වීල් ඔෆ් ටයිම් සරළවම
ඔයා මේක කියවන්න ආවා කියන්නෙම, "මං RWC එකේ වීල් ඔෆ් ටයිම් ලිපිය කියෙව්වනෙ, නැත්තං මෙච්චර සුපිරියක් මග ඇරෙනවනෙ කියලා" ඔයාගෙ ජීවිත කාලෙටම සතුටු වෙන්න පුළුවන් වැඩක් කරලා තියෙන්නෙ... ඒ ඇයි කියලා කියවන් යනකොට තේරෙයි... හරි යං කතාවට... ගේම් ඔෆ් ත්‍රෝන්ස් වලට පස්සෙ ඒ කැටගරියෙ එහෙම රජ කතා, එක්කො ෆැන්ටසි කතා ඉස්සර කාලෙ කතා වල අඩුව පුරවන්න බැරි උනා අදවෙනකන් ආපු කිසිම සීරීස් එකකට... නෙට්ෆ්ලික්ස් එකේ විචර් එකෙන් ටිකක් අඩුව පිරුනා habay. ඒත් අරම ආතල් එකක් එහෙම දාර හයිප් එකක් නෑ ඉතින්. ඒක තමයි ඇත්ත කතාව... ඉතින් ඉස්සරහට එන ලෝඩ් ඔෆ් ද රින්ග් සීරීස් එකෙන් ආයෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් ප්‍රීක්වල් සීරීස් එක වෙන හවුස් ඔෆ් ද ඩ්‍රැගන් සීරීස් එකෙන් ඔය අඩුපාඩු මැකිලා යයි කියලා තමයි අපි හිතන් ඉන්නේ... ඉතින් ඕන් ඔහොම කාලෙක ඒ අඩුව පුරවන සීරීස් අතරට එනවා සුපිරිම සීරීස් එකක් ද වීල් ඔෆ් ටයිම් (The Wheel of Time) කියලා... 2021 සැප්තැම්බර් 02 ආපු ටීසර් ට්‍රේලර් එක එහෙම දැක්කනෙ... ලෙජන්ඩරි සීරීස් එකක් එන්ඩ යන්නෙ කියලා ඕනෙ ගොනෙක්ට තේරෙන්ඩ ඕනි... ගොට්, විචර් එහෙම ගත්තම ඩාක් ගතිය වැඩීනෙ... හැබැයි මේකෙ 100% පර්ෆෙක්ට් ඈ... පට්ටම නැචුරල් දේවල් වල ශොට්ස් තියෙන්නෙ වැඩි හරියක්ම... ඒවා මාරම ලස්සනට පෙන්නලා තියෙනවා... මේ වීල් ඔෆ් ටයිම් සීරීස් එක එන්නෙත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේම ලෝකෙ පුරාම උණු කැවුං වගේ විකිනුන සුපිරි නවල් (පොත්) සීරීස් එකකින්... ඉතින් මේ කතා කරන්න යන්නෙ මේ ඝින්ධර සීරීස් එකට පාදක උන The Wheel of Time පොත් ටික සහ 2021 නොවැම්බර් 19 එන සීරීස් එකට ඒවා අදාල වෙන විදිය සහ සීරීස් එකේ විස්තර... එනිවේ මේ කියන්න යන්නෙ පළවෙනි සීසන් එක එන්නත් කලින් තියා ටීසර් එකක්වත් එන්න කලින් සීසන් 2 එනවා කියලා නිවේදනේ කරපු ඝින්ධර සීරීස් එකක් ගැන...
මේ තියෙන්නෙ 2021 මැයි 20 සීසන් 02 එනවා කියලා දාපු දාපු ට්විටර් පෝස්ට් එක,
With this many Ta’veren in one place, one season was never going to be enough. #TheWheelOfTime #TwitterOfTime pic.twitter.com/CtuGitxPSn
— The Wheel Of Time (@TheWheelOfTime) May 20, 2021
![]() |
(මේ තියෙම්නෙ බම්ඩු) |
![]() |
(මේ අකුරු 4,900,036ක් ) |
මේ පොත් සීරීස් එකේ පොත් 14ම තියෙනවා අකුරු හතලිස් නම ලක්ශ තිස් හයක් (4,900,036). ඒ ටික ලෝඩ් ඔෆ් ද රින්ග් හැරී පෝටර්, ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඇතුලු ඔය පහල තියෙන පොත් සේරගෙම වචන වල එකතුවටත් වඩා වැඩී... පේනවනෙ රොබට් ජෝර්ඩන් බොසා කොච්චර අම්මටසිරි වෙන විස්තර කිරිල්ලක් කරලා තියෙද කියලා මේකේ...
