මොනවද මේ Visual Effects සහ Special Effects කියන්නේ?



Visual Effects සහ Special Effects එහෙම නැත්නම් පොදුවේ VFX සහ SFX  කියලා හඳුන්වන ෆිල්ම්ස්/TV Shows නිර්මාණය කරනකොට යූස් කරන ටෙක්නික් වර්ග දෙකක් එහෙම නැත්නම් ඉෆෙක්ට් වර්ග දෙකක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේ ආර්ටිකල් එක සමහර අයට සෑහෙන ඉන්ට්‍රස්ටින් වුණත් සමහර අයට කියවන්න කම්මැලි හිතෙන්න පුළුවන්. හැබැයි ෆිල්ම්ස්/TV Shows ගැන ඉගෙනගන්න ආසනම් සහ VFX/CGI සහ SFX ගැන දේවල් almost a-z දැනගන්න ආසනම් අනිවාර්යෙන් මේක කියවන්න. VFX සහ SFX ගැන සෑහෙන දැනුමක් ලබාගන්න පුළුවන් වෙයි මේ අර්ටිකල් එකෙන්. අවුරුදු සියයක පමණ කාලයක ඉඳන් ෆිල්ම් ක්ෂේත්‍රය තුළ යූස් කරන මේ වෙනකොට හැම ෆිල්ම් එකකටම වගේ නැතුවම බැරි ටෙක්නික්  දෙකක් තමයි මේ VFX සහ SFX කියන්නේ. ෆිල්ම් බලනකොට සමහර අය පාවිච්චි කරනවනේ මේ ෆිල්ම් එකේ CGI මරු....මේ ෆිල්ම් එකේ CGI අවුල්......මම CGI වලින් හදපු ෆිල්ම්ස් බලන්නෑ වගේ දේවල්. සමහර අයට මේ කියන දේවල් හරියට නොතේරෙන්න පුළුවන්. ඒ වගේම සමහර අයට VFX සහ SFX අතර තියෙන වෙනස්කම් ගැනත් අවබෝධයක් නැහැ. ඉතින් මේ හැම ගැටළුවක් ම විසඳගන්න ඕනේ නම් මේක තමා  ඒකට කියවන්න හොඳම ලිපිය. ලිපිය ටිකක් දිග වෙයි. කොහොමහරි වෙලාවක් හොයාගෙන කියවන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි බහිමු වැඩේට. ඒ වගේම මේ ආර්ටිකල් එක කියවනකොට මම ෆිල්ම්ස් මූලික කරගෙන මේක ලියලා තියෙන බවක් තේරෙයි. මම වැඩිපුරම බලන්නේ ෆිල්ම්ස් නිසා ඒ narrative එකට තමා මට ලියවෙන්නේ. ඒත් මේ VFX සහ SFX ෆිල්ම්ස් වලට අමතරව ඒ විදිහටම TV Shows වලටත් යොදාගන්නවා. 

Avengers Infinity War (2019) රූගතකිරීම්


මොකක් ද මේ VFX සහ SFX කියන්නේ?


VFX එහෙම නැත්නම් Visual Effects කියන්නේ ෆිල්ම් එකක ශොට් එකක් සඳහා කල්පිතව නිර්මාණය කරපු හෝ වැඩිදියුණු කරපු මොනයාකාර හරි දර්ශනයක්. මේ දර්ශනය ෆිල්ම් එකේ බැක්ග්‍රවුන්ඩ් එකක්, මොකක් හරි භාණ්ඩයක් හෝ පුද්ගලයෙක් හෝ ඕනෑම චරිතයක් වෙන්න පුළුවන්. සරලව ෆිල්ම් එකක ෆ්‍රේම් එකක දර්ශනය වෙන  ඕනෑම දෙයක් VFX භාවිතයෙන් ගොඩනඟපු දෙයක් වෙන්න පුළුවන්. විශේෂත්වය වෙන්නේ මේ VFX කටයුතු සිදු කරන්නේ ෆිල්ම් එක ශූට් කරාට පස්සේ. ඒ කියන්නේ සෙට් එක තුළ දී බොහෝවිට VFX භාවිතයක් නෑ. (ශූට් කරන අතරතුර යූස් කරන VFX ගැන පස්සේ කතා කරනවා) VFX බොහෝවෙලාවට යූස් කරන්නේ සෙට් එක තුළ ශූට් කරන දර්ශනය හා තියෙන තත්ව මත ශූට් කරන්න බැරි දර්ශනයක් බොහෝවිට කෘතිමව VFX යූස් කරලා නිර්මාණය කරලා ඒ දෙක එකතු කරලා realistic විදිහට සම්පූර්ණ දර්ශනය ලබාගන්නයි. මේ විදිහට VFX යූස් කරලා නිර්මාණය කරන දර්ශනය බොහෝවිට සාමාන්‍යය තත්ව තුළදී ප්‍රැක්ටිකලි ශූට් කරන්න අපහසු, අධිකව වියදම් යන, ප්‍රැක්ටිකලි නිර්මාණය කරන්න බැරි හෝ අවදානම් දර්ශනයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒක මේ ලෝකය තුළ දැකගන්නට බැරි වෙනම කල්පිත ලෝකයකට අයිති දර්ශනයක් වෙන්න පුළුවන්.(Avatar වල Pandora) මේ VFX නිර්මාණය කරන්න ඒ සඳහා specialize වෙලා ඉන්න ආයතන වල කණ්ඩායමක් එකතු වෙලා CGI සහ වෙනත් විවිධ VFX Softwares යූස් කරනවා. මේ සඳහා VFX කරන අයට ෆිල්ම් එක ඩිරෙක්ට් කරන සහ සිනෙමටොග්‍රැපි කරන අයත් එක්ක එකිනෙකා අතර හොඳ අවබෝධයක් ලබා ගන්න අවශ්‍යය වෙනවා. 

Avengers Endgame (2019) රූගතකිරීම්

Special Effects එහෙම නැත්නම් SFX කියන එක VFX ට වඩා සෑහෙන වෙනස්. VFX යූස් කරන්නේ ශුට් කරලා ඉවරවුණාට පස්සේ වුණත් Special Effects එහෙම නැත්නම් SFX යූස් කරන්නේ ශුට් කරන එහෙම නැත්නම් සෙට් එක තුළදීමයි. ඒ කියන්නේ සෙට් එක තුළම ප්‍රැක්ටිකලි සහ ෆිසිකලි නිර්මාණය කරන එක්ස්ප්ලෝෂන්ස්, වෙඩි උණ්ඩ වලින් ඇති වෙන තුවාල සහ කෘතිම වැසි වගේ දේවල්. මේ දේවල් Softwares හෝ කම්පියුටර් ටෙක්නොලොජි යූස් කරලා නිර්මාණය කරන ඒවා නෙමේ. බොහොවේලාවට මිනිස් අතින්ම නිර්මාණය කරන දේවල්. SFX ගැන නම් ගොඩක් ලොකුවට කතා කරන්න නැහැ. ඒ නිසා ඉස්සෙල්ලාම අපි ඒකට යමු.

ප්‍රැක්ටිකල් ඉෆෙක්ට්ස් සදහා Miniatures භාවිතා කිරීම


Special Effects එහෙම නැත්නම් SFX වල භාවිතයන්


කලින් කිව්වා වගේ SFX කියන්නේ live action shooting වලදී අදාළ දර්ශනය ලබාගැනීම සඳහා ප්‍රායෝගිකව සහ ෆිසිකලි යොදාගන්නා විවිධ උපක්‍රම වලටයි. මේවාට උදාහරණ වශයෙන් 


  • විවිධ යාන්ත්‍රික ප්‍රොප්ස් (Props කියන්නේ Theaterical Property කියන එක) ඒ කියන්නේ ශොට් එකක් තුළ ඇති ෆිල්ම් එක සඳහා නිර්මාණය කරපු භාණ්ඩයක් හෝ ෆිල්ම් එකේ චරිත වල ඇඳුම් වර්ගයක් වගේ දේවල් (Wonder Woman 1984 එකේ Diana ගේ The Golden Eagle Armour of Hysteria), 

The Dark Knight Rises ෆිල්ම් එකේ Props

  • සෙට් එක තුළදිම යොදාගන්නා කෘතිමව හදපු බැක්ග්‍රවුන්ඩ් දර්ශන, 

Inception ෆිල්ම් එකේ කරකවන්න පුලුවන් විදියට හදපු සෙට් එක

  • වෙනස් කරන ලද පරිමාණයකට නිර්මාණය කරපු මොඩල්ස් (Scale Models/Miniature Models) ඒ කියන්නේ ශූටින් කැමරා එකකට හෝ ප්‍රායෝගිකව සෙට් ස්ටේජ් එකට ගන්න බැරි දර්ශනයක් හෝ භාණ්ඩයක් බොහෝවිට පරිමාණයෙන්(ප්‍රමාණයෙන්) කුඩා විදිහට නිර්මාණය කරලා ඒකේ ශූට් කරලා පස්සේ ලයිව් ඇක්ෂන් ශූට් කරලා ගන්න එකයි මේකයි එකතු කරලා ගැළපෙන විදිහට පරිමාණය එඩිට් කරලා අවසන් දර්ශනය ලබාගන්න ඒවා,

ස්ටාර් වෝර්ස් වල Miniatures හදන අවස්තාවක්

  • Animatronics ඒ කියන්නේ Hydraulic Power වගේ ටෙක්නොලොජිස් යූස් කරලා හදන රොබෝ චරිත, සතුන් සහ භාණ්ඩ වගේ දේවල්,

Jurassic Park ෆිල්ම් එකට හදපු Animatronics ඩයිනෝසරයෙක්

  • Pyrotechnics (Pyrotechnics කියන්නේ Pyr(fire) සහ technikos(made by art) කියන ග්‍රීක වචන දෙක එකතුවෙලා සෑදුණු එකක්. මේකෙන් කියන්නේ Fireworks, විවිධ එක්ස්ප්ලෝෂන්ස් සහ හීට් එහෙම නැත්නම් තාපය, ගෑස්, දුම, ශබ්ද සහ ආලෝකය වගේ දේවල් නිර්මාණය කරන එකයි. මේ සඳහා විවිධ chemical reactions තමා ගොඩක් වෙලාවට යූස් කරන්නේ.), 

Pyrotechnic භාවිතා වන අවස්තාවක්

  • Atmospheric Effects ඒ කියන්නේ කෘතිමව නිර්මාණය කරන වැසි, සුළං, මීදුම්, හිම සහ වළාකුළු වගේ ඒවා,

කෘතීම වැසි ඇති කිරීම

  • Car එකක් drive කරන මිනිහෙක් නැතුව ඉස්සරහට යනවා වගේ ඒවා,

Knight Rider සීරීස් එකේ සෙල්ෆ් ඩ්‍රයිවින් කාර් එක

  • බිල්ඩිමක් ෆිසිකලි පිපිරෙනවා වගේ ඒවා,

ප්‍රැක්ටිකල් ඉෆෙක්ට්ස් සදහා පිපිරුම් භාවිතය (007 Spectre ෆිල්ම් එකේ පිපිරුමක් කරන අවස්තාවක් තමා මේ. මේක තමා ෆිල්ම් එක ප්‍රැක්ටිකලි කරපු ලොකුම පිපිරවීම විදියට ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේ)
  • Prosthetic Makeups ඒ කියන්නේ වෙඩි වැදුණම එන තුවාල කෘතිමව නිර්මාණය කරන සහ සාමාන්‍යය මනුස්සයෙක් වෙනස් විදිහට පෙනෙන එහෙම නැතනම් විකෘති කෙනෙක් විදිහට පෙනෙන්න කරන makeups,

Gurdians of the Galaxy ෆිල්ම් වල නෙබියුලාගේ

වගේ ඒවා ගන්න පුළුවන්. දැනගන්න ඕන වැදගත් කාරණයක් තමයි දැන් යූස් කරන බොහෝ Special Effects අවසන් දර්ශනයට ගන්නකොට VFX කොටසකුත් ඒකට එකතු වෙනවා. උදාහරණයක් විදිහට මොකක්හරි මාලිගාවක් Scale Model එකක් විදිහට පොඩියට හදලා, තැනිතලාවක ඉන්න මිනිහෙක් ඉස්සරහට දුවන දර්ශනයක් ලයිව් ඇක්ෂන් විදිහට ශූට් කරලා, මකරෙක් ගේ දර්ශනයක් CGI වලින් නිර්මාණය කරලා ඒ දර්ශන තුන එක දර්ශනයක් විදිහට එකතු කරන්න පුළුවන්. එතකොට ඒ දර්ශනය පේන්නේ මකරෙක් ගෙන් බේරෙන්න මාලිගාවක් වෙත දුවන මිනිහෙක් විදිහටයි. මේ විදිහට ඒ දර්ශන 3 එකතු කරන එක VFX තාක්ෂණය යූස් කරලා තමයි සිදු කරන්නේ. ෆිල්ම් එකක් වඩා තාත්වික වෙන්නේ බොහෝවිට VFX වලට වඩා SFX යූස් කරනකොට. VFX කියන්නේ කම්පියුටර් ග්‍රැෆික්ස් වලින් හදන දේවල් නිසා ඒවා මිනිස් පියවි ඇසට (human naked eye) ෆේක් විදිහට තේරෙනවා සමහර වෙලාවට. SFX ඇත්තටම ෆිසිකලි කරන දෙයක් නිසා ඒවා වඩාත් සාර්ථකයි. හොඳම උදාහරණය Christopher Nolan ගේ ෆිල්ම්ස්. ඒවා වල VFX ට වඩා සෑමවිටම ප්‍රමුඛත්වය දෙන්නේ SFX වලට. ඒ ෆිල්ම්ස් වඩා සාර්ථක සහ තියටර් එක්ස්පීරියන්ස් එකත් සුපිරියටම ගන්න පුළුවන් වෙන්නේ ඒ SFX වල භාවිතය නිසා. 

