මාවල් සොම්බි ඇවෙන්ජර්ස් | What If...? S01 Episode 5 Breakdown

 විශන්ගෙ ආච්චිට හාල් ගරන්ඩ...



මේ සතියෙ What If එපිය වෙන් කරේ Marvel Zombies Event එක වෙනුවෙන්. Marvel Zombies කියන්නෙ 2005 දි නිකුත් උන Event එකක්. ඒ කියන්නෙ කොමික් එකක්. මාවල් Universe එකට සොම්බි වසංගතයක් ආවොත් මොනවගේද කියන එක තමා මේකෙදි පෙන්නන්නෙ. හරියට DC ලගෙ Dceased එක වගේ. මේ කොමික් එක ලියන්නෙ සොම්බි කතාවල්ට ඔස්තාර් කෙනෙක් උන Robert Kirkman. දන්නවනෙ පොරව. The Walking Dead ඒම මිනිහගෙ. කොමික් එක ගැන මම ලිපියෙ ඉස්සරහට විස්තර කරන්නම්.  

 

(2005 ආපු කොමික් සෙට් එකෙන් එකක්)

මේකෙ කියන හැටියට Quantum Realm එකේ හිරවෙලා ඉන්න ජැනට් වෑන් ඩයින් ට Quantum Virus එකක් ආසාධනය වෙන නිසා තමා මේ අර්ත් එකේ සොම්බි වයිරස් එක පැතිරෙන්න ගන්නෙ.

මේක ටිකක් කොමික් එකට Accurate කරන්න ගත්ත උත්සාහයක් වගේ. Marvel Zombies Event එක කොමික් වලදි පටන්ගන්නෙ වෙන Dimension (මානයක) එකක ඉදන් එන Superhero කෙනෙක් එහෙදි සොම්බි Virus එකක් ආසාධනය වෙලා Earth 2149 වලට වයිරස් එක පතුරවන නිසා. ඔය වෛරස් එකට කියන්නෙ Hunger කියල කොමික් වල.

 

(හන්ගර් ආසාදනය උන හීරෝස්ලා)

මේ එපියෙ කතාව පටන්ගන්නෙ තානෝස්ගෙ පැමිණීම ගැන කියන්න පෘථිවියට එන බෲස් බැනර්ට වයිරස් එක Infect වෙලා ඉන්න Dr.Strange, Ironman, Wong තුන් දෙනාව හම්බවෙන තැනින්.අපි MCU එකේ Zombie Ironman ව දකින දෙවෙනි පාර මේ. පලවෙනි පාර මොකද්ද කියල දන්න උන් කමෙන්ට් කරන්න (නමට, රැල්ලට මාවල් ෆෑන්ස්ලට නම් මතක නෑ ලොවෙත් :3) ටෝනි (අයන්මෑන්) සොම්බියෙක් කියල Reveal වෙන තැන ඒම Classical සොම්බි ෆිලුමක් වගේ. හැරෙන හැටි ඒම Resident Evil ෆෑන්ලට එහෙම අමතක වෙන්න විදියක් නෑ.  මුන් තුන්දෙනා Introduce කරන තැන ටිකක් Endgame එකේ Black Panther එහෙම Portal එකෙන් ආව තැන Symbolize (සංකේතවත්) කරල තිබ්බ.


(ලෝකෙම ෆිල්ම් ඉතිහාසෙටම ආපු බොක්ක කූල් වෙලා යන සීන් එක මතක් වෙන්ඩෝනෙ ඔයාට මෙතන)

ඒ වගේම මේකෙත් අපිට සොම්බිල උනත් එයාලට කොමික් එකේ වගේම Intelligence එක තියෙනව කියල පෙන්නුව. ඒ කියන්නෙ මොලේ තියෙනවා කියලා... කොමික් එකේ මුන්ට කතාකරන්නත් පුළුවන් මට මතක හැටියට. Infinity War එකේ Wong, Black Dwarf ගෙ අත කපපු තැන මතකනෙ මේකෙත් ඒවගෙම වොන්ග් ගෙ ඔලුව කපල ගියා.

 

(වොන්ග් බොසාගෙ ඔලුව ලෙප්ට්)

අන්තිමට Wasp, Spider-man දෙන්න ඇවිල්ල බැනර්ව බේරගෙන යනව. කොමික් එකේනම් මුන් තුන්දෙනාම සොම්බිලා වෙනව. පීටර් සොම්බියෙක් උනාම පොර Aunt May වයි MJ දෙන්නම කාල දානව. ම්ම්ම් රසය...

