මොකක්ද මේ DC ෆැන්ඩම් එක කියන්නෙ සහ ඒකෙ මොනවා වෙයිද?

 Fandome එකේ මොනවා වේවිද ?


මොකක්ද මේ DC ෆැන්ඩම් එක කියන්නෙ? 

මේක ඇවිල්ලා DC ආයතනය ඉදිරියේදී එන්ඩ තියෙන එයාලගෙ ෆිල්ම්ස්, ටීවී ශෝස්, කොමික්ස් ගේම්ස් වගේ දේවල් ගැන ෆෑන්ස්ලා දැනුවත් කරන ඉවෙන්ට් එකක්. සාමාන්‍යයෙන් ඉස්සර මෙහෙම දේවල් කිව්වෙ නිව් යෝර්ක් කොමික් කොන් එහෙක වගේ ඉවෙන්ට් එහෙක. කොරෝනා නිසා දැන් සීන් එක වර්චුවල් වෙලා ඔන්ලයින් තමයි තියෙන්නෙ. ඒක හොඳයි, මොකද අපිට නිව් යෝර්ක් කොමික් කොන් යන්ඩ බෑනෙ, එතකොට මේක යූටූබ් එකේ හරි DC ෆැන්ඩම් ඔෆීශියල් වෙබ් සයිට් එකෙන් හරි ගෙදර ඉඳන්ම නොමිලේ බලන්ඩ පුලුවන්... මේකට DC ප්‍රොජෙක්ට් වල නළු නිළියෝ ඩිරෙක්ටර්ස්ලා එහෙමත් එනවා... ඕක තමයි කෙටියෙන් DC ෆැන්ඩම් එක කියන්නෙ...

ෆැන්ඩම් ඉවෙන්ට් එක පටන්ගන්න තව පැය කීපයක් වගේ තමා තියෙන්නෙ. අද රෑ 10.30 ට පටගෙන පැය 4 කට ආසන්න කාලයක් පුරාවට අපිට DC Universe එකේ අනාගතය ගැන මොන වගේ වෙයිද කියල අපිට දැනගන්න ලැබේවි. මේ පාර කලින් පාරටත් වඩා ජයටම වැඩේ කරයි කියලයි වටෙන් ගොඩෙන් කසුකුසුව යන්නෙ. ඒ කියන්නෙ අපිට මේකෙදි ටීසර්, ට්‍රේලර් ෆස්ට් ලුක්ස් වගේ දේවල් ගොඩාරියක් බලාගන්න පුළුවන් වේවි. 

අද ෆැන්ඩම් එකට කවුරු කවුරු එයිද ? මොනවා බලාගන්න පුළුවන් වේවිද ? මේ දේවල් ගැන පොඩි අවබෝධයක් ලබාගන්න මේ ලිපියක් ලියන වෙලාව (ටයිප් කරන වෙලාව😁) වෙනකොටත් මේකෙ ශෙඩුල් එක එලියට දීල නෑ. ඒ කියන්නෙ මේකෙ ගොඩක් ස්ප්‍රයිස් තියේවි. 

ඔන්න ඔය සබ්බසකලමනාවම ගැන පොඩි කයියක් දාන්න තමා මේ පොඩි ලිපියක් ලියන්නෙ. (ටයිප් කරන්නෙ😂).

මුලින්ම කියන්න ඕනෙ මේව Predictions විතරයි. ඒ කියන්නෙ එයි කියලා අපිට හිතෙන දේවල්... මේවා මේ විදිහටම FanDome එකෙ කියයි කියලා හරියටම කියන්න බෑ OK.