ආ ආයෙ කියන්ඩෝනෙ මේක ඇවිල්ලා බෙස්ට් සෙලින් නවල් සීරීස් එකක් කියලා කිව්වනෙ. 2021 වෙනකොට මිලියන 90කට එහා මේ පොත් සීරීස් එකේ පොත් විකිනිලා තියෙනවලු. ටීවී සීරීස් නෙවෙයි ෆිල්ම් එන්ඩෝනෙ හරිනම් 🙏 ලෝඩ් ඔෆ් ද රින්ග් පොත් සීරීස් එකෙත් පොත් මිලියන 150ක වගේ ප්‍රමාණයක් විකිනිලා තියෙනවා කියලා විකිපීඩියා එකේ තියෙන්නෙ... තේරෙනවා නෙහ් කොච්චර ෆෑන්බේස් එකක් වීල් ඔෆ් ටයිම් එකට තියෙනවද කියලා 😻🔥🙏
ඉතින් මෙච්චර ඝින්ධර සීරීස් එකක් හැදෙන්ඩ ලියන කෙනානෙ අනිවාර්යයෙන් බලපාන්නේ... අපේ රොබට් ජෝර්ඩන් මහත්තයා කියන්නෙ භෞතික විද්‍යාවට උපාදියක් තියෙන සහ ඇමෙරිකන් නේවි එකේ න්‍යෂ්ටික ඉංජිනේරුවෙක් විදියට සේවය කරපු කෙනෙක්... මේ දේවල් වලින් තමයි මෙච්චර කුපිරි අවුට්පුට් ඇවිත් තියෙන්නෙ 😻 මේකෙ තියෙන මැජික් සිස්ටම් එක එහෙම නිර්මාණය කරලා තියෙන්නෙ විද්‍යාත්මක නියම වලින් ආභාශය අරගෙන (ඉන්ස්පයර් කරලා) අහනකොටත් පිස්සු කොර වෙනෝ නෙහ්? 😻
![]() |
(මේ ඉන්නෙ දෙයියා) |
ඉතින් මේ සීරීස් එක එන්නෙත් මේ The Wheel of Time නමින්මයි, ද බෝයිස්, ඉස්සරහට එන ලෝඩ් ඔෆ් ද රින්ග් (2021) වගේ සුපිරිම සීරීස් අපිට අරන් එන ඇමසෝන් ප්‍රයිම් ස්ට්‍රීමින් සර්විස් එකෙන් තමයි මේ සීරීස් එක එන්නෙ... එන දවස ඇවිල්ලා 2021 නොවැම්බර් 19. එපිසෝඩ් 8ක් සතියෙන් සතියක් ගානෙ එන්නෙ... එපිසෝඩ් එකක් පැයක වගේ රන් ටයිම් එකක් තියෙනවා... වැලලෙන්ඩ හදන්ඩ එපා සතියක් ගානෙ එනවා කිව්වම, එහෙම නැතුව ගොට් වගේ හයිප් හදන්ඩ බෑ, ඒක තමයි ඇත්ත කතාව... විචර් එහෙම පේනවනෙ, එක දවසෙ ආවම වෙන දේවල්......
අපිට මේකෙ ඝින්ධර කුපිරිම ටීසර් ට්‍රේලර් එකක් බලාගන්න පුලුවන් උනා 2021 සැප්තැම්බර් 02වෙනිදා... අම්බෝව් ඒක බැලුවෙ නැත්තං මේන් තියෙනවා බලල ඉතුරු ටික කියවන්ඩ ඈ... ඒ තරං කුපිරිම මේ ටීසර් ට්‍රේලර් එක...