Lord of the Rings වල Miniature ක්‍රමයට හදපු Minas Tirith (Composition කරන්න කලින්)


Lord of the Rings වල Miniature ක්‍රමයට හදපු Minas Tirith (Composition කලාට පස්සේ)

SFX ගැන නම් අපිට ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. SFX වල ප්‍රොසෙස් එක අපිට හිතාගන්න සහ තේරුම් ගන්න එක පහසුයි. VFX එහෙම නැත්නම් Visual Effects ගැන තමා ගොඩක් කතා කරන්න තියෙන්නේ. මේක සංකීර්ණ ප්‍රොසෙස් එකක්. අපි හිමින් හිමින් එකින් එක දේවල් තේරුම් ගන්න බලමු.


Visual Effects වල ආරම්භය


1800 ගණන් වල ඉඳන් ෆිල්ම්ස් ඇතුළු විවිධ මෝෂන් පික්චර් වලට විවිධ effects යොදාගෙන තියෙනවා. මුල් කාලයේ භාවිතා කරේ ෆිසිකලි යොදාගන්නා Smoke සහ Mirror (දර්පණ තල) වගේ Special Effects පමණක් වුණාට සිනමා ක්ෂේත්‍රයේ දියුණුව සහ අවශ්‍යයතාව මත කාලයත් එක්ක වඩා ටෙක්නොලොජිකල් විදිහට කම්පියුටර් ග්‍රැෆික්ස් සහ ඒ වගේ ටෙක්නොලොජිස් එක්ක Visual Effects යූස් කරන්න ආරම්භ වෙලා තියෙනවා. අද වෙනකොට ඕනෑම ෆිල්ම් එකක් නිර්මාණය කරන්න නැතුවම බැරි දෙයක් තමයි මේ VFX කියන්නේ. තාක්ෂණය සහ අවශ්‍යයතාව මත දියුණු වෙවී අද තියෙන තත්වයට පැමිණි ෆිල්ම්ස් ෆීල්ඩ් එක කණපිට හරවපු ටෙක්නොලොජි එකක් විදිහට තමයි මේ Visual Effects සලකන්නේ. කාලයත් එක්ක ෆිල්ම්ස් සඳහා යොදාගන්නා Visual Effects ප්‍රමාණය වැඩිවෙමින් ඇවිල්ලා මේ වෙනකොට සෙට් එකක් තුළ ප්‍රැක්ටිකල් හදන්න බැරි කල්පිත ලෝක පවා නිර්මාණය කරන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. 

ලොව පළමු මෝශන් චිත්‍රපටය විදියට සැලකෙන The Horse in Motion (1878)e)

1902 නිර්මාණය කරපු ෆ්‍රෙන්ච් ෆිල්ම් එකක් වෙන Trip to the Moon ෆිල්ම් එක VFX ඉතිහාසයේ ආරම්භක ලක්ෂ්‍යයක් කියලා කියන්න පුළුවන්. ලෝකේ පළවෙනි science fiction ෆිල්ම් එක වෙන මේක moon landing කන්සෙප්ට් එකට අනුව George Melies විසින් ඩිරෙක්ට් කරපු ෆිල්ම් එකක්. මේ George Melies ව හඳුන්වන්නේ VFX වල පියා කියලා. මේකට යොදාගත්තු VFX වර්ග ගැන නම් ලොකුවට සඳහන් කරලා නෑ. හැබැයි මේ විනාඩි 14 ක් දිග ෆිල්ම් එක බලනකොට VFX යූස් කරලා තියෙන විදිහ ගැන අවබෝධයක් ලබාගන්න පුළුවන්. අදටත් ලෝකේ හොඳම ශෝර්ට් මූවි එකක් විදිහට තමයි මේ Trip to the Moon ෆිල්ම් එක සලකන්නේ.

Trip to the Moon (1902)



Animation කියන්නේ VFX වල ලොකු පාර්ට් එකක්. ඒ ගැන අපි ඉස්සරහට වැඩිදුර කතා කරනවා. VFX ගැන කතා කරනකොට animation ෆිල්ම්ස් වල ආරම්භය සහ evolution එක (පරිණාමය) ගැනත් කතා කරන්න ඕනේ. මොකද animation කියන්නේ යම් ආකාරයක Visual Effect එකක්. මුල් කාලයේ animation films නිර්මාණය කළේ single frame method කියන තාක්ෂණය යූස් කරලා. මේකේ කරන්නේ images බොහෝවිට අතින් ඇඳපු පින්තූර සෑහෙන ගණනක් එකතු කරලා තත්පරයකට පින්තූර සෑහෙන ගණනක් වැටෙන විදිහට ප්‍රොජෙක්ට් කරන එකයි. (images projected high volume of frames per second) අර ඉස්සර අපි පොඩි කාලේ පොතක් අයිනේ මිනිහෙක් දුන්නකින් ඊතලයක් විදලා ඒ ඊතලේ ඉස්සරහට යන විදිහට පිළිවෙළින් දුන්න අදින තැන ඉඳන් ඊතලය රිලීස් කරලා ඊතලය යන දුර එක එක පිටුවල එක එක මට්ටමින් ඇඳලා අන්තිමට පොතේ පිටු වේගයෙන් පෙරළනකොට නිකන් වීඩියෝ එකක් වගේ මිනිහා දුන්නෙන් විදින එක පේන එක තමයි ප්‍රොජෙක්ටර්ස් සහ දක්ෂ චිත්‍ර ශිල්පීන් වඩා සංවිධානාත්මක සහ සංකීර්ණ විදිහට කරන්නේ. එහෙම හදපු මුල් කාලයේ හොඳම animated ෆිල්ම් එකක් තමයි 1914 නිර්මාණය කරපු Gertie the Dinosaur කියන්නේ.

Gertie the Dinosaur (1914)



වඩා දීර්ඝව full length ෆිල්ම් එකක් විදිහට නිර්මාණය කරපු පළවෙනි single frame method animation ෆිල්ම් එක වෙන්නේ Walt Disney ගේ 1937 නිර්මාණය කරපු Snow White and the Seven Dwarfs ෆිල්ම් එකයි. 

Snow White and the Seven Dwarfs (1937)

ඊළඟට හොලිවුඩ් වල යූස් කරපු VFX ආකාරයක් වෙන්නේ stop motion ටෙක්නික් එකයි. මේකේදි කරන්නේ අතින් ඇඳපු දර්ශන හෝ මොකක් හරි අතින් නිර්මාණය කරපු puppets සහ models වගේ චරිත සහ භාණ්ඩ වල ෆ්‍රේම් එකකට එකක් ගාණේ ෆොටෝස් අරන් ඒවා එකට ප්‍රොජෙක්ට් කරලා නිර්මාණය කරන දර්ශන illusion movement එකක් එහෙම නැත්නම් කල්පිත ලෙස හදපු ශොට් එකක් විදිහට ගන්න එකයි. 1933 නිර්මාණය කරපු King Kong ෆිල්ම් එක මුල් කාලයේ stop motion ටෙක්නික් එක යොදාගත්තු එකට හොඳම උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. මේ විදිහට miniature models එහෙම නැත්නම් කෘතිමව හදපු මොඩල්ස් භාවිත 1900 මුල් ගණන් වල ඉඳන් යූස් කරත් මේක නෙක්ස්ට් ලෙවල් එකට ගෙනියන්න Star Wars සහ Star Trek වගේ ෆිල්ම්ස් වලින් පුළුවන් වුණා. මේ ෆිල්ම්ස් වල මේ වගේ miniature models සියගාණක් stop motion විදිහට ඒ කාලේ හැටියට උපරිම තාක්ෂණයෙන් ඒ ෆිල්ම්ස් වල දර්ශන වලට අරන් තියෙනවා. 

King Kong (1933)

1978 නිර්මාණය කරපු Superman ෆිල්ම් එකත් Visual Effects ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් එහෙම නැත්නම් milestone එකක් කියලා හඳුන්වන්න පුළුවන්. Cables සහ blue screen වගේ VFX සම්බන්ධ ටෙක්නික්ස් යූස් කරලා Superman ගේ flight එක නිර්මාණය කරපු එක ඒ කාලේ ඕඩියන්ස් එක පිස්සු වට්ටපු දෙයක් කියලා තමයි කියන්නේ. 

Superman (1978

ඊළඟට තමයි CGI යුගය එන්නේ. මේකට පොදුවේ කියන්නේ Computer Aided Graphics කියලා. ඒ කියන්නේ කම්පියුටර් ටෙක්නොලොජිය යූස් කරලා නිර්මාණය කරන ග්‍රැෆික්ස් ඇසුරින් ෆිල්ම්ස් සඳහා දර්ශන නිර්මාණය කරන එක. ලෝකේ පළවෙනියට CGI යූස් කරපු ෆිල්ම් එක විදිහට සලකන්නේ 1982 ආපු Tron ෆිල්ම් එකයි. හැබැයි CGI තාක්ෂණයේ pioneers ලා ඒ කියන්නේ ප්‍රාරම්භක ෆිල්ම්ස් විදිහට සලකන්නේ Jurassic Park සහ Terminator 1 කියන ෆිල්ම්ස් දෙකයි. ඊට අමතරව CGI කැරැක්ටර්ස් නිර්මාණය කිරීම අතරින් මූලිකව පෙරමුණ ගත්තු ෆිල්ම්ස් අතරට The Abyss(The Abyss ෆිල්ම් එක සඳහා යොදාගත්තු VFX තාක්ෂණය පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට මෙතැන ක්ලික් කරන්න) සහ The Mummy ෆිල්ම් දෙක අයිති වෙනවා. 

Tron (1982) චිත්‍රපටය සදහා CGI භාවිතය

Animation පැත්තෙන් CGI යූස් කිරීමේ හැරවුම් ලක්ෂ්‍යයක් ඇති කරපු ෆිල්ම් එක විදිහට සලකන්නේ 1995 ආපු Toy Story ෆිල්ම් එකයි. Disney සහ Pixar ස්ටුඩියෝ දෙක එකතු වෙලා නිර්මාණය කරපු මේක ලෝකේ පළවෙනි full length Computer Animated ෆිල්ම් එකයි. එතනින් පටන් ගත්තු CGI Animated ෆිල්ම්ස් ෆීල්ඩ් එක මේ වෙනකොට ලෝකේ ඉහළම තැනක සෑහෙන ජනප්‍රියත්වයක් එක්ක තියෙනවා.

Toy Story (1995)

ඒ වගේම ඊළඟට CGI වල milestones එහෙම නැත්නම් හැරවුම් ලක්ෂ්‍යය බිහිකරපු ෆිල්ම්ස් අතරට The Matrix (bullet time ඒ කියන්නේ වෙඩි උණ්ඩයක් slow motion යන විදිහ පෙන්නීම වගේ දර්ශන නිර්මාණය කිරීම), Lord of the Rings (motion capture තාක්ෂණය), Avatar(වැඩිදියුණු කරපු motion capture තාක්ෂණය සහ CGI භාවිතය), Gravity(3D තාක්ෂණය නෙක්ස්ට් ලෙවෙල් එකකට ගෙන යෑම) කියන ෆිල්ම්ස් අයිති වෙනවා.

Matrix (1999) ෆිල්ම් එකේ Bullet Time Effect එක

මේ විදිහට Visual Effects වැදගත් පාර්ට් එකක් විදිහට ෆිල්ම්ස් වලට යූස් කරලා නිර්මාණය කරපු ෆිල්ම්ස් බොහෝවිට ඉතිහාසයේ highest grossing ෆිල්ම්ස් වෙලා තියෙනවා. මේ විදිහට VFX යූස් කරලා හදපු ෆිල්ම්ස් නිසා මිනිස්සුන්ව වෙනමම ලෝක වල කල්චර්ස් සහ ඉම්ප්‍රෙශසන්ස් වලට ගෙනියන්න පුළුවන් වෙලා තියෙනවා. 

Avengers: Endgame (2019)

අපි VFX ගැන කතා කරනකොට බොහෝවෙලාවට මතක් වෙන්නේ හොලිවුඩ් ෆිල්ම්ස්. හැබැයි මේ වෙනකොට ඉන්ටර්නැෂනලි  වෙනත් රටවල් ෆිල්ම්ස් ෆීල්ඩ්ස් වල VFX සෑහෙන යූස් කරනවා. විශේෂයෙන් චීනයේ සහ ඉන්දියාවේ නිර්මාණය කරන ෆිල්ම්ස් වලට VFX වල දැඩි ඉල්ලුමක් තියෙනවා. චීනයේ නිෂ්පාදනය කරපු සෑහෙන ප්‍රසිද්ධ ෆිල්ම්ස් වෙන Zhong Kui: Snow Girl and the Dark Crystal, The Crossing, Monster Hunt  වගේ ෆිල්ම්ස් සහ White Snake වගේ Disney ලෙවෙල් එකටත් වඩා ඉහළ මට්ටමේ CGI යූස් කරලා නිර්මාණය කරපු animated ෆිල්ම්ස් VFX වලට තියෙන ජනප්‍රියත්වය සහ ඉල්ලුම පෙන්නලා දීලා තියෙනවා. 

Monster Hunt 2

ඒ වගේම ඉන්දියාවේ නිෂ්පාදනය කරන ඩ්‍රාමා වගේ එදිනෙදා සිදුවීම් ඇසුරින් නිර්මාණය කරන ෆිල්ම්ස් හැර ලොකු ප්‍රොජෙක්ට් විදිහට නිර්මාණය කරන ෆිල්ම්ස් සරලව කිව්වොත් larger than life ෆිල්ම්ස් වලට සාමාන්‍යයෙන් 500 සිට 1500 දක්වා VFX ශොට්ස් යූස් කරන මට්ටමට ඇවිල්ලා තියෙනවා. Dhoom, Chennai Express සහ Bahubali මේකට හොඳම උදාහරණ විදිහට ගන්න පුළුවන්.

Bahubali ෆිල්ම් එකේ VFX භාවිතය

ලෝකේ VFX නිර්මාණය කරන ආයතන රාශියක් මේ වෙනකොට බිහිවෙලා තියෙනවා. ඒත් ඒවා අතරින් පළවෙනි තැන ගන්නේ ඒ කියන්නේ හොඳම VFX ආයතනය විදිහට හඳුන්වන්නේ ILM හෙවත් Industrial Light & Magic ආයතනයයි. Star Wars  නිර්මාණය කරපු George Lucas විසින් ආරම්භ කරපු මේ ILM ආයතනය වර්තමානයේ නිෂ්පාදනය කරන හැම high budget ෆිල්ම් එකකට වගේම සම්බන්ධ වෙනවා. ඊළඟට ඉන්නේ Lord of the Rings ඩිරෙක්ට් කරපු Peter Jackson ගේ Weta Digitals ආයතනය. ඊට අමතරව Stan Winston Studios, Prime Focus, Giant Studio, Look Effects සහ Blur වගේ ආයතන ප්‍රධාන වශයෙන් VFX කටයුතු කරනවා. ඒ වගේම එක ෆිල්ම් එකක VFX කටයුතු සිදුකරන්න බොහෝවෙලාවට VFX ආයතන කිහිපයක්ම සම්බන්ධ වෙනවා.

