බැට්මෑන්ලා දෙන්නෙයි, ෆ්ලෑශ්ලා දෙන්නෙයි එක්ක සුපර් ගර්ල් | The Flash (2022) Sneak Peek Trailer Breakdown



DC Fandom එකේදි ප්‍රධානම තැනක් ගත්ත ෆිල්ම් එකක් තමා The Flash (2022) කියන්නෙ.ඉතින් මේකෙදි ෆිල්ම් එකේ පොඩි ටීසර් කෑල්ලක් දකින්න ලැබුනා.ෆිල්ම් එක තව හරියට ඉවර කරලා නැති නිසා බොහොම පොඩි විස්තර ටිකක් තමා දැනගන්න ලැබුනෙ.

ටීසර් එක බලලා නැත්නම් මෙතනින් බලන්න👇




ක්ලිප් එකේ තියන දේවල් පිලිවලටම නැති වෙන්න පුලුවන්...



මුලින්ම පිලිම එක්ක තියන ගේට් එකක් තමා පෙන්නනෙ.මේ පිලිම කීටන්ගෙ බැට්මෑන් ෆිල්ම් එකේ වේන් මන්දිරය ඉස්සරහා තියන පිලිම වගේම තමා. ඒවගේම ගේට් එකත් කීටන්ගෙ වේන් මන්දිරේට ගොඩක් සමානයි.පසුබිම්වල පේනවා සෑහෙන මීදුමක් එහෙම නැත්නම් දුමක් වගේ.මේක ටිම් බර්ටන් අධ්‍ක්ෂණය කරපු කීටන් ඉන්න බැට්මෑන් ෆිල්ම් එකෙත් නිතරම දකින්න ලැබුන දෙයක්. දැනටමත් ගොඩක් අය දන්න දෙයක් තමා ඇත්තටම කීටන් බැට්මෑන් විදිහට මේ ෆිල්ම් එකේ ඉන්නවා කියන එක.

Batman (1989)

ඒත් ඒ ඉන්නෙ 1989  බැට්මෑන් ෆිල්ම් එකෙ බැට්මෑන් විදිහටමද කියලා හරියටම තවම දන් නෑ.සමහර විට ඒ 89 ෆිල්ම් එක උන යුනිවර්ස් එක/ ටයිම්ලයින් එක වගේම වෙන එකක් වෙන්නත් පුලුවන්.නැත්නම් බැට්මෑන් ගෙ පෙනුම සහ තව පොඩි දේවල් ටිකක් විතරක් සමාන වෙන යුනිවර්ස් එකක්/ටයිම්ලයින් එකක් වෙන්න පුලුවන්.එහෙනමත් නැත්නම් 89 ෆිල්ම් එක උන යුනිවර්ස් එක/ටයිම්ලයින් එකම වෙන්න පුලුවන්.

Batman 89

ටිම් බර්ටන් හැදුව යුනිවර්ස් 1989 බැට්මෑන් ෆිල්ම් එකෙන් පස්සෙ (බොහෝ විට The Flash 2022 ෆිල්ම් එක සහ 92 බැට්මෑන් ෆිල්ම් එක අතර) වෙන සමහර දේවල් තියන කොමික් සීරීස් එකක් තමා Batman 89 කියලා කියන්නනෙ.තවම නම් සේරම ඇවිත් නෑ මේකෙ.ෆ්ලෑෂ් ෆිල්ම් එක බලන්න කලින් කෝකටත් Batman (1989) ෆිල්ම් එකයි Batman Returns ෆිල්ම් එකයි Batman 89 කොමික් එකයි කියෙව්වනම් ස්ටෝරි එක තවත් ඇගට ගන්න පුලුවන් වේවි.ඒවගේම තමා Batman 89 කොමික් සීරීස් එක එන්න පටන් ගත්තෙ කීටන්ගෙ බැට්මෑන් මේ ෆිල්ම් එකේ ඉන්නව කිව්වට පස්සෙ!