The Batman 2022



බොහෝවිට පලවෙනි පැනල් එක විදියට ඩිරෙක්ටර් Matt Reeves ගෙ The Batman පැනල් එක තියේවි. නැත්තං ගිය පාර වගේ අන්තිමට තියෙයි... මේකට මැට් එක්ක රොබට් පැටින්සන්, පෝස් ඩේනෝ ඇතුලු ෆිල්ම් එකේ Main Cast එක එන්න ලොකු ඉඩකඩක් තියෙනවා. කලින් පාර ෆැන්ඩම් එකේදි අපිට ටීසර් එකක් බලාගන්න පුළුවන් උනා. මේ පාර ෆැන්ඩම් එකේදි මේකෙ පලවෙනි ට්‍රේලර් එක දෙනවා කියල මේ වෙද්දි ඔෆීශියලි කියල ඉවරයි. ඉතින් ට්‍රේලර් එකක් අනිවාර්‍යයෙන් එනවා. ඒ වගේම පෙරේදා හවස ෆිල්ම් එකේ ඩිරෙක්ටර් Matt Reeves එයාගෙ ට්විටර් ගිණුම ඔස්සේ “Good Morning, From Gotham City… Can’t wait to show you more at DC Fandome this Saturday “ යනුවෙන් සටහනක් තබමින් මේ ෆිල්ම් එකේ ඡායාරූපයක් අන්තර්ජාලයට එක් කරලා තිබුනා. මේ තියෙන්නෙ ඒක... 

බොහෝවිට ට්‍රේලර් එකකට අමතරව  මේකෙ First Look එකක් අපිට බලාගන්න ලැබේවි. මේකෙ ට්‍රේලර් එකක් ආපු ගමන් පුළුවන් ඉක්මනට බ්‍රේක්ඩවුන් එකක් අපේ ලෝකල් බැට්මෑන් හෙවත් ශෙහාන් පෙරේරා අයිය අරන් ඒවි. (ගීක් කමියුනිටි එකේ ෆිල්ම් එකට වැඩිම හයිප් එකක් තියෙන්නෙ මිනිහටද කොහෙද ?)

ෆැන්ඩොම් එකේ ගොඩක් ලොකුවට Highlight වෙන්නෙ Batman Panel එක. ඒක Prediction එකක් නෙමෙ Fact එකක්. ඉතින් මේ Batman Panel එකේදි Zoe Kravitz එයාගෙ Solo Catwoman Project එක Announce කරයි කියලා ගොඩක් අය කියනවා.මේක ගැන ගොඩක් Rumors ගියා. මේක ෆැන්ඩොම් එක් Confirm කරන්න ලොකු ඉඩක් තියෙනවා.

ඒ වගේම Colin Farrell ගෙ Penguin (පෙන්ගුයින්) Project එක ගැනත් විස්තර මේකෙදි දැනගන්න පුලුවන් වෙයි.

තව GCPD (ගෝතම් පොලිස් ඩිපාට්මන්ට් එක) එක ගැන නිර්මාණය වෙන Arkham සීරිස් එක ගැනත් විස්තර කියාවි


Black Adam 


ඩීසි ෆෑන්ස් ලගෙ ඊලග හයිප් එක තමා Black Adam කියන්නෙ. ඒකට ලොකුම හේතුව තමා මේකෙ Main Role එකට රොක් අයියා Dwayne “The Rock” Johnson ව තෝරගෙන තිබීම. කලීන් ෆැන්ඩම් එකේ කියපු විදියට මේකෙදි අපිට පලවෙනි පාරට Live Action ෆිල්ම් එකක JSA (ජස්ටිස් සොසයිටි ඔෆ් ඇමෙරිකා) එක බලාගන්න පුළුවන්. මේක නිකන් ජස්ටිස් ලීග් එක වගේ සෙට් එකක් කියලා කියන්න පුලුවන්... මේකෙ සාමාජිකයො විදියට Hawkman, Dr,Fate, Cyclone, Atom Smasher කියන අයව බලාගන්න පුළුවන්. (මේ අයගෙ වගතුග ගැන A-Z විස්තර කරලා මීට කලින් ශෙහාන් අයියා DC Uprising ලිපියක් ගෙනාවා. ඒක අනිවා කියවන්න.)  ෆිල්ම් එකේ ශූටින් ඉවර කරා ටික කාලෙකට කලින්. ඉතින් ට්‍රේලර් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවනි. අන්වාර්යයෙන්  පැනල් එකට රොක් එක්ක කාස්ට් එකම වගේ ඒවි. ට්‍රේලර් එකක් නැතත් ටීසර් එකක් අනිවා එන්ඩ ඉඩ තියෙනවා. ෆස්ට් ලුක් එනවා කියලා තමයි ආපු ප්‍රමෝශන් වීඩීයොස් වල තිබුනේ...