Industrial Light & Magic (ILM)

ඒ වගේම මේ VFX කටයුතු සිදුකරන්න විවිධ softwares යූස් කරනවා. Photoshop, After Effects ඉඳන් විවිධ Adobe softwares, Autudesk Maya වගේ විවිධ Autodesk softwares, Lightwave, Renderman, Maxon Cinema 4D, Syntheyes, 3Ds Max, Houdini, Boujou, Mocha, Nuke සහ ZBrush වගේ විවිධ softwares යූස් කරනවා. දැන් එන ඕනෑම් ෆිල්ම් එකක සාමාන්‍යයෙන් VFX ශොට්ස් 200 ක වගේ ඉඳන් 3000 ත් වඩා වැඩියෙන් එන අවස්තා තියෙනවා.

VFX නිර්මාණය කරන සොෆ්ට්වෙයාර් එකක්

මේ විදිහට VFX වල ඉතිහාසය ගැන ඔයාලව දැනුවත් කළේ මේ VFX යූස් කරනකොට කොච්චර ලොකු ප්‍රොසෙස් එකක් එකක් වෙනව ද කියලා දැනුවත් කරන්න. කාලෙන් කාලෙට දියුණු වෙන තාක්ෂණයත් එක්ක මේ VFX දියුණු වෙනවා. මේකට සෑහෙන මහන්සියක් දරන්න ඕනේ. හැබැයි ඒ මහන්සියෙන් නිර්මාණය කරන ෆිල්ම්ස් වලට සෑහෙන සාර්ථකත්වය ගේන්න පුළුවන්. අපි ඊළඟට ෆිල්ම්ස් වලට යොදාගන්න විවිධ VFX ආකාර ගැන කතා කරමු.


ෆිල්ම්ස් වලට යොදාගන්නා ප්‍රධාන Visual Effects ආකාර


මේකෙදි  අපි කතා කරන්නේ ලෝකේ තියෙන ප්‍රධාන Visual Effects වර්ග ගැනයි. ඉස්සරහට මේ Visual Effects වර්ග ප්‍රැක්ටිකලි ෆිල්ම්ස් වල යොදාගන්නා ආකාර ගැනත් කතා වෙනවා. ඉස්සෙල්ලාම බේසික් අයිඩියා එකක් ගන්න ඕන නිසා මෙතන දී Visual Effects ප්‍රධාන කොටස් තුනකට බෙදලා කතා කරන්න තමයි යන්නේ.


1. CGI


CGI කියන්නේ Computer Genereted Imagery කියන එකයි. ඒ කියන්නේ Computer Softwares වල උදව්වෙන් digitally නිර්මාණය කරන graphics වලින් නිර්මාණය කරන Visual Effects වලට. මේ CGI 2D හෝ 3D වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් අපි CGI ගැන කතාකරකොට 3D පැත්තට තමයි වැඩිපුර අවධානය යොමු කරන්නේ. එතැනදී වැඩියෙන් ම භාවිතා වෙන්නේ 3D Modeling ඒ කියන්නේ CGI යූස් කරලා නිර්මාණය කරන ඕනෑම 3D භාණ්ඩයක්(object), දර්ශන තලයක්(surface) හෝ චරිතයක්(living creature) වෙන්න පුළුවන්. බොහෝවෙලාවට මේ CGI යූස් කරන්නේ ඇත්ත ලෝකයේ නැති මකරෙක් එහෙම නැත්නම් monster කෙනෙක් වගේ creature එකක් නිර්මාණය කරන්නයි. ඒත් CGI යූස් කරලා කරන වැඩ අතරට Stadium එකක ඉන්න ක්‍රවුඩ් එක වැඩි කරන්න එහෙම නැත්නම් ඇක්ටර් කෙනෙක් ගේ වයස අඩුවට පේන විදිහට සලස්වන්න වගේ දේවලුත් අයිති වෙනවා. මේ ගැන අපි ඉස්සරහට කතා කරනවා.

King Kong (2005) ෆිල්ම් එකේ CGI භාවිතය

2. Compositing


Conpositing කියන්නේ VFX artists ලා එකතු වෙලා විවිධ ආකාරයෙන් ලබාගත්තු දර්ශන කිහිපයක් එකතු කරලා වෙනසක් නොපෙනන විදිහට ඒවා එක දර්ශනයක් ලෙස එකතු කරන එකයි. කලින් කිව්ව මාලිගාව, මකරා සහ දුවන මිනිහෙක් ගේ දර්ශන එකතු කරලා තනි දර්ශනයක් හදන එක Compositing වලට හොඳ උදාහරණයක්. මේ සඳහා green screen එකක් හෝ blue screen එකක් සෙට් එකේ පසුබිමට යොදාගන්නවා. ඒකට මේ green screen නැත්නම් blue screen යොදාගැනීමේ ටෙක්නොලොජි එක හඳුන්වන්නේ Chroma Keying කියලා. ඒ වගේම මේ වෙනකොට green screen සහ blue screen වලට ආදේශකයක් විදිහට LED Walls කියලා ටෙක්නොලොජි එකක් ඇවිල්ලා තියෙනවා. මේ හැම දෙයක් ගැනම ඉස්සරහට කතා කරනවා.

Composition කරන්න කලින්

Composition කලාට පස්සේ

 කොහොමහරි මේ Compositing කියන එක ආරම්භ වුණේ matte painting කියන ටෙක්නික් එකත් එක්කයි. ඒ කියන්නේ highly talented සහ highly professional artists ලා එහෙම නැත්නම් චිත්‍ර ශිල්පීන් අඳින illustrations ඒ කියන්නේ පින්තූර යොදාගෙන සෙට්ස් වල බැක්ග්‍රවුන්ඩ්ස් නිර්මාණය කරන එකයි. මේවා highly detailed photo - realistic පින්තූර විදිහටයි අඳින්නේ. ඒ කියන්නේ සෑහෙන ඩීටේල්ස් දාලා ඇත්ත වගේ පේන විදිහට අඳින පින්තූර. Star Wars එකේ Death Star Loading Bay එක මේකට හොඳම උදාහරණයක්. මෙහෙම අඳින illustrations ලයිව් ඇක්ෂන් ශූට් එකත් එක්ක composite එහෙම නැත්නම් එකතු කරලා අවසන් දර්ශනය ලබා ගන්නවා. Star Wars ට අමතරව මේක ප්‍රධාන වශයෙන් යොදාගත්තු අවස්ථාවක් තමයි The Wizard of Oz ෆිල්ම් එකේ Emerald City එකේ දර්ශනය. 

ස්ටාර් වෝර්ස් සදහා Matte Painting යොදා ගැනීම

3. Motion Capture


Mo Cap කියලා කෙටි නමින් හඳුන්වන මේකෙන් කරන්නේ ඇක්ටර් කෙනෙක් ගේ මූව්මන්ට්ස් ඩිජිටලි රෙකෝර්ඩ් කරලා ඒවා ඇසුරින් CGI Model එකකට ට්‍රාන්ස්ෆර් එහෙම නැත්නම් පරිවර්තනය කරන එකයි. තාක්ෂණයේ දියුණුවත් එක්ක ඇක්ටර් ගේ Facial Expressions ඒ කියන්නේ මුහුණෙන් දක්වන ප්‍රතිචාර සහ හැඟීම් වගේ දේවල් ඩිජිටලි කැප්චර් කරලා CGI Model එකට transfer කරන මට්ටමට ඇවිල්ලා තියෙනවා. මේක හඳුන්වන්නේ Performance Capture කියලා. මේ Mo Cap සහ Performance Capture කියන ටෙක්නොලොජීස් ලයිව් ඇක්ෂන් ෆිල්ම්ස් වල CGI කැරැක්ටර්ස් නිර්මාණය කිරීමට අමතරව Animation ෆිල්ම්ස් වල කැරැක්ටර්ස් නිර්මාණය කරන්නත් යූස් කරනවා. The Adventures of Tin Tin සහ Alita: The Battle Angel මේ animations ෆිල්ම්ස් වලට හොඳම උදාහරණ දෙකක්. මේ mo cap වලට ඒ ඒ ඇක්ටර්ස් ලා විසින් අඳින special motion capture suit එකේ එහෙම නැත්නම් ඇඳුමේ තියෙන special markers වර්ගයක් (ඩොට්ස් වගේ තියෙන) කැමරා වලින් ට්‍රැක් කරලා ඒවා වල මූව්මන්ට්ස් කැප්චර් කරලා 3D Skeleton එහෙම නැත්නම් සැකිල්ලකට ආදේශ කරනවා. Performance Capture එකක දී නම් මුහුණේ ත් ඩොට්ස් වගේ markers සටහන් කරලා ඒවා ට්‍රැක් කරනවා. 

   

Motion Capture

මේ හැම දෙයක් ගැනම සහ ඒවා යූස් කරන විදිහ ගැන අපි ඉස්සරහට කතා කරනවා. ඒ VFX වල ප්‍රොසෙස් එක ගැන කතා කරනකොට. ඊට කලින් අපි මේ VFX ෆිල්ම්ස් වල යොදාගන්නා අවස්ථාවන් ගැන කරමු.


ෆිල්ම්ස් වලට VFX යොදාගන්නා ආකාරය


ෆිල්ම්ස් වලට VFX යොදාගන්නා ආකාරය කැටගරයිස් කරන එක හරි අමාරු වැඩක්. එක එක ෆිල්ම් එකේ එක එක ඩිරෙක්ටර්ස් ලා සහ එක එක VFX artists ලා VFX යොදාගන්නා විදිහ වෙනස්. Action, Sci Fi, Comedy හෝ Romance ෆිල්ම්ස් වල පවා VFX යූස් කරනවා. ඒ නිසා VFX කැටගරයිස් කරන එක පානු යි බටර් වර්ග යි විස්තර කරනවා වගේ දෙයක්. එක එක පෝරණුවෙන් එන පාන් එකිනෙකට වෙනස්. එක එක තැන් වල හදන බටර් වෙනස්. මේවා එකතු කරන විදිහත් එකිනෙකට වෙනස්. ඒ වගේම තමයි VFX නිර්මාණය සහ යූස් කරන විදිහත්. පුළුවන් සරලම සහ කෙටිම විදිහට VFX යූස් කරන විදිහ මෙතැන කැටගරයිස් කරලා තියෙනවා.


1. Fix-it Shots


සමහර ෆිල්ම්ස් හෝ TV Show ශූට් කරනකොට ෆිල්ම් එකේ ඒ දර්ශනයට අදාළ නැති object එකක් හෝ පුද්ගලයෙක් ව කැමරාවට අහුවෙලා තියෙන්න පුළුවන්. හිතන්න නිකන් ඉතිහාස කතාවක් තියෙන ෆිල්ම් එකක් ශූට් කරන සෙට් එකේ වැරදීමකින් crew එකේ කාගේහරි Laptop එකක් තිබ්බ කියලා. එහෙම නැත්නම් මොකක්හරි Scene එකක් ශූට් කරනකොට crew එකේ කවුරුහරි කෙනෙක් ව වැරදීමකින් කැමරාවට අහුවෙලා තිබ්බා කියලා හිතන්න. සමහර විට මේ වැරදීම් අහුවෙන්නේ ෆිල්ම් එක එඩිට් කරනකොට වෙන්න පුළුවන්. VFX යූස් කරන්නැති කාලයේ මේක හරිගස්සන්න කරේ ඒ සීන් එක ආයේ ශූට් කරන එක. මේක හරිම කරදර සහ වියදම් යන වැඩක්. ඒත් VFX යූස් කිරීමෙන් මේ වැරදීම් නිවැරදි කරගන්න පහසු වෙලා තියෙනවා. VFX යූස් කරලා මේ වැරදීම් පිටතට නොපෙනන පරිදි(seamless) ඉවත් කරන්න(removal), අනවශ්‍ය දේවල් කපාහරින්න(cleanup) සහ මොකක් හරි දර්ශනයක් වැඩිදියුණු කරන්න(modification) පුළුවන්. මේ දේවල් කරාම අදාළ දර්ශනයේ ෆූටේජ් එකේ කිසිම වැරද්දක් නොපෙනෙන(invisible), Visual Effect එකක් යූස් කරලා කියලා නොපෙනෙන(leaves no traces) සහ ෆිල්ම් එකේ අදාළ ශොට් එක බලපෑමක් ඇති නොවන විදිහට(does not affect the rest of the shot) අදාළ ෆූටෙජ් එක ලබාගන්න පුළුවන්. මේ fix-it method එකත් කොටස් කිහිපයක් යටතේ කැටගරයිස් කරන්න පුළුවන්.


Removing unwanted elements (crew එකේ කට්ටිය, ශොට් එකට අනවශ්‍යය object එකක් හෝ චරිතයක් හෝ හෙවනැල්ලක් නැත්නම් පරාවර්තනයක්(reflection) ඉවත් කරන එක තමයි මේකෙන් කියන්නේ.)

අනවශ්‍ය දේවල් රූපරාමු වලින් ඉවත් කිරීම

Modifying or fixing mistakes in set elements or props (set එකේ තියෙන මොකක්හරි object එකක හෝ චරිතයක වැරදියට තියෙන දෙයක් හරිගස්සවන එක තමයි මේකෙන් කරන්නේ. උදාහරණයක් විදිහට වැරදි තියෙන Road Sign එකක් නිවැරදි කරන එක ගන්න පුළුවන්.)

Prop එකක තිබුන වැරද්දක්

Split-Screens (මේකෙන් කරන්නේ වෙන වෙන් ව ගත්තු එකම දර්ශනයක ට අදාළ ශොට්ස් දෙකක් හෝ කිහිපයක් එකට එකතු කරන එක.)