ඔය ශොට් එකේ තියන ප්‍රධාන දේ තමා ටැක්සි එකකින් දෙන්නෙක් එලියට බහින එක.ඒ බහින දෙන්නා ඉස්සරහට ක්ලිප් එකේ පෙන්නන හැටියට වෙනස් යුනිවර්ස් දෙකක හරි වෙනස් ටයිම්ලයින් දෙකක බැරී ඇලන් ලා දෙන්නෙක් වගේ තමා පේන්නෙ.(එක්කෙනෙක් කහ තීරුවක් තියන ඇදුමක් ඇදන් අනික් කෙනා කොල පාට එකක් ඇදන්) හැබැයි මේ දෙන්නා ටැක්සි එකක එන්නෙ! ස්පීඩ් පවර්ස් තියන දෙන්නෙක් ඇයි මේ ටැක්සි එකක එන්නෙ?

Flashpoint 

The Flash ෆිල්ම් එකට පාදක උන Flashpoint කොමික් එකේදි බැරී ඇලන් ටයිම් ට්‍රැවල් කරලා තමන්ගෙ මැරුන අම්මව බේර ගන්නවා.(මේකෙන් හැදෙන ටයිම්ලයින් එකට කියන්නෙ ෆ්ලෑෂ්පොයින්ට් කියලා) මේ නිසා පස්සෙ කාලෙකදි බැරීට පවර්ස් ලැබෙන්නෙ නෑ.මුකින් බැරීට පවර්ස් තිබ්බ ටයිම්ලයින් එක බැරීට මතක තිබුනට බැරීට අමතකයි එයා කාලය හරහා ගිහින් අම්මව බේරගත්තා කියලා. ඒ නිසා බැරී යනවා ගෝතම්වලට ඒ ටයිම්ලයින් එකේ ඉන්න බැට්මෑන්ව හම්බ වෙන්න.

දැන් මෙතනදි වෙන්නෙ ඒවගේ දෙයක් කියලා අනුමාන කරන්න පුලුවන්.හැබැයි බැරීලා දෙන්නෙක් ඉන්නෙ කොහොමද ? දෙන්නටම පවර්ස් නැති උනේ කොහොමද ?වගේ දේවල් වලට නම් තවම හරි හැටි දෙයක් කියන්න අමාරුයි.

ඒවගේම මේකෙ පෙන්නන ටැක්සි එකේ තියනවා ඒක සෙන්ට්‍රල් සිටි එකේ ටැක්සි එකක් කියලා.සෙන්ට්‍රල් සිටි කියන්නෙ ඉතින් බැරී ඇලන්ගෙ නගරය.නම්බර් ප්ලේට් එකේ තියන 82OA කියලත් තියනවා.සාමාන්‍යයෙන් කොමික් බුක් මූවි එකක මේවගෙ නම්බර් වලින් පෙන්නනෙ ෆිල්ම් එකට සම්බන්ධ සිද්ධියකට හරි චරිතයකට අදාල කොමික් ඉෂූ එකක නම්බර් එකක් අවුරුද්දක් වගේ දෙයක් තමා. 1982 දි නිකුත් උන The Flash #309 කොමික් එකේදි 98 වෙනි ශතවර්ෂයේ ඉදන් ආව Kryad කියන කෙනා (ඒ කාලෙ මිනිස්සු telepathic abilities තියන විදිහට පරිණාමය වෙලා..පෙනුමත් සෑහෙන වෙනස්...Watcher ලා වගේ Marvel එකේ) ඇවිත් බැරීගෙ පවර්ස් ඩුප්ලිකෙට් කරන විදිහ ඉගෙන ගෙන (ඒ කාලෙ කොමික් වල Speed force concept එක තිබ්බෙ නෑ ) ගිහින් 98 ශතවර්ෂයේ දි මිනිස්සුන්ට ආව තර්ජමයක් නවත්තනවා.මෙතෙන්දි ටයිම් ට්‍රැවල් ඇරුනාම ට්‍රේලර් එකට අදාල කෑල්ල තමා බැරී Kryad ට ෆ්ලෑෂ් රින්ග් එකක් දෙන එක.