Black Adam Panel එකේදි සමහරවිට JSA Spinoff Project එකක් Announce කරයි කියලා හිතෙනවා.මේක ගොඩක් හොද අවස්තාවක් DC ලට එයාලගෙ Golden Age Hero Team එක Big Screen එකට අරන් එන්න.

Shazam Fury of the Gods



මේකෙ ටීසර් එකක් හෝ First look එකක් එන්න පුළුවන්. බොහෝවිට ශසෑම් ගෙ අලුත් කොස්ටියුම් එක, ෆිල්ම් එකේ ඉන්න චරිත වල First Looks එහෙම පෙන්නයි.  ස්ටෝරිලයින් එක ගැන එහෙම අවබෝධයක් ගන්න පුළුවන් වෙයි වගේ.


The Flash Movie



Flash ෆිල්ම් එකේ ට්‍රේලර් එකක් එන්න තියෙන ඉඩ අඩුයි. මොකද මේකෙ ශූටින් ඉවර වෙලා සති තුනක් වත් නෑ. ටීසර් එක්කට හෝප් තියන්න පුළුවනි. ඒ වගේම අපි දන්නවා Ben Affleck ගෙ බැට්මෑන් ව මේකෙදි බලාගන්න පුළුවන් කියල. ඉතින් මේ පැනල් එකට බෙන් එන්න පුළුවන්. ගොඩක් දුරට මේකෙදි ෆිල්ම් එකේ First Look එකක් එන්න බොහෝ විට ඉඩ තියෙනවා. සමහර විට ඒ Flash ගෙ අලුත් සූට් එක වෙන්න පුළුවන්. ඒ වගේම දැනට ෆිල්ම් එකේ Storyline එක කොයි වගේද කියන එක හෝ මේකෙ විලන් කවුද කියන එක තාම හෙලිවෙලා නෑ. ඒ ගැන තව  විස්තර ටිකක් මේ ෆැන්ඩම් එකේදි එලිවෙන්න පුළුවන්. ඒ වගේම මේකෙ අලුත් සුපර්ගර්ල් සාශා වස්තුවත් අපිට බලාගන්න පුලුවන්....


Peacemaker Series 



කට්ටිය දන්නවනෙ ජේම්ස් ගන්ගෙ Suicide Squad එකෙන් ස්පින් ඔෆ් එකක් විදියට Peacemaker සීරිස් එකක් එනවා කියල. ඉතින් මේකෙ පලවෙනි ට්‍රේලර් එක ෆැන්ඩම් එකේ නිකුත් වෙනවා කියල තා කියන්නෙ. සීරිස් එක එන්නෙ 2022 ජනවාරි මාසෙ. ඉතින් ටීසර් එක්කටත් වඩා ට්‍රෙලර් එකක් එන්න තියෙන ඉඩ ගොඩක්ම වැඩියි. මේකෙ හාලි කුයින් ඉන්නව කියල කියනවා. සමහරවිට Margot එහෙමත් එයි. 



Aquaman And The Lost Kingdom



මේකෙනම් ටීසර් එකක් වගේ දෙයක් එයි කියල හිතන්න අමාරුයි. මොකද මේකෙ ශූටින් ඉවර නෑ තාම. ගිය අවුරුද්දෙ සුයිසයිඩ් ස්කෝඩ් පැනල් එකේ වගේ මේකෙත් කාස්ට් එක ඇවිල්ල ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් කරන්න පුළුවනි. එතන Fan Favorite එක Amber Heard (මේරා) එහෙමත් ඉදීවි.  