Split-screen (එකම නලුවා දෙවිදියකට ඉන්න අවස්තා දෙකක් ශූට් කරලා ඒ දෙකම එකක් විදියට Composed කරන එක තමා මෙතන කරන්නේ)

Enhancing prosthetics, make up or practical effects (මේකෙන් කියන්නේ සෙට් එකක් ඇක්ටර්ස් ලගේ make up සහ තුවාල වගේ prosthetics හෝ සෙට් එකක් ශූට් කරන practical effect ඒ කියන්නේ explosion එකක වගේ තාත්වික භාවය සහ ඩිරෙක්ටර් අවශ්‍යය මට්ටම ට අරන් එන්න වැඩිදියුණු කරන එකයි.(enhancing) ඒ වගේම මේකෙදි අනවශ්‍යය prosthetics සහ practical effects වල කොටස් අයින් කරන එකත් සිදු කරනවා.)

වැඩිදියුණු කල Prosthetics මේකප්

Beauty/aging Enhancements (මේකෙදි කරන්නේ ඇක්ටර් කෙනෙක් ගේ බොහෝවිට මුහුණේ ස්වභාවය දර්ශනයට අවශ්‍යය පරිදි CGI වලින් වෙනස් කරන එක. රැවුලක් දාන එක හෝ තියෙන රැවුල අයින් කරන එක, මුහුණ මහත් කරන එක එහෙම නැත්නම් වයසට ගිහින් ඉන්න කෙනෙක් තරුණ වයසට හෝ තරුණ කෙනෙක් වයස් ගත් කෙනෙක් විදිහට පෙන්වන එක මේකෙන් කරනවා.)

De-aging කරන්න කලින් Mark Hamil, ලූක් ස්කයිවෝකර් විදියට


De-aging කලාට පස්සේ Mark Hamil, ලූක් ස්කයිවෝකර් විදියට

Stabilizing Camera Shake (ශූට් කරනකොට කැමරාවේ සිදුවෙන සෙලවීම් නිසා ශොට් එක අවුල් ගියොත් ඒක හරිගස්සන එක තමා මේකෙන් කරන්නේ.)

1917 ෆිල්ම් එකේ තියෙන්නේ තනි ටේක් එකකින් ගත්ත ශොට්ස්. මේ වගේ ශොට්ස් වලදී කැමරාවේ සෙලවීම් වෙන්න පුලුවන් ගොඩ වෙලාවක් එක දිගට ශූට් කරන නිසා. ඒ වගේ අවස්තාවලදී තමා Stabilizing යොදා ගන්නේ

Fixing strobing lights, TV screens or monitors(මේකෙන් කියන්නේ ෆිල්ම් එකක ශොට් එකක් තියෙන strobe lights(music concerts හෝ night club වල තියෙන lights වර්ගයක්) හා digital screens වල වැරදි හරිගස්වන එක.)

ඩිජිටල් ස්ක්‍රීන් භාවිතය

Retiming action (මේකෙන් කරන්නේ මොකක්හරි object එකක් හෝ චරිතයක් පරක්කු වෙලා ක්‍රියාත්මක වෙනවනම් හෝ පරක්කු වෙලා ඇක්ට් කරනවනම් ඒක හරිගස්සන එක. උදාහරණයක් විදිහට gun shot එකකට ඇක්ටර් කෙනෙක් පරක්කු වෙලා react කරනවනම් ඒක හදන්න Visual Effects යූස් කරන්න පුළුවන්.)

Mortal Kombat (2021) ෆිල්ම් එකේ ගන් ශොට් ඇක්ශන් සීන් එකක්

මේ විදිහට Visual Effects ඇසුරින් වැරදි හරිගස්වන එකට කියන්නේ Paint Out කරනවා කියලා. මේකේ වැදගත්ම දේ ෆූටේජ් එක බලන කෙනෙක් ට ඒකේ මොකක්හරි දෙයක් paint out කරලා තියෙනවා කියලා දැනගන්න බැරිවෙන විදිහට VFX යූස් කරලා තියෙන එකයි. ඒ විදිහට කිසිම ට්‍රේස් එකක් හොයාගන්න බැරි විදිහට paint out කරපු ෆූටේජ් එකකට කියන්නේ clean plate එකක් කියලා. VFX කියන්නේ හැම තිස්සෙම තියෙන ෆූටේජ් එකට මොකක්හරි දෙයක් add කරන එක. මේකෙදි කරන්නේ වැරදීමක් අයින් කරන එක වුණත් ඒක අයින් කරාට පස්සේ ෆූටේජ් එකේ black hole එකක් ඇති නොවන විදිහට ඒ අඩුව පුරවන එක තමයි වැදගත්ම දේ. 


2. Screen Inserts


ගොඩක් ෆිල්ම්ස් වල prop එකක් විදිහට Digital Screens යූස් කරනවා ඔයාලා දැකලා ඇති. ගොඩක් වෙලාවට ඇක්ෂන් එහෙම නැත්නම් Sci Fi ෆිල්ම්ස් වල එහෙම ඒ වගේ ඒවා බලාගන්න පුළුවන්. Digital Screens කියන්නේ ඕනෑම TV Screen, PC Moniter, LED Ad Screen එකක් හෝ Mobile Phome  Screen එකක් වෙන්න පුළුවන්. ෆිල්ම් එකේ ඒ ඒ අවස්ථාවට අවශ්‍යය වන පරිදි, උදාහරණ විදිහට බෝම්බයක් පුපරන්න යන count down එකක් වගේ නැත්නම් ෆයිල් එක අප්ලෝඩ් කරනවා වගේ එකක් ඒ ඒ screen වල පෙන්නන්න අවස්ථා එනවා. මේකට කලින් හදපු Video feed එකක් ප්ලේ කරලා අවශ්‍යය දර්ශනට ලබාගත්තු එක තමා මුල් කාලයේ කරේ. හැබැයි දැන් වෙනකොට Visual Effects යූස් කරලා ඕනෑම screen එකකට ඕනෑම දර්ශනයක් දාන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. Avatar ෆිල්ම් එකේ තිබ්බ transparent screens නිර්මාණය කරලා තියෙන එක මේකට හොඳම උදාහරණයක්. 

Avatar ෆිල්ම් එකේ විනිවිද පේන ස්ක්‍රීන්

Practical Effect එකක් විදිහට Video feed එකක් ප්ලේ කරනකොට එන timing වගේ ප්‍රශ්න Visual Effects යූස් කරනකොට එන්නේ නෑ. ඒ වගේම පරණ ස්ටයිල් එකේ screens වල ඉඳන් futuristic screens වලට යනකන් දේවල් Visual Effects ඇසුරින් නිර්මාණය කරන්න පුළුවන්. Wandavision එක මේකට හොඳ උදාහරණයක්. මේ වගේ වාසි ගොඩක් මේකේ තියෙනවා.

WandaVision සීරීස් එකේ ඒ ඒ කාල වලට ගැලපෙන්න TV ස්ක්‍රීන් හදන්න VFX භාවිතය

3. Rig Removal and Period Cleanup


මේකත් බොහෝදුරට කලින් කියපු fix-it එකට සමානයි. වෙනස වෙන්නේ fix-it එකේ කරන්නේ වැරදි හරි ගස්වන එක. ඒත් මේකේදි කරන්නේ සෙට් එක අවශ්‍යය වෙන හැබැයි අදාළ දර්ශනයට අවශ්‍යය නොවන දේවල් කපලා අයින් කරන එක. උදාහරණයක් විදිහට ඔය stunts වලට එහෙම safety measure එකක් විදිහට යූස් කරන cables තියෙන්නේ. ඒවා සෙට් එකේ ශූට් කරන්න අවශ්‍යයි. හැබැයි ෆිල්ම් එකේ දර්ශනයට ඒවා දාන්න බැහැ. ඉතින් මේවා අයින් කරන එක තමා Rig Removal සහ Period Cleanup කරනවා කියන්නේ. ඒ වගේම බිල්ඩිමක තියෙන AC යුනිට්ස් සහ ලයිට්ස් වගේ දේවල් අයින් කරන එකත් මේකට හොඳ උදාහරණයක්.

Man Of Steel ෆිල්ම් එකේ සුපර් මෑන්ගේ පියාසර දර්ශන වලට කේබල් භාවිතා කිරීම

4. Set Extensions


Set Extensions එකක දී කරන්නේ ප්‍රායෝගිකව හෝ වෙනත් හේතුවක් මත සෙට් එකට ගේන්න බැරි object එකක් හෝ චරිතයක් හෝ පසුබිම් දර්ශනයක් CGI හෝ matte painting යූස් කරලා නිර්මාණය කරන එකයි. මේකට පොඩිම පොඩි පෑනක වගේ දෙයක ඉඳලා මුළු බැක්ග්‍රවුන්ඩ් එකම සෙට් එකට ආදේශ කරන එක දක්වා දේවල් අයිති වෙනවා. ඒ දේවල් ඩිපෙන්ඩ් වෙන්නේ ෆිල්ම් එකේ ඩිරෙක්ටර් එයාට ෆිල්ම් එකට අවශ්‍යය දර්ශනයේ විෂන් එක මතයි. මේසයක් මත තියෙන CGI ඇපල් ගෙඩියක්, CGI වලින් හදපු වලාකුළු සහිත අහසක්, CGI වලින් හදපු සම්පූර්ණ බැක්ග්‍රවුන්ඩ් එකක් හෝ matte painting වලින් හදපු බැක්ග්‍රවුන්ඩ් එකක් මේකට උදාහරණ විදිහට ගන්න පුළුවන්. Set Extension එකක් කරද්දී CGI යූස් කරන්න බලාපොරොත්තු වෙන පසුබිමට green screen/blue screen එකක් යොදාගන්නවා. මේ අවස්තාවේ දි ෆිල්ම් එකේ අදාළ දර්ශනයට ඇකියුරේට් වෙන විදිහට පරිසරයේ ආලෝකය සහ පරාවර්තනය වගේ atmospheric accuracy එක උපරිමෙන් ම තියෙන විදිහට තමයි CGI යූස් කරන්නේ.

Set Extension

5. Crowd Tiling/Crowd Simulation


Crowd Tiling සහ Crowd Simulation දෙක පොදුවේ හඳුන්වන්නේ Crowd Multiplication විදිහටයි. මේකෙදි කරන්නේ ශූට් කරන ක්‍රවුඩ් එකක් ඉන්න ප්‍රමාණයට වඩා සෑහෙන ගාණක් පෙනෙන පරිදි Visual Effects යූස් කරලා වැඩි කරන එක. මේ අතරින් Crowd Tiling එකේදි කරන්නේ එකම ශොට් එකක එක තැනක ඉන්න ක්‍රවුඩ් එක ශූට් කරලා ඒ ක්‍රවුඩ් එකම තවත් තැන් වලට ගෙනහිල්ලා වෙනස් විදිහට මික්ස් කරලා දාලා ශූට් කරලා ඒ ඔක්කොම එකම ශොට් එකකට ආදේශ කරන එක. උදාහරණයක් විදිහට ෆුට්බෝල් ස්ටේඩියම් එකක මිනිස්සු 1000 ක් පිරිලා ඉන්නවා කියලා පෙන්නන්න ඕනේ නම් සහ සෙට් එකේ ඉන්නේ මිනිස්සු 100 නම් ඒ සියදෙනා ඉස්සෙල්ලාම ස්ටේඩියම් එකේ එක තැනක ශූට් කරලා ඊටපස්සේ එයාලව ස්ටේඩියම් එක වටේට ගෙනහිල්ලා ඉන්න ඔර්ඩර් එක වෙනස් කර කර ශූට් කරලා ෆයිනල් දර්ශනය විදිහට මුළු ස්ටේඩියම් එකේම මිනිස්සු 1000 ක් ඉන්න ශොට් එකක ලැබෙන විදිහට composite කරන්න පුළුවන්. මේකේ වාසිය මිනිස්සු 100 ක් අරන කරන එක මිනිස්සු 1000 ක් අරන කරනවට වඩා පහසුයි සහ ලාභදායකයි. Crowd Simulation එකේ කරන්නේ CGI වලින් හදන Crowd එකක් ශොට් එකට ආදේශ කරන එක. හැබැයි මේක Crowd Tiling වලට වඩා වියදම් යන කටයුත්තක් සහ ඇකියුරසි එකේ පොඩි ප්‍රශ්නයකුත් තියෙනවා. මේ Simulation කියන්නේ මොනවද කියලා අපි ඉස්සරහට කතා කරනවා.

Forest Gump ෆිල්ම් එකේ Crowd Multiplication

6. Action Elements


Gun fightings, stunts, blood, දරුණු තුවාල ඇති කිරීම සහ explosions වගේ action කැටගරියේ දේවල් CGI සහ වෙනත් Visual Effects යූස් කරලා නිර්මාණය කරන එක දැන් ෆිල්ම්ස් ෆීල්ඩ් එකේ නිතරම සිදුවෙන දෙයක්. ඉස්සර මේ සඳහා Special Effects යූස් කරත් දැන් නම් තුවක්කුවේ ඉඳන් slow motion bullet යන ඒවා, බිල්ඩිමක් පිපිරෙන ඒවා, යුද්ධ වල වෙන තුවාල වෙන ඒවා සහ nuclear blast එකක් වෙනකන් වගේ දේවල් CGI වලින් නිර්මාණය කරන්න ෆිල්ම් ඩිරෙක්ටර්ස් ලා පෙළඹිලා ඉන්නවා. Christopher Nolan වගේ ඩිරෙක්ටර්ස් ලා කිහිප දෙනෙක් විතරයි මේ වෙනකොට CGI යූස් කරලා action කරනවට වඩා Practical Effects වලට වැඩි අවධානයක් දෙන්නේ. හැබැයි මේ CGI ඇතුළු visual effects යූස් කරන එකෙන් කලින් ප්‍රැක්ටිකලි කරන්න බැරි ගොඩක් ඇක්ෂන් ශොට් එකකට ගන්න දැන් පුළුවන් වෙලා තියෙනවා.

