බැට්මෑන් නෙවෙයි මේ අමු සතෙක් - The Batman 2nd Trailer Breakdown

Batman 2nd Trailer Breakdown



Finally !!! Long Waited Trailer is Here

වැඩි කතා නැතුව කෙලින්ම Breakdown එකට බහිමු එහෙනම්.

Trailer එක පටන් ගන්නෙ GCPD (ගෝතම් පොලිස් ඩිපාට්මන්ට්) එක Coffee Shop එකක් වගෙ තැනක් වටලන Scene එකකින්. ටිකක් අදුරු පාලු පැත්තක් වගේ.මේ Gotham වල Narrows Side එක වෙන්න ඕනෙ.ඉතින් මෙතන පෙන්නනවා මේ අල්ලන්න හදන්නෙ Film එකේ Main Villain Riddler (රිඩ්ලර්) aka Edward Nygma කියලා.පොර මෙතන Cappuccino (කැපචීනෝ) එකක් බිබී ඉන්නෙ ( බොනව කිව්වට තාම අල්ලලවත් නැ හැබැයි ) මේ Cappuccino එක් Microfoam (Steam කරපු කිරි වගේ දෙයක් ) වලින් ? සලකුණක් ඇදල තියෙනවා. ඒ වගේම මේ Cappuccino Cup එක වටේත් ඒක තියල තියෙන පීරිසිය වටේත් කොල පාට Outline එකක් ගිහින් තියෙනවා.මේක Riddler ගෙ Original Green Outfit (පොරගෙ ඇඳුමට) එකට Hint එකක් වෙන්න ඕනෙ.



මෙතන බලන්න එක්කෙනෙක්ව අල්ලන්න කොච්චර සෙට් එකක් ඇවිල්ලද කියලා (ජිම්බොත් ඉන්නවා ) මේකෙන් පැහැදිලි වෙන්නෙ මෙයා දැනටමත් මොකක් හරි ලොකු දෙයක් කරල කියන එක වෙන්න පුලුවන්. අනික GCPD එක එද්දි පොර Panik වෙන්නෙත් නැ.ඒ ඇයි කියල ඉස්සරහට කියන්නම්.



පස්සෙ පෙන්නනවා Iconic බැට් සිග්නල් එක එක. 



මෙතනදි ජිම් ( වෙන්න ඕනෙ ) කියනවා "Fear is a Tool" කියලා. Batman ගැන දන්න ඕනෙ කෙනෙක් දන්නවා Batman Fear කියන Emotion එක පාවිච්චි කරල තමා අපරාධ නවත්තන්නෙ කියලා.ඉතින් මේ ෆිල්ම් එකේදි අපිට ඒ වගෙ බය පාවිච්චි කරල අපරාධ නවත්තන සීන් බලාගන්න පුලුවන් වෙයි. Batsignal එක Lightup වෙලා අහසෙ වැටෙද්දි ඒක දිහා Batman බලාගෙන ඉන්නව පෙන්නනවා.



පස්සෙ අපිට කලින් Trailer එකේ පෙන්නපු Thugs ලව පෙන්නනවා.සෙට් එක Subway එකක වගේ ඉන්නෙ.පස්සෙ Shot එකේදි රේල්පීලි වගයක් යට ඉන්නව වගෙ තමා පෙන්නන්නෙ.ඉතින් මෙතනට Batman එනවා



මෙතනදි කියනවා "When That Light Hits Its Not Just A Call Its a Warning" කියලා. කොමික් වල Low Life Criminals ලා එහෙම මොකක් හරි හොර වැඩක් කරන්න යන ගමන් Batsignal එක දැකල හැරිල ගිය අවස්තා ඕන තරම් තියෙනවා.



මෙතනදි බැට්මෑන් ඒ Thugs ලා සෙට් එකටම තනියම ගහනවා.මෙතන මට මතක් වුනේ Rebirth Run එකේදි Batman Santa Prisca වල Bane ගේ හමුදාවටම තනියම ගහපු සීනෙක.