Aquman එකෙන් Aqualad Spinoff එකක් එයි කියලත් Rumors යනවා.මේකට මූලික හේතුව වුනේ Aquman 2 එකේ Behind The Pic එකක් Release කරල තිබ්බ ඒකෙ ආතර් ඇදන් හිටපු ඇදුම ගොඩක් Garth ගෙ Aqualad ගෙ ඇදුම වගේ.ඒ වගේම DC FanDome එකට Release කරපු Twitter Emoji වල Aqualad ටටත් වෙනම Emoji එකක් තිබ්බ.මේක ඉතින් දැනගන්න් වෙන්නෙ Aquman Panel එකේදි තමා.



Batgirl Movie 



Bad Boys For Life අධ්‍යක්ෂකවරුන් දෙපළ යටතේ HBO MAX එක සඳහා නිර්මාණය වෙන Live Action Batgirl ෆිල්ම් එක ගැනත් මේකෙදි අපිට වැඩි විස්තර දැනගන්න ලැබෙයි. බොහෝවිට Batgirl Costume එක, මේකෙ ඉන්න චරිත, ෆිල්ම් එකේ Main Villain කවුද? වගේ විස්තර මේකෙදි Reveal කරාවි.


Blue Beetle Movie



මේකෙත් ලොකු විස්තරයක් දෙන එකක් නෑ කියලයි හිතෙන්නෙ. මොකද ලොකුවට වැඩක් උනේම නෑනෙ. ශූටින් පවා පටන් අරන් නෑ තව. ඉතින් මේකෙත් උඩ Batgirl එකේ කිව්ව විස්තර ටිකම වගේ කියයි. ඊට අමතරව Concept Arts වගේ දෙයක් බලාගන්න පුළුවන් වෙයි.


Arrowverse Panel



Arrowverse ෆෑන්ස් ල දන්නවනෙ ෆ්ලෑෂ් ඊලග සීසන් එක පටන්ගන්නෙ ලොකු ටීම් අප් එකකින් කියලා. ඉතින් මේකෙදි ඒ ඉවෙන්ට් එක ගැන මොනවහරි කියයි.

Arrowverse එක ගැන කියද්දි ඊලගට ඔලුවට එන කෙනා තමයි Melisa Benoist ගෙ සුපර්ගර්ල්. මේ දවස්වල යන 6 වෙනි සීසන් එකෙන් මෙලීසා සුපර්ගර්ල් චරිතෙට සමුදෙනවා. ඉතින් ඒකට මෙලීසට Tribute එකක් තියෙනව කියල කතාවක් යනවා.



ඒ වගේම Stargirl, Superman & Lois වගේ සීරිස් ගැන අලුත් විස්තර කියයි. Stargirl එක තවත් සීසන් එකකට Renew කරාවි.



CW ලගෙ ඊලගට එන්න තියෙන DC ප්‍රොජෙක්ට් එක තමා Naomi කියන්නෙ. මේකෙ ටීසර් එකක් හෝ ෆස්ට් ලුක් ටිකක්  එන්න ඉඩ තියෙනවා.




Green Lantern  Series 



මේකෙ වැඩ පටන් අරන් සෑහෙන කාලයක් උනාට ගයි ගාඩ්නර් එහෙම ඉන්නව කිව්වට පස්සෙ මාස ගානකින් මේකෙ අප්ඩේට් එකක් ආවෙ නෑ. ඉතින් මේකෙ කාස්ට් එක නම්කරයි කියල ලොකු හෝප් එකක් තියෙනවා. 