 

(Wasp - වාස්ප්)

පීටර් පොඩි වීඩියෝ එකක් හදනව සොම්බි ලගෙන් බේරෙන ඕනෙ විදිය ගැන කියල. Zombieland ෆිලුම් බලපු උන්ට මතක ඇති මේ වගේ සීන් එකක් තිබ්බ. මු ඉන්නෙ බිල්ඩින් දෙකක් අතරෙ Webs වලින් බැදපු බසුයි කෝච්චි පෙට්ටියි එකතු කරලා හදපු මොකක්ද අටමගලයක් ඇතුලෙ. බ්ලැක් විඩෝ ෆිල්ම් එකේ අහසෙ තිබ්බ ගැජමැටික් එකත් මතක් වෙනෝ නෙහ්? (Iron Man වගේ උන්ට පියාඹන්නත් පුළුවන් කම තියෙද්දි මේකෙ ඇතුලෙ උන් පණ බේරගත්තෙ කෝමද දන්නෙ නෑ) 


ඩිරෙක්ටර් Sam Raimi ගෙ Spider-Man Trilogy එකේ මේ වගේ සීන් එකක් තිබ්බ. Antman එකේ Baba Yaga ගැන කියෝ කියෝ හිටිය අපේ ස්කොට් ගෙ යාලුව Kurtis මතකනෙ. අපේ අලුත් Polka Dot Man (සුයිසයිඩ් ස්කෝඩ් එකේ) මිනිහත් ඉන්නව මේ සෙට් එකේ. පොරට පීටර් කියන්නෙ Resident Weirdo  කියල. මේක Resident Evil Franchise එකට දීපු Reference එකක් වෙන්න ඕනෙ.

 


කෝමහරි මෙයාල දැනගන්නව Camp Lehigh එකේ ඉන්න කට්ටියක් Virus එකට Cure (හොඳ වෙන බේතක් අනේහ්) එකක් හදල කියල.  කැපාට ට්‍රේනින් එක දෙන තැන වගේම, SHIELD එකේ Base of Operation එක වෙන්නෙත් මේ Camp එක. ඉතින් මෙයාල මෙතනට යන්න Railway Station එක්කට යනව. ඕනෙම Zombie ෆිල්ම් එක්ක තියෙන දෙයක් මේක. Always use a Train. එක්කො Train to Busan එක දීපු Reference එකක්ද මන්ද ? මෙතන්දි ඔකෝයේ කියනව කට්ටිය බෙදිලා යමු කියල. පීටර්නම් මේකට එකග වෙන්නෙ නෑ. කෝමහරි අන්තිමට කට්ටිය බෙදිලා යනව. (මෙතන බෙදිල යනකොට හැපී පොරගෙ අත ලෝඩ් කරනා ශොට් ගන් එකක් වගේ. Zombie ෆිල්ම් බලන උන් දන්නව මේක. Zombie ෆිල්ම් වල Main Character එකේ ප්‍රධාන අවිය වෙන්නෙ ශොට් ගන් එක.)

මේ යනකොට හැපීට කපුටො වගයක් කරදර කරනව බලාගන්න පුළුවන්. කොමික් වලදි Falcon ට පුළුවන් කුරුල්ලො එක්ක Telepathically  සන්නිවේදනය කරන්න.  මෙතනට හෝක්අයි ඇවිල්ල හැපීවත් සොම්බියෙක් කරනව. අන්තිමට ශැරොන් අතින් හැපී මැරෙනව.

කරදර ගොඩකට පස්සෙ කට්ටිය අන්තිමට කෝච්චියෙන් Camp Lehigh වලට යන්න පිටත් වෙනව. මේ යන ගමනට මගදි Zombie Captain America පහර දෙනව. මෙතනදි Captain America VS Bucky වලියක් යනව. (Winter Soldier එක Reference කරාද මන්ද). මේ වලිය ඉවර වෙන්නෙ බකී කැපාගෙ ශීල්ඩ් එකෙන්ම පොරව දෙකට කපල. කොමික් එකේදි Magneto ත් Shield එකෙන් කැපාගෙ ඔලුව කපනව.

(ඇමෙරිකාස් ඈස් ලෙප්ට්)

මෙතනදි දැනගන්නව හෝප්ටත් Virus එක Infect වෙලා කියල. (ෆිල්ම් වල ඕනිතරම් තියෙනව මේ වගේ සිද්ධි. මතකනෙ Zombieland එකේ ඒම). ඊට පස්සෙ හෝප් එයාවම Sacrifice කරල කට්ටියව Camp එක ඇතුලට ගෙනියනව.