මෙතන කොහොමහරි එක්කෙනෙක්ට Point Blank Range එකකින් බැටාට වෙඩි තියන්න පුලුවන් වෙනවා.ඒත් බැටාගෙ ආමර් එක නිසා ලොකු ඩැමෙජ් එකක් වෙන්නැ.කොහොමහරි ඩයල් එක ආයෙ බැටාට වෙඩි තියෙනවා.මෙතන බැටාට මල පැනල පොරට කරන්ට් එක වද්දනවා ( Teaser එකකින් වෙන්න ඕන )



පස්සෙ පෙන්නනවා GCPD (ගෝතම් පොලීසියේ) එකේ හිර කරල ඉන්න Riddler ව. මෙතන මෙයාගෙ ඇදුමෙ තියෙන්නෙ Hospital කියල. ඉතින් සමහරවිට මේ Arkham වෙන්න පුලුවන්.



පොර මෙතන බැටාට කියනවා "I've Been Trying To Reach You" කියලා.මට හිතෙන විදිහට පොර ඕනකමින්මයි GCPD එකට අල්ලගන්න ලේසි විදිහට වැඩ කරල තියෙන්නෙ.මොකද පොරට Batman ව හම්බෙන්න ඕන කම තිබ්බා.මෙතන බැට්මෑන් වීදුරුවට ගහල අහනවා "What Have You Done" කියලා.

ඊට පස්සෙ Scene එකේ තැනක් පුපුරනව පෙන්නනවා.මේ අර කලින් කිව්ව Subway එක ලග වෙන්න ඕනෙ.මොකද ඒ Scene එකේ පැහැදිලිව රේල් පීලි බලාගන්න පුලුවන්.සමහරවිට අර Thugs (මැරයො) ලා Riddler ගෙ Orders පිට එතන Bomb එකක් තිබ්බද දන්නෙත් නෑ. කොහොම හරි ඔතන පුපුරද්දි Riddler GCPD එක බාරේ තමා ඉන්න ඕනෙ.මේ සීන් එක බලද්දි Dark Knight එකේ Batman Joker Investigation Scene එක මතක් වෙන්න ඕනෙ.



ඔන්න ඊළඟට බෲස් වේන්ව පෙන්නනවා.. පට්ටම ලුක් එක ඈ. කතන්දර නෑ...



පස්සෙ පෙන්නනවා Gotham වල Mayor (නගරාධිපති) ගෙ Funeral එක.මෙතන සෙලීන කයිල් (කැට්වුමන්) කාර් එකකින් බහිනව පෙන්නනවා.



පස්සෙ Scene එකේදි "I Can Take Care of Myself" කියල සෙලීන කියනවා.මෙතන Shot එකනම් පට්ටම ලස්සනයි. Next Level ආයෙ. 



පස්සෙ Selina කවුදෝ එකෙක්ගෙ කන කකුලෙන් අත ගානවා පෙන්නනවා (මේ බැට්මෑන් නෙමෙ) ඒ වගේම මෙතන සෙලීනගෙ කොණ්ඩෙ ටිකක් දිගයි.ඉතින් සමහරවිට මේ Flashback Scene එකක් වෙන්න පුලුවන්.



ඊලග Shot එකේදි පෙන්ගුයින් නළු කොලින් ස' ව පෙන්නනවා පොර මේ ඉන්නෙනම් එයාගෙ Club එක වෙච්චි Iceberg Lounge එකෙ වෙන්න පුලුවන්. මෙයා ගෝතම් දිහා බලාගෙන ඉන්නවා වගේ.මෙයාගෙ ජනේලෙන් ගෝතම් වල ප්‍රධාන පාලමක් පේන්න තියෙනවා මේ පාලම් වලට කියන්නෙ Gates of Gotham කියලා.



සුපිරි නලූ සහ වෙනොම් ඩිරෙක්ටර් ඇන්ඩි රඟපාන ඇල්ෆ්‍රඩ් කැරැක්ටර් එක අපිට ඊලග Shot එකේ බලාගන්න පුලුවන්.මෙතනනම් මෙයා Earth One Batman කුමික් එකේ ඇල්ෆ්‍රඩ් වගේමයි.



මෙයා කියනවා "If This Continues It Won't Be Long Before You've Nothing Left" කියලා මෙතන Bruce කියනව "I Don't Care What Happens To Me" කියලා.ඉතින් මේකෙන්ම තේරෙනවා පොර එයාගෙ Mission එක ඉවරයක් කරගන්න එයාලග තියෙන හැම දෙයක්ම කොටින්ම එයාගෙ ජීවිතේ පවා කැප කරන්න ලෑස්ති කියලා.මේ වගෙම Scene එකක් තියෙනව Batman Ego Comic එකේ.ඒක ගැන මම කියන්නැ.කැමති අය කියලව බලන්න.වෙනසකටත් එක්ක හොදයිනෙ.