The Flash #309


OA කියන කෑල්ලෙන් හරි හමන් අදහසක් නම් මට නෑ.OA කියන්නෙ DC කොමික්වර්ස් එකේ ප්‍රයිම් යුනිවර්ස් එකේ හරි මැද තියන ග්‍රහලෝකෙ නම.ඒවගේම ග්‍රීන් ලෑන්ටර්න්ලගෙ මූලස්ථානය වෙන්නෙත් මේ ග්‍රහලෝකය.ඒත් ෆිල්ම් එකේ OA ග්‍රහලෝකය පෙන්නන්න නම් ඉඩ බොහොම අඩුයි.

ටැක්සි එකේ උඩ තියනවා 1E63 කියලා ...1963 අවුරුද්ද කියන්නෙ කොමික් වලට Reverse Flash (Professor Zoom)The Flash #139 කොමික් එකෙන් අදුන්වලා දුන්න අවුරුද්ද.

The Flash #139

රිවස් ෆ්ලෑෂ් කියන්නෙ Flashpoint කොමික් එකේ බොහොම ලොකු චරිතයක්.බැරීගෙ අම්මව පවා මැරුවෙ රිවස් ෆ්ලෑෂ් තමා.

ඔය උඩ කිව්ව නම්බර් වලින් ඔයිට වෙනස් දෙයක් අදහස් කරනවා වෙන්නත් පුලුවන් ...එහෙමත් නැත්නම් කිසිම දෙයක් අදහස් නොකරනවා වෙන්නත් පුලුවන්


ඊගාවට වේන් මන්දිරේම ඇතුලෙ කියලා හිතන්න පුලුවන් කොටසක් තමා පෙන්නන්නෙ.මන්දිරේ ගොඩක් පාලුවට ගිහින් තියන පෙනුමක් තියනවා.ලී බඩු එහෙම කවර් කරලා තියෙන්නෙ.මේ වෙද්දි කීටන්ගෙ බැට්මෑන් ට සෑහෙන වයස වෙන්න ඕනෙ.ඒ කියන්නෙ ඇල්ෆ්‍රඩ් මේ වෙනකොටත් මැරිලා වෙන්න සෑහෙන ඉඩකඩක් තියනවා.ඇල්ෆ්‍රඩ් නැති වීමත් එක්ක වේන් මන්දිරේත් නඩත්තු කරන්න කෙනෙක් නැතුව පාලුවට ගිහින් කියලා හිතන්න පුලුවන්.


මේ සීන් එකේ පේනවා ෆ්ලෑෂ් ගෙයක් දිහාවට ඇවිදන් යනවා.මොහොතකට ෆ්ලෑෂ් ගෙ ලයිට්නින් එකත් පේනවා කහ පාටට.සැක්ගෙ වර්ශන් එකේදි නිල් පාට උනාට කොමික් වලදි නම් බැරීට තියෙන්නෙ කහ හෝ තැඹිලි පාටට හුරු ලයිට්නින් එකක්.මේ ලයිට්නින් එකේ පාට නිල් ඉදන් කහ පාට උනේ කොහොමද කියලා හරියට කියන්න බැරි උනාට අනුමාන කරපු දේවල් නම් කියන්න පුලුවන්.

කලින් කිව්වා බැරීලා දෙන්නා ටැක්සි එකක එන්නෙ පවර්ස් නැති උන නිසා කියලා.Flashpoint කොමික් එකේදි බැරී බැට්මෑන් එක්ක එකතු වෙලා ආයෙ තමන්ගෙ පවර්ස් ගන්නවා.සමහර විට ෆිල්ම් එකේදි බැරී පවර්ස් ආය ගනිද්දි නිල් පාට වෙනුවට කහ පාට ලයිට්නින් එකක් ලැබුනා වෙන්න පුලුවන්.ඒවගේම තමා කොස්ටියුම් එකේ බූට්ස් ත් හොදට හයිලයිට් වෙලා පේනවා.බූට්ස් දෙක නම් සෑහෙන කොමික් වලට සමානයි.පැහැදිලිවම සැක්ගෙ වර්ශන් එකට වඩා වෙනස්.

The Flash (Rebirth) #19

ඒ වගේම කොස්ටියුම් එකේ රතු පාට පසුබිමේ කහ පාට ඉරි ගොඩක් හයිලයිට් වෙනවා අදුරට.මේ විදිහට කොමික් වල තියෙන්නෙ Flashpoint, New 52 සහ Rebirth වර්ශන් වල තමා.