ඇක්ශන් සීන් සදහා VFX භාවිතය

Visual Effects කැටගරයිස් කරන්න පුළුවන් සරලම විදිහට තමයි උඩ දාලා තියෙන්නේ. දැන් මම හිතනව ඔයාලට යම්කිසි දැනුමක් ඇති මේ VFX කියන්නේ මොනවද සහ ඒවා යූස් කරන්නේ මොනවගේ අවස්ථා වලට ද කියලා. ඊළඟට අපි කතා කරන්න යන්නේ VFX ෆිල්ම් වලට යොදාගන්නා process එක ගැන කතා කරන්න. හරිම සංකීර්ණ ප්‍රොසෙස් එකක් හැමෝටම තේරෙන විදිහට මම සරලව පැහැදිලි කරලා තියෙනවා. 


Visual Effects නිර්මාණය කිරීමේ ප්‍රොසෙස් එක


Visual Effects නිර්මාණය කරන ප්‍රොසෙස් එක කලින් කිව්වා වගේ හරිම සංකීර්ණ දෙයක්. සමහර VFX කරන්න එක ආර්ටිස්ට් කෙනෙක්ට පුළුවන් වුණත් සමහර VFX එකක් කරන්න ආර්ටිස්ට් ලා දහයක් විතර එකතු වෙනවා. එහෙම එක ෆිල්ම් එකකට VFX ආර්ටිස්ට් ලා දහස් ගණනක් වෙනකන් එකතු වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම එක ෆිල්ම් එකකට VFX සම්බන්ධ ආයතන කිහිපයක් ම එකතු වෙම අවස්ථා තියෙනවා. මේ හැම දෙයක්ම පැහැදිලි කරන එක එක ලිපියකින් තියා පොතකින් වත් කරන්න අමාරු දෙයක්. ඒ නිසා පුළුවන් තරම් සරලව කෙටියෙන් මේ දේවල් මෙතන විස්තර කරලා තියෙනවා. මේකෙදි VFX නිර්මාණය කරන විදිහ ඒ කියන්නේ workflow එක සහ එක එක VFX වර්ග නිර්මාණය කරන විදිහ ගැන කතා කරනවා.

VFX ප්‍රඩක්ශන් එකක Workflow එක


1. Pre-production Crafts


සාමාන්‍යයෙන් Visual Effects යූස් කරන්නේ ෆිල්ම් එක ශූට් කරාට පස්සේ Post-production වලදි කියලා තමයි සලකන්නේ. හැබැයි මේ VFX ප්‍රොසෙස් එකක් ශූට් කරන්නත් කලින් Pre-production ලෙවල් එකේ ඉඳන් තමයි පටන් ගන්නේ. Pre-production එකේදි කරන්නේ ඩිරෙක්ටර්ට, කෲ එකට සහ ඇක්ටර්ස් ලට ෆිල්ම් එකේ VFX යෙදෙන තැන් ගැන අවබෝධයක් ලබාදෙන එක. මේකට ඩිරෙක්ටර් ෆිල්ම් එක දකින විෂන් එක අනුව VFX artists විසින් අඳින concept arts වගේ දේවල් යූස් කරනවා. මේකේ විශේෂත්වය වෙන්නේ සාමාන්‍යයෙන් VFX ශූට් කරාට පස්සේ ශොට් එක ෆයිනලයිස් කරන්න යූස් කරත් මෙතනදී ශූට් කරන එක පහසු කිරීමේ ප්‍රොසෙස් එකක් තමයි වෙන්නේ. Pre-productuon VFX crafts එහෙම නැත්නම් යාන්ත්‍රණ දෙකක් තියෙනවා.


• Previs


Previs එහෙම නැත්නම් Previsualization කියන්නේ ඩිරෙක්ටර් ට එක සීන් එකක් කැමරා ෆ්‍රේම් එකට ගන්නේ කොහොම ද කියලා කලින් පෙන්වන එක. එතකොට ඩිරෙක්ටර් ට පුළුවන් ඒ සීන් එකට අදාළව සෙට් එක නිර්මාණය කරන්නේ කොහොම ද කියලා සහ සෙට් එකේ කැරැක්ටර්ස් ඇක්ට් කරන්නේ කොහොම ද කියලා කෲ එකටයි කාස්ට් එකටයි පෙන්වන්න. මේකට වර්තමානයේ 3D storyboard එකක් යූස් කරනවා. ඔයාලා දන්නවා ඇති storyboard කියලා කියන්නේ ඩිරෙක්ටර් විසින් තමන්ගේ ෆිල්ම් එකක සීන්ස් දකින විදිහ අනුව අඳින චිත්‍ර කියලා. මේවා අතින් අඳින ඒවා. හැබැයි දැන් low resolution CGI යූස් කරලා ඩිරෙක්ටර් ට අවශ්‍යය දර්ශනය 3D විදිහට නිර්මාණය කරන්න පුළුවන් වෙලා තියෙනවා. හරියට නිකන් වීඩියෝ ගේම් එකක් වගේ. පරිසරය කොහොම ද තියෙන්නේ, props කොහොම ද තියෙන්නේ ඒ වගේම ඇක්ටර්ස් ලා ඇක්ට් කරන්න ඕන විදිහත් තියෙනවා. මේකට කියන්නේ Simulation Camera එහෙම නැත්නම් simul-cam කියලා. මේක ගොඩක් වෙලාවට යූස් කරන්නේ CGI ඇතුළු Visual Effects සෑහෙන ප්‍රමාණයක් යූස් කරන සීන්ස් ශූට් කරන්න. මේකෙන් ඇක්ටර්ස් ල ට සහ කෲ එකට සීන් එකට අදාළ තමන් ගේ කොටස කරන්න පහසුයි.

තානෝස්ගේ Previs පෙනුම

• Concept Art


Previs එකකින් කරන්නේ ගොඩක් වෙලාවට සෙට් එක තුළ props සහ කැරැක්ටර්ස් තියෙන්න ඕන විදිහ සහ හැසිරෙන්න ඕන විදිහ. Concept arts වලින් කරන්නේ වැඩි අවධානයක් යොමු වෙන CGI ඇතුළු VFX සහිත දේවල් ඩීටේල්ස් සහිතව art එකක් විදිහට ඒ කියන්නේ චිත්‍රයක් එහෙම නැත්නම් පින්තූරයක් විදිහට පෙන්වන එක. ෆිල්ම් එකක CGI වලින් හදපු ප්‍රධාන කැරැක්ටර් එකක් හෝ ස්ථානයක් වගේ දෙයක් VFX කරන artists ල ට අදාළ CGI කැරැක්ටර් එක  හෝ ස්ථානය highly detailed සහ ඇකියුරේට් විදිහට නිර්මාණය කරන්න උදව් කරන එක තමා මේ Concept Arts නිර්මාණය කරන එකෙන් කරන්නේ. උදාහරණ විදිහට MCU එකේ Thanos, Avatar එකෙ Na'vi කෙනෙක්, Jurassic World එකේ Indominus Rex, Interstellar එකේ Black Hole එක සහ Avatar එකේ Na'vi අයගේ Home Tree එක වගේ දේවල් ගන්න පුළුවන්. මේ Concept arts නිර්මාණය කරන්න අතින් අඳින එකේ ඉඳන් Photoshop, 3D Softwares දක්වා ටූල්ස් සහ ටෙක්නොලොජීස් යූස් කරනවා.

Avatar 2 ෆිල්ම් එකේ කන්සෙපෙට් ආට් එකක්

2. Camera Tracking


Camera Tracking කියන්නේ මේකයි. Green screen එකක හරි blue screen එකක ශූට් කරනකොට ගන්න ඕන කැමරා මූව්මන්ට්ස් තියෙනවා. ඒ කියන්නේ හිතන්න සෙට් එකක් තියෙනවා. සෙට් එක කවර් වෙලා තියෙන්නේ ග්‍රීන් ස්ක්‍රීන් එකකින්. ඒ කියන්නේ අදාළ දර්ශනයේ බැක්ග්‍රවුන්ඩ් එක වෙනම VFX යූස් කරලා නිර්මාණය කරන්න බලාපොරොත්තුවෙන් තමා තියෙන්නේ. එත්කොට සෙට් එක ඇතුළේ ලයිව් ඇක්ෂන් ශූට් කරනකොට ෆයිනල් දර්ශනය එන්න ඕන විදිහට ඒ කියන්නේ සෙට් එක ඇතුළේ props සහ කැරැක්ටර්ස් ශූට් කරන කැමරා මූව්මන්ට් වලට අමතරව ආදේශ කරන්න ඉන්න බැක්ග්‍රවුන්ඩ් එකේ තියෙන දේවල් කැමරාවට හරි විදිහට ගන්න එක තමා මේකෙන් කරන්නේ. නිකන් හිතන්න ග්‍රීන් ස්ක්‍රීන් එකක උඩ ඉඳන් කැමරා එක අරන් එනවා යට ඉන්න ඇක්ටර් ළඟට එතකොට අර ග්‍රීන් ස්ක්‍රීන් එකේ උඩ කැමරාවට ෆෝකස් කරන්නේ සමහර විට ඒ ශොට් එකේ VFX වලින් නිර්මාණය කරන මිනිහා ළඟට කන්දක් උඩ ඉඳන් වැටෙන ගලක් වෙන්න පුළුවන්. එතකොට ඒ ගල පහළට පෙරළෙන එක හරියට ට්‍රැක් වෙන විදිහට ශූට් කරන්න ඕනේ. ඒක තමා Camera Tracking කියන්නේ. මේකට ග්‍රීන් ස්ක්‍රීන් එකේ අදාළ මූව්මන්ට්ස් ට්‍රැක් කරන්න ඕන විදිහ පෙන්වන markers සලකුණු කරලා තියෙනවා. (මේ ග්‍රීන් ස්ක්‍රීන් ගැන වැඩිදුරට විස්තර කිරීමක් ඉස්සරහට තියෙනවා.)

ග්‍රීන් ස්ක්‍රීන් වල යොදාගන්න කැමරා ට්‍රැකින් පොයින්ට්ස්

3. Layout


මේකත් බොහෝදුරට කලින් කියපු Previs එකට සමානයි. ෆිල්ම් එකක සීන් එකක VFX යෙදෙන්න ඕන ආකාරය පෙන්වන layout එකක් එහෙම නැත්නම් සැලසුමක් හදන එක තමයි මේකෙන් කරන්නේ. හැබැයි මේක කරන්නේ සීන් එකක් ශුට් කරාට පස්සේ. ඩිරෙක්ටර් ගේ විශන් එක අනුව ඉස්සෙල්ලාම Previs සහ Storyboards උදව් කරගෙන සීන් එකක් ශූට් කරනවා. ඊට පස්සේ ඒ සීන් එකේ කැරැක්ටර්ස් ලා සහ props VFX Composite කරාට පස්සේ එන ෆයිනල් දර්ශනය පුළුවන් තරම් ඇකියුරේට් විදිහට හදන්න උදව් කරන සැලැස්ම ඉස්සෙල්ලාම හදන්න ඕනේ. හරියට pistol එකකින් වෙඩි තිබ්බම උණ්ඩේ යන විදිහ, VFX දුමකට මිනිස්සු ප්‍රතිචාර දක්වන විදිහ ශූට් කරලා තියෙනවනම් ඒ දුම පැතිරෙන විදිහ VFX වලින් නිර්මාණය කරන්න අවශ්‍යය සැලසුම එහෙම නැත්නම් Layout එක හදන එක වගේ දේවල් තමා මේකෙදි කරන්නේ.

Layout සදහා උදාහරණයක්

4. Modeling


Modeling කියන්නේ VFX වල බොහෝවිට CGI වලින් නිර්මාණය කරන object එකක් හෝ කැරැක්ටර් එකක 3D model එකක් එහෙම නැත්නම් ත්‍රිමාණ අනුරූපයක් විවිධ 3D Softwares යූස් කරලා නිර්මාණය කරන එක. හරියට stautue එකක් ඒ කියන්නේ පිළිමයක් හදනවා වගේ. හැබැයි digitally, Computer එකකින්. ඕනම 3D Model එකක් හදන්නේ polygons එකතු කරලා. Polygons(polys) කියන්නේ මොකක්හරි surface එකක් එහෙම නැත්නම් පෘෂ්ඨයක් කියන එක. මේ polygon එකක් සෘජු තීරූ(straight lines/edges) කොන් වලට(points/verticles) සම්බන්ධ වෙලා තමයි හැදෙන්නේ. හිතන්න නිකන් සමචතුරස්‍රයක්(square). අන්න ඒක polygon එකක්. මේ වගේ polygon රාශියක් එකතු කරලා තමයි 3D Model එකක් නිර්මාණය කරන්නේ. 3D Model එකක් හදන්න යූස් කරලා තියෙන polygons ගණන වැඩිවෙන්න වැඩිවෙන්න ඒ 3D model එකේ details ගණන වැඩිවෙනවා. 

පොලිගන් භාවිතයෙන් 3D මොඩල්ස් නිර්මාණය

Call of Duty video game සීරීස් එක මුල ඉඳන් ම ප්ලේ කරපු කෙනෙක් දන්නවා ඇති මුලම ගේම්ස් වල කැරැක්ටර්ස් සහ objects නිකන් කොටුවට වගේ තියෙනවා කියලා. ඊට පස්සේ ටික ටික realistic වෙලා ඇත්ත ලෝකේ මිනිස්සු ගාණට වගේ ඇවිල්ලා තියෙනවා දැකලා ඇති. මෙහෙම වෙන්නේ ඒවල details සෑහෙන වැඩි නිසා. මේකට එක හේතුවක් තමයි යූස් කරන polygons ගණන. මේ 3D modeling වර්ග දෙකක් තියෙනවා.

ඩීටේල් විශාල ප්‍රමාණයක් තියෙන 3D මොඩල් එකක්

• Technical Modeling


Technical Modeling කියන්නේ බොහෝවිට මිනිස්සු(හෝ aliens ල හරි, orcs ලා හරි ඕනෑම කෙනෙක්) කෘතිමව නිර්මාණය කරන දේවල් ඒ කියන්නේ වාහන, තුවක්කු, බිල්ඩිම්, ප්ලේන්ස් සහ පාරවල් වගේ දේවල් 3D models විදිහට නිර්මාණය කරන එක. මේවා blueprints(ආකිටෙක්චර්ස්ලා විසින් නිර්මාණය කරන ගොඩනැඟිලි වල සැලසුම්), diagrams( රූප සටහන්) සහ පින්තූර හෝ ෆොටෝස් ඇසුරින් තමයි නිර්මාණය කරන්නේ.