තව දෙයක්. මෙතන බෲස් Sunglass දාගෙන පත්තරේ කියවන්නෙ. බීපු ගොඩක් අය ඊලග දවසෙ මෙහෙම කණ්නාඩි දාලා එයාලගෙ ඇස් හන්ගනවා ෆිල්ම් වල ඕනතරම් දැකල ඇති.මේකනම් එහෙම බේබදු සීනෙකක් වෙන්න බෑ.සමහරවිට බැට්මෑන් මුලු රෑම වැඩ කරන නිසා මෙහෙම වෙලාද දන්නැ.



මේ Scene එකේනම් ගොඩක් කරුණු තියෙනව.

1) මුලින්ම තියෙනවා "No More Lies Colson" කියලා. Colson කියන්නෙ ඒ මරපු කෙනාගෙ නම වෙන්න ඕනෙ.එතන Crime Scene එකක Photo වගයක් තියෙනවා.මේ Colson කියන්නෙ අර Mayor ගේ Funeral (මලගෙදර) එකට ආපු බෝම්බයක් සෙට් කරපු කෙනා වෙන්න ඕනෙ (For Batman කියල ලියාගෙන ආවෙ). පොර තමා ගෝතම් වල District Attorney (ගෝතම් වල නීතිඳයන්ගෙ ලොක්කා වගේ කියලා හිත්න්ඩකො. නොලන්ගෙ ඩාක් නයිට් එකේ හාවි ඩෙන්ට් මේ තනතුර දැරුවෙ, මතකයිනෙ?). පේන විදිහට මේ ෆිල්ම් එකේ බෲස්‍ට කෝල්සන්ව එයාව බේරගන්න බැරි වෙලා වගේ.

2) ඊලගට තියෙනවා The Sins Of My Father ?? කියල ඒක කොටු කරලා.මේ සමහරවිට රිඩ්ලර් බෲස්ට කියපු දෙයක් වෙන්න පුලුවන්.Gotham වල වෙන අපරාධ වලට තෝමස් වේන් (බැටාගෙ පියා) හවුල් වුනා කියල කියනව වෙන්න පුලුවන්.මෙතන තියෙන ?? එකෙන් අදහස් වෙන්නෙ බෲස්ටත් මේ ගැන හරි අවබෝධයක් නෑ කියලා.සමහරවිට තෝමස්ගෙ මෙහෙම සම්බන්ධයක් තිබ්බ කියල දැනගන්න නිසාද දන්නැ පොර අඩනව පෙන්නන්නෙ. ඇස් වල කඳුලු...

3) තව Crime Scene එකක පොටෝ තියෙනවා.මෙතන Savage කියල ලියල තියෙනවා.මේ කියන්නෙ සමහරවිට Pete Savage ගැන වෙන්න පුලුවන්.මුල් ට්‍රේලර් එකේ මාධ්‍ය සාකච්ඡාවෙ හිටපු මහත පොර. පේන විදිහට මෙයාවත් රිඩ්ලර් මරල වගේ. මෙයා තමා GCPD (ගෝතම් පොලීසියේ) එකේ Commissioner (කමිශනර්). ඉතින් මෙයාගෙන් පස්සෙ තමා ගෝර්ඩන් Commissioner වෙනව ඇත්තේ.සමහරවිට මේ සීන් එකෙන් පස්සෙද දන්නෙ නැ අච්චර පොලීසියක් රිඩ්ලර්ව හොයන් යන්නෙ.

4) තව Crime Scene එකක් තියෙනවා.මෙතන ලියල තියෙන්නෙ Mitchell කියලා.මුල් ට්‍රේලරයේ දැක්ක Don Mitchell Jr. ගේ මිනීමැරුම තමා මේ.මේකෙත් Crime Photo තියෙනවා.