Justice League Dark Universe


කට්ටිය දන්නවනෙ
J.J. Abrams යටතෙ HBO MAX එකට JL Dark Universe එකක් හැදෙනවා කියල. ටික කාලෙකට කලින් ඒබ්‍රම්ස් කිව්ව එයා ෆැන්ඩම් එකට එනවා කියල. මේ එන්නෙ දැනට වැඩකටයුතු පටන් අරන් තියෙන Zatanna, JL Dark ප්‍රොජෙක්ට් වල විස්තර අරන් වෙන්න පුළුවන්. මං හිතන්නෙ නෑ බොසා හිස් අතින් එනවා කියලා. බොහෝවිට මේකෙදි උඩ කිව්ව ප්‍රොජෙක්ට් දෙකේ කාස්ට් එක Confirm කරයි.  

ෆැන්ඩොම් එකේදි Surprise Smallvile Reunion Panel එකකුත් බලාගන්න ඉඩ තියෙනවා.මොකද 2001 ඔක්තෝබර් 16 තමා Series Premiere එක වුනේ.



Titans

Titans Spinoff එකක් ගැනත් Announcement එකක් හම්බෙන්න පුලුවන්.මේක ගොඩක් වෙලාවට Red Hood & Outlaws වෙන්න පුලුවන්. DC Titans Official Page එකෙන් ෆැන්ඩොම් දවසෙ Surprise එකක් දෙනව කිඅල දාලා තිබ්බ.ඒ පෝස්ට් එකම Red Hood ට රගපාන Curran Walters ත් දාලා තිබ්බා.ඉතින් මේ Red Hood Spinoff එකක් වෙන්න ඉඩ තියෙනවා.කියන්න බැ සමහරවිට Season 4 Renewal එකද දන්නෙත් නැ.



ඒවගේම Michael B. Jordon ගෙ සුපර්මෑන් ප්‍රොජෙක්‍ට් එක ගැනත් විස්තර එලියට එන්න ඉඩ තියෙනවා...




Harley Quinn Animated Series 


හාලිගෙ ඇනිමෙශන් සීරීස් එකෙත් ට්‍රේලර් එකක් ෆ්සට් ලුක්ස් ටිකක් වගේ මොනාහරි බලාගන්න පුලුවන් වෙයි අපිට... සීසන් 03 එන්ඩ තියෙන්නෙ...


DCAU (DC Animated Universe )

Man of Tomorrow එකෙන් රීබූට් උන DCAMU එකේ ඊලග  Step එක මොකද්ද කියල මේකෙදි කියන්න ඉඩ තියෙනවා. මොකද Long Halloween ෆිල්ම් එක ඉවර උනේ අලුත් JL ටීම් අප් එකක් ගැන හින්ට් එකක් දීලා. 


Catwoman : Hunted 

DC එකෙන් එන අලුත්ම Anime ෆිල්ම් එක තමා Catwoman : Hunted කියන්නෙ. මේකෙ ට්‍රේලර් එකක් එන්න ඉඩ තියෙනවා. 

Rumored Nightwing Project 

දැන් කාලෙක ඉදන් රූමර්ස් යනවා HBO MAX එකට Nightwing ප්‍රොජෙක්ට් එකක් එනවා කියලා. මේක සීරිස් එකක් කියල තමා කියන්නෙ. මේවගෙ ඇත්ත නැත්ත අපිට අද රෑට බලාගන්න පුළුවනි. 


What to Expect About Games 🎮



සෑහෙන කාලෙක ඉදන් DC ලගෙ ගේම් තමයි Comic Based Games පැත්තෙන් උඩින්ම තිබ්බේ. හැබැයි පහුගිය සතියක මාවල් එකෙන් ගේම්ස් තොගයක්ම අනවුන්ස් කරලා DC එකට අභියෝග කරා. ඉතින් මේ පාර කලින් පාරට වඩා ගේමින් පැත්ත ගැන විස්තර එයි කියලයි කියන්නෙ. (ම්ම් රසය) 


Suicide Squad : Kill The Justice League

මේකෙ ට්‍රේලර් එකක් හෝ Gameplay එකක් අනිවාර්යයෙන්ම තියේවි. Braniac විසින්  Mind Control කරපු JL එකකට විරුද්ධව සටන් කරන SS එකක් ගැනලු මේකෙ තියෙන්නෙ. දැනට ආරංචි තියෙන හැටියට මේක අයිතිවෙන්නෙ Arkham Universe එකටලු. ඒක එහෙමනම් Wayne Manor එකේ පිපිරීමෙන් පස්සෙ බැටාට උන දේ ගැනත් මේකෙදි කියාවි. 

