ආදරය සහ ආත්මය | Foundation S01E06 Brakedown


ඔන්න එහෙනම් සුපුරුදු දවසේ සුපුරුදු වෙලාවට ෆවුන්ඩේශන් බ්‍රේක්ඩවුන් එක අරන් එන්න පුලුවන් උනා. ගිය සතියේ එපිය කොහොමද? පර්සනලි මටනම් ඒ එපියේ කලබලකාරී ගතිය වැඩී. 05 වෙනි එපිසෝඩ් එකනම් පර්ෆෙක්ට් (අර දෙපැත්ත වෙඩි තියාගන්න සීන් එක ඇරුනාම). හැබැයි මේකනම් ටිකක් රශ් ගති වැඩී. හැබැයි සීරීස් එක පුරාම දැක්ක විදියට නෙක්ස්ට් ලෙවල් විශුවල් ඉෆෙක්ට්ස් ටිකක් නම් තිබ්බා. ස්පෙශලි Luminism වල වටපිටාව.







විශුවල් ඉෆෙක්ට්ස් පැත්තෙන් නම් මං බලපු හොදම සීරීස් එක මේ. ඒකේ කතන්දර දෙකක් නෑ. හැබැයි ස්ටෝරි එක අතින්නම් ඇවරේජ්. මං ලොකු බලාපොරොත්තුවක් තියන් හිටියේ GoT ලෙවල් එකේ ස්ටෝරියක් තියේ කියලා. හැබැයි ඒක නෑ. කමක් නෑ.. එන්ජෝයි කරන්න පුලුවන් දේවල් ගොඩක් සීරීස් එක ඇතුලේ තියෙන නිසා මහා ලොකු මාතරපීස් ස්ටෝරියක් නැති එක ප්‍රශ්නයක් නෑ. 06 වෙනි එපිසෝඩ් එකේ සයන්ටිෆික් ෆැක්ට්ස් තිබුනෙම නෑ පැහදිලි කරන්න තරම්. ඒ වගේම ටර්මිනස් වෙච්ච දේවල් ටිකත් පැහැදිලීනේ. ඒක නිසා අවශ්‍ය කරණු ටික විතරක් පැහැදිලි කරන්නම්. මුලින්ම කතා කරමු බ්‍රදර් ඩෝව්න් සහ එයාගේ ආදර පලහිලව්ව ගැන.



ඔන්න මං කලින් බ්‍රේක්ඩවුන් වල ප්‍රෙඩික්ට් කරපු තව දෙයක් හරිගියා. කොල්ලා ආදරෙන් වෙලිලා ඉන්නේ අර ගාර්ඩන් එකේ වැඩ කරන ගෑනු ළමයත් එක්ක. ඒ වගේම බ්‍රදර් ඩෝව්න් ගැන ස්පෙශල් කරුණු දෙකක් අපි මේ එපිසෝඩ් එකේ දැනගත්තා. පළවෙනි දේ තමා මෙයා දක්ශ දඩයක්කරුවෙක්. දැක්කනෙ අර කුරුල්ලෝ වගේ සත්තුන්ට වෙඩි තියපු විදිය.



පළවෙනිම දවසෙත් ගේමක් නැතුව 6 දෙනෙක්ව මරනවා. හැබැයි කොල්ලා ඒක පෙන්නන්නේ නෑ බ්‍රදර් ඩස්ක්ට. මොකද බ්‍රදර් ඩස්ක් දඩයමේ යද්දී වැඩිම දඩයම් කරලා තියෙන්නේ කුරුල්ලෝ තුන්දෙනෙක් විතරයි. එතනින්ම හිතාගන්න බ්‍රදර් ඩෝව්න් කොච්චර දක්ශද කියලා. ඊලගට අපි දැනගන්නවා බ්‍රදර් ඩෝව්න් වර්ණ අන්ධතාවයෙන් පෙළෙන කෙනෙක් කෙනෙක් කියලා. මෙහෙමයි... වර්ණ අන්ධතාවය කියන්නේ පාට සේරම පේන්නේ නැති එකට විතරක්ම නෙමෙයි. මොකක් හරි තනි පාටක් හෝ පාට දෙකක් විතර පේන්නේ නැති අය ලෝකේ ඕනි තරම් ඉන්නවා.