5) තව තැනක "Renewal is a Lie" කියල ලියල තියෙනවා.ඒ කියන්නෙ "අලුත් කිරීම බොරුවක්" වගේ අදහසක්.ඉතින් මේ Scene 4 ම බැට්මෑන් Investigate කරනවා වගේ.මේ ඔක්කොම ? එකකට සම්බන්ද කරල තියෙනවා.



ඒ වගේම බෲස් මෙතන ශර්ට් එකක් නැතුව ඉන්නෙ.ඒත් පස්සෙ සීන් එකකදි පෙන්නනවා බෲස් ශර්ට් එකක් ඇදගන්නවා.මෙතන බෲස්ගෙ ඇගේ තියෙන කැලල් බලන්න.බැට්මෑන් වෙලා අවුරුදු 2ක් වුනත් ඒවට හරියන්න Battle Scars (වලි වලදි උන තුවාල කැලැල්) Batman ට තියෙනවා.


පස්සෙ යන සීන් ටිකම එකට සම්බන්ධයි වගේ. මේ සේරම වෙන්නෙ Penguin ගේ Iceberg Lounge එකේ.පේන විදිහට සෙලීන මොකක් හරි හොරකම් කරන්න එන්නෙ.එයා තුවක්කුවකුත් ලෑස්ති කරගෙන් රෝස පාට Wig එකකු‍ත් දාගෙන එන්නෙ.කොහොමහරි සෙලීනට Penguin ව Investigate කරන්න ආපු බැටාව හම්බෙනවා.මේ දෙන්නවම අල්ලගන්න Penguin එයාගෙ කට්ටිය එවනවා වගේ.ඒත් එකට Fight කරන්නෙ නැතුව සෙලීන එතනින් පැනල යනවා යන්න කලින් කියනවා "It's Only Gonna Get Worse For You" කියලා.ඉතින් සෙලීන මේ කියන්නෙ Penguin ගේ Goons ල ගැන වෙන්න ඕනෙ.මෙහෙම කියද්දිම බැටා ඇස් හරෝලා ඉස්සරහ බලනවා.



සමහරවිට මේ Goons ලා දෙන්නව හොයාගෙනද දන්නෙ නැ.මෙතන සෙලින පැනල යනවා.බැටා තනියම ඔක්කොම අයට නෙලලා Penguin ව හම්බෙනවා.මෙතනනම්. John Wick Vibe එකක් ආව සිරාවට. කුපිරිම පෝස්ට් එකක් සචින් දාලා තිබ්බා ඕකට, මේ තියෙන්නෙ ඒක

ඔය සීන් එකට කලින් සෙලීන අහනවා "Who Are You Underneath" කියලා.

පස්සෙ Batman ගෙ පට්ට Landing Scene එකක් පෙන්නවා

තව කට්ටියක් බැට්මෑන් ට වෙඩි තියෙනවත් පෙන්නනවා. මේ වගේම Scene එකක් Dark Knight Rises එකෙත් තිබ්බා. එතන නම් කුපිරිම...



පස්සෙ Batman "I'm Vengeance" කියන එක පෙන්නනවා.හරියට නිකන් සෙලීන අහපු ප්‍රශ්නෙට උත්තරයක් විදිහට වගේ.



බැටා Batmobile එක එලවන සීනෙකක් පෙන්නනවා. පේන විදිහට නම් Penguin පස්සෙ වගේ යන්නෙ.

Batman උස බිල්ඩිමකින් පනින එකක් ඊලගට පෙන්නනවා.මෙතන පොලීසිය Batman ව අල්ලගන්න එනවා වගේ.



ඊලග Shot එකේදි පෙන්නවා එක බිල්ඩිමක් පොලීසිය වට කරලා. මේ Mayor Mitchell ගෙ Funeral එක තිබ්බ බිල්ඩිම වෙන්න ඕනෙ.එහෙමනම් මේ බිල්ඩිම අස්සෙ බැට්මෑන් ඉන්න ඕනෙ අර බෝම්බෙ නිශ්ක්‍රිය කරන ගමන්.

ඉස්සරහට සීන් එකක් පෙන්නවා GCPD එක තුවක්කු දික් කරන් ඉන්නවා.මේ අපි කලින් ට්‍රේලර් එකේ දැක්ක බැට්මෑන් Bomb Blast එකට අහු වුනයින් පස්සෙ වෙන Scene එක වෙන්න පුලුවන්.



