Movies (ඇනිමේෂන්/කාටූන් ෆිල්ම්ස්)

ඇනිමේටඩ් ෆිල්ම්ස් කියන්නේ අතින් හෝ PC software එකකින් අඳිනු ලැබූ චිත්‍ර, නිර්මාණය කරපු පසුබිම් හෝ PC එකක් මඟින් හදපු computer graphics ෆ්‍රේම්ස් විදිහට අරන් එකතු කර නිර්මාණය කරන ෆිල්ම්ස් වලටයි. ඇනිමේෂන් ෆිල්ම්ස් කියන්නේ සෑහෙන ගැඹුරු සංකල්ප සහ ටෙක්නික්ස් තියෙන සිනමා ක්ෂේත්‍රයක්. ඒ නිසා සරලව ඇනිමේටඩ් ෆිල්ම්ස් 2D ඇනිමේටඩ් ෆිල්ම්ස්, 3D ඇනිමේටඩ් ෆිල්ම්ස් සහ ඇනිමේ ෆිල්ම්ස් විදිහට වෙන් කරලා මම ඉදිරිපත් කරනවා. 2D සහ 3D ෆිල්ම්ස් ලෝකයේ ප්‍රධාන වශයෙන් නිර්මාණය කරන්නේ Disney සහ Pixar කියන ස්ටූඩියෝ හරහා. ඒ නිසා මේ ස්ටූඩියෝ දෙකෙන් රිලීස් කරන ඇනිමේටඩ් ෆිල්ම්ස් ගැන නිරතුරුවම අවධානෙන් ඉන්න ඕන.


i. 2D Animated Films (කාටූන් ෆිල්ම්ස්)

සාමාන්‍යයෙන් අපි කාටූන් කියලා කියන ෆිල්ම්ස් අයිති වෙන කැටගරිය තමයි මේ. දැන් මේ කැටගරියෙන් එන ෆිල්ම්ස් ගොඩක් අඩු වුණත් සෑහෙන හොඳ ෆිල්ම්ස් මේ කැටගරිය යටතේ නිර්මාණය වෙලා තියෙනවා.


The Lion King


1994 ආපු The Lion King ෆිල්ම් එක ඉතාම ජනප්‍රිය සුපිරිම කාටූන් ෆිල්ම් එකක් වෙනවා. වැඩිහිටිවියට පත්වෙමින් සිටින සිංහයෙකු වටා ගෙතෙන කතාවක් තමයි මේ ෆිල්ම් එකේ පෙන්නන්නේ. අනිවාර්යෙන් බලන්න ඕන ෆිල්ම් එකක්. 


Tarzan


1999 ආපු Tarzan කාටූන් ෆිල්ම් එක හරිම ඉන්ට්‍රස්ටින් ෆිල්ම් එකක්. පොඩ්ඩක් වත් කම්මැලි හිතෙන්නැතිව එක දිගට බලන්න පුළුවන්. අනිවාර්යෙන් මේ ෆිල්ම් එක ට්‍රයි කරන්න. 


Bambi


කැලෑවක වෙසෙන මුව පැටියෙක් ගැන කතාවක් තමයි මේකේ තියෙන්නේ. හරිම ලස්සන කතාවක්. මේ ෆිල්ම් එකේ sequel එකකුත් ඇවිල්ලා තියෙනවා. දෙකම බලන්න.


මීට අමතරව: The Little Mermaid, Aladdin, The Jungle Book, DC Animated Universe එකේ ෆිල්ම්ස්, Beauty and the Beast(1991), Pocahontas


ii. 3D Animated Films (ඇනිමේෂන් ෆිල්ම්ස්)

Computer Graphics සහ CGI සහ VFX තාක්ෂණ යොදාගනිමින් නිර්මාණය කරන ඇනිමේටඩ් ෆිල්ම්ස් වලට කියන්නේ 3D animated ෆිල්ම්ස් කියලා. මේ ෆිල්ම්ස් වඩා තාත්වික ස්වභාවයක් ගන්නවා. ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකාක් කරන්න බැරි ගොඩක් දේවල් මේ 3D ඇනිමේටඩ් ෆිල්ම්ස් වලින් කරන්න පුළුවන්.


