Venice Film Festival එකේ තොරතුරු (Day 06,07,08,09)


ඉතාලි සිනමා කර්මාන්තය නඟා සිටුවීම අරමුණු කරගෙන වාර්ෂිකව පවත්වන අන්තර්ජාතික සිනෙමා ප්‍රදර්ශනයක් තමයි මේ Venice Film Festival කියන්නේ. ලෝකයේ අන්තර්ජාතිකව තියෙන හොඳම ෆිල්ම් ෆෙස්ටිවල් එකක් විදිහට තමයි මේක සලකන්නේ. මේකේ දි හොලිවුඩ් සහ වෙනත් රටවල් වල ඉස්සරහට රිලීස් කරන්න තියෙන ෆිල්ම්ස් premiere එහෙම නැත්නම් තෝරාගන්න ඕඩියන්ස් එකකට පළමු වතාවට ප්‍රදර්ශනය කරනවා. ඊට අමතරව මෙහෙම premiere කරන ෆිල්ම්ස් වලට සුප්‍රසිද්ධ Golden Lion වගේ සම්මාන ලබාදීමත් අන්තර්ජාතිකව තෝරගන්න ජූරි සභාවක් මඟින් සිදුකරනවා. (Venice Film Festival එක ගැන වැඩිදුර විස්තර දැනගන්න මෙතැන ක්ලික් කරන්න.) මෙවර Venice Film Festival එක සැප්තැම්බර් පළමු වෙනිදායින් පටන් අරන් සැප්තැම්බර් 11 දක්වා පවත්වන්න නියමිතයි. ඉතින් මේ කාලය තුළ අපිට ඉස්සරහට එන සුපිරිම ෆිල්ම්ස් ගැන රිවීව්ස්, ෆැක්ට්ස්, නිව්ස් සහ අනවුන්ස්මන්ට් ඒ වගේම ඉස්සරහට Oscar වගේ සම්මාන වලට නිර්දේශ වෙන ෆිල්ම්ස් ගැන හොඳ අවබෝධයක් මේ ඉවෙන්ට් එක ගැන ටච් එකේ හිටියොත් ලබාගන්න පුළුවන්. (Venice Film Festival හි premiere වෙන ෆිල්ම්ස් ලයින් අප් එක දැනගන්න මෙතැන ක්ලික් කරන්න) Venice Film Festival එකේ පසුගිය දවස් හතර තුළ වුණේ මොකක් ද සහ ලබාදුන්නු තොරතුරු මොනව ද කියලා දැනුවත් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ.

Official Poster for the 78 th VFF

6,7,8,9 යන දවස් හතර ඇතුළත Venice Film Festival එකේ තොරතුරු ගේන්නයි මේ සූදානම් වෙන්නේ. මේ දවස් හතර තුළ ප්‍රීමියර් කරපු ප්‍රධානම ෆිල්ම් දෙක වෙන්නේ Old Henry සහ Halloween Kills ෆිල්ම් දෙකයි. ඊට අමතරව The Box, Happening සහ The Catholic School වගේ ඉන්ටර්නැෂනල් ෆිල්ම්ස් කිහිපයක් ප්‍රීමියර් කරා.


6 වෙනිදා


Lost Illusions

Xavier Giannoli විසින් ඩිරෙක්ට් කරපු Lost Illusions ෆිල්ම් එකේ රිවීව මේ වෙනකොට එළියට ඇවිල්ලා තියෙනවා. ෆ්‍රෙන්ච් ෆිල්ම් එකක් වෙන මේක ඩිරෙක්ටර් ගේ මාස්ටර්පීස් නිර්මාණය කියලා තමයි කියන්නේ. History/Drama කැටගරියට අයිති වෙන මේ ෆිල්ම් එකෙන් ජර්නලිස්ම් සහ පොයටික් දේවල් ගැන කතා කරනවා. 

Happening 

ඒ වගේම Happening ෆිල්ම් එකේ රිවීව්ස් ත් මේ වෙනකොට රිලීස් කරලා තියෙනවා. මේකත් ෆ්‍රෙන්ච් ෆිල්ම් එකක්. කිසිම අදහසක් නැතුව ප්‍රෙග්නන්ට් වෙන අවුරුදු 23 ක තරුණියක් සමාජයේ මුහුණදෙන ගැටළු ගැන තමා ෆිල්ම් එකේ කතාකරන්නේ. ෆිල්ම් එකේ ප්ලොට් එක 1963 එකක් වුණත් ඒක අදටත් අදාළයි කියලා තමයි බලපු අය කියලා තියෙන්නේ. හැමෝම විශේෂයෙන් ගෑනු ළමයි අනිවාර්යෙන් බලන්න ඕන ෆිල්ම් එකක් වේවි මේක.