ස්පේස් ශිප් එකක 3D මොඩල් එකක්


• Organic Modeling


Organic Modeling කියන්නේ මිනිසුන්, සතුන්, ගස්වැල්, aliens ලා හෝ ඒ වගේ ඕනෑම creature එකක් 3D Model එකක් විදිහට නිර්මාණය කරන එක. මේකට CGI ගැන තියෙන දැනුමට අමතරව පිළිම නෙළන කෙනෙක්ට තියෙන දැනුම(sculpting knowledge and instincts) තියෙන්න ඕනේ. මොකද මේකෙදි කරන්න පණ තියෙන දේවල් නිර්මාණය කරන එක. ඒකට උපරිම ඇකියුරසි එකක් තියෙන්න ඕනේ. 

Avatar ෆිල්ම් එකේ Na'vi ගේ කැරැක්ටර් එකේ 3D මොඩල් එක


5. Texturing and Shading


3D model එකක් හැදුවම ඊළඟට එන ප්‍රශ්නේ තමයි මේ 3D model එකේ රියලිස්ටික් ගතිය. Polygons සෑහෙන ගණනක් එකතු කරලා අපිට ගෝලයක්(sphere) හදා ගන්න පුළුවන්. හැබැයි මේ ගෝලය ෆුට්බෝලයක්,බාස්කට් බෝලයක්, ඇසක් එහෙම නැත්නම් ග්‍රහලෝකයක් වෙන්න පුළුවන්. ඒ නිසා 3D model එකක් හදාගත්තට පස්සේ ඒකේ surface එක අපිට අවශ්‍යය පරිදි සකස් කරගන්න එක තමා Texturing and Shading වල කරන්නේ. 


• Shading


Shading කියන්නේ 3D model එකක surface එක අවශ්‍යය පරිදි සකස් කරන එක. මේකෙදි ගොඩක් වෙලාවට බේසික්ස් සහ කැපීපෙනෙන ලෙස වෙනස් කිරීම තමයි කරන්නේ. සියුම් වැඩ කරන්නේ texuring වල. Shading වලදී surface එකේ base colour එක(diffuse), Specular එක(shininess/දිලිසීම), Reflection(පරාවර්තනය), Refraction(වර්තනය ඒ කියන්නේ වීදුරුවක් තුළින් ආලෝක කිරණ ගමන් කිරීම වගේ ඒවා.) සහ transparency(විනිවිද පෙනීම) යන දේවල් 3D model එකට ඇඩ් කරනවා.

ශේඩ් කිරීම අවසන් කල 3D මොඩල් එකක්


• Texturing


Texturing කියන්නේ Shading කරපු 3D model එකක සියුම් details ඇති කරන එක. ඒ කියන්නේ surface එකක තියෙන දූවිලි, රළු හෝ සියුම් බව, කාළගුණය surface එකට බලපාන ආකාරය සහ පාට වල ඇතිවන සියුම් වෙනස්කම් වගේ ඒවා. මේ Texturing වැඩ කරන්නේ highly skilled VFX artists ලා. ඒ තරමට texturing කියන එක අමාරු වැඩක්. CGI එකක සහ රියල් වර්ල්ඩ් එකේ දෙයක් අතර ඇති වෙනස human naked eye එකට නොපෙන්වීමේ වගකීම තියෙන්නේ texturing කරන අයට.

උපරිමේටම Textured කරපු CGI කැරැක්ටර් එකක්


6. Rigging 


Organic Creature එකක ඒ කියන්නේ පණ තියෙන ජීවියෙක් ගේ මූව්මන්ට්ස් හරිම සංකීර්ණයි. සිම්පල් walking cycle එකක ඉඳන් කම්ප්ලෙක්ස් ඇක්ෂන් සීන් දක්වා CGI කැරැක්ටර්ස් වල මූව්මන්ට්ස් CGI වලින් නිර්මාණය කරන එක හරිම අමාරු දෙයක්. ඒකට තමා මේ rigging කියන එක යූස් කරන්නේ. මේකෙදි කරන්නේ මේකයි. Rigging වලදී අදාළ CGI කැරැක්ටර් එකේ සැකිල්ල හදනවා. ඒකට කියන්නේ skeleton කියලා(ඇටසැකිල්ල). මේක ඕනම සතෙක් ගේ නැත්නම් මිනිහෙක් ගේ ඇටසැකිල්ලකට සමානව හදන්න පුළුවන්. පෙනුමෙන් විතරක් නෙවේ ක්‍රියාකාරිත්වයෙනුත් එහෙමයි. මේකෙදි යූස් කරන්නේ IK එහෙම නැත්නම් Inverse Kinetics කියන කන්සෙප්ට් එකක්. මේ skeleton එකේ එක එක කොටස් (අස්ථි කියලා ගන්න) එකට සම්බන්ධ වෙන ජොයින්ට්ස් වලින් අදාළ අස්ථිය ඕනෑම විදිහට මූව් කරන්න එහෙම නැත්නම් හොලවන්න පුළුවම්. උරහිසට සම්බන්ධ වෙලා තියෙන අත අපි නමන්නේ. අන්න ඒ විදිහට. තව සරලව ගත්තොත් සමහර ඇක්ෂන් ෆිගර් තියෙන්නේ අත් කකුල් එහෙම නමන්න පුළුවන්. අන්න ඒ විදිහට මේ skeleton එකේ අත් කකුල් සහ අනිත් අදාළ ඒවා VFX artists ට අනුව වෙනස් කරන්න පුළුවන්.

3D මොඩල් එකක Rigging එකක්


7. Animation 


Animation ගැන නම් ඕන කෙනෙක් දන්නවා ඇති. 2D විදිහට නිර්මාණය කරපු single frame ඇනිමේෂන් වල ඉඳන් stop motion ඊට පස්සේ දැන් 3D ඇනිමේෂන් දක්වා ඇනිමේෂන් ෆිල්ම් ෆීල්ඩ් එක ඇවිල්ලා තියෙනවා. මේ 3D space එකේ නිර්මාණය කරන ඇනිමේෂන් 2D වලට වඩා සෑහෙන කම්ප්ලිකේටඩ් දෙයක්. සෑහෙන ඩීටේල්ස් ප්‍රමාණයක් පේන විදිහට සහ CGI කැරැක්ටර්ස් වල එක්ස්ප්‍රෙෂන්ස් පෙන්වන එකත් මේ වෙනකොට ඇනිමේෂන් ෆිල්ම්ස් හදනකොට අවධානය යොමු කරන දේවල් අතරට අයිති වෙනවා. ඒ වගේම motion capture ටෙක්නොලිජිය යූස් කරලා CGI කැරැක්ටර්ස් ඇනිමේෂන් ෆිල්ම්ස් වලට ගේන මට්ටමට ත් දැන් ඇවිල්ලා තියෙනවා. The Adventure of Tin Tin සහ Alita: The Battle Angel මේකට හොඳම උදාහරණ දෙකක්. ඒ මඟින් CGI කැරැක්ටර්ස් වල සියුම් එක්ස්ප්‍රෙෂන්ස් සහ ඉම්ප්‍රෙෂන්ස් පෙන්නන්න පුළුවන් වෙලා තියෙනවා.

The Adventures of Tin Tin (2011)


8. Motion Capture


Motion Capture වලින් කරන්නේ ඇක්ටර් කෙනෙක් ගේ ඇක්ටින් සියුම් විදිහට කැමරා එකකින් ට්‍රැක් කරලා ඒක rigging කරලා හදාගත්තු 3D model එකකට ආදේශ කරන එක . එතකොට ඒ 3D Model එකකට අදාළ CGI කැරැක්ටර් එකේ මූව්මන්ට්ස් සහ අංගචලන ඇක්ටර් ගේ යුනික් ඇක්ටින් වලට සමාන විදිහට ඇති කරන්න පුළුවන්. ඒ වගේම දැන් performance capture කියලා එකකුත් තියෙනවා. ඒකින් ඇක්ටර් ගේ හැඟීම් වෙනස් වෙන විදිහ සහ ඇස් සෙලවෙන විදිහ වගේ සියුම් දේවල් පවා කැප්චර් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ගොඩක් වෙලාවට ඕනම කැරැක්ටර් එකක් motion capture කරන්න යොදාගන්නේ මිනිස් ඇක්ටර් කෙනෙක් වුණත් සමහර අවස්ථා වල සතුන්ව පවා mo cap කරන අවස්ථා තියෙනවා. ඒ වගේම දැන් වතුර යට mo cap කරන ටෙක්නොලොජියත් ඇවිල්ලා තියෙනවා. Lord of the Rings වල Gollum ගේ චරිතය, King Kong එකේ Kong, Pirates of the Caribbean එකේ Davy Jones, Avatar එකේ Na'vi කැරැක්ටර්ස්, Dawn of the Planet of the Apes එකේ Chimpanzee ලා සහ MCU එකේ Thanos Mo Cap ටෙක්නොලොජීස් යූස් කරලා නිර්මාණය කරපු VFX ඉතිහාසයේ milestones ඇති කරපු කැරැක්ටර්ස් කියලා කියන්න පුළුවන්. මේ mo cap වලින් CGI කැරැක්ටර්ස් හදන ආකාරය වෙනම ඉස්සරහට විස්තර කරලා තියෙනවා.

Lord of the Rings ෆිල්ම් වල ගොලම්ගේ මෝශන් කැප්චර්

9. Lighting


CGI object එකක් හරි කැරැක්ටර් එකකට ආලෝකය වැටෙන ප්‍රමාණය සහ ආලෝකය විහිදුවන ප්‍රමාණය තීරණය කරන්නේ මේ lighting වලදී. ඕනෑම CGI ඔබ්ජෙක්ට් එකක් හරි කැරැක්ටර් එකක් රියල් වර්ල්ඩ් එකත් එක්ක ඇකියුරේට් කරන්න මේ lighting හරියට තියෙන්න ඕන. ආලෝක පරාවර්තනය වගේ දේවල් හරිම සියුම් විදිහට හදන්න ඕන සහ ඒවා මේ ප්‍රොසෙස් එකට ඉතා වැදගත් දේවල්. ඒ වගේම ඔබ්ජෙක්ට් එකේ හෝ කැරැක්ටර් එකේ හෙවණැල්ල(shadow) වැටෙන විදිහ නිර්මාණය කරන්නෙත් මේකෙදි. 

CGI කැරැක්ටර් එකක් Lightning කිරීම


10. Rendering


Rendering වලදී කරන්නේ shading කරාට පස්සේ කරන texturing වගේ දෙයක්. ඒ කියන්නේ lighting කරාට පස්සේ කරන්න ඕන සියුම් ම දේවල් කරන්නේ rendering වලදී. ඒ කියන්නේ මෙහෙමයි. Lighting වල කොච්චර ඇකියුරේට් විදිහට කරත් ඇක්චුවල් කැමරා එකෙන් ශූට් කරන සීන් එක සහ CGI සීන් එක අතර වෙනස්කම් තියෙන්න පුළුවන් lighting වල. Rendering වලින් මේ වෙනස්කම් නැති කරන එක තමයි කරන්නේ. මේකත් Texturing වගේම අමාරු ප්‍රොසෙස් එකක්. Actual Camera එකේ ඉඳන් Virtual Camera එකට අහුවෙන(CGI Scenes එක) දර්ශන දක්වා එකම මට්ටමක ආලෝකය හෝ අඳුර තියාගන්න එක මේ rendering වලදී සිදු කරනවා. 

රෙන්ඩර් කිරීම අවසන් කල CGI කැරැක්ටර් එකක්

11. Compositing 


ගොඩක් VFX ප්‍රොසෙස් වල ෆයිනල් ස්ටේජ් එක තමයි මේක. මේකෙදි කරන්නේ ලයිව් ඇක්ෂන් ෆූටේජ් එක සහ VFX ෆූටේජ් එක Compose එහෙම නැත්නම් එකට එකතු කරන එක. හරියට නිකන් photoshop කරනවා වගේ දෙයක් තමයි කරන්නේ. හැබැයි සංකීර්ණ දෙයක්. මේ ස්ටේජ් එකේදී ලයිව් ඇක්ෂන් ෆූටේජ් එක සහ VFX ෆූටේජ් එක අතර තියෙන colour, contrast, light සහ depth වගේ වෙනස්කම් නොපෙනෙන පරිදි ඇකියුරේට් කරලා අවසන් ෆූටේජ් එක එහෙම නැත්නම් last look එක ගන්නවා. කලින් කිව්වා වගේ human naked eye එකට ලයිව් ඇක්ෂන් ෆූටේජ් එකේ සහ යොදලා තියෙන VFX අතර කිසිම වෙනසක් නොපෙනෙන පරිදි මේක කරන Compositors ලගේ වගකීමක්.

ලයිව් ඇක්ශන් ෆුටේජ් එක සහ VFX ෆුටේජ් එක Composition කල අවස්තාවක්

12. Matte Painting


Matte painting කියන එකත් සෑහෙන ක්‍රෙඩිට් එකක් හම්බෙන්න ඕන දෙයක්. ලොකුවට ටෙක්නොලොජියක් නැතුව ආර්ටිස්ට් ලගේ ආර්ටිස්ටික් ස්කිල්ස් එක්ක නිර්මාණය කරන Matte painting ලයිව් ඇක්ෂන් ෆූටේජ් එකත් එක්ක composite කරන එක ඇත්තටම අමාරු ඒ වගේම noble දෙයක්. මේකේ CGI වල වගේ texturing හෝ rendering වගේ දේවල් නෑ. දක්ෂ ආර්ටිස්ට් ලා නිසා වර්තමානයේ ත් CGI වෙනුවට matte painting යූස් කරන අවස්තා තියෙනවා. 