වර්ණ අන්ධතාවයේ අවස්තා කීපයක්

උදාහරණයක් විදියට ක්‍රිස්ටෝපර් නොලන් කියන්නෙත් රතු සහ කොළ වර්ණ අන්ධතාවයෙන් පෙළෙන කෙනෙක්. හැබැයි ඒ අඩුව කවදාවත් ක්‍රිස්ගෙ ෆිල්ම් වලින් අපිට පෙනිලා නෑ නේද... අන්න ඒ නිසා තමා මේ වර්ණ අන්ධතාවය කියන එක මහා ලොකු රෝගයක් විදියට සලකන්නේ නැත්තේ. කොහොමහරි මෙතන නම් බ්‍රදර් ඩෝව්න් සම්පූර්ණ වර්ණ අන්ධතාවයෙන් පෙළෙනවා කියලා තමා මට හිතෙන්නේ. මොකද එයා අර ගෑණු ළමයට කියනවා මල් වල පාට කියන්න කියලා. ඒ කියන්නේ එයාට ඒ පාට එකක්වත් පෙන්නෙ නෑ. මතකද මං කලින් හැම බ්‍රේක්ඩවුන් එකකම කිව්වා එම්පයර් එයාවම ක්ලෝන් කරන් ආවට මෙයාලා එකිනෙකාගෙන් වෙනස් කියලා. ගිරව් දෙන්නගෙ කතාව එහෙම එක්සාම්පල් එකකට අරන් කිව්වේ. ඔන්න අපි දැන් දන්නවා හැසිරීම සහ ආකල්ප වලින් නෙමෙයි ජානමය වශයෙන් පවා මෙයාලගෙ වෙනසක් තියෙනවා කියලා. ඒකට හොදම උදාහරණෙ තමා මේ. මොකද කලින් හිටිය කිසිම එම්පයර් කෙනෙක්ට වර්ණ අන්ධතාවය තිබිලා නෑ. මතකනේ බ්‍රදර් ඩස්ක් මැරෙන්න කලින් කියපු එක.

Episode 03


කලින් බ්‍රේක්ඩවුන් කියෙව්වානම් මං ඔය සේරම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. සරලව ආයේ ඒ සේරගෙම සාරාංශයක් කිව්වොත්, මේ ඉන්න බ්‍රදර් ඩෝව්න් හොදට හෝ නරකට ලොකු වෙනසක් කරන කෙනෙක්. 

ඒ වගේම එම්පයර් එක්ක ලිංගිකව එකතු වෙන ගෑණු උදවියගේ මතකය අමතක කරලා දානවා. ඒක පළවෙනි ක්ලියෝන්ගෙ ඉදන් තිබ්බ දෙයක්. ඕක කියනකොට මතක් වෙන්නේ Friends එකේ ජෝයි කොලුවයි, How I Met Your Mother එකේ බාර්නි බොසයි. උන් දෙන්නට මේ ටෙක්නොලජි නැතුවත් නිව් යෝර්ක් වල ඉන්න හැම කෙල්ලෙක් එක්කම වගේ නිදාගත්තා 😂 මරු ඉතිං... කොහොමහරි ඔන්න සීරීස් එකේ පළවෙනි වතාවට නියුඩ් සීන් එකක් දැක්කා. මං හිතුවේ නියුඩ් සීන් පෙන්නනම එකක් නෑ කියලා. මොකද කලින් එපිසෝඩ් හැම එකේම වගේ ආටිස්ටික් විදියට ඩාක් කරලා එහෙම ඒ සීන් පෙන්නුවේ. මේකේ ඔන්න එහෙම නෑ  හැබැයි අර GoT එකේ වගේ ලොකුවටත් නෑ. GoT එකනම් Pornhub එක වගේ සමහර වෙලාවට. පර්සනලි මං GoT එකේ අකමැතින සීන් එක ඕක. ඕනාවට වඩා වැඩී නියුඩ්.. කොහොමහරි බ්‍රදර් ඩෝව්න් අර එන කෙල්ලෙත් එක්ක ලිංගිකව එකතු වෙන්න යන්නේ නෑ.



පේනවානේ.. කොල්ලා ආදරෙන් වෙලිලා ඉන්නේ 😂 නෑ නෑ.. එහෙමත්ම නෙමෙයි.. මිනිහා මාර වෙනස් චරිතයක්.. බලමුකෝ ඉස්සරහට.. ඊලගට කතා කරමු Luminism වලට යන බ්‍රදර් ඩේ ගේ කතාව ගැන.



ප්‍රොක්සිමා ඔපෙල්ගේ මරණය නිසා තමා බ්‍රදර් ඩේ Luminism වලට යන්නේ. එහෙත් ඔන්න බල අරගලයක් ඇති වෙලා තියෙනවා. සෙෆියර් හලීමා සහ සෙෆියර් ගිලාට් අතර.