ගෙදර ගත්තොත් මීට කලින් ශොට් එකෙයි මේකෙයි තියෙන්නෙ එකම තැනක්.මේ බැරී අම්මව මුලින් බේර ගන්න තැන වෙන්න ඇති.එතකොට ඊට කලින් තිබ්බ රෑ ඒ ගෙදර ගාවට යන එක බැරී ටයිම්ලයින් එක ආයෙ තිබ්බ විදිහට හදන්න උත්සහ කරනවා වෙන්න පුලුවන්.


මේකෙදි බැරී (කහ පාට තීරුවක් තියන ජැකට් එක ඇදගත්ත කෙනා) තව කාගෙ හරි අතක් අල්ලනවා පේනවා. ඒ අත කාගෙද කියලා හරියටම කියන්න අමාරුයි.බොහො විට බෘස් වේන් කෙනෙක්ගෙ හරි එයාගෙ මැරුන අම්මගෙ අත වෙන්න පුලුවන්.


පැහැදිලිවම පේනවනෙ මේ බැට්මෑන් ගෙ මාස්ක් එක කියලා. ඒත් මොන බැට්මෑන්ගෙද? ටීසර් එකේ වෙන කොහෙවත් Bataffleck ගැන නැති නිසාත් Bataffleck ෆිල්ම් එකේ ඉන්න නිසත්  මේ Bataffleck කියලා හිතන්න පුලුවන් උනාට මාස්ක් එකට එහා පැත්තෙ සූට් එකේ තියන ලෝගො එකේ පේන්නෙ කීටන්ගෙ බැට්සිම්බල් එක.ඒවගේම මෙතන ගොඩක් ලේ ත් තියනවා.සමහර විට බෲස් ට තුවාල උනාට පස්සෙ මීට කලින් තිබ්බ ෆොටේජ් එකේදි බැරී බෲස්ගෙ අත අල්ලනවා වෙන්න පුලුවන්.


මෙතන නම් නිකන් ලැබ් එකක පෙනුම තමා තියෙන්නෙ. ( DC කොමික් වල ගොඩක් තැන් වලදි හම්බ වෙනවා Star Lab එක එහෙම). Flashpoint කොමික් එකේදි US රජය සුපර්මෑන් මේ ලෝකෙට ආවට පස්සෙ හිර කරගෙන පරීක්ෂණ කරනවා. බැරීට Flashpoint එකේදි Superman ව මුලින්ම හම්බ වෙන්නෙ මේ වගේම තැනකදි තමා. Flashpoint කොමික් එකේ Superman වෙනුවට මේකෙ Supergirl ඉන්නවා කියලා තමා කියන්නෙ.බොහෝ විට බැරීට (දෙන්නගෙන් කාට හරි ) Supergirl ව හම්බවෙන තැන මේක වෙන්න පුලුවන්.

කොස්ටියුම් එක ගැන කිව්වොත් ගොඩක් අය මේ ෆොටේජ් එකේ ලුක් එකට නම් ආස නෑ.මේක ටීසර් ට්‍රේලර් එකක් නිසා ඔයිට වඩා වෙනස් විදිහකට තව අප්ග්‍රේඩ් කරලා පෙන්නයි.


මේකෙදි කහ ජැකට් එකක් තියන බැරීවයි සුපර්ගර්ල් තමා පෙන්නන්නෙ.සුපර්ගර්ල් ට නම් සිහිය නැති හෝ ඒවගේ දෙයක් වෙලා කියලා තමා පෙන්නෙ.කලින් සුපර්ගර්ල්ව දැකලා බැරී (ඒ ඉන්නෙ මේ බැරී නම්) සුපර්ගර්ල් ව බේරගෙන වේන් මන්දිරේට ගෙනාවා වෙන්න පුලුවන්.
 