Arkham Knights 

ඊලගට ට්‍රේලර් එකක් හෝ Gameplay එකක් එයි කියල තක්කෙටම කියන්න පුළුවන් ගේම් එක තමා  Arkham Knights කියන්නෙ. Court Of Owls එකට අහුවෙලා Talon කෙනෙක් උන බෲස් වෙයින් කෙනෙක් හා බැට්මෑන් නැති ගෝතම් නගරය ආරක්ෂා කරන්න ගේමට බහින බැට්ෆැමිලි එකක් වටේ යන කතාවක් මේකෙ අන්තර්ගත වෙනවා කියලයි කියන්නෙ.

Injustice 3

DC ෆෑන්ස් ල කාලයක් තිස්සෙ බලන් ඉන්න ගේම් එකක් තමා Injustice 3 කියන්නෙ. ඉතින් මේකෙදි ඒකෙත් Announcement එක දෙයි කියලයි කියන්නෙ. මොකද Ed Boon FanDome Talent Line Up එකේ ඉන්න නිසා ගොඩක් අය Injustice 3 Announcement එකක් බලාපොරොත්තු වෙනවා.


Snyderverse හෝ Ayer Cut එක

ඒ වගේම තවත් කොටසක් බලන් ඉන්නවා Snyderverse එකට හෝ Ayer Cut එකට ග්‍රීන් ලයිට් එකක් ෆැන්ඩොම් එකේදි ලැබේවි කියල. හැබැයි ඒක වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි. ඉතින් වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා. හැබැයි සමහරවිට Snyderverse එක Live Action නොදී ඇනිමේශන් හෝ කොමික් එකක් විදියට එවන්න ඉඩ තියෙනවා.

Ayer Cut එක එන්න ඉඩ තියෙනව. මොකද ඒකෙ Reshoot කරන්න දේවල් නෑනෙ. Ayer ට පොඩි කාල්‍යක් දීලා සට ගාල උනුවෙන්ම අනිත් පැත්තට දෙන්න විතරයි තියෙන්නෙ.

ඉතින් මෙකී නොකී ස්ප්‍රයිස් ගොඩක් අරගෙන DC Fandome 2021 අද රෑ 10.30 ඉදන් පුරා පැය 4 ක් DC Fandome නිළ වෙබ් පිටුව ඔස්සෙ හා You Tube ඔස්සෙ විකාශය වෙනවා.  

ෆැන්ඩම් එකේ උන දේවල් මොනවද කියල මම විස්තරයක් අරන් එන්නම් ටුඩුම් එකට කරා වගේ. ඒ වගේම ෆැන්ඩම් එකේ එන ට්‍රේලර් ඔක්කොගෙම බ්‍රේක්ඩවුන් ටික සයිට් එකේ වැටේවි. ඒකට ඉන්න ඔස්තාර්ල දෙන්නෙක් වැඩ බාර අරන් තියෙන්නෙ.

රැඳීසිටින්න Review Who Cares අපි සමගම.

(Special Credits Goes To Shehan Perera)


DC FanDome ඉවෙන්ට් එකේ රිලීස් කරපු The Batman දෙවෙනි ට්‍රේලර් එකේ බ්‍රේක්ඩවුන් එක 👇

https://www.reviewwhocares.com/2021/10/batman-2nd-trailer-breakdown.html


DC FanDome ඉවෙන්ට් එකේ රිලීස් කරපු The Flash (2022) Sneak Peek ට්‍රේලර් එකේ බ්‍රේක්ඩවුන් එක 👇

https://www.reviewwhocares.com/2021/10/flash-2022-sneak-peek-trailer-breakdown.html

Post a Comment (0)
Previous Post Next Post