සෙෆියර් හලීමා


සෙෆියර් ගිලාට්

ඇයි මේ දෙන්නා අතර බල අරගලයක් ඇති වෙන්නේ කියලා මං කලින් බ්‍රේක්ඩවුන් එකේ පැහැදිලි කලා. කොහොමහරි Luminism වල ඉන්න මිනිස්සු නන් සෙෆියර් හලීමගෙ පැත්තේ ඉන්නේ කියලා හොදටම පැහැදිලී. දැක්කනේ ෆියුනරල් එක වෙලාවේ කරපු කතාව. තනිකර චන්ද රැස්වීමක කරන කතාවක් 😂



ඉස්සරනම් මං හෙන ආසයි ඔහොම විප්ලව කරන් එන උන් කියන ඒවට. දැන්නම් පේන්න බෑ. මොකද උන් සේරටම වඩා අන්තයි. අමුතුවෙන් උදාහරණ කියන්න ඕනි නෑනේ ඉතිං... කොහොමහරි මේ Luminism වල වතුර ප්‍රශ්නයක් තියෙනවා කියලා එම්පයර්ට කියනවා. බොන්න පිරිසිදු වතුර හිගයි කියලා තමා මෙයාලා කියනේඑ. ඒකට ඒ වෙලාවෙම එම්පයර් විසදුමක් දෙනවා. මොකක්ද ඒ විසදුම? 

එම්පයර් කියනවා Moon-wide Desalination system එකක් හදනවා කියලා. Moon-Wide කියන්නේ අපි වර්ල්ඩ් වයිඩ් කියන එකමයි. Luminism තියෙන්නේ ග්‍රහලෝකෙක නෙමෙයි. ප්‍රධාන ග්‍රහ ලෝකෙක චන්ද්‍රයාගේ තමා Luminism තියෙන්නේ. ඒ නිසා තමා මූන් වයිඩ් කියන්නේ. චන්ද්‍රා පුරාවටම කියන අදහස. Desalination system එකක් කියන්නේ ලවණ මිශ්‍ර ජලයේ තියෙන ලවණගතිය ඉවත් කරන හෝ අඩු කරන පද්ධතියකට.

Desalination system


සරලව කිව්වොත් එම්පයර් කියන්නේ Luminism පුරාවටම පිරිසිදු වතුර දෙන්න පුලුවන් විදියට මේ Destination system එක හදලා දෙන්නම් කියලා. මං උඩදි කිව්වේ ඒකයි.. අමු චන්ද පොරොන්දු මේ 😂



ඊලග අර ෆියුනරල් එක වෙලාවේ සෙෆියර් හලීමා කරන කතාවේ තියෙන්නෙම එයාලා ආත්මය කියන සංකල්පයට කොච්චර ගරු කරනවද කියලා. මෙන්න මේ දෙබසෙන් ඔය ගැන හරියටම පැහැදිලි වෙනවා 👇



ඔකෙන් කියවෙන්නේ ප්‍රොක්සිමාගේ ආත්මය එකම ශරීරයකට බද්ධ වෙලා නැති එක ගැන සතුටු වෙනවා කියලා. කාට රිදෙන්නද මේක කියන්නේ කියලා දන්නවානේ. එම්පයර්ට ආත්මයක් නෑ කියලා තමා සෙෆර් හලීමා සහ එයාගේ අනුගාමිකයන් සලකන්නේ. හැබයි දැන් දැන් අපි දකින දේවල් අනුව ප්‍රශ්නයක් එනවා නේද එම්පයර් කියන්නේ එකම ශරීරයක් උනාට ආත්මය කියන සංකල්පයෙන් බැලුවොත් මෙයාලා වෙනස් අය කියලා. මතකනේ බ්‍රදර් ඩෝව්න් හැසිරෙන විදිය එහෙම. හැදී වැඩෙන පරිසරයෙන් වෙන බලපෑමට එහා දෙයක් එතන තියෙනවා. මෙහෙම කියන්නද? අයිඩෙන්ටිකල් ටුවින්ස්ලව දන්නවා නේද.. ඕනි තරම් ෆිල්ම්ස් වල එකම නලුවා ඩබල් ඇක්ටින් කරන ඒවා දැකලා තියෙනවානේ. අයිඩෙන්ටිකල් ටුවින්ස්ලත් හැම අතින්ම එකයි. හැබැයි ආත්ම කියන සංකල්පයට ආවාම එයාලා එක්කෙනෙක් නෙමෙයි නේද? ආන් ඒකම නෙමෙයිද මෙතන එම්පයර්ගෙත් වෙන්නේ? ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකක් දාන් යන්න ඒ ගැන. දැන් බලමු ටර්මිනස් වල කතාව..