මේ ඇත්තටම තියෙන්නෙ කීටන්ගෙ බැට් කොස්ටියුම් එකේ බූට්ස්. බැරී (කොයි එක්කෙනාද දන් නෑ) බූට්ස් වල කහ ලයිට්නින් එකක් අදිනවා රතු පසුබිමේ.කොමික් වල රතු පාට බූට්ස් දාන්නෙ නම් පලවෙනි ෆ්ලෑෂ් උන ජේ ගැරික්ට තමා.


ෆ්ලෑෂ් රින්ග් එක.මේකෙ තමා බැරී කොමික් වලදි එයාගෙ කොස්ටියුම් එක තියන් ඉන්නෙ.



කෙමිකල් එකකින් ඇදුම පොඩි කරලා මුද්ද ඇතුලට දාගන්නවා.එලියට ගනිද්දි අනික් පැත්ත වෙනවා.New 52 වල නම් ටිකක් ලෝහමය ස්වභාවයක් තමා තියෙන්නෙ ඇදුමට. කොස්ටියුම් එක සැක්ගෙ වර්ශන් එක තරම් නොවුනත් ලෝහ පෙනුමක් තියනවා කියලා පේනවනෙ. බැරී ඒ විදිහට තියන කොස්ටියුම් පාවිච්චි කරන්නෙ New 52 සහ Injustice කොමික් වල තමා.

ඒ වගේම තම මේ රින්ග් එක හම්බ වෙන්නෙ කහ ජැකට් එකක් තියන බැරීට.අපිට පෙනුන් නැති උනත් රින්ග් එක අල්ලන් ඉන්නෙ කොල ජැකට් බැරී වෙන්න ඇති.



ෆ්ලෑෂ් කොස්ටියුම් එක හරියටම මෙතන බලාගන්න පුලුවන් වෙනවනෙ.

The Flash New 52

කලින් කිව්ව වගේම තියෙන්නෙ New 52, Flashpoint වල වගේම කොස්ටියුම් එකක්.



ශෙප් එකෙ හැටියට මේ ඉන්නෙ කීටන්ගෙ බැට්මෑන්.හැබැයි කීටන්ගෙ බැට්කේව් එකේ දිය ඇල්ලක් නම් නෑ. මේ ඉන්නෙ මුලදිම කිව්වා වගේ කීටන්ගෙ පෙනුමට සමාන ස්ටෝරි එක වෙනස් බැට්මෑන් කෙනෙක් වෙන්න පුලුවන්.


බැරීලා දෙන්නවම හරියටම එකට පෙන්නන මුල්ම වතාව.(ඒ වගේම සුපර්ගර්ල්) කහ පාට බැරී නෝමල් සූට් එකක් පාවිච්චි කරද්දි කොල එකා අපි ටීසර් එක පුරාවට්ම් දැක්ක සූට් එක ඇදන් ඉන්නවා.

අපි කලින් දැක්කා කීටන්ගෙ බූට්ස්වලින් ෆ්ලෑෂ් කොස්ටියුම් එකක් හදනවා. ඒවගේ ෆිල්ම් එකේ ඩිරෙක්ටර් මීට ටික කාලෙකට කලින් දාල තිබ්බ ඉමේජ් එකක් තමා මේ.


කහ බැරීගෙ තියෙන්නෙත් මේ සිම්බල් එකමනෙ.මේ දෙකම එක සූට් එකක්.පස්සෙ මේ බැරීට අනික් එක්කෙනාගෙන් රින්ග් එක ලැබෙනවා ඇති.මේ Red Death වෙන්න ඇති කියලා මීට කලින් ගොඩක් අය කිව්වට මෙච්චර ඉක්මනට Red Death ව ලයිව් ඇක්ෂන් ගෙනෙයි කියලා හිතන්න අමාරුයි.මේක පාට කරලා තියෙන්නෙ වොලී වෙස්ට් ෆ්ලෑෂ් , කිඩ් ෆ්ලෑෂ් කාලෙ පාවිච්චි කරපු සූට් එකේ පාට වලට විරුද්ද විදිහට ඒ ලෝගෝ එකම පාවිච්චි කරලා.



මෙතනදි මැද ඉන්න කෙනා කාගෙන් හරි අහනවා "Are you in?" කියල.කලින් දැකපු කීටන්ගෙ බැට්මෑන් තමා මෙහෙම අහනවා ඇත්තෙ.