චිත්‍රපටයක් සදහා Matte Painting සිදු කිරීම


13. Dynamic Simulations


Simulation එකක් කියන්නේ මොකක් ද කියලා දන්නවනේ. කවුරුහරි ක්‍රියාත්මක කරන්නෙකු ගේ අණට අනුව ක්‍රියාත්මක වෙන කැරැක්ටර් එකක් හෝ ඔබ්ජෙක්ට් එකක් නේ. මේ Dynamic Simulations කියන්නෙත් එහෙම දෙයක්. බොහෝවිට big budget ෆිල්ම්ස් හදනකොට තමයි මේක යූස් කරන්නේ. සුනාමියක් එන එකක්, ලොකු එක්ස්ප්ලෝෂන් එකක්, ඒලියන් ශිප්ස් ලෝකේ ඉන්වේඩ් කරන දර්ශනයක් එහෙම නැත්නම් සොම්බී ආර්මි එකක ඉන්වේඩ් එකක් වගේ දේවල් නිර්මාණය කරන්න මේ Dynamic Simulations යූස් කරනවා. මේකෙදි කරන්න තියෙනේ initial හදපු (ආරම්භක) CGI කැරැක්ටර්ස් හොඉ ඔබ්ජෙක්ට්ස් වලට ඒ දේවල් අදාළ සීන් එකේ හැසිරෙන්න ඕන තත්ව(parameters) දීලා ප්ලේ කරන්න විතරයි. අවශය CGI දර්ශනය automatically එනවා. හැබැයි මේකෙදි independent විදිහට CGI සීන් නිර්මාණය කරනවටා වඩා රියල් වර්ල්ඩ් එකත් එක්ක තියෙන ඇකියුරසි එක අඩුයි. හැබැයි කලින් කිව්වා වගේ big budget ෆිල්ම්ස් වල කාලය සහ වියදම ඉතුරු කරගන්න මේ වගේ simulations යූස් කරනවා. මේකට කියන්නේ CGI flooding කියලා. Dynamic Simulations වර්ග කීපයක් කෙටි හැඳින්වීමක් එක්ක පහළින් දාලා තියෙනවා. 


• Rigid-body Simulation 


මේක යූස් කරන්නේ මොකක්හරි ඔබ්ජෙක්ට් එකක වෙනස් වන හැසිරීමක් පෙන්වන්න. උදාහරණයක් විදිහට කන්දක ඉඳන් ගල් සහ පස් තොගයක් කඩන් වැටෙන එහෙම නැත්නම් නායයෑමක් වගේ දෙයක් simulation එකක් උපකාරයෙන් නිර්මාණය කරන්න තමයි මේක යූස් කරන්නේ.

සිමියුලේශන් සදහා උදාහරණ

• Cloth Simulation


CGI වලින් නිර්මාණය කරන Clothes ඒ කියන්නේ ඇඳුම් සහ රෙදි වල හැසිරීම සහ විවිධ වෙනස්වීම් වලට සහ විවිධ තත්ව ව්ලාට ප්‍රතිචාර දක්වන ආකාරය පෙන්වන්න තමයි මේ simulation එක යූස් කරන්නේ.

රෙදිවල චලනයන් සදහා Cloth Simulation භාවිතය


• Fluid Simulation


Liquids සහ Gas වල(දියර සහ වායු) හැසිරීම සහ වෙනස්වීම් පෙන්වන්න යූස් කරන simulation එකක් තමයි මේක. මේ simulation එක තමයි කරන්න අමාරුම simulation එක. සයන්ස් කරන අය දන්නවා ඇති Fluids වල තියෙන ගලාගෙන යෑමේ ස්වභාවය නිසා මේව කොච්චර අන්ප්‍රෙඩික්ටබල් ද කියලා. ඒ නිසා තමයි මේක කරන්න අමාරු වෙල තියෙන්නේ.

Narnia 3 ෆිල්ම් එකේ Fluid Simulation

• Particle Systems


එක පාරක් ක්‍රියේට් කරපු CGI ඔබ්ජෙක්ට් එකක් හෝ කැර්ක්ටර් එකක් යුනික් particle සිස්ටම් එකක්‍ යටතේ ආයේ නිර්මාණය කරන එක තමයි මේකේ දි කරන්නේ. උදාහරණයක් විදිහට සියගාණක් ඉන්න කුරුළු රංචුවක් එක සිස්ටම් එකක් යටතේ simulate කරන එක මේකෙන් කරන්න පුළුවන්

Partice System සදහා උදාහරණයක්


• Crowd Simulation


Partical Systems, physical simulations සහ Artificial Intelligence(AI) කිහිපයක් යූස් කරලා CGI කැරැක්ටර්ස් ගොඩක ඇක්ෂන් එක simulate කරන එක තමයි මේකේදි කරන්නේ. Lord of the Rings එකේ Orcs ලා සටන් කරන එක සහ World War Z එකේ සොම්බීලා දහස් ගණනක් ඇටෑක් කරන එක හදලා තියෙන්නේ මේ simulation එක යූස් කරලා.

World War Z ෆිල්ම් එකේ සොම්බි සදහා යොදාගත්ත Crowd Simulation එක


හරි, VFX නිර්මාණය කරන ප්‍රොසෙස් එක ගැනත් දැන් ඉතා සරලව පැහැදිලි කරලා තියෙනවා. හැබැයි මේ green screens සහ CGI කැරැක්ටර්ස් නිර්මාණය කරන විදිහ සමහර අයට වැඩි විස්තර එක්ක දැනගන්න ආසාවක් ඇති. අන්න ඒ වැඩේට තමයි දැන් අපි යන්නේ.


• Chroma Keying එහෙම නැත්නම් Green screens/blue screens වල ප්‍රොසෙස් එක


Chroma Keying වලින් කරන්නේ එකම දර්ශනයකට අදාළ ෆූටේජ් දෙකක් ඒ දෙකේ වර්ණ වල පිහිටුම පදනම් කරගෙන (based on colour hues) එකට compostie කරන එක. Chroma Keying වලදී ෆූටේජ් එකේ විශේෂ එක කලර් එකක්(specific colour) remove කරලා ඒ කලර් එක තියෙන තැන්වලට වෙන ෆූටේජ් එකක් ආදේශ කරනවා. මේ බැක්ග්‍රවුන්ඩ් ෆූටේග් එකට කියන්නේ plate එකක් කියලා. Chroma Keying කරන ෆූටේජ් එක ශූට් කරන් මුල් ෆූටේජ් එකට ගැළපෙන එක (blends in) වැඩි වෙන්න වෙන්න ෆයිනල් ලුක් එකේ දර්ශනය වඩාත් තාත්වික වෙනවා.

ග්‍රීන් ස්ක්‍රීන් භාවිතය

මේ වෙනකොට Chroma Keying  ටෙක්නොලොජිය තනිකර ඩිපෙන්ඩ් වෙන්නේ Computer Softwares මත. ඉස්සෙල්ලාම ඇවිල්ලා තියෙන Chroma Keying කලර් එක තමයි black. ඊට පස්සේ blue යූස් කරලා තියෙනවා. මේ වෙනකොට වැඩියෙන්ම යූස් කරන්නේ green screens. අවශ්‍යය වෙලාවට blue screens යූස් කරනවා. දැන් තියෙන digital camera වලින් වඩා ඇකියුරේට් විදිහට සෙට් එකක කලර් කැප්චර් කරන්න පුළුවන්. ඒ නිසා දැන් Chroma Keying කරන එක වඩා පහසු වෙලා තියෙනවා. 

බ්ලූ ස්ක්‍රීන් භාවිතය

Chroma Keying වලට ඕනෑම කලර් එකක් යූස් කරන්න පුළුවන්. හැබැයි සීන් එකක් ශූට් කරනකොට වැඩිම අවධානයක් ලබාදෙන්නේ මිනිස්සුන්ට නේ. Green සහ blue කියන කලර්ස් දෙක මිනිස් සමේ දැකගන්නට බැරි කලර්ස් දෙකක්. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට green screens හො blue screens යූස් කරන්නේ. දැන් ගොඩක් වෙලාවට green screens යූස් කරත් blue screens ත් Chroma Keying වලට වැඩි වශයෙන් යූස් කරන අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට ඇක්ටර් ගේ ඇඳුම ග්‍රීන් කලර් එකක් නම් අනිවාර්යෙන් blue screen එකක් යූස් කරන්න වෙනවා. Warmer Colours විදිහට හඳුන්වන් Red සහ Orange වගේ කලර්ස් යූස් කරොත් අනවශ්‍යය විදිහට ෆූටේජ් එකට බලපෑම් ඇතිවෙන්න පුළුවන්.

කොළ පාට ඇදුමක් ඇදන් ඉන්න නිසා ග්‍රීන් ස්ක්‍රීන් එක හරියට කී කරන්න බැරි උන අවස්තාවක්


• LED Walls එහෙම නැත්නම් LED Panels වල භාවිතය


Chroma Keying රිප්ලේස් කරන්න ආපු ටෙක්නොලිජි එක තමයු මේ LED Walls කියලා කියන්නේ. නිකන් හිතන්න, ග්‍රීන් ස්ක්‍රීන් යූස් කරලා post production වලදී නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන imaginary world එක සෙට් එකේදි ම තිබ්බ නම්? අන්න ඒක තමයි මේ ටෙක්නොලොජියෙන් කරන්නේ. මේකෙදි ෆිසිකලි හදන සෙට් එක වටේට අඩ කවයක් වගේ(curved) නැත්නම් ෆ්ලැට් විදිහට දිගට LED Panel එකක් සෙට් කරනවා

The Mandalorian සීරීස් එකේ LED පැනල් භාවිතය

මේකට කියන්නේ Volume එකක් කියලා. මේක නිකන් ඉතා විශාල TV Screen එකක් වගේ. මේක High Resolution LED Panel එකක්. මේ LED Panel එක ඉස්සරහින් තමා කැමරා තියෙන්නේ. Volume එක ඇතුළේ  තමයි සෙට් එක තියෙන්නේ. Props වල පිහිටීම් සහ ඇක්ටර්ස් ලා ඇක්ට් කරන්නේ ඒකේ ඇතුළේ. LED Panel එකෙන් අවශ්‍යය VFX වර්ල්ඩ් එක ලබාදෙනවා.

The Volume (Mandalorian)

සෙට් එකේ ඇක්ටර්ස් ලා ඇක්ට් කරනකොට ඒ ඒ වේලාවට අදාළ වෙන විදිහට සහ කැමරා මූව්මන්ට්ස් අනුව අදාළ 3D models LED Panel එකේ වැටෙනවා. ඒ වගේම කැමර මූව්මන්ට් එක අනුව LED Panel එක ඉස්සරහට, පිටිපස්සට, උඩට නැත්නම් පහළට ගමන් කරනවා. හරියට real world simulation එකක් වගේ. අපි ගේම් එකක් ගහනකොට අපේ කැරැක්ටර් එකේ මූව්මන්ට්ස් අනුව අපී ගේන් එකේ වර්ල්ඩ් එක දකින් ආකාරයට මේක සමානයි. මේක සෙට් එකේම extension එකක් වගේම තමයි පේන්නේ. සමහර අවස්තා වල ඇක්ටර්ස් ලට සෙට් එකෙයි LED Panel එකේ Edge එක පේන්නේ නැහැ. ඒ තරම් ඇකියුරේට් සහ කොලිටියට  LED Panels හදලා තියෙනවා. මේක සමාන කරන්න පුළුවන් ඔයාලා බලලා ඇති Road Runner කාටූන් එක. ඒකේ Road Runner ව අල්ලන්න Cayote(දුඹුරු නරියා වගේ එකා) බිත්තියක උමඟක් අදිනවා. මිනිහා ගේ ප්ලෑන් එක අනුව Road Runner දුවන පාරෙයි Cayote ඇඳපු උමඟේ පින්තූරේ වෙනස තේරුම් ගන්නේ නැතුව බිත්තියේ ගිහින් වදින එක තමා වෙන්නේ. කවදාවත් ඒක නොවෙන එක වෙනම කතාවක්. හැබැයි තියරිය මේ LED Panel එකට සමානයි.

LED පැනල් භාවිතා වෙන විදිය ගැන උදාහරණයක්

මේ Volume එක ඉස්සරහ VFX artists ලා කණඩායමක් එකතු වෙලා ඉන්නවා. මේ අයට් කියන්නේ Brain Bar කියලා. මේකෙන් කරන්නේ set එකේ සහ LED Panel එකේ පරිසරය ඇකියුරේට් වෙන විදිහට adjust කරන එක. එක්කෙනෙක් LED Panel එකට ඇඩ් වෙන්න ඕනේ දේවල් ඒ ඇඩි වෙන විදිහ ගැන හොයලා බලනවා. තව කෙනෙක් දැවෙන දේවල්(burning fire) වගේ දේවල් ෆූටේජ් එකට ඇකියුරේට් කරනවා. තව කෙනෙක් සෙට් එකේ සහ LED Panel එකේ කලර් adjustments කරනවා. මේ වගේ සෙට් එකේ සහ LED Panel එකේ සියුම් වෙනස් කරම් නැති කරන එක තමා මේ Brain Bar එකෙන් කරන්නේ. මේකේ වාසිය වෙන්නේ ඩිරෙක්ටර් ට අවශ්‍යය විදිහට VFX පරිසරය වෙනස් කරන්න VFX artists ලට සෙට් එක තුළදිම පුළුවන් වෙලා තියෙනවා. මේකෙන් කාලය වැයවන එක සෑහෙන අඩුකරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම green screen එකක් හෝ blue screen එකක ශූට් කරන්න බැරි කලර්ස් සහිත සෙට් ශූට් කරන්න මේ LED Panel සහිත සෙට් එකක දී පුළුවන්. මේක ඉතා සරලව තේරුම් ගන්න ඔයාට පුළුවන් ඇක්ෂන් ෆිගර් එකක් අරන් ගෙදර TV Screen එක ඉස්සරහ ඒක ඇක්ට් කරනවා වගේ කරන්න. අන්න ඒකම තමයි වඩා සංකීර්ණ ප්‍රොසෙස් එකක් විදිහට Volume එක තුළ කරන්නේ. මේ LED Panels යූස් කරපු ප්‍රොජෙක්ට් එකකට හොඳම උදාහරණය විදිහට Disney ලගේ Mandalorian සීරීස් එක ගන්න පුළුවන්.

VFX ආටිස්ලා රූගතකිරීම් වලට සම්බන්ධ වීම (The Mandalorian)


• CG කැරැක්ටර්ස් නිර්මාණය කිරීමේ ප්‍රොසෙස් එක.