මෙතන නම් වෙන හැමදේම වගේ පැහැදිලීනේ. පළවෙනිම එපිසෝඩ් එකේ පෙන්නපු පොඩි උන් සෙට් එකේ දෙන්නෙක් තමා අර සැල්වෝ ව බේරගන්නේ. 

Episode 01


Episode 06


ඒ වගේම අපි දැනගන්නවා සැල්වෝගේ තාත්තා ෆවුන්ඩේශන් එකට ජොයින් වෙලා තියෙන්නේ සැල්වෝගේ අම්මා නිසා කියලා. ඒවානම් පුදුම වෙන්න දේවල් නෙමෙයි. ගෑණු කෙනෙක්ගේ හිත දිනාගන්න පිරිමි ඔයිට වඩා දේවල් කරනවා. සැල්වෝගේ තාත්තා මැරෙනවත් අපි දැක්කා. ඔන්න ඊට කලින් තමා එපිසෝඩ් එකේ අන්දුන් කුන්දුන් වෙන සීන් එක තිබ්බේ.

කලින්  බ්‍රේක්ඩවුන් එකේ කිව්වා වගේම හැරීගේ මරණය හැරීම ප්ලෑන් කරපු එකක් කියලා අපි දැනගත්තානේ. හැබැයි හැරීට උවමනාව තියෙන්නේ රේච්ව ශිප් එකෙන් යවන්න. මොකද රේච් නිසා සම්පූර්ණම හැරීගේ සැලසුම් වෙනස් වෙයි කියලා තමා හැරී කියන්නේ. මතකනේ කලින් 04 වෙනි එපිසෝඩ් එකේ කිව්වා සයිකොහිස්ට්‍රි වලින් පුරෝකතනය කරන්න පුලුවන් සමස්තයක් විදියට වෙන දේවල් විතරයි. තනි පුද්ගලයෙක්ගේ ජීවිතේ සයිකොහිස්ට්‍රි වලින් පුරෝකතනය කරන්න බෑ. හැබැයි තනි කෙනෙක් කරන දේවල් නිසා මේ පුරෝකතනය කරපු දේවල් සෑහෙන්න වෙනස් වෙන්න පුලුවන්. සරලව කිව්වොත් අනාගතේ වෙන්න තියෙන දේවල් වල ලොකු වෙනසක් වෙන්න පුලුවන්. කොහොමහරි හැරීට ඕනි වෙන්නේ රේච්ව ශිප් එකෙන් යවන්න.



ඒකට එකම ක්‍රමේ විදියට හැරී කියන්නේ එයාව මරන්න ඕනි කියලා. ඒ වගේම හැරී කියනවා රේච්ට යන්න ඕනි පොඩි එක ලෑස්ති කරලා තියෙන්නේ කියලා. හැබැයි රේච් කරන්නේ ගේල්ව පොඩ් එකේ දාලා යවන එක. මට හිතෙන විදියටනම් මෙතනට ගේල් එයි කියලා හැරී දැනන් ඉන්නේ නැතුව ඇති. මතකනේ.. මුල ඉදන්ම හැරීට වඩා සයිකොහිස්ට්‍රි සබ්ජෙක්ට් එක ගේල් තේරුම් ගන්නවා අපි දැක්කා. එක්කෝ හැරී ගේල්ට තේරුම් ගන්න ඇරලා තේරුනේ නෑ වගේ ඉන්නවා. කොහොමහරි ගේල් හැරීව මරනව වෙලාවේ එතනට ආව නිසා වෙන්න ඕනි රේච් ගේල්ව පොඩ් එකේ දාලා යවන්නේ. ඔන්න කලින් එපිසෝඩ් එකේ තිබ්බ ලොකු ප්‍රශ්නෙකට උත්තර අපිට හම්බවුනා. මතකනේ කලින් එපියේ ගේල් හිටිය ශිප් එකේ කිසිම දෙයක් ඇක්සස් කරන්න ගේල්ට පුලුවන්කම තිබ්බේ නෑ කියලා. ඒකට හේතුව තමා ඒ ශිප් එකේ ඇක්සස් හදලා තියෙන්නේ රේච්ට. මොකද ගේල් ආවට මෙතනට එන්න හිටියේ රේච්. හැබැයි තව ප්‍රශ්නයක් තියෙනවා. හැමෝම විස්වාස කරන විදියට හැරීව මරන්නේ රේච්නේ. අපි හිතමුකෝ ප්ලෑන් කරපු විදියට රේච් ශිප් එකෙන් පැනලා ඇවිත් ගේල් ආවා වගේම මේ අලුත් ශිප් එකට එනවා කියලා. එහෙනම් ඇයි මේ අලුත් ශිප් එක හැරී උපන් ලෝකෙට යන්නේ? පැහදිලිව හැරීව මරන්නේ රේච්.. ඉතිං මරපු එකාගේ උපන් ලෝකෙට මේ ශිප් එක යනවා කියන එක ටිකක් අවුල් නේද? බලමු... ඕකට හේතුව ඉස්සරහට දැනගන්න පුලුවන් වෙයි. ඒ වගේම අර පිහියෙන් ශිප් එකේ දොර ඇරෙන්නේ ඇයි කියන එකටත් මට තියරියක් තියෙනවා. මතකනේ ඒ පිහියේ තියෙන්නේ රේච්ගේ ඇගිලි සලකුණු. ශිප් එකේ ඇක්සස් හදලා තියෙන්නේ රේච්ට විතරනේ. ඒක නිසා වෙන්න ඕනි පිහියෙන් ශිප් එකේ දොර ඇරෙන්නේ.