කහ බැරී මොකක් හරි වහලා දාපු තැනක තමා ඉන්නෙ.ගොඩක් අය අනුමාන කරනවා වගේ පෙන්නුවෙ නැති උනාට මේ කීටන්ගෙ බැට්මොබීල් එක වෙන්න ඕනෙ.

මේ ටීසර් එකේ Bataffleck ව නම් දකින්න හම්බ උනේ නෑ.සමහර විට Bataffleck ගෙ සීන් තව හරියට ඉවර කරලා නැතිව ඇති ටීසර් එකකට දාන්න තරම්.


ඒ වගේම තමා විලන් කෙනෙක් ගැනත් මේකෙ පෙන්නුවෙ නෑ.ගොඩක් දෙනා බලාපොරොත්තු වෙන්නෙ Flashpoint කොමික් එකේ වගේම රිවස් ෆ්ලෑෂ් එහෙමත් නැත්නම් ඉයබෝර්ඩ් තෝන් ෆිල්ම් එකෙත් ඉදී කියලා.හැබැයි තෝන්ව කොහෙදිවත් පෙන්නුවෙ නෑනෙ....
ඒත් ඇත්තටම පෙන්නුවෙ නැද්ද?


තෝන් කොමික් වලදි ගොඩක් තැන් වල බැරී විදිහට අනාගත තාක්ෂණය පාවිච්චි වෙස් වලාගෙන ඇවිත් තියනවා. ඒවගේම තෝන්ට තියන ගොඩක් අය දන්නෙ නැති පවර් එකක් තමා ස්වරූපය වෙනස් කර ගන්න එක.මේකෙන් තෝන්ට කොමික් වලදි ඕනෙම කෙනෙක්ගෙ පෙනුම ගන්න පුලුවන්.

The Flash - Road to Flashpoint 

තව දෙයක් තමා තෝන් මුල්ම කාලෙදි පාවිච්චි කරන්නෙ බැරීගෙ ඔරිජිනල් ෆ්ලෑෂ් සූට් එක.ඉතින් බැරීලා දෙන්නගෙන් එක්කෙනෙක් තෝන් වෙන්න බැරි කමක් නෑ...හැබැයි එහෙම වෙන්න තියන චාන්ස් එක නම් අඩුයි.


අන්තිමට මේක බලද්දි මට හිතුන දෙයක් කිව්වොත් සමහර විට මේ ඉන්න බැරීලා දෙන්නගෙන් එක්කෙනෙක්වත් අපි Snyderverse එකේදි හරි Justice League (2017) ෆිල්ම් එකේදි දැකපු කෙනා නොවෙන්නත් පුලුවන්.එහෙමත් නැත්නම් මෙතනින් එක්කෙනෙක් අපි කලින් දැකපු DCEU එකේ බැරී උනාට අනික් බැරීට ෆිල්ම් එකේ ගොඩක් අවදානය ලබලා දෙන එක.මොකද පැහැදිලිවම දෙන්නගෙම ලයිට්නින් එක කහ පාටද කියලා කියන්න බැරි උනත් එක්කෙනෙක්ගෙ කහ පාටයි.මීට කලින් අධ්‍යක්ෂකවරයා කිව්ව දෙයක් තමා ෆිල්ම් එකේ ෆ්ලෑෂ් ගෙ ලයිට්නින් එක කහ පාටයි.අනික තමා මල්ටිවර්ස් සීන් මේකෙ තියන නිසා වෙන්න ඉඩ කඩ වැඩී. ඒවගේම මේ විදිහට කරොත් Snyderverse එක නැති වෙන්නෙ නෑ. Restore නොවුනත් පස්සෙ කාලෙක කැමියෝ එකකට හරි ගන්න පුලුවන්.


මේ පාර DC FanDome ඉවෙන්ට් එක ගැන ආටිකල් එක 👇


DC FanDome ඉවෙන්ට් එකේ රිලීස් කරපු The Batman දෙවෙනි ට්‍රේලර් එකේ බ්‍රේක්ඩවුන් එක 👇

1 Comments

Post a Comment
Previous Post Next Post