සාමාන්‍යයෙන් ට්‍රේලර්ස් තියෙනවා ඒක බැලුවම ආයෙ සීරීස් එක ෆිලුම බලන්ඩ ඕනිත් නෑ කියලා හිතෙන... ඒ තරං සැටිස්ෆයි (තෘප්තිමත්) වෙන්ඩ පුලුවන් ලෙවල් එකේ ලෙජන්ඩරි ට්‍රේලර්ස්... මේ ඒ වගේ එකක්... කැටගරි දෙකක් කම්පෙයා කරන එක හෙනම ගොබ්බ වැඩක්, හැබැයි නිකමට ඔය ආපු ස්පයිඩර්-මෑන් නෝ වේ හෝම් ටීසර් ට්‍රේලර් එකයි මේ වීල් ඔෆ් ටයිම් ටීසර් ට්‍රේලර් එකයි දෙපැත්තේ තියලා මොකක්ද වැඩිපුර ආස ඇහුවොත් ඔයා දෙලොවක් අතර අතරමං වෙනවා ඉර හඳ වගේ විශ්වාසයි... ඒ තරං සුපිරි ටීසර් ට්‍රේලර් දෙකම...
ඉතින් මේකෙ කතාව මක් වෙයිද කියලා ගත්තොත් මේකේ ඉන්නවා ගෝන් ගර්ල් එකේ ඒම හිටපු නිළිය රෝසමන්ඩ් පයික්... මාත් පෞද්ගලිකව ගොඩක් ආස නිළියක්... කතාවෙ මෙයාගෙ නම මොයිරේන් (Moiraine) මොයිරේන් ඇවිල්ලා අයි සෙඩායි (Aes Sedai) කියන මැජික් එහෙම කරන්ඩ පුලුවන් සුපිරිම ටැලන්ට් ගොඩක් තියෙන කාන්තාවන්ගෙන් සමන්විත සංවිධානයක (කණ්ඩායමක) සාමාජිකාවක්... මෙයාගෙ වැඩේ තමයි මකරගෙ (ඩ්‍රැගන්) පුනුරුප්පත්තිය හොයාගන්න එක. මේ මකරා ඇවිල්ලා ලෝකය බේරගන්න කෙනෙක් වෙන්නත් පුලුවන් ලෝකෙ විනාශ කරන කෙනෙක් වෙන්නත් පුලුවන්... (සීරීස් එකේ මකරා ආවම බලමු ඌ මොකක්ද ඇත්තටම කරන්නෙ කියලා) ගෙදර අම්මා, අක්කා උයන බත් එක තුන් වේලට කාලා ඔය කාන්තාවන්ගෙන් සමන්විත කෑල්ලක් ගෑවිච්ච ගමන් අමෝ // ෆෙමිනිසම් කියවෙන උන් ආපු අතක් බලාගෙන ගියාට කමන්නෑ... කියවන්ඩ ඕන්නෑ මේවා :3
පොත් ටික කියවන කෙනෙක් නම් කිව්වෙ මොයිරේන් නෙවෙයි තමයි මේන් කැරැක්ටර් එක කියලා, එයා නිකන් ලෝඩ් ඔෆ් ද රින්ග් එකේ ගැන්ඩොල්ෆ් වගේ චරිතයක්ලු... එතකොට ප්‍රධාන චරිතය වෙන්නෙ උඩ කිව්ව මකරගෙ (ඩ්‍රැගන්) පුනුරුප්පත්තිය විදියට ඉන්න කෙනා... මේකෙ පිරිමිත් ඉන්නවා ඈ. මේ තියෙන්නෙ ෆස්ට් ලුක් ඉමේජ් එකක්...
![]() |
(Image - Entertainment Weekly) |
ඉතින් ඔහොම සරළවම කතාව කිව්වට මේකෙ සිය ගානක් චරිත විවිධ ජාතීන්, ආයෙ ඇවිල්ලා යුද්ධ සීන් එහෙම තියෙනවා මේකේ... අමුතු අමුතු සත්තු වගේ ඩයලුත් ඉන්නවා කියලා ටීසර් ට්‍රේලර් එකේම දැක්කනෙ අපි... ම්ම්ම් රස එව්වා 🙈❤🔥
කතාව ලිව්ව ජෝර්ඩන් බොසා මේකෙ සමහර තැන් වලට ලෝඩ් ඔෆ් ද රින්ග් පොත් වල දේවල් වලින් එහෙම ඉස්න්පයර් කරලා ලියලා තියෙනවා... හරි හොඳ දෙයක් ඒක... (ඉන්ස්පයර් කියන්නෙ කොපි එහෙම නෙවෙයි ඈ) කතාව අපිටත් සුපිරියටම සෙට් වෙයි කියන්ඩ පුලුවන් හේතුවක් තමයි මේ ලෝකෙ කාලය සහ පුනුරුප්පත්තිය හදලා තියෙන්නෙ බුද්ධ ධර්මය සහ හින්දු ආගමෙන් අරගෙන. අහනකොටත් පට්ට නෙහ්? 😻😻😻 (තව ආගමික පසුබිමුත් කතාවට තියෙනවලු, ඉස්සරහට චැනල් එකේ වීඩීයෝ වලින් තව කතා කරමු ඒවා ගැන.)