Episode 05


ඔන්න මේ එපියෙන් අපි දකිනවා හැරී මරන වෙලාවේ ගේල් දැක්ක දේවල් ඒ විදියට සැල්වෝ දකිනවා. දකිනවටත් වඩා ඒ මොහොතට ආයේ යන්න පුලුවන් වෙනවා වගේ එකක් සැල්වෝට වෙනවා.



ඒ වගේම මෙතනදී රේච්ගේ රිඇක්ශන් එක දැක්කද?



මේ රිඇක්ශන් දෙකම 100%ක් එකම වගේ. මෙහෙමයි.. ටයිම් ට්‍රැවල් කලා වගේ සීන් එකක් උනානම් මෙතන රේච්ගෙ රිඇක්ශන් එක වෙනස් වෙන්න ඕනි නේද? මොකද සැල්වෝව දැකලා නෑනේ රේච් කලින්. ඒක නිසා මට හිතෙන්නේ මේක සැල්වෝට පේන විශන් එකක්. ගේල්ගේ වීව්පොයින්ට් එකෙන් පේන්නේ. ඒකයි ගේල්ව අපිට සැල්වෝ වගේ පේන්නේ. ආ.. සැල්වෝට ඕක වෙනවත් එක්කම හියුගෝ සැල්වෝගේ තාත්තට කියනවා මීට කලිනුත් සැල්වෝට ඕක වෙලා තියෙනවා කියලා. හැබැයි අපිට ඒ සීන් එක පෙන්නපු පළවෙනි වතාව මේක. ගොඩක් දුරට ඊලග එපිසෝඩ් එකෙන් මේ ගැන හරියටම විස්තර කරයි.

එහෙනම් ඔන්න 06 වෙනි එපිසෝඩ් එකේ බ්‍රේක්ඩවුන් එක ඉවරයි. මේකේ උන ගොඩක් දේවල් ඔයාලට තේරෙන්න ඇති. ඒකයි මං අවශ්‍යම දේවල් ටික විතරක් කිව්වේ. ආයේ නිකන් එපිසෝඩ් එක මුල ඉදන් අගට කියලා වැඩක් නෑනේ තේරුමක් නැතුව. ඒ වගේම Dune ෆිල්ම් එක බලපු අයට තේරෙන්න ඇති Dune නවල්ස් ෆවුන්ඩේශන් නවල්ස් වලින් කොච්චර ඉන්ස්පයර්ඩ් වෙලා තියෙනවද කියලා. හැබැයි විශුවල් ඉෆෙක්ට්ස් ටික ඇරුනාම Dune ෆිල්ම් එකේ ලගින්වත් තියන්න බෑ ෆවුන්ඩේශන් සීරීස් එක. ඒක හෙන අවුලක්. කමක් නෑ..බලාගෙන යන්කෝ දිගටම. ගිහින් එන්නම් එහෙනම්.. 07 වෙනි එපිසෝඩ් එක හෙට (29 සිකුරාදා) එනවා. ඒකේ බ්‍රේක්ඩවුන් එක ලබන සතියේ බ්‍රහස්පතින්දාට අරගෙන එන්නම්.. ජය ❤️


Foundation S01E05 බ්‍රේක්ඩවුන් එක 👇

https://www.reviewwhocares.com/2021/10/foundation-s01e05-breakdown.html


Foundation S01E07 බ්‍රේක්ඩවුන් එක 👇

https://www.reviewwhocares.com/2021/11/foundation-s01e07-breakdown.html

1 Comments

  1. හැමදාම වගෙ breakdown එක සුපිරියටම තියෙනවා😍

    ReplyDelete
Post a Comment
Previous Post Next Post