7 වෙනිදා


La Biennale 

7 වෙනිදා වෙනකන් 78 වෙනි Venice Film Festival එකෙන් කිසිම කොවිඩ් ආසාදිතයෙන් වාර්තා වෙලා නැහැ කියලා මේ වෙනකොට දැනගන්න ලැබිලා තියෙනවා. ලෝකේ පුරාම ඉන්න අය එකතු වෙන මේ ඉවෙන්ට් එකේදි කිසිම කොවිඩ් ප්‍රශ්නයක් නැතුව කරගන්න පුළුවන් වුණ එක ලොකු දෙයක්. ඒකේ ගෞරවය La Biennale හි සංවිධායකයන්ට යන්න ඕනේ.

Inner Cage

ඒ වගේම මේ වෙනකොට ඉතාලි ෆිල්ම් එකක් වෙන Inner Cage ෆිල්ම් එකේ රිවීව්ස් ලැබිලා තියෙනවා. මේ ෆිල්ම් එකේ වෙන්නේ ඉතාලියේ දුෂ්කර ප්‍රදේශකයක ප්‍රිසන් එකක හිරකරුවෝ සහ ගාර්ඩ්ස් ලා දෙගොල්ලොටම එළියට යන්න බැරි වෙන විදිහට ඇතුළේ හිර වෙනවා. මරුම ප්ලොට් එකක්.හොඳ ත්‍රිලින් දේවල් බලාගන්න පුළුවන් වෙයි. 


8 වෙනිදා


Old Henry

ඒ වගේම හොලිවුඩ් වල ප්‍රොමිසින් ෆිල්ම් එකක් වෙන Old Henry ෆිල්ම් එකේ රිවීව්ස්ත් දැන් ඇවිල්ලා තියෙනවා. ෆිල්ම් එකේ තියෙන්නේ ගොවියෙන් වෙත එන සල්ලි පුරවපු මල්ලක් අරන් එන ආබාධිත පුද්ගලයෙකු ගැනයි. සෑහෙන හොඳ ත්‍රිලින් ෆිල්ම් එකක් වේවි. ඊට අමතරව Halloween Kills සහ Django & Django කියන ෆිල්ම්ස් දෙකක් මේ දවසේ ප්‍රීමියර් කරලා තියෙනවා.


9 වෙනිදා

Halloween Kills

කලින් දවසේ ප්‍රීමියර් කරපු Halloween Kills ෆිල්ම් එකේ රිවීව්ස් 9 වෙනිදා රිලීස් කරලා තියෙනවා. 1978 ආපු ඔරිජිනල් Halloween ෆිල්ම් එකට ඩිරෙක්ට්ලි සම්බන්ධ වෙන මේ හොරර් ෆිල්ම් එකට ලැබිලා තියෙන ප්‍රතිචාර නම් mixed ඒවා.

The Last Duel

Halloween Kills වලට ලැබුණු අඩු ප්‍රතිචාරත් එක්ක මේ දවස් හතරේ ප්‍රීමියර් වුණ ෆිල්ම්ස් අතරින් වැඩිම අවධානය ක්‍රෙඩිට් එක හම්බෙලා තියෙන්නේ Old Henry ෆිල්ම් එකටයි. අද දවසේ ගොඩක් දෙනා හයිප් එකේ ඉන්න Matt Damon, Ben Affleck සහ Adam Driver ඇතුළු සුපිරිම කාස්ට් එකක් ඉන්න The Last Duel ෆිල්ම් එක ප්‍රීමියර් කරනවා. ඒ විස්තරත් එක්ක අපි නැවත හෙට හමුවෙමු.


Venice Film Festival එකේ තොරතුරු (Day 01) 👇


Venice Film Festival එකේ තොරතුරු (Day 02) 👇


Venice Film Festival එකේ තොරතුරු (Day 03) 👇 


Venice Film Festival එකේ තොරතුරු (Day 04) 👇 

Venice Film Festival එකේ තොරතුරු (Day 05) 👇

Venice Film Festival එකේ තොරතුරු (Day 10) 👇


( Source - La Biennale di Venezia )




Post a Comment (0)
Previous Post Next Post