CG(Computer Generated) කැරැක්ටර්ස් කියන්නේ CGI(Computer Generated Imaginary) කැරැක්ටර්ස් කියන එකමයි. මේ කැරක්ටර්ස් ලා පොදුවේ හඳුන්වන්නේ Digital Characters කියලා. ලෝකේ පළවෙනියට හදපු CG කැරැක්‍ටර් එක තමයි 1985 දී ILM ආයතනය විසින් Young Sherlock Holmes ෆිල්ම් එක වෙනුවෙන් නිර්මාණය කරපු Stain Glass Knight වරයාගේ චරිතය. ඒ වගේම ලෝකෙ පළවෙනියට ෆිල්ම් එකක Motion Capture කරපු මේන් කැරැක්ටර් එක තමයි Star Wars: Phantom Menace එකේ Jar Jar Binks. හැබැයි Mo Cap ටෙක්නොලොජි එක කැපී පෙනුණේ Lord of the Rings එකේ Gollum ගේ කැරැක්ටර් එකෙන්. ඒ වගේම Avatar එකේ Na'vi කැරැක්ටර්ස් තමයි ඉස්සෙල්ලාම Performance Capture කරේ. 

Young Sherlock Holmes (1982) ෆිල්ම් එකේ Stained Glass Knight

CGI කැරැක්ටර් එකක් නිර්මාණය කිරීමේ ප්‍රොසෙස් එක පටන් ගන්නේ කඩදාසියකින් සහ පැන්සලකින්. ඉස්සෙල්ලාම කටු සටහනක් ඇඳලා(sketch) ඊට පස්සේ කන්සෙප්ට්ස් ආර්ට්ස් අඳිනවා. ඒ ඇසුරින් digitally 3D Softwares යූස් කරලා 3D මොඩල් එකක් හදනවා. Modeler විසින් 3D space එකක 3D model එකක් digitally sculpt කරනවා.(පිළිම නෙළනවා) ඒකට Z Brush වගේ විවිධ softwares යූස් කරනවා. මේකට හොඳ sculpting skills තියෙන්න ඕනේ. 

       

CGI කැරැක්ටර් එකක 3D මොඩල් එකක්

ඊළඟට මේ 3D Model එක rigged කරන්න ඕනේ. කලින් කිව්වා වගේ මේකට skeleton එකක් 3D Model එකට add කරන්න ඕනේ. මේ skeleton එකට යොදන controllers වලින් ඊළඟ ස්ටෙප් වලදී animators ලට එයාලගේ වැඩ කරන්න පහසු වෙනවා. මේ Rig එකෙන් අදාළ 3D model එක 3D space එක තුළ(mesh) මූව්මන්ට් සිදුකරන ආකාරය සකස් කරගන්න පුළුවන්. මේ rigging නැතුවත් model එකෙන් mesh එකේ මූව්මන්ට් ලබාගන්න පුළුවන්.හැබැයි ඒකට හැම එකක්ම(mesh එක වෙනස් වෙන ආකාරය) මැනුවලි කරන්න වෙනවා. Rigging කරන එක පහසු වැඩක්. තමන්ට කැමති විදිහට model එකේ කොටස්, උදාහරණ විදිහට heads, legs සහ hands කන්ට්‍රෝල් කරන්න පුළුවන්. වඩා සංකීර්ණ rigging වල ඇඟිලි සහ මුහුණේ මූව්මන්ට්ස් කන්ට්‍රෝල්  කරන්න පුළුවන්. 

3D මොඩල් එකක Rigging එකක්

ඊළඟට කරන්නේ model එකකට muscles ඇඩ් කරන එක. මේක කරන්නේ කැරැක්ටර් එක වඩා රියලිස්ටික් කරන්න. මේකට skeleton එකෙ අදාළ තැනට muscles දාන්න අවශ්‍යය වෙනවා.

3D මොඩල් එකකට මාංශ පේශී එකතු කිරීම

ඊට පස්සේ තියෙන්නේ skinning එක. මේකෙන් කරන්නේ skeleton එක සහ muscles අතර තියෙන volume එක එහෙම නැත්නම් පරිමාව පුරවලා වහන එක. මේ විදිහට හදපු model එක තමන්ට අවශ්‍යය විදිහට automatically animation එකත් එක්ක move වෙන විදිහට ඇනිමේට් කරන්න පුළුවන්.  

3D මොඩල් එකක සමේ පෙනුම නිර්මාණය

මේ වෙනකොට මේ මොඩල්ස් වඩා ඇකියුරේට් සහ රියලිස්ටික් විදිහට නිර්මාණය කරන්න පුළුවන් වෙලා තියෙනවා. කැරැක්ටර්ස් වල physical body මූව්මන්ට්ස්, fat layers(මේද තට්ටුව), skin layer(සම), tendons(නහර) සහ මුහුණේ(facial) මූව්මන්ට්ස් තාත්වික විදිහට නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම special simulations වලින් ගුරුත්වයත් එක්ක(gravity) body එකේ muscles සහ skin layers වල මූව්මන්ටස් වෙනස් වෙන විදිහ පවා තාත්වික විදිහට නිර්මාණය කරන්න පුළුවන්. 

Avatar ෆිල්ම් එකේ Na'vi ගේ කැරැක්ටර් එකට CGI භාවිතයෙන් ලේයර්ස් ගොඩක් ඇඩ් කරලා තියෙනවා අපේ ඇස් වලට මේ රූප ඇත්තමයි කියන එක ෆීල් කරවන්න

ඊළඟට animator විසින් අදාළ CGI කැරැක්ටර් එක විසින් කරන performance එක ඇනිමේෂන් එකක් විදිහට නිර්මාණය කරන එකයි කරන්නේ. මේ ඇනිමේෂන් එකේ කොලිටිය animator ගේ skills සහ experience එක අනුව වෙනස් වෙන්න පුළුවන්. 

CGI භාවිතයෙන් නිර්මාණය කරපු Davy Jones

Motion Capture ටෙක්නොලොජියත් එක්ක CGI කැරැක්ටර්ස් නිර්මාණය වඩා තාත්විකව කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා. Motion Capture එකක්දී කරන්නේ mo cap කරන ඇක්ටර් කෙනෙක් ගේ මූව්මන්ට්ස් කැප්චර් කරලා ඒක නිර්මාණය කරලා තියෙන model එකකට ආදේශ කරන එකයි. මේකෙදි mo cap කරන ඇක්ටර් special suit එකක් අඳිනවා. මේකට කියන්නේ motion capture suit කියලා. 

     
මෝශන් කැප්චර් සූට් එකක්

මේකෙදි වෙන ප්‍රොසෙස් එක මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. Mo cap suit එකේ ping pong බෝලගේ  markers තියෙනවා දැකලා ඇති. මේ markers කවර් වෙන්න reflective(පරාවර්තන) tapes අලවනවා. ඊට පස්සේ ස්පෙෂල් Opticle Cameras වලින් ඒ කියන්නේ Infrared Camera වගේ ඒවා වලින් ඇක්ටර් ගේ බොඩි එක පුරාම ඇති markers වලදි ආලෝකය bounce වෙලා reflect වෙන එක ට්‍රැක් කරනවා. මේකට කැමරා 7 ක් විතර යූස් කරනවා.එක එක කැමරා වලින් අදාළ marker එක අහුවෙන තැන සරල ජ්‍යාමිතික (simple geometry) තියරීස් වලට අනුව හොයාගන්නවා. ඒකෙන් ඕනම frame එකක දී markers වල පිහිටීම බලාගන්න පුළුවන් වෙනවා. මේ markers වලින් කරන්නේ space එකක කැරැක්ටර් එකේ ඔළුව, අත් සහ කකුල් ඇතූළු ඕනෑම body part එකක් පිහිටන ආකාරය ට්‍රැක් කරන එක. මේ ට්‍රැක් කරන ඇක්ට් එක software එකක් යූස් කරලා කලින් හදාගත්තු 3D model එමේ skeleton එකට ආදේශ කරනවා. එතකොට ඒ skelton එකේ performance එක ඔරිජිනල් ඇක්ටර් ගේ performance එකට සමානව ගන්න පුළුවන්.

මෝශන් කැප්චර් සූට් වල භාවිතා කරන Reflective Tapes
      
මෝශන් ට්‍රැකින්

Avatar ෆිල්ම් එක නිර්මාණය කරනකොට Performance Capture ටෙක්නොලොජිය පළවෙනි වරට යූස් කරලා තියෙනවා. මේකෙදි කරන්නේ ඇක්ටර් ගේ ඔළුව ට දාලා තියෙන helmet එකකට සවි කරලා තියෙන කැමරා එකකින් ඇක්ටර් ගේ හැම හැඟීමක්ම, body language, භාව ප්‍රකාශ සහ කන්පෙති සෙලවීම් වගේ මුහුණේ සිදුවෙන සියුම් වෙනස්වීම් පවා ට්‍රැක් කරනවා. මේකට ඇක්ටර් ගේ මුහුණෙත් markers සලකුණු කරනවා. මේකෙන් ඇක්ටර් ගේ performance එක highly detailed විදිහට ට්‍රැක් කරන්න පුළුවන්.

පෆෝමන්ස් (හැසිරීම්) කැප්චර්

ඒ වගේම දැන වතුර යට mo cap කරන තරමට තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. එහෙම එකක් අපිට පළවෙනි වතාවට ලබන අවුරුද්දේ එන James Cameron ගේ දෙවෙනි Avatar ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන් වෙයි. ඒ වගේම දැන් සත්තුන්ව පවා mo cap කරන්න පටන් අරන් තියෙනවා.

දිය යට සිදු කරන මෝශන් කැප්චර්

සතුන් භාවිතයෙන් සිදු කරන මෝශන් කැප්චර්

ඒ වගේම දැන් වෙනම grooming artists ලා ඉන්නවා. එයාලා කරන්නේ CGI කැරැක්ටර් එකේ hair ඒ කියන්නේ ලෝම,රෝම, පිහාටු, මවිල්, රැවුළ සහ කොණ්ඩ වගේ දේවල් තාත්වික විදිහට නිර්මාණය කරන එක. CGI කැරැක්ටර්ස් නිර්මාණය කරනකොට කරන්න අපහසුම දෙයක් තමයි මේ grooming කියන එක. ඒ ඒ මූව්මන්ට්ස් අදාළව තාත්විකව groom කරනවා කියන්නේ අපහසු සහ වෙලා යන වැඩක්.

උපරිමේටම Groom කරපු CGI සීන් එකක්

උපරිමේටම Groom කරපු CGI සීන් එකක්

මේ හැමදෙයක්ම කරාට පස්සේ තමයි CGI කැරැක්ටර් එක rendering කරන්නේ. ඒ කියන්නේ ඒ කැරැක්ටර් එක ලයිව් ඇක්ෂන් ෆූටේජ් එකට ගැළපෙන විදිහට lighting වගේ සියුම් දේවල් හදන එක තමයි අවසානයේ කරන්නේ. 

හොදටම නිර්මාණය කරපු CGI කැරැක්ටර් එකක්

ඔය ටික තමා Special Effects සහ Visual Effects ගැන කතා කරන්න තියෙන්නේ. මම කලින් කිව්වා වගේ මේවා හරිම සංකීර්ණ අපිට හිතාගන්නවත් බැරි ලොකු ප්‍රොසෙස්. ඒ ඔක්කොම ඉතා සරලව සහ පුළුවන් තරම් කෙටියෙන් තමයි මම ඔය පැහැදිලි කරලා තියෙන්නේ. ලිපිය ටිකක් දිගයි. හැබයි කියවපු අයට Special Effects සහ Visual Effects ගැන සෑහෙන දැනුමක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. මාස ගණන් කල් යන artists ලා දහස් ගණන් එකතු වෙන මේ ප්‍රොසෙස් ගැන මේ ෆීල්ඩ් එකට උනන්දුවක් දක්වන කෙනෙක් නම් නිතරම අවධානෙන් ඉන්න ඕන. මේ SFX සහ විශේෂයෙන් VFX ගැන ඉගෙනගන්න ගොඩාක් දේවල් තියෙනවා. මේ VFX ටෙක්නොලොජියේ දියුණුවත් එක්ක ඉස්සරහට යන දෙයක්. ඒ නිසා හැමතිස්සෙම ඒවා එක්ක අප්ඩේට් වෙවී ඉන්න ඕනේ. ඒ වගේම ෆිල්ම්ස් වල SFX සහ VFX වල යෙදීම ගැන හොඳටම ඉගෙන ගන්න පුළුවන් ෆිල්ම්ස් සහ TV Shows කිහිපයක් මෙන්ෂන් කරලා මම ලිපිය ඉවරකරන්නම්. 



Special Effects (SFX) සඳහා;


Movies -


• 2001: A Space Odyssey

• Jurassic Park

• Batman Dark Kinght Trilogy

• Tenet

• Inception

• Star Wars Episode iv, v සහ vi

• Saving Private Ryan

• Corpse Bride


TV Shows -


• Doctor Who

• Lost

• Supernatural 

• The X-Files

• Robin of Sherwood

• Wallace and Gromit


Visual Effects (VFX) සඳහා;


Movies -


• Terminator

• Pirates of the Caribbean: Dead Man's Chest

• Avatar

• Gravity

• Dawn of the Planet of the Apes

• Interstellar

• Avengers: Endgame

• Dumbo

• Rango


TV Shows - 


• Game of Thrones

• Mandalorian 

• Wandavision

• Black Sails

• The Walking Dead

• Jurassic World Camp Cretaceous



Visual Effects සහ Special Effects ගැන වැඩිදුරටත් තොරතුරු දැන ගන්න පහළ තියෙන RWC Youtube Channel එකේ VFX සහ SFX ගැන තියෙන Video එක බලන්න 👇

4 Comments

  1. ඇත්තටම මාරම වටිනවා.හදවතින්ම සුභපතනවා මේ යන ගමනට❤❤❤

    ReplyDelete
  2. වාව් ඒකනම් පට්ට ඈ.කියල වැඩක් නෑ.පට්ටම තෑන්ක්ස් 😍😍😍😍

    ReplyDelete
  3. ගොඩක් ස්තූතියි මේවා කියලා දුන්නට 😍😍😍

    ReplyDelete
Post a Comment
Previous Post Next Post