Frozen


Disney princess ලා අතරට අළුතින්ම හඳුන්වා දුන් හිම සහ අයිස් පාලනය කිරීමේ බලයක් තියෙන Elsa සහ එයාගේ නංගි ඇසුරින් ගොඩනඟපු ලස්සන ෆිල්ම් එකක් තමයි මේක. මේකේ sequel එකකුත් ඇවිල්ලා තියෙනවා. අනිවාර්යෙන් දෙකම බලන්න.


Madagascar


Zoo එකක සිටින සත්තු කණ්ඩායමක් zoo එකින් එළියට පැන ගෙන මැඩගස්කරය වෙතට යෑම මුල් කරගෙන නිර්මාණය කරපු ෆිල්ම් එකක් තමයි මේක. හරිම විනෝදයෙන් හිනා වෙමින් බලන්න පුළුවන් ෆිල්ම් එකක්. මේකේ sequel දෙකකුත් ඇවිල්ලා තියෙනවා. තුනම එක වගේ රසවිඳින්න පුළුවන්.


Luca


මුහුදේ සිටින අමුතු ජීවියෙක් නැත්නම් sea monster කෙනෙක් වෙන Luca මිනිස් ළමයෙක් විදිහට වෙනස් වී මුහුදින් උඩට පැමිණි විට මිනිස් ලෝකයට වශී වෙලා මිනිස් ලෝකය සමඟ කටයුතු කරන කතාවක් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. අමුතුම වයිබ් එකක් ගෙනත් දෙන මේ ෆිල්ම් එක අනිවාර්යෙන් බලන්න ඕන ෆිල්ම් එකක්


මීට අමතරව: Wall-E, The Shrek franchise, Tangled, Kung Fu Panda trilogy, Moana, Croods duology, The Ice Age franchise, Spider Man: Into the Spiderverse, How to train your Dragon trilogy, Croods duology, The Incredibles duology, The Adventures of Tintin, Cocco, Finding Nemo, Zootopia, Ratatouille, White Snake, Ne Zha


iii. Anime Films (ඇනිමේ ෆිල්ම්ස්)

ජැපනීස් ස්ටූඩියෝ විසින් ඔවුන්ට ම ආවේණික ස්ටයිල් සහ ටෙක්නික් එකක් යටතේ නිර්මාණය කරන ඇනිමේටඩ් ෆිල්ම්ස් වලට කියන්නේ ඇනිමෙ නැත්නම් ජැපනීස් ඇනිමේ කියලා. ගොඩක් අය මඟහහැර යන මේ ෆිල්ම්ස් ඇත්ත ට බැලුවොත් සුපිරිම සහ විශිෂ්ටතම නිර්මාණ කියලා කියන්න පුළුවන්. හොලිවුඩ් වල නිර්මාණය වෙන සමහර සුපිරි ලයිව් ඇක්ෂන් ෆිල්ම්ස් පවා මේ ඇනිමෙ වලින් ඉන්ස්පයර් වෙලා තියෙනවා. ඇනිමේ වල මම දකින සුවිශේෂි ම දේ තමයි ඇනිමෙ වලට ම යුනික් සහ හරිම ලස්සන විශුවල්ස්. සෑහෙන වෙලා බලන් ඉන්න ආස විශුවල්ස් තමා ගොඩක් ඇනිමේ ෆිල්ම්ස් වල තියෙන්නේ. ඒ වගේම ඉතා හොඳ සුපිරි ම ප්ලොට් තියෙන ඇනිමේ ෆිල්ම්ස් ඕන තරම් හොයාගන්න පුළුවන්.


Princess Mononoke


Curse එකක් නවත්වන්න යන තරුණයෙක් මූලික කරගෙන නිර්මාණය කරපු මේ ෆිල්ම් එකෙන් ස්වභාවධර්මය සහ ෆෙමිනිසම් වැනි දේවල් පිළිබඳ හොඳ අවබෝධයක් ලබාදෙනවා.