මේ තියෙන්නෙ ආපු පළවෙනි පෝස්ටර් එක,
![]() |
(Image - The Wheel of Time Twitter ) |
සීරීස් එකේ තියෙනවා ග්‍රේට් පැටන් එක, වීල් ඔෆ් ටයිම් කියන එකේ තේරුම, මේකෙ මැජික් වැඩ කරන හැටි, ආයෙ ඔය රාජධානි වගේ කියන්ඩ පුලුවන් (පොත් වල නේශන්ස් [ජාතීන්] කියලා කියන්නෙ) ඔහොම ඔහොම අම්බානට දේවල්, එව්වා මේ ලිපියට මං අප්ඩේට් කරන්නම් ඉස්සරහට... එහෙම තියෙන දේවල් සිය ගානෙන් ආජා (Ajah) කියලා සීන් එකක් සහ පොඩි ෆැක්ට් ටිකක් ගැන කියලා මං ලිපිය ඉවර කරන්නම් දැනට....
1) හරි ආජා එකක් කියන්නෙ එක කන්ඩායමක්. මෙහෙම කන්ඩායම් 7ක් එහෙම නැත්තං ආජා 7ක් තියෙනවා මේ අයි සෙඩායි කියන සංවිධානය ඇතුලෙ... මතකනෙ අයි සෙඩායි ගැන උඩ කිව්වා [අයි සෙඩායි (Aes Sedai) කියන මැජික් එහෙම කරන්ඩ පුලුවන් සුපිරිම ටැලන්ට් ගොඩක් තියෙන කාන්තාවන්ගෙන් සමන්විත සංවිධානයක (කණ්ඩායමක) කියලා] මේ ආජා 7 තියෙන්නෙ පාටවල් වල නමින් Blue (නිල්), Green (කොළ), Yellow (කහ), Red (රතු), White (සුදු), Gray (අළු) සහ Brwon (දුඹුරු) තමයි මේ ආජා හතේ එහෙම නැත්තං මේ කණ්ඩායම් හතේ නම් හත... මේ ආජා 7ට නායකත්වය දෙන නායකයො 7ත් දෙනෙකුත් ඉන්නවා... මේ ආජා 7ට එකකින් එකකට වෙනස් උන අරමුණු තියෙනවා... (ෆැන්ඩම් සයිට් එකේ තියෙන විදියට මෙයාලගෙ නීති එක එක ආජා එකෙන් ආජා එකට වෙනස්, එව්වා බලමු සීරීස් එක ආවම)
![]() |
(මේ ඉනේ පාට පාටින්) |
2) මෙයාලා තමන්ගෙ ආජා එකේ පාටින් ශෝල් (Shawl) එකක් දානවා... ඒ කියන්නෙ මෙයාලගෙ ඇඳුම් තියෙන්නෙ අදාල ආජා එකේ පාටින්... ඔයාලා ශෝල් දන්නවනෙ. ගෑල්ලමයි දාන්නෙ අනෙහ්... මේන් මෙව්වා...
![]() |
(මේත් ෆෑන් මේඩ් ශෝල් කීපයක් ආජා වල පාටින්) |
3) එතකොට අපේ රෝසමන්ඩ් පයික් රඟපාන මොයිරේන් චරිතෙ ඇවිල්ලා බ්ලූ ආජා එකේ කෙනෙක්... සිංහලෙන් කිව්වොත් නිල් පාට කණ්ඩායමේ එක්කෙනෙක්... මෙයාත් ශෝල් එකක් දාලා ඉන්නෙ...
![]() |
(මොයිරේන්) |
![]() |
(මේ නිල් පාට) |
4) කලිනුත් කිව්වා වගේ මේකෙ තියෙන එකින් එකට වෙනස් වෙච්ච සංස්කෘතීන්, වටපිටාව, තියෙන දේවල් එහෙම අපේ ඇත්ත ලෝකේ සංස්කෘතීන් ආගම් ඇදහිලි වලින් ආභාශය අරන් (ඉන්ස්පයර් කරලා) ලියලා නිර්මාණය කරලා තියෙන්නෙ...
