Venice Film Festival එකේ තොරතුරු (Day 10)


ඉතාලි සිනමා කර්මාන්තය නඟා සිටුවීම අරමුණු කරගෙන වාර්ෂිකව පවත්වන අන්තර්ජාතික සිනෙමා ප්‍රදර්ශනයක් තමයි මේ Venice Film Festival කියන්නේ. ලෝකයේ අන්තර්ජාතිකව තියෙන හොඳම ෆිල්ම් ෆෙස්ටිවල් එකක් විදිහට තමයි මේක සලකන්නේ. මේකේ දි හොලිවුඩ් සහ වෙනත් රටවල් වල ඉස්සරහට රිලීස් කරන්න තියෙන ෆිල්ම්ස් premiere එහෙම නැත්නම් තෝරාගන්න ඕඩියන්ස් එකකට පළමු වතාවට ප්‍රදර්ශනය කරනවා. ඊට අමතරව මෙහෙම premiere කරන ෆිල්ම්ස් වලට සුප්‍රසිද්ධ Golden Lion වගේ සම්මාන ලබාදීමත් අන්තර්ජාතිකව තෝරගන්න ජූරි සභාවක් මඟින් සිදුකරනවා. (Venice Film Festival එක ගැන වැඩිදුර විස්තර දැනගන්න මෙතැන ක්ලික් කරන්න.) මෙවර Venice Film Festival එක සැප්තැම්බර් පළමු වෙනිදායින් පටන් අරන් සැප්තැම්බර් 11 දක්වා පවත්වන්න නියමිතයි. ඉතින් මේ කාලය තුළ අපිට ඉස්සරහට එන සුපිරිම ෆිල්ම්ස් ගැන රිවීව්ස්, ෆැක්ට්ස්, නිව්ස් සහ අනවුන්ස්මන්ට් ඒ වගේම ඉස්සරහට Oscar වගේ සම්මාන වලට නිර්දේශ වෙන ෆිල්ම්ස් ගැන හොඳ අවබෝධයක් මේ ඉවෙන්ට් එක ගැන ටච් එකේ හිටියොත් ලබාගන්න පුළුවන්. (Venice Film Festival හි premiere වෙන ෆිල්ම්ස් ලයින් අප් එක දැනගන්න මෙතැන ක්ලික් කරන්න) Venice Film Festival එකේ ඊයේ දවස ඇතුළත වුණේ මොකක් ද සහ ලබාදුන්නු තොරතුරු මොනව ද කියලා දැනුවත් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ.

Official Poster for the 78 th Venice Film Festival 

78 වෙනි Venice Film Festival එකේ ෆිල්ම්ස් ප්‍රීමියර් කරපු අන්තිම දවස තමයි ඊයේ. ඊයේ දවස නිමා වෙනකොට Venice Film Festival එකේදි ෆිල්ම්ස් 92 ක් ප්‍රීමියර් කරලා තියෙනවා. ඒ වගේම මේ අවුරුද්දෙත් ලෝකේ හොඳම ෆිල්ම් ෆෙස්ටිවල් එක විදිහට Venice Film Festival එක කියලා ඔප්පු කරන්න පුළුවන් වෙලා තියෙනවා.

The Last Duel

ඊයේ දවසේ ප්‍රීමියර් කරපු ප්‍රධානම ෆිල්ම් එක වෙන්නෙ The Last Duel ෆිල්ම් එකයි. මේක Matt Damon, Ben Affleck සහ Adam Driver එකතු වුණ සුපිරිම history කැටගරියේ ෆිල්ම් එකක්. Ridley Scott විසින් ඩිරෙක්ට් කරපු මේ ෆිල්ම් එක සුපිරියක් කියලා තමයි කියන්නේ. Medieval කාලේ rape වෙන කාන්තාවන් ගැන සංවේදිව මේ ෆිල්ම් එක තුළ කතා කරලා තියෙනවා.

Fall of the Ibis King

ඊට අමතරව ඊයේ Fall of the Ibis King, The Act සහ Techno,Mama වගේ සුපිරිම ෆිල්ම් ටිකක් ප්‍රීමියර් වුණා.

America Latina 

ඒ වගේම කලින් දවසේ ප්‍රීමියර් කරපු America Latina ෆිල්ම් එකේ රිවීව්ස් ඇවිල්ලා තියෙනවා. මේක සුපිරිම සයි ෆයි ෆිල්ම් එකක් කියලා තමයි කියන්නේ. ඒ වගේම සුපිරිම සිනෙමටොග්‍රැපි තියෙන ෆිල්ම් එකක්නු.

Leave no Traces

ඊට අමතරව Leave No Traces ෆිල්ම් එකේ රිවීව්ස් එළියර් ඇවිල්ලා තියෙනවා. පොලිසීයේ තියෙන දුෂ්ටකම් සහ අසාධාරණය ගැන තමයි මේ ෆිල්ම් එකේ කතා කරන්නේ. 

Golden Lion award

Venice Film Festival එකේ ෆිල්ම්ස් ප්‍රීමියර් කරන එක ඊයේ අවසන් වුණත් ගොඩක් දෙනා අවධානය යොමු කරන Venice Competiton එක ඒ කියන්නේ මේ දවස් 10 තුළ ප්‍රීමියර් කරපු ෆිල්ම්ස් වල ජයාග්‍රාහකයන් අනවුන්ස් කරන ඉවෙන්ට් එක තියෙන්නේ අද. ඉතින් ඒ විස්තරත් එක්ක අපි හෙට හමුවෙමු.


Venice Film Festival එකේ තොරතුරු (Day 01) 👇


Venice Film Festival එකේ තොරතුරු (Day 02) 👇


Venice Film Festival එකේ තොරතුරු (Day 03) 👇    https://www.reviewwhocares.com/2021/09/venice-film-festival-day-03.html


Venice Film Festival එකේ තොරතුරු (Day 04) 👇 

Venice Film Festival එකේ තොරතුරු (Day 05) 👇

Venice Film Festival එකේ තොරතුරු (Day 06,07,08,09) 👇

Venice Film Festival එකේ තොරතුරු (Day 11) 👇

( Source - La Biennale di Venezia )







Post a Comment (0)
Previous Post Next Post