Ponyo


Goldfish princess කෙනෙක් පොළොවට ඇවිත් මිනිස් ළමයෙකු බවට වෙනස් වී මුහුද අසල ජීවත් වන මිනිස් ළමයෙකු සමඟ සහයෝගීව කටයුතු කරන ආකාරය ගැන කතා කරන තවත් ලස්සනම ඇනිමෙයක් තමයි මේක. අනිවාර්යෙන් ම බලන්න.


Weathering With You


කාලගුණය වෙනස් කරන්න පුළුවන් ගෑනු ළමයෙක් සහ සාමාන්‍යය පිරිමි ළමයෙක් අතර ඇතිවෙන සම්බන්ධතාවක් මූලික කරගෙන තමයි මේ ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඇනිමේ ලෝකයට ඕනම කෙනෙක් ඇදලා ගන්න මේ ෆිල්ම් එකට පුළුවන් කියලයි මන් නම් හිතන්නේ. ඒ නිසා අනිවාර්යෙන් මේක බලන්න.


මීට අමතරව: Spirited Away, Your Name, 5 Centimeters Per Second, A Whisker Away, The Wind Rises, Paprika, The Garden of Words


ඔය කැටගරීස් තමා අපිට සිනමාලෝකය තුළ ප්‍රධාන වශයෙන් බලාගන්න පුළුවන්. ඊට අමතරව හින්දි සහ ටැමිල් ෆිල්ම්ස් බලන්න කැමති අයට හොඳ ෆිල්ම්ස් ටිකකුත් රෙකමන්ඩ් කරන්නම්. සමහර අය විවිධ හේතු නිසා ඉන්දියානු ෆිල්ම්ස් වලට කැමති නෑ. ඒත් මතක තියාගන්න ඕන කාරණයක් තමයි මයින්ඩ් බ්ලොවින් ෆිල්ම්ස් විතරක් නම් තියෙන්නේ ඒ ෆිල්ම්ස් වලට එච්චර පිළිගැනීමක් එන්නේ නෑ. ඒ නිසා ෆිල්ම්ස් වල විවිධත්වයට සහ ස්ටයිල් වලට අපි එක විදිහට ගෞරව කරන්න ඕන.


Hindi: 3 Idiots, Taare Sameen Par, PK, Chennai Express, Fan, Happy New Year


Tamil: Thadam, Ratsasan, Master, Karnan

3 Idiots

කොරියන් ෆිල්ම්සුත් දැන් ලංකාවේ ඉතා ජනප්‍රිය යි කියලා සමහරවිට ඔයාලා අහලා ඇති. ඒ නිසා බලන්න හොඳ කොරියන් ෆිල්ම්ස් ටිකකුත් මන් කියන්නම්.

Korean Films: Parasite, Hope, Train to Busan, The Handmaiden, Minari, Oldboy, Peppermint Candy, A Taxi Driver, Ode to my Family, Memories of Murder, Age of Shadows, Kingdom: Ashin of North

Kingdom: Ashin of North

ඒ වගේම ඔයාලා ෆිල්ම් කමියුනිටි එකත් එක්ක් ඉන්නවා නම් මේ අය සම්බන්ධ ෆිල්ම්ස් වලටත් හොඳ අවධානයක් දෙනවනම් වටිනවා. ෆිල්ම් ක්ෂේත්‍රයේ විවිධ පැතිකඩ ගැන ගැඹුරින් හොයන්න නම් Francis Ford Coppola, Christopher Nolan, Steven Spielberg, James Cameron, David Fincher, Martin Scorsese, Quentin Tarantino, Stanley Kubrick, Peter Jackson, Zack Snyder, Richard Linklater, Akira Kurasowa, Bong Joon-Ho සහ Michael Bay කියන ඩිරෙක්ටර්ස් ලා සම්බන්ධ වෙන/වුණ ෆිල්ම්ස් වැඩිපුර බලන්න පුරුදු වෙන්න. ඒ වගේම Al Pacino, Robert de Niro, Anthony Hopkins, Tom Hanks, Morgan Freeman, Johnny Depp, Tom Cruise, Christian Bale, Leonardo Decaprio, Brad Pitt සහ Denzel Washington කියන නළුවන් සහ Meryl Streep, Nicole Kidman, Viola Davis, Angelina Jolie, Jennifer Aniston, Kate Winslet, Emily Blunt, Margot Robbie, Natalie Portman, Emma Stone, Jennifer Lawrence, Saoirse Ronan, Anya Taylor Joy, Florence Pugh සහ Emma Watson කියන නිළියන් සම්බන්ධ වෙන ෆිල්ම්ස් වලට හොඳ අවධානයක් යොමු කරලා ඒ අය සම්බන්ධ වෙන ෆිල්ම්ස් පුළුවන් තරම් බලන්න ඕන. සාමාන්‍යයෙන් මෙ අය සම්බන්ධ වෙන ෆිල්ම්ස් උසස් තත්වයක තියෙනවා. 