5) පොත් පටන් ගන්නකොට මුලින් චරිත කීපයක් හිටියට පොත් සීරීස් එක ඉවර වෙනකොට චරිත 2782ක් ඉඳලා තියෙනවා...
මේකේ ටීවී සීරීස් එකේ විස්තර ගැන සුපිරි වීඩීයෝ එකක් මං යූටියුබ් චැනල් එකෙන් අරන් එන්නම්... ඒක වීල් ඔෆ් ටයිම් වීඩීයෝ සීරීස් එකක් විදියට ඉස්සරහට අරන් යනවා... ඒවත් බලන්ඩෝඕඕඕඕ
ඉතින් වීල් ඔෆ් ටයිම් ගැන 1%ක්වත් මෙතන නෑ, දැනට මෙතනින් නවත්තන්නම්, වීල් ඔෆ් ටයිම් ෆේස්බුක් ගෲප් එකට ජොයින් වෙන්න (යට තියෙනවා ලින්ක් එක), ඒකෙ ඕනි දෙයක් අහන්න, දන්න දේවල් වලට උත්තර දෙන්නම්. මෙතන හෙන පොඩ්ඩක් උනාට දවස් 3ක් විතර ගියා මෙ දේවල් හොයන්න, මං සීරීස් එකේ නම ඇහුවමයි මෙහෙම එකක් තියෙනවා කියලා දන්නෙත් [duka ;(] ඊට පස්සෙ විකිපීඩියා, ෆැන්ඩම්, යූටියුබ් පීරුවෙ... මොනාහරි මිස්ටේක් වෙලා නම් සොරි, මිස්ටේක් හෑව් නම් කමෙන්ට් එකක් නැත්තන් අපේ පේස්බුක් ගෲප් එකට පෝස්ට් එකක් විදියට හරි දාන්න ඒක නිවැරදි කරලා... වැරදි හදාගෙන අලුත් විස්තර හොයාගෙන යමු මේ රවුම (තේරුනානෙ? වීල් ඔෆ් ටයිම්) ඉතින් මේ හැමදේම ඔයාලට ළමායී... මෙතෙන්ට එනකන් කියෙව්වා කියන්නෙම ලෙජන්ඩරි ගමනක ආරම්භක සාමාජිකයෙක්/සාමාජිකාවක් ඔයා... ඒනම් කොම්ලො කෙම්ලෝ අම්පි කැම්පුනා... ආම්දරෙයි ළමායී... උන්ම්ම්ම්ම්ම්මාහ්හ්...
වීල් ඔෆ් ටයිම් ෆේස්බුක් ගෲප් එක 👇
මේවා කියවද්දී හිතෙනවා HBO එක ගැහුවා වගේ තුන් හතර ගුණයක ගේමක් ඇමසෝන් එකෙන් ගහන්න නේද යන්නේ කියලා.. නිකමට හිතාන එක අවුරුද්දක මේක සීසන් එකක් බලලා, ඊලග අවුරුද්දේ LORT සීසන් එකක් බලනකොට කෝම තියෙයිද කියලා.. හරියට මේ ටික හැදුනොත් ඒම මේ සීරීස් දෙක ඇති ඇමසෝන් එකට තව සෑහෙන්න කාලෙකට.. ලිපිය ගින්දර ඈ 🔥🙏
ReplyDeleteකතන්දර නෑ ඉතින්. බෝයිස් එක එහෙමත් එනවා අනික් පැත්තෙන්... අවුරුද්ද 3කට බෙදලා ඔය සීරීස් 3 එනවා කියන්නෙ සාංත වෙනවා කොනක ඉඳන්.............
Deleteගැම්මක් තමයි...❤🔥
ReplyDeleteඅන්නේකයි සගෝ...
Deleteගැම්මක් තමයි.මරු ලිපිය.🔥
ReplyDeleteඑකෙන්ම // ඉතින්
Deleteගින්දර කතාවක්🔥ගින්දර ලිපියක්🔥
ReplyDeleteමේ Series එක බලන්න GOT බලලා තියෙන්නම ඕනෙද? ඒක බලලා නැතුවත් මේක බැලුවට අවුලක් වෙන්නෙ නැද්ද?
ReplyDeleteනෑ මේක වෙනම පොත් සීරීස් එකකින් හදපු එකක්
DeleteGreat!
ReplyDelete