Batman වහලයක් උඩට වෙලා අහස දිහා බලන් ඉන්නවා.පොරගෙ ඇදුමනම් ගොඩක් ජරා වෙලා වගේ.මේ සමහරවිට අර බෝම්බෙන් වෙච්චි Damage එක වෙන්න ඕනෙ.

මෙතන Riddler අහනවා "What's Black & Blue and Dead All Over" කියලා.මේ කියන්නෙ GCPD එකේ දූශිත පොලිස් නිළධාරීන් ගැන වෙන්න ඕනෙ.



Riddlerගෙ Live Stream එකක් පෙන්නවා ඊලග Scene එකේදි මෙතන Headline එක විදිහට "Serial Killer Livestreams" කියල දාලා තියෙනවා.මේක දැක්කම ඉතින් ආයෙ නොලන්ගෙ Dark Knight එකේ Scene එකක් මතක් වෙන්න ඕනෙ.



ඊලග එකෙ පෙන්නනවා බැටා එකෙක්‍ට ඉස්ම හැලෙන්ඩ දාගෙන තඩි බානවා. 



සෙලීනා බය වෙලා බලන් ඉන්නවා.පේන විදිහට බැට්මෑන් Out of Control ගිහින් වගේ.



Riddler ගෙන් Batman ට තව Message එකක් හම්බෙලා වගේ "See You In Hell" කියලා.



Alfred "Dear God" කියන සීනෙකක් පෙන්නනවා.මේ අර බෝම්බෙ පුපුරපු එකට වෙන්න ඕනෙ. අන්තිමට පෙන්නනවා Batman ගෙ පට්ට Badass Car Chase එකක්.බැට්මෑන් ගින්දර අස්සෙන් ඇවිල්ල (Arkham Knight එකේ වගේ) Penguin ගේ කාර් එක හප්පනවා. තනිකරම ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් ඩොමිනික් ටොරෑටෝ මූවන්ට් එකක් එතන නම් සරළවම...





පස්සෙ පිස්සු කොරවෙලා යන Epic Music එකක් එක්ක පොර එනවා පෙන්නනවා.



THE KNIGHT IS COMING !!!



එහෙනම් කොළඹ කුපිරිම තියටර් එකක ප්‍රිමියර් විත් රිවීව් හූ කෙයාස් ප්‍රිමියර් එකෙන් බැට්මෑන් බලන්ඩ හම්බෙමු ළමායී... සචිනුයි සනිඳුයි ප්‍රිමියර් එක ගැන ඉස්සරහට පේජ් එකෙන් චැනල් එකෙන් විස්තර දායී... සහ සචිනුත් යූටූබ් චැනල් එකෙන් වීඩීයෝ එකක් අරන් එයි... ඒ හැම එකම බලන්ඩෝඕඕඕ.... 

මේකෙ මිස් වෙච්චි දෙයක් තියේනම් කමෙන්ට් වල දාගෙන යන්න අනිත් අයටත් දැනගන්න.මේක මහරෑ නිදිමතේ ලිව්ව එකක් Hype එක නිසාම.ඒක නිසා වැරදි තිබ්බොත් ගනන් ගන්න එපා


ՏᎻᎬᎻᎪΝ ️️️️️️️🦇️ #CapedCrusader


මේ පාර DC FanDome ඉවෙන්ට් එක ගැන ආටිකල් එක 👇

https://www.reviewwhocares.com/2021/10/dc.html


DC FanDome ඉවෙන්ට් එකේ රිලීස් කරපු The Flash (2022) Sneak Peek ට්‍රේලර් එකේ බ්‍රේක්ඩවුන් එක 👇

https://www.reviewwhocares.com/2021/10/flash-2022-sneak-peek-trailer-breakdown.html

3 Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අතන අර ටැබා ridler ට ගහන්නේ slow කරලා බලපන් පලවෙනි trailer එකේ ridler දාන්න ඉන්න gurgles පේනේවා,,,ඊට පස්සේ කොටි එකේ කැට් වුවමනා යද්දි එතන වලියක් නෙමෙයි යන්නේ ජිම් ගෝඩන් බැටාව නවතන්න හදන්නේ,,,මන් හිතන්නේ එතනත් ridler ඉන්නවා වගේ

    ReplyDelete
Post a Comment
Previous Post Next Post