මම ඉහළින් සඳහන් කරලා තියෙන ෆිල්ම්ස් කැටගරි යටතේ ෆිල්ම්ස් හොය හොයා බැලුවොත් තමයි සාමාන්‍යයෙන් හොඳ Cinephile එහෙම නැත්නම් සිනමාරසිකයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා පළමුවෙන් ම ඉහතින් තියෙන කැටගරීස් වලින් තමන් කැමති කැටගරියට අයිති ෆිල්ම්ස් තෝරගෙන බලන්න පුරුදු වෙන්න . ඊට පස්සේ ටික ටික අනිත් කැටගරි වලටත් යන එක ඉතා හොඳ දෙයක්. ඒ වගේම ෆිල්ම් කමියුනිටි එකේ ඕනම කෙනෙක් කරන්න ඕන දෙයක් තමයි ඕනම කැටගරියක් යටතේ එන ඕනම ෆිල්ම් එකකට එක හා සමානව සලකන එක. හැම ෆිල්ම් එකකටම තමන් ට දෙන්න පුළුවන් උපරිම ගෞරවය දෙන්න ඕනේ. ෆිල්ම් එකේ අඩුපාඩු සහ හොඳ දේවල් කතා කරාට කමක් නෑ හැබැයි ෆිල්ම් වලට බැන බැන ඒවා අගෞරවයකට පත් කරන එක සිනමාරසිකයෝ නැත්නම් ෆෑන්ස් ලා විදිහට අපි නොකළ යුතු දෙයක්. ෆිල්ම් එකක් අපි බලන්නේ අපි කැමතිම නළුවා හෝ නිළිය ඉන්න නිසා වෙන්න පුළුවන්. ෆිල්ම් එකේ අපි වැඩි අවධානය දෙන්නෙත් ඒ අයට වෙන්න පුළුවන්. හැබැයි අපි හැම තිස්සෙම ෆිල්ම් එකේ හැම කැරැක්ටර් එකකටම එක විදිහට ගෞරව කරන්න ඕනේ. ලංකාවට වෙන රටවල් වලින් ගන්න ලොකුම ණය වලටත් වඩා වැඩි වියදමකින් හදන ෆිල්ම්ස් වල අඩුපාඩු හොය හොය විවේචනය කරන එක අනවශ්‍යය සහ මෝඩ වැඩක්. ඒ වගේම දැන් එන සමහර ෆ්‍රැන්චයිස් වල සමහර ෆිල්ම්ස් හදන්නේ ඒ ෆ්‍රැන්චයිස් එකේම වෙනත් වැඩි අවධානයක් දෙන ෆිල්ම් එකකට හදන පාලමක් විදිහට කියලා සමහර අයට තේරෙනවා. එතකොට ගොඩක් අය ඒ ෆිල්ම් එක බැලුවට පස්සේ ඒ ෆිල්ම් එක ගැන උනන්දුවෙන් කතා කරන්නැතුව ඉස්සරහට එන ෆිල්ම් එක ගැන හයිප් එකේ කතා කරන්න ගන්නවා. ඒක වැරදි වැඩක්. ෆිල්ම් එකක් බැලුවට පස්සේ ඒ ෆිල්ම් එක නොසලකාහරින එක ඒකේ ඉන්න කැරැක්ටර්ස් සහ ෆිල්ම් එක හදපු කෲ එකට කරන ලොකු අගෞරවයක් විදිහටයි මම නම් සලකන්නේ. ඒ නිසා ඒ ගැනත් අවධානය යොමු කරන්න ඕන. ඒ වගේම සෑමවිටම ෆිල්ම්ස් ගැන තමන් සතු දැනුම අනිත් අයත් එක්ක බෙදාහදාගන්න එක ෆිල්ම් කමියුනිටි එක තුළ වෙන්නම ඕන දෙයක්. එහෙම නැතුව වෙන අයට මඩ ගගහා වෙන අයගේ හෝ තමන් කැමති නැති ෆිල්ම් වල වැරදි පෙන්න පෙන්න ඒවා අපහාසයට ලක් කරලා රීච් හදාගන්න තැනක් නෙවේ ෆිල්ම් කමියුනිටි එක කියන්නේ. ඒ නිසා මේ ෆිල්ම් කමියුනිටිය තුළ අදහස් බෙදාහදා ගෙන තමන් කැමති ෆිල්ම්ස් තෝරගෙන බලන්න හැමෝම පුරුදු වෙන්න ඕනේ. තවමත් අපේ කමියුනිටිය හරියට එකතු වෙලා නැති කෙනෙක් ඉන්නවනම් අපේ කමියුනිටි එකට එකතු වෙලා ලංකාවේ වෙන කිසිම තැනකින් ෆිල්ම්ස් ගැන ලබාගන්න බැරි දැනුමක් ලබාගන්න උත්සාහ කරන්න.