මෙතනදි තමා දැනගන්නෙ  Camp Lehigh එකේ ඉන්නෙ විශන් කියල. මෙතනදි මෙයාලට ස්කොට් ව හම්බවෙනව. ස්කොට් කිව්වට ඔලුව විතරයි හැබයි (කඳ ලෙප්ට් වෙලා wagay) මේකත් පට්ටම කොමික් Reference එකක්. කොමික් එකේදි සොම්බියෙක් වෙලා ඉන්න Janet Van Dyne ගෙ ඔලුව T’challa අරගෙන මේ විදියට පැන ගන්නවා. විශන් කියනව Mind Stone එක යූස් කරල. මේ සොම්බිලව හොද කරන්න පුළුවන් කියල. ඒ වගේම මේ වැඩේට මෙයාලට Satellite එකක් ඕනෙ කියල. මේකත් කොමික් Reference එකක්. Virus එක පැතිරෙන්න ගත්තම ඒකෙන් බේරුන අය Spaceship එක අරන් ග්‍රහලෝකෙ දාල යනව. ඕන් පට්ටම Reference එක තියෙන්නෙ ඊලගට. කොමික් එකේදි Hank Pym කාරයා Black Panther ව අල්ලගෙන බැඳලා කෑල්ලෙන් කෑල්ල කනව දවස ගානෙ. 

(මේ තියෙන්නෙ)


මේකෙත් විශන් මිනිහව අල්ලගෙන වොන්ඩට කන්න දෙනව කෑලි කපල. මටනම් මේක දකිද්දි කෑගැස්සුනා. මම MCU එකේ මෙහෙම සිරාම Reference එකක් දැක්කමයි මේ. කෝමහරි බකිය කරන වැඩේ නිසා වොන්ඩා නිදහස් වෙනව. අන්තිමට විශන් Mindstone එක ගලවල  දෙනව.

 


Mindstone එක නැති නිසා එලියෙ හිටිය සොමිබිල ටික කෑම්ප් එක ඇතුලට එනව. ඔන්න අන්තිම මොහොතෙ හරි කට්ටිය පැනගන්න වෙලාව අරන්දෙන්න හල්ක් එලියට එනව. කොමික් එකේනම් හල්ක් කියන්නෙත් සොම්නියෙක්. බැනර්ට Virus එක ආසාධනය උනාට පස්සෙ බැනර්ගෙ බඩ පලාගෙන හල්ක් එලියට එනව.

අන්තිමට හැමදේම F***ed up වෙලා ගියාට පස්සෙ පණ බේරගත්ත Spider-man, Black Panther, Scott තුන්දෙනා වකන්ඩා වලට යනව. හරි ලස්සන දෙබසක් ටචල්ලා කියනෝ, කඳුළු එන තරමටම ඒක නම් ෆීල් උනා... මේ තියෙන්න් ඒක...

හැබැයි සිරාම පාටිය තියෙන්නෙ වකන්ඩා වල. Infinity Stone හොයාගෙන ආව තානොස් ටත් Virus එක හැදිල පොර දැන් ඉන්නෙ වකන්ඩා වල. එතකොට ඇවෙන්ජර්ස් ලටත් පරාද කරන්න බැරි උන තානෝස්ට Virus එක ආවෙ කාගෙන්ද. මං හිතන්නෙ මේක ගොඩක් දුරට Dr.Strange ගෙන් එන්න ඇති. මොකද Infinity Gauntlet එකේ Time Stone එක තිබ්බ.

 

(ජාතිකයි ඈ මේ ලුක් එක නම්)

කොමික් එකේ ෆැක්ට් එකක් කියලම නවත්තන්නම්. Marvel Zombies  කොමික් එකේ කට්ටියම සොම්බිල උනාට පස්සෙ Silver Surfer එනව ගැලැක්ටස්ගෙ පැමිණීම ගැන දන්වන්න. අන්තිමට සොම්බිල ටික Surfer වත් කාල උගේ බලේ අරන් ගැලැක්ටස් ආවම ගැලැක්ටස්ව මරල ඒ බලයත් අරන් Universe එක පුරාවටම යනව ජීවීන් ව හොයන්න. මේ අයට කියන්නෙ Galacti කියල.

(මේ ඉන්නෙ)

අදට මගේ වැඩ ඉවරයි. Eternals, Hawkeye ලිපි දෙකම බාරදීල තියෙන්නෙ. ඒව ඉක්මනටම වැටේවි.

 

Au revoir!!! 


What IF..? S01E04 බ්‍රේක්ඩවුන් එක 👇

https://www.reviewwhocares.com/2021/09/what-if-episode-4-breakdown.html


What IF..? S01E07 බ්‍රේක්ඩවුන් එක 👇

https://www.reviewwhocares.com/2021/09/what-if-s01e07-breakdown.html

4 Comments

  1. අයන්මෑන් සොම්බි කෙනෙක් විදියට මීට කලින් පෙන්නුවෙ spider man far from home එකේදි නේද

    ReplyDelete
  2. Iron Man zombie kenek widiyta reveal wenne far from home eke Mysterio Berlin wla Spidey ekka fight krddi ne

    ReplyDelete
  3. far from home එකෙ mysterio පෙන්නන සොම්බි ටෝනි😁

    ReplyDelete
  4. Far From Home eke Misterio ge Manipulation eke ne

    ReplyDelete
Post a Comment
Previous Post Next Post