CGI/VFX ඇතුලු ෆිල්ම්ස් හදන්න පාවිච්චි කරන තාක්ශණයන් ගැන ආටිකල් එක 👇


Star Wars ෆ්‍රැන්චයිස් එක ගැන සම්පූර්ණ ආටිකල් එක 👇


සුපිරිම Anime සීරීස් ගැන දැනගන්න ආස අය මේ ලිපිත් කියවන්න 👇


සුපිරිම ප්ලොට් ටුවිස්ට් තියෙන කොරියන් ෆිල්ම්ස් 👇


අනිවාර්යයෙන් බලන්න ඕනි සුපිරිම ඉන්දියන් ෆිල්ම්ස් 👇


සුපිරිම සෙක්ස් කොමඩි ෆිල්ම්ස්

13 Comments

  1. Theater ekakta gihin film ekak balanna onee vidiya kiyannako.
    Lipiyak damuda ekata.

    ReplyDelete
  2. Ado no way patta thanks for this bro keep it up

    ReplyDelete
  3. Adult only film tikkuth dpiykoo

    ReplyDelete
  4. Thanks godak dewal danagatta..attatama aluthin tami me films balanna asawa awe

    ReplyDelete
  5. පට්ට ලිපියක් ටිකිරි

    මේ වගේම ලිපියක් Tv Series වලටත් ගේන්න පුලුවන්නම්

    ReplyDelete
  6. වාව්...පට්ටම.thanx මෙච්චර මහන්සි උනාට 😍😍😍😍😍

    ReplyDelete
  7. Thanks. හොද ලිපියක්

    ReplyDelete
  8. ගොඩක් මහන්සි වෙලා ලියල තිෙයන වටිනම ලිපියක්. ලංකාවෙ පොදුවෙ ගත්තොත් ෆිල්ම් එකක් බලන්නෙ ඔහේ බලන්නං වාලෙ. අනික ශොනර්ස් කිහිපයකට සීමා වෙච්ච අය තමයි ගාෙඩක් ඉන්නෙ. එහෙම අය මේ වගේ වටින ලිපියක් කියවයිද කියන එකත් සැකයි. හැබැයි කියවපු කෙනෙක්ට සෑහෙන්න වටින කරුණු මේ ලිපියෙ තියෙනවා. ගොඩක් ස්තුතියි කාලය කැප කරල ලියන මේ වගේ ලිපිවලට.

    ReplyDelete
  9. tv series ganath lipiyak ona saha patta bro

    ReplyDelete
  10. Film balanna hoda hall tikakut kiyanna kandy walin ehema

    ReplyDelete
Post a Comment
